2025 ජුලි මස 20 වන දින කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ඩිප්ලෝමාව හදාරන 2024 කණ්ඩායම සිය ක්ෂේත්‍ර චාරිකාව යොදා ගෙන තිබුණේ රන් මිහිතැන්න ටෙලි සිනවා ගම්මානය නැරඹීමටයි. එහිදී දක්නට ලැබුණු දර්ශන සහ එහි සැරි සැරීමෙන් ලද ප්‍රායෝගික අත්දැකීම් සමග මෙහිදී මා ඒ පිළිබඳ වැදගත් කරුණු, ඉතිහාසය, රටට වන සේවය, සිනෙමාවට ලැබෙන වාසි සහ රටක් වශයෙන් එය අපට ඇති වැදගත්කම පිලිබඳ කාරණා ගොනු කර තිබෙනවා.
තිස්ස මහාරාමය යනු ශ්‍රි ලංකාවේ දකුණු පළාතේ හම්පිබන්හිතොට පරිපාලන දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසෙහිදී පැවති සිංහල රාජධානියක් ලෙස සැලකෙන රුහුණු රාධානියේ අග නගරය ලෙස සැලකු නගරයයි. එකල ගොඩ නැගු පැරණි ඉදිකිරිම් ඒවායේ සුවිශේෂවු නටබුන් අදටද ඉතිරිව ඇති තිස්සමහාරාමයේ විශේෂ දේශගුණ තත්වයන් සැලකිල්ලට ගනිමින් එයට පසුකාලීනව වටිනා අගයන් එකතු වෙනු දක්නට ලැබුණා.
එසේ 2010 වර්රශයේදී ඉදිකිරිමට යෙදුණු රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය (Ranminithenna Tele Cinema Village) ශ්‍රී ලංකාවේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිර්මාණ සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද රූපවාහිනි හා සිනමා නිෂ්පාදන මධ්‍යස්ථානයක් . එය රටේ චිත්‍රපට කර්මාන්තයට අලුත් ජීවයක් ලබා දීමේ අරමුණින් පිහිටුවා ඇතැයි සඳහන් වෙනවා.
එමෙන්ම රන් මිහිතැන්නේ ඉතිහාසය සලකා බලන විට 2010 වර්ෂයේ එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙය නිර්මාණය කිරීමට මුලිකවී තිබෙනවා. .මෙම ගම්මානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ දේශීය චිත්‍රපට හා රූපවාහිනි කර්මාන්තය ශක්තිමත් කිරීම සහ විදේශීය නිෂ්පාදන සඳහාත් සුදුසු තාක්ෂණික මධ්‍යස්ථානයක් සැපයීමයි.
රන්මිහිතැන්න මේ කාර්යයහි ලා උපයෝගී කරගැනීමට අවශ්‍ය විවිධ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කථාබිම් සඳහා නිර්මාණය කළ ගම්මාන, නගර, පාරිසරික රූපණ මෙහි ඉතා අපුරුව ලෙස යොදා ගෙන තිබෙන ආකාරය එය නරඹන්නෙකුට දැකිය හැකි වනවා.
- රන්මිහිතැන්නෙන් දේශීය රූපවාහිනි හා සිනමා
නිෂ්පාදනවල වියදම අඩු කරයි.
- දේශීය තාක්ෂණවේදීන්ට, කැමරා ක්‍රියාකරුවන්ට, නිර්මාණකරුවන්ට සහ රංගන ශිල්පීන්ට රැකියා ) දියුණු කරයි — විදේශීය කණ්ඩායම් මෙහිදී චිත්‍රපට රූපගත කිරීමෙන් රටට විදේශ විනිමය ආදායමක් ගෙනෙයි.
- දේශීය සංස්කෘතිය හා ජීවන රටාවන් විදෙස් රටවලට ඉදිරිපත්කි රිමට හැකියාව
සලසයි.
මේ රුහුණු රට සරසන රන්මිහිතැන්න සුරතලිය නිසා 🎬 සිනෙමාවට ලැබෙන වාසි ගැන සලකා බැලුවොත්
- නිෂ්පාදකයන්ට සහ නළුවන්ට එකම ස්ථානයකින් සියලුම රූපගත
කිරීමේ පහසුකම්.
- විශාල වියදමකින් තොරව සැබෑ ගම්මාන, නගර
හා ඉතිහාසික පසුබිම්
ලබා ගත හැකිය.
- නව තාක්ෂණික උපකරණ භාවිතයෙන් නිෂ්පාදන ගුණාත්මකභාවය වැඩි කරයි.
- අලුත් නව පරපුරක නිර්මාණකරුවන්ට පුහුණුවක් හා අත්දැකීම් ලැබෙන ස්ථානයක් ලෙස සැලකිය හැකියි.


















No comments:
Post a Comment