Monday, January 12, 2026

මගේ පුනරුද කලාපය 09

 




ජීවිතේ එත්ත බැදිච්ච සමහර මතකයන් ඔඩෙල් එත.් එක්කත් බැඳිලා තියෙනවා. ඒ බැඳීම් තියෙන්නෙ මේ බිමත් එක්කද මේ නමත් එක්කද කියලා කියන්න මට පැහැදිලි නෑ. ටික වෙලාවක් ඉඳගෙන ඉද්දී අමයුරු තමන් ආ බව කී පණිවුඩයක් එවා තිබු බැවින් මම දොරටුවෙන් එහා පාරේ නවතා තිබුණු රියට නැංගා. අපි අතරෙ ඒ වෙද්දි යම්කිසි සමීප කමක් ඇතිවෙලා තිබුණු නිසාම මට මේ වාහනය ආගන්තුක බවක් දැනුණේ නැති තරම් වුණා. 

" ඉතින් මොකද වෙන්නෙ ආදිත්‍යා?"

මම හෙමින් හිස හරවා එහෙම ඇහු ඔහු දෙස බැලුවා. අමයුරු... ලා නිල් පාට අත්දිග කමිසයක් වැළමිට ළගට අත් නවා ඔහු ඇඳගෙන හිටියා. 

" ඉන්නවා ඉතින්"

" මාත් නෙක්ස්ට් වීක් එකේ මෙල්බර්න් ගිහින් එන්න ඔ්නා"

" හදිස්සියේ?"

" නැහැ... බබාලග‌ෙ අම්මගේ ග්‍රැජුවේශන් එකක් තියෙනවා. අපි දෙන්නා කතා කරගෙන තියෙනවා අපි ජිවිතේ කරන අචිව්මමන්ට් වලදී එකට ඉන්න ඔ්නෙ කියලා. මොකද බබාලා මේ හැමදේම දිහා කල්පනාවෙන් බලාගෙනනේ ඉන්නේ"

මම හිස සැලුවා. 

" ඔයාලා ඉතින් එකටනේ ඉන්නේ" මම ප්‍රශ්නාර්ථයක් අදහස් කරගෙන හිටියේ නෑහැ. ඒ් පවුලේ අය ඉතින් භුග‌ෝලිය වශයෙන් වෙන් වෙන්ව ජීවත් වුනාට එක්ව ජීවත් වෙන පවුලක් නේ කියන අදහසයි මට එතැනදී තිබුණේ. අමයුරු දෙවුර ගස්සලා මා දිහා යාන්තම් වගේ බැලුවා. 

" ඇත්තටම කිව්වොත් අපි එකට නෙමෙයි ඉන්නේ" ඔහු සෙමෙන් වගේම පරිස්සමෙන් කියා දැම්මා. මම කිසියම් කම්පනයකින් තිගැස්සුණා වගේයි. 

" ඒ කිව්වෙ"

" අපි ඩිවෝස් වෙලා නම් නෑ. ඒත් අපි දෙන්නා‌ සෙපරේට් වෙලා ඉන්නේ"

මම සුසුමක් හෙළුවා. මාත් දිමිත්‍රිත් එහෙම ජීවත් වෙච්ච කාලයක් තිබුණා. අපට එක්ව ජීවත්වි වෙහෙස දැනුණාම අපි වෙන්ව ජීවත්වෙන්න තීරණය කරගෙන තිබුණා. 

" එහෙම පහසුවක් දැනෙනවද ඉතින්?"

