Thursday, April 9, 2026

Olive 02

 


OLIVE 02 


එය ටිකින් ටික සෙමෙන් සෙමෙන් කළුවර ආවරණය ඉවත් කිරීමක් වැනිය. බොහෝ සෙමින් , වැසී ගිය සැඟවුණු නිදිබර නගරයක් ඇහැ අරින්නට පටන් ගැනීමකි.


වාහන සහ සෙනග අඩුවෙන් සැරිසරන මේ නගරය කැමැත්තෙනි. එය බොහෝ නිශ්ශබ්ද බැවිනි. ඔහු නිශ්ශබ්දතාවයට අසීමාන්තිකව ප්‍රිය මිනිසෙකි. එහෙත් ඔහු මේ රන්වන් පැයට කැමති ඒ නිසාම පමණක්ද නොවේ.  

බොහෝ මිනිසුන් මේ ගෙවෙන පැයට සිය අවංක අනන්‍යතාවය එකතු කරනා බැවිනි. අතිධාවනකාරි ජීවිතයට ඇතුලු වන්නට පෙර පාන්දර ව්‍යායම සඳහා පිවිසෙනුවස් මිනිසුන් පාරේ ඇවිදිද්දි.. තානාපති කාර්යාල වල වැඩ කරන දුත මෙහෙවරවල නියැලුන විදේශිකයින් ද මේ වෙලාවට පාරේ ඇවිද යති. 


ඔසඳ ලක්ඛිත වික්‍රමගේ ඔහු කිසිදු කලබලයකින් තොරව ඇවිද ගියේ සිය ලැප්ටොප් බැගය කරෙහි ලා ගෙනය. එක් අතකින් ඔහු කරේ ලා ගෙන සිටි ලැප්ටොප් බැගය වාරු කරගෙන සිටි අතර අනික් අත තිබුණේ සාක්කුවේය. කලු පැහැති කැප් තොප්පිය මුහුණ කරා පහත්වී තිබුණේ සගවන්නටම නොවුණත් එයින් පිටස්තරයන්ට ඒ මුහුණ දැකීම යම්තරමකට පාලනය කිරීමක් කර තිබිණි.  

ලොකු ගොඩනැගිලි වල  වීදුරු බිත්ති පසුකර යද්දී ඉන් පෙනෙන සිය ප්‍රතිබිම්භය වැටී තිබිණි. ඉතින්, ඔහු නතරවී එදෙස බලා සීටියේ නැත. නමුත්, ඔහු තමන්ව සැලකිල්ලෙන් නැරඹුවේය. ඔහු සිය සමමිතික උරහිස් දෙස බලා සිටියේය. තමන් දෙස මිනිස්සුන් ගේ  අවධානය කෙසේ දැයි සිතුවේය. ඔහු සියල්ල වැඩි වෙහෙසකින් තොරවම එවැනි බොහෝ දේ පිලිබඳව නාමාවලියක එකතු කරගත් මිනිහෙකි. 


දැනටම ඔහු උවමනා තැනට පැමිණ ඇත. සිය දුරකතනයේ වු දිශානතිය පෙන්වන ඇප් එකෙන් ඇහැරුණ අතර මෙතෙක් ආ පියවර නැවතුණේ පටු දොරකොඩක් ඉදිරියේය.


ඉතා පටු කොරිඩෝවක් ඒ දොරින් එහා පසින් තිබිණි. දෙදෙනෙකුට එකවර මාරු විය නොහැකි තරමට කුඩාය එය. එහෙත් අරුමෝසම් කීසිත් නැත. අමුතුවෙන් අවධානය ලබා ගැනිමට විශේෂයෙන් කිසිත් සිදුකර නැත. 


මේ කුඩා කෝපි කඩයට ඔහු පියමං කරන්නේ ඇයි? 


 අවකාශය විවෘත වුයේ නොසිතු පරිදි ය.

එය මහා පරිමාණ නැත. 

නමුත් , එය ප්‍රමෝදාකරයක් මෙනි. 


උදෑසන ලා ඉර එළිය ප්‍රවේසම් සහගතව තීරු තීරු වශයෙන් වැටී ගැටී ඉහිරෙනු පිණිස දුඹුරු පැහැ ලී මේස ස්ථානගත කර තිබිණි. අලුත් කුඩා මල්, මෝස්තරයක් වශයෙන් නොව විවේක ගන්වනු පිණිස කුඩා වීදුරු කෝපි ජෝගු වල බහා තිබි අයුරක් දිස් විණි. සුළඟ පවා, මේ කුඩා කෝපි කඩයට කිසි කරදරයක් කරන අරමුණක නැතැයි බැලු බැල්මට පෙනී යන්නේය. 


ඔසඳ ලක්ඛිත වික්‍රමගේ, මේ සුන්දරත්වයෙන් තුශ්නිම්භුත වී සිටියේය. එය සම්පුර්ණයෙන්ම සිදු වෙමින් තිබුණේ ඔහුගේ අභ්‍යන්තරයේ වු අතර  මතුපිටට කිසිසේත් නොපෙනුණි. ඔහු රහසේම මේ පරිසරය පිලිබද ආසාවකින් ඇලී ගියේය. 


ඔහු අවකාශයත් අවකාශය ඔහුත් තේරුම් ගත්තාක් මෙනි. 


ඔන්න ඊළඟට, ඇය සුලඟක් සේ ඇසේ හැපී නොහැපී නික්මිණි. 


ඇත්තෙන්ම ඇය ඔහු දෙස බැලුවේ නැත. ඇදවී තිබු මේසයක් සකසමින් ක්‍රිම් පැහැ රෙදි කඩකින් මේසය පිස දමන්නට ඉදිරියට නැමුණාය. ඇය පුහුණු කළ සේවිකාවක් තරම් කඩිසර නැත. නුහුරුය. නමුත් ඇය ප්‍රායෝගිකව ඇයට මේවා පුරුදු ය. 


මිනිසුන් සමහර වෙලාවට තමන්වම තේරුම් ගන්නේ ජීවිතයට එළඹෙන ඉතාම කුඩා සහ ඉසියුම් අවස්ථා වලිනි. ඉතින් ඔහු නරඹමින් සිටියේය. ඇය මල් බඳුනක් මේසයක් මත තිබු තැන වෙනස් කරන ආකාරය, මඳක් පසුපට පියවරක් තියා ඒ මල් බඳුන නිසි තැන තියෙනවාදකියා විපරම් කරන අයුරු , කිසිදු අනවශ්‍ය හදිස්සියකින් තොරව  එදෙස ගෙළ ඇළ කරගෙන බලා සිටිනා අයුරු..


ඇය කිසිවිටෙකත් කිසිවෙකු ආකර්ශණය කරගන්නට උත්සාහ කරනා ගතියක් නොපෙනිණි. එවැනි ගැහැනු දුර්ලභ ය. ඔසඳට ගැහැනු පිලිබඳ ඇත්තේ පැහැදිලි නිර්වචනයකුත් නැත. ඒත් ගැහැනු හැම වෙලාවකම කවුරු හෝ පිරිමියෙකු තමන් වෙතට ආකර්ශණය කරගන්නට බලා හිඳිනවා වැනි පාරම්පරික පටු සම්ප්‍රදායික අදහසක් ඒ ආත්මයේ කොතැන හෝ වසක් විසක් සේ තැන්පත්ව තිබේ. 


