Thursday, November 17, 2022

Daffodil Terrace 14

 #DT



14


උත්‍රා අක්කටෙ දැනගන්න උවමනා කාරණාව මට පැහැදිලිය. 


" මෙහෙමයි.. ඒඩ්න් ගත්තාම .. හරි ජෙනුයින්. ප්‍රැක්ටිස් කරපු ඉවසීමක්. මැචුඅර්ඩ්.. ඒ කියන්නේ එයාගෙ වයසට පෙනුමට වඩා එයා ස්මාට්. මාර පරිණතයි. හැබැයි මොකක්ද අමුත්තක් දැනෙනව. හරිම හොට්.. අපි මෙහෙම හිතමු. ඔයා පරිණත සරාගී මිනිහෙක්ව දකිනව කියල.  ඒඩ්න් ඒ වගෙ. හරි ප්‍රොටෙක්ටිව්.. 


එතකොට චාරු, චාරු හරි ඇක්ටිව්. දගයි. කිසිම ජෙනුයිනස් එකක් මේන්ටේන් කරන් නෑ.ඕපන්. අනිත් එක මගෙ හිත කිව්වෙම චාරුව තෝරගනින් කියලා.."


"ඒ කියන්නේ ඔයා ජස්ට් චාරු තෝරගන්නවද?"


"ඔයා දන්නව අක්කෙ මං කසාදයක් බදින්න දැන්ම හිතන්නේ නැති බව."


"එහෙම කියලා බෑනෙ. එහෙම නම් ඔය පිරිමි ළමයි දෙන්නගෙම ඈත් වෙලා ඉන්න.."


"ඔන්න ඔන්න ඉතින් ඔයාත් ට්‍රැඩිශනල් ටෝක් දෙන්න පටන් ගත්ත.. මං තරුණයි.. මේ වගේ පාලු පළාතක කොල්ලෙක් වත් නැතුව මං මොනව කරන්නද ?"


"එහෙමයි කියලා තීනු.. ඔය නන්නාදුනන පළාතක කොල්ලෙක් සමහර ාවලාවට උත්‍රා අක්කා අපේ අම්මාටත් වඩා මා ගැනසැලකිලිමත් ය. ව ටයිම් පාස් කරන්න තෝරගෙන මොනව කරන්නද.."


"ටයිම් පාස් කරන්නම නෙමෙයි.. මං බලන්නෝන මගේ ජීවිතේ අරමුණ මොකක්ද කියලා.. මට ඒ ගැන පුංචි පුංචි ඉගි හම්බෙලත් නැතුවත් නෙමෙයි ඉතින් .. මං බලන්නෙඒ තරමටම ම මේ දෙන්නගෙන් කොයි කෙනාද ඇත්තටම මගෙ අරමුණු වලට මාව තල්ලු කරන්නෙ කියලා.."


" මට නම් දැනෙන විදියට ඔය පිරිමි දෙන්නම හරි දරුණුයි වසයි.. දරුණු වස පිරිමි ඔයාට හරියන්නෙ නෑ. ඒ අතින් රන්දිකය හොඳයි.."


" අක්කෙ, මං වුනත් හිතුවා මං ෆෝවර්ඩ් ටෆ් කෙල්ලෙක් නිසා රන්දික වගේ සොෆ්ට් අහිංසක ටයිප් කොල්ලෙක් මට සෙට් වෙයි කියලා.. කේ අන්තිමට මොකද වුණේ… එහෙම නෙමෙයි දැන් මට ඕනෙ මා එක්ක අපායට යන්න වුනත් ලෑස්ති කොල්ලෙක්.."


"මට නම් හිතෙන්නෙ ඔවුන් දෙන්නම දැනටම ඉන්නෙ අපායෙ වගෙයි. මොනව වුනත් මට ඕනෙ ඔයා පරෙස්සම් වෙලා ඉන්න.. හැම වෙලාවකම තමන් ගැන කල්පනාවෙන් ඉන්න .."


උත්‍රා අක්කා මා ගැන හැමවිටම සැලකිලිමත් ය. ඇය අම්මාටත් එහාය. ඒ නිසා ඇගේ ප්‍රොටෙක්ටිව් මෝඩ් එක ඔන් වෙනවාට මා අකමැතිය. මට වුනත් සමහර දේ විවෘතව කීමට අපහසුය. 