" ඒ කිව්වෙ?"
" ප්‍රෙ‌ොෆෙසට වෙනසක් දැනෙනවද ? දැන් වෙනම ඉන්න තිරණය කරාට පස්සෙ"

" අනේ මන්දා ආදිත්‍යා මට ඒක තාම හරියට තේරුම් ගන්න අමාරුයිත කොහොම වුණත් එයා‌ට ඔිනෙ මෙල්බර්න් වල ජීවත් වෙන්න. මට ඔිනෙ මෙහෙ ජීවත් වෙන්න...මේ සංස්කෘති වලට යි සමාජ ජීවිතයටයි අපි දෙන්නගෙ තියෙන කැමැත්ත වෙනස් වෙච්ච එකත් එක්ක අපේ ජීවිත ගොඩක් වෙනස් වුණා. මට හිතෙනවා අපි දෙයක් අත්දැකිමෙන් විඳ ගන්නකස් අපට ඒ දේට තියෙන කැමැත්ත හෝ අකමැත්ත ගැන හරිම තීරණයක් ගන්න බැහැ කියලා. මාත් මුලින් හිතුවා මට ඒ් ජීවිතේට කැමති වෙන්න පුලුවන් වෙයි කියලා. ඒ නිසා එයාට ඔිනෙ වෙච්ච ජිවිතේට යං කියලා තීරණයක් ගත්තා. ඒත් එහෙ ගියාට පස්සේ තමයි මට ඇත්තටම තේරෙන්න පටන් ගත්තේ මේක නෙමෙයි මට ඔිනෙ ජිවිතේ කියලා. එතනදී මං මං වෙනුවෙන් සෙල්ෆිෂ් තීරණයක් ගත්තා ආයෙ ලංකාවට එනවා කියලා"

" ඒක සෙල්ෆිශ් කියලා හිතෙන්නේ බබාලා නිසාද?"

"  ඔව්.. බබාලා කියන්නේ අපේ උවමනාවට මේ ලෝකෙට ආව කට්ටියක්නෙ" 

ඇත්තටම බබෙක් හිටියානම් දිමිත්‍රිටයි මටයි වුණත් මේ විදියෙ තීරණයක් ගන්න එක කොයි තරම් සංකිර්ණ වෙන්න තිබුණාද කියලා මට නැවත හිතලා බලන්න අවස්ථාවක් ආවා. මොනවා වුණත් දැන් සිද්ධ‌ වෙන්න තිබුණ හැමදේම සිද්ධ වෙලා අහවර නිසා ආපහු ඒ වගේ තේරුමක් නැති හිතන්නේ ඇයි කියලා මගේ තාර්කික සිතුවිලි ක්ෂනිකව මගෙන් ඇහුවා. 

" ඔයාට ඔයාව නැති වුණේ කවදා ඉදන්ද ආදිත්‍යා?" අමයුරු ඇහුවෙ එක පාරටම. මුලින්ම මම ඒ ප්‍රශ්නය තේරුම් ගන්න උත්සාහ කරමින් බලං හිටියා. මට මාව නැති වෙලා කියලා අමයුරු මැන ගත්තෙ කොහොමද? මං වත් මට මාව නැති වෙලා කියලා මෙතෙක් කල් දැනගෙන හිටියාද? ඇත්තටම මට මාව නැති වෙලාද? 

" මට මාව නැති වෙලා නෑ ප්‍රොෆෙස.. මං ටිකක් මාව අතැරලා බලං ඉන්න කාලයක් මේ"

" හරි... ඒක තමයි මට පේන්නේ ඔයාගෙන් ඔයාව ඈත් වෙලා වගේ"

" එහෙම කාලයක් නම් තමයි මේ ගෙවෙන්නේ"

" ඒ්ක මොකක් නිසා සිද්ධ වුනත් වැඩිකාලයක් තමන්ව තමන්ගෙන් අත් ඇරලා තියා ගන්න එපා. අහේතුකව වෙන කෙනෙක් අතට ඔයාගෙ ඔයාව ගියොත් ආයෙ ඔයාට ඔයාව හොයා ගන්න බැරුව ඔයාව අතරමං වෙන්න පුලුවන්"

" මේ වයසෙදිත් මට එහෙම වෙන්න පුලුවන්ද?"

