DT 09
09 කොටස
පසුවදා මා ඇහැරෙනවිටද පමාවි පැවති අතර අම්මා සමග යහලු වීමට සිතාාගන ඇය සොයා යනවිට ඇය ගේට්ටුව අයිනේ තවත් කාන්තාවක් සමග කතා කරමින් සිටියාය. ඔවුන් මා දැකලඅම්මාට කිසිවක් කියනුත් බලාගෙනම මම ඉදිරිපස දොර අයිනේ ඇති පුටුවක හිද ගත්තෙමි. ඊයේ රෑ වු සිදුවීම අම්මාට නොකියන්නට මා ඒ වන විටත් තීරණය කර අවසන්ය. අම්මා මාව සිර අඩස්සියට පත් කරන්නට මා දේවදාර වනන්තරයට පැනගත යුතුය. මගේ පණිවුඩ කිසිවකට පිළිතුරු නොදෙන හිමකර සහ ඒඩ්න් පිලිබඳ මා කේන්තියෙනි. එහෙත් උන් දෙදෙනාටම මට වඩා වැදගත් වැඩ මේ කොළඹ ඇතුවාට සැක නැත. කලෙක කාගේත් සැලකිල්ලට බදුන් වී සිටි කෙනෙකුට එය අහිමි ව යාම ඇති කරන බලපෑම් දැඩිය.
අම්මාද මා ගණන් නොගැනීම නම් ඇත්තටම හිත් රිදවීමක් ඇති කළේය. ඇය මා නොදුටු සේ ගෙතුලට ගමන් කළ අතර මා ඇය පසුපසින් ගෙට ඇතුල් වෙද්දී පවා නොතකා සිටියාය. ඉතින් කුඩා නාන කාමරයට වැදී හොදින් නාගන්නා අතරේ මට පෙරදින රැයේ සිදුවිම යලි මතකයට නගා ගන්නටම උවමනා වී තිබිනි. ඒ මිනිස්සු කවුරුන්දැයි පැහැදිලි නැත. නමුත් ඔවුන් තාත්තා පිලිබඳ දනිති. අපේ ලේවල ඇති මොකක් හෝ වෙනසක් ගැන සොයති.
අම්මා කිසිම කතාවක් නැතිව මේසය මතින් බෝතල් කිහිපයක් තැබුවාය. අඔ චට්නි, අ්තච්චාරු, උම්බලකඩ දමන ලද සීනිසම්බෝල මාළු ඇඹුල්තියල්, බිලිං චට්නි ආදි බෝතල් කිහිපයක් එතැන විය. කුට්ටන් ගේ කෑම සෑදිම ගැන අම්මාව දැනුවත් කර තිබුණත් ඒ ගැන කිසිම අවධානයක් නොදැක්වු බවක් පෙනිණි
“අම්මා.."
ඕ නිහඩය. හරියටම තාත්තාට දඩුවම් දෙන විදියමය.
"අම්මා… "
ක්සිම වගක් නැත.
"මට ඔයාාගන් දැනගන්න දෙයක් තියෙනව. ඔයා කතා නොකර හිටියොත් තාත්තිගෙ බොඩි එක වගෙ මගෙ බොඩි එකත් කොාහ හරි තිබිලා හම්බ වෙයි…" තව වාක්‍ය කිහිපයක් කියන්නට හිතා හිටියත් අම්මා ක්ශනිකව චටාස් ගා එල්ල කළ කම්මුල් පහරින් මා අක්‍රියව ගියේය. කම්මුල් පහරකින් අප වැඩියෙන් ම අසිරුතාවයට පත් වෙන්නේ එහි වේගය නිසා හෝ ශක්තිය නිසා නොවේ. එහි ඇති ක්ශනික භාවයටය. හරියටම මට කම්මුල් පාරක් වැදුනාද නැද්ද කියා හිතෙන ක්ශනික භාවයටය. අදහන්නට බැරි කමටය. කම්මුල පුපුරු ගසන්නට පටන් ගන්නේ පසුවය.
