Wednesday, September 2, 2026

රතුපාටපොරොන්දු #crimsonauths



 අනන්
නිසා මගෙ හිතේ තෙත හැගීම් බිදිති බිදිති ඇති වෙන්න පටන් ගත්තා. දිරාපත් වෙච්ච දර
කොටයක කෙලවරට වෙන්න එක රැයින් එක යායට ලේනහතු පිපෙනව වගෙ.

මෙහෙම හතු

පිපෙන්න ආදර හැගුම් නොපිපුනාට තමුන් දැන් මාස කිපෙකට කලින් ආදරේකින් බැදිලා හිටියා

නේද අර සිසිකැලුම්ට ?

ජිවිතය වෙනස් වෙද්දි මාත් වෙනස් වෙන්න ඕනෙ. අනුගත නොවෙන ජීවියෙක් නොවී , වඳ වෙච්ච සත්ව විශේෂයක් ගාණට වැටෙන්න මං කොහොමටවත්ම සුදානම් නෑ.

මංම වුනත් මග මී ටයිම් එකෙදී හැසිරෙන විදිය නම් අන්තිම අශෝභනයි.

ආයෙමත් එහෙම
දේවල් වෙන්නෙ නැ. මට තේරෙනවා මාව පාලනය කරගන්න

විහිලු කරන්න එපා
සෙනෙහා. ඔයාට කොළඹ ට ආවට පස්සේ මතක නෑ. ඔයා කාගෙ කවුද ? ඇයි ඔයා කොළඹ ට ආවෙ ? ඔයා හැසිරෙන්නෙ හරියට ආතක් පාතක්
නැති එකියක් ගාණට

හරි අනමං හිතුවෙ අනන්ය මට කැමති නැතිව ඇති. අපි ආයෙ හමුවෙන එකක් නෑ කියලා..

පස්සේ ඔයා ඒකට
ඇඩික්ට් වුනා වගෙ නෙ

තමන්ගේ ඩිසයර්ස්
මොනවද කියලා කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් තේරුම් ගන්නේ ඒ අත්දැකීම ලැබුනට පස්සේ මට කවදාවත් සිසිකැලුම් ගැන දැනිලා
නැති හැගීමක් අනන්ය ගැන දැනුණා

අනේ
කෙහෙල්මල..සෙනෙහා.ඔයා තමන්ටම බොරු කරනවා. මම ත් ඔයා මයි.මට කිසිම දෙයක් හංගලා
වැඩක් නෑ.ඔයා අනන්යට කැමති එයා
ෆේමස් නිසා. ඔයා දන්නවා සිසිකැලුම් වගෙ සාමාන්ය මිනිහෙක් ඔයාව තෝරා ගත්තෙ නැති
එකේ තරහ පිරිමහන්න නම් ඔයා අනන්ය වගෙ කෙනෙක් ගෙ තෝරගැනිම වෙන්න ඕනෙ කියලා. එතකොට ඔයාගෙ හිතට
හොදයි.. ඔයා ඒකයි අනන්යට කැමති..

මම ඇත්තටම මගෙ ඇතුලතින් නැගෙන අවංකත්වයේ ප්රතිමුර්තිය ගැන කේන්තියෙන් හිටියෙ. මගේ යටිහිත මාව නිර්දය විදියට විවේචනය කිරීමත් මගේ ඇතුලත පිරිලා තියෙන මමත්වය සහ ආත්මාර්ථකාමිත්වය එලියට ඇදලා
දැමීමත් නිසා මම ම රිද්දගෙන හිටියෙ.

පොරොන්දු
බැදෙන්නෙ ලෙයින්! ඒකයි පොරොන්දු රතුපාට.






No comments:

Post a Comment

රතුපාටපොරොන්දු #crimsonauths

  අනන් ‍ ය නිසා මගෙ හිතේ තෙත හැගීම් බිදිති බිදිති ඇති වෙන්න පටන් ගත්තා. දිරාපත් වෙච්ච දර කොටයක කෙලවරට වෙන්න එක රැයින් එක යායට ලේනහතු පිපෙනව ...