Thursday, October 30, 2025

මගේ පුනරුද කලාපය 01

 


මනුස්සයෙකුගෙ ජිවිතය සාමාන්‍ය තත්වෙකට පත් වෙනවා එක්තරා වෙලාවකදි. ඒ තැනට ළගා වෙන්න කලින් ඒ මනුස්සයා දහසකුත් ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දීලා කැඩිලා බිදිලා වැටිලා ක්ෂුද්‍ර ජිවියෙක් වෙලා එක එක මහා ජීවින්ගෙ පා වලට පෑගිලා සපත්තු අඩි වල එල්ලිලා ජිවිතේට නොහිතු මහාද්විපික තටාක වල ගිලිලා ආයෙ උනුසුම්රැ ලි වලට අහුවෙලා කොහේ හෝ වෙරළකට ගොඩ ගහලා, තියෙනවා වෙන්න පුලුවන්. ඒ හැමදේටමත් පස්සේ මං කලින් කියන්නට යෙදුණු ඒ සාමාන්‍ය තැනිතලා ජීවිතය මනුස්සයෙකුට උදා වෙනවා. 

කලින් ඒ මනුස්සයාට හැම වෙලාවකම පැවති ටෙන්ශන් ස්වරුපය අහිමි වෙනවා. ටිකින් ටික ඒ උච්චාවචනයන් අවම ජීවිත සෘතුව පහසු කලාපය බවට පත් වෙනවා. ඒ පහසු කලාපය ඇතුලෙ ජීවිතය ගෙවීගෙන යනවා. අලුතින් ප්‍රශ්නයක් හෝ අලුතින් අභියෝගයක් නැතිව. එදිනෙදා ප්‍රශ්න එදිනෙදා ගැටලු එදිනෙදා අභියෝග සාමාන්‍යකරණය වෙලා. 

මං ආදිත්‍යා. මං හිටියෙත් මෙන්න මේ සාමාන්‍යකරණය වුන පහසු කලාපය ඇතුළෙ. මගෙ ජීවිතය බැලු බැල්මට හොඳින් ගෙවෙමිනුයි තිබුණෙ. උදේට හීනි වත්සුණු තට්ටුවකින් වැසෙන කෙමෙන් වයසට යමින් තිබුණු සම ත් ඒ තරම් ලොකු අරියාදුවක් කරමින් තිබුණෙ නැහැ. ඒ වෙනකොටත් මං කිසි ගැටලුවකින් තොර ව අගල් තුනක් උල් අඩියක් සහිත සපත්තු දැම්මා. සතියකට දවස් තුනක් ජිම් එකකට ගිහින් සහ සලොන් එකකට ගිහින් ශරිරයට  උවමනා සත්කාරයන් නොකඩවා සිදු කරමින් හිටියා. 

දැන අදුනගෙන හිටි පුංචි වුන් අපුරු යව්වනියන් බවට පත්වෙලා බව දුටුවාම කාලය හරිම වේගයෙන් තිබු බව දැනුණා. ඒ වුනත් ඒ ගෙවී යන කාලය ගැන හෝ වෙන කිසිම දෙයක් ගැන වගේ වගක් නැතිව ගෙවී ගිය දවස් .. මං නිකමට කරපු එකම දේ පුංචි පුංචි කවි කුරුටු ගෑම විතරයි! 

මහිමයෙන් ආදරය උරාගත්
සිනහ කඳුලුත් අපිම දරාගමු 
කිසියම්ම දවසකදි දෙතැන හිඳ
එකම එක මොහොතකදි නික්ම යමු

ඒ කවි වුණත් මහ බරසාර හේතු ප්‍රත්‍යයන් සහිත කවි නෙමෙයි. මට හිතෙන්නෙ ඒවා මල්මයයි. මං හිතින් සෑහෙන්න ඇවිදපු මනුස්සයෙක්. විටෙක මගේ පියවර චිත්‍රපටයක දුටුව යුරෝපයේ කදු පන්ති අතර සැරි සරමින් සිටියා. තව වතාවක මම කල්දියාහි මුහුදු වෙරළත ඇවිද ගියා. ඇල්ල පෙදෙසේ පිනි සහිත රාත්‍රින් වල සංචාරකයන් නොඑන කාලයක හුදකලා රෙස්ටොරන්ට් එකක නතර වුණා. 

එක් අපැහැදිලි ඡායාවක් කොහේ හෝ තිබුණා. මගේ ජීවිතය කොතරම් සාමාන්‍ය වුනත් මගෙ හදවතේ තිබුණු හිස් කුහරය තුලින් වරින් වර හිස ඔසවමින් ඒ ඡායාව වරින් වර පෙනුණා. නොපෙනුණා. 

ජීවිතයේ අතිශයින්ම පහසු කලාපය තුලදීත් මිනිස්සුන්ට උවමනා වෙනවා වෙනසක්. ඒක හරියටම උනුන් ඇතුළතින් නැගෙන නුහුරු හඩකින් තමා තුලින්ම පුනරුදයක් උවමනාය කියනා මහ පුදුම දෝංකාරයක්. 




Friday, October 24, 2025

රුහුණු රාජධානිය හැඩ කරන රන්මිහිතැන්න නම් සුරතලිය

2025 ජුලි මස 20 වන දින කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ඩිප්ලෝමාව හදාරන 2024 කණ්ඩායම සිය ක්ෂේත්‍ර චාරිකාව යොදා ගෙන තිබුණේ රන් මිහිතැන්න ටෙලි සිනවා ගම්මානය නැරඹීමටයි. එහිදී දක්නට ලැබුණු දර්ශන සහ එහි සැරි සැරීමෙන් ලද ප්‍රායෝගික අත්දැකීම් සමග මෙහිදී මා ඒ පිළිබඳ වැදගත් කරුණුඉතිහාසයරටට වන සේවයසිනෙමාවට ලැබෙන වාසි සහ රටක් වශයෙන් එය අපට ඇති වැදගත්කම පිලිබඳ කාරණා ගොනු කර තිබෙනවා.


තිස්ස මහාරාමය යනු ශ්‍රි ලංකාවේ දකුණු පළාතේ හම්පිබන්හිතොට පරිපාලන දිස්ත්‍රික්කයේ  පිහිටා ඇති ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසෙහිදී පැවති සිංහල රාජධානියක් ලෙස සැලකෙන රුහුණු රාධානියේ අග නගරය ලෙස සැලකු නගරයයි. එකල ගොඩ නැගු පැරණි ඉදිකිරිම් ඒවායේ සුවිශේෂවු නටබුන් අදටද ඉතිරිව ඇති තිස්සමහාරාමයේ විශේෂ දේශගුණ තත්වයන් සැලකිල්ලට ගනිමින් එයට පසුකාලීනව වටිනා අගයන් එකතු වෙනු දක්නට ලැබුණා. 



එසේ 2010 වර්රශයේදී ඉදිකිරිමට යෙදුණු රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය (Ranminithenna Tele Cinema Village) ශ්‍රී ලංකාවේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිර්මාණ සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද රූපවාහිනි හා සිනමා නිෂ්පාදන මධ්‍යස්ථානයක් . එය රටේ චිත්‍රපට කර්මාන්තයට අලුත් ජීවයක් ලබා දීමේ අරමුණින් පිහිටුවා ඇතැයි සඳහන් වෙනවා. 



එමෙන්ම රන් මිහිතැන්නේ ඉතිහාසය සලකා බලන විට 2010 වර්ෂයේ එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙය නිර්මාණය කිරීමට මුලිකවී තිබෙනවා. .මෙම ගම්මානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ දේශීය චිත්‍රපට හා රූපවාහිනි කර්මාන්තය ශක්තිමත් කිරීම සහ විදේශීය නිෂ්පාදන සඳහාත් සුදුසු තාක්ෂණික මධ්‍යස්ථානයක් සැපයීමයි. 

රන්මිහිතැන්න මේ කාර්යයහි ලා උපයෝගී කරගැනීමට අවශ්‍ය විවිධ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කථාබිම් සඳහා නිර්මාණය කළ ගම්මානනගරපාරිසරික රූපණ මෙහි ඉතා අපුරුව ලෙස යොදා ගෙන තිබෙන ආකාරය එය නරඹන්නෙකුට දැකිය හැකි වනවා. 

මෙහි දැකිය හැකි ශ්‍රි ලංකාවේ පිටිසරබද ජීවිතයේ සළකුණු සහිත ගම්මානය මේ අපුරු ටෙලි සිනෙමා ගම්මානයේ එක් සළකුණක්. ගැමි පරිසරය තුල මුදලාලි නම් නිරන්තරයෙන් දැකිය හැකි එකක් ලෙස සැලකෙනවා. ගම්බද සංස්කෘතිය තුල මුදලාලි හෝ මුදලාලි හාමිනේ සිල්ලර බඩු ගැමියන්ට ණයට මෙන්ම අත්පිට මුදලට ගනුදෙණු කරක වානිජමය සංකල්පය ලබා දෙනවා. ඒ වෙනුවෙන් පලු ගහ යට කඩේ නිර්මාණය කර තිබෙනවා. 









ගම්මානයක කුඹුර සහ පැළ සංකේතාමකව විදහා දක්වනුයේ ශ්‍රි ලංකාව සතුව පැවති කෘශිකර්මය පදනම් කරගත් අර්ථිකයයි. බැලු බැල්මට නිසි නඩත්තු ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන්නේදැයි සංකාවක් ඇති වන තරමට මෙහි පැල දිරාපත්වී ඇති ආකාරය දැකිය හැකි වුණා. 





ඉංග්‍රිසි, හින්දි ආදී විදේශ චිත්‍රපට වලට අදාල ආකෘතීන් මේ ආකාරයෙන් රන්මිහිතැන්න මධ්‍යයේ රුගත කර ඇති අතර ඉන් 2015 වර්ශයෙදි තිරගත වු බොම්බෙ වෙල්වට් චිත්‍රපයට වෙනුවෙන් තැනු දර්ශන තල වල නටබුන් තවම එහි දැකිය හැකියි. 




මෙහි විවිධාකාර හැඩතලයන් , විවිධාකාර ආකෘති නිර්මාණය කිරිමට උත්සාහ කර ඇති ආකාරයත් දර්ශනය වනවා 









මෙහිදී රුගත කිරිම්  සදහා භාවිතා කළ හැකි විශාල පහසුකම් සහිත චිත්‍රාගාරයක්ද මෙහි ක්‍රියාත්මක වෙනවා. තාක්ෂණික උපකරණශබ්ද මධ්‍යස්ථානකැමරා භාවිතා කිරීමේ පහසුකම්, මෙහිදි ලබා ගත හැකියි. 




රන්මිහිතැන්න ටෙලිසිනමා ගම්මානය තුලින් සිනෙමාවට දක්වන දායකත්වය සලකා බැලිමේදී 
  • රන්මිහිතැන්නෙන් දේශීය රූපවාහිනි හා සිනමා නිෂ්පාදනවල වියදම අඩු කරයි.
  • දේශීය තාක්ෂණවේදීන්ට, කැමරා ක්‍රියාකරුවන්ට, නිර්මාපකයන්ට සහ රංගන ශිල්පීන්ට රැකියා ) දියුණු කරයි විදේශීය කණ්ඩායම් මෙහිදී චිත්‍රපට රූපගත කිරීමෙන් රටට විදේශ විනිමය ආදායමක් ගෙනෙයි.
  • දේශීය සංස්කෘතිය හා ස්ථාපත්‍ය රටාවන් විදෙස් රටවලට පෙන්වන්නට හැකියාව සලසයි.

මේ රුහුණු රට සරසන රන්මිහිතැන්න සුරතලිය නිසා 🎬 සිනෙමාවට ලැබෙන වාසි ගැන සලකා බැලුවොත් 

  • නිෂ්පාදකයන්ට සහ නළුවන්ට එකම ස්ථානයකින් සියලුම රූපගත කිරීමේ පහසුකම්.
  • විශාල වියදමකින් තොරව තත්‍යමය ගම්මාන, නගර හා ඉතිහාසික පසුබිම් ලබා ගත හැකිය.
  • නව තාක්ෂණික උපකරණ භාවිතයෙන් නිෂ්පාදන ගුණාත්මකභාවය වැඩි කරයි.
  • අලුත් නව පරපුරක නිර්මාණකරුවන්ට පුහුණුවක් හා අත්දැකීම් ලැබෙන ස්ථානයක් ලෙස සැලකිය හැකියි. 


