Monday, March 30, 2026

ඇමීබා පෙම් සිහින

 දුයිෂෙන්ය! 

ඔබ මගේ ප්‍රේමයේ, 

ජිවිතය නම් අයිලයේ!




ඇමීබා පෙම් සිහින

  



ලොව කිසිදු තැනෙක, නොදකින

විරල සහ ආවේණික මල් පිපෙන, 

කලබලකාරීම මං මාවත් මැදින්

කඳුවැටි, උල්පත්ද ගං දියද උපදන, 

සදාහරිතම වැසි වනාන්තර, උසුලන

ඉඳහිටක, 

ලැව් ගිනි ද හටගෙන ලාවා ද උතුරන

ලෝක  උරුමය ඔබය 


මේ අන්තයට මා එවු මෙහෙවර 

මට ප්‍රත්‍යක්ෂ කරනු වස් හමුවුණ!

ඇමීබා පෙම් සිහින

 



මෙතෙක් කල් වලාකුළු තද කරන් හිටි කඳූලු

දියාරුව වැහි බින්දු ලෙසින් කොළඹට හැලෙයි 

අව් රශ්මියට හසුව ඉරුවරද දරා හිටි 

ගොඩනැගිලි හිස් මුදුන් ඉන් දරුණු ලෙස තෙමෙයි

මේ වලාකුළු යටින්, ටිකක් ඈතින් ඔබත් 

ඉන්නවා කියා මගේ ගැහැනු හිත මට කියයි 

කිසිම හේතුවක් නැති , හැඩය පහදන්න බැරි 

සතුටු බුබුලක් ඉපිද යළිදු එය බිඳීයයි


කතාවක් බහක් නැති උනත්  මේ අහස යට 

ප්‍රංශ හාදුවක් ගැන විටෙන් විට සිහි නැගෙයි 

දෙතොල් හිරි වැටී යන ඇමීබා පෙම් සිහින 

මගෙත් හද නිම්නයෙහි හරි හෙමින් පණ ගැහෙයි 

ළැම කඳුද මුදු සිරස් වලින් එසැවී බලා 

ඔබ කොහේ සිටීදැයි හොරෙන් විමසා බලයි 

මම තුළම ඔබ හිඳින විප්‍රකාරි රහස් 

දැන හැඳින යළි බිමට පාත් වී නිහඩ වෙයි 

Thursday, March 26, 2026

ඇමීබා පෙම් සිහින

 



ඉතින් ඔබ ඇසුවොතින් ආදරේ ගැඹුර

පෙන්වන්න හැකිය මගේ ගිළුණු නෙතු පතුල 

ඒ තුලින් කිමිදුනොත් පපුකැනති ඇතුල 

පුරා හමුවෙයි නුඹට, නුඹ නොදුටු නුඹම


හසු නොවන මුත් ඇසෙහි, ඇලෙන්නට නිතර

මුහු වෙමිය සුලගකට,  නුඹෙ කොපුල සිඹින

කදු මුදුන් මත හෙමින් සමරු පලදමින 

වැහි මලක් රැගෙන එමි මේ කුලක් ලෙසින 


සතුටු රැහැනක කොණක සිනහවක බැඳුණ 

කඳුලු  බිඳුවක ගිලී ගිලිහෙන්න යෙදුණ 

එතෙක් නුඹටත් නොදැනි, එහෙත් නුඹ දකින

සිහිනයක් වෙමි නුඹේ ඇහිපියක රැඳුණ


රතුපාටපොරොන්දු #crimsonauths

  අනන් ‍ ය නිසා මගෙ හිතේ තෙත හැගීම් බිදිති බිදිති ඇති වෙන්න පටන් ගත්තා. දිරාපත් වෙච්ච දර කොටයක කෙලවරට වෙන්න එක රැයින් එක යායට ලේනහතු පිපෙනව ...