“Good morning, sir…” ඇගේ කටහඩ ඇගේ දෙනෙතට පෙර ඔහු වෙත ළඟා විය. මෘදුව සහ සමබරව මෙන්ම පැහැදිලිවය. අතිධාවනකාරි හෝ නොසැලකිලිමත් නැත. 

ඔහු නොසැලිකිල්ලෙන් මෙන් නිකම් ම නිකම් “ මෝනින්” වචනයකින් පිළිතුරු දුන්නේම මෙතෙක් වෙලාවක් විපරම් කිරිම ගැන ඇයට කිසියම් සැකයක් වීනම් දුරු කරනු පිණිසය. ඔහු ඇය දෙස බැලුවේ හෝ නැත. ඇත්තෙන්ම ඇයට පෙනෙන ආකාරයෙන් ඔහු ඇය දෙස බලා නැත. 


පළමු බැල්මෙන් බොහෝ දේ දේ වෙනස් වෙනවායි කීවාට, මෙහිදී පළමු බැල්ම පතිත වුයේ මුහුණු මත නොවේ. පළමු බැල්ම පතිත වුයේ හැසිරීම් රටා මතටයි. 


“රෙස්ට් රුම් එක මට ටිකක් පාවිච්චි කරන්න පුලුවන් ද?” ඔහු විමසුවේය. ඇය එහි දිශානතිය පෙන්වුවේය. අමතක වෙන්න‌ට වාගේ ගිය කෝපි ඇණවුම පසුව සිහිපත් වු ගමන්, “ ආ.. තව මට ස්ට්රෝන් කොෆී එකක් ඕනෙ විතවුට් සුගර්” කියා ගන්නටද හැකි විය. 


ඇය කිසිදු සැකයකින් තොරව හිස වැනුවාය. ප්‍රශ්න රහිතව, අනවශ්‍ය වචන නොමැතිව. පහසුවෙන් ඔහුව විශ්වාස කළ වගක් , එහෙම නැත්නම් කිසිම වාදයක් තෝරානොගෙන නිශ්ශබ්ද වුවාය. 


විවේක කාමරයේ කැඩපත ඉදිරියේ ඔහු තමන්ගේ ප්‍රතිබිම්භය දෙස බලා සිටියේය. හැඳ සිටින කලු ටී ශර්ටය, නොපෙනිය යුතු තැනකදී වුව වැඩි සැලකිල්ලක් අතපත් කර ගන්නේය. 


ඉතා ප්‍රවේශම්සහගත ලෙස සුසුමක් හෙළු ඔහු සිය බෑගය තුළට අත දමා ඔලිව් ග්‍රින් ස්වෙටරයක් හැඳ ගත්තේය. එය වේගවත් ක්‍රියාවලියකි. කැපි පෙනෙන විවිධත්වයක් නැති බොහෝ සියුම් පරිවර්තනයකි. එසේ සිතා සිටියේ ඔහු පමණකි. 


ඔහු නැවත කෝපි අවකාශය තුලට පිවිසෙද්දී ඔහුට එය දැනුණේ වෙනස්ව ය. සමහරවිට අවකාශයේ වු වෙනස්කමක් නොවේ. වෙනස්කම වුයේ තමන් තුල වගේ හැඟීමකි. ඔහු එහි වු මේස හතරෙන් කවුන්ටරය හොඳින් පෙනෙන, කවුලුවට වසං වන මේසයක් තෝරාගෙන හිඳගත්තේය. බිත්තියට ළඟ, කවුලුවෙන් දුර …


ලැප්ටොප් තිරය දිග හැරිණි. වැඩ වෙනුවෙන් නොවේ. යම් දුරස්ථ බවක් ගොඩනගා ගනු පිණිසය. 


ඇය එක්වරම නැවත මතුවුයේ ප්‍රධාන දොරටුවෙනි. ඇගේ අතේ විවිධාකාර කඩදාසි මලු විය. තමන්ගේ ඇඳුම වෙනස්වු නිසාද මන්දා ඇය මුලින්ම සිනා නොවුණාය. නමුත් තීක්ෂණ බැල්මකින් බලා ගියාය.


“Strong coffee. Without sugar.” ඇය යුහුසුලුව ඔහුගේ කෝපි ඇණවුම පිරිනැමුවාය. ඔහු ඒ මුහුණ හොදින් බලා සිටියේය. ඇගේ දෙනෙත මතින් දේදුනු දෙබැමකි. දිගටි උජට නැමුණු දිගු ඇහි පෙඳී, මස්කාරා යාන්තම් ගල්වා ඇති බැවින් ඒවා දැකුම්කලුව දිලිසෙයි. ඒ මැද ඇහි බෝල මෙතෙක් ඔහු දැක ඇති ලස්සනම දිලිසෙන ඇස් බෝල ය. යට ඇහිරේඛාව අඳුන් කුරකින් ඇඳ ඇතුවාට සැක නැත. ලා කහ පැහැ කොපුල් ය. සීරුවට තවරා ඇති රෝස පැහැ බ්ලර්ශ් රේඛා දෙකකි. ලා රෝස පැහැති ලිප්ස්ටික් දෙතොලට එක් කර ඇත්තේ ස්වභාවික ලස්සනකි. ඇය සංකලනයකි. 

ඒ ඇස් වල මායාවක් නැත. ඇත්තේ පැහැදිලිතාවයකි. අවධානය නොඉල්වයි. තේරුම් ගැනීම අනවශ්‍ය බව දන්වන තරමට අහංකාරයි. ඒ්ත් තවදුරටත් ඒ ඇස්වල ගිලෙන්නෙකු නන්නත්තාර කරවයි. ඔහු සෙමෙන් එහෙත් පිලිවෙලට ඒ ඇස් වලින් එළියට පැන ගත්තේය. 


“ මේ තැන හොදයි.. හරි සන්සුන්” ඔහු වඩාත් සන්සුන් ස්වරයකින් මිමිණුවේය. ඇගේ මුහුණ මුලින් සරලව පසුව සංකීර්ණව වෙනස් විය. එවිට කෝපි කඩයට ඒ මොහොතේ පැමිණි අමුත්තන් දෙදෙනෙකු නිසාවෙනි. ඇය ඇගේ පාරිභෝගිකයින් දේවත්වයෙන් සලකන්නියකි. ඔ් වහා ඔසඳගෙන් මෑත්වී ඔවුන් කරා ගියාය. මේ පැමිණි මිනිසුන් තමන්ගේ ඇණවුම සුදානම් වෙනතුරු බලා හිඳිද්දීම, ඔහු තව විනාඩි ගණනකින් ඊලඟ හමුවිමට යා යුතු බව දන්වන ඊමේලයක් දුරකතනයට ආවේය. 


නමුත් මේ උන්හිටි ගමන් ප්‍රාදුර්භුත වු මිනිසුන් දෙදෙනා ගැන ඔසඳ ට සැක සිතිණි. එබැවින් නැගිට පිටවී ගොස් මේ දෙදෙනා අසල නාට්‍යයක් නිර්මාණය කරන්නට උවමනා නැත. ඔවුන් විමසු ප්‍රශ්නය ද ඔසදට පැහැදිලිව ඇසිණි. ඇය තමන් අද පැමිණි කෙනෙකු බව කීවා නම් තත්වය කුමන අතට හැරේවිද කිව නොහැකිය.  නමුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇය කීව‌ේ හොද කතාවකි. 


