Tuesday, November 29, 2022

XII වෙනි තට්ටුවේ සිට ලියමි

 

XII වෙනි තට්ටුවේ සිට ලියමි

 


ආදරණීය චාලි......


අපි වැඩියෙන්ම මතක එකතු කළ තැන මුහුදු වෙරළ. අපි හවස් වරුවල ළගින් හිඳගෙන මිමිණු වචන තාමත් මල්පෙති වගේ හිතේ තැන් තැන් වල පිපෙනවා.  මේ දවස් වල තමයි එයා ව ඔයාට ලස්සනටම පේනවා ඇත්තෙ. එයා එයාගෙ ලස්සනම වර්ශන් එක ඔයාට පෙන්නනවා ඇත්තෙ. ආදරයේ මිණිමුතු ඔයාගෙ ඇහිදාර වටෙ අලවනවා ඇත්තෙ. මං තනිවමද මං හොඳින්ද කියා වත් අහන්නට බැරි තරම් දැවැන්ත හීන කන්දක් ඔයා මත්තෙ ගොඩ ගහල ඇති. ඒ හීන කන්ද යට ඔයා චප්ප චිරිප්ප වෙලා ඇති. ඔය ගෑනු හරි දස්සයි පිරිමින්ගෙ ඇහි පිහාටු වල ආදරේ ලාටු තවරන්න. එතකොට ඒවායින් ඇහි පිහාටු ඇලිලා සියල්ල නොපෙනි යනවා. 

ජීවිතේ නිසොල්මන් නෑ ළමයෝ. හැම වෙලාවෙම වේදනාවේ මරණිය කම්පිත සද්ද මට ඇහෙනවා. විස්මිත දරාගැනීමේ කෙළවරකදීත් මට ෆෝන් එකේ තිරයේ ඇදෙන ඔයාගෙත් එයාගෙත් අලුත් සින්දු විඩියෝවක රුප චායා පෙනෙනවා! ඒ හැම වෙලාවකම වෙනදා නොතිබුණු මොකක්දෝ වෙනසක් කම්පාවක් පසුතැවිල්ලක් ඔය නෙලුම්පෙති ඇස් වල රැඳෙනවා. ඇත්තමයි මට ෆෝන් එක පොළවෙ ගහන්නම හිතෙනවා! 

" මිනිස්සු ලස්සන සැමරුම් විතරයි.. පොරොන්දු කියන්නෙ කතන්දර .. උඹ විශ්වාස කළත් නොකළත් ඌ සතුටින් ඉන්නවා බං.. ගමන් සගයෙක් එක්ක උගෙ ගමන උඹ යනවා.  බලපං උගෙ අචීව්මන්ට්ස් දිහා. උඹට ඕන වුනෙ ඌ උගෙ හීන හැබෑ කරගන්න නම්, ඒ ගමනෙදි උඹ ම ඌ ගාව ඉන්නොන කියලා උඹ හිතන්නෙ ඇයි? උඹ ආස උගෙ ඩෙස්ටිනේශන් එකට යන්න ඉඩ දීලා හිත හදා ගනිං. උගෙ ගාව ඉන්න ඉඩක් නැතත්, ඌ ගාව වෙන කෙනෙක් හිටියත් මොකද.. ඌ නෙ ඒ අවසානය අත්පත් කරගෙන ඉන්නෙ! උඹ ආදරේ කරපු කෙනානෙ" 

රයිලි කියා හිටිනවා.. 

" චලනට කිසිම කිසි දෙයක් නැති කාලෙ උඹ උඹවම කැප කරලා එයාට හයියක් වුනා. ජීවිතේ පෙව්වා.. දැන් එයා හයියට හිට ගනිද්දී උඹ තවදුරටත් නැති වුනාම මොකෝ. තාම එයාගෙ ලේ නහර වල උඹ පොවපු ජිවිතේ දුවනවා. ආදරේ වෙන කෙනෙක් පිරෙව්වත් , ජීවිතේ පුරවපු කෙල්ලව කොහාමද අමතක වෙන්නෙ?" 

හා කියද්දී එයා ඇහුවම, මතක් වුයෙම නැද්ද මා ගැන? 


මිදුම්



Thursday, November 17, 2022

Daffodil Terrace 15

 #DT



Daffodil Terrace 

1 5 


මලියෝනා ගේ හැසිරිමෙන් වලින් මා සිත් ගත්තේ ඇගේ ඇදුම් ය. ඒවා වර්ණවත්ය. ඒ මෙන්ම ඇය වෙතින් හමන්නේ අමුතුම සුවඳකි.හුරුපුරුදු එකකි. රිය ගෙවත්තේ රිය නැවැත්විය යුතු තැනින් නවත්වා ලු ඇය මට ඉන් බහින්නැයි කීවාය. ඒ මන්දිරයකි. ඇහැට අහුවෙන උපරිමලසීමාවේ හිද බලද්දී එය අද්විතිය නිර්මාණයකැයි සිතෙන්නේය. 


"මේක හදල තියෙන්නෙ කොයි කාලෙද මිස් මල්යෝනා"

" ඉංග්‍රිසින්ගෙ කාලෙ.."

"ඒකයි මේ තරම්ලලස්සන නේද"

"මේන්ටේනනස් එහෙම හරි කොස්ට්ලි… "


මලියෝනා සේවිකාවකට ඇමතුවාය. 


"නුර්.." ඇගේ නම නුර්ය. පෙනුමෙන් පැහැදිලි ය. උසය. කඩිසර බවක් පෙනෙයි. 


"නුර්.. මේ නෝනට විසිටර්ස් රුම් එක පෙන්නන්න"


නුර් ගේ ඇස් විදුලි වේගයෙන් ඒඩ්න් ඩදසට හැරවෙනු ද පෙනිණි. එහෙත් ඒඩ්න් හිටියේ ඒ ගැන තැකීමකින් නොවේ. අඩුම ගණනේ ඔහු මා මේ ආගන්තුක අමුත්තිය ඔහුගේ මන්දිරය නරඹන්න ආවා කියා සතුටු වු බවක් හෝ ානාපෙනිණි.


"හේයි.." මම ඒඩ්න්ට කතා කරන්නට සිතුවෙමි. 

"ම්ම්ම්" ඔහු මොනවා වුනත් ලස්සන තැන්පත් මෙන්ම ස්කිර කටහඩින් කතා කළේය. ඒ අතර ඔහුගේ අයිපෑඩ් එකේ කුමක්දෝ පිරික්සුවේය. 

"මං ඔයාගෙ ගෙදර මේ ඉන්නෙ.."

"ඉතින්?"

"ඉතින් ඔයා මට කතා කරන්නැද්ද?"

"මං මොකටද කතා කරන්නෙ? ඔයාට ඉන්නෙ ඇවිදින්න කන්න බොන්න යාළුවෙක්.."

"එහෙම කියන්නෙපා අප්ප.. මොනා වුනත් අපි එකට එක සිගරට් එක බීගෙන හිටියනෙ එක දවසක් හරි.."

"සෝ?"

" බී මයි කොම්රේඩ්"

ඒඩ්න් ට සිනා නැගිනි. ආසියානු කෝපි බෝල ඇස් දෙක උස්සා හෙතෙම මදෙස බැලුවේය. 

" ඔයා දන්නවද මං අද කලම්බු යනව කියල"

" ඔයාගෙ නැන්ද නං කිව්ව.."

"හ්ම්..”

“විශේෂ හේතුවක්ද?"

"බිස්නස් වැඩ කීපයක් තියෙනව.."

"ගුඩ් ලක්"

"අර මොකටද? "

"ඇයි වැඩ වගයක් කිව්වෙ?"

"යං .. මං ඔයාට ගේ පෙන්නන්නම්"


නුර් මා එනතුරු බලා සිටියද, ඒඩ්න් ඇයව හරවා යවා මා සමග ඩැෆඩිල් ටෙරස් ඇතුළට පා තිබුවේය. ඩැෆඩිල් ටෙරස්! මා මේ ඩැෆඩිල් ටෙරස් වෙත ඇතුල් වෙන පළමු වතාවය. පළමු පියවර තියද්දීම එහි පවතින ගුප්ත අපුරුවත්වය මගේ සිත චංචල කළේය. 


"මේ. ෆ්ලෝ එකේ සාමාන්‍යයෙන් විසිටර්ස්ලා වෙනුවෙන් කරන පිලිගැනිම් පාටිස් අනම් මනම් තමයි ඇරේනිඩතජි වෙලා තිබුණේ. මේක අවුරුදු ගානක් පරණයිනෙ. ඉංග්‍රීසි අධිරාජ්‍ය තියෙන කාලේ මෙහේ හැ වීක් එන්ඩ් එකේදී එක එක මීටින්සා පාටිස් එහෙම තිබිලා තියෙනවා.."


"ඒ කියන්නේ ඔයාගෙ පරම්පරාව ඓතිහාසික යි… "

"ඒක නම් දන්නෙ ඉතිහාසෙම තමයි.. යංකො සෙකන්ඩ් ෆ්ලෝ එකට.. "

"ඒකෙද විසිටර්ස් රුම් එක තියෙන්නෙ"

"මලියෝනා කිව්වෙ ඔයාට… විසිටර්ස් රුම් යන්න කියලද?"

"ඔව් ඇයි?"

"ඒකට නම් මං කැමති නෑ.."

"ඇයි?"

"ජස්ට්.. බට් අයි විල් ටෝක් ටු මලි.. "


මොනවා වුනත් ඒඩ්න් කියන දේවලින් ඔහු මා ගැන අපමණ සැලකිල්ලකින් පසුවෙන බව මට දැනෙයි. 


" අපි යංකො උඩට.."

" මේක ඇත්තටම ෆ්ලෝස් කීයක්ද?"

"තුනයි අනේ.."

"ඒ වුනාට ඇතුළෙන් මහා ගොඩක් ලොකුයි.."

"පොඩ්ඩක් පෙනුමට හදලා තියෙනව"


ඒඩ්න් දෙවන මහලේ කාමර කොරිඩෝ සදලුතල විවෘත අවකාශ ටීවී ලොබි ආදිය ටපන්වුවේය.


"විසිටර්ස් රුම් තියෙන්නෙ උඩ.. ඒක ඔයාට කරදරයක් .. මේ ෆ්ලෝ එකේ තියනව.. ඩැෆඩිල්ස් කියලා රුම් එකක්.. ඔයාට මැච් වෙන්නෙ ඒක..දැනට ඒක කොහොමත් වහලයි තියෙන්නේ..මං මලියෝනාට කතා කරන්නම්"


ඩැෆඩිල්ස් කාමරයේ යතුර තිබුණේ මලියෝනා ගේ අතේය.  ඕ අප වෙත පැමිණ ඇගෙි අතින්ම කාමරයේ දොර විවර ක දුන්නාය. ඒඩ්න් කිමරයේ හාත්පස බැළුවේ සුසුමක් අත් අරිමිනි. කාමරය ලගදිද පිරිසිදු කර ඇති බව පෙනිනි. මනාව නඩත්තු තරමින් තියෙන බැව් පැහැදිලි ය.මකුලු දැලක් හෝ නොමැත.


" අර නුර් කියන්නේ මේඩ්ද ඒඩ්න්?"

"එයා තමයි හවුස් කීපින් හෙඩ්.. මෙහෙ මල් වල වැඩ කරන අයත් ඉන්නවා නෙ... "

"ඒ කියන්නේ මෙහෙ ගෙදර වැඩ කියලා දෙයක් නෑ"

"ඕ .. මේ වගෙ ස්ටාෆ් එකක් තියෙන කොල්ලෙක් හොයාගෙන බැඳ ගන්නවා නම් ඕනම ගර්ල් කෙනෙක්ට පුලුවන් ඩිශ්වොශින් කියනෙක ජීවිත කාලෙටම නොකර ඉන්න"

ඒඩ්න් කීවේ සිනාවෙමිනි.


"ඔයා නං ගෙදර වැඩ කරන්නෙම නැහැනෙ.."

" මගෙම ගෙදරක කරයි ඉතින්"

"මොකද කියන්නේ මලිත් ඉන්නවා නෙ.. පොඩී ශොට් එකක් අරන් ඩිනර් එක අරන්ම යං"

"හා … "


ඒඩ්න් ඩැෆඩිල් කාමරයේ කවුලුව හැර දැමුවේය. කදු මුදුනකට මුහුනලැ ජනේලයෙන් සුලං රැලි වඩාත් ගණව හමා ආවේය. තැනින් තැනලඑල්ලි සිටි වින්ඩ්චයිමර්ස් සෙලවුනේ තමන් මෙහෙි සිටිනවාය කියා මට දැනුම් දෙන්නට වාගේය. 


එ සුලගම වැදී ද මන්දා විදුරු වලින් තනන ලද කුඩා කාමරලසැරසිල්ලකින් සංගිතයක් නිකුත් විය. ඒ විදුරුව ඇතුලත අශ්ව කරත්තයකි. එහි බෝනිකි යුවලකි. බැලු බැල්මට අශ්ව කරත්තය මත මනමාල යුවලකි.එය වටා ඇති කුඩා රිදි වැට කැරකෙමින් සෙලවෙමින් තිබේ. 


" ඒ ඒක හරිම ලස්සනයි.. මං ඒ වගෙ එකක් කලින් දැකලම නෑ.."

"පැරණි දේවල්"

"එහෙම නම්, වටිනවා ඇති""

"පැරණි හුගක් දේවල් වල වටිනාකම මනින්න බෑ.. ඒ වගේමයි ඒවා මතකයන් විදියට  හහැමදාම පවතිනව"

Daffodil Terrace 16

 #DT



16


ඒඩ්න් මදෙස උවමනාවෙන් බැළුවේය. ඇස් කුඩා කරගෙන මා අසලටම ආවේය. දකුණත දිගු කළේය. ඒ මගේ ගෙළ අසලටමය. මම පියවරක් පසුපසට වුයෙමි. ඔහුද තව පියවරක් ඉදිරියට තැබීය. 

"ඒඩ්න්.   න්න්න්…" මම කලබලයෙන් කීවෙමි.. 

"පෙන්නන්න පොඩ්ඩක්  . "

"මො..මොකක්..ද"

"ඒ…ක.. ඒ මාලෙ.."

මම මගේ අතින් ඒ මාලයේ පෙන්ඩන්ට් එක අල්ලා දිගු කළෙමි. ඒඩ්න් එය ඇගිලි වලින් අල්ලා ගත්තේය. කිහිප වරක් කරකැවුවේය. පරික්ෂා කළේය. ඔහුගේ වැළමිට යන්තමට වගේ මගේ ළමැදේ තැවරෙනු තත්පරයකට දැනුණි. මා ගැස්සී මෙන් ආපස්සට ආවේ එබැවිනි.ඒඩ්න් එය ගණනකට ගත් වගක් නොපෙනිණ. 


"මේ.. මේක කොහෙන්ද

ඔයාට?"

"ඇයි ?"

" කියන්නකො?"

"ෆැමිලි හෙයලුම්ස්.."

"සීරියස්ලි?"

"ඕ..තාත්තිගෙන්"


ඒඩ්න් කැළඹුණේය. මදෙස බැළුවේ සැක සහිතවය. වඩාත් විපරමිනි. 


"ඇයි? එකපාර වෙනස් වුනානෙ ඔයා. "

" නැ.. ජස්ට්..ඒක නෙමෙයි.. ඔයාගෙ තාත්ති ඔයාට මේ "දේවදාර උයන" කියන ගම ගැන මෙහෙ එන්න කලින් කියලා තිබුණද තීනු?"

" නැහැැ ඒඩ්න්.. "

"හ්ම්ම්ම්ම්.. යංකො අපි මොනාහරි බීල ඉමු"

 අපේ ඒ කියන්නේ ඒඩ්න්ට මට සහ මලියෝනාට රාත්‍රි භෝජනය සකස්වෙමින් තිබුණේ බිම් මහලේ එළිමහන් අවකාශයේ තියා තිබු කෑම මේසය මතය. මලියෝනා ප්‍රීතිමත්ව සිටියායැයි මට සිතිණි.  ඕ වයින් වීදුරු කිහිපයක් ම හිස් කිරීමෙන් ඉක්බිති ටිකක් වැඩියෙන් දොඩමලු වුවාය. 


"තීනු.. මං මේ තීනුට ඇත්තටම යි කියන්නේ .. ඔයා හරිම ලස්සන අපුරු කෙල්ලෙක්.. කවදාවත් කසාද නම් බදින්න එපා.. ඔයාට ඕන නම් ඔයාට පුලුවන් හැන්ඩ්සම් අපුරු බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ව හොයා ගන්න.. මං නම් හිතන්නෙ නෑ ඔයා වගෙ හුරතල් කෙල්ලෙකුට අකමැති වෙන්න හුස්ම වැටෙන හැගීම් තියෙන කොල්ලෙකුට පුලුවන් වෙයි කියලා"


ඒඩ්න් සිනාසෙමින් මදෙස බලා සිටියේය. ඔහු සිටියේ රවුම් කරැති ටී ශර්ට් එකක් හැදගෙනය. ඈතින් සද එලිය ගලාඑයි. කදුමුදුන පහලින් පෙනෙන මිටියාවත්වල වල සානු වල වැදෙයි. නානාප්‍රකාර ගසින් ගසට රහස් මුමුණයි. අවසානයේ කදු හදන්නට ජීවිතය දුන් පාශාණ පවා සොයාගෙන පස් බුරුල් වු තැන් වලින් කා වැදෙයි. මලියෝනා තනිව සිය නිදන කාමරයට යාගත නොහී, නුර් ගේ උදව් පැතුවාය. ඒඩ්න් මොන හේතුවකට හෝ නුර් දෙස නොබලා ඉන්න පරෙස්සම් වු වග පෙනුණි. එහෙත් ඇයද අපුරු පෙනුමකින් යුක්ත මනුස්ස දුහිතෘවකැයි මටද නොදැනුණා නොවේ. 


"මලියෝනායි මමයි බොන්නෙ නෑ ලේසියකට.."

"එයා බිව්වම ටිකක් සීරියස් වෙනවා වගේ"

"ම්ම්ම්.. හැගීම්බර වෙනවා කියන්නේ … අන්න ඒක එයාට වෙන්නෙ.."

"ඔයා දන්නවා ද එයා කසාද නොබැන්ද හේතුව.."

"මං හිතන්නේ එයා කවුරු හරි පිරිමියෙකුට ටෘ ලව් එකක් කළා"

"ඉතින්?"

"පහැප්ස්.. මං මේ කියන දේවල් මට හිතෙන දේවල් .. ඒ නිසා පහැප්ස් කියලා පටන් ගන්නෙක හොදයි..  එයා ආදරේ කළ කෙනාට සිද්ධ වුනා එයාව අමතක කරන්න.. අමතක නොකළත් , එයාට බැරි වෙන්න ඇති මෙයා එක්ක දිගටම ජීවත් වෙන්න.. එහෙම වුනාම මිනිස්සුන්ට කැප කිරිම් කරන්න සිද්ධ වෙනව. ඒ නිසා ඒ කෙනා මලියෝනට වෙනම ජීවිතය ක් හදාගන්න ඉඩ දීලා එයාගෙන් අයින් වෙලා යන්න ඇති.."

" ඒක හරි ඒත් එයා තනියමනෙ තාම.."

" ජීවිතය කියන්නේ ගමනක් නේ.. තීනු. අපි පටන් අරන් ඉවර කරන දවස වෙනකම් අපි එකිනෙකා හම්බ වෙනව වෙන්වෙනව. සමහරු ඉන්නවා .සමහරු යනවා.අලුත් අය එනව. හිටිය අය ඉන්නවා වගෙ දැනෙනව අලුත් අය නිසා. ඒත් සුවිශේෂ අය ඉන්නවා .එයාලා ජීවිතේ නැති අඩුව කවදාවත් මකන්න පුලුවන් කෙනෙක් ආයෙ හමු නොාවන්න පුලුවන් "


මම සුසුමක් හෙළමි. ඒඩ්න් කියන්නේ කුමක්දැයි අපැහැදිලි නැත. 


"ඉතින් , ඔයා කවදද කසාද බදින්නෙ" මම සිනාසෙමින් විමසමි. මට සිගරැට්ටුවක් දල්වා ගැනිමට උවමනාය. 


"කසාදය කියන්නේ හදවත්වල ඇත්තම බැඳීමද?"

"වෙන්න පුලුවන් හරි කෙනා ආවාම"

"ඔයා හිතන්නේ හරි කෙනා එනකම් කී දෙනෙක්ව ටෙස්ට් කරන්නෝන කියලද"

"ඔයා අහන්නෙ කී දෙනෙක් ඩේට් කරන්නෝනද කියලක"

"ඒ වගේ දෙයක්"

"ඇයි ඔයා ඊට කලින් මගෙන් අහන්නැත්තෙ තීනු කී දෙනෙක් ඩේට් කරල තියෙනවද කියල"

"ඔයා ට්‍රැඩිශනල් කෙල්ලෙක් නෙමෙයි. ඒ හින්දා කවුන්ට් එකක් අහනෙක ඔයාට කරන අසාධාරණයක් .."

" ම්ම්ම්"

"මං වැඩියෙන් ම ආදරේ කළෙ රන්දිකට.."

"හේතුව?"

"මට ඒක තේරෙන්නෙ නැ ඒඩ්න්.."

" ඒක තීරණය වෙන්නෙ ඔයායි එයායි අතරෙ තිබුණු එෆෙයා එකේ නේචර් එකත් එක්ක.. ඔයා හරි ආාවේගශිලි කෙල්ලෙක්. රන්දික තැන්පත් සන්සුන් කොල්ලෙක්..ඔයා කියන විදියට..එහෙමනෙ?"

"ඔව්…කේන්ති ගිහාම මම බඩු මුට්ටු පොළවෙ ගහල කැඩුවට, එයාගෙ බෙල්ලෙ ඇගිලි සලකුණු තියෙන්න හුරල තුවාල කරල .. හුස්ම ගන්න බැරිවෙන්න බෙල්ල මිරිකලතිබුනට.. එයා කවදාවත් එහෙම වයලන්ට් වුනෙ නෑ” 

"හැබැයි, තීනු… එයා ඔයාගෙ ජීවිතේ එක තර්ස්ට් එකක් සන්සිදුවපු පිරිමියෙක්.. ඒ ඔයාගෙ හිතේ තියෙන අදුරු පැත්ත.. අදුරු ආසාවල්.. වෙනස් හැගීම්.. හැම වෙලාවකම ඔයාට ඕන වුනේ ඔයාට යටත් පිරිමියෙක්.. වහලෙක් වගේ පිරිමියෙක්.. මිනිස්සුන්ට තමන්ටම ආවේණික කැමති අකමැති කම් තියෙනව.. ඒවා හරිම පෞද්ගලිකයි. සමහර වෙලාවට අපි කවදාවත් අපේ ඇත්ත වෙන කෙනෙක් ඉස්සරහ එළි කරන්න ඉක්මන් වෙන්නෙ නෑ.. එහෙම බැලුවාම රන්දික ඔයාගෙ පිපාසයට බිල්ලක් වගේ වුනා"


මම විස්මයෙන් බලා සිටිමි. ඒඩ්න් කියන හැම වචනයක්ම ගානේ රන්දිකත් මාත් අතර සිදුවු බොහෝ දේ පෙලින් පෙල මතකයට නැගෙයි. 