ජන සන්නිවේදනය හදාරන සිනෙමා රසිකයින් හැටියට රන්මිහිතැන්න සංචාරය තුලින් අපට චිත්‍රපට කර්මාන්තය කොතරම් සංකීර්ණද, එහි කොතරම් විශාල ක්‍රියාන්විතයක් සිදුවනවාද යන්න ප්‍රායෝගිකව දැක බලා ගන්නට ලැබීමෙන් අප ලද ආස්වාදය මෙන්ම දැනුමද වැඩි වුණා. 




Thursday, October 23, 2025

Sheik Zayed Grand Mosque - අබුඩාබි හි සදාතනික පුදබිම




 අබුඩාබියෙහි ස්වර්ණමය හිරු රශ්මි විසින් මුලින්ම සිප ගන්නා මේ ශ්වේත වර්ණයන්ගෙන්  සමන්විත මේ පුදබිම ශේක් සයිඩ් මහ පල්ලිය යි. ලොව පවතින ඉස්ලාම් පල්ලි අතරින් විශාලත්වයෙන් දෙවන තැනට පත් වී ඇති ශේක් සයිඩ් පුදබිම අබුඩාවි වෙත පිවිසෙන සංචාරකයින් ගේ අනිවාර්ය නැරඹුම් ස්ථානයක් බවට පත් වී තිබෙනවා. විසල් අබුඩාබි ආකාසයට අනන්තයක ආශිර්වාද එක් කරන මේ මහ පල්ලිය තුල සිය ආගමික වතාවත් වල යෙදෙන ඉස්ලාම් භක්තිකයන්ගේ භක්තිමත් රාවයන් වරින් වර හාත්පස සිසාරා රැව් පිළිරුව් දෙනු ඇසෙනවා. 



අබුඩාබි ජීවත් වන කාලයේ එකතු කරගත් මතක අතරින් වඩාත් සුන්දර චාරිකාවක් ලෙස මගේ මතකයට නැගෙන්නේ ශෙයික් සයිඩ් පුදබිම නැරඹිමේ අවස්ථාවයි. ශෙයික් සයිඩ් පුදබිමට ඇතුල් වන කාන්තාවන්ට හිස්වැසුම් සහ අත්වැසුම් භාවිතා කරන්නට සිදුවීම අනිවාර්ය වෙනවා. පිරිමින්ට දිගු කලිසම් ඇඳිම අනිවාර්යයි. පුදබිමෙහි වන්දනා සිදුවන වෙලාවන්හිදී සංචාරයන් සිදු කිරීම ට අවස්ථාවක් නොලැබෙන අතර අනික් අවස්ථාවලදී හැම විටම නරඹන්නන්ට පුදබිම නැරඹිමේ අවස්ථාව ලැබෙනවා. 



බටහිර ආසියානු කලාපයේ පිහිටන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිර්මාතෘවරයා වන ෂෙයික් සයීඩ් බින් සුල්තාන් අල් නහියන්ගේ සිහිනය වූයේ සියලු මිනිසුන් අතර ඉවසීම සහ අවබෝධය ප්‍රවර්ධනය කරමින් ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පයේ ආත්මය මූර්තිමත් කරන අභයභූමියක් නිර්මාණය කිරීමයි. ඔහු විසින් ශෙයික් සයීඩ් පල්ලියේ සැලසුමේ බොහෝ අංග පෞද්ගලිකව අධීක්ෂණය කළ අතර, එය වන්දනා ස්ථානයක් ලෙස පමණක් නොව සංස්කෘතික හුවමාරුවේ සහ සාමකාමී සහජීවනයේ ආලෝකයක් ලෙසද ප්‍රකාශයට පත් කෙරුණා. 2004 දී ඔහුගේ අභාවයෙන් පසු, ෂෙයික් සයීඩ් පල්ලියේ භූමියේ තැන්පත් කරන ලද අතර, ඔහුගේ උරුමය මෙම විශ්මය ජනක පුද බිමට සදහටම සම්බන්ද කරනු ලැබුවා. 