"මැරෙන එක ගැන කතා කරන්න ඉස්සෙල්ල ජීවත් වෙන විදිය ගැන කතා කරල ඉන්න පුරුදු වෙයං.. උඹගෙ ඇගේ දුවන්නෙ කොච්චර හයිය ලෙයක්ද? එ්ක එක වෙලාවකට ශාපයක් තව වෙලාවකට දේව වරමක්. උඹ දන්නෙ නෑ උඹට කොච්චර බලයක්ද තියෙන්නෙ කියල. උඹ දන්නෙ නෑ උඹට පුලුවන් බව එක දේකින් මේ ලෝකෙට වින කරන කාලකන්නින්ව නැති කරල දාන්න.. "
"අම්මා?"
" උඹ හිතනවට වඩා වැඩි මහා බලයක් උඹට තියෙනවා.. උඹ මේ ලෝකෙ මිනිස්සුන්ට ලැබිච්ච තෑග්ගක්. මිනිස්සු උඹ වගේ කෙනෙක් වෙනුවෙන් යාගහෝම පවත්වපු කාලෙක උඹ මගෙ බඩට එන්නෙ. උන් කියන්නේ …"
අම්මා කතාව කියද්දීම මට අර ජිප්සි ගැහැනිය සිහිවිය.
"ප්‍රාර්ථනාව"
මා කියද්දී අම්මා ගේ වියරු ස්වරුපය හීනවී යනු පෙනිනි. ඇය මගේ දෙඅත අල්ලා ගත්තාය.
" තීනු.. කවුද පුතේ ඒ වචනෙ කිව්වෙ.. කවුද ඔයාට එහෙම කතා කළේ.."
"ඒක හීනයක්.. "
" කවුරු හරි කෙනෙක් ඔයාට ප්‍රාර්ථනාව කියලා කිව්වොත්, මට ඒ කෙනාව මුනගස්සන්න.. මොකද එයාගෙ පරම්පරාවෙ අයගාව විතරයි පුතේ ඔයාට නිදහසයි ආරක්ෂාවයි දෙකම තියෙන්නෙ"
සවස ගෙදරින් එද්දි පවා අම්මාද මාද දෙදෙනාම සිටියේ තෝන්තු ස්වබාවයෙනි. මගේ තෝන්තු බවට හේතුව පෙරදා රැයෙහි අධිකව බීමය. අම්මාගේ තෝන්තුවට හේතුව මා ප්‍රාර්ථනා ව බව මාම සොයා ගැනිමය. ඇය මා ගැන සැකයෙන් පසුවුවාය.
"මොකෝ තත්වෙ?" මලානිකව පසුපස අසුනට ගොඩවැදුන මා දෙස විමසිල්ලෙන් බලා ඒඩ්න් ඇසුවේය. එළිවෙනකම් එකපෙළයතට බිව්වත් වෙහෙසට පත් නොවෙන ගතියක් ඒඩ්න්ගේ ාපනුමේ තිබේ.
"ගුටිත් කාලා ඉන්නෙ"
"සිරාවටද"
"හ්ම්"
"එච්චර වසද අප්පා"
" තාත්තට සලකපු විදියටම තමයි මටත් සලකන්නෙ"
"ඇත්තටම ඔයාගෙ තාත්ත මොකද කලෙ"
"බිස්නස්"
"බිස්නස්?"
"ඕ..තාත්තියි සජිඩ් අන්කලුයි දෙන්න බිස්නස් පාට්නර්ස්ල .. එයාලා එක එක විදිාය බිස්නස් කලා .එක්ස්පෝට් කලා. ඉම්පෝට් කරල මාකට එකට දැම්ම.. ෆ්‍රැන්චයිස් කලා.. "
" ඇත්තටම තාත්තට මොකද වුනෙ?"
"තාත්ති සුසයිඩ් කරගත්ත.. සජිඩ් අන්කල් ඊට සතියකට පස්සේ පුල් එක ලග මරල දාලා තිබුණා. බැංකු ලෝන්ස් වලට අපේ බිස්නස් ඔක්කෝම වෙන්දේසි වුනා.."
" මං ඔයාල ගැන හෝම්වර්්ක් ටිකක් කරලයි ආවෙ.."
" ඔයාට අදහසක් තියෙනවද සජීඩ් අන්කල් ගෙ මරණෙ ගැන.. එයාලා මං හිතන්නේ මේ මෙි හරියෙම මිනිස්සු .. එයාලා මොකක්ද මන්ද කෝන්තරයක් පිරිමැහුවෙ"