"ඔයා හරි ප්‍රභල ගෑනියෙක්.. ඔයාගෙ හැගීම් ප්‍රභලයි.ඔයාට උවමනා ඔයාට අතවැසි පිරිමියෙක්. "

"ඒක වැරැද්දක් ද? මං අනික් ගෑනු වගෙ නැති එක?"

" නෑ.. ඔයා වගේ ප්‍රභල හැගීම් තියෙන ගෑනියෙක් එක්ක physical relationship එකක් ගොඩනගාගන්න හැම මිනිහටම බෑ. ඒ වෙනුවෙන් ඒ මිනිහත් සෑහෙන්න සුදුසු කම් තියෙන එකෙක් වෙන්න ඕනෙ.. ස්පෙශලි, ගෑනු තමන්ට වඩා පහත් කියන පිරිමි ඊගෝ එක තියෙන එකෙක් හම්බුනොත් ඔයා ආයෙ උගෙ

පැත්තවත් නොබලන ගානට ඌව අතැරල යන්න යයි"

"ඔයා හිතන්නේ මගේ relationship වලදි මං attract වෙච්ච අනික් පිරිමි මට නොගැළපෙන නිසා ඒවා broke වෙන්න ඇති කියලා නේද? 

" සමහර විට, උන්ගෙ හිත් විතරක් නෙමෙයි උන්ගෙ මස්ල්ස් බෝන්ස් පවා බ්රෝක් වෙන්න ඇති.."


එවර නම් මට හයියෙන් සිනා ගියේය. පිස්සෙක් ! කියා හිනාවෙන් මගැරියාට මගේ ගැන ඒඩ්න් කියන බොහෝදේ සත්‍ය බව දන්නේ මා හැර වෙන කවුද? මිනිස්සුන්ට තමන්ගේ අඳුරු පැති උවමනා තරම් තිබේ. සමහරවිට එවන් අදුරු අත්දැකිමක් අත්පත් කරගන්නා තුරු තමා එවැනි දේකට කැමති බව පවා දැනගන්නට අවස්ථාව ක් එළඹෙන්නේ නැත.


එබැවින් මම වඩාත් සියුම්ව මා නිරික්ෂණය තළල යුතු බව සිතාගෙන සිගරට්ටුවක් දල්වා ගනිමි.  නිකොටින් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් දැනටමත් පෙණහලුවල තැන්පත් වී තිබෙන්නට පුළුවන් වුනත් දීර්ඝ කාලින භාවිතයෙන් හෘදයාබාධයකින් මියයැමේ ප්‍රවණතාවය කොතෙක් තිබුණත් සිගරට්ටුවක් සමග ඇති බන්ධනය බිඳ දමන්නට හිතෙන්නේ නැත. 


ලෝකය ගැහැනු දෙස බලන්නට කැමති ශිෂ්ටයැයි ඔවුන් ලකුණු කරගත් සමාජ. සම්මුතීන් අතරින්ය. එහෙත් ජීවිතය හැමවිටම එහෙම පවතින්නේ නැත.

"මං ඔයාව ඇරලවල එන්නංද? මං ආයෙ කලම්බු වලට ඩ්‍රයිව් කරන්නත් ඕන.. එක්ස් ව මීට් වෙන්නත් ඕනෙ.."

"එක්ස්? අර ඇක්ට්‍රෙස් ද?"

"හ්ම්..ඔව්.."

"ඇයි ඒ? ඔයාලා රීකනෙක්ට් වෙන්නද යන්නෙ?"

" රී කනෙක්ට් වුනා කියලා.. ඒකෙ අලුතින් වෙන්න දෙයක් නෑ. සමහරවිට එයාගෙ ලක්සරි ජීවිතේ මේන්ටේන් කරගෙන යන්න එයාට කෑශ් ෆන්ඩ් කරගන්න බැරුව ඇති. ඒ ඇරෙන්නතසෙක්ස් රිලේශන්ශිප් එකකට වඩා දෙයක් එයාගෙයි මගෙයි අතරෙ දැන් වර්කවුට් වෙන් නෑ.."

"ඒ වෙනුවෙන් විතරක් ඔයා එයාට කෑශ් පම්ප් කරනවා කියලද කියන්නේ ?"

"තීනු, මට මං කැමති ඕනම ගෑනියෙක් මං ගාවට ගන්න පුලුවන් .. අනිත් එක මං ඩිසයර්ස් වලින් බර්න් වෙවී ඉන්න මිනිහෙක් නෙමෙයි. මට කන්ට්‍රෝල් කියනෙක මගේ මේ ඇගේ හැම සෙල් එකකින්ම පුරුදු කරල තියෙන එකක්. මට එයාට කෑශ් පම්ප් කරන්න එයාගෙ ෆ්ලෙශ් එකත් එක්ක ගනුදෙනු කරන්නෝන නෑ. එයා කාලයක් මා එක්ක ජීවිතේ බෙදාාගන හිටියා. මට ඇත්තටම ආදරේ කළා. අහිංසක කෙල්ලෙක් කාලෙ.. මොඩ්ලින් කරන්න ඇවිත්, ෆිල්ම් නිලියක් වෙද්දි වෙනස් වෙන අරමුණු නැති කාලෙ.. අන්න ඒ කාලෙ වෙනුවෙන් මං එයා වෙනුවෙන් යුතුකමක් කරන්නෝන.."


" හ්ම්"

"ආදරේ.. කියන්නේ තමන් බදාගෙන ඉන්න ආසම පිරිමියා නොවෙන්න පුලුවන් .. සෙක්ස් කරන්න ආසම ගෑනි නොවෙන්න පුලුවන් තීනු. සමහර විට අපි ආදරේ ම කෙනා ඇඟේ ඊවන් අ ත්‍රෙඩ් නැතුව.. මුලු රැයක් ලග හිටියත් එහෙම දෙයකට නොයා ඉවසිමෙන් බලං ඉන්න පුලුවන් විදියෙ හැගීමක් ඒක.."

විශාල 

ඒඩ්න් හැගීම්බර වුනා වැඩිම යයි මටද සිතෙයි. ඔහු මා සංචාරක බංගලාවට ඇරළුවේය. ඇස් දෙස බලාගෙන ඔලුවට ඇතුලට කිමිදෙන්නට උත්සාහ නොකළේය. ඒ වෙනුවට මගේ කරේ ඇති මාලය දෙස තව වරක් බලා සිටියේය. 


" කවදාවත් ඔය මාලෙ කරෙන් ගලවන්න එපා" හෙතෙම සෙමෙන් කීවේය. පුදුමය. චාරුත් එහෙම කීවේය.මම කාමරයට ඇවිත් කවුළුව විවර කළෙමි. සංචාරක බංගලාවේ බිත්තිය අයිනේම බිම… "අර බලු දණ්ඩා" වැතිර සිටිනු මට පෙනෙයි. මට මේ ගැන කාටවත් කියන්නට නොහිතේ. ඒත්, චාරු! නිකමට වගේ චාරුගේ දුරකතනය අමතමි. ඔහු මා දන්නා තරමින්, මේ වෙනවිට තද නින්දකය. 


දැනි මට තනිව බලු දන්ඩා ංලගට යන්නට ආස හිතෙන්නේ වයින් මතටද? නැත්නම් මොකක් හෝ මා තුලින් නැගෙන ආවේගයක් මා එහි යවන්නට පොළඹවනවාද? මම කෝකටත් ෆෝන් එක සාක්කුවේ දමාගෙන සීතලේ එලියට බැස්සෙමි. මගේ කාමරය යටින් බිම උද්‍යානයේ අඩි තුනහමාරක් උස අඩි හතරක් විතර දිග හොදින් වැඩුනු විශාල සිව්පාවෙකි. නැත. ඒ කැළැ බල්ලෙකු නොවේ. ඇත්තම ඇත්ත වෘකයෙකි. 


මම බිත්තියට පිටදී ඉදගතිමි. මා මේ දකින්නේ ඇත්තටම මොනවාද? මා සිහිනෙන් ඇවිද ඇවිදින්ද!නැත. මට වෘක ලොම්වල පහස දැනෙයි. සත්වයා මගේ වම් පසට තුරුළුවිය. හිස පෑවේ පිරිමදින්නට කියා දැයි සැක සිතිනි. එවිට වයිබ්‍රේට් වෙන්න ගත් දුරකතනයේ පණිවුඩය චාරුගෙනි. 


"බිව්වා.ඔයා ආවනෙ? හෙට කතාකරමු" එපමණකි. වෘකයා නිදිය. මට මොහු මෙහි දමා යන්නට නොහැකි තරමේ ආදරයක් ඇතිවෙයි. ඇස් පියවි යයි.

Daffodil Terrace 14

 #DT



14


උත්‍රා අක්කටෙ දැනගන්න උවමනා කාරණාව මට පැහැදිලිය. 


" මෙහෙමයි.. ඒඩ්න් ගත්තාම .. හරි ජෙනුයින්. ප්‍රැක්ටිස් කරපු ඉවසීමක්. මැචුඅර්ඩ්.. ඒ කියන්නේ එයාගෙ වයසට පෙනුමට වඩා එයා ස්මාට්. මාර පරිණතයි. හැබැයි මොකක්ද අමුත්තක් දැනෙනව. හරිම හොට්.. අපි මෙහෙම හිතමු. ඔයා පරිණත සරාගී මිනිහෙක්ව දකිනව කියල.  ඒඩ්න් ඒ වගෙ. හරි ප්‍රොටෙක්ටිව්.. 


එතකොට චාරු, චාරු හරි ඇක්ටිව්. දගයි. කිසිම ජෙනුයිනස් එකක් මේන්ටේන් කරන් නෑ.ඕපන්. අනිත් එක මගෙ හිත කිව්වෙම චාරුව තෝරගනින් කියලා.."


"ඒ කියන්නේ ඔයා ජස්ට් චාරු තෝරගන්නවද?"


"ඔයා දන්නව අක්කෙ මං කසාදයක් බදින්න දැන්ම හිතන්නේ නැති බව."


"එහෙම කියලා බෑනෙ. එහෙම නම් ඔය පිරිමි ළමයි දෙන්නගෙම ඈත් වෙලා ඉන්න.."


"ඔන්න ඔන්න ඉතින් ඔයාත් ට්‍රැඩිශනල් ටෝක් දෙන්න පටන් ගත්ත.. මං තරුණයි.. මේ වගේ පාලු පළාතක කොල්ලෙක් වත් නැතුව මං මොනව කරන්නද ?"


"එහෙමයි කියලා තීනු.. ඔය නන්නාදුනන පළාතක කොල්ලෙක් සමහර ාවලාවට උත්‍රා අක්කා අපේ අම්මාටත් වඩා මා ගැනසැලකිලිමත් ය. ව ටයිම් පාස් කරන්න තෝරගෙන මොනව කරන්නද.."


"ටයිම් පාස් කරන්නම නෙමෙයි.. මං බලන්නෝන මගේ ජීවිතේ අරමුණ මොකක්ද කියලා.. මට ඒ ගැන පුංචි පුංචි ඉගි හම්බෙලත් නැතුවත් නෙමෙයි ඉතින් .. මං බලන්නෙඒ තරමටම ම මේ දෙන්නගෙන් කොයි කෙනාද ඇත්තටම මගෙ අරමුණු වලට මාව තල්ලු කරන්නෙ කියලා.."


" මට නම් දැනෙන විදියට ඔය පිරිමි දෙන්නම හරි දරුණුයි වසයි.. දරුණු වස පිරිමි ඔයාට හරියන්නෙ නෑ. ඒ අතින් රන්දිකය හොඳයි.."


" අක්කෙ, මං වුනත් හිතුවා මං ෆෝවර්ඩ් ටෆ් කෙල්ලෙක් නිසා රන්දික වගේ සොෆ්ට් අහිංසක ටයිප් කොල්ලෙක් මට සෙට් වෙයි කියලා.. කේ අන්තිමට මොකද වුණේ… එහෙම නෙමෙයි දැන් මට ඕනෙ මා එක්ක අපායට යන්න වුනත් ලෑස්ති කොල්ලෙක්.."


"මට නම් හිතෙන්නෙ ඔවුන් දෙන්නම දැනටම ඉන්නෙ අපායෙ වගෙයි. මොනව වුනත් මට ඕනෙ ඔයා පරෙස්සම් වෙලා ඉන්න.. හැම වෙලාවකම තමන් ගැන කල්පනාවෙන් ඉන්න .."


උත්‍රා අක්කා මා ගැන හැමවිටම සැලකිලිමත් ය. ඇය අම්මාටත් එහාය. ඒ නිසා ඇගේ ප්‍රොටෙක්ටිව් මෝඩ් එක ඔන් වෙනවාට මා අකමැතිය. මට වුනත් සමහර දේ විවෘතව කීමට අපහසුය. 


මං ඇත්තමද කිව්වෙ? මං මේ ාදන්නගෙන් වැඩියෙන් කැමති කාටද? චාරුටද? නැත්නම් ඒඩ්න්ටද? චාරු හැම වෙලාවෙම මං ගැන බලාපොරොත්තු තියං ඉන්නවා වගෙ ඇගෙව්වට ඒඩ්න් එහෙම කරල තියෙද? එයා කියන්නේ එයාගෙ ගමනාන්තය එයාවත් දන්නැහැ කියල. ඒ කියන්නේ ඇත්තටම ඒඩ්න් කියන එයාගෙ ජීවිතේ ගමනාන්තයක් නැහැද? 


පහුවදා , කාර්යාලය පුරා අමුතු අසිරිමත් ගතියක් විහිදී තිබුණි. හේමන්ත ප්‍රමාදය. නැත. චාරුදර ඉක්මන්ය. ඒ මදිවාට, මලකුත් ගෙනැවිත්ය. මල මටය. මගේ මේසය මත කුඩා මල් බඳුනටය. සුදු ඉරි අත්දිග කමිසයට ලා නිලැති ටයි පටියක්ය. සෞම්‍ය පාටය. 


"ආව්.. කෙල්ලට මලකුත් ගෙනැත්" භාග්‍ය චාරුට කීකරුය. චාරුව වර්ණනාවට කොල්ලන් ඊට එකග නැත.කතා කියන්නේ ය. කකකකභාග්‍යයට වගක් නැත. 


"තීනු අක්ක කියන්නේ මොකක්ද, දැන් චාරු ඒව අහනව"


භාග්‍ය වැඩිමනක් කියයි. චාරු දැන් පිළිවෙලය. ලිපිගොනු පිළිවෙලය. අඩුපාඩු නැත. දවල් වෙනකොට, ඉර ලස්සන ට කැනස් මල් වැටේ හිස් මුදුනට ආවේය. ඒත් එක්කම, ජීප් එක ගෙනැවිත් කාර්යාල මිදුලේ නවත්වා ඒඩ්න් ඉන් බිමට පනිනුද දුටිමි. ඒ සමග ජීප් එකෙන් බැස්සේ මලියෝනා පීටර්ස්ය. ඇගේ කැරළි කොන්ඩය නම් හරි ආකර්ෂණීය ය. සරාගී පාට ඇස් තාම මේ කොල්ලන් වෙත යොමු වන්නේ ආක්‍රමණය කරන බැල්මකින් කියා මට හිතෙයි.


මලියෝනා ඉදිරිපස දොර ගාවදී මා දැක අත වැනුවාය. මොකක්දෝ මන්දා නාට්‍යමය ස්වභාවයක් මට ඇගේ මුළු හැසිරීමේම පෙනෙයි. ඇය ජවසම්පන්න කාන්තාවකි. වෙනදා මෙන් ඒඩ්න් කාර්යාලය තුළට ඇතුළු වුයේ නැත. ඒ වෙනුවට ජිප් එක මතින් හිදගෙන හිමකර සමග සිනාවෙමින් කතා කරමින් හිදිනු මට ජනේලයෙන් පෙනිණි. ඉඳහිට වරක් හොරෙන් මෙන් ඇස් අද්දා ජනේලය ගාවින් තියනුද දැනිණි. හේමන්ත බොස් මට කතා කළෙ ඒ අතරේය. එඩ්න් පිරිමහනවා ඇත්තේ ඊයේ චාරුදර සමග ඔහුගේ නිවස නරඹන්න ගිය තරහවය. මලියෝනා ඇගේ අසිරිමත් සිනාව මවෙත පෑවාය. 


" මේ කෙල්ල අර කොල්ලො අස්සෙ තියන්නෙපා කියලා මං ඔයාට කොච්චර කියලා තියෙනවද හේමන්ත.. හදිසියෙ අසනිපයක් වුනත් බලන්න කෙනෙක් එතන නැහැනෙ. ඒඩ්න් මේ වීක් එකේ ආපහු කොළඹ පදිංචියට යනවලු. ඉතින් මේ ගර්ල්ව අපේ දිහා නවත්ත ගමුකො.."


හේමන්ත මදෙස බැළුවේ විමසිලි ඇසිනි. සංචාරක බංගලාවේ ගැහැනු ළමයෙකු නැවති හිදින බව තාම ප්‍රධාන කාර්යාලයේ අය නොදනිති. මෙහි සම්පුර්ණ වගකීම අතට ගත්තේ හේමන්තය. 


" තීනු, අද මිස් මලියොනා එක්ක ගිහින් ඩැෆඩිල් ටෙරස් එක බලල එන්නකො" 

"හරි.. බොස්. මිස් මලියෝනා, ඔයා යන වෙලාවට මට කතා කරන්නකො"

"අපි දැන්මම යමු තීනු.. මං මේ ඒඩ්න් එක්ක ටවුන් එකට ගිහින් එන ගමන්"


මම මේසය ළගට ගියේ එහි තියා ආ දුරකතනය අතට ගන්නටය. චාරුදර එකවරම එතැනින් මතුවිණි.


"කොහෙද යන්නෙ?අරු එක්ක?"

"මලියෝනා එක්ක.."

"කොහෙ?"

"ඩැෆඩිල් ටෙරස්.."

"මොනා.. එපා එපා.. අනේ ප්ලීස් තීනු.. එහෙ යන්න එපා.."

  කවදාවත් ම මේ හිතුවක්කාරයාගෙන් නොඇසෙන විදියේ ආයාචනාත්මක ස්වරයකින් චාරුදර කියද්දී මම ඔහු සනසවන බැල්මක් බැළුවෙමි. 

"ඇයි ඉතින් ළමයො. මං ඔයාගෙ ගෙදර ආවෙ.. මං ඩැෆඩිල් ටෙරස් එකටත් ගිහින් එන්නං"

"ප්‍රොමිස් වෙනවද අනිවාර්යෙන්ම එනව කියලා ."

"නැත්නම් මං කොහොමද රස්සාව කරන්නෙ.. අපේ අම්මට මං විතරයිනෙ ඉන්නෙ"


චාරුදර බුම්මාගෙන පසෙකට වූවේය. භාග්‍ය මදෙස බලා සිටියේ කුමනාකාරයේ බැල්මක්දැයි මට පැහැදිලි නැත.එහි වූයේ බලාපොරොත්තු කඩවුණු බැල්මකා. මම මගේ හෑනිඩ් බෑගයද රැගෙන මලියෝනා සමග කාර්යාලයෙන් පිටත්වි ඇවිත් ජිප් රියට නගින තුරුත් එිඩිනි නමි මාව තැකීමක් නොකළේය. ඔහු හැසිරුණේ අකීකරු පෙම්වතියකට දඩුවම් නියම කළ පෙම්වතෙකු විලාසයටය. 

"මේ හදිසි යේ ඒඩ්න් කොළඹ යන්නට තීරණය කරනිනට ඇතිතේති එනිසාය. ඔහු බලා සිටියේ කිසිවකු ගමනාන්තයක් රැගෙන ංඔහු වෙත එනතෙක්මය.එහෙත් අවාසනාවට 

මම ගම දැනගෙන ගමනක යෙදෙන කෙල්ලක නොවෙමි.  හැම කෙනෙක්ම දන්නා ඩැෆඩිල් ටෙරස් වෙතට මා නික්ම ගියේ එහෙමය.  


වාහනය ඩැෆඩිල් ටෙරස් වෙත ගියේ එය වට කර ඇති ස්වභාවික විල් තීරය මැද්දෙන් තනා ඇති පාළම මතිනි. ඔවුන් කොයිතරම් පෝසතුන් දැයි දැනගන්නට මේ නිවාස ආකෘතිය දෙස බැලීමම ප්‍රමාණවත්ය. 


ත්‍රිකෝණාකාර වහලවල් තැනින් තැන එසැවි තිබිණි. කොහොමත් තිනෙත්මා කියන්නේ ගෙදරක බාහිර පෙනුමෙන් එහි ඇතුළ මනින මානසිකත්වය ක නොවේ. අප අපගේ ව්‍යාපාර බිඳ වැටි තාත්තා සියදිවි නසාගැන්මට පෙළඹෙන මොහොත දක්වාත් අපුරු නිවසක පදිංචිව සිටියෙමු. සුඛෝපභෝගී වාහන භාවිතා කළෙමු. නමුත් අප සමාගම බිද වැටෙද්දි වුව අම්මාත් අප කිසිවෙකුත් අපේ වාහන අතුහැර දැමුවේ නැත. එබැවින් , මම මලියෝනා පීටර්ස් ගැන අධි තක්සේරුවක නොසිටියෙමි. 


(හෙට ඩැෆඩිල් ටෙරස්හි නිවාඩු දවසකි.)

Daffodil Terrace 13

 #DT



Daffodil Terrace 

13


එළියේ තිබුණේ එළිමහන් අවන්හලකි. මා චාරුව මගැර ගෙයින් පිටට ආවේ තනිවමය. කමිස ඇදි වැඩිහිටි පිරිමි කිහිප දෙනෙකි. වැඩිහිටි ගැහැනු අඩුය. පවුල් කිහිපයකි. එකිනෙකා එකිනෙකා හා බැදුනු සමාජ ක්‍රමයකි. 


කෑම මේසය මත කෑම බීම බොහෝ තිබේ. චාරු පැමිණ අම්මාගේ කණට කර කිසිවක් කීවේය. ඇගේ උරහිස මතින් මගේ මුහුණ ද බැළුවේය. එය ප්‍රීතිය උතුරන බැල්මකි. අම්මා කුමක්දෝ කී විගස  ඔහු ළග තිබුණු ලී මේසයක් මතට පැන එහි හිටගත්තේය. 


"හැමෝම… කෝ කෝ කට්ටිය .. ළං වෙන්න.. හැමදාම කවුරු හරි කතා කරනව.. කවුරු හරි අහං ඉන්නවා . මාත් ඉස්සර එහෙමයි.. ඒ වුනාට මං අද කතා කරනව. අපි අද වෙනකොට අපේ ජීවිත ගෙවන්නෙ මේ සීමාවෙ විතරයි. හැමෝම දන්නවා ඒ ඇයි කියල. අපට අපි පදිංචි වෙලා හිටිය භුමිය අහිමි වෙලා අපේ ජනපද විසිරිලා අපේ නායකයො එක එක තැන් වල ජීවත් වෙන්න පටන් අරන් දැන් අවුරුදු සිය ගාණක්.. හැබැයි අපි කොහොම හරි පැවතෙන්න පුලුවන් විදියට ඉදලා තියෙනව.. 


ඉතිහාසයේ කිසිම තැනක අපි ගැන සටහන් වෙලා නෑ.එක්කො ඉතිහාස පොත් ලිව්ව අය අපිව පොත් වලින් අයින් කරලා ඇති.. කොහොම වුනත් අපට අපේ ඉතිහාස කතාව ලියාගන්න පුලුවන් . මං හිතන්නේ දැන් අපි අපේ නැතිවෙච්ච ඉඩකඩම් ටික ආපහු ලබාගන්න එකේ ඉඳලා අනිත් හැමදේම වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නෝන.. 