ඉස්ලාම් ආගමිකයන් ගේ මුදුන් මල් කඩ වන මක්කමෙහි ඇති මස්ජිද් අල් හරාම් දේවස්ථානයට පමණක් දෙවෙනි වන ඉස්ලාමීය ආගමික වටිනාකම මෙන්ම ඔවුන්ට ආවේණික ගෘහ නිර්මාණ ශිල්පයෙහි කලාත්මක වටිනාකම සහ සංස්කෘතික අගයන්ගේ සම්භාව්‍ය එකතුවක් ලෙස හැඳීන්විය හැකි ශෙයික් සයිිිඩ් දේවස්ථානය වර්ග අඩි 550,000කින් සමන්විත වනවා. මෙහි ගොඩනැගිලි පරිශ්‍රය එහි වාහන අංගන සහ පිටත භු අලංකරණ කොටස් වලින් තොරව අක්කර 30කින් යුක්ත වෙන අතර එක් වරකට වන්දනාකරුවන් 40,000කට පමණ එක් වර වන්දනා කළ හැකි වනවා. 





ශෙයික් සයිඩ් පල්ලිය නිර්මාණය කිරිම යනු ලොව පුරා සිටින ශිල්පීන්ගේ සහ ශිල්පීන්ගේ කුසලතා උපයෝගී කරගත් සහයෝගී උත්සාහයක් ලෙසයි සලකනු ලබන්නේ. පර්සියානු , මෝගල් , සහ මුරිශ් ගෘහ නිර්මාණ ශිල්පයේ අංග ඇතුළත් කර ඇති මෙම පල්ලියේ සැලසුම සඳහා සේවකයින් 3000 කට අධික සංඛ්‍යාවක සහ කොන්ත්‍රාත් සමාගම් 38ක විශේෂඥතාව අවශ්‍යවු බව පැවසෙනවා. මැසිඩෝනියාවෙන් ලබාගත් කිරිගරුඬ වල සිට ජර්මනියෙන් මිලියන ගණනක් ස්වරොව්ස්කි ස්ඵටික වලින් සරසා ඇති පහන් කුඩු දක්වා යොදා ගත් විශිෂ්ට නිමැවුම් වලින් මෙහි විවිධත්වය පිලිබිඹු වෙනවා. අවසාන ප්‍රතිඵලය ලෙස ඉස්ලාමිය ලෝකයේ ඒකමුතුකම සහ විවිධත්වය යන දෙකම සැමරිය හැකි විශිෂ්ට කෘතියක් ලෝකයට ලැබී තිබෙනවා. 





අප ශෙයික් සයිඩ් මහා පල්ලියෙන් නික්මෙන විට අබුඩාබි ආකාසය කෙමෙන් සඳ විසින් අත්පත් කරගනිමිනුයි පැවතියේ. ඇත්තෙන්ම ඒ් අන්ධකාරය සමග මුහු වෙමින් තිබුණු සුදු පැහැති ඉස්ලාමිය ගෘහ නිර්මාණ ආකෘති හා බැඳුණු විසල් ශ්වේත නිමැවුම ඈතින් දිස්වෙමින් තිබුණා වසර ගණනක දහස් ගණනක වන්දනාකරුවන්ගේ පාද ස්පර්ශය මෙන්ම ඔවුන්ගේ යාඥාවන්හි බල මහිමය විශ්වය පුරාවට විහිදුවා ලමින්. 


වැඩිදුර විස්තර ලබා ගැනීම සදහා පහත සබැඳිය භාවිතා කළ හැකියි.                    


source:%20Sheikh%20Zayed%20Grand%20Mosque
https://share.google/9oCJBMbYwn8aqD7FF

මගේ පුනරුද කලාපය 06

  ටික වෙලාවකින් අමයුරු බලාපොරොත්තු බිඳිලා ගිය බැල්මකින් සුක්කානම තට්ටු කළේ ඉතා දිගු වාහන පෝලිමක බලා සිටිමේ අපහසුතාවය හොඳටම දැනිලා වෙන්න ඇති....