මං ඇත්තමද කිව්වෙ? මං මේ ාදන්නගෙන් වැඩියෙන් කැමති කාටද? චාරුටද? නැත්නම් ඒඩ්න්ටද? චාරු හැම වෙලාවෙම මං ගැන බලාපොරොත්තු තියං ඉන්නවා වගෙ ඇගෙව්වට ඒඩ්න් එහෙම කරල තියෙද? එයා කියන්නේ එයාගෙ ගමනාන්තය එයාවත් දන්නැහැ කියල. ඒ කියන්නේ ඇත්තටම ඒඩ්න් කියන එයාගෙ ජීවිතේ ගමනාන්තයක් නැහැද? 


පහුවදා , කාර්යාලය පුරා අමුතු අසිරිමත් ගතියක් විහිදී තිබුණි. හේමන්ත ප්‍රමාදය. නැත. චාරුදර ඉක්මන්ය. ඒ මදිවාට, මලකුත් ගෙනැවිත්ය. මල මටය. මගේ මේසය මත කුඩා මල් බඳුනටය. සුදු ඉරි අත්දිග කමිසයට ලා නිලැති ටයි පටියක්ය. සෞම්‍ය පාටය. 


"ආව්.. කෙල්ලට මලකුත් ගෙනැත්" භාග්‍ය චාරුට කීකරුය. චාරුව වර්ණනාවට කොල්ලන් ඊට එකග නැත.කතා කියන්නේ ය. කකකකභාග්‍යයට වගක් නැත. 


"තීනු අක්ක කියන්නේ මොකක්ද, දැන් චාරු ඒව අහනව"


භාග්‍ය වැඩිමනක් කියයි. චාරු දැන් පිළිවෙලය. ලිපිගොනු පිළිවෙලය. අඩුපාඩු නැත. දවල් වෙනකොට, ඉර ලස්සන ට කැනස් මල් වැටේ හිස් මුදුනට ආවේය. ඒත් එක්කම, ජීප් එක ගෙනැවිත් කාර්යාල මිදුලේ නවත්වා ඒඩ්න් ඉන් බිමට පනිනුද දුටිමි. ඒ සමග ජීප් එකෙන් බැස්සේ මලියෝනා පීටර්ස්ය. ඇගේ කැරළි කොන්ඩය නම් හරි ආකර්ෂණීය ය. සරාගී පාට ඇස් තාම මේ කොල්ලන් වෙත යොමු වන්නේ ආක්‍රමණය කරන බැල්මකින් කියා මට හිතෙයි.


මලියෝනා ඉදිරිපස දොර ගාවදී මා දැක අත වැනුවාය. මොකක්දෝ මන්දා නාට්‍යමය ස්වභාවයක් මට ඇගේ මුළු හැසිරීමේම පෙනෙයි. ඇය ජවසම්පන්න කාන්තාවකි. වෙනදා මෙන් ඒඩ්න් කාර්යාලය තුළට ඇතුළු වුයේ නැත. ඒ වෙනුවට ජිප් එක මතින් හිදගෙන හිමකර සමග සිනාවෙමින් කතා කරමින් හිදිනු මට ජනේලයෙන් පෙනිණි. ඉඳහිට වරක් හොරෙන් මෙන් ඇස් අද්දා ජනේලය ගාවින් තියනුද දැනිණි. හේමන්ත බොස් මට කතා කළෙ ඒ අතරේය. එඩ්න් පිරිමහනවා ඇත්තේ ඊයේ චාරුදර සමග ඔහුගේ නිවස නරඹන්න ගිය තරහවය. මලියෝනා ඇගේ අසිරිමත් සිනාව මවෙත පෑවාය. 


" මේ කෙල්ල අර කොල්ලො අස්සෙ තියන්නෙපා කියලා මං ඔයාට කොච්චර කියලා තියෙනවද හේමන්ත.. හදිසියෙ අසනිපයක් වුනත් බලන්න කෙනෙක් එතන නැහැනෙ. ඒඩ්න් මේ වීක් එකේ ආපහු කොළඹ පදිංචියට යනවලු. ඉතින් මේ ගර්ල්ව අපේ දිහා නවත්ත ගමුකො.."


හේමන්ත මදෙස බැළුවේ විමසිලි ඇසිනි. සංචාරක බංගලාවේ ගැහැනු ළමයෙකු නැවති හිදින බව තාම ප්‍රධාන කාර්යාලයේ අය නොදනිති. මෙහි සම්පුර්ණ වගකීම අතට ගත්තේ හේමන්තය. 