අපි මේ ජනපදය ඇතුළෙ මෙහෙම නිදහසේ ජීවත් වුනාට අපට අමතක කරන්න බෑ අපේම සහෝදරවරු කොට්ඨාසයක් සදාකාලික ශාපයක ජීවත් වෙන බව ..  ඒ වගේ ශාපයකින් තමන්ගේ මිනිස්සු බේරගන්න නම් අපට සමහර කැපකිරිම් කරන්න සිද්ද වෙනව.. අපි හැම වෙලාවෙම අපි වෙනුවෙන් ඉන්නොන. 


එතකොට මේ ආගන්තුක ගෑනු ළමයා.. තමයි තීනෙත්මා.. අද ඉඳලා තීනු අපට ආගන්තුක නෑ. ඉතින් අද මේ ඩිනර් එක, අපේ අම්මා කියන්නේ එහෙමයි.. මේ ඩිනර් එක තීනුට.. අපි මේක එන්ජෝයි කරන්න ඕනෙ රැයක් අද.." 


පිරිමි ළමයින් අත්පුඩි ගසමින් කෑකෝ ගසන්නට පටන් ගත් අතර ලී මේස එකතු කර සකස් කරන ලද දිග කෑම මේසය වටා එක් එක්කෙනා එය වටා ඉද ගත්හ. 


මගේ ජීවිතය පුරාවට මා එක් එක් කෑම වර්ග රස විඳ ඇත. ලංකාවේදිද විදේශීය සංචාර වලදීද නොයෙක් විකාර කැම දැක ඇත. එහෙත් මෙහි තිබුණේ හරිම රසවත් හරිම ලස්සන ඇසටද විචිත්‍ර කෑම මේසයකි. 


"ඔයා චිකන් ඇරෙන්න වෙන දේවල් කනවද?" චාරුගේ අම්මා ඇසුවාය. මම හිස සලා නැතැයි කීවෙමි. මේ දෙස බලාගෙන සිටි චාරු මා අසල පුටුව ඇදගෙන එහි නුහුරට හිඳ ගත්තේය. 


"මොනාද අපේ අම්මා අහන්නෙ. ?"

"චිකන් විතරද කන්නෙ කියලා.. ඇයි?"

"මං හිතුව කවදද චාරුව බදින්නෙ කියලා ඇහුවද කියලා.."

"චා…රූ.." මම තරවටු බැල්මකින් බැළුවෙමි. 

"විහිලුවක්නෙ ඕයි.. මෙහෙ චිකන් නම් බෙහෙත් ගහපු බ්‍රොයිලර් ජරාව නෙමෙයි හරිද.. ඇති වෙන්න කන්න..අපේ අම්මා තමයි බෙස්ට්ම චිකන් උයන්නේ"

"ඇයි මට කවන්න මෙච්චර හදිස්සි.."

"ඉක්මනට ඔයාව ගෙනිහින් දාලා ඇවිත් මං වැටෙන්න බොනව."

"බොනව?"

"ඕ.."

"මේ සදුද .. රෑ. හෙට වැඩ තියෙද්දී"

"ඔය වැඩ නම් මොනාද .. තීනු"

"මට ඔයාගෙ ඔය වගකීමක් නැති වැඩ නම් පේන්න බෑ "

"මං ඕන වෙලාවට මගෙ වගකීම් ඉශ්ට කරලා ඇති.. ඉස්සරහ ට කරන්නෙත් එහෙමයි"


වෙනත් කොලුවෙක් ගේ කෑගැසීමකට හැරී බැලු ඉලන්දාරියා පුටුවෙන් පැන අඩියට දෙකට ඔහු වෙතට දිව යන අයුරු මම පුදුමයෙන් බලා සිටියෙමි. ජවසම්පන්න ශරීරයක් ඇතුළෙ අධිරෝමාන්තික පිරිමි ආත්මයක් මගේ අතට හසුවි වැඩි වෙලාවකුත් නැත. කා බී අවසන්ව මම චාරුගේ අම්මා දෙස බැලුවෙමි. 


"ඉඩ තියෙන වෙලාවක එන්න පුතේ.. අපට කතා කරන්න ගොඩක් දේ තියෙයි"


මා චාරුගේ බයික් එකට නගිද්දී ඇය මගේ දකුණු උරහිස පිරිමැද කීවාය. මා අධික සීතලට හසු වේවියි කියා ඇය සතුව තිබු වෛවර්ණ සළුවක් තෑගි කළාය. මම එය ගෙළ වටා ඔතා ගතිමි. ඇයට කෘතඥ වනු පිණිසය. ඒ දැක ඕ දිලිසෙමින් හිනැහිණි. චාරු බයික් එක ස්ටාට් කළේය. පවනට බඳු වේගයෙන් කඳු හිස කරා ඇදී ගියේය. මිහිදුම පිරෙයි. සීතල දැනෙයි. ඉදිරියෙන් එන වාහනයක පහන් එළි හෝ නොපෙනෙයි. 


" හීතලද?" ගෙළ පසුපසට කර චාරු විමසයි. මම කෑගසා නැතැයි කියමි. එකවරම බයිසිකලය නතර කරන්නට ඔහු පෙළඹුණේ මන්දැයි මුලින් මට දැනුණේ කේන්තියකි.පසුව බියකි. ටිකකින් හේතුව මිහිදුම මැදින් මතු වුවේය. හෙඩ් ලයිට් දල්වාගත් ඒඩ්න් ජීප් එක පාර මැද නවත්වාගෙන හිටගෙන හිටියේය. 


චාරුදර බයිසිකලය පසෙක නතර කරද්දී මම වහා ඉන් බැස ගතිමි. චාරුදර හෙල්මටය ගළවා බයිසිකලය මතින් තැබුවේය. 


" කොහෙද තීනුව එක්ක ගියෙ?"

" දැන් ඇයි ඒක මං ඔයාට කියන්න ඕන"

"උඹ ඕනවට වැඩියි චාරුදර. මේ කෙල්ලගෙන් උඹ ඈත් වෙලා ඉන්න ඕන"

"ඒක කියන්න උඹ කවුද බං"

"උඹ මෙතන ඕව ඇක්ට් කරන්න එපා"

"උඹ ඕව රිඇක්ට් කරන්න එපා ඒඩ්න්.උඹ උඹෙ වැඩක් බලාගෙන ඉඳපන්"


මා ඒ ාදදෙනා ඉදිරියට ගියේ සීතල කදුකරය උනුහුම් කරවිය හැකි මහා ගින්දරක් ඇවිාලන්නට යන බව ඉවකින් මෙන් දැනුණ බැවිනි.


"මං කැමැත්තෙන් චාරු එක්ක ගියෙ..ඒඩ්න් ඒ ගැන වද වෙන්න එපා"

"දැන් ඔයා මට කියනවද වද වෙන්න එපා කියලාත්.. "


හිස ඇළ කර ඔහු දෙස බලද්දී ඒඩ්න් ඔහුගේ ආසියාතික ඇස් දෙකින් තියුණු බැල්මකින් මදෙස බලාගෙනම සිටියේය . 


" මං උඹව වෙනම හම්බෙන්නම් "

" මටත් දැන් ඒකට වෙලාවක් නෑ. තීනුව ඇරලවන්න හොදටම පරක්කුයි. .යං තීනු"


චාරුදර මා රැගෙන බංගලා කන්ද පාමුළට ගියේ අසුරු සැණිනි. ඒඩ්න් මේ තරමට මේ ගමන සම්බන්ධයෙන් කේන්ති ගන්නට හේතුවක් මට නොතේරෙයි. එහෙත් කුඩා වරදකාරි හැගීමක් කටු ගොඩක් මෙන් යටිහිතේ ඇනෙයි.


බංගලා කන්ද මුදුන තනිකර සුදු මිහිදුම් ගුලාවකි. 


" යං.."

" මං යන්නම්"

"එතකොට?"

" තනියෙන් යන්නං..ඔයා යන්න"

" විකාරද?"

"ඇයි?"

"යමං.. නැත්නම් උස්සං යන්නෙ.."


චාරු කී විලාසයට මට සිනා නැගිනි. අපි සිනාාවමින් කන්ද නගින්නට පටන් ගත්තෙමු. 


"ඇයි ඒඩ්න් එක්ක ඒතරම් තරහ.  "

"දැනගන්නම ඕනෙද?"

"ඔව්"

"අපි නැචුරල් එනිමිස් ලා තීනු.. ඌව දැක්කම මට ඌට බිම දාගෙන ගහන්නමයි හිතෙන්නෙ.. "

"ඇයි අනේ ඒ?"

"සමහර විට පරම්පරාවෙන් එන හතුරුකම් වෙන්නැති.."

"අර ඔයා කිව්ව ඉඩම් මංකොල්ල කෑමට පීටර්ස් ලත් සම්බන්ධ යිද"

"හ්ම්.. එහෙම තමයි කියන්නේ "

"ඒවට ඒඩ්න් එක්ක කේන්ති අරන් වැඩක් නෑනෙ.  එයාත් අපි වගේම මේ පරම්පරාවෙ කෙනෙක්නෙ.  ඉතිහාසෙ අයගෙ වැරදි වලට අපි ඒඩ්න් එක්ක වෙලා වැඩක් නෑනෙ.. "

"හ්ම් ඒ ගැන වෙනම කතා කරමු … "


බංගලාවේ ආලින්දය තෙක් ඇවිද ආ චාරුදර සමග කතා කරන්නට හිමකර එලියට ආවේය. ඔහු හිමකර සමඟ සිගරැට්ටුවක් දල්වා ගත්තේය. හිමකර මවෙත සිගරැට්ටුව පාද්දි මදෙස රවා බැලුවේය. නොබැන්නේය. 


"බලහංකො මේකි!" කීවේය. හිමකර සිනාසුණේය. 

"ඒකනෙ උඹට කියන්නේ ..තීනු උඹට සෙට් වෙන්නෙ නෑ"

"නෑ..මං කියන්නේ මචං, කෙල්ලෙක් වුනාම..එයා කවද හරි අම්ම කෙනෙක් වෙනවනෙ..ඉතින් .. ඒකයි. එහෙම නැතුව කෙල්ලෙක් ආතල් නොගෙන ඉන්නෝන කියලා කියනවා නෙමෙයි"

"දැන් බොන්න තියෙනවා කියල.. කලින් යන්නෝන කියලා දැගලුව නේද?"

"මුට ඔයාව දාලා යන්න හිතෙන්නෙම නැතුවැති.. ඒකයි මේ" 

"ඒ වුනාට මට මහන්සි.. මං යනව ..නිදියන්නොන"


කොල්ලන් දෙදෙනාට  තව වෙලාවක් මිදුලේ සිටින්නට ඉඩ හැර මම කෙලින්ම නාන කාමරයට ගියෙමි. මේ වගේ වෙහෙසකර දින වලට උනුවතුර ආශිර්වාදයකි. නිරුවත් ළමැද දිගේ චාරු දුන් කරමාලය වඩාත් ලස්සනට පේනවා යැයි හිතුන ඇසිල්ලේ මම දෙපියොවුරු නොපෙනෙන සේ මාලයේ පින්තූරයක් අරගෙන උත්‍රා අක්කට යැවුවෙමි. 


"වාවු"

ඒ ඇගේ ප්‍රතිචාරයයි. 


" දෙයාස් අ හර්බ් ඉන්සයිඩ්.."

"ලවිට් අනේ"

"කිවුට් නේහ්"

"ඕ.."

"කියනවකො ඩේට් එක ගැන"

"අයියෝ අක්කි . ඉට්ස් නොට්අ ඩේට්..ජස්ට් අ විසිට්"

" කොල්ලෙක් පලවෙනියටම කෙල්ලෙක්ව ගෙදර එක්කන් යනව කියන්නේ ලොකු කතාවක්.. හරීි..ද"

"ම්ම්ම්"

"මොනාද උනේ.."

"ස්පෙශල් මොකුත් නං නෑ.අමුතු කල්ට් එකක්.. මාර යුනිටි එකක්..හැබැයි ඒ ටික නං පිස්සුවක්..ඔයා ඉන්නයි තිබුණෙ අක්කි. ඇත්තටම මං වශී වුනා.."

"චාරුදරට?"

"නෑ නෑ. එයාලට .. දන්නවද ඒ කොල්ලො ඔක්කෝම ඉන්නෙ ශර්ට් අදින්නෙත් නැතුව.. ඔයා විශ්වාස කරයිද මන්ද.. හැමෝම මාර කට් වෙච්ච ඇගවල් තියෙන එවුන්.. අර හිමා කියනව වගේ වයසට වැඩිය වැඩිච්ච වහුපැටව් වගෙ. "

"ඒඩ්න්ද චාරුද?"

 

මම ඊට පිළිතුරක් දෙන්නට මොහොතක විරාමයක් ගනිමි. සන්සන්දනාත්මකවම උත්‍රාට ඒගැන කියන්න මට උවමනාය.

Daffodil Terrace 18

 #DT



18 


"වෙන්වෙන්න් ඔනමයි කියල ඔයා හිතන්නේ ඇයි?"


මම චාරුදරව කතාවකට අල්ලා ගන්නට උත්සාහ කරමි. ඇත්තටම එක වෙලාවකට ජීවිතය අපහසු අගනුවරින් මෙහාට මේ දේවදාර උයනට සහමුලින්ම විතැන් වෙන්නට මට හිතෙන්නේ ඇයි? 


" සමහර ඩෙස්ටිනි ලියැවිලාම තියෙනවා.  එහෙම බැලුවාම මං කරන්නෙ වැරැද්දක් .."

"මොකද්ද වැරැද්ද?"

"ඔයාට මේ ළංවෙන එක.. ඔයාව … මගේ කරගත්ත එක.. මේ හැමදේම . මේවා මට අයිති දේවල් නෙමෙයි"


මේ වගේ වෙලාවලට ගැහැනු ළමයින් මුහුණ දීම සාමාන්‍ය දෙයකි. පිරිමියෙකු හා එකතු වීමකින් ඉක්බිති, ගැහැනු මගැර ගන්නට ඔවුන් දන්නා සෙල්ලම් දැමීම සාමාන්‍ය දෙයකි. 


"ඔචුචර ඕක ගැන හිතන්නවත් ඒක ගැන කල්පනා කරන්නවත් දෙයක් නෑ. මං ඔයාට කියන්නේ නෑ.. මායි ඔයායි එකට හිටියා අනේ මාව කසාද බදින්න..වගේ ප්‍රාථමික දේවල්. මෙතනදි අපි දෙන්නා අපේ කැමැත්තෙන් එකට හිටිය.ඒක එච්චරයි.. ඔයා හිතනවා නම් මං මේක බේස් කරන් ඔයාව කසාද බැදගෙන මුලු ජීවිතේම මගේ කරගන්න හදනවා කියලා.. චාරු, ඒක නම් හෙනම ගොබ්බ අදහසක් හොඳද? "


චාරුදර මදෙස බැලුවේය. නැගිට මෙතෙක් විවරවි තිබුණු කමිසයේ බොත්තම් දමා ගත්තේය. හෙල්මටය අතට ගෙන මදෙස කෙලින්ම බැලුවේය. 


"යමු.."

"නැ..නෑ.. යන්න කලින් මට උත්තර ඕනෙ.. ඔයා මාස දෙකක් කල් ඉල්ලුවට මං ලෑස්ති නෑ මාස දෙකක් බලාගෙන ඉන්න.."

"කරන්න දෙයක් නෑ.. මාස දෙකක් ඉන්නම වෙනවා.."

"ඒ කියන්නේ එතකම් මට ඇත්තටම මං කවුද කියනෙක හොයා ගන්න විදියක් නෑම කියලද ඔයා කියන්නේ "


චාරු මදෙස බැලුවේය. නොපිට හැරි තිබුණු අත් වාටිය සැකසුවේය. 


"මට බඩගිනියි.. මට මොනව හරි කන්න ඕනෙ?"

"මෙච්චර මගෙ ඔලුව කාලාත් ඔයාට තව බඩගිනිත් වෙනව නේද?"

"මං තාම කන්න තියා හිතලවත් නෑ ඔයාව.. "

"ඒක වෙන්න පුලුවන් … ඒත් මේ වෙලාවෙ මට ඔයා වෙනුවෙන් මොනවත් කරගන්න බෑ.."

"මොනවද පුලුවන් … "

"මට ඔයාට ආදරේ කරන්න ඕනෙ. වැරැද්දක් බව දැන දැන.. "

"ඒ කියන්නේ ඒ වැරැද්ද හරි ගස්සන්න ඕන වෙලාව ආවම ඔයා මාව අත් අරිනව කියනෙකනේ" 

"තීනු, .."

"මට මං කවුද කියනෙකලදැනගන්නෝන"

"ඒකෙ තේරුම ඔයාට මං, මගෙ ආදරේ එපා කියනෙකද?"

"නෑ"

"ඔයා මට ආදරේ නම් ඔයා දැනගන්නෝන මං එහෙම බව. මට ඉවසන්න බැරි බව.."

"හරි…  හ්ම්..  ෆුල් මූන් එකට තව දවස් තුනක් තියෙනව.. ඔයා ඩැෆඩිල් ටෙරස් එකේ පදිංචියට යන්නෙ කවදද"

"ඔයා මට ඒ රහස කියන්නේ කවදද?"

"කියන්න දෙයක් නෑ පෙන්නන්නම්.. "

"ඒ කියන්නේ ?"

"අනේ තීනු, ප්ලීස් .. දවස් දෙහෙකට ඉවසලා ඉන්න.."


මම හිස වනා නිහඩ වුවෙමි. චාරුදර සිටියේ කේන්තියෙනි. එනාතරමඟ වැඩි කතාවක් නැත. බංගලා කන්දේ පියපෙළ දිගට මා නගින තෙක් ඔහු පහලටවී ඔහේ බලාගෙන සිටියේය. එහෙත්, දුරකතන ඇමතුමක් හෝ නොදුන්නේය. චාරුගේ පැටලිලි ප්‍රහේලිකා මට තේරෙන්නේද නැත. ඔය තරම් උගත් වෙන්නට තිබුණා නම් මම සාමාන්‍ය පෙළ සහතික වෙනස් කරන්නට යන්නේද නැත. 


ඒ වුනත් , ඒ හැන්දෑ චමත්කාරය මට පමණක් අයිති නැති බව දනිමි. හිමකර සිටියේ ඉදිරි පස අවකාශයෙ ව්‍යායාම කරමිනි. ඔහු මා දැක මදකට එය නවතා දැමුවේය. 


"කොහෙද ගිියෙ …"

"නිකම් ඉතින්!"

"නිකම්… හාකො"


මා සිටියේ සැහැල්ලු සිතිනි. සම්බන්ධතා මිනිසුන් නිදහස් කරති. ඉහිල් කරති. සමහර විට චාරුටත් එය එහෙමම දැනෙනවා විය යුතුය. මා ආයේ කැම කාමරයට ආවේ කුට්ටන් හැන්දැවට අපට දෙන උණුසුම් කෝපි කෝප්පය වෙනුවෙනි. 


"මොකද වෙන්නෙ" ඒ ඒඩ්න්ය. ඔහු මගෙන් එදිනෙදා තොරතුරු විමසන්නට පටන් ගෙන දින කීපයකි. කොහොමත් ඉදිරියට අපි අසල්වැසියන් , අඩුම ගණනේ අසල්වැසි මහල් වල ජීවත් වෙන්නන් බවට පත්වීමටය නියමිත. එබැවින් මම ඔහුව පිළිගනිමි. 


"වී මේඩ් ඉට්"


මම එහෙම ටයිප් කළෙමි. මාත් චාරුදරත් අතරේ කිසිවක් සිදුවෙමින් පවතින බව ඔහු ⁣නොදැන සිටියා නොවේ. නොඅගවා සිටියා පමණකි. ටයිප්. කළ අකුරු ටික සෙන්ඩ් කරනවාද නැද්දැයි හිතන්නට මට මොහොතක් ගතවිය. ඒ අතරේ ඒඩ්න් කතා කළේය. 


"මං දන්නවා ඔයාට පාලු ඇති. මායි හිමායි විතරක් මෙහෙම අපේ කම්පැනි එකක්ලහදාගෙන ආතල් ගත්තට ඔයාව අපි එක්ක තියා ගන්නෙත් නැත්තෙ අපට ඒක පොඩ්ඩක් පුරුදු නැති නිසා. ඒකෙන් ඇඩ්වාන්ටේජ් එක ගත්තෙ චාරු. උගෙන් මං දකින්නෙ කුපාඩි කමක් වත් වල්කමක් වත් නෙමෙයි තීනු. මං දන්නවා එහෙම ඒවා ඔයාට කොච්චර හැන්ඩ්ල් කරගන්න පුලුවන් ද කියලා.. මට බයයි ..ඔය යකා ඔයාගෙ හිත කඩලා දාවි කියලා"


" අපි අතරෙ…"


"ඒක මට තේරෙනවා.. ඒත් ගොඩක් තදට චාරු ගැන හිතන්න එපා.."


ආදරය කියන හැගීම ඇතිවන්නේ කොයියම් මොහොතකදීදැයි විස්තර කිරීම පහසු නැත. දේවදාර ගස් අතරින් වහා මතුවෙන මතක අහුරක් ඉතිරි කර වෙන්ව යන උද්යෝගිමත් වහු පැටවාට මම ඇත්තෙන්ම බැඳෙමින් සිටියෙමි. ඔහු පෙළෙමින් සිටියේ මා අත්පත් කරගත නොහැකි වේදනාවකිනි. 


මම නිහඩ කන්දක්ව නිශ්චලව සිටිමි. දින තුනකින් පුර පොහොය එළඹීමට නියමිතය. පොහොය ට මුදුන් වෙන සඳ සමඟ විශ්වයෙහි රසායන සංයුතීන් වෙනස් වන අතර ඒවායේ කම්පනයන් අප අවට තිබෙන ධාරා කවයන්ට ඇතුල් වි අපටද බැලපෑම් කරන්නට පටන් ගන්නා බව අසා තියේ. 


චාරු ගේ දුරකතනය තිබුණේ විසන්ධි කර දමාය  ඔහුගේ කිසිම හිතවතෙකුගේ හෝ දුරකතන අංකයක් මා සතුව නැත. අඩුම ගණනේ පරෙස්සමින් ගෙදර ගියාය කියන්නට තරම් අනුකම්පා සහගතව කටයුතු කරන්නට ඔහුට මා කෙරෙහි ළතෙත් හදක් තිබී නැත. 


නිශ්ශබ්ද රාත්‍රි සිය දහස් ගාණකට පුලුවන් 

මට ඔයා ඉන්න ඉසව්ව 

සිතියම් ගත කරලා පෙන්වන්න. 