" කොයි වයසකදිත් සිද්ධ වෙන්න පුලුවන් ඒක"

මම ඇහිපියකට කැමති තාලෙන් නටන්නට ඉඩ දුන්නා අහකට හැරිලා. අමයුරු ජීවිතේට එක්කහු කරන මේ පුංචි පුංචි වාක්‍ය ඇතුළේ මට හිතන්න අපමණක් දේ තිබුණා. 

" ඔයා ජොබ් එක ගැන සතුටුයිද?"

" ඒක ඇහුවෙ අපේ ආයතනෙයි සේවකයින්ගෙයි කොහොමද කියලා මැන ගන්නද?

අමයුරු හිනා වුණා. ඒක ලස්සන හිනාවක්. මටම තේරුම් ගියා ඒ මං  ඇහුවෙ මෝඩ ප්‍රශ්නයක් කීයලා. 

" ඒක ඒ වගේ ප්‍රශ්නයකින් අහල දැනගත්තයි කියලා මට ඇති වෑඩේ මොකක්ද?මං ඉන්නෙ රිසර්ච් ෆෙලා විදියට විතරයි. ඩිරෙක්ට විදියට නෙමෙයි." 

" එතකොට ඒ ප්‍රශ්නෙ සම්පූර්ණ තේරුම මං සතුටින් ජීවත් වනෙවද කියන එකද?"

" මං දන්නවා මිනිහෙක්ට ඒක හරි අමාරු ප්‍රශ්නයක් කියලා"

" සතුට  කියනෙක හරිම සාපේක්ෂයි.. ප්‍රොෆෙස"

අමයුරු හිනාවුණා. 

" සතුට තියෙන්නෙ තමන් ඇතුළෙනෙ නේද ආදිත්‍යා. අපි පිටස්තර පද්ධති වලින් අනවශ්‍ය දේවල් පුරෝගෙන ඒ සතුට නැති කරගන්නෙ නැත්නම්"

වෙලාවකට මට අමයුරු කියන දේවල් අධි ප්‍රායෝගිකයි වගෙත් දැනෙනවා. ඒත් මොන දේ සිද්ධ වුණත් ආදිත්‍යා, තමන්ය මේ මොහොත වෙද්දී පුංචි සංවාදයක් ගොඩ නඟා ගන්න තරම් සුදුසුකම් තියෙන මනුස්සයෙක් ඉන්නවා කතා බහ කරන්න.  

" ඔයා සතුටින්ද ඉන්නෙ එතකොට?"

" ඔව්"

" චුට්ටක්වත් හිතන්නෙ නැතුව ඔයා ඒ ප්‍රශ්නෙට ක්වික් උත්තරයක් දුන්නෙ කවුරු හරි ඒ ප්‍රශ්නෙ ඇහුවොත් ඒකට උත්තර දෙන්නෝන විදිය ඔයා කලින් ට්ර‌ේන් වෙලා ඉන්න හින්දද?" 

" මං ජිවිතේ ලොකුවට ට්රේන් කරන්නෙ නෑ ආදිත්‍යා. මං එන විදියට අවංකව උත්තර දෙන මිනිහෙක්"

මම මොහොතකට කල්පනා කරන්න යම් කාලයක් ගන්න ඇති. අමයුරු රිය ධාවනය කරවන ගමන් මං දිහා උවමනාවෙන් බලමින් ඉන්නවාත් මම දැක්කා. 

" අපි මොනා හරි කාලා යනවද?"

අමයුරු අහන්න ඇත්තේ, මං මගේය කියන කුඩා ලෝකය ඇතුළට පිවිසුණාට පස්සේ මළාට ඒකෙන් එලියට එන ජාතියෙ එකෙක් නොවෙන නිසාම වෙන්න ඇති. 

" වේලාසන වැඩියි වගේ කියලා හිතෙනවා එලියෙන් කන්න"

මං කිව්වාම අමයුරු ඇත්තටම හයියෙන්ම හිනාවුණා. මං කිව්ව වාක්‍ය අස්සෙන්න වෑහෙන යටි අරුතක් තනියම මතු කරගෙන එයා තනියම හිනාවුණ එක ගැන මම නෝක්කඩු බැල්මක් බැලුවා. 