" තීනු, අද මිස් මලියොනා එක්ක ගිහින් ඩැෆඩිල් ටෙරස් එක බලල එන්නකො" 

"හරි.. බොස්. මිස් මලියෝනා, ඔයා යන වෙලාවට මට කතා කරන්නකො"

"අපි දැන්මම යමු තීනු.. මං මේ ඒඩ්න් එක්ක ටවුන් එකට ගිහින් එන ගමන්"


මම මේසය ළගට ගියේ එහි තියා ආ දුරකතනය අතට ගන්නටය. චාරුදර එකවරම එතැනින් මතුවිණි.


"කොහෙද යන්නෙ?අරු එක්ක?"

"මලියෝනා එක්ක.."

"කොහෙ?"

"ඩැෆඩිල් ටෙරස්.."

"මොනා.. එපා එපා.. අනේ ප්ලීස් තීනු.. එහෙ යන්න එපා.."

  කවදාවත් ම මේ හිතුවක්කාරයාගෙන් නොඇසෙන විදියේ ආයාචනාත්මක ස්වරයකින් චාරුදර කියද්දී මම ඔහු සනසවන බැල්මක් බැළුවෙමි. 

"ඇයි ඉතින් ළමයො. මං ඔයාගෙ ගෙදර ආවෙ.. මං ඩැෆඩිල් ටෙරස් එකටත් ගිහින් එන්නං"

"ප්‍රොමිස් වෙනවද අනිවාර්යෙන්ම එනව කියලා ."

"නැත්නම් මං කොහොමද රස්සාව කරන්නෙ.. අපේ අම්මට මං විතරයිනෙ ඉන්නෙ"


චාරුදර බුම්මාගෙන පසෙකට වූවේය. භාග්‍ය මදෙස බලා සිටියේ කුමනාකාරයේ බැල්මක්දැයි මට පැහැදිලි නැත.එහි වූයේ බලාපොරොත්තු කඩවුණු බැල්මකා. මම මගේ හෑනිඩ් බෑගයද රැගෙන මලියෝනා සමග කාර්යාලයෙන් පිටත්වි ඇවිත් ජිප් රියට නගින තුරුත් එිඩිනි නමි මාව තැකීමක් නොකළේය. ඔහු හැසිරුණේ අකීකරු පෙම්වතියකට දඩුවම් නියම කළ පෙම්වතෙකු විලාසයටය. 

"මේ හදිසි යේ ඒඩ්න් කොළඹ යන්නට තීරණය කරනිනට ඇතිතේති එනිසාය. ඔහු බලා සිටියේ කිසිවකු ගමනාන්තයක් රැගෙන ංඔහු වෙත එනතෙක්මය.එහෙත් අවාසනාවට 

මම ගම දැනගෙන ගමනක යෙදෙන කෙල්ලක නොවෙමි.  හැම කෙනෙක්ම දන්නා ඩැෆඩිල් ටෙරස් වෙතට මා නික්ම ගියේ එහෙමය.  


වාහනය ඩැෆඩිල් ටෙරස් වෙත ගියේ එය වට කර ඇති ස්වභාවික විල් තීරය මැද්දෙන් තනා ඇති පාළම මතිනි. ඔවුන් කොයිතරම් පෝසතුන් දැයි දැනගන්නට මේ නිවාස ආකෘතිය දෙස බැලීමම ප්‍රමාණවත්ය. 


ත්‍රිකෝණාකාර වහලවල් තැනින් තැන එසැවි තිබිණි. කොහොමත් තිනෙත්මා කියන්නේ ගෙදරක බාහිර පෙනුමෙන් එහි ඇතුළ මනින මානසිකත්වය ක නොවේ. අප අපගේ ව්‍යාපාර බිඳ වැටි තාත්තා සියදිවි නසාගැන්මට පෙළඹෙන මොහොත දක්වාත් අපුරු නිවසක පදිංචිව සිටියෙමු. සුඛෝපභෝගී වාහන භාවිතා කළෙමු. නමුත් අප සමාගම බිද වැටෙද්දි වුව අම්මාත් අප කිසිවෙකුත් අපේ වාහන අතුහැර දැමුවේ නැත. එබැවින් , මම මලියෝනා පීටර්ස් ගැන අධි තක්සේරුවක නොසිටියෙමි. 


(හෙට ඩැෆඩිල් ටෙරස්හි නිවාඩු දවසකි.)

No comments:

Post a Comment

නුඹ නොදුටු නුඹම

  ඉතින් ඔබ ඇසුවොතින් ආදරේ ගැඹුර පෙන්වන්න හැකිය මගේ ගිළුණු නෙතු පතුල  ඒ තුලින් කිමිදුනොත් පපුකැනති ඇතුල  පුරා හමුවෙයි නුඹට, නුඹ නොදුටු නුඹම හ...