ඒත් .. මම තාමත් ඇස් නොඇරි කිරි දරුවෙක් වගේ 

නොඇසුනාසේ නොදුටුවාසේ ඉන්නවා


මං ආසයි… මේ පොළවේ තෙතබරිත පස් සුවඳට

ඔබ මාව සිපගත් උනුහුම්ම තැන 

අපේ සිරුරු වල සලකුණු ඉති⁣රි කර ගත් 

තෘණ පත්‍ර පොඩි වුන තැන් 

ආයෙ ආයෙම දකින්න… 


රතුපාට වෙච්ච රක පෝය හඳක් 

ආයෙමත් පායන්න ඔන්න මෙන්නයි 

මට මේ මතක සංහිඳේ හුස්මක් හෙළන්න

ඇස් පියාගෙන නිවි නිවි දිලෙන 

දේවදාර උයනම අයිති එකම තාරකාවිය වෙන්න

ඉඩ දෙන්න… 


"අමු….තුයි… තීනු…" හිමකරට ඉව තියේ. අප්පච්චියෙක් , නැත්නම් අයියා කෙනෙක් වාගේය. මා මෙහෙම අහේතුකව කල්පනා කරනු ඔහු දැක නැත. 


"ඔයාට මගෙ මොකක් හරි වෙනසක් දැනෙනවද?"

"හ්ම්"

"කියනවකො.."

"දුකෙන් වගෙ"

"හ්ම්හ්.."

"මොකද ඒ?"

"පොඩ්ඩක්.."

"ඒක තමයි..මොකද ඒ?"

"චාරුයි මායි පොඩි දේකට වචන පටලව ගත්ත"

"ඉතින්?"

"දැන් කතා නෑ.. ෆෝන් ඕෆ්"

"අනේ තීනු මේ, ඔය යකා හෙන පොඩි දේවල් ලොකු… කරන් බුම්ම ගන්නව.. පුප්පනව. වයසට නෙමෙයි ඔලුව.. ඔයාට ඔයි කැළැ යකා ලොකු වුනාට මට නං උගෙ කිසිම විශේෂ දෙයක් දැනෙන්නෙ පේන්නෙ නැහැ"

" එහෙම නෙමෙයි මේක ටිකක් සීරියස්"

"ඇත්තටම තමුසෙල දෙන්න අතරෙ මොකක්ද වුණේ?"

" දන්නැද්ද ඉතින්"

" ඔයාගෙත් … අනේ මන්දා.   මාර මාර චොයිස් තියෙන්නෙ…" එවර හිමකර කීවේ හයියෙන් සිනාවෙමිනි. 


"කොහොම හරි මට එයාව අනිද්ද වෙද්දි හොයා ගන්නෝන.."

"ඇයි අනිද්ද? පෝයනෙ?"

"මං එයාලගෙ ගමේ කෑම්පින් කරගන්න කතා කරගත්ත.. කොහෙද මේ මනුස්සය අදම තරහ වුනානෙ.."

"අනිද්ද ාවද්දි ඌ ශේප් වෙයි.. මොකෝ ඔප්පු තිරප්පු වලට ගහමරා ගන්නවයි කිලැයි 


එදා රාත්‍රීයේ අපි වේලාසනින් නින්දට ගියෙමු. කුට්ටන්ද වෙහෙස බව කීවේය.චන්ද්‍ර එදා බංගලාවේ නෛානැවතුන අතර තේවත්තක සුරුපි ගැහැනියක් ඔහු වෙනුවෙන් සිය යහනෙහි බලා සිටිනා බව කියා හිමකර නිරන්තරයෙන් විහිලු කළේය. 


වැස්ස එන්නට ඇත්තේ පොළව ට පොහොය ළඟ බව කියන්නය.ඉතින් මට මගේ සුරතලා අමතක නොවුවා නොවේය. පෙරදා රැයෙන් පසු ඌ නොආවේය. පුලුන් කොට්ට අත් පාද, ඒවායේ සගවා ගෙන සිටි උල් නියද වෙනම කතාවක්ය කීවේ. මට පුදුම මා ගෙදර ඉද්දී බුස් පැටවෙක්ටවත් ආදරය නොකිරීම ගැනය. 


රාත්‍රියේ මා ඇහැරුණේ කාගෙදෝ කෙදිරිලි හඩකටය. ඒ බංගලාවේ දොරට පිටතිනි. කුට්ටන් හෝ හිමකර අවදි වෙතැයි සිතුවාට ඔවුන් දෙදෙනාම මර නින්දේය. කලින් දවසේ අත්දැකිමෙන් හොදටම පාඩමක් ඉගෙන ගෙන සිටි බැවින් මම තනිව දොර නොඇර සිටියෙමි.


"කවුද? නෝනා.."

"දන්නැහැ"

“කවුරු වෙන්න පුලුවන් ද කුට්ටන්.."

"බලමු. "


කුට්ටන් ඉතින් යකෙකුටවත් බය නම් නැත. බංගලාවේ දොරට හේත්තුවී බිම දිගේ වැතිරෙමින් සිටියේ අනෙකෙකු නොවේ.  චාරුදරය. කලිසමද අඩක් ඉරී ගොස් තිබිණි. සිරුරේ තැනින් තැන සීරුම්ය. අඩ සිහියෙන් පසු වුවද සිරුරෙන් මතුවෙමින් තිබුණේ ගින්දරකි. 


" දෙයියනේ… මේ ළමයට සහලෝල උණ.  නෝනා, උදව් කරන්න පුලුවන්ද ..අපි අරන් යමු ඇතුලට. "


හිමකර කියන්නා වගේ පාලනයකින් තොරව කා බීද මන්දා මස්ගොබ දමා වැඩි හිදිනා චාරුදර, ඔසවා ගැනිම මට හෝ කුට්ටන්ට තනිව කළ නොහැකිය. දෙදෙනා එක්ව ඔහු වත්තන් කරගන්නට

 උත්සාහ කරද්දීද වින්දිතයාගෙන් කිසිදු අනුබලයක් නොලැබිණි. දිග අසුනේ චාරුදර වැටුණේ මලකඳක් වාගේය.කිසිම ප්‍රාණවත් බවක් ඔහු වෙතින් නොපෙනිණ. 


මම ඔරායන් බඳෙහි ඇති තාරකා ගෙනැවිත් වුවද, ඔබ සුවකරගමියි හිතෙන තරමේ ක්ශනික සිතුවිල්ලකින් වියරු වැටුණෙමි. එය පෙම්වතා පිලිබඳ නැගෙන ආකාරයේ ආදරයක්ද නැත්නම් අම්මා කෙනෙක්ට පුතෙකු ගැන දැනෙන ආදරයක්ද ඇත්තෙන්ම මා දන්නේ නැත. මට උවමනා එකම එක දෙයකි. චාරු, මේ දැන් ඇස් අරින්නට ඕනැය. සිනාවෙන්නට ඕනැය. මා කේන්ති ගස්වන්නට ඕනැය. 


මාත් කුට්ටනුත් දන්නා දන්නා හැම දේම කරන විට හෙමින් උණ අඩු ාවමින් තිබිණි. සීරුම් තැන් බෙහෙත් වතුරකින් පොගවා ඒමත කොළ වර්ගයක් තලා පිරියම් කළේ කුට්ටන්ය. ඒ මොනවාද මන්දා මන්ත්‍රයක්ද මුමුණමිනි. සෙමෙන් සෙමෙන්, උණ අඩුවී චාරු ඇස් අරින මොහොත එළඹිනි. 


ඒ මොහොත අයිති විය යුත්තේ මටය කියා මම බොළඳ පෙම්වතියක්ව සිතුවෙමි. පසුව "පිස්සුද ඕයි " කියා මගේම යටිහික බුද්ධිය පෙරදැරිව මා වළක්වන්නට කටයුතු යෙදුණේය. සන්නාහ සන්නද්ද වු ප්‍රේමයක් අතදරා සිටින හුදකලා රෝසමලකව මම චාරු ගේ දෙකම්මුල් දෝතින් අල්ලා ගනිමි. ඔහු හෙමින් නෙත් හැරියේය. ඉතිහාසයේ කිසිම දවසක නැති විදියේ උත්කර්ෂවත් හැගීමකින් මා ඒ මොහොතේ පිරීපයමින් සිටි අතර දීර්ඝ වගේම ගැඹුරු අක්ශි සම්බන්ධතාව ක් ගොඩ නැගෙමින් තිබිණි. 


ඒක සහමුලින්ම පටලැවීමකි. ඇසට ඇස භෞතිකව ගැටීමක් නොවේ. එහෙත් තවදුරටත් ඔහු මගේ ඇස් වලින් ලෝකය දකිමින් මා ඔහුගේ ඇස් වලින් ලෝකය දකින්නට සුදානම් වීමකි. පහසුවෙන් ගැහැනිය සහ පිරිමියෙක් ර ඇතිවෙන ආකාරයේ බැල්මක් නොවේ. 

ඒ ඇස්බැන්දුමත් සමග මට දැනුණේ අප මේ කඳු පන්ති අතර ඉහළ ආකාසයේ වලාකුළු අතරින් එක්ව ඇවිිද යාමකි. පහත විසාල තණබිම් කදුහිස් සානු පසුකිරිමකි. ජීවිතයේ වෙන්නට බැහැමයි හිතෙනාකාරයේ මායාවකට හසු විමකි. 


"නෝනා.." කුට්ටන් කතා කළේ මා පසුපස සිටගෙනය. මම ඔහු දෙස මැරි බැලුවෙමි. 

"කොල්ලට කවුරු හරි බන්දනයක් කරන්න හදලා වගෙයි. හැබැයි එයා ඒකෙන් අයින් වෙලා ඇවිල්ලා" රහසකි. ශබ්ද නොනගාය ඔහු කීවේ. 

"කවුද එහෙම කරන අය ඉන්නෙ මෙහෙ?"

"මෙහෙ ඉන්නවා පැරණි යක්දෙස්සො.. උන්ව මෙහෙන් ඈතට පන්නල හිටියෙ.  හැබැයි දැන් උන් ටිකින් ටික මතු වෙනව.  දේවදාර උයනෙ පැරන්නො විශ්වාස කරන්නෙ එයාලගෙ ප්‍රාර්ථනා ව ආයෙ පහල වෙච්ච කාලෙක යක්දෙස්සන්ගෙ සාප ඔක්කෝම ඉවර වෙනව කියල. "

" ඔයා කියන්නේ කුට්ටන්, දේවදාර උයනෙ මිනිස්සුන්ට සාපයක් තියෙනව කියලාද?"

"ඒවා කටකතා.. සමහර විට ළමයි නිදිකරන්න කියන කතාන්දර දිගේ හැදිච්ච ඉතිහාසය ක් වෙන්නත් පුලුවන් . ඒ වුනාට යක්දෙස්සො ඉන්නව. මං උන්ව දැකල තියෙනව. උන් හරි අමුතුයි … උන් දුර්වල ශරිර වලට පහර දෙනවා. ඒ ශරීර වලට ඇතුල් වෙන්න උන් දන්නව. ඒ නිසා අපට හරායටම මෙයාය යක් දෙස්ස කියල කියන්න බෑ. මොකද අපි උන්ව හොයාගෙන යද්දිත් උන් වෙන මනුස්ස ඇගකට මාරු වෙලා…"


එය ඇග කිලිපෙලා යන කතාවකි. චාරුදර මගේ ප්‍රතිචාර නිසා හිත දුර්වලව හිටියාද? නොවේනම් ,මේ කියන්නාවු  සංචාරක යක්දෙස්සෙක් චාරුදරගේ සිරුර අයිති කරගන්නට හැදුවාද? ඒ ඡේදය දේවදාර උයනට අලුත් එකකි. සංචාරක යක්දෙස්සන්.. උන් කොහොම ඇවිදින් මගේ නිරායුධ ප්‍රේම වත්කමට අත තිව්වාද?

Daffodil Terrace 17

 #DT



17 


මා ඇහැරුණේ අලුත් ඉර කිරණක් එක්කම වැහි බින්දු මුහුණ ට වැදීමෙනි. ඉර කිරණ සෞම්‍ය නැත. සෞම්‍ය වෙන්නේ කොහොමද? ඒ කුට්ටන් ගේ තඩි ටෝච් එකේ සැර එළියයි. එතකොට වැහිබිංදු.. ඒ හිමකර ඔහුගේ අතේ ඇති බෝතලයෙන් මගේ මුහුණ ට ඉසින ලද වතුර බිංදුය. මම වහා ගෙළ ඔසවමි. තවම කළුවරය. මගේ වම් පස සිටි සුරතලා එහි නැත. 


"හීනෙන් ඇවිදිනවද ඕයි.." හිමකර ඔහුගේ හිසකේ පසුපසට ඇදගනිමින් විමසුවේ කේන්තියෙනි. 


" නෝනා ඔයා එලියට ආවා නං කියලා ආවා නංනේ හොඳ… මට ටිකාක් නින්ද ගියා අප්පා.. බලන්ඩ.. කරදරයක් වුනා නම් එහෙම මෙහෙම ඉදලා.."


මම අසිරුවෙන් නැගිට්ටෙමි.


" වයින් එකක් බීලාත් ඔහොම පිස්සු කෙළිනවා නම් ආයෙ මෙහෙ ඔයාට බොන්න බෑ තීනු. යකෝ.. මොන ගටක් තිබ්බත් තමුසෙ කෙල්ලෙක්.. තමුසෙට මේ නියපිටින් හානියක් වුනොත් මේ දේවදාර උයන ඉවරෙටම ඉවරයි. මේකෙ ඉන්න මිනිස්සු ත්.. යමං දැන්.. ආයෙ බැහැපංකො බලන්න එලියට.. "


හිමකර මගේ අතින් තදින් අල්ලා ගත්තේය. මට වෙලාවකට මේ සහෝදරත්වය ගැන ලෝබත් හිතෙයි. මෙහෙම හොද හිතින් කෙල්ලකගේ අතින් අල්ලන්නට හැම කොල්ලාටම නොහැකිය. ඔහු අනික් අතට කාටදෝ කතා කළේය. ඒ ඒඩ්න්ට බව මම අනුමාන කළෙමි. 


"නැහැ නැහැ බං. සිහි තියෙනව. තනියෙන් එලියට බැහැලා.. නිකම් හිතපං.. එහා පැත්තෙ කන්දෙන් පහලට වත් ඇවිදගෙන ගියානම්.. මෙයාව ඉක්මනටම මලියෝනට කියලා ඩැෆඩිල් ටෙරස් එකට ගෙනිහින් බාර දෙන්නෝන"


ඒඩ්න් මොනවා කියනවාදැයි මට නොඇසේ. 

ඔහු හිමකරව අස්වසනවා විය යුතුය. මම අඩවන් ඇසින් හාත්පස නරඹමි. සඅරතලා කිසිතැනෙක නැත. මගේ ඇඳ මතට වී සිටියද මට නින්දක් ආවේ පාන්දර වෙන්නය. මාව ඇහැරවන්නට දොර ලගට ආ හිමකර ආයෙ හැරි. ගිය බැව් කුට්ටවන් කීවේය. මම කුට්ටන් මේසය මත තිවා ඇති කඩල ඇට කිහිපයක් අහුරට කටට දමා ගනිමින් නැගිට කන්ද පහලට එමින් සිටියෙමි. බංගලා කන්ද පාමුල බලා හිටියේ චාරුදරය. කමුහුණ කම්පිත ය. කලබලය. 

"මෝනින්.."

"ගුඩ් මෝනින්..ඊයෙ මොකද වුනෙ.. ඇයි මට කතා කරල තිබුණෙ.."

"ඩිටි එකේ ඉදලා.. ආවට පස්සේ මහ අමුතු ගතියක් දැනුණා. ඒක කියන්නයි ගත්තෙ.."

"ඩිටි? ආහ්… ඩැෆඩිල් ටෙරස්.. එහෙ කොහොමද හිතට අල්ලල ගියාද? "

"හ්ම්… චාරු, මට දෙයක් කියන්න තියෙනවා.  මේක මට හිමකරට කුට්ටට කියන්න බෑ. "

"මං අහන් ඉන්නෙ.."

යංකො.  


චාරුදරවද පෙරටු කරගෙන කාර්යාලය ට යද්දී හිමකර සිටියේ හේමන්ත බොස් හා කුටු කුටු සාකච්ඡාවකය. මගේ විකාරරුපි ක්‍රියාවලි නිසා චීස් පැහැති සැපට හැදුණු කොලුවා කලබලයෙනි.


"තීනෙත්මා.  "

බොස් කතා කළේය. හිමකරට යන්නැයි කීවේය. කරුණා පෙරදැරිව බැලුවේය. හිනැහුණේය. ඇගිලි දෙකතුනක් සෙලෙව්වේය. ටයි පටිය සැකසුවේය. ඔහු යම් දේකට නොසන්සුන් ය. 


"සර්.."

"තීනු… හිමකර කියනව …"

තඊයෙ අපි ඩැෆඩිලි ටෙරස් එකේදි ඩිනර් ගත්තා .. ඒගෙගාල්ලො ගාව හොදම රෙඩ් වයින් එකක් තිබුණ. ඉතින් , ..තේරෙනවනෙ සර් . හිමා පොඩ්ඩක් බයවෙලා ඉන්ාන.."

"මෙමෙ කලම්බො වගෙ න්ැනෙ තිනෙත්මා. හැම වෙලාවෙම අපේ ආරක්ෂා ව අපි බලාගන්නෝන.. අනිත්තෙක රැකට නම් එලියට බහින්නම එපා ළමයො. ඔයාට කලිනුත් ඔයාලට ඇනිමල් ඇටැක් එකක් ආවා නේද?"

"ඔව් කැළැ බල්ලෙක් .. "

"ඒකනෙ.. ඒකනෙමෙයි ඔයා මොකද ඩැෆඩිල් ටෙරස් ගැන හිතන්නේ "

"ඒක බෝඩිමකට නම් එක්ස්පෙන්සිව් වැඩි ඇති සර්"


හේමන්ත බොස් සිටියේ සිය කමිස අතේ අද්දර සකසමිනි. චාරුදර මා එනතෙක්දෝ එහි දොරෙන් පිටත බලා සිටියේය. 


" මලියෝනා කියන්නේ තීනු, හරියට කියවගන්නෝන ගෑනු චරිතයක්.. එයා නියමිත වයසකට කසාද බැදල ලමයි ලැබිලා හිටියනම් ඔයා ගෙ වයසෙ දුවෙක් එහෙම ඉන්නෝනනෙ. එයාට එ කාන්සිය තියෙනව.ඒඩ්න් කියන්නේ බිස්නස් කාරයෙක්. ඒඩ්න් ට මලියෝනාගෙ හැගීම් ගැන කෙයාර් කරන්න වෙලාවක් නෑ. ඒ නිසා එයා කැම ඔයා වගෙ ළමයෙක්ව හදන්න.. එහෙ ඉද්දි බෝඩිම් ගාස්තු ගැන වදවෙන්න එපා.ඔයාගෙ කෑමබීම ගැන වුනත"


"මගෙ කෑම නම් උදේටයි දවල්ටයි මං කුට්ටන්ගෙන් ගන්නවයි කියලා හිතා ඉන්නෙ"


"එහෙනම් මං මලියෝනට කතා කරන්නම් ඔයා මේ වීක් එන්ඩ් එකේදි එහෙ පදිංචියට එනව කියලා.."


හිස සලා පිටතට එනවා හැරෙන්නට විකල්පයක් තිබුණේ නැත. ඒ එද්දී චාරුත් හිමකරත් සිය හෙල්මට් හිසේ පලන්දාගනිමින් සිටියේ කොහේ හෝ යන්නටය. 


" තීනු, මං රිකවරි එකකට යනෝ.."

"අයියෝ.. දැන්මම යනවද?"


හිමකරට යන්නට ඉඩදි චාරු මවෙත

ආවේය. 


"මොකෝ? මං දැන් ඔෆිස් එකෙන් එලියට යනවටත් ඔයා කැමති නැත්ද?"

"මේ.. ඒ විකාර නෙමෙයි..  මට කියන්න දෙයක් තියෙනව"

"ලන්ච් ගන්න මං එනකම් ඉන්න"


මම මගේ මේසය ලග කවුලුව ට වාරුව බලා හිඳිමි. ජීවිතය ප්‍රශ්න ම පත්‍රයක් වෙමින් තියේ. මගේ වයසේ කෙල්ලකගේ ජීවිතය හරියට බැලුවොත් තවම මල් සමයකි. එහෙත් මට ඊට වඩා ගැඹුරු මෙන්ම දරුණු ගැටළු වලට මුහුණ දෙන්නට සිදුව ඇත. මගේ තාත්තාගෙේ සියදිවිනසාගැනිම අම්මා කියන ඔහු ඊට පොළඹවන ලද විෂ ඔහුගේ ශරීරයට ඇතුළු කරන ලද්දේ කවුද? 

සජීඩ් අන්කල් මරාදමන්නට ඇත්තේ කවුද? මගේ තාත්තා ඊට පටළා සුපුරුදු පරිදි අනියම් සම්බන්ධතාවක් ද ඊට පටළා කතාව ට වෙනත් අර්ථයක් ලබා දෙන්නට ඇත්තේ කවුද? 

ඒ ඔක්කෝම ත් හරි මං කවුද? මේ දේවදාර උයනේ බිමෙහි තවාන්වී ඇති මිනිස් ඇටකටු අයිති මේ පළාතට ආවේණික දේවදාර වැසියන් ට පමණක්ද? ඔවුන්ගේම සමාජ වටපිටාවක ඔහේ ඇතිවුණ සිරිත් විරිත් වෙනුවට මහා පුරාවෘතයක දිගු ඉතිහාසයක වේදනාවන් ජයග්‍රහණයන් එහි වැළලී නැත්ද? 


අද ඉර වෙනදාටද වඩා සිය දීප්තිය අඩු කරගනිමින් සිටියි. බ්‍රයිට්නස් අඩු කරගත්තාම හිරුට සිය ශක්තිය රැක ගත හැකිව ඇකි.. වසර දහස් ගණනක් එක දිගට ගිනිගන්නවා කියද පහසු දෙයකැයි නොසිතෙයි. 


" අක්කා කන්නැද්ද?" අහිංසක කොලුවා විමසයි. ඔන්න එවිට ප්‍රීතිමත් වහු පැටියා පුරුදු කලබලයෙන් කාර්යාලය ට ඇතුල් වෙයි. 


"කමු…." දරාගන්නට බැරි බඩගින්නක් ඇති බව අගවයි කෑම ගන්නා කාමරය කවුලුව නොවැසුවොත් අදුරුය. මා අදුරට වඩා එලියට කැම බව චාරු ඉවෙන් මෙන් දනියි.


"සොරි පරක්කු වුනාට.. මිනිස්සු ලීස් ගන්නකොට තියෙන හදිස්සිය නෑ.ඒවා ගෙවන්න.. මොනව වුනත් අපිත් ගිනි පොලියට මිනිස්සු න්ට ලීසින් දීලා උන්ව අමාරුවෙ දිනව කියල වෙලාවකට මට හිතෙනව."


"ඒක ලීසින් වල වැරැද්දක් නෙමෙයි.. අඩුගානෙ ගෙවිම් කාලෙ ඉවර වුනාම ඒ මනුස්සයට තමන්ගේ නමට වත්කම හරි ලැබෙනව. ඇත්තටම මිනිස්සුන්ව හුරගෙන කන්නෙ මයික්‍රො ෆයිනැන්ස් කාරයො"


"අපි කාටවත් අපේ ගමේ අයට ණය දෙන්න එන්න දෙන්නෙ නෑ.."


"ආවොත් මිනිස්සු ණය ගන්නවද?"


"මොන ස්වයං පෝශිත ආර්ථික ක්‍රමය සිස්ටම් ගත කළත් මිනිස්සු ණය දෙනව නම් නොගෙන ඉන්නෑ. ඒ මිනිස්සුන්ගෙ හැටි…"


"මට ඔයාට විශේ දෙයක් කියන්න තියෙනව.."


