🌿 OLIVE — Episode 19
සිග්නේචර් කෝපි
එදා රාත්‍රිය පුරාවට පැවති වැස්ස තුරල් වුයේ පාන්දරය. සෞමි ඇහැරුණේද පමාවය. එබැවින් වෙනදාට වඩා කෝපිහල විවෘත කරන්නට පරක්කු විය. ඇය සුපුරුදු වත් පිළිවෙත් ඉටු කරද්දීත් වාහන අංගනෙය් නතර කර තිබුණු කලු පැහැ උස ජීප් රිය දෙස බැලුවාය. ඇයට අමුත්තක් දැනිණි. රාත්‍රියේ තිබු සාදය හමාර වන්නට යෙදුණේද පාන්දර බැවින් පවන් තාම නිදි ඇතැයි ඇය සිතා සිටියාය.
එබැවින් දුරකතන ඇමතුමක් නොදීම ඇය කුඩා දොර සෙමෙන් විවෘත කළාය. ඉන් බැසි උස මිනිසෙකු දෛර විවර කරගෙන ඇතුල් විය. සෞමි වෙනසක් නැති සිනාවක් පෑවාය. සිය දෙඇස වසා තිබු අව් කන්නාඩිය ගැළවු මිනිසාගේ මුහුණ කොතැන හෝ මතකය.
“ සර් මොනා ද බොන්නෙ?”
ඇය ඔහුට සාමාන්‍ය මෙනු පතත් අලුතින් වරින් වර අදුන්වා දුන් කෝපි වල විස්තර ඇතුලත් ෆ්ලයර් එකත් ඔහුට පා ඇසුවාය. අමුත්තා ප්‍රවේශම් සහගතව විමසිල්ලෙන් මෙනුපත කියවා ගෙන යමින් සිටියෙය. ඒ අතර ෙසෟමි කවුන්ටරය දෙසට ගොස් එය පිසදැමුවාය.
“ මිස් … මේ ඔලිව් බෘ කියන්නේ මොනවගෙ කෝපි එකක්ද?”
“ ම්ම්ම්.. ඒක අපේ සිග්නේචර් එකක් සර්..”
“ මොනාද ඉන්ග්රිඩියන්ට්ස්…”
“ ශ්‍රි ලංකන් රෝස්ටඩ් කොෆි එක්ක සිනමන්, ඔරේන්ජ් එසන්ස්..එතකොට ඔලිව්..”
අමුත්තා ඇගේ කතාව මැද්දෙන් තවත් ප්‍රශ්නයක් නැගුවේය.
“ ඔලිව් එක්ක මොකක්ද තියන සම්බන්දෙ..”
ඇය සිතා සිටින්නෙ මේ ඔලිව් ශාකය ආශ්‍රිතව අමුත්තා ප්‍රශ්න කරනා බවය.මොහොතක් ඔහු දෙස බලා හිදිමින් ඇය නිරුත්තර වුවාය.
“ පවන් ගෙ ; ඒ කියන්නෙ කැෆේ එකෙ ඕනර් ගෙ ආච්චි අම්මා තමයි මේ රෙසිපි එක ක්‍රියේට් කරල තියෙන්නෙ.. අපි ඒක ට්‍රයි කරල බැලුවා.. එච්චරයි”
“ ඉතින් අද පවන් නැද්ද? නැත්නම් සාමාන්‍යයෙන් පවන් මෙතනට එන කෙනෙක් නෙමෙයිද?”
“ ඉදහිටලා තමයි එන්නෙ”
ඇයට දැන් මේ ප්‍රශ්න නැගීම ගැටලුවකි.
“ සර් කවුද? … අපේ කැෆේ එකට වැඩිය ඇවිත් නැහැ නේද?” සෞමිට දැනුණේ තමන් අනවශ්‍ය ආකාරයෙන් ඔහු විසින් ප්‍රශ්න කරනු ලැබෙන බවකි.අමුත්තා සිය විචක්ෂණ ශීලි ඇස් වලින් ඇයව නිරීක්ෂණය කළේය පසුව ඔහු කෝපි එකක් ඇණවුම් කළේය. එකිනෙකා සමග සිනාසෙමින් විශ්ව විද්‍යාලයේ යුවලක් සිය ලැප්ටොප් ද රැගෙන කෝපිහලට ඇතුලු වුහ. ඔවුන් කෙටි කෑම ඕඩර් කරනු ලැබුවත් ඒ වනවිට දිනයට අවශ්‍ය කේක් ඇතුලු අනිකුත් කෙටි කෑම කෝපිහලට ලැබී නොතිබුණි. ඔවුන් දැනට කියා කිරි සහිත කෝපි ඇණවුම් කළහ.
කෝපිහලේ වයිෆයි මුරපදය කවුන්ටරය අසල ලියා අලවා ඇති බව අමුත්තාගේ ඇස ගැටිණි.
“ මේක free Wi-Fi zone එකක් නෙද?”
“ ඔව්..”
“ ඒකට ඕන කෙනෙක්ට ජොයින් වෙලා වැඩ කරගන්න පුලුවන්”
“ ඔව්…”
ඔහු හිස සලා එය තේරුණු බව අගවා නිශ්ශබ්ද වු අතර යුවතිය අනික් ඇණවුම් සකස් කරනාතරේ ද වරින් වර මේ අමුතු මිනිසා දෙස බැලුවාය. පවන් දුරකතන ඇමතුමක් ගත්තේය. සෞමි ඒ ඇමතුම දැක සැනසුම් සුසුමක් හෙලුවාය.
“ සෞමි..”
“ ඔයා ඇහැරුණා ද?”
“ මං බැලුවෙ ඔයා කැෆේ එක ඕපන් කලාද කියලා.. මං ටිකකින් එනවා”
සෞමි මද සිනාවක් පෑවාය.
“ හරි.. පුලුවන් නම් ටිකක් ඉක්මණින් එන්නකො..” සෞමි කවදාවත් මේ විදියේ දෙයක් කියන්නේ නැත. එයින් කිසිවක් කැෆේ එක තුල සිදුවෙතැයි ඔහු අනුමාන කළේය. කැෆේ 66ත් ඇතුළත ඒ මොහොතේ පෙනුණේ සාමාන්‍ය උදෑසනක ස්වභාවයය. කෝපි අඹරන ග්‍රයින්ඩරයේ හඬ, උණු කිරි වාෂ්පය, ලැප්ටොප් ඉදිරියේ හිඳගෙන අසයින්මන්ට් ටයිප් කරන ළමයින්— කිසිම තැනක අපරාධයක සලකුණක් නොතිබිණි.එහෙත් මේ පරිසරය තුළ නොපෙනෙන තෙරපීමක් තිබුණේය.අමුත්තා කෝපි කෝප්පය මේසය මත තැබුවේ සන්සුන්වය.
“ මෙහෙට එන රෙගියුලර් කස්ටමර්ස් ලා ව මතක තියනවද ඔයාට?”
සෞමිගේ ඇස් මොහොතකට නිශ්චල විය. ඒත් ඇය ඉක්මනින්ම සාමාන්‍ය බවක් පෙන්වන්න උත්සාහ කළාය.
“ ඔව්.. හුගක් වෙලාවට මට මතක හිටිනවා..”
ඒ මොහොතේ නැවත පිරිමි ළමයින් දෙදෙනෙකු කෝපිහලට ඇතුලු වුවේය. ඔවුන් දෙදෙනාම ලැප්ටොප් රැගෙන ආවෝය. සෞමිට ලස්සන සිනාවලින් සුබපැතුහ.ඇයට තමන්ට උවමනා දේ ඇණවුම් කළහ. ඒ අතර ඇගේ කෝපිහලට පැණිරස කේක් සහ කෙටි කෑම සැපයුම් කරන තැනින් ඒවා ද ගෙන ආ බැවින් මේ සියල්ල අතර ඇය ඒවාද ලබා ගෙන නිසි ආකාරයෙන් ඒවා අවශ්‍ය තැන්වලින් තැන්පත් කළාය.
අමුත්තා නික්ම යන පාටක් නැත. ඔහු කැෆේ එකට එන හැමදෙනෙක් දෙසම නිරික්ෂණ බැල්මෙන් බලා හිදිති. ඒ අතර පවන් ආවේය. සුදු ලිනන් කමිසයක් වැලමිටට අත් නවාගෙන.. මුලු කැෆේ එකේම වයිබ් එක වෙනස් කරන්නට හැකි බලයක් ඔහු සතුවුණා වැනි හැගීමකින් සෞමි දිලිසෙන්නට පටන් ගෙනය. ඔහු දුටුවිට සෞමි ගේ මුහුණේ ඇදුණ සිනාවට ඔහුට ලෝභ හිතුණේය. සෙමෙන් කවුන්ටරයටම පැමිණ.. කාටවත්ම නොපෙනෙන්න ඇගේ කුඩා ඇගිල්ලක් අල්ලා ගත්තේය.මේ අතර අමුතු මිනිසා ඇසගින් පෙන්නු යුවතිය, හුගක් ප්‍රශ්න අහනවා කියා කීවේ සෙමිනි. පවන් මද සිනාවක් පෑවේය.
“ ඔයා උදේට කාලත් නෑනෙ?”
“ කොෆී ෆස්ට්..” පවන් එසේ කියමින් සිය ව්‍යාපාරික ඉවෙන්ම අමුත්තා සාමාන්‍යයෙන් කෝපි එකක් බොන්නට කෝපිහලට ගොඩ නොවැදුණු බව වටහා ගත්තේය. ඒ නිසාම අතට අතදී තමන්ව හදුන්වා දෙමින් තමන් මේ කෝපිහලේ හිමිකරු බව ඔහුට කියා සිටියේය. සෞමි පවන් ට කෝපි එකක් සාදා එය පිරිනමන්නට ගියවිට ඇයටද ඉදගන්නැයි ආරාධනා ලැබිණි.
ඇගේ නළල රැළිය. පවන් සිය පුහුණු කිරීම් නිසා සංයමයෙනි.
“ අපි සයිබ සෙකියුරිටි ඔපරේශන් ඩිවිශන් එකෙ..”
සෞමි තද හුස්මක් උඩට ඇද ගත්තාය. පවන් ඇගේ අත අමුත්තාට පේන්නම අල්ලා ගත්තේ ඇගේ ඉවසීම ඇති කිරීමටය.
******************************
මෙහෙයුම් කාර්යාලය තුල
එම මොහොතේ මෙහෙයුම් කාර්යාලය තුල මොනිටර්පේලියක වේගවත් ඇගවීම් ඇතිවෙන්නට පටන් ගත්තේය.
SIGNAL DETECTED
OLIVE PATTERN MATCH
“ Source location?”
“Cafe 66th public Wi-Fi.”
“ ඇති යන්තම් “
නිලධාරියෙකු සජිවි සිග්නල් ගමන්මග දක්වන තිරය open කළේය.
කලු තිරය මත ඉතා වේගයෙන් සිග්නල් ගමන් පථ දහස් ගණනින් දිව ගියේය. උපාංගයෙන් උපාංගයට ඉතා වේගයෙන් මාරු විය.
“බලන්න.. මේක stable නෑ.”
“ඩිවයිස් එක අඳුනගන්න?”
“Trying…”
හදිසියේම සිග්නල් එක කැෆේ එකේ නෙට්වර්ක් ඒක ඇතුළේ ඩිවයිසස් ගණනාවකට බෙදී ගියේය.
සිය පැවරුම්් කරනා ශිෂ්‍යයෙකුගේ ලැප්ටොප් එකක්, එතෙකින් නොනැවතී ටැබ්ලට් එකක්, ස්මාට් ස්පීකරයක් මෙන්ම POS මැශිම තුලින් පවා සිග්නල් ගලා යන්න සැලැස්වී ඇත.
“මේ මොකක්ද?”
“Mirrored routing…”
නැවත ඇගවීමක් පටන් ගත්තේය.
EXTERNAL GHOST TUNNEL ACTIVE
නිලධාරියා සිය දත් එකිනෙකට තද කළේය.
“Shit… OLIVE deliberately scrambling the trail.”
කැෆේ එක තුළ ඇත්තටම කිසිම දත්ත හුවමාරුවක් සිදු වෙමින් තිබුණේ නැත. කිසිදු සැගවු ගණුදෙනුවක් හෝ ජාලයකට සම්බන්ද නොහදුනන උපාංගයක්ද නොවීය.
ඒත් කොහේ හෝ අන් තැනක, ඔලිව් මගින් මෙහෙයුම් කාර්යාලයේ පද්ධති ස්වභාවයන් පවා අනුකරණය කරමින් සිටියෙය.
එක් මොනිටරයක සිතියමක් මත සිග්නල් මාවත මුලින් කොළඹ, ඊලගට නුවර, ඉන්පසු සිංගප්පුරුවේ ඉන්පසු රුමේනියාවේ උපාංගයක් කරා ඇදී ගියේය.
“වෙන්න බෑ…”
“එමේක කොහොමද මේ තරම් ඉක්මණින් මෙහෙම වෙන්නෙ”
“මේ තමයි ඔලිව්…”
නිලධාරියා වාක්‍යය අවසන් කිරීමද තේරුමක් නැතැයි සිතුවේය.
ඔවුන් ට තමන් සමග කිසිවෙකු හිතාමතාම හැංගිමුත්තන් සෙල්ලම කරන්නට පටන් ගෙන ඇති බව වැටහිණි.
*************************************************************
Café 66th ඇතුළත
සෞමි නිලධාරියා දෙස බලා සිටියේ පැටලිලි දෑසින්ය.
“මං ඇත්තටම මේ දේවල් ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ…”
ඇගේ හඬේ තිබුණේ අවංක නොදන්නා බවකි.
නිලධාරියා ඇය දෙස මොහොතක් නිහඬව බලා සිටියේය.
. කිසිදු අපරාධමය ඉවකට හසුවන ලක්ෂණයක් නැත.
. කිසිදු විරෝධ ක්‍රියාකලාපයකි නැත.
. කිසිවක් නැත.
එහෙත් තවමත් ඔලිව් මේ කැෆේ එක තුලින් තමන්ව මතු වෙනවාය කියා පෙන්වන්නට හදන්නේය.
“මිස් සෞමි,” ඔහු සන්සුන්ව කීවේය. “පහුගිය මාස වල සැක සහිත දෙයක්… අසාමාන්‍ය කස්ටමර් කෙනෙක්… මතක නැද්ද?”
සෞමි මොහොතක් කල්පනා කළාය.
ඇයට මතක් වූයේ: ඔසද පැමිණිම, හිටිහැටියේ කෝපි එකවත් සම්පුර්ණයෙන්ම නොබි පිටවීම
ඔහුගේ පණිවුඩ විලාසය, සමාජ මාධ්‍ය ඇප් භාවිතා නොකිරිම, හිතාගන්නට බැරි විදියේ පීඩනයකින් ජීවත් ෙවනවා වගේ ගතිය,ඔලිව් යන වචනය ගැන ඔහුට වු උනන්දුව.. ඉතින් දැන් මේ මිනිස්සු…ඇගේ හිත නොසන්සුන් විය.
“අනේ මන්ද ශුවර් නෑ…”
එවිට මෙහෙයුම් කාමරයෙන් ආ ඇමතුමක් නිලධාරියාගේ කනේ රදවාගාන තිබු ශ්‍රවණ උපකරණයට සම්බන්ද විය.
“සර් අපට ආපහු ට්රේල් එකලොස්ට් වුනා.”
“ලොස්ට්?”
“OLIVE bounced us out.”
නිලධාරියාගේ ඇස් අදුරු විය.
“කැෙෆ් එක ඇතුලෙ ඇක්චුවල්ඩේටා අප්ඩේට් පෙන්නනවද”
මද නිශ්ශබ්දතාවය පරික්ෂා කිරිම් වෙනුවෙනි.
“Negative.”
එම වචනයත් සමඟ කැෆේ එක ඇතුළේ පරිසරයට තවත් තෙරපුමක් එකතු විය. එයින් යම් දෙයක් ගම්‍ය විය. කාටම හෝ මෙහි සැකය කැෆේ එක තුල තැබිය යුතුව ඇත.
“ ඔයාට මෙහෙ එහෙම ආගිය කිසිම කෙනෙක් ගැන සැකයක් ඇති වුණේ නැද්ද.. ටිකක් වෙනස්ම රුටින් එකක්..”
පවන් නිලධාරියා දෙස බැලුවේ තීරණාත්මක බැල්මකි.හේතුව සෞමි විසින් මේ වනවිටත්් ඔසදව ආරක්ෂා කරමින් සිටින බවත් ඔහු ට දැනෙමින් තිබීමය. ඒ ගැන සියුම් ඉරිසියාවකි. ඒ ඉරිසියාව හේතුවෙන්ම ඔහු එකවරම සිය ජංගම දුරකතනය අතට ගෙන වරක් එදෙස නිරික්ෂණය කළේය.
“ කෙනෙක් ගෙ වෙනස් රුටින් එකක් තිබුණා..” නිලධැරියා ඒ වචන වලින් ගිතැස්සිණි. මේ යුවතිය හිදින්නේ තුශ්නිම්භුතවය.ඇගෙන් ඇය හොදට දන්නා කාරණාවක් වුණත් ලිහිල් බසින් දැනගැනීම අසීරු බවක් දැනෙයි.
“ මොන වගෙද?”
“ මං ගාව සිසිටිවි ෆුටේජස් තියනවා..”
නිලධාරියා නළල රැළි කළේය. විචක්ෂණ ඇසින් පවන් දෙස බැලුවේය. සෞමි පවන් දෙස බලා ගෙනම සිටියාය. ඔහු ඇයටත් නොකියා ඔසඳ පිලිබඳව අවධානයෙන් සිට ඇත
“ මේ මනුස්සයා ගැන ඔයාට සැක හිතුණෙ ඇයි?”
“ මට හරියටම පොයින්ට් කරල එක හේතුවක් කියන්න අමාරුයි. ඒත් මට මිනිහගෙ අත්බුත ගතියක් පේනවා හැම වෙලාවෙම. මිනිහ හදාගන්න ට්රයි කරන අමුතු විදියෙ කන්ටැක්ස්. ඒ වගෙම මිනිහගෙ ඇතුලෙ තියන ගතිගුණ හරියටම මිනිහ හැසිරෙන විදියෙන් පෙනුනෙ නෑ..”
පවන් විසින් යැවු පින්තුර ලැබුණු බව අගවා නිලධාරියා ගේ දුරකතනය ඒ මොහොතේම දෙදරුම් කෑමක් සමඟ දිලිසුණි. ඔහු මැසෙජ් නොටිෆිකේෂන් එකත් සමග වට්සැප් ඉන්බොක්ස් එක විවෘත කළේ ඉතා සාමාන්‍ය ආකාරයෙන් වුවත්, තිරය එක මත දිස් වූ CCTV පින්තුර දුටු මොහොතේ ඔහුගේ බැල්ම වෙනස් විය. Café 66th තුළ කෙළවර මේසයක olive පැහැ ස්වෙටරයක් ඇඳගෙන laptop එකක් ඉදිරියේ හිඳගෙන සිටින තරුණයෙකි. කෝපි කෝප්පයක් ඔහු අසලය. හිස මදක් පහත් කරගෙන යතුරුපුවරුව මත වැඩ කරමින් සිටියද, රාමුව එක යොමුවී තිබුණේ හරියටම කැමරාව ඔහු වෙත සැක කටයුතු ආකාරයෙන් zoom කරගත් මොහොතකය.
“මේ මනුස්සයා…” නිලධාරියා හෙමින් කීවේ තිරයට සමීප වෙමිනි. සෞමි ද තිරය දෙස බැලුවාය. ඇගේ හිත මොහොතකට ගැස්සුණේ ඒ රුව ඇයට හොඳින් හුරු නිසාය. ඔසද. ඒත් ඒ පින්තුරයේ එකේ තිබූ පරිසරයේදී එක ඇය දන්නා ඔසදට වඩා වෙනස්ය. ඇයට ඇත්තෙන්ම ඔහුව පෙනුණේ අමුතුවටය. සිසිටිවි කැමරාවේ කෝණය, වෙලාව , ඔහු පමණක් හුදකලාවු රාමුව ඒ සියල්ල එක්ව ඔහු සාමාන්‍ය කෝපි ප්රේමියෙකු නොව සැකකටයුතු නිරීක්ෂණයන්ට ලක්වු කෙනෙකු ලෙස පෙන්වමින් තිබිණි. ඒත් ඉතින් ඇය හා හුරුබුහුටි ලෙස සිනාවෙමින් ටිකක් ගුප්ත වුවත් කතා බහ කරමින් සිටි ඔහු ඇයට සිහිවිය.
නිලධාරියා පින්තුරය මෙහෙයුම් කාර්යාලයටයැව් අතර තත්පර කිහිපයකින් පිළිතුරු දිස් විය.
MATCH POSSIBILITY: HIGH
නිලධාරියාගේ බැල්ම තවත් බැරෑරුම් විය. තැෆේ 66ත් ඇතුළත තවමත් කොෆි මැශින් එකේ හඬ ඇසෙයි. විශ්ව විද්‍යාල ළමයින් හිනාවෙමින් තමන්ට අදාළ අසයින්මන්ට් ගැන කතා කරති. ඒත් මේ කැෆේ එක තුළ සාමාන්‍ය පෙනුම යටින්, ගලා යන අදෘශ්‍යමාන නිරීක්ෂණය න් දැන් සම්පූර්ණයෙන්ම ඔසද වෙත හැරෙමින් තිබිණි.
පවන් සිසිටිවි ෆුටේජස් නිලධාරින්ට පෙන්වා දුන් මොහොතෙන් පසු,පරික්ෂණයේ දිශාව සෙමින් වෙනස් විය. ඒ දක්වා Café 66th,පබ්ලික් වයිෆයි නෙට්වර්ක් එක සහ එහි පැමිණෙන අහඹු මිනිසුන් වටා කැරකෙමින් තිබූ සැකය දැන් එකම රුවක් වෙත කේන්ද්‍ර වෙමින් තිබිණි. ඔලිව් පැහැ ස්වෙටරයක් ඇඳගෙන ලැප්ටොප් එක ඉදිරියේ නිහඬව හිඳගෙන සිටින ඔසදගේ එක් ඉරියව්වකින් නතර වූ රාමුව මෙහෙයුම් කාමරයේ නිලධාරින්ගේ පරිගණක තිර මත නැවත නැවත විවෘත විය. ඔහුගේ පැමිණීම්, හිඳගැනීමේ ආකාර ඔහු තෝරා ගන්නා මේසය ,සිසිටිවි කැමරාවේ වෙලාවන් සඳහන් වන ආකාරය, කැෆේ එක තුළ සිද්ධින් සිදුවන ආකාර— සියල්ල දැන් අලුතින් ගැළපෙමින් තිබිණි. සයිබර් ආපරාධ මෙහෙයුම් අංශයට අවශ්‍ය වූ අවධානය අවසානයේ ඔහු වෙත හැරී තිබුණේය.
එහෙත් මේ සියල්ල අතරින් සෞමිට දැනුණේ නිදහසක් නොවේ. ඇයගේ හිත ඇතුළේ ඇති වූයේ අපහසු, දරුණු නොතේරෙන හැඟීමකි. ඔසද වැරදි මිනිසෙකු විය හැකි බව ඇය පිළිගන්නට උත්සාහ කළත්, කෙනෙකු මේ විදියට පරිගණක තිර මත සැක සහිත විෂය වස්තුවක් බවට පත් වෙන ආකාරය ඇයට හිතට බරක් විය. ඇය ඉතා බොළඳ ලෙස හිත රිදුණු කෙනෙකු මෙන් දවස පුරා නිහඬව සිටියාය. පවන් නම් මේ සිදුවීම ප්‍රායෝගිකව බැලුවේය. ඔහුට අවශ්‍ය වූයේ කැෆේ එක සහ සෞමි ආරක්ෂා කිරීම පමණි. ඒත් සෞමිට දැනුණේ ඔහු ඔසදව නිලධාරින් අතට භාර දුන්නා වැනි හැඟීමකි. කවුන්ටරය පිසදමමින් සිටි ඇය පවන් සමඟ කතා කළේත් කෙටි වචන වලින්ය. ඇය රිදුණු විට කෝප නොපෙන්වා නිහඬ වන ගැහැණියකි. ඒ නිහඬ බව පවන්ට හොඳින්ම වැටහී තිබිණි.ඇගේ හිත රිදී ඇත. තරහකට වඩාමේ තියෙන්නේ පිටාර ගලන්නේ ඒ දුකය. නිහඩ බවය. .
********************************************
මේ අතර කාව්‍යාගේ හිත තුළත් කුතුහලයක් මතුවෙමින් තිබිණි. ඔලිව් කියන වචනය දැන් ඇයට සාමාන්‍ය සයිබර් කෝඩ් එකක් පමණක් නොවීය. ඔසඳ අසලින් එය මතුවෙන හැම මොහොතකම, කැෆේ 66ත් තුළ සිග්නේචර් කොෆී එකක් ලෙස එය ජීවත්වෙන හැටි ඇය දැනසිටියාය. . ඒ අතර සෞමි… මේ කිසිවක් නොදැන සරලව, නොසන්සුන් ලෝකයක් මැද සන්සුන්ව හිඳගෙන කෝපි කෝප්ප අතර සිනාසෙමින් සැරිසරන යුවතියක් ලෙස ඇයට පෙනුණි. කාව්‍යාගේ සිතට තම සීයාගේ ලියකියවිලි අතර සොයාගත් අතින් ලියු පැරණි කඩදාසියේ ඇති කෝපි වට්ටෝරුව ජීවමාන කරන්නට සෞමිට හැකිවීමේ විස්මයානුකුල සත්‍යය සොයා ගැනීමේ අදහස පහළ වී තිබිණි.
එදින දහවල් ඇය කාරය ඉතා සෙමෙන් කැෆේ 66ත් එක අසල පාර දිගේ ධාවනය කළාය. වැස්සෙන් තෙත් වූ ගස් කොළ අතරින් කැෆේ 66ත් පෙනුණේ නිහඬ, උණුසුම් තැනක් ලෙසය.ඒ දර්ශනයෙන් ඇගේ හිත නිවී ගියේය. අමුතු විදියේ නිහඩතාවක් තමන් තුළම ඇතිවිය. මේ තැන, එහි කෙසේ හෝ නිකම් සයිබර් කේතයක් ලෙස නොව, කෙනෙකු ගේ විස්මයාන්විත මතකයක් ලෙස, පුරුද්දක් ලෙස නොවේ නම් කැමති ම රසයක් ලෙස එහෙමත් නැත්නම් කවුරුන් විසින් හෝ ගැඹුරු රහසක් ඉතා පරෙස්සම් සහිතව සගවන්නට යොදාගත් ඉපැරැණි කතන්දරයක් ලෙස ඔලිව් සැගවී තිබෙන්නට පුලුවන.
ඇය අවසානයේ සිය තීරණය ගත්තාය. සෞමි හමුවිය යුතුය. කැෆේ 66ත් වෙත කෝපි බොනු පිණිස ඇතුළු වී, මේ OLIVE brew එක ඇත්තටම කුමක්දැයි තමන්ගේම දෑසින් දැනගත යුතුය. කෝපි වට්ටෝරුවක් ඇතුළේ මෙතරම් මායාකාර පැවතීමක් ටිකක් අස්වාභාවික බව ඇයට දැනුණි.
කුරුඳු, දොඩම් රස, බදින ලද කෝපි, ඔලිව්— මේ ද්‍රව්‍ය එකට මිශ්‍ර වු පසු දැනෙන්නේ රසයක් පමණක්ද? නැත්නම් කාලයක් පුරා සඟවාගෙන ආ sරහසක්ද? කාව්‍යාකවුලුව දෙස බලමින් තව මොහොතක් නිහඬව සිටියාය. ඇතුළත කවුන්ටරය පිටුපස සිටින සෞමි ඒ මොහොතේත් කිසිවක් නොදැන සිනාසෙමින් රසවත් කෝපි කෝප්පයක් කෝපි ප්‍රේමියෙකු වෙත දිගු කරමින් සිටියාය.
ඇය සෙමෙන් කෝපිහලට ඇතුල් වු පසුව
උණුසුම් ලා කහ පැහැති විදුලි එලි, ඒවායින් නැහැවෙමින් තිබෙන ලී මේස සහ පුටු සහ කවුන්ටරය අසල බිසිවෙමින් සිටින සෞමිගේ සිනිඳු රුවය ඇස ගැටිණි. ඒ දර්ශනය කාව්‍යාගේ හිත මොහොතකට අමුතු විදියට නිහඬ කළේය. මෙතැන කොහොමින් කොහොම හෝ ඇය මුහුදු කරයේ ඇගේ මහගෙදර පැරණි ලී අල්මාරියේ තිබී සොයාගත් ඔලිව් කෝපි ජීවත්වෙමින් තිබෙන බව ඇයට දැනුණි. එය තවදුරටත් සයිබර් අපරාධකරුවෙක් සඳහා වන කේත නාමයක් නොවේ. එය ආදරණීය මතකයකි. කාගේ හෝ පුරුදු වලින් එකකි. කුවරුන් හෝ කැමති ආස්වාදජනක රසයකි. ඒ කිසිවක් නොවේනම් කෙනෙකු ඉතා පරිස්සමින් සඟවා තැබූ පැරණි කතාවක් විදියටය.
දැන් වඩාත් කුතුහලය දනවන විධිහට ලියවෙනව
ReplyDelete