ඔහුගේ සිතේ ඇය පිලිබඳ පැහැදිමක් තටු ගසන්නට පටන් ගත් තැන ඒතැනය. ඉතින් පහසුවෙන් කෙනෙකුට සිය කාඩ්පත ලබා නොදෙන  ඔහු සිය කාඩ්පතක්ද ඇයට පෑවේය. ඇය එය අතට ගෙන සිනාසුණාය. ප්‍රහේලිකාවක් වගෙද පේන්නේ ඔහු අසද්දී ඒ ඇස් මේ ඇස් ලුහුබඳිමින් සිටි අතර ඔයාට විසදන්න පුලුවන් වෙයි කිව්වාම ඇය මොකක් දෝ අහංකාර කමක් ලාවට තවරා ගෙන සිනාසුණාය. 


මිනිස් ගණුදෙනු අවම , පරිගණක තිරයක් තුලින් ලෝකයේ සුදු පැහැයත් කලු පැහැයත් දකින තියුණු මිනිස් ඇස් දෙකක් ඇයව සියුම්ව නිරීක්ෂණය කරනවායි ඇයට වැටහුණේ නැත.. ඇත්තටම ඔහුට  අහන්නට උවමනා ව තිබුණේ,  ඔයා මං හැමදාම එන කෙනෙක් කියලා බොරු කිව්වෙ ඇයි කියන ප්‍රශ්නය ම නොවේ. 


“ ඔයා මං හැමදාම එනවාට කැමතිද?” යන ප්‍රශ්නය ය. මිනිස් ආදරය ඇති වෙන්නට සියුම්ව හිත අවුස්සන ප්‍රශ්නයක් නැගීම හොදටම හොද බව ඔහුට ඒඅයි තාක්ෂණයෙන් අසා දැනගත හැකිවතිබේ.ඔහු මේ මොහොතේ ඒ කිසිවක්ම කරන්නට පෙළඹුණේ නැත. ඉතින් දැන් ඔහු කලු පැහැ දිගු කලිසමක් අලු පැහැ අත් කොට කමිසයක් ඇඳ දුඹුරු පැහැ ඒප්‍රනයක් පැලඳ සිටින මේ යුවතිය  නිකමටවත් කාඩ්පත පසුපස ඇති කිව්ආර් කේතය ස්කැන් කර ඔහු ගොඩනැගු ඔහුගේ ලෝකයට ඇතුල් වේවිද?

Olive 03

 



ඔලිව් 03 


කැෆේ සික්ස්ටි සික්ස්ත් - නිදාන කතාව


එ මීට දැවුරුද්දකට පෙරාතුව එක් දිනකි. සිදුවිම සිදුවන්න නියමිත ව තිබුණ⁣ේ පැරඩයිස්හි හමඅවිම් කාමරය තුලය. පැරඩයිස් මන්දිරයේ හමුවීම් කාමරය , හැමවිටම අනෙකුත් තැන් වලට වඩා වෙනස් ය. 

එතැන ආදරයෙන් උණුසුම් නොවේ.සජීවී නැත. 

තීරණ ගනු ලබන සහ ප්‍රකාශයට පත් කරන තැන එතැනය. . බොහෝ නිහඩව පැහැදිලිව සහ කිසිදු හැගීමකින් තොරව එතැනදී තීරණයන් ගනු ලැබීණි. 


මිගාර විජේබණ්ඩාර යනු ඔහුගේ පැමිණිමෙන්ම එවැනි හමුවීම් කාමරයක් එලිපෙහෙලි කළ හැකි මිනිසෙක්ය. වසර ගණනාවක් තිස්සේ ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩ නැගීමෙන් ඉක්බිති ඔහු ස්වභාවයෙන්ම මේ පෞරුෂයට උරුමකම් ලද්දාක් මෙන්ය. 

.ලිපිගොනු වඩාත් පැහැදිලිව සකසා ගත් නියෝජිතයන් අතලොස්සක් ඔහු ගේ පාර්ශ්වය නියෝජනය කරමින් තිබිණි. ඉදිරිපස හිදගෙන සිටියේ ව්‍යාපාරයන්ට සම්බන්ද බාහිර පාර්ශ්වය කි. 

.පිළිවෙලට හැඳ පැලඳස ිටි ඉන් එකෙකු යම්කිසි ලියවිල්ලක් ඔහු වෙතට පෑවේය. ඉන්පසු සිය ස්වරය ස්ථාවරව තබාගෙන කතා ඇරඹුවේය. 

 “ තුම්මුල්ල ප්‍රොපටි එකේ ලීස් අග්‍රිමන්ට් ඒක කන්ටිනිව් නොකරන්න අපි තීරණයක් අරන් තියෙනවා. ඒක කනගාටුවෙන් වුනත් දන්වන්න වෙනවා.

මුදු නිහඩතාවකි. 

කිසිම වියවුලක් දෙපාර්ශ්වයේම නැත

විජේබණ්ඩාර පාර්ශ්වය ම⁣ේ පිලිබඳ පෙර දැනුවත් වී ඇති බැවින් මෙය අමුත්තක් ද නොවේ. 


මිගාර පුටුවේ පසුපසට මඳක් ඇදී සිය ශක්තිමත් හඩ අවදි කළේය. 

“ කොහොමටත් තුම්මුල්ල ප්‍රොපටි එක ගැන අපට වෙනම දැක්මක් තියෙනවා. ඒ නිසාම අපි ශෝට් ටර්ම් ටෙනන්ට්ස් ලා එක්ක තමයි දිගටම වැඩ කලේ.” බොහෝ සන්සුන්ව කීවේය. 


පවන් ද මේසයේ කෙළවරක හිඳගෙන සිටි අතර, සිය අත්ල එකිනෙක පිරිමැද්දේය. මේ ගිවිසුම් පාර්ශ්වය පැමිණෙන්නට පෙරම ඔහුට මේ හිස්වෙන ගොඩනැගිල්ල පිලිබඳ වෙනම අදහසක් පැවතුණි. 


“ ඇත්තටම ප්‍රොපටි එක හිස් වෙන්නෙ නෑ” සියල්ලන්ගේම ඇස් ඔහු වෙතට ඇද ගන්නට ඒ් වචන කීපය සමත් විය. පාර්ශ්වකරුවන් තවම විසි විය නොඉක්මවු තරුණ විජේබණ්ඩාරවරයා දෙස නෙතු යොමුවේ සැනෙකිණි. ඒ වචන හරඹය ඇතුළත මහ රුකක් වීමට නියමිත අංකුර ව්‍යාපාරිකයෙක් ඔවුන් සියල්ලන්ටම පෙනී ගියේය. 

මිගාර සිය නිහඩ පිළිවෙත දිගටම රකින්නාක් මෙන් නිශ්ශබ්ද වී සිටි අතර, එය ඔහු හිතාමතාම පවන් විජේබණ්ඩාරට අවකාශයක් ලබා දීමක් ද නොවේ නම් පවන් ගේ හැසිරිම සහ අනික් අයගේ ප්‍රතිචාරය පරික්ෂා කිරිමක් ද යන්න පැහැදිලි නැත .

 “ මට තියෙනවා ප්ලැන් එකක්. අප්පච්චි අයි වෝන්ටි ටු ටේක් ඔ්ව ද ප්ලේස්”  හරියටම කාලය මනිමින් වචන අතර කාල පරාසයක් තබා ගනිමින් ඔහු පැවසුවේය. 

එය නව්‍ය අදහසක් විය. කළ නොහැකි හෝ විය නොහැකි ගණයේ නොවේ. නමුත් එය අවස්ථාවේ හැටියට නැවුම් එකකි. 

. මේ අවස්ථාවේ මිගාර ගේ බැල්ම පවන් වෙත වැටුණේ ඇහුම්කන්දීමකට වඩා වැඩි යමකටය. “ මොකක්ද  පර්පස් එක?” 