"කොයි වගෙ?"


"රහසක්.."


චාරු අම්මා දුන්නාය කියා රිදි පැහැ භාජනයක අසුරන ලද කෑම වර්ගයක් මේසය දිගේ මවෙත තල්ලු කළේය. අප හිදින්නේ එකිනෙකාගේ මුහුණට මුහුණ බලාගෙනය. 


" මට දැනෙනව එක විශේෂ කෙනෙක්, මාව ෆලෝ කරනව කියල.."

"තීනු?"

"අර එදා හිමාටයි මටයි ඇටැක් කරපු සතා"

"සතා?"

"ඔව්.. ඊයෙත් .. ඒ සතා.. වුල්ෆ් කෙනෙක්"

"මොනා?"

"ඔව් .වුල්ෆ් කෙනෙක්.. ඔයා මොනවද වුල්ෆ්ල ගැන දන්නෙ.."

"මං.. මං මොනවත් දන්නෙ නෑ.. ඒත්.. "

"ඔයා මේ දේවදාර උයනෙ ඉතිහාසය දන්නවා චාරු.."

"හ්ම්ම්ම්"

"ඔයා මට මොනව හරි කියන්න උත්සාහ කරනව නේද..ඒත් ඒක කොයි වෙලාවකවත් නොකියා මගාරිනව නේද?"

"මගාරිනව නෙමෙයි තීනු.. ඇත්තටම මංම සමහර දේවල් නොකියා ඉන්නවා"


චාරුදරගේ මුහුණ වෙනස්වි දුක්මුසුවී ගියේය. එහි ගැවසුණේ ප්‍රේමයේ ශාන්තිය ද නොඑසේ නම් කාන්තිය ද මම නොදනිමි. අඩ අනිධකාරය උරාගෙන එහි අදුරු ශක්තීන්ගෙන් හිස උදුම්මවාගත් විසල් දේවදාර හිස් මුදුන් අහසට ආවඩන්නාක් සේ ඈතින් දිස්විනි.


"අඩුම ගානෙ මං කවුද කියලා මට තේරුම් කරල දෙන්න ඔයාට පුලුවන් ද?ඔයා මං ගැන දන්න දේවල් ටික මට කියලා දෙනවද?"


චාරුදර අහක බලා ගත්තේය 

"ඔව්.. ඇත්තටම මං ඉන්නෙත් ඒකට..ඔයා කවුද, ඔයාගෙ පැවැත්මෙ තේරුම මොකක්ද කියලා ඔයාට තේරුම් කරලා දෙන්න.ඔයාගෙ වගකීම් වලට ඔයාව තල්ලු කරන්න..ඒත් මං දන්නවා ..එක දෙයක්..ඔයා ඔයා ව තේරුම් ගත්ත දාට ඔයාගෙන් ඔය දැන් ඉන්න තීනුව නැතිවෙලා යනවා.. 


මං මේ මං ඉස්සරහ වාඩි වෙලා පෙරේතකමට අලතීරු හපන කෙල්ලට හරි ආදරෙයිීනු. මට කවදාවත් ඔයා වගෙ ස්වීට් කෙල්ලෙක් හම්බෙන්න අවස්ථාවක් මගෙ ජීවිේ තිබිල නෑ. මට වෙලාවකට බයයි.. මං ඔයාට බැඳෙයි කියල.එහෙම හිතෙන කොට මං ඔයාගෙ ඔය ගුප්ත පාට ඒ වුනාට ලෝකෙ තියෙන ලස්සනට ම පේන ඇස් දෙක මග අරිනව"


"අනේහ්… චාරු…"


" එක ම එක දවසක් අපි ජීවිතේ කියල එක මොහොතක් ශෙයා කළා.. ඒක සමහරවිට මට ජීවිතේටම ඇති වෙයි.ඇත්ගටම මට ඔයාගෙන් ඒ මොහොත සදාකාලික ව ඉල්ල ගන්න විදියක් තියේනම් මං ඒ මොහොතෙ ම සතුටින් හිරවෙලා ජීවත් වෙනව"


"මැට්ටො.. මං කව්ද කියලා කියනව.. තව එකක්, එදා ඒ් මොහොත ගැන කියනවා නම් මට මේ තත්පරේ වෙනකම් හම්බෙලා තියෙන දැනෙන්නම කිස් කරන්න පුලුවන් පිරිමියා තමයි ඔයා"


"මාව සෙඩියුස් කරන එක වැරදියි, මට අද හවසත් ඔයාව අපේ ගෙදර එක්ක යන්න හිතෙන්න පුලුවන්.."


"ගෙදර ම නොආවට සමහර විට , මං කියන්නේ "සමහරවිට" ඔයාගෙ කොන්ද බදාගෙන දේවදාර ගස් අස්සෙ රවුමක් ගහන්න කැමති කෙල්ලෙක් ඉන්නත් පුලුවන් "


"ශුවර් ද?"


"හැබැයි.. ඒ මීදුම අස්සේ… මටත් දුම් කැරැල්ලක් යවන්නොන.."


"මං පුරුද්දක් විදියට සිගරට් බොන් නෑ.. ඒත් ඔයා ඒක කරන්නම ඕනෙ කියලා හිතෙනව නම් ඒක කරනෙක ගැන මං ඒතරම් නොහිතා ඉන්නම්.."


හවස වැඩ ඇරී සංචාරක බංගලාවට නොගොස්, "චාරු එක්ක ගමේ රවුමක් දාලා එන්නං" කීවාම හිමකර නළල රැළි කර නෝග්කඩු බැල්මක් බැලුවේය. 


"තමුසෙ කොයි වෙලාවක හරි පොඩි වස්සෙක්ව බඩේ දාගෙන එයිද කියලා සැකයි මට"

"අනේ පලයං බුරුවා.."


චාරු බයික් එක වේගයෙන් වේගයෙන් පදවා ගෙන ප්‍රධාන පාරෙන් අතුරු පාරක පැදගෙන ගියේය. සීතලේ හැදෙන දිගටි පත්‍ර සහිත පඳුරු පිරි බිමක එකිනෙකා නොපෙනෙන මිහිදුමක අපි බයිසිකලය නවත්නා බිමට බැස සිටියෙමු. 


චාරු හෙල්මටය ගලවා බයික් එක මතින් තැබුවේය. මම මිහිදුමෙන් වැහෙන , පරිසරය දෙස තණ්හාධිකව බලා සිටියෙමි. 


"සමහර වෙලාවට අපි ආදරේ බැම්මකින් බැදෙනව. ඒක මිදුමක් වගෙ. අල්ලන්න බෑ. ඒ තරමටම සියුම්.. දකින්න පුලුවන්. පැහැදිලි ත් නැ. ඒත් අපි දන්නවා අපි වටේ ඒක තියෙනව."


"අපි ඒක මගැරල ජීවිතේ වෙන වෙන දේවල් හොයනව.. ඇයි අපට බැරි ඒ වෙනුවෙන් ජීවත් වෙන්න.."


"සමහර මිනිස්සුන්ට ආදරේට එහා ගිය අරමුණු තියෙනව. සමහරු ඉපදිලා තියෙන්නෙ ඒ අරමුණු වෙනුවෙන් .එතනදි ආදරේ කියන්නේ ඒ අරමුණ ට යන ගමනෙ මගදිඇරෙන දෙයක් වෙන්න පුලුවන් "


" චාරු, මටත් තනියි.. "


ඇස් වලට එකට හසු නොවෙන්නට ඉඩ දෙන්නයි තිබුණෙ. ඇස් බැල්මකින් යාවෙන හැගිම් නතර වෙන්නේ උමතුවකිනි. මේ උමතුව අත්විදි හුදකලා නැවුම් මානවිකාව මායැයි සිංහනාද කරන්නට ,මට උවමනා නැත. එහෙත්, පරිපුර්ණ වීම වෙනෙකකි. චාරුගේ වැවුණු රැළි ගැහුණු ඝනැති හිසකේ අවුල් කරන මගේ අත් වල වෙනස මට දැනෙයි. ගැළවුණු කම්සයෙන් නිරාවරණය වෙන පිරුණ මස්ගොබ සහිත දෙවුරද මගේ දෑතින් පොඩිවෙනු සීරෙනුද පෙනෙයි. එහෙත්, මා මේ සිටිනුයේ කොතැනකදැයි හරියටම නොදැනෙයි නොතේරෙයි. මනස්ගාත! නැත ඒ මනස්කාන්ත මනස්ගාතයකි. අපි! අපි වෙන් වෙන්ව තැන් තැන්වල හුදකලාවේ සැරි සැරු අතරමංවුන ආත්ම දෙකක් වීමු. පිපාසය ගිනියම්ව දැවුණද , මේ නිවීම තෙක් දිවෙන ඇවිලීම බව හදුනා නොගෙන සිටියෙමු. 


පරිපුර්ණ ඇවිලිමක දෙදෙනාම ඇවිලිය යුතු අතර, නිවිම දෙදෙනාටම පොදු විය යුතුය. තෘණ බිමෙහි තැන තැන විසිරුණු ඇදුම් , අතරින් මිිහිදුම ඉරා විනිවිද එකිනෙකාගේ සිරුරු සොයා ගත් දෙදෙනෙකි. ශිෂ්ට යැයි සම්මත සමාජය ඇතුළෙන් අශිෂ්ට වනචාරි ප්‍රචන්ඩ පරිපුර්ණත්වය සොයා ගත් ගැහැනියක සහ මිනිසෙකු වශයෙන් ඔවුන් දෙදෙනා එකිනෙකාගේ සිරුරු වැළඳ ගනිමින් සිපගනිමින් බොහෝ වෙලාවක් තිස්සේ උත්කෘෂ්ට ඉක්මවා යැමක් වෙනුවෙන් සටන් කලහ. අවසානයේ මිනිස් ආත්ම වල සැගවුනු තිරිසන් ශක්තීන් නිවිගිය පසු ඔවුන්, එනම් අපි වඩාත් සාමාන්‍ය මිනිසුන් ලෙස එකිනෙකාගේ සිරුරු වලට තුරුලුවී රමණයක අති රමණිය වෙහෙසකර භාවයක් සිහි කළෙමු. 


ඊලග මාසෙ නෙමෙයි ඊලග මාසෙ පෝය දවසට , මං ඔයා ගැන හරියටම ඔයාට කියන්න පුලුවන් කෙනාව ඔයාට මුණ ගස්සනව.. 


ඇත්තටම ද


හැබැයි එතකම් අපි පුලුවන් තරම්, මේ ලෝකෙ වෙන දෙන්නෙක් ඉන්නැති තරම් ආදරෙන් ඉම්මුද?

Daffodil Terrace 12

 #DT 



12


මිටියාවතකි. කුඩා ගංගාවකි. කදු යායකි. වියළි පත් පිරි ගිය ඉවුරුය. ලී වලින් තැනුන පාළමකි. ඒ චාරුදරගේ නිවසට එහායින් පෙනන දසුනය. චාරු ඔහුගේ අම්මා මා වැලඳ ගැනීම දෙස බලා සිටියේය. 


"මොකද පුතා කරන්නෙ.. අපි මෙහෙම එළියෙ හුලං වැදි වැදි සුප් ටිකක් බොනවද? නැත්නම් ගේ ඇතුළට යමුද? ඇය, මගෙන් විමසුවාය.චාරු ළගට ආ ජනපදයට අයත් කිසිවෙකු ඔහුට ළංවි කුමක්දෝ කීවේය. තරුණයා හිස වනමින් කුමක්දෝ කියා ගෙතුළට ඇතුල්වන්නට මෙන් ඇවිත් 

" සුරියා ලගෙ ගෙදර ලයිට් වල ප්‍රශ්නය ක් මං ගිහින් ඒක ෆික්ස් කරල දීලා එන්නම්" ය කීවේය. "වාව්! ඔයා ඒ වැඩත් දන්නවාද? " කියා බොරුවට මවිත වෙන්නට උවමනා නැත. කොහොමත් චාරු හුගාක් ප්‍රායෝගික දේවලට හුරු බව මට ඒ වන විට දැනී අවසානය. 


චාරුගේ අම්මා, සහ ඇගේ අම්මා .. ඔවුන් හැම විටෙකම ශක්තිමත් ගැහැනු සේ පෙනිනි. ගෙළ වටා වෛර්ණ සලු පැළඳ සිටි අතර දිගු සාය වලින්ද ඒවාට ගැළපෙන අත්දිග ජර්සිද හැඳ සිටියහ. අප හිදගෙන සිටියේ ලී වලින් තනන ලද මේසයක් වටාය. චාරුගේ අම්මා විසින් කරකරන ලද පාන් මෙන්ම සුප් පෝච්චියක්ද ගෙන ආවාය. අත්තම්මාද අප සමග කතා කරමින් සිටි අතර චාරු! චාරු දනිස්ස තෙක්  දිගැති ඩෙනිම් කොට කලිසමක් පමණක් හැඳ ෙගයින් පිටතට ආවේය. 


ඇත්දළ පාටට හුරු පිරුණු මස්ගොබ සහිත පිරිමි සිරුර මගේ ඇසට හසුවු පළමු වතාව එයය. තිනෙත්මා! මගෙන් පිටස්තර මා මටම දරුණු පහරක් එල්ල කළේය. මගේ ඇස් ඇත්තටම ඒවා චාරු පසුපසින් ලුහුබඳිමින් තිබි අතර ඒ ගැන අනික් කිසිවෙක් විපරම් නොකළේ මගේ හොඳටමය. විනාඩි ගණනකින් පසු මිහිකත සගවා ගෙන සිටින අපුරු ගම්මානය කලුවරෙහි ගිලී යමින් තිබිණි. එහි චමත්කාරය විසිරෙන්න පටන් ගත්තේ එවිටය. විදුලි බල්බ වටකර පොල් හනසු වියළි කොළපත් ආදියෙන් සරසන ලද අපුරු ලන්තැරුම් හැම ගේකම හැම ගහකම අත්තකම දැල්වෙන්නට පටන් ගත්තේය. මම ඒ දර්ශනයෙන් සහමුලින්ම වශිවුයෙමි. 


"මෙහෙ හැමදාම මෙහෙමද?"

"ඔව් දරුවො.. අපි ඉස්සර පත්තු කළෙ විලක්කු.. පස්සේ චිමිනි ලාම්පු.. හැම ගෙදරකම කට්ටිය එකතැනකට එකතු වෙනවා.. හැම ගෙදරකින්ම රෑකෑම හදනවා.. එකතු වෙලා කන්න බොන්න. අපේ පිරිමි හැම රෑම බොනවා.. උන් බොන්න දක්ශයි.දඩයමට දක්ශයි.."


අත්තම්මා කියාගෙන ගියාය. 


"අපි මේ බිම්වල මුල් අයිතිකාරයො.  අපටම කියලා සිරිත් විරිත් උරුම තියෙනව. රහස්.. පරම්පරාවෙන් පරම්පරාවට අරන් යන හරි සුන්දර රහස්.. අපේ බලාපොරොත්තු .. එතකොට ප්‍රාර්ථනා ව.. අනාවැකි හරිනම් මේ අවුරුද්ද වෙනකොට ප්‍රාර්ථනා ව අපි හොයාගෙන එන්න ඕන.. මේ වෙනකොට එයා ඉපදිලා ලස්සන කෙල්ලෙක් වෙලාත් ඇති.. "


" ඇයි මිනිස්සු ප්‍රාර්ථනා ව බලාපොරොත්තු වෙලා ඉන්නෙ.. එයාට මොනවද කරන්න පුළුවන්.."


චාරුගේ අත්තම්මා සිනාසුණාය. 


" ප්‍රාර්ථනාව කියන්නේ තෑග්ගක්. නිර්භීතබව ආත්ම ශක්තිය විශ්වාසය මේහැමදෙිම එකතුවක්.එයා ශක්තියක්..එයා අපේ ජීවිත ආලෝකමත් කරන්නයි එන්නෙ.."


ගෙළ ඇළකරගෙන මා එදෙස බලා සිටිනා අතරතුර චාරු අපවෙත ආවේය. ඔහු සහ ඔහුගේ කොල්ලන් රංචුව, "ඌ වගේම වහුපැටව් රැළක්" ඉන්නවා කියා හිමකර කී කතාවද මට සිහිවෙයි. මේ කොල්ලන් කිසිවෙක් උඩු කයට වැස්මක් දමන්නේම නැත. ඒ වගේමය. උන් හැම දෙනාම එක වගේ ලස්සනය.ඇත්දළ පාට හමත් රේඛා ඉලිප්පී හැඩට කැපුණු මස්ගොබ සහිත ශක්තිමත් ශරීරත් ඔවුන්ට හිමිය. 


චාරු ගේ ඇහිබෝල දිලිසෙති. ඒවා අලුත් කතාවක් කියන්නට සැරසෙති. 


" කොහොමද අපි?"

"මං ආසයි… මෙහෙට"

"මං කිව්වනෙ. අනිවාර්යයෙන් ඔයා ආස වෙයි කියල"

"ම්ම්ම්"

"තිනු.. "

"ඇයි?"

"මට ඔයාට දෙයක් දෙන්න තියෙනවා.. "

"මොනාද?"

"යංකො"


චාරු මා ඉස්සර කරගෙන ගෙතුළට ගියේය. මේ ගෙවල් ඇතුළ සරලය.එහෙත් සැපය.පහසුය. වැඩියෙන් ඉඩ දී ඇත්තේ සොබාදහමටය. චාරුගේ කාමරය යැයි සැක කරන කුටියකට ඔහු සමගම ගියේය. එහි නම් වශයෙන් කිව හැකි බොහෝ දේ නැත. එහෙත් ඉන් මතුවෙන පැරණි ගතිය හදලඇහැරවන්නකි. සතුටු හිතෙන්නකි. ප්‍රබෝධමත් එකකි. 


"මේක මගෙ පරම්පරාවට අයිති දෙයක්.. අවසානම එක කිව්වොත් හරි.. ඔයා වෙනුවෙන් ඔයා හම්බ වෙන දවසක ඔයාට දෙන්නයි මං මේක තියාගෙන හිටියෙ.. මේක ඔයා ළග තියෙනකම් ඔයා හිතින් ආරක්ෂිතයි කියල මට විශ්වාසයි. "


එය පැර්නි පාට පෙන්ඩන්ට් එකක් සහිත නුල් වලින් සැදු කුඩා මාලයකි. පෙන්ඩන්ට් එක වෘතාකාර එකකි.  එය විවර කරන්නට ඕනැය කියා මට හිතුණා පමණකි. චාරු එය විවර කළේය. එහි වුයේ කුඩාම පැළයකි. 


"මේක… හර්බ් එකක්.."


මම එය මගේ ගෙලෙහි දමන්නට ඔහුට ආරාධනා කළෙමි. අනෙක් පස හැරුනෙමි. තරමකට කර කැපී ඇති ලා දුඹුර් පාට ලිනන් බ්ලවුස් එකට චාරුගේ තෑග්ග අමුතු පෙනුමක් එකතු කරන්නේය. මම කොන්ඩය එක පැත්තකට හලාගෙන ඔහුට මාලයේ කුඩා කොක්ක රදවන්නට උදව් කළෙමි. 


"තීනු.. "

"ඕ.."

"කොන්ඩෙ සුව..ඳයි. ඉඹින්නම හිතෙනවා.. "

"එහ්.. එපා හරිද.. ශර්ට් එකකුත් නැතුව .. ඉදගෙන මෙතන මගුලක් කතා කරනව."

"අපි ශර්ට් අදින් නෑ.. සාමාන්‍යයෙන් "

"අදින්නකො ඉතින්.."

"ඔයාට ඕන මාව ඔයාට ෆීල් වෙන එක නවත්තගන්න.."

"ඔන්න පටන් ගත්ත විකාර දොඩවන්න.."

"දවසක ඔයා අනිවාර්යයෙන් ඕක කියනව.. "

"මොකක්ද?"

"මං කිව්ව දේ.."


චාරු කියෙව් හිත මාගේය. විටෙක ඒඩ්න්ටත් විටෙක චාරුටත් එය දෝලනය වෙයි. ඒත් කිිසිම මානසික විදීමකින් තොරවම මාව නතු කරගන්න බලය වැඩියෙන් තියෙන්නේ කාටද? ඒඩ්න් ටද චාරු ටද? 


" ඔයාව කිස් කරන්න ඕනෙ"


මට පෙරදා රාත්‍රිය සිහිවෙයි. මට මේ සිහිනයෙන් ඇහැරෙන්නටම ඕනැය. කාටවත් මගේ සිහින ඇතුලට එන්නට ඉඩ දෙන්නට නොහැකිය. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ මේ පිරිමි දෙදෙනා මට එකම විදියේ වචන කියන්නේ ඇයි? 


"මට බෑ.."

"ප්ලීස්…."

" මාව ගෙදර ඇරලවනවද?"

"බෑ.."

"අත්තම්මාට කිව්ව නම් එයා වාහනයක් අරන් දෙයි යන්න කියල"

“ කියන්නකො .. එක ම එකක්.. ඒක විදල මට කියන්න ඒක අයිතිවෙන්නෙ මොකකටදද කියලා."


අපි එකිනෙකා ඉදිරියේ සිටගෙන සිටිමු. මුහුණ ට මුහුණ! ඇසට ඇස යාවිණි.  චාරු මගේ ඉග වටා වම්අත යැව්වේය. ඉණෙන් ඇද ළගට ගත්තෙිය. 


"මට අර ගග බලන්න යන්නෝන.. . හෙට යංද"

"එ් කියන්නේ හෙටත් එනව.. එහෙමද"

"_ඔව්.."

"ඒ කියන්නේ මං හෙටත් ඔයාව අරන් ඇවිද්නෝනද?"


ඒ කියද්දී චාරුගේ බටිත්ත තොල් තිබුණේ මගේ මුහුණ අසලමය.  ක්‍රමයෙන් ඒවා පහත්වු පසු මට ඉන් මිදෙන්නට මගේ හිත කීවේම නැත. මට කොනිත්තා බැලිය හැකි තරම් ළගක මං ආස විදියේ පිරිමි ළමයෙකුගේ හයිය පපුවක් ගිඩි ගිඩි ගිඩි ගා ගැහෙනු මට දැනෙයි. 


" කිස් මී.." චාරු මිමිණුවේය.    චාරුගේ නිදන කාමරය ඇතුළත ලන්තැරුම් වල එළියෙන් අපි එකිනෙකාට හොදින් පෙනෙමින් සිටියෙමු.  නළල් තල එකිනෙක වැදිනි.වෙන්විනි. දෙතොල් මත සටහන් පිපාසයකි. කවදාවත් නොදැනුන තරම් ගැඹුරු උණුසුම් පිපාසයකි.


" ඔයා දන්නවද තීනු, මේ දැනෙන්නෙ ගින්දරක්.. අපිව අපට හම්බ වුනාම අපට අපිව කොච්චර ඕනද කියලා දැනෙන්න මේ නේචර් එක අපට මැසේජ් කරන විදිය මේක. ඔයා ව බලෙන් හැඩගස්සල තියෙන ඔය සදාචාරාත්මක යි කියලා මිනිස්සු කියන සමාජ ක්‍රමේ අස්සෙ මේ ගින්න නිවා ගන්න ඔයාට බෑ. ඒකට ඔයා අයිති තැනට ඔයා එන්නෝන. මේකෙ අපි එක්ක ජීවත් වෙන්නොන.. අපි දෙන්නව අපි දෙන්න ගිනි තියාගෙන ඉවරයි දැන්.. " චාරු සිටියේ අපහසුවෙනි. ඔහු අනෙක් පසට හැරී බිත්තියේ දෙවැලමිට තියාගෙන ආවේගය නිශ්ශබ්ද කිරීමට උත්සාහ කළේය. 