" මිනිස්සු අතරෙ ගොඩ නැඟෙන සම්බන්ධතා වලට ලස්සන අනන්‍යතා තියෙනවා ආදිත්‍යා. ඒවා අවුල් කරගන්නෙ නැතුව ජීවත් වෙනකෙ මිනිස්සුන්ගෙම අතේ තමයි තියෙන්නෙ. ගොඩක් වෙලාවට ඒවයෙ ලස්සන පවතින්නේ ඒවා නිදහදේ තියෙන තරමටම තමයි. ඒ අනන්‍යතා වලට බලෙන් හැඳින්වීම් දෙන්න යන්න නරකයි. මොකද ඒවා ඇතිවෙද්දීම ඒවාට අනන්‍යතා පිහිටනවා. අපි අහලා තියෙනවා මිනිස්සු කියනවා ඒවා නමක් නැති කතා කියලා. නමක් නැතුව කතා හැදෙන්නෙ නෑ, හැම කතාවකටම නමක් තියෙනවා. ඒ නම වෙනස් කරන්න යාම හරි රාමුවකට ඇතුළත් කිරීම හරි තමයි අමාරු. ඒවට ඔහේ පවතින්න දෙන්නෝන"

" මගෙත් දිමිත්‍රිගෙත් සම්බන්ධතාවට අන්තිමට ඉතිරි වෙලා තිබුණු අනන්‍යතාව කසාදය කියන නම විතරයි"

 " ඇත්තටම ඔයා ඔයාට නැතිවුණෙ දිමිත්‍රිගෙයි ඔයාගෙයි කසාදෙ පටන් ගත්ත තැනදිද? නැත්නම් ඉවර වුණ තැනදිද?" අමයුරු එහෙම අහද්දි අපි දෙන්නා හිටියෙ අජ අන්ධකාර අවන්හලක රවුම් හැඩැති මේසයක එක ලග අසුන් වල ඉඳගෙන මෙනු පතක් කියවමින්. 

" දෙවෙනි වතාවටත්ට ඒකම අහන්නෙ ඇත්තටම මාව නැතිවෙලා වගේද ඔයාට පේන්නෙ?"

අමයුරු මෙනු පතින් ඇස් අහකට අරන් මගේ ඇස් මතින් තියාගත්තා. 

මෙනු පතින් ඇස් අරන් තියාගෙන මා මතින් 

කියන්නට කතාවක් හිතනවද ඔබ හිතින්මටත් මා නැති වුණැයි ඔබට පවසමි ඉතින් වැළදගෙන දරාගනු මැනවි මා ඔය නෙතින්.

 ඒක මගෙ හිත ඉක්මණින් ලිව්ව කවියක්. මං කොහොමටත් මෙතැනදී හිතනවා ඉක්මන් වැඩී. අමයුරු තනියම ඉන්න කෙනෙක් බව ඇත්ත. ඒත් අමයුරුට ලෝකයක් තියෙනවා. ඒකෙ තේරුම මොකක්ද? ආදිත්‍යාට ලෝකයක් නෑ කියනෙකද? මං ඒ ගොඩනඟා ගත්ත ලෝකය අත් ඇරලා දාලා ආපු එක වරදක්ද? 

" මිනිහෙක්ට වුණත් ගෑනියෙක්ට වුණත් තමන්ට තමන් නැතිවෙනවා කියන්නෙ ධාරාණිපාත අපරාධයක් ආදිත්‍යා..ඒ අපරාදෙ ඔයාට වෙන්න ඔ්නෙ නැහැ කියලා හිතෙනවා මට" 

අමයුරු ඉස්සරහා මං මගේ උරහිස මත තියෙන බර ටිකක් හොලවන්න පුරුදු වෙලා හිටියා. ජීවිතේ ලේසි නෑ. අම්මගෙයි තාත්තාගෙයි බෙහෙත් වලට මාසෙකට වතාවක් ගෙවිය යුතු බිල් බෝඩින් පීස් කෑමබීම ලංකාව කියන්නෙ ජීවන වියදම අධික රටක්. 