.පවන් ක්ෂණයකින් පිළිතුරු නොදුන්නේය.  පළමු වතාවට මේ රුපියල් වලින් හෝ ඩොලර් වලින් ගණනය කර ඉදිරිපත් කළ හැකි ව්‍යාපෘතියක් නොවේ. 

“ඇත්තටම අපට අප්ස්ටෙයා එකට දැනටම වෙන කීප දෙනෙක් ගෙන් රික්වෙස්ට් තියෙනවා. මං ටාගට් කරන්න⁣ෙ වම් කෙලවරේ ප⁣ොඩි ස්ප⁣ේස් එක ෆස්ට්ෆ්ල⁣ෝ එකට ත් එක්කම තියනෙ…”

“ ඒක ප⁣ොඩි හුන්ඩුවක් වග⁣ේ එකක් පවන්” 

“ රෙනව⁣ේශන් ප්ලැන් එකක් මං ගාව තියෙනවා අප්පච්චි. “

ව්‍යාපාර පාර්ශ්වය න් එකි⁣නෙකාගේ මුහුණ බලා ගනිමින් මිගාර ගේ මුහුණ බලා ඉන්නේ ඔහුගේ පිළිතුරු ලැබෙන තුරුය. 

“ කැෆේ එකක් අප්පච්චි” 


මේ වන විට පිටතින් පැමිණි පාර්ශ්වකරුවන් හමුවීම් කාමරයෙන් පිටත්ව ගොස් සිටි අතර , ඉතිරිව සීටියේ විජේබණ්ඩාර උරුමය දරාගත් පිරිස පමණයි. නමුත් ඔවුන’තර අමුතු උද්යෝගයක් ඇතිව නැතිව ගිය බවක් දැකියහැකි විය. 

“ අපට දැනටම කැෆේ කීපයක්, හොස්පිටැලිටි පැත්තේ ප්‍රොජෙක්ට්ස් කීපයක් තියෙනවානෙ” 

” මේක වෙනස් එකක්” පවන් කීවේ,

සරලවය. 

සන්සුන් ව ය. 

. නමුත්, වැඩි පාලනයක් තමන් අතෙහි දරා ගෙනය. 


මිගාර සිය පුත්‍රයා ව විපරම් කර බැලුවේය.

ඇත්තෙන්ම අදහස ඔහුට වැදගත් නොවීය. නමුත් මේ අදහස පසුපස ඇති අරමුණ පැහැදිලි කර ගැනීමටය. 


“ ප්‍රපෝසල් එකක් සබිමිට් කරන්න” ඔහු අවසානයේ කියා සිටියේය. “ ඒක හොද වුනොත් ඔයාට පුලුවන් වැඩේ පටන් ගන්න” 


මිගාරගේ භාශාවට අනුව එය පෙර අනුමැතියක් ලෙස සැලකිය හැක්කකි. 


.පවන් හිස සලා එය පිළිගත්තේය.

. ඒ හොඳටෝම ඇති, හිතින් හිතා ගත්තේය. 


ඇත්තෙන්ම කැෆේ එකට අදාලව කළ යුතු නියම සංවාදය තවම සිදු වී නැත. පවන්ගේ හිතේ තියෙන්නෙ වෙනමම අරමුණ කි. 

ඒ එදිනම සැන්දෑ අහස මළ හිරු වැදි රෝස පැහැයෙන් දිස්වෙන වෙලාවකි. සවුමි ගේ නිදන කාමරය ඇති කොරිඩෝව වෙනදා ලෙසම පැවතිණි. සවුමි ට මේ මොහොතේ පෙර ලෙස සන්සුන්ව නොදැනුණි. ඇයට කාමර කොරිඩෝව දිගට එන පිය සටහන අඳුනා ගත හැකිවේ. ඇය සිටියේ කාමරයේ දොර හොඳින් ඇර දමා ගෙනය.  මේ  පිය සටහන් ඇයට හොඳටම හුරු ය . සිගිත්තෙකු සන්දියේද, දරුවෙකු සන්දියේද, යව්වනයෙකු සහ දැන් තරුණයෙකු සන්දියේද මේ පිය සටහන් ඇයට වඩා හුරු වෙන්නට පුලුවන් කාටද? 


“ සවුමි” 


. ඇගේ කුඩා කාමරය සමන්විතව තිබුණේ කුඩා ඇඳක්, මේසයක් සහ පුටුවක් , ඇඳුම් අල්මාරියක් වැනි අතිශය සරල ගෘහභාණ්ඩ කිහිපයකින් පමණකි. ඇය ඇගේ සටහන් පොත් බලමින් මේසය අසල වැඩිවී බිත්තිය දෙසට මුහුණ පා සිටියාය. ඇගේ නම උච්ඡාරණය කරනු ඇසීමෙන් ඇය ආපස්සට හැරුණාය. හැම වෙලාවකම මෙන් සන්සුන්වය. පවන් ඇගේ දොරකඩ සිටගෙන උන්නේය. කුඩා කල මෙන් දුවගෙන දුවගෙන ආවේ නැත. දැන් දෙදෙනා දුරස්තය. බොහෝ නිශ්ශබ්ද විලාසයකින් ඔවුන් දැන් එකිනෙකාට දුරස්ත තරුණයෙකු සහ තරුණියකි. 


“ එන්න ඉතින් , ඉඳගන්න” 

පවන් ඒ ආරාධනාව පිළිගෙන ඇගේ කාමරයට ඇතුලු වී ඇගේ කුඩා රෝස මල් නිල් පසුබිමක ඇඳ තිබෙන ඇඳ රෙදි දමා ඇති ඇඳ මතින් හිඳගත්තේය. කාමරයේ වට පිටාව නැරඹුවේය. තමන්ගේ , අක්කාගේ කාමර විශාල වුවත් කොතරම් නවීන ගෘහභාණ්ඩ වලින් සංකීර්ණ ලෙස පිරී තිබුණත් මෙහි ඇති කිසිවක් කාලානුරුපව වෙනස් වී නැති හැටි නිහඩව බලා සිටියේය. ඒ තුලින් ඇය ළඟා කරගෙන ඇති සැනසීම ගැන සියුම් ඉරිසියා සහගත හැඟීමක්ද ඇතිවී තිබිණි. 

“ එක්සැම් ඉවර වෙන්නෙ කවදද?”

“ හෙට” 


.

“ අපේ ප්‍රොපටි එකක් තියෙනවා, තුම්මුල්ලේ. ඒකෙ ලීස් එක ඉවරයි. අපට ප්‍රොපටි එක ආයෙම හම්බවෙනවා.” පවන්ට කතා කරන්නට ඉඩ දී සවුමි නිශ්ශබ්ද වුවාය. “ මං හිතුවෙ එතැනින් පොඩි ස්පේස් එකක් අරගෙන මගේම පොඩි බිස්නස් එකක් පටන් ගන්න” සවුමි එවර ඒ මුහුණ බැලුවාය. පහත මාළයට . තමන්ගේ කාමරයේ කුඩා ඇඳ මත හිඳගෙන මෙහෙම කතා කරමින් සිටියාට විජේබණ්ඩා ව්‍යාපාර අධිරාජ්‍යයේ අනාගත ඔටුන්න හිමිවන්නේ පවන්ට බව ඇයට අමතක නොවේ. “ කැෆේ එකක්” එසේ කියා පවන් සවුමිගේ මුහුණණ බැලුවේය. 


. පළමු වතාවට සවුමි ගේ ප්‍රතිචාර ක්ශනයකින් වෙනස් විය. පවන් ඒ වෙනස දුටුවේය. ඔහු ඇය ගේ මේ වගේ සියුම් වෙනස්කම් පිලිබඳ අවදානය දක්වන්නේ ඇය දුටු මුල් කාලයේ සිටමය. ඒ මේ සම වයසේ අපුරු ජිවියා පිලිබඳ තිබු කුතුහලය හේතුවෙන් වු අතර පසුව ඇය කෙරෙහි වු අනුකම්පාව ක්‍රමයෙන් ටිකක් වෙනස්වට දැනෙමින් තිබෙන යව්වන හැගීම් පොදිය ඊට පසුබිම සාදා දී තිබිණි. 


.“ ඔයාට දැනටම තියෙනවානෙ එහෙම කැෆේ එකක්. “ ඇය උත්සාහ කළෙ එය සිහිපත් කරදෙන්නටය. එය ගැටලුවක් නොවේ. කරුණු දැක්වීමක් පමණය.

“ ඒවා මගෙම දේවල් නෙමෙයි” ඔහු වහා කියා දැමුවේ, කවුරුන් හෝ ඔහුගේ අදහස වෙනස් කරතැයි බියෙනි. 


. සුලග ආයේ කැරකෙන්නට පටන් ගත්තේය. පවන් සුසුමක් හෙලුවේය. පෙරට වඩා අවම වෙගයකිනි. පාලනය ක් සහිතව ය. 

“ මට මේක හරියටම කරන්න යි ඕනෙ..දවසක බ්‍රැන්ඩ් එකක් වෙන්නෝන… ඒක නිසාමයි ඔයා එක්ක කතා කරන්නෝන කියල⁣ හිතුවෙ…

ඔහු පැවසු දේ හරහා ගම්‍ය වුයේ කුඩා ව්‍යාපාරික අංකුරය වඩාත් වගකීම් සහගතව ගොඩනැගෙන බවය. නමුත් ඊලගට ඔහු කීවේ අනපේක්ෂිත කතාවකි. 


“You can run it.”


දෙදෙනා අතර ගැඹුරු නිහඩතාවක් මතුවිය. කොහොමත් සවුමි හදිසියේ ප්‍රතිචාර දැක්වුයෙ නැත. ඇය තමන්ට ඇසුණ දේ ටික වෙලාවක් යනතුරුත් විශ්වාස කරන්න ට කැමති වුයේ නැත. 

එහෙත් ඇය යළි පැහැදිලි කරගනු පිණිස , “ ඒ කියන්නේ ?” කියා ප්‍රශ්නාර්ථයක් නැගුවාය. .පවන් තම අදහස වෙනුවෙන් හේතු දක්වන්නට නොපැකිලව ඉදිරිපත් වුවෙය.


“ ඔයා දැනටම කෝපි කියන සබ්ජෙට් එක දන්නවා ..ඒ මදැයි”

“ ඒකයි මේකයි දෙකක්”

“ නැහැ … පොඩ්ඩක් වැඩේ ලොකුයි”

“ මං කියන්නේ පවන්, මං එතන වැඩ කරන්න එන්නම්.. ඒත් කොෆී ශොප් එකක් රන් කරනවා කියන්නේ…” ප

පවන් යාන්තම් මෙන් ඉදිරියට නැමී සවුමි ගේ ඇස් පතුල අල්ලා ගත්තේය. ඇයට තමන්ව වඩාත් ළඟින් ඇහුම්කන් දීමට සැලැස්වීම මිස වෙනත් අරමුණක් නොතිබිණි.

“ එහෙනම් ඒක හරියට ඉගෙන ගන්න” 

අන්න ඒ වචන පහ ඇගේ හිතට වැදිණි. ඒ වචන වල පැවතුණේ උපදේශයක්මත් නොවේ. එහි තිබුණේ ගැඹුරකි. අනාගතය පිලිබඳ අරමුණු සහගත හැඟීමකි. 

“ දැන් ඔයා දෙපාරක් ඒ ලෙවල් කරලා තියෙන්නේ. යුනිවසිටි තේරුණොත් එඩියුකේශන් කම්ප්ලිට් කරන්න පුලුවන්නෙ. එතකම් වොකේශනල් දෙයක් ඉගෙන ගත්තට පාඩුවක් නැ කියලමයි මට නම් හිතෙන්නේ…” 

“ සුලලි අක්කත් ඒ ගැන නම් මාත් එක්ක කතා කළා”

“ අක්කා මොකද කිව්වේ, ඔයාට ෆොරින් වර්කින් ඔපචුනිටි එකකට යන්න ඔිනකමක් තියෙනවාද?”

සවුමි සුසුමක් හෙළුවාය. ඇයට විජේබණ්ඩාර සමුහයේ ඇති විදේශීය මධ්‍යස්ථානයක වුව සේවය කිරිමට අවස්ථාවක් දිය හැකි බව සුලලි කියා ඇත. එහෙත්, ලංකාව ඇගේ ස්වර්ග භුමියයි. 

“ මං ලංකාවෙ ඉන්නයි කැමති” මෘදු එහෙත් ස්ථිර කටහඩකින් ඔ් පවසද්දී පවන්ට දැනුණේ අස්වැසිල්ලකි. පවන් ඒ අස්වැසිල්ලට හේතුව විපරම් කරන්න ස්වයං ගවේෂණයක යෙදෙන්නට කැමති නොවුයේය. මේ කොහොමටවත්ම ඊට වෙලාව නොවේ. 

“ මෙහේ හොඳ කෝසස් තියෙනවා.. ප්‍රොෆෙශනල් බැරිස්ටා ට්‍රෙිනින්, මැනේජ්මන්ට්.. මං ඒක ඇරෙන්ජ් කරන්නම්.. ඒ ගැන වොරි වෙන්න එපා.. ඔයා හොඳට ඉගෙන ගන්න. මං ශොප් එකේ වැඩේ බලාගන්නම්.. මේක ඔයා කරන රස්සාවක් විදියට හිතන්න එපා.. තමන්ගෙ දෙයක් විදියට හිතල‌ කරගෙන යන්නයි තියෙන්නේ..”

සවුමි ට ඇගේ ජීවිතයට දෛවය ලබා දෙන අවස්ථා ගැන තියෙන්නේ පුදුමයකි. අතීතයත් වර්තමානයත් දෙස හැරී නැවතී බලන විට මේ තරම් හොඳ මිනිස්සු ඇගේ ආරක්ෂාවට ලබා දී ඇත්තේ පුදුමාකාර විදියකටය. 

“ මං කැමතියි පවන්” පවන් ගෙළ ඇළකරගෙන ඇය දෙස මොහොතක් බලා සිටියේය. මඳ මුදු සිනාවක් ඒ දෙතොල් කොණක ඇඳී මැකුණේය. එඩෙක්සෙල් සිලබස් එකෙන් උසස්‌පෙළ හදාරා දැන් උපාධියත් සම්පුර්ණ කරගෙන පශ්චාත් උපාධියේ අවසන් අදියරේ හිදිනා පවන් බුද්ධිමත් කොල්ලෙකි. ඔහු බොහෝ ධනවත් පෙළැන්තියේ දරුවන් මෙන් නන්නත්තාරේ නොගොස් සිය ව්‍යාපාර වල අනාගත ඔටුන්න දරන කුමාරයා බවට පත්වීමට අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කරමින් සිටින්නේය.

“ අපි තුන්දෙනා හැදුණේ එකට.. අපි කරගෙන යන බිස්නස් එකක ඔයා සේවකයෙක් වෙනවා කියනෙක..හිතන්නවත් එපා. මේක පුංචිම පුංචි තැනක් තමයි. ඒත් ඔයා ඔයා වෙනුවෙන් දේවල් කරන්න පටන් ගන්න තැන මෙතන වෙන්නෝනි..” 

සිය වෘත්තිමය දැක්ම කතාවට එක්කාසු කළ තරුණයා ඇගේ සයනය මතින් නැගිට්ටේ ඇගේ උරහිස මතට මිත්‍රශීලි තට්ටුවක් දමමිනි. 

“ මේක පුංචි තැනක් නෙමෙයි පවන්… ඔයා මං ගැන මෙහෙමෙ හිතන එක මට හිතාගන්නවත් බෑ”

“ හරි හරි.. ඇති ඩ්‍රාමා ක්වීන්.. මං යනවා. පාඩම් කරලා මේ සබ්ජෙක්ට් එක ගොඩ දාගනින්” 

ඔහු සිනහවී කාමරයෙන් නික්මිණි. ඇත්තෙන්ම, සවුමි, සවුමි සඳමල සමරසිංහ ලෙස උප්පැන්න සහතිකයේ නාමගත වු දැරිය උපතින්ම ගෙන ආවේ වාසනාවේ සඳුන් කැටයය. ඇගේ මව්පියන් හා ගෙවු යුගය සිහිනයක් මෙන් යාන්තම් සිතෙහි රැඳුනත් ඇයට මතක අතීතය තිබෙන්නේ පැරඩයිස් හි ය. ග්‍රේස් විජේබණ්ඩාර , මිගාර විජේබණ්ඩාර ගේ එකම නැන්දණිය වු අතර ඇය අවිවාහක ව ජීවත් වුවාය. ත්‍රිකුණාමලයට ආසන්න ප්‍රදේශයකදී හමුවු කුඩා අනාත දැරියක තමන් හදාගන්නට ගන්නා බව දන්වා ඇය සවුමි ව පැරඩයිස් වෙත ගෙන ආවේ කාගෙන්වත් කෑමැත්තක් විමසීමට අවශ්‍ය නොවන තරමේ බලයක් ඇය සතුව කොහොමටත් පැවති බැවිනි. 

ඒ පරිච්ඡේදය වෙනම විස්තර කළ යුතු වුවත් කැෆේ සික්ස්ටි සික්ස්ත් පිලිබඳ ඇගේ ඇති බැඳියාව තේරුම් ගැනීමට මේ සිදුවීම් දාමය ප්‍රමාණවත්ය.එවර විභාගය අවසන්ව සවුමි , පවන්ගේ අනුදැනුම යටතේ තෝරා ගන්නා ලද වෘත්තිමය බැරිස්ටා පාඨමාලාවකට සම්බන්ධ වුවාය. ඒ පාඨමාලාව නියමිත ආකාරයෙන් හැදෑරීමෙන් ඉක්බිති යුවතිය වෙනුවෙන් කෝපි කඩය නිර්මාණය වුයේ පවන් ගේ හිතවත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ අති සුපරික්ෂාකාරී සහ ප්‍රවේශම් සහගත තෝරා ගැනීම් වල එකතුවක් වශයෙනි. හැමදේකදීම උවමනාවටත් වැඩියෙන් කල්පනා කළ පවන් වැටෙන දවල් හිරු එළිය කෝපි කඩයේ අවකාශයන් හා ගැටිය යුතු තැන් පවා පරි්ස්සමෙන් කියවා ගත්තේය. 

“ ඔන්න දැන් ඔයාටම තැනක් තියෙනවා.. මේක බ්‍රැන්ඩ් එකක් කරලා ගන්න වැඩේ ඔයාගෙ අතේ තියෙන්නේ…මම මුලින් කැපිටල් දාලා, උවමනා හැමදේම අරන් දෙනවා..” පවන් කීවේ කෝපි කඩය විවෘත කිරීමට නියමිත දවසට කලින් දා ඇය සමග හිඳගෙන ඇගේ ආලෝක කිනිති වෑහෙන නෙත් දෙස බලාගත්වනමය. 

“ ඔයා අපේම කෙනෙක් බව ඔයාටම ඔප්පු කරල පෙන්නගන්න” 

ඔහු එසේද කීවේය.

Tuesday, April 7, 2026

01

 


ඔලිව් 01

උදෑසන හතරට නාදවෙන එලාම් එක කවදාවත් විසන්ධි නොකරන ජීවිතය ක් ඇයට තියේ.. ඇගේ කාමරය තිබුණ⁣ේ කොළඹ නගරයේ මධ්‍යයේ පිහිටි සුවිශේෂ සුඛෝපභෝගී මන්දිරය ක පහත මාලයේ කොරිඩ⁣ෝරයක් දිගේ යද්දී හමුවෙන අහඹු මුල්ලය. ඇයත් සමගින් ම විජේබණ්ඩාරවරුන්ගේ පාරාදීසයේ පහත මාලය ඇහැරෙයි. රත්නශීලා නැන්දා සමග මුලුතැන්ගෙය ඇහැ අරින අතර. උයන්පල්ලන් හරිත පැහැති උද්‍යාන වලට දිය ඉහින්න පටන් ගනිති.ව්‍යාපාර අධිරාජ්‍යයකට අයිති වාහන වල රියැදුරන් තමන්ගේ වාහන සොදන පිහදාන අයුරු දකින්නට ලැබේ. මේ විශාල වපසරිය ඇතුලත කුරා කුහුඹු ඇගේ භුමිකාවම අහම්බයක් වේ.

විජේබණ්ඩාර පවුලේ කෙනෙකු ඇස ගැටෙන්නත් ඉස්සර ඇය ඒ විසල් පිවිසුම් දොරටුව මග හැරලා පසුපසින් ඇති කුඩා දොරටුවෙන් මහ මගට පිවිසෙයි.ඇගේ ගමනාන්තය වන්නේ තුම්මුල්ල හන්දිය ආසන්නයේ ඇති පුංචි කෝපි කඩයකි. කැෆේ 66ත්. පිවිසුම කුඩා කොරිඩෝව දෙදෙනෙකු ට මාරුවෙන්න ඉඩ නැති තරම් පටු වුනත් ඇතුලත සැලකිය යුතු ඉඩක කෝපි මේස සහ කුඩා ලී පුටු තිබේ

ඇයත් මේ පුංචි කෝපි කඩයත් අතර සම්බන්ධතාව වටප්‍රමාණය වැඩි කතාවක් වුනත් මේ ඒ කතාව දිගහරින්න මොහොතනොවෙු. ඇය ඇගේබෑග් එකේ තියන යතුරු වලින් කුඩා දොර ලග නැමි ඒවායේ දමා ඇති ලොකු ඉබි යතුරු වල අගුලු විවර කරයි. ඉන්පසුව පෙර දව⁣සෙ හෝදලා පිරිසිදු කරලා ගිය කෝපි මැශින් ක්‍රියාත්මක කරබි. මගදි මිලට ගන්නා අලුත් මල් , මල් බඳුන් වල දමා සරසන අතර. ඉන්පසුව ඇගේ කැෆේ සික්ස්ටි සික්ස්ත් යුනිෆෝම් එක තද කලුපාට දිග කලිසම, අලුපාට අත්කොට කමිසය සහ ලා දුඔුරු පාටැති ඒප්‍රනය පලදී. ගෙල මුලට වෙන්නට කොන්ඩය කුඩා ගෙඩියක් වෙන්න බැදගෙන කැඩපතට සිනා නගයි.  ඒ  හොදම සිනාවත් සමග ඉතින් දැන් ඊලග දවස පිළිගන්න කැෆේ සික්ස්ටි සික්ස්ත් සුදානම්!