"චාරු.." මගේ ඇස් වල ආරාධනා තියෙන්නට ඇතැයි මම විශ්වාස කළෙමි. අප දෙදෙනා අතර ගින්න ඇවිළෙන්නට පටන් ගෙන තිබේ. චාරු වඩාත් තදිනුත් මෘදුවත් මගේ සිරුර පිරිමදිමින් හුස්මකට වත් ඉඩ නොදී සම්පුර්ණයෙන් මගෙ දෙතොල ඔහුට අත්පත් කරගත්තෙය.


"බ ඩ ගි නි… ද?" අවසානයටම මගේ කම්මුල් පිරිමදිමින් අහන තුරුම චාරුත් මාත් ඉද ඇත්තේ වෙනමම ලෝකයක බව මට දැනෙමින් තියේ. පෙරදින රාත්‍රිය වෙනස්ය. අදදින රාත්‍රිය ඊටද වෙනස්ය. 


" අද තමයි මට මගෙ පර්ෆෙක්ට්ම පාට්නව ලැබුණෙ." චාරු මෘදුව කීවේය. මටද එය එහෙමම දැනෙන්නේ මන්දැයි නොහැගෙයි.ඒත් එතෙක් මෙතක් සිදුවී ඇති සිද්ධි එක්ක බැළුවාම අද තමයි හොදම දවස කියා කිවහැකි ගතියක් දැනටම දැනෙන්ට පටන් ගෙන තිාබ්.

Daffodil Terrace 10

 #DT



ඩැෆඩිල් ටෙරස්


10


“ඕන තරම් හේතු ඇති ..තීනු. බිස්නස් එක්ක දැන් ජාවාරමි එකතු වෙලා තියෙන්නෙ. අපට මේක හරි මේක වැරදි කියලා සුපිරිසිදු දේවල් දැන් හොයන්න බෑ."


"මිනිස්සු වගේමයි නේද"


"හ්ම්.."


හිමකර එකතු වුයේ අතරමගිනි. මට ඉදිරිපස අසුනේම යන්නැයි කී හෙතෙම පසුපස අසුනේ හතර ගාතයම දමා ඇදගෙන වැටුණේය. ඊයේ පෙම්වතියක් කියා එකියක සමග සෙල්ෆි ගනිමින් සිටි මතක පටයක් හිතේ කොහෙදිදෝ හමුවිය. 


"ඒඩ්න්.."

මම කල්පනාකාරීව ඒඩ්න් දෙස බැලුවෙමි. ඔහු අද අත්දිග සරල ටීශර්ටයක් හැද සිටියි. කැප් එකක් දමා ඇත. මදෙස බලා ඇස් වලින් ඇයිදැයි ඇසුවේය. ඒඩ්න්ගේ මේ වගේ බැල්මකට අවුල් නොවි ඉන්නට හිත හදාගන්නයැයි මම කොතෙකුත් මසිතට කියමි. එහේත් ඉන් කිසිම ප්‍රයෝජනයක් නැත. 

" ඇයි..ම්?"


" නිකම්..  මං මොකක් හරි කියන්න තමයි හැදුවෙ.. හැබැයි මටම ඒක අමතක වුනා.." 


"හා කො.."


"ඔයාගෙ ලව් එකට මොකද වුනෙ? අර නිළිය.. "


"ම්..හ්ම්.. එයා.. එයා ඉන්නවා ඉතින්. අපි ලව් කළා. සමහර රීසන්ස් නිසා අපට සෙපරේට් වෙන්න සිද්ධ වුණා. ජීවිතය කියන්නේ ඇත්තටම ගමනක්.. සමහර මිනිස්සු ගමනාන්තයක් හොයාගන්නවා. සමහරුන්ට ගමනාන්තයක් තෝරගන්න ජීවිතය ඉඩ දෙන්නෙ නැ. ඒ මිනිස්සු ඒක තමන් ගාවට එනකම් ඇවිදගෙන ඇවිදගෙන යනව."


"ඔයා කියන්නේ ඔයා ඩෙස්ටිනේශන් එකක් නැති පැසෙන්ජ කෙනෙක් කියලා.. එහෙමද?"


"එක්සැක්ලි.. මං වගෙ පැසෙන්ජ කෙනෙකුට ඩෙස්ටිනේශන් එකක් තීරණය කරගෙන ඉන්න පැසෙන්ජ කෙනෙක් ගෙ අතක් සදාකාලෙටම අයිති නෑ.."


"ඒකයි ඔයාලා බ්‍රේකප් වෙන්නෙද?"


"ඒ එකක්.. ඉතින්. එයා ස්ට්‍රෝන්ග් නැති එකත් මට ප්‍රශ්නය ක් වුණා.. මොකද මට තියෙන්නෙ හාඩ් ගමනක් .ඇත්තටම මාත් එක්ක ජීවත් වෙන්න කෙල්ලෙක්ට හොඳ මොරාල් එකක් තියෙන්නෝන.. හොඳ කියන්නේ පට්ට මොරාල් එකක්.. ඒ මොරාල් එක එයාට නෑ. එයා වීදුරුවක් වගෙ හමක් තියෙන බෝනික්කේ වගෙ ලස්සන කැමරාවක් ඉස්සරහ අඩන්නයි හිනාවෙන්නයි දෙබස් කියන්නයි දන්න ගෑනියෙක්"


මෙයා මෙයා ගැන හිතා ඉන්න විදිය.මොරාල් එක නැතැයි කියා ඔහු විවේචනය කරන්නේ දිනකට වැඩිම ගාණක් රංගනය සදහා අය කරන ප්‍රධාන නිළියන් කිහිප දෙනාගෙන් කෙනෙකි. 


" ඔයාට මෙහෙ මොනා හරි ඕන නම් කියන්න.. මං ගාව බඩු තියනව.ඕන වෙලාවක" ඔහු එය අතිරේකව කළ පිරිනැමීමකි. මොනාහරි යනුවෙන් අදහස් කළේ මත්ද්‍රව්‍ය බව මම දනිමි. සමහර දවස් වල සවස්වරු ගෙවා නිමකළ නොහැකි තරම් දීර්ඝ ඒවාය. ඒ වාගේ වෙලාවක ඇබ්බැහි නොවුවත් අත්දැකිම් ඇති යමක් හා මුහුවෙන්නට හිත ඉල්ලයි. 


" කොහොමත් ඔයාගෙ ඔය තියෙන හිස්ට්‍රි එකයි දාගෙන තියන ප්‍රශ්නයි ඔයාටබදැනට හොඳටම ඇති. ඔෆිස් එකේ කොල්ලො එක්ක ඩ්‍රින්ක්ස් ගන්න අරවගෙ දෙයක් ශෙයා කරගන්න එහෙම එපා. හිමායි මමයි ඉන්නවනෙ. අර දඩ සයිස් කොල්ල එක්ක නම් වැඩි සීන් එකක් තියාගන්නෙපා කොහොමත් .මට ඌව සෙට් වෙන්නෙම නෑ"


ඔහු දඩ සයිස් කොල්ලා කියා හැදින්වුවේ චාරුදරවය. 


දේවදාර ගස් අතරින් අප යනවිට රාත්‍රිය හාත්පස වැලදගෙන තිබිණි. මිහිදුම අතරින් කිසිම වාහනයක් මිනිහෙක් අප පසුකර ගියේ නැත.මුහුණට මුහුණ හම්වුයේද නැත. ගල්භීත වී බලා ඉන්නවා විනා රාත්‍රිය මට කතා කරන්නට වචන උපැද්ද වුයේද නැත. 


"හරි අමුතුයි මේ හරිය..පාලුයි.."

"හ්ම්.."

"මං කවදාවත් මේ හරියෙදි වාහනේ නවත්තන්නෙ නැහැ"

"ඇයි?"

"නිකම් ඒක නිකම් ස්වභාවිකව දැනෙන හතුරු පළාතක් වගෙ දැනෙනව.." 

" හඳ වත් තිබුණනම් එළියයි.. "

"ඔයා හඳටද කැමති.."

"එහෙම කියන්න දන්නැහැ.. ඒත් මං හඳ පායනවට කැමතියි..හඳ පායනකම්ම පපුව ඇතුළෙ මොකද්දො මන්ද නළියනව.. ඒක පපුවෙන් එලියට ඇවිත් ලේ වලට එකතු වෙනවා වගේ දැනෙනව. ඒක හිතට කියනව වගෙ මොකක් හරි කරපන් කරපන් කියල.ඒක මොකක් හරි බැම්මක් බිදින්න කියලා හිතට බල කරනව. හරියට බැම්මක් බිදලා ඉහිල් වෙයං වගේ දෙයක් කියනව"


ඒඩ්න් මදෙස මොහොතකට බැලුවේය. 


" ඔයා කතා කරන්නෙ හරියට… හරියට….."

"ඇයි මං වගේ හඳ ගැන කතා කරපු කවුරු හරි ඔයාට හම්බ වෙලා තියෙනවද?"

"මං ඔව් කිව්වොත් ඔයා මොකද කියන්නේ "

"මං අහයි කවුද කියලනේ.."

"මං ඒකට කිව්වොත් ඒ 1853 ෆ්ලොරිඩාවල කෙනෙක් කියලා"

"මං කියයි ඔයාට පිස්සු.. ඒ කාලෙ ඔයා කොහෙද..අනික ඒ ෆ්ලොරිඩා මේ ලංකාව කියල"

" මං ඔයාට මෙහෙම කිව්වොත්.. ඊයෙ රැ ඉදලම මට ඔයාව කිස් කරන්න ඕනවෙලා ඉන්නවා කියල"


ඒඩ්න් කියද්දී මම තිගැස්සි ගියෙමි. හිමකරට ඇසුනාදැයි බියෙන් හැරි බැලුවෙමි. බෙල්ල කඩාගෙන ඔහු නින්දේය. ඒඩ්න් සිනාසෙමින් සිටියේය. නෑ.. සමහරවිට මගේ තැන වෙනත් ගැහැනු ළමයෙකු සිටියා නම් ඒඩ්න් කී දේ ගැන අනන්ත අප්‍රමාණ වැරදි දේ සොයා ගනු ඇත. 


ඒඩ්න්ත් මාත් එක වරක් හෝ සිපගත්තොත් එය එතැනින් කෙළවර නොවෙන බව මම හොදින්ම දනිමි. අප අතර යම් රසායනයක් ඇතිවෙමින් පවතියි. 


"සතියක් විතරක් දන්න කෙනෙක්ව කිස් කරන්න ඉක්මන් වෙන්නැ මං"

"ඒ කියන්නේ ඊට වඩා දැනන් ඉන්නෝනද?"

"අනිවාර්යෙන්ම ඕ.."

"කලින් කිස් කරලා තියෙන හැම එක්කෙනෙක්ම එහෙමද?"

"ඕ.."

"ලයර්"

මම හයියෙන් සිනාසුනෙමි. 


"නෑ ඉතින්.. සමහරු එහෙම නෑ.. ඒක තීරණය වෙන්නෙ සිහිය නැතිවෙන එකේ පසන්ටේජ් එකත් එක්ක.. "

"අයි විශ් අයි ව දෙය."

"සීරියස්ලි.."

"අම් නොට් කිඩින් .. "


ඒඩ්න් කියාගෙන යයි. 


"ඔයා ෆ්ලර්ටින් නම් හරියටම කරනව.."

" ඇන්ඩ් අම් ඇන් ඇමේසිින් ලව ටු"

"සෝ.."

"ජස්ට් ට්‍රයි මී..වන්ස්"


ඒඩ්න්ගේ වාහනය බංග්ලෝ එකට ගෙන යා නොහැකිය. කුඩා කදුමුදුනට නැගිය යුතු පාරේ එක දිගට බල්බ. දල්වා ඇත. ඒවා ඈතට පලිගු පහන් මෙන් දිස්වෙයි. 


"බෑග් ටික මෙහෙමම වාහනේ දාලා යන්නං .. ඒඩ්.. මට නම් ඔය ටික අරන් දැන් මේක නගින්න බෑ. කෙල්ල.. ඔයාත් යං"


"උඹ නැගහං.. මං තීනු එක්ක හෙමින් එන්නං.. මෙයාට කොහොමත් ඔයාගෙ ස්පිඩ් එකෙන් නගින්න බෑනෙ"


අන්ධකාරයය. සීතලය. මිහිදුමය. උණුසුම්ව ගැහෙනා හදවතක් ඇති තරුණයෙකි. සිගරට්ටුවක් දුම් වලල්ලක් තමන් වටා ඔතාගන්නට කැමති තරුණියෙකි. 


"යං..මං එක්ක යන්නං"

"එපා..ඔයා යන්න.."


ඒඩ්න් සෙමෙන් මගේ හිස මතින් අත්ල තැබුවේය. ඒ ලෝබ හිතෙනා හැගිමකි. කුඩා කන්දේ මැද හරියේදි විදුලි පහන් සියල්ල නිවී ගියේය. රැය අයිති සත්වයින්ටය. නොනිදා පහන් කරන්නේ උන්ය. කරුවලේ ඇස් පෙනෙනුයේ උන්ටය.මම දෑස වසාාගන හිදිමි. ඒඩ්න් ෆෝන් එකේ ලයිට් එක දල්වාගෙන හිදී. අපි ඒ ආලෝකයෙන් පියගැට එකිනෙක නගිමින් සිටින්නෙමු.


"බේබි..ජස්ට් කිස් මී වන්ස්"

"ඒත් ඇයි. "

"අයි ලව් යෝ ලිප්ස්.. රයිට්.. ඇන් අයි ෆීල් ඉට්.. "

 ඒඩ්න් ගේ ඇගිලි වල ස්පර්ශය මුලින් මගේ නිකටටත් කොපුල් වලටත් දැනිණි. ඉන්පසු ඒ ඇගිලි වලින් මගේ තොල් පෙති පොඩිවිණි. මම දෑස වසාගනිමි. ඒඩ්න්ගේ දෙතොල් මගේ තොල් මත තැවරි ගැවසී පැවතිණි. එයින් ලද්දාවු උත්ප්‍රේරණිය හැගීමක් මට ඒ උණුහුමෙන් නොමිදෙන්නට බල කළේය. ඔහු ක්ශනිකව මගෙන් අහකට සිය මුහු හරවා ගන්නවාත් ඒ සමග දෑස් විවර කරන්නට බල කරන හැගිමකුත් මා ආවරණය කරගත්තේය. 


" තී…නු..වෝ" 

"ඒයි ඇස් අරිනවකෝ"

මුහුණට ඉහුණේ උනුවතුරය. මම ඇස් ඇර බැලුවෙමි. ඒඩ්න් සමග සිපගනිමින් වගේ කන්ද නැගි මා ඒ වනවිට බංග්ලෝ එකේ සෝෆාව මත දිගාකර තිබේ. මා අවට කුට්ටනුට.හිමකරය. 

 ගෙළ ඔසවද්දී අසල ආසනයක හිදගෙන ඒඩ්න්ය. මම මගේ තොල්පෙති පිරිමැද බැලුවෙමි. 


"අපි මෙච්චර ඉක්මණට ආවද?"

"අපි.. හ්හ්.. ඔයාව වාහනේ ඉදල නින්දෙන්ම උස්සන් ආවෙ උඩට.."

"ඔයා කියන්නේ මං එක අඩියක්වත් පයින් ආාව නැහැ කියලද"

"ඒඩ්න් ඔයාව පුලුන් කෑල්ලක් වගෙ උස්සන් ආව නිසා.. "


 ඒඩ්න් මදෙස ජයග්‍රාහි සිනාවක් පාාගන බලා සිටියේය . මේ මනුස්සය මගේ හැගීම් වලට රිගුවේ කොහොමද ?

Daffodil Terrace 11





 #DT

Daffodil Terrace


11 


"අද උඹ මෙහෙ ඉදල පලයං"

"බෑ.. හිමා."

"උඹගෙ ඩැෆඩිල් ටෙරස් මන්දිරේ වගෙ මෙහෙ සැප නම් නැහැ තමයි.."

" එහෙම දෙයක් නිසා නෙමෙයි.. ජස්ට් බෑ.මං යන්නම්.."


ඒඩ්න් කියන්නේ මදෙස තියුණු බැල්මක් බලාගෙනය. මම දෑත් දෙපසට කර වට් කියා දෙතොල් සොලවා අසමි. ඒඩ්නුත් ඒ ආකාරයටම තැන්ක් යු කීවෙිය. ඔහු ස්තුතියි කියන්නේ මොනවාටද? 


"මොනටද ?"

"I’d love to kiss you again” 

“Again?” 


හිමකර යළිත් අප වෙත ආවේ කෝපි කෝප්ප දෙකකුත් රැගෙනය. "වොශ් එකක් දාගන්නං" කියා එතැන්නි යන්නට ගියේය. ඒඩ්න් කෝපි එකත් රැගෙනම පිටත කොරිඩෝවට පියමැන්නේය. ඔහු මගේ හිසැතුළ සිටියේ කොහොමදැයි මට දැනගන්නම ඕනැය. දඩබ්බර හිතුවක්කාර තිනෙත්මා ඒඩ්න් පසුපසින් නොයා සිටිවිද?


" ඔයා මොනවද කරන්නෙ මේ? මොනවද කියන්නේ ?"

"මොනවද ?” 

“ ඔයා කොහොමද එහෙම කරන්නෙ?"

"මොනවද මං කළෙ?"

"ඔයා මාව කන්ට්‍රෝල් කලා.. මගෙ මයින්ඩ් එක.."

"ව…ට්…" ඒඩ්න් හයියෙන් සිනාසුණේය. ඒ හිනාව ලස්සන එකකි. ඒ වගේම කෘතිම එකකි. 

" මං කළෙ තද නින්දක හිටිය ඔයාව උස්සගෙන ගෙනැත් මෙහෙන් තිව්වෙක.. "

 මට කියන්නට කිසිවක් නැත. එහෙනම් ඒඩ්න් ගේ හැම රෝමාන්තික හැසිරීමක්ම මගේ මනස් විකාරයකි. විලිලැජ්ජාවක් නැති කෙල්ල! ටිකක් හොට් වුනාට මොකද ඔයාකාර වනචර වෙන්න එපා තීනු.. මංම මටම බැන ගැනීමක් හැර වෙන කිසිවක් ඉතිරිව නැත. 


"මං යන්නං.."

" එපා වෙනව නේ ආපහු ඒ ටික පයින් යනවා කියන්නෙ"

"ඕන නම් මං පහළට පාවෙලාත් ාපන්නනන්ම.."

"කෝලම් කතා කියනවනෙ.. ඔයාත්.. මං සුරංගනා කතා විශ්වාස කරන්නෙ නැහැ හොදේ.."

"හිමාට කියන්න මං ගියා කියලා"


මම හිස සැළුවෙමි. ඒඩ්න් මගේ ඇස් දෙස මොහොතක් බලා සිටියේය. 


" මට පුලුවන් ආයෙම ඔයාව කිස් කරන්න. සමහර විට මේ මොහොතෙ මං ආසම දේත් ඒක වෙන්නැති මේ මුළු ලෝකෙන්ම..ඒත් මට ඔයාට එහෙම කරන්න හිතෙන්නෑ. මං ඔයාගෙ හිත ඇතුලෙ ඕන තරම් ඇවිද්දා..ඔයා ට තරම් අහිංසක අවංක හිතක් තියෙන කෙල්ලක් මෙච්චර කාලෙකට මට හම්බෙලාම නෑ.. 


අනික් එක, මං ගැන ඔයා හිතන දේවල්.. අම්මෝ.. ඒ ටික කියෙව්වම මට ඔයාව හැම වෙලාවෙම ළග තියාගෙන ඉන්න හිතෙනව.. මං දැන් යන්නෝන තීනු" 


ඒඩ්න් ඒ ටික කියා මගේ ඇස් දෙස බලාගෙන මට තවත් ළංවිය. ඒ ඇස් කදුලකින්දෝ දිලිසිණි. 


" මං ආසයි මේ හැමදේම ඔයාට මතක තියාගන්න පුලුවන් නම්.. ඒත් බෑනෙ.. " මට මතක ඒඩ්න් සිනිදුවට මගේලකම්මුලක් පිරිමදිනු පමණකි. ඉන්පසු ඒ වනවිට පහන් දැල්වෙමින් තිබුණු කදුපාර දිගේ ඔහු බැසයනු පෙනිණි. 


ඒඩ්න් ගියපසු මම මගේ කාමරයට ආවද මට තද කාන්සියක් දැනිණි. මම කවදාවත් නොකරන විදියට කාමරයේ මිටියාවත පැත්තට වෙන්නට ඇති කවුලු දොර විවර කළෙමි. මිටියාවත දිසාවෙන් හමන සීතලම ශිශිර සුළං කාමරය තුලට ඇවිත් වටයක් කැරකිණි. තෙත හීත හුළං අහුරක් සමග හාදවුනු තනිකමට තනියක් නෑ වාගේය. මිටියාවත දිහාව තරු එළියේද නැහැවෙයි. 


 අතු රිකිලි ගහකොළ අතරින් තැනින් තැන හුදකලා කුඩා තණබිම් දිස්වෙයි. මට ගීතයක් අහන්නට හිතෙයි. මේ වගේ වෙලාවට මොනවා අහන්නද? "අපිමචං" ලාගේ මගෙ නාමලී කවර් එක… පපුව අස්සෙන් නැගෙන කැළැත්තෙන මිහිරක් එක්ක ඔන්න කුඩා ජේබිඑල් එකේ ගීතය වාදනය වෙන්නට පටන් ගනී.  


එක් හුදකලා තණබිම් පෙදෙසක සෙලවීමක් ඇසට හසුවිණි. මම විපරමින් එදෙස බලමි. තදින් පැහැදිලි නැතත් සිව්පාවෙක් එතැනට ආවේය. මා සිටින කුඩා කන්ද දෙසද බලා එතැන හිදගත්තේය. අර එදා මා දුටු විදියේ කැළෑ බල්ලෙක්ද ඒ.. ඌ එතැන තනිවමය. මා මෙතැන තනිවමය. කාන්සිය අප දෙදෙනාටම දැනෙනවා විය යුතුය. ඒඩ්න්.. ඔහු යන්නට ගියා ගියාමය.  


වෙනදාට එවන විදියේ කුතුහලය පිරුණ කෙටි පණිවුඩය ක් හෝ නැත. තදින් නිදිමත එනතෙක්ම මා මිටියාවත දෙස බලා හිදින්නට ඇත. අවසානයේ මා ඇත්තෙන්ම නින්දට යනවිට ආලෝක තීරු බිම් කණ්ඩි මත හැපෙන්නට පටන් ගෙන අවසන්ය. 


නිවාඩුවෙන් පසුව ආයේ වැඩට යාමට මා දැන් කැමතිය. හේමන්ත බොස් ඉපදී ඇත්තේම මාකටින් කරන්නය කියා මට සිතෙයි. ඔහුගේ මුහුණ කවදාවත් පර නොවෙන මලක් වැනිය. කිසිම වෙහෙසක් නැත. දවසකට ප්‍රශ්න කීයක් ආවත් බොස් එහෙමමය. හදිසි කේන්ති යාම් නැත. එබැවින් කේන්තිය පාලනය කරන්නට අනවශ්‍ය මහන්සියක් දරන්නටද උවමනාවක් නැත. 