" ඔයා කොහෙ හරි රටකට යන්න බලන්න" අමයුරු කිව්වේ ඇණවුම අවසාන කරලා වේටර් අපි ගාවින් ගියාටත් පස්සෙ. ඒත් මට ඇත්තටම මේ රටින් යන්න ඔ්නෙද?

" මට දිමිත්‍රි ගැන තියෙන්නෙ හරි වෙනස් මතක බව ඇත්ත. ඒත් ඔයා දන්නවද? මට තාම බැරිවුණා අපි දෙන්න එක්ක බැඳිච්ච අතීත මතක ගොන්න ඩිලීට් කරලා හිත නිදහස් කරගන්න. ඒ කාලෙ කියන්නෙ මං දැන් මතක් කරන්නවත් කැමති කාලයක් නෙමෙයි.."

" දිමිත්‍රියි ඔයායි ආදරෙන් හිටිය වෙලාවල් තිබුණානෙ?" අමයුරු ඇහැව්වෙ සැකෙන්. ඇස් යටින් බලාගෙන. 

" ඔව්. එයා ආදරණීයව නොහිටියා නෙමෙයි.ඒ වුණාට ඔ්නම ආදරණීය වෙලාවක් ක්ෂණයකින් විනාස කිරීමේ අතිවිශේෂ හැකියාවකුත් එයාට තිබුණා. එයා දැනගෙන හිටියා මාව හරිම සියුම් විදියට රිද්දන්න.." 

" හිත හදාගෙන නොරිදී ඉන්න ට්‍රයි කළේම නැද්ද?"

" මං තරම් ඒක කරපු වෙන කෙනෙක් ඉන්න ඇති කියලා ඔයා හිතනවද? මං එයාගෙ විදිය ඒක කියලා උත්සාහ කළා. මේ ලෝකෙ හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා කියලා හිත හදාගෙනත් හිටියා. අන්තිමට මං හිතුවා.මං ඉක්මණින් මැරෙනවා නම් හොඳයි කියලා. මේ පීඩනය එතනින් ඉවර වෙනවා නේද කියලා. මොකද මං කරන හැම දේකදිම මම බැනුම් ඇහුවා. ඒක හයියෙන් හුස්ම ගත්තත්, ඇවිදිද්දි ඔ්නැවට වඩා සද්දයක් ආවත් උදේ නැගිටලා උයද්දි වලදක් සද්ද වුණත් ඉස්සරහ දොර අරිද්දි සද්දයක් ආවත් වගේ ඔ්නම දේකදි මං බැනුම් අහන්න නියමිත වෙලා හිටියා වගේ දෙයක්. ඒකත් මුලින් මුලින් නිකම් කෑගැහිල්ලක් වෙච්ච පස්සෙ තිත්ත කුශුහරුප මල්ලකින් දමලා ගහන තත්වෙට විකාශනය වෙච්ච තත්වයක්" 

අමයුරු සුසුමක් හෙළුවා. 

" ඇත්තටම සමහර අසත්පුරුෂ මිනිස්සු එක්ක ජීවත් වෙනවා කියන්නේම පෙර පවක් ගෙවීමක් තමයි. ඒත් අපි හැම වෙලාවෙම තේරුම් ගන්නෝන අපි දඩුවම් විඳින්නෙ මේ ආත්මෙ අපි කරපු දේවලට විතරක් නෙමෙයි කියන එක" 

" ඒම හිත හදාගෙන ඉවසගෙන ඉන්න කාලෙ තමයි, මට දැනගන්න හම්බ වුණෙ එයා වෙන කෙල්ලෙක්ට ළංවෙලා කියලා. මුලින් මුලින් රහසින් කොඳුරලා ගත්ත ටෙලිෆෝන් කෝල්ස් ටික ටික එලිපිට ගන්න ඒවා බවට පත් වුණා. පස්සෙ එයා බැල්කනි එකේ අපේ බෙඩ් රුම් එකේ තැනින් තැන ඉඳගෙන එක දිගට පැය දෙක තුන කතා කරන ඒවා බවට පරිවර්තතන වුණා. සමහර කෝල් දිග වැඩි වුණාම මං එයාට කෝපි එකක් හදලා ගිහින් දෙනවා.. සිප් කර කර ඔහේ කතා කර කර ඉන්නවා"

" මට අහන්න බෑ දුක හිතුණේ නැද්ද කියලා"

" දුක කියනෙ එකට හිත හිරිවැටිලා  තියන නිසා දැන් ඒ ගැන ලොකු අවුලක් දැනෙන්නේ නැහැ.. ඒත් එයා මට අරයව කසාද බඳින්න ඔ්නෙ කියලා ඩිවෝස් එක ගමුද ඇහුවාම නම් මට ගොඩක්ම දුක හිතුණා. ඒ ප්‍රපෝසල් එක කරලා එයා වවුනියා ගියා වැඩකට දවස් තුනකට. මං ඒ දවස් තුනම දවල් දවසෙ සාමාන්‍ය විදියට වැඩට ආවා වැඩ කළා හිනාවෙලා කතා කරලා හිටියා. හැබැයි ගෙදරට ගියාට පස්සෙ අඳුරු ගුහාවක තනිවුණා වගේ දැනුණා. අපි දෙන්නා වෙන් වෙන් විදියට හරි ජීවිතේ බෙදා ගත්ත තැන එතන. මොන දේ කවුරු එක්ක හිටියත් හවසට අපි ගෙදර ආවා. අපි අතරට සම්පුර්ණයෙන්ම තුන්වැනියෙක් ඇවිත් කියලා දැනුණු හින්දා ද මන්දා මං එහෙම පිටිම්ම කඩාගෙන වැටුණා. මං ගෙදර ලයිට් එකක් වත් නොදා කළුවරේම අඩ අඩා හිටියා"

අමයුරු ඇහිබැම ඔසවලා අහක බලා ගත්තා.

" ඒ කියන්නෙ ඔයා දිමිත්‍රිට සෑහෙන්න ආදරෙන් නේ ඉඳලා තියෙන්නෙ ළමයෝ"

මම ඒ වාක්‍යය එක්ක මුරපදයකින් ක්‍රියාත්මක වුණ පරිගණකයක් වගේ මා ඇතුළට දත්ත ගලා එන්න ඉඩ අවකාශ හදා දුන්නා. මං ඇත්තටම ආදරය කරලාද දිමිත්‍රිට. ඒක ආදරයද නැත්නම් ඒක ආකර්ශණයද ? ආකර්ශණය කාලය ගෙවෙද්දී ක්ෂය වෙනවා. ඒත් කාලය ගෙවෙද්දී ක්ෂය නොවුණු මාවත් දිමිත්‍රිවත් වෙන්වෙන්න පවා අකමැති කර බැඳලා තිබුණේ ඇබ්බැහිය කියලා මට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්තා. 

" මං හිතන්නේ මං දිමිත්‍රිට ඇබ්බැහි වුණා. ප්‍රොෆෙස.." 

ඒ හැන්දෑවේ වැඩියෙන්ම අහපු සින්දුව

මගේ පුනරුද කලාපය 09

  ජීවිතේ එත්ත බැදිච්ච සමහර මතකයන් ඔඩෙල් එත.් එක්කත් බැඳිලා තියෙනවා. ඒ බැඳීම් තියෙන්නෙ මේ බිමත් එක්කද මේ නමත් එක්කද කියලා කියන්න මට පැහැදිලි ...