එකවරම පලමුවෙනි ආශිර්වාදය අරගෙන කෙනෙක් කොපි කඩයේ දොරටුව හැර ගෙන මතු විණි. කලු කැප් එකක් සහ රවුම් කර ඇති කලු ටී ශර්ටයක් ඇදගෙන සිටි ඔහු අතේ ලැප්ටොප් බෑගයක් තිබුණි. ඔහු ටිකක් කලබලයෙන් ඉන්නවා වගේ ඇයට දැනී ගියේ කශනිකවය. 

“ good morning sir..”

ඈ ඇගේ සුපුරුදු සිනාවෙන්  දවසේ පළමු පාරිභෝගිකයාට සුබපතද්දී , ඔහු “ mmm morning ..” කීවේ ඇය දිහාවත් නොබලමිනි. පුදුම හදිස්සියක්… ඇගේ හිතට හිතුණි. ඔවුන්ගේ කැෆේ සික්ස්ටි සික්ස්ත් කියන්නෙ කලබලකාරි මිනිසුන් ට ඔබින තැනක් නෙමෙයි. එහි දොරෙන් පිටත කොපමණ කලබලකාරී වුනත් මෙහි පැතිර පවතින නිශ්ශබ්දතාවට මිනිස්සු ආස කළ බව ඔවුන් දැන සිටියහ. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයේ සිසුන්. ඔවුන් තමන් ගේ ලැප්⁣ටොප් අරගෙන ඇවිත් කෝපි බොමින් අප සතුව තිබුණු සරල කෙටි කෑමක් කමින් තමන් ගේ පාඩුවේ අධ්‍යයන වැඩ වල නිරත වුහ. 

“ rest room. එක මට ටිකක් පාවිච්චි කරන්න පුලුවන් ද?”

ඔහු ඇසුබැවින් ..ඇය හිස වැනුවාය. “ ආ.. තව මට ස්ට්රෝන් කොෆී එකක් ඕනෙ විතවුට් සුගර්” ඔහු නැවත කීවේ අමතක වු යමක් සිහිපත් කරනවාමෙනි. ඇය ඔහුට විවේක කාමරය ඇති දිසාවපෙන්වුවාය. ඉන්පසුව ඇයට ඔහු පිලිබද අවදානය දෙමින් ඉන්නට නොහැකි වුණේ ‍, පවන් විජේබණ්ඩාර ඒ මොහොතේ කෝපි කඩය ඉදිරිපට ඇති කුඩා ඉඩෙහි සිය වාහනය නවත්වාගෙන ඇගේ දුරකතනයට ඇමතුමක් දුන් නිසාවෙනි. එතැන වාහනය නැවැත්වීමට අවසර නැති නිසා වගේම පවන් කියන්නෙ මොනාකාර නොඉවසිලිමත් මනුස්සයෙක් ද කියලා දන්න නිසාම ඇයට තව මොහොතක් වත් එතැන රැදෙන්නට නොහැකියි. 

“ දැන්මම කස්ටමර්ස් ලා ඇවිත් ද?” පවන් විමසන්නේ ඇගේ මුහුණ වත් හරියට නොබලමිනි. ඔවුන් ට මම කවුරුවත් වන කෙනෙක් නෙමෙයි. ඇයට විජේබණ්ඩාර ලා ගැන එහෙමත් හිතී තිබිණි. 

“ එක්කෙනෙක් ඉන්නවා…” ඔහු පෙර දවසක දී කෝපි කඩයේ දෛනිකව උවමනා වන කෝපි ඇණවුමක බඩු ගෙනැවිත් තිබුණා. පවන් ට අවශ්‍ය වුණේ මෙහි ආදායම නිශ්චිත ව ඔහුගේ ගිණුමට බැර වෙන්නත්‍, අඩුපාඩු වලින් තොරව දෛනික කාර්යන් සිදුවෙන්නත් පමණයි. සුලලි‍, පවන්ගේ අක්කා ඇය ඉදහිටලා දවසක මෙහි එනවා. ඇවිත් අපේ කතා නායිකාව එක්ක කෝපි එකක් බොනවා. “ මම දන්නවානෙ අපේ මල්ලිගේ හැටි” කියමින් එයා බිව් කෝපි කෝප්පයටත් සල්ලි ගෙවනවා. 

කඩදාසි බෑග වල ඇසිරු කෝපි රැගෙන  නැවත කඩය තුලට යද්දී ඇයගේ  ඇස් පුදුමයෙන් විසල් වෙනවා. ඇය පෙර කී කලබලකාරී මනුස්සයා‍,  පෙර ඇද සිටි ⁣කලු රවුම් කර ටී ශර්ටය වෙනුවට ඔලිව් කොල පැහැ ස්වෙටරයකින් සැරසී ඇවිත් කෙලවර මේසයක වාඩිවී තමන් ගේ ලැප්ටොප් එක දිගහැරගෙන කිසිවක් කරමින් ඉන්නවා.  

ඔහු ඉල්වු ස්ට්රෝන් කෝපි එක ප්‍රමාදත් ඇති. ඇය සුවද ඉහිරුණු කෝපි කෝපිපයක් ඔහු වෙනුවෙන් පිලියෙල කලා. එය පිරිනමන්නට ඔහු ලගට ගියවිට ඔහු යාන්තම් වගෙ ඇය දිහා බැලුවා. ඔහු තවදුරටත් විශ්ව විද්‍යාල ළමෙයකැයි කියා පෙනුණේ නම් නැහැ. 

“ මේ තැන හොදයි.. හරි සන්සුන්” 

ඔහු කිව්වා. ඇය දැන සිටියේ නැහැ, ඔහු හදවතටම දැනුණු දේ කීවාද, නැත්නම් ඔහු එය මවා පෑවාද කියා.. කෙසේ වුවත් ඔහු ගේ ඇස් , දෙතොල් , ඇහිබැම එහෙන් මෙහෙන් රැවඅල් කොට අපිලිවෙලට වැවුණු කම්මුල් හරි ආකර්ශණීයයි කියා ඇයට හිතුණා. හ් ඒත් ඇගේ හැගීමත් ඒ තරම් ගණනකට ගත යුතු නැහැ. මොකද කියනවානම් ඇයත් තාම තරුණ කෙල්ලක්. ඉතින් මෙහි යන එන ආකර්ශණීය පිරිමි ළමයින් ගැන ඇයට වුණත් තවදුරටත් එහෙම දේවල් හිතෙන්න පුලුවන්. හිතී තියෙන වාරත් තියෙනවා.

මේ මොහොතේ තවත් දෙදෙනෙක් කෝපි කඩයට ඇතුලු වුනා. 

“ ගුඩ් මෝනින් ගෑනු ළමයා..” කිසියම් තද ස්වරයක සුබපැතුමක් ඔතා ඉදිරිපත් කලා වගෙයි. ඇය වෙනසක් නැති කෝපි ප්‍රේමීන් සියල්ලන්ට එකසේ පෑ සිනාව ඔවුන්ටත් පෑවා. 

“ ගුඩ් මෝනින් සර්..” 

“ කොහොමද.. අද ඔයාගෙන් හැමදාමත් කෝපි බොන අයමද මේ ඇවිත් ඉන්නෙ?” ඒක තරමකට වෙනස් ප්‍රශ්නයක්. ඇගේ ඇස් ඔලිව් කොල පැහැ ස්වෙටරය ඇද සිටින ඔහු වෙතම යොමු වුණා. 

“ හැමදාම එන කෙනෙක්, විතරයි තාම..” 

ඔවුන් කෝපි කෝප්ප දෙකක් අරගෙන කෝපි කඩයෙන් පිටත් ව ගියා. කොළ පැහැ ස්වෙටරයකට මාරුවී සිටි පුදුම පිරිමි ළමයා ඇය දෙස බැලුවා. 

“ ඔයා මම හැමදාම එන කෙනෙක් කියල එයාලට කීවේ ඇයි?” ඇය නිහඩවී හිටියා. ඒක වැරැද්දක් නොවන බව ඇයට විශ්වාසයි. “ ඉතින් ඒක වැරැද්දක් වගෙ දෙයක්ද සර්?” ඇය ඇහුවාම ඔහු හිනාවුණා. විශ්වාස කරන්න! මේ තුම්මුල්ල අවට දේශීය විදේශීය හිනාමලු දහස් ගාණක් කැෙෆ් සිකිස්ටි සික්ස්ත් එක මැද්දේ ඉහිරිලා ඇති… ඒත් ඔහු මෙතෙක් කොන් එකත් කර බැද තිබු සිනාමල්ල ලිහා දැම්මා.. කැෆේ සික්ස්ටි සික්ස්ත් හි සවුන්ඩ් පෘෆ් කර ඇති ගොඩනැගිල්ලේන් පවා එහාට ගලා ගිහින් කොළඹ පුරාම ගලා යන තරම් එළි කිනිති වෑහෙන්න පටන් ගත්තා කියා ඇයට හිතුණා. 

“ නෑ, මං හිතන්නෙ.. මින් පස්සෙ මම හැමදාම මෙහෙ එන “ කෝපි ප්‍රේමියෙක්” වෙයි.” දෙවියනේ, ඔහු අපේ ෆේස්බුක් පේජ් එකත් බලලා. අපි අපේ ටැග් ලයින් එක විදියට භාවිතා කරන්නේ, “ කෝපි ප්‍රේමීන්ට” කියන වචනය… ඔහු සිනාසෙමින් කුඩා හැදුනුම් කාඩි පතක් ඇය අත තිව්වා. එය සාමාන්‍ය කාඩ්පතකින් දෙකෙන් එකක් තරම් කුඩායි. මැට් කලු පැහැතියි. ඉදිරිපස, කුඩා ලැප්ටොප් එකක ස්වභාවයේ කොටුවක් යාන්තමින් දිලිසෙන රිදි පැහැයකින් සටහන්ව තිබුණා. අනික් පස ඒ ආකාරයෙන්ම qr code එකක් සටහන් ව තිබුණා. ඇය එය දෙපස පෙරළද්දී‍, ඔහු කවුන්ටරය මත සිය දෙවැළමිට තැබුවා. 

“ මම ප්රහේලිකාවක් වගෙද පේන්නේ?” ඇසුවා. ඇය හිනාවෙන්නට උත්සාහ කළා. 

“ ඔය⁣ාට පුලුවන් වෙයි විසදන්න…”

ඔහු ඇයට පේන අවකාශයෙන් නික්මිලා ගිහින් සිසිටිවි තිරයෙන් ද නික්ම ගියා. ඇවිද ගියේ බම්බලපිටිය දෙසට…. ඔහු ඇත්තටම ආවේ කෝපි බොන්නටද? නැත්නම් කලු පාට ටී ශර්ටයනේ ඔලිව් කොළ පාට ස්වෙටරයට මාරු වෙන්නට ද? 


Monday, March 30, 2026

ඇමීබා පෙම් සිහින

 දුයිෂෙන්ය! 

ඔබ මගේ ප්‍රේමයේ, 

ජිවිතය නම් අයිලයේ!




ඇමීබා පෙම් සිහින

  



ලොව කිසිදු තැනෙක, නොදකින

විරල සහ ආවේණික මල් පිපෙන, 

කලබලකාරීම මං මාවත් මැදින්

කඳුවැටි, උල්පත්ද ගං දියද උපදන, 

සදාහරිතම වැසි වනාන්තර, උසුලන

ඉඳහිටක, 

ලැව් ගිනි ද හටගෙන ලාවා ද උතුරන

ලෝක  උරුමය ඔබය 


මේ අන්තයට මා එවු මෙහෙවර 

මට ප්‍රත්‍යක්ෂ කරනු වස් හමුවුණ!

ඇමීබා පෙම් සිහින

 



මෙතෙක් කල් වලාකුළු තද කරන් හිටි කඳූලු

දියාරුව වැහි බින්දු ලෙසින් කොළඹට හැලෙයි 

අව් රශ්මියට හසුව ඉරුවරද දරා හිටි 

ගොඩනැගිලි හිස් මුදුන් ඉන් දරුණු ලෙස තෙමෙයි

මේ වලාකුළු යටින්, ටිකක් ඈතින් ඔබත් 

ඉන්නවා කියා මගේ ගැහැනු හිත මට කියයි 

කිසිම හේතුවක් නැති , හැඩය පහදන්න බැරි 

සතුටු බුබුලක් ඉපිද යළිදු එය බිඳීයයි


කතාවක් බහක් නැති උනත්  මේ අහස යට 

ප්‍රංශ හාදුවක් ගැන විටෙන් විට සිහි නැගෙයි 

දෙතොල් හිරි වැටී යන ඇමීබා පෙම් සිහින 

මගෙත් හද නිම්නයෙහි හරි හෙමින් පණ ගැහෙයි 

ළැම කඳුද මුදු සිරස් වලින් එසැවී බලා 

ඔබ කොහේ සිටීදැයි හොරෙන් විමසා බලයි 

මම තුළම ඔබ හිඳින විප්‍රකාරි රහස් 

දැන හැඳින යළි බිමට පාත් වී නිහඩ වෙයි 

Thursday, March 26, 2026

ඇමීබා පෙම් සිහින

 



ඉතින් ඔබ ඇසුවොතින් ආදරේ ගැඹුර

පෙන්වන්න හැකිය මගේ ගිළුණු නෙතු පතුල 

ඒ තුලින් කිමිදුනොත් පපුකැනති ඇතුල 

පුරා හමුවෙයි නුඹට, නුඹ නොදුටු නුඹම


හසු නොවන මුත් ඇසෙහි, ඇලෙන්නට නිතර

මුහු වෙමිය සුලගකට,  නුඹෙ කොපුල සිඹින

කදු මුදුන් මත හෙමින් සමරු පලදමින 

වැහි මලක් රැගෙන එමි මේ කුලක් ලෙසින 


සතුටු රැහැනක කොණක සිනහවක බැඳුණ 

කඳුලු  බිඳුවක ගිලී ගිලිහෙන්න යෙදුණ 

එතෙක් නුඹටත් නොදැනි, එහෙත් නුඹ දකින

සිහිනයක් වෙමි නුඹේ ඇහිපියක රැඳුණ


Olive 02

  OLIVE 02  එය ටිකින් ටික සෙමෙන් සෙමෙන් කළුවර ආවරණය ඉවත් කිරීමක් වැනිය. බොහෝ සෙමින් , වැසී ගිය සැඟවුණු නිදිබර නගරයක් ඇහැ අරින්නට පටන් ගැනීමක...