චාරුදර මා යන විට වෙනත් පිරිමි ළමයෙක් ගේ මේසයක් මත වාඩිවි දුරකතනයකින් මොන මොනවදෝ බලමින් සිටි අතර මා දැක දඩාස් ගා ඉන් බිමට පැන්නේය. 


"මෝනින්.."

"මෝනින් අක්කෙ.."

 අක්කෙ කියා කොටසක් එකතු කරගෙන තිබුණේ අනික් පිරිමි ළමයාය. නළදතක් සහිතව සිනාවෙද්දී ඔහු අපුරුය. හුරතල්ය. 


"තීනුට අක්ක කියන්නෙපා බං.." චාරුදර වහා කීවේය. ඒ අර කොලුවාාග් හිස්මුදුනට ටොක්කක් අනිමිනි.හේමන්ත ාබාස්ද පුරුදු පිබිදීමෙන් ඔහු ළගට ආවේය. " භාග්‍ය .. හොද ්ලමය වගෙ ඩැෆඩිල් ටෙරස් එකට ගිහින් මලියෝනාාගන් මේකට සිග්නේච එකකුත් අරන් එනවද?" භාග්‍ය ගෙන් ඇසුවේය. අනික් කොලල්ලන් මෙන් කාර්යාලයට පමාවි එන්නට දහසකුත් එකක් හේතු හොයන ගතිය භාග්‍යගේ නැත. ඒ වාගේ අවිධිමත් වාගේම වගකිම් විරහිත ස්වභාවය තියෙන්නේ හිමකරට සහ චාරුදර දෙදෙනාටය. 


"තීනු.. පෙටිකෑශ් එකෙන් භාග්‍යට දෙදාහක් දෙන්න පෙට්‍රල් ගහගන්න.." හේමන්ත ාබාස් මට ආයේ කීවේය. 

"අලවන්ස් එක ක්ලේම් කරන්නැද්ද එයා?"

"කොල්ල අතේ සල්ලි නැතුව ඇති අද. පව් කන බොන ාවලාවටත් මගැරල ඉන්නව සල්ලි නැති දවස් වලට.. "


හේමන්ත බොස් නායකත්වය උපතින් දරා ආ නායකයෙකි. ඔහුට මිනිස්සුන්ගේ හැගීම් තේරුම් ගතහැකි ඉවක් තිබේ. උත්‍රා අක්කාද කීවේ උඹ යන්නෙ හේමන්ත ළගටනෙ එතන මනුස්සයෙක්ට හැදෙන්න හොද තැනක් කියාය. 


"ඊයෙ නිදාගත්තෙම නෑද?" චාරු මා ළගට ඇවිත් මේසයට දෙවැලමිට තදකර කීවේය. මම කැරකෙන පුටුව හරවා ඔහු දෙස බැලුවෙමි.


"කොාහාමද දන්නෙ?"

"ඇස් බොරු කියන්නෑනෙ"

"හ්ම්"

"ඔයා යනඑන ගමන් ඇයි අර කාලකන්නිය එක්කම යන්නෙ?"

"කවුද?"

" පීටර්ස්"

"මොකද වෙන්නෙ ඉතින්?"

"සුදුසු කම්පනි එකක් ානාමයි ඔයාට"


චාරු එය කීවේ තද ස්වරයකිනි. 


" ඔයා හිතන්නෙ මට දැන් ගැළපෙන්නෙ මොන වගේ කම්පනි එකක් කියලද?" 

" පරම්පරාවක උරුමක්කාරයෙක්.. ඔටුන්නක් දරන්න.. ලේ වලින්ම උරුමයක් තියෙන කෙනෙක්.."

"ආ.. එහෙමනම් මට අනුරාධපුර පොළොන්නරුව නැත්නම් සීගිරිය වගෙ රාජධානියක⁣ෙ යන්න වෙයිද.. "


"ඉතිහාසෙ ලියවෙච්ච රාජධානි ඒවා විතරක් වුනාට මේ පොළවෙ යට ගැහුව රාජධානි නම් තව කොච්චර තියෙනවද?"


"ඔව් .. මීමැස්සන්ට උන්ගෙ ජනපදයත් රාජධානියක්නෙ.."


" හැබැයි මීමැස්සන්ගෙ රාජධානිය උන්ගෙ රැජිණ විනාස වුනාම ඉවර වෙනව.."


" ඔව්.. හැමදේම හැමදාම පවතින්නෙ නෑනෙ"


"සමහර වෙලාවට සමහර රාජධානිවල උරුමක්කාරයින්ට පැවරිලා තියෙන්නෙම රැජින පරිස්සම් කරගන්නෙක.."


"ඊට පස්සේ ?"


"කුමාරයෙක්ට බාර දෙනකම් පරිස්සම් කරගන්නෙක.."


කතාව වෙනස් අතකට ගියේයැයි මට සිතිනි. 


"අම්ම ඇහුව ඔයා කවදද අපේ පැත්තෙ ඇවිදින්න යන්න එන්නෙ කියලා"


"අද හවස .. අද හවසම යං.."

 

හවස් වෙනතෙක් කාර්යාලය තුල මට පේන පේන තැන්වල එහෙමෙහෙ වෙවී උන් චාරුදර මෝටර් සයිකලයද දක්කාගෙන මගේ ජනේලය ඇති පැත්තෙන් මතුවෙද්දී හරියටම පහය. පහ කියන්නේ මේ නගරයට නිවාඩු ලැබෙන වෙලාවකි. කිසිම වාහන තදබදයක් නැති පාරක , නොදන්නා ගම් පළාතක ඇවිදින්න යාමම වෙනසකි. 


" මං චාරු එක්ක එයාලැ ගෙදරට ටිකක් ගිහින් එන්නං.. එහෙන් රෑට කාලා එන්නෙ" 

හිමකරට කීවාම ඔහු ඇස් නළලේ තියාාගන මදෙස බැලුවේය. මිදුලට බැස චාරුට කෑගැසුවේය. 


"ඒයි කොල්ල.. මේ මගෙ සිස්ටා.. උඹ පරෙස්සමින් එක්ක පලයන්.. මලක් වගෙ ගෙනැත් තියන්නෝනෙ ආයෙමත්.. " 


" හරි හිමා .. ඒ මල මාත් පණ වගෙ පරෙස්සම් කරන්නම්.." 


පරෙස්සම් කරන්නම්ය කීවාට චාරුගේ ඇති පරෙස්සමක් නැත. අප ගමන් කළේ ඩැෆඩිල් ටෙරස් ඇති ඉසව්වට ප්‍රතිවිරුද්ධ දෙසටය. බටහිර දිසාවෙන් ඩැෆඩිල් ටෙරස් දෙසින් එන සුළං සැරට දේවදාර ගස් සේම සීතලට අනුගත වෙන අනෙකුත් ගහකොළද සෙළවිනි. 


"ආයෙ කාලයක් එනව.. මේ ගහකොළ දලුදාලා මල් පිපෙන. තාම මෙහෙට වැස්සනෙ.."

"මල් නම් ඉතින් .. ඒඩ්න්ලගෙ නර්සරි වලත් පිපෙන්නෙ.."


"ඒ මල් පිපෙන්නෙ.. ඒව බලෙන් ගෙනැල්ල හිටවලා ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරල ග්‍රීන් හවුස් වල දාලා.. බලෙන් පොහෙර දාලා.. ඉක්මනින් ලොකු කරල මල් පුම්බවල. අවසාන අරමුණ මොනාද? කපල විකුණනව. අන්තිමට නන්නාදුනන ගෙදරක දවස් පහක් පිපිල ඉදල මැරිල යනවා."


"ඉතින්? කට් ෆ්ලවර්ස් වල ඉර්නම ඒකමනෙ"


"කිසිම මලකට ඒ ඉරණම අත් වෙන්නෝන නෑ.. තීනු"


සමහර වෙලාවට චාරු කියන වචන වල හැබෑ අර්තය සෙවිය නොහැකිය. අපේ ගමනාන්තය වුයේ කුඩා ජනපදයකි. ඒ කොන්ක්‍රීට් වනාන්තරය ක් නොවේ. කැළැබද බිමක ස්වභාවිකත්වයට මුල් තැන දී ඇති නිවාස සමුහයකි. ලී කොට වලින් තනා ඇති කුඩා සංවාද බංකුත් කෝපි මේසත් කිහිපයකි. බිමෙහි අතුගා සුද්ද පවිත්‍ර කර තිබුණේ කුඩා මං පෙත් පමණකි. ඒවා දෙපස ලී කැබලි වලින් ඒකාකාර දුරකින් යුක්තව පෙත් සීමාව සලකුණු කොට ඇත. 


මෝටර් සයිකලය සෙමෙන් සෙමෙන් ඒ පෙත් මග දිගට ගොස් කෙළවරක නතර විණි. 


"මේ තියෙන්නෙ අපේ රාජධානිය.." 

හැමදේටම වඩා එහි නිදහස් හුස්මක් තියේයැයි හිතෙයි. 

" මේ අපේ ගෙදර.  "

චාරු "එකෝ ෆ්‍රෙන්ඩ්ලි" විලාසිතාවේ ගෙදරක් ඉදිරිපිටදී කීවේය. අනික් හැම නිවෙසක්මත් එහෙමය. බොහෝවිට දේශීය දේම යොදාගෙන ගොඩනගා තිබු ඒවාය. එයින් හැදින්වෙන්නේ මේ පැල්පත් කියා නොවේ. බැලුබැල්මට ඔවුන්ගේ ජීවිත ඊට වඩා එහා සමාජ තත්වයක පැවති බව පෙනිනි. 


"අනේ.. වස්තුවේ.. ඔයා ආවද? මං මේ ඉලන්දාරියට කොච්චර ක් කිව්වද ඔයා එන්න කලින් මට කියන්න කියලා.. අද මේ හදිස්සියෙ මට ඔයා වෙනුවෙන් කිසිම අලුත් කෑමක් හදන්න වත්ලබැරිවුණාා.."


"අනේ ඒකට කමක් නෑ ..

DT 20

 #DT


20


ත්‍යාග මදෙස බලා සිටියේය. චාරුදර නැවත එනතෙක් කිසිවක් නොපවසා නොසෙල්ලී ඉන්නට ක්ශනික එහෙත් හිතුවක්කාර තීරණයක් මට ගන්නට සිදුවුයේ ග්‍රීක ප්‍රතිමාවක් වගේ ආරෝහ පරිණාහ දේහයකින් යුක්තව නම දන්නා එහෙත් නොහඳුනන පිරිමියෙක් මා අසල හිටගෙන සිටින බැවිනි. 


"එයාට එන්න කියන්න.." මම ත්‍යාගට බලපෑම් කරන ශබ්දයකින් කීවෙමි. මට බියක් නොදැනෙයි. එහෙත් දැඩි ආගන්තුක බවක් දැනෙයි. 

"එයා එයි. එයාට ඔයාට ෆේස් කරනෙක ⁣චුට්ටක් අමාරු වෙයි.ඔහොම ටික වෙලාවක් හිටියාවෙ.. " ඔහු දිගු බර සුසුමක් හෙළුවේය. 


" අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ ලොකු යුතුකම් ගොඩකුත් එක්කයි තීනු.. ඒවට සමහරවිට අපි අකමැතියි.. ඔයා දන්නවද අවුරුදු ගාණක් තිස්සෙ මං ජීවිතේ ගෙවන්නේ දැන් ඔය චාරුදර ට්රාන්ෆෝම් වෙච්ච විදියට වෘකයෙක් විදියට.. මට දැනෙනව තේරෙනව. ඒත් මගෙ ජීවිතේ සම්පුර්ණයෙන් ම ගෙවෙන්නෙ, මගේ විතරක් නොමයි අපි තිස් නම දෙනෙක් ජිප් වෙන්නෙ වෘකරැළක් විදියට. අපට යක්දෙස්සෙක්ගෙ දරුණු සාපයක් වැදිලයි තියෙන්නෙ.. අපි පෝය දෙකකට වතාවක් හද පායලා තියෙනකම් මිිනිස්සු විදියට ඉන්නවා …"


මම නළල දෙපසින් තද කර අල්ලා ගතිමි. මගේ කුඩා ඔළුව සැදී තිබුණේ මේ කතා ගෙතු කතා හැටියට රස වින්දනය කිරිමට පමණකි. එහෙත් දැන් එය එසේ නොවේ. එළුා හැබහින්ම මා ඉදිරියෙ සිදුවෙමින් පවතියි. 


" එතකොට, ඔයාලා මුළු ජීවිත කාලෙම ඔහොමද? මං අහන්නෙ… හැමදාම එහෙම ඉදල මාස දෙකකට සැරයක් ෆුල්මුන් එහෙකදි මිනිස්සු විදියට පැය ගාණක් ඉන්නවා ද?"


ත්‍යාග හිස සෙලෙව්වේය. 


"එතකොට, ඔයාද බංග්ලෝ එකට ආවෙ?"

"ඔව්"

"ඒත් ඇයි?"

"ඔයාව පරෙස්සම් කරගන්න"

"කාගෙන්ද?"

"කාගෙන්වත් නෙමෙයි.. නිකම්"

" හේතුව "

"හේතුවද?"

 

තියුණු දිගු නැහැයකි. ඝණ කළු ඇහැපිය යට වතුර මෙන් පැහැදිලි දෑසකි. ඒවායෙ අමුතුවෙන් මනමාලකමක් නැත. රාගයක් හෝ නැත. පැහැදිලි ය. අහිංසක ය. ඝනට නොවැඩුන රැවුලකි. හැඩ දෙතොලකි. මනරම් සිනහවකි. එ ත්‍යාග ය. 


" අර්ධ සුර්ය වංශික ලේ කැටියක් අර්ධ චන්ද්‍ර වංශික ලේ කැටියකට මුහු වෙන්න නියමිතයි. එයින් පුර්ණ සඳ හිරු වංශය බිහිවෙනවා. විසි එක්වන සියවසේදි මෙහෙම වෙනවා කියලා කියන්නෙ සියවස් තුනකට එහා ඉතිහාසයකදි. අවුරුදු තුන්සියයකට එහා අනාවැකිය ක් සාර්ථක වෙන්නෙ අර්ධ චන්ද්‍ර. වංශයෙ ඔයාත් රර්ධ සුර්ය වංශයෙ මමත් නිසාය කියලයි මිනිස්සු විශ්වාස කරන්නෙ.. ඒ වගේමයි පුර්ණ චන්ද්‍ර සුර්ය වංශයෙ නිර්මාණ උරුමක්කාරිය ඔයායි.. අපෙ ලේ වලින් බිහිවෙන දරුවෙකුට තමයි පුර්ණ සඳහිරු වංශයෙ උරුමක්කාරයා වෙන්න වාසනාව තියෙන්නෙ"


සිහි එළවා ගැනිමට සැලකිය යුතු වෙලාවක් ගතවිය. 


"ඒත් කොහොමද ඒ අනාවැකිය කියන්නේ මාස දෙහෙකට සැරයක් පැය හයකට මනුස්සයෙක් බවට පත්වෙන කුමාරයෙක්ට ඔය කියන චන්ද්‍ර වංශය පවත්වගෙන යන්න පුලුවන් ය කියලා.."


"ඒ ශාපය බිඳින්නත් පුළුවන් ඔයාටයි. මොකද ඔයායි විසිඑක්වෙනි ශත වර්ශයෙ දේවදාර උයනෙ හැම වංශයකම නායිකාව වෙන්නෙ..ඇල්ෆා වෙන්නෙ.. ඔයාගෙ අතෙයි මේ මිනිස්සුන්ගෙ පෙළපත්වල පැවැත්ම තියෙන්නෙ.. ඔයාටයි පුලුවන් මේ සාපයෙන් අපි තිස් නම දෙනාවම ගලවන්න.. නිිදහස් කරන්න..අපට ආයෙ මනුස්ස ආත්ම අරන් දෙන්න"


මං! දේවදාර උද්‍යායෙ හැම වංශයකටම නායිකාව මගේ කන් ඇසිමත් මොළයේ සංවේදනයත් ඒ තරමට නිවැරදියි නම් ඇත්තටම ඔවුන්ගෙ ඇල්ෆා මා විය යුතුය.නායකත්වය සම්බන්ධ කරුණු බාගෙට අතැර දැමු උපාධිය හදාරද්දී මා උගත්තා සිහිවෙයි. ඔය කියනා විදියට මා බෝන් ලීඩ කෙනෙකි.නායකත්වය දරන්නටම ඉපදී ඇත. එපමණක් නොවේ. මගේ කුසින් උපදින දරුවෙකු ගැනත්, ඒ දරුවා අලුත් වංශයක් මේ දේවදාර උද්‍යානය වෙත හඳුන්වා ඩදන්නට යනබවත් කියන අනාවැකියකි 

ගැහැනු බලයට පිරිමින් ට වඩා කැමතිවෙති. ලොබ බදිති. ලොල් වෙති. ලෝක ඉතිහාසය පුරාවට අපට එවැනි බලලෝභී ගැහැනු හමුවෙති. මා තුල සිටින ගැහැනු ජාන බලයක් නායකත්වයක් ගැන අසද්දීම උමතු. භාවයකින් අවදි වීම මටද විශ්මයජනකය. 


"ඔයාව කර්ස් එකෙන් නිදහස් කළාම මට මොනවද ලැබෙන්නෙ.."


ත්‍යාග මදෙස බැලුවේ පුදුමයෙනි. 


" ඔයා කර්ස් එකෙන් බේරගන්නෙ.. ඔයාගෙ කුමාරයාවනෙ තීනු.. යක්දෙස්සන්ගෙ ශාපයට වඩා ඔයාගෙ හදවත ආදරයෙන් පාරිශුද්ධ වෙන්නෝන.. " ත්‍යාග කියන්නේ හොඳ සිහියෙන්ද මා දන්නේ නැත. මේ කියන විදියේ පාරිශුද්ධ ආදරයක් හිටිහැටියේ මෙතනට පහළවු කුමාරයෙකැයි කියාගන්ො මේ තරුණයා කෙරෙයි ඇති වේවියි ඔහු බලාපොරොත්තු වෙන්නේ කොහොමද? 


මට දුක හිතෙයි. තීනෙත්මා පෙම් කළා නම් ඒ රන්දිකට පමණකැයි එදවසද මම විශ්වාස කරමි. මේ කතන්දරයේ කොතැනක හෝ රන්දික නැත්ද? චාරුදරත් මාත් අතර වෙන්නේ කොයිවගේ සම්බන්ධතාවක් ද? ඉතිහාසය නොවේනම් අනාවැකිය, ඔය ඕනැ එකක් චාරුදරටත් මටත් කිසිම ඡේදයක් ඉතිරි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැත්ද?


කොහොමත්, මා නම් ඔය කියන ඇල්ෆා මට අනාගතය අලුතින් ලියන්නට බැරිද? 


"ඇයි ඔයාගෙ සුර්ය වංශයෙ තිස්නමදෙනෙක් විතරක් ඉන්නෙ? චාරු, එතකොට මොන වංශයටද අයිති? එයා ට ඇයි ඔය කියන සාපය බල නොපාන්නෙ?"


"චාරු ගේ අම්මා අයිති වෙන්නෙ වෙන උප කුලකයකට.. ඒ නිසා එයාගෙ ඇගේ පිරිසිදු සුර්ය වංශ ලේ ධාතු නෑ.."

ත්‍යාග කියන සියල්ලෙහි අග මුල පාහාගෙන හරි හමන් සිහියකට එන්නට මට සෑහෙන වෙලාවක් ගතවෙනු ඇතැයි මම සිතමි. ඈතින් අහස තැඹිලි පැහැයට හැරෙයි. මා දන්නා විදියට ආයේ දෙපෝයකට ත්‍යාග මිනිසත් බව නොලබයි. 


"මං මොනවද ඔයාව/ ඔයාලව මේ සාපෙන් ගලවගන්න කරන්න ඕන..?"

අවසානයේ මම ඇසුවෙමි

"ඔයාට අපි එක්ක ගණුදෙනුවක් කරන්න තියෙනව.. ඒකෙන් ඇත්තටම වෙන්නෙ අපි ඇල්ෆා විදියට ඔයාව පිළිගන්න එක ඔයාට කීකරු ාවන එක.. ඒත් එක කොන්දේසියක් තියෙනව..""


"ඒ මොකක්ද ඒක.. ?"


" ඔයාත් ජාන ඇක්ටිවේට් කරගෙන වෘක වේශයට එන්නොනෙ.. ට්‍රාන්ස්ෆෝම් වෙන්නෝන.. එහෙම නැත්නම් ඔයාට මේ දේවදාර උයනෙ ඇල්ෆා වෙන්න විදියක් නෑ.. මං මේක කරන්නම කියලා බල කරනවා නෙමෙයි.. ඒත් ඔයාට මේ පොළවෙ කරන්න තියෙන වැඩ කොටස පටන් ගන්න පුලුවන් ඒකෙන්.." 


මා මදක් පසුපසට විසි වෙන්නට ඇතැයි සිතමි. මගේ මුහුණෙහි ඇති වෙන පරාජිත බව ත්‍යාග තේරුම් ගන්නට ඇත. වෘකයෙක්! සුරතලෙක් වගේ දැනුණාට මහ දරුණු සිව්පා සතෙක්.. තව හෝරාවක් යන්නට මත්තෙන් මා ඉදිරියේ මේ සිටගෙන සිටිනා උත්තුංග දේහධාරි පිරිමියාද ඒ සත්ව වේශයට මාරුවීමට නියමිත ය. 


" මේ ඔක්කෝම දරාගන්න අමාරුයි තමයි.. ඒත් ඔයාගෙ පැවැත්මේ අභිමානය තීරණය වෙන්නෙ දේවදාර උයනෙ ඇල්ෆා වෙලා මේ මිනිස්සුන්ව සුවපත් කිරිමෙන්ද ආපහු කොළඹ ගිහින් රස්සාවක් කරගෙන නයිට් ක්ලබ් එකකට ගිහින් විනෝද වෙලා.. හම්බ වෙන කැමති හිතෙන කොල්ලෙක් ව කසාද බැදල ලමයෙක් හදාගෙන සාමාන්‍ය ගැනියෙක් වගෙ ජීවත් වෙලා මැරිලා යනෙකෙන්ද කියලා තීරණය කරන එක ඔයාගෙ තේරිමක්.. අපි ආයෙ මාස දෙකකින් හම්බෙමු. මං හිතන්නේ ඔයා ඒ. වෙද්දි තීරණයක් අරන් ඉදිවියි කියල"


ත්‍යාග අනවසරයෙන්ම මගේ කම්මුලක් සිපගත්තේය. මම ඔහේ බලා සිටියෙමි. අඩුම ගණනේ සංයෝජනය විය යුත්තේ ඔහුත් මාත් නම් "දැනෙන්න හාද්දක් දෙන්න උවමනාවක් නැති පිරිමියෙකුට තිනෙත්මා ළං කිරිමේ මුග්ධ තීරණය අයිති සොබාදහමටද? 


