" හ්ම්ම්... ඇබ්බැහි කියන්නේ නම් කරුමයක්.. ආදිත්‍යා.. ඒක හරිම භයානකයි. ඔයා එයාට බැඳෙන්නෙ ආදරෙන් නම් ඒක යටිහිතේ තැන්පත් වෙලා හරි මතුපිටින් අමතක කරන්න පුලුවන්. ඔයාට තිබුණෙ ආකර්ශනයක් නම් ඒක කාලෙ ගෙවෙද්දී ෆේඩ් වෙලා යනවා. හැබැයි ඔයා ට වෙලා තියෙන්නේ නරකම දේයි. නරකම දේ කියන්නේ ඔයා ඇබ්බැහි වෙනවා කියