This content has not been published, as it is reserved for an upcoming book.
Thursday, October 30, 2025
Friday, October 24, 2025
රුහුණු රාජධානිය හැඩ කරන රන්මිහිතැන්න නම් සුරතලිය
2025 ජුලි මස 20 වන දින කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ඩිප්ලෝමාව හදාරන 2024 කණ්ඩායම සිය ක්ෂේත්‍ර චාරිකාව යොදා ගෙන තිබුණේ රන් මිහිතැන්න ටෙලි සිනවා ගම්මානය නැරඹීමටයි. එහිදී දක්නට ලැබුණු දර්ශන සහ එහි සැරි සැරීමෙන් ලද ප්‍රායෝගික අත්දැකීම් සමග මෙහිදී මා ඒ පිළිබඳ වැදගත් කරුණු, ඉතිහාසය, රටට වන සේවය, සිනෙමාවට ලැබෙන වාසි සහ රටක් වශයෙන් එය අපට ඇති වැදගත්කම පිලිබඳ කාරණා ගොනු කර තිබෙනවා.
තිස්ස මහාරාමය යනු ශ්‍රි ලංකාවේ දකුණු පළාතේ හම්පිබන්හිතොට පරිපාලන දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසෙහිදී පැවති සිංහල රාජධානියක් ලෙස සැලකෙන රුහුණු රාධානියේ අග නගරය ලෙස සැලකු නගරයයි. එකල ගොඩ නැගු පැරණි ඉදිකිරිම් ඒවායේ සුවිශේෂවු නටබුන් අදටද ඉතිරිව ඇති තිස්සමහාරාමයේ විශේෂ දේශගුණ තත්වයන් සැලකිල්ලට ගනිමින් එයට පසුකාලීනව වටිනා අගයන් එකතු වෙනු දක්නට ලැබුණා.
එසේ 2010 වර්රශයේදී ඉදිකිරිමට යෙදුණු රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය (Ranminithenna Tele Cinema Village) ශ්‍රී ලංකාවේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිර්මාණ සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද රූපවාහිනි හා සිනමා නිෂ්පාදන මධ්‍යස්ථානයක් . එය රටේ චිත්‍රපට කර්මාන්තයට අලුත් ජීවයක් ලබා දීමේ අරමුණින් පිහිටුවා ඇතැයි සඳහන් වෙනවා.
එමෙන්ම රන් මිහිතැන්නේ ඉතිහාසය සලකා බලන විට 2010 වර්ෂයේ එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙය නිර්මාණය කිරීමට මුලිකවී තිබෙනවා. .මෙම ගම්මානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ දේශීය චිත්‍රපට හා රූපවාහිනි කර්මාන්තය ශක්තිමත් කිරීම සහ විදේශීය නිෂ්පාදන සඳහාත් සුදුසු තාක්ෂණික මධ්‍යස්ථානයක් සැපයීමයි.
රන්මිහිතැන්න මේ කාර්යයහි ලා උපයෝගී කරගැනීමට අවශ්‍ය විවිධ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කථාබිම් සඳහා නිර්මාණය කළ ගම්මාන, නගර, පාරිසරික රූපණ මෙහි ඉතා අපුරුව ලෙස යොදා ගෙන තිබෙන ආකාරය එය නරඹන්නෙකුට දැකිය හැකි වනවා.
- රන්මිහිතැන්නෙන් දේශීය රූපවාහිනි හා සිනමා
නිෂ්පාදනවල වියදම අඩු කරයි.
- දේශීය තාක්ෂණවේදීන්ට, කැමරා ක්‍රියාකරුවන්ට, නිර්මාණකරුවන්ට සහ රංගන ශිල්පීන්ට රැකියා ) දියුණු කරයි — විදේශීය කණ්ඩායම් මෙහිදී චිත්‍රපට රූපගත කිරීමෙන් රටට විදේශ විනිමය ආදායමක් ගෙනෙයි.
- දේශීය සංස්කෘතිය හා ජීවන රටාවන් විදෙස් රටවලට ඉදිරිපත්කි රිමට හැකියාව
සලසයි.
මේ රුහුණු රට සරසන රන්මිහිතැන්න සුරතලිය නිසා 🎬 සිනෙමාවට ලැබෙන වාසි ගැන සලකා බැලුවොත්
- නිෂ්පාදකයන්ට සහ නළුවන්ට එකම ස්ථානයකින් සියලුම රූපගත
කිරීමේ පහසුකම්.
- විශාල වියදමකින් තොරව සැබෑ ගම්මාන, නගර
හා ඉතිහාසික පසුබිම්
ලබා ගත හැකිය.
- නව තාක්ෂණික උපකරණ භාවිතයෙන් නිෂ්පාදන ගුණාත්මකභාවය වැඩි කරයි.
- අලුත් නව පරපුරක නිර්මාණකරුවන්ට පුහුණුවක් හා අත්දැකීම් ලැබෙන ස්ථානයක් ලෙස සැලකිය හැකියි.
Thursday, October 23, 2025
Sheik Zayed Grand Mosque - අබුඩාබි හි සදාතනික පුදබිම
අබුඩාබියෙහි ස්වර්ණමය හිරු රශ්මි විසින් මුලින්ම සිප ගන්නා මේ ශ්වේත වර්ණයන්ගෙන් සමන්විත මේ පුදබිම ශේක් සයිඩ් මහ පල්ලිය යි. ලොව පවතින ඉස්ලාම් පල්ලි අතරින් විශාලත්වයෙන් දෙවන තැනට පත් වී ඇති ශේක් සයිඩ් පුදබිම අබුඩාවි වෙත පිවිසෙන සංචාරකයින් ගේ අනිවාර්ය නැරඹුම් ස්ථානයක් බවට පත් වී තිබෙනවා. විසල් අබුඩාබි ආකාසයට අනන්තයක ආශිර්වාද එක් කරන මේ මහ පල්ලිය තුල සිය ආගමික වතාවත් වල යෙදෙන ඉස්ලාම් භක්තිකයන්ගේ භක්තිමත් රාවයන් වරින් වර හාත්පස සිසාරා රැව් පිළිරුව් දෙනු ඇසෙනවා.
අබුඩාබි ජීවත් වන කාලයේ එකතු කරගත් මතක අතරින් වඩාත් සුන්දර චාරිකාවක් ලෙස මගේ මතකයට නැගෙන්නේ ශෙයික් සයිඩ් පුදබිම නැරඹිමේ අවස්ථාවයි. ශෙයික් සයිඩ් පුදබිමට ඇතුල් වන කාන්තාවන්ට හිස්වැසුම් සහ අත්වැසුම් භාවිතා කරන්නට සිදුවීම අනිවාර්ය වෙනවා. පිරිමින්ට දිගු කලිසම් ඇඳිම අනිවාර්යයි. පුදබිමෙහි වන්දනා සිදුවන වෙලාවන්හිදී සංචාරයන් සිදු කිරීම ට අවස්ථාවක් නොලැබෙන අතර අනික් අවස්ථාවලදී හැම විටම නරඹන්නන්ට පුදබිම නැරඹිමේ අවස්ථාව ලැබෙනවා.
බටහිර ආසියානු කලාපයේ පිහිටන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිර්මාතෘවරයා වන ෂෙයික් සයීඩ් බින් සුල්තාන් අල් නහියන්ගේ සිහිනය වූයේ සියලු මිනිසුන් අතර ඉවසීම සහ අවබෝධය ප්‍රවර්ධනය කරමින් ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පයේ ආත්මය මූර්තිමත් කරන අභයභූමියක් නිර්මාණය කිරීමයි. ඔහු විසින් ශෙයික් සයීඩ් පල්ලියේ සැලසුමේ බොහෝ අංග පෞද්ගලිකව අධීක්ෂණය කළ අතර, එය වන්දනා ස්ථානයක් ලෙස පමණක් නොව සංස්කෘතික හුවමාරුවේ සහ සාමකාමී සහජීවනයේ ආලෝකයක් ලෙසද ප්‍රකාශයට පත් කෙරුණා. 2004 දී ඔහුගේ අභාවයෙන් පසු, ෂෙයික් සයීඩ් පල්ලියේ භූමියේ තැන්පත් කරන ලද අතර, ඔහුගේ උරුමය මෙම විශ්මය ජනක පුද බිමට සදහටම සම්බන්ද කරනු ලැබුවා.
ඉස්ලාම් ආගමිකයන් ගේ මුදුන් මල් කඩ වන මක්කමෙහි ඇති මස්ජිද් අල් හරාම් දේවස්ථානයට පමණක් දෙවෙනි වන ඉස්ලාමීය ආගමික වටිනාකම මෙන්ම ඔවුන්ට ආවේණික ගෘහ නිර්මාණ ශිල්පයෙහි කලාත්මක වටිනාකම සහ සංස්කෘතික අගයන්ගේ සම්භාව්‍ය එකතුවක් ලෙස හැඳීන්විය හැකි ශෙයික් සයිිිඩ් දේවස්ථානය වර්ග අඩි 550,000කින් සමන්විත වනවා. මෙහි ගොඩනැගිලි පරිශ්‍රය එහි වාහන අංගන සහ පිටත භු අලංකරණ කොටස් වලින් තොරව අක්කර 30කින් යුක්ත වෙන අතර එක් වරකට වන්දනාකරුවන් 40,000කට පමණ එක් වර වන්දනා කළ හැකි වනවා.
ශෙයික් සයිඩ් පල්ලිය නිර්මාණය කිරිම යනු ලොව පුරා සිටින ශිල්පීන්ගේ සහ ශිල්පීන්ගේ කුසලතා උපයෝගී කරගත් සහයෝගී උත්සාහයක් ලෙසයි සලකනු ලබන්නේ. පර්සියානු , මෝගල් , සහ මුරිශ් ගෘහ නිර්මාණ ශිල්පයේ අංග ඇතුළත් කර ඇති මෙම පල්ලියේ සැලසුම සඳහා සේවකයින් 3000 කට අධික සංඛ්‍යාවක සහ කොන්ත්‍රාත් සමාගම් 38ක විශේෂඥතාව අවශ්‍යවු බව පැවසෙනවා. මැසිඩෝනියාවෙන් ලබාගත් කිරිගරුඬ වල සිට ජර්මනියෙන් මිලියන ගණනක් ස්වරොව්ස්කි ස්ඵටික වලින් සරසා ඇති පහන් කුඩු දක්වා යොදා ගත් විශිෂ්ට නිමැවුම් වලින් මෙහි විවිධත්වය පිලිබිඹු වෙනවා. අවසාන ප්‍රතිඵලය ලෙස ඉස්ලාමිය ලෝකයේ ඒකමුතුකම සහ විවිධත්වය යන දෙකම සැමරිය හැකි විශිෂ්ට කෘතියක් ලෝකයට ලැබී තිබෙනවා.
අප ශෙයික් සයිඩ් මහා පල්ලියෙන් නික්මෙන විට අබුඩාබි ආකාසය කෙමෙන් සඳ විසින් අත්පත් කරගනිමිනුයි පැවතියේ. ඇත්තෙන්ම ඒ් අන්ධකාරය සමග මුහු වෙමින් තිබුණු සුදු පැහැති ඉස්ලාමිය ගෘහ නිර්මාණ ආකෘති හා බැඳුණු විසල් ශ්වේත නිමැවුම ඈතින් දිස්වෙමින් තිබුණා වසර ගණනක දහස් ගණනක වන්දනාකරුවන්ගේ පාද ස්පර්ශය මෙන්ම ඔවුන්ගේ යාඥාවන්හි බල මහිමය විශ්වය පුරාවට විහිදුවා ලමින්.
වැඩිදුර විස්තර ලබා ගැනීම සදහා පහත සබැඳිය භාවිතා කළ හැකියි.
source:%20Sheikh%20Zayed%20Grand%20Mosque
https://share.google/9oCJBMbYwn8aqD7FF
OLIVE 06
Olive 06 රටා රහිත යුවතිය Flat white කෝපි බඳුන අවසාන වන්නට ආසන්නය. නමුත් එය සෑහෙන වෙලාවකින් අල්ලා වත් නැත. ඔහුගේ ඇගිලි කීබෝඩ් එක මත වේගයෙන්...
-
This content has not been published, as it is reserved for an upcoming book.
-
This content has not been published, as it is reserved for an upcoming book.
