මේ කිසිවකට මට තනි තීරණයක් ගන්නට නොහැකි යයි මම අවසානයේ තීරණය කළෙමි. චාරුදර ඔහුගේ අර කියන කොහෙල්මල් ආදරයද සමග වෘක වලිගය පශ්චාත් භාගයේ රදවා ගෙන අතුරුදන් ව ගොසිනි. වෘක වෙස්ගන්නට හැකිවුණාට වෘක අභිමානයෙන් හැසිරෙන්නට ඔහුට බැරි අඥාන කපටි මනුස්ස පිරිමි ගතිය මිශ්‍ර හින්දාය. ඉතිරි බිතිරි වු කෑම ටිකත් බෑගයට දමාගෙන මම මොහොතකට කල්පනා කළෙමි. 

චාරුදර වෘකයා වෙන්නට පෙර ඇද සිටි කලිසම එහෙමමය. "කරන්නංකො උඹට හොද වැඩක්" පළිගැනිමට උවමනා යටිහිත සැනෙන් ක්‍රියාත්මක වුයෙන් එයද ගෙන එහෙමම බෑග් එකට ඔබා ගනිමින් මම අලුයම උදාහිරු කැරළිද සමග මිටියාවතින් බංගලා කන්ද නැග්ගෙමි. කෑම බීම ටික මුලුතැන්ගෙට ගෙනගොස් තබමින් චාරුදරගේ බෑග් එකත් රැගෙන නිදන කාමරයට ගියෙමි. 


කෙටි නින්ද කැඩුණේ , ජනේලයේ වීදුරුවට කෝටුවකින් අනින හඩකිනි. පහල සිට දිග කෝටුවකින් ජනේලයට අනිමින් සිටි චාරුදර සිටියේ. සිරුරෙහි නුල් පටක් හෝ නැතිවය. මා ජනේලය අරිද්දි වීරයා කෝටුව අත්ඇරියේ තවදුරටත් අබිමානය රැකගැනිමටනම් දෙඅතම බාවිතා කර වසාගන්නට තැනක් තිබු හින්දාය. 


" තීනු.තීනු.. අනේීනුවො.. දැන් එලිය වැටිල ..  මට කලිසම දෙනවකො.. මං කොල අත්තක් ඇදගන්න වෙලා  ඉන්නෙ මේ.."


" ඇවිත් අරං යනවකො.. "


"එහෙම කියන්නෙපා කෙල්ලෙ…කුට්ටන් ඉන්නවා නේද ඇතුලෙ.. මං කොහොමද මෙහෙම එන්නෙ.. අනික මඩ නාගෙන ඉන්නෙ මම"


"මෝඩ වළහා.. අඩු ගානෙ මේක අදිනකොට මේකට යටින් වෙන පොඩි ඇදුමක් ඇදගන්නවත් බැයිද ?"


" අරම වෙන වෙන සැරේට එතකොට තව ඇදුමක් ගලවන්නද කියන්නේ ? පිස්සු නැතිව ඕක දෙනවකො මැණිකේ"


" මෝඩ වළහා.. " ජනෙල් කවුලුවෙන් එහාට බෑගය අත් හැරිමෙන් පසු ඇත්තමයි මට උත්‍රා අක්කාට කියා සිනාසෙන්නට අමුතුම කරුණක් යෙදී තිබිණි.

Daffodil Terrace 19

 #DT

19



චාරුදර කතා කරගත හැකි මට්ටම කට ආවේය.ඔහු කුට්ටන් හා කිසිවක් කියමින් සිටියේය.


"මං හිතන්නේ උන් හොයන්නේ ඔයාවයි තීනු.."

"ඒ ඇයි උන් නෝනව හොයන්නෙ?"

"කුට්ටන් මාමා මේ ඔයා කන්න බොන්න හදලා දීලා බලාගන්නෙ නිකම්ම නිකම් තීනු කෙනෙක් නෙමෙයි.."


කුට්ටන් මදෙස බයාදු බැල්මක් බැලුවේය. 


"ඒ කියන්නේ .. මේ අපේ.. ඈ චාරු පුතා.. ඔයා කියන්නේ මං මේ මගෙ ඇස් ඉස්සරහ දකින්නෙ.. දේවදාර උයනෙ ලේ උරුමක්කාරිද …"


චාරුදර කිසිවක් නොකීවේය. 


"නෝනා, " කුට්ටන් බය පක්ෂපාතීව මදෙස බැළුවේය. 

"මේක ඇත්තටම ඇත්ත නම් නෝනගෙ දකුණු උරිස්සෙ උපන් ලපයක් වගෙ සලකුණක් තියනව.. අඩහඳක් .. "

"තිබුණා..තාත්තා ඒක උඩින් වෙන ටැටු එකක් ඇන්දා" 


මට දැන් මගේ පැවතීම සම්බන්ධ ගැටලුවක් නැත. කුට්ටන් මගෙන් තාත්තා ගැන ප්‍රශ්න ඇසුවේය. තාත්තා කවුද කොළඹට ආවේ කොහෙන්ද, අම්මා කවුද.. මා නොදන්නා කරුණු කියන්නට මම අම්ොටද දුරකතන ඇමතුමක් ගත්තෙමි. මහ පාන්දර මගෙ දුරකතන ඇමතුමෙන් අම්මා හොඳටෝම කලබල වී සිටි අතර පසුව කුට්ටන්ම අම්මාට මා බලාගන්න පොරොන්දු වීමෙන් ඕ මඳක් නිශ්චල වූවාය. 


" යක්දෙස්සෙක් කියල කියන්නේ විච් කියනෙකෙක්ද ඔය?" 

මම චාරුගේ වම්බාහුවේ වන කැපුම වටා ඇගිලි තියා විමසමි.ඔහු මගේ අත දෙස බලා වම් අතින් දකුණු ඇහිබැම කැසුවේය. 


"විච් කිව්වට ට්‍රැවල කෙනෙක්.. ඉතින්. අපි උන්ව සලකන්නෙ ආත්ම හැටියට.. උන් කරන්නෙ අපේ ඇග ඇතුළට ඇවිත් උන්ට ඕන දේ අපි ලව්ව කරගන්න එක..සාමාන්‍යයෙන් උන්ගෙ ආත්ම වලට කිසිම සමාදානයක් ලැබෙන් නෑනෙ. උන් ජීවත් වෙලා තියෙන්නෙ සියවස් ගණනාවකට ඉහත. උන්ගෙ කුල අනුව ගත්තම ට්‍රැවලස් ලා එක කාලෙකින් පස්සෙ මේ පොළව උඩ ඉදලා නෑ.. "


"දැන් උන් ඇයි මාව ඉව කරන් එන්නෙ?"


" මං ඔයාට හෙට රැට, ඒ කියන්නේ ෆුල්මුන් නයිට් එකට ඒකට හේතුව කියන්නම්.. තීනු.. හොදම දේ අද දවස ඇතුලෙ කොහෙවත් නොගිහින් ඉන්නෙක.."


හිමකර පාන්දර නැගිට සාලයට එනවිට එහෙන් මෙහෙන් ඇතිවු කැපුම් තුවාල වලට ප්ලාස්ටර් දැමු චාරුදර සෝෆාව පිරෙන්නට නිදාහිදිනු දැක පුදුම වෙන්නට ඇතැයි මම විශ්වාස කරමි. 


"තීනුයි චාරුයි නැගිට්ටම කන්න බොන්න දීලා පොඩ්ඩක් බලාගන්න කියලා හිමකර මහත්තයා වැඩට ගියා" කුට්ටන් කීවේ එබැවින් විය යුතුය. චාරු දවල් දහය විතර වන විට නැගිට්ටේය. ඩැෆඩිල්ස් ටෙරස්හි නවතින්නට එන්නැයි කියා මලියෝනා දුරකතන ඇමතුමකුත් දුන්නාය.හේමන්ත බොස් ම

කතා කර දුකසැප විමසු අතර භාග්‍ය අර අසීමාන්තික කැපවීමෙන් වැඩ කරන හිතාගන්නට බැරි කරම් ජෙනුයින් මනුස්ස දරුවා මගේ රාජකාරිද මා වෙනුවට ඉටු කරමින් දේවදාර උයන කැපිටල් ෆයිනැන්ස් ප්රයිවට් ලිමිටඩ් ශාඛාවේ අනාගකය සිය දෙවුර මත තබා ගන්නා බව පෙනී ගියේය.


"මං ගෙදර ගිහින් නාලා එහෙම එන්නං.."

ඉරි ගිය ටී ශර්ට් එක රෝල් කර බංගලාවේ කසල මල්ලක් ඇතුලට දමනා ගමන්ම චාරුදර බංගලා කන්දේ ගල් පඩිපෙල බහින්නට හදමින් කීවේය. 


"බයික් එක ඔෆිස් එකේ පාක් එකට දැම්ම කියලා භාග්‍ය කිව්වා. ඔයාගෙ 

ෆෝන් එකත් වැටිලා තිබිලා අහුවෙලා.  හැබැයි ස්ක්රින් එක ටිකක් ඩැමේජ් කීවා.."

"අප්පා.   ආයෙ පණ ගන්න බැරිවෙයිද දන්නෑ.."

"මේ.  තනියෙන් යන්නැතුව මාත් එක්ක ගියොත් මොකද.."

"මා එක්ක ඇවිත් පුදුම වෙන්න ඕන නෑ.. අද රෑට පුදුම වෙන්න ඕන තරම දේවල් තියේවිි. "

"කානිවල් එකක මැජික් සන්දර්ශනයක් පෙන්නනව වගේ කතාව ඔයාගෙ.."

"ඒක ඒ තරම් ලස්සන දෙයක් වෙනවා නම් කොච්චර එකක්ද?"


සවස් වන විට බංගලා කන්ද කෙළවර අහස වෙනදාට වඩා පැහැදිලි ව දිස්වෙන්නට පටන් ගත්තේය. පෝය නිවාඩුවේද වැඩ කළ බැවින් හේමන්තත් භාග්‍යයත් හිමකරත් ආසන්නතම නගරයේ බාර් එකකට යන බව කියා ගියේය. ඔවුන් යළි එන්නේ ඊලග දවසේය. මම කුට්ටන් ගේ හැසිරිම ඉව කර ගෙන සිටිමි. ඔහු මා කෙරෙහි දක්වන්නේ භක්තියකට හුරු හැසිරිමකි. 


හැන්දෑවේ අදුර හෙමි හෙමින් ගලා ආ අතර මැදියම ආසන්න වනවිට, චාරුදර බංගලාවට ආවේය. ංඔහු වෙතින් දිස්වෙන මලානික ගතියට මා අකමැතිය. ඔහු අතේ ලොකු ට්‍රැවලින් බෑග් එකක්ද විනි. අපි සංචාරක

බංගලාව පසුපසින් වන වැසීගිය එහෙත් පැහැදිලි ගල් පඩිපෙළක් දිගට මිටියාවත ඇති ඉසව්වට ඇවිද්න්නට පටන් ගත්තෙමු. කිලෝ මීටර එකහමාරක් දෙකක් අතර දුරකදි අඩි පාර තැන්නකට සම්බන්ධ විය. මේ තැනිකලාව බංගලාවට දර්ශනය නොවේ. එය සෘජ් බෑවුමෙන් පැත්තකට වී ගස් කොළන් වලින් වැසී පවතියි. 


අප එතැනට යනවිට මා බලන්නට ඇවිත් ගිය වෘකයා අර උණුසුම් සත්වයා එහි පසෙකට වී සිටිනු පෙනිණි. හෙතෙම මා දැක මා ළගට ආවේය. මම දණ ගසා උගේ හිස පිරිමැද්දෙමි. චාරුදර සුසුමක් හෙළා අප දෙදෙනා දෙස බැලු අතර, මේ කොලුවා මා සතෙකුට ආදරේ කරනවාටත් ඉරිසියා නේදැයි මට හැඟිනි.  ඔහු ගෙනැවිත් තිබුණු බෑගය ගෙනගොස් වදුලක් ආසන්නයෙහි තබා මා අසලින්ම බිමින් හිඳගත්තේය. මම මේ බුම්මා ගත් ඉලන්දාරියා ට අකමැතිවෙමි. වැළමිටෙන් මම ඔහුාග් ඉළපත ට ඇනන්නෙමි. ප්‍රතිචාරය කුමක්දැයි ඔබ හිතනවාද ? ඔහු ගණනකට නොගෙන ඈතට වුවේය. සඳ මුදුන් වෙන්නට ආසන්න වෙත්ම පරිසරය ක්‍රමයෙන් වෙනස් ස්වරුපය ක් ගත්තේය. වෘක මිතුරා සෙමෙන් සෙමෙන් වදුල වෙතට ඇවිද ගියේය. 


චාරුදර දණිස් නවාගෙන වැළමිට ඒවාට බර කරගෙන ඔහේ බලා හිදින්නේය. ඒ වදුල දෙසය. මම ද බලා හිදිමි. 


"ඔයා මේකට ලෑස්තිද?"

"මොකකටද"

"වෙන ඕන දේකට.."

"ඒක භයානක දෙයක්ද?"

"ඒකෙන් ඔයාගෙ ජීවිතේ වෙනස් වෙනව.."

"මට දරාගන්න පුලුවන් ..”


"දරා ගැනීම" සහ "විශ්මයට පත්වීම" දෙකකි. වදුලට රිංගා ගිය වෘක සුරතලා ශබ්දයක් නැත. එහෙත් උන් හිටි ගමන් වදුල සෙළවෙන්න පටන් ගත්තේය. එක්වරම වදුලෙන් එළියට ආ දේහදාරී පිරිමියෙක් , මා කියන්නේ තරුණයෙක් උරහිස තෙක් වැවුන ඔහුගේ කීරි හිසකෙස් වම් අතින් පසුපසට කරගනිමින් නැමී දකුණතින් චාරුදර එතැන තියා ආ ඇදුම් මල්ල ද ඔසවා ගත්තේය. 


මම උන් තැනින් නැගිට්ටෙමි. මෙතෙක් දණිස් මත නළල ඔබාගෙනලසිටි චාරුදර මා නැගිටින විට මදෙස බලා ක්ශනිකව නැගිට්ටේය. විශ්මයට පත්වීමෛ් උපරිමය එයයි. චාරුදර ත් ආගන්තුක මානවකයාත් අතර මැද තරමක උසට හිටගෙන හිදිමින් මම වික්ෂිප්ත ව සිටියෙමි. චාරුදර , අප දෙදෙනා දෙස මොහොතක් බලා සිටියේය. ඔහුව වැලඳ ගත්තේය. මදෙස බැලුවේය. 


"තීනු. මේ අපේ දේවදාර උයනෙ උයනෙ අනාගතේ අයිති කුමාරයා.. ත්‍යාග…"


ත්‍යාග

මා හා සිනාවෙන්නට උත්සාහ කළේය. මම ඔහු හඳුනාගන්න්ට උත්සාහ කළෙමි. චාරුදර ගෙන ආ මල්ලේ තිබි අනම් මනම් කෑම වර්ග කුඩා කොළපත් මතින් තියා කුඩා භෝජන සංග්‍රහයකට සමාන එහි වුයේ එලවලු පළතුරු කෑම පමණකි. පලතුරු යුශ බෝතල් තුනකි.


"අපි මොනවද දැන් මේ මෙතන පුදුමෙන් පුදුම වෙලා ඉන්න කෙල්ලට කියන්නේ , චාරු"


චාරු දෙව්ර සෙලෙව්වේය. ඔහු මදෙස නොබලා සිටින්නට උත්සාහ කරයි.ඒ මඟහැරීම ගැන ත්‍යාග,මේ අලුත් අමුතු මිනිසා සිතන්නේ මොනවාදැයි මම තවම සිතමි. මට ඒ ගැන අනාවැකි කිව නොහැකිය. 

" හරි… තීනෙත්මා, තීනු… මං ත්‍යාග.. " ත්‍යාග ගේ කටහඩ ගැඹුරුය.එහි ආකර්ෂණීය බවක් තියේ. හැඟීම්බර "ඩබින්" ශිල්පියෙකුට මරුවට ගැළපෙනවා කියා මට හිතෙයි. 


" චාරුදර දැනට ඔයාට මං ගැන මොනවම හරි කියලා ඇති කියලා මං හිතුව." 

"මට කියන්න තේරෙන් නෑ ත්‍යාග.. මෙයාට මෙහෙ පසුබිම නොකිය මොනව කොහොම..කරන්නද කියලා.."

"අපට අද එළිවෙනකම් වෙලාව තියනවනෙ..මේ වාගෙ රෝස හඳක් යට අපට කොච්චර දේවල් කතා කරන්න පුලුවන් ද චාරු.."


ත්‍යාග ලස්සන ට කතා කරයි. 


" දේවදාර උයන කියන්නේ මහා ඉතිහාසය ක් දරාගෙන ඉන්න ගමක්. අපට නම් මේක රාජධානියක්.. මේක ඇතුලෙ එක එක කතා තියෙන්න පුලුවන්.. හැබැයි ඔයා ට වැදගත් වෙන්නෙ අපි, අපේ කතාව හින්ද.. මං මේ කතාව මෙහෙම පටන් ගන්නංකො.."


"කාලෙකට ඉස්සර , මේ පළාත සම්පුර්ණයෙන් ම එක විශේෂිත ජනකොට්ඨාසයක් ජීවත් වෙච්ච තැනක්. අපි, චාරු මම එතකොට දැනට චාරු ලැ ගමේ ජීවත් වෙන හැම පවුලක්ම පොදුවෙ ජානමය විදියට වෙනස්.. අපි සාමාන්‍ය මිනිස්සු තමයි. මේ රටේ ඡන්ද බලය , හැම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක්ම අපට තියෙනව. 


ඔයාගෙ තාත්තා, ඒ කියන්නේ අර්ධ චන්ද්‍ර වංශයෙ ඔටුනු හිමි ලේ ධාතුව මෙහෙන් අරන් ඔයාගෙ තාත්තගෙ අම්මයි තාත්තයි දේවදාර උයනෙන් පැනල යන්නෙ , සංචාරක යක්දෙස්සො වගේම තව අපිට අයිති හැබැයි අපිත් නොවෙන කණ්ඩායමක් එයාව මරලා දාන්න හෝ හිරකරන්න පැහැර ගන්න හදන හින්දයි.. එයා කවදාවත් මේ දේවදාර උද්‍යානෙ ඔටුන්න ගන්න ආපහු මෙහෙට ආවෙ නෑ. එයා මොනවද කළෙ මොනවද උනෙ කියනෙක ගැන මටත් ලොකු අවබෝධයක් නෑ.."


" මේක කියන්න, මට.. දැන් අපට තියෙන ඔයා ඔය කියන සුවිශේෂ ජානමය කුසලතාවය මොකක්ද?"


" මං ඒකට කියන්නේ ගිෆ්ට් එකක් කියලා..හැබැයි මං ඉන්න තත්වෙ ගැන හිතුවාම ඔයා කියාවි ඒක ගිෆ්ට් එකක් වෙන්නෙ කොහොමද ත්‍යාග.. ඒක කර්ස් එකක් කියලා. මං හොදටම දන්නව තීනු, ඔයා තාමත් මානසිකව ඇත්ත දැනගන්න ලෑස්ති නෑ.. මං නියෝජනය කරන්නෙ පුර්ණ සුර්ය වංශය.. අපි මේ ජනපදයෙ වෙසෙන ප්‍රධානම වංශ දෙක..  අර්ධ සුර්ය වංශයයි අර්ධ චන්ද්‍ර වංශයෙයි එකතුවෙන් තමයි හැමවෙලාවෙම මේ ජනකොටස ඉස්සරහට යන්නෙ.. පුර්ණ ..""


"හරි මොකක්ද මේ කියන ගිෆ්ට් එක?"


"අපට පුලුවන් ,අපෙ ඇගෙ තියෙන විශේෂ ජාන වලට ඇක්ටිවේශන් එකක් දෙන්න.. පුරාවෘත වල විදියට නම් ඒ ඇක්ටිවේශන් එක දෙන්න කෙනෙක් අතින් පණ පිටින් ඉන්න මනුස්සයෙක් මැරෙන්න ඕනෙ.."


මම නෙත් නළලට ඔසවා ගනිමි. 


"ඒ කියන්නේ ඔයා කියන්නේ , මිනි මරන්න ඕනෙ කියනෙකද?"


ත්‍යාග කලබලවී චාරුදර දෙස බැලුවේය. චාරු කොහොමටත් සිටියේ මා දෙසම ඇස තියාගෙනය. 


" නෑ… දැන් ඒක අපටම චොයිස් එකක් කරගන්න පුලුවන් තරමට අපට කාවැදිච්ච දෙයක් .. අපේ අය ඕනතරම් ඉන්නව. ජින්ස් ඇක්ටිවේට් කරගන්නෙ නැති අය. සමහර අය ඉන්නවා එක එක මෙඩිකල් ට්රිට්මන්ට්ස් වලින් ජින්ස් නියුට්රල් කරල තියාගන්න අය. මොනව වුනත් අපි ඉදිරියට යන මිනිස්සු.. තව කිව්වොත් මිනිස්සුන්ට එහා ගියපු සුපර් නැචුරල් මිනිස්සු …"


"මෙයාට මේක මෙහෙම කිව්වට තේරෙන් නෑ… " චාරු මා දෙස බලා ත්‍යාගට කීවේය. ත්‍යාග ඔහු දෙස බැලුවේ තීරණාත්මක බැල්මකි. ඇදසිටි ටී ශර්ට් එක ගළවා දැමු තරුණයා සිය ශක්තිමත් මස් ගොබ සහිත උඩුකය මඳක් පුම්බා වගේ මාත් ත්‍යාගත් දෙස බැලුවේය. ගත වී ගිය විනාඩියකට අඩු කාල අන්තරය ඇතුළත චාරුදරගේ වසුපැටි ශරීරය ක්‍රමයෙන් ක්‍රමයෙන් වෘක සිරුරකට රූපාවතරණය වුවේය. තද තැඹිලිපැහැ මේ ලස්සන වෘක තරුණයා , දැකිවිට මට සිහිනැතිවෙතැයි සිතු නමුත් එය තවදුරටත් දරාගත හැකි මට්ටමින් තිබි හැගීමකි. 


චාරුදර ඇද සිටි දනිහ ගාවට දිග කලිසම ඔහු අවසානයට සිටගෙන සිටි තැන බිම වැටී තිබේ. වෘක ඇස් මවෙත යොමු කළ පිරිමි ළමයා නොහොත් වෘක ළමයා හයිය පිම්මකින් මිටියාවතේ වදුලු කරා දිව ගියේය. මගේ හෘද ස්පන්දනය ඉහළය. තව කොතෙක් දේ මේ දේවදාර නුවරදි මට දකින්නට සිදුවේදැයි මා දන්නේ නැත. ත්‍යාග මගෙන් මොනයම් හෝ පිළිතුරක් බලාපොරොත්තු වෙන් මදෙස විපරමින් බලා සිටියි මම ඒ මොහොත වෙනතෙක්මත් මගේ පෙම්වතාව සිටි මනුශ්‍ය ප්‍රාණියා සිව්පාවෙකු බවට තමාව හරවා ගැනිමේ විශ්මයෙන් වික්ෂිප්තව බලා හිඳිමි.

මගේ පුනරුද කලාපය 06

  ටික වෙලාවකින් අමයුරු බලාපොරොත්තු බිඳිලා ගිය බැල්මකින් සුක්කානම තට්ටු කළේ ඉතා දිගු වාහන පෝලිමක බලා සිටිමේ අපහසුතාවය හොඳටම දැනිලා වෙන්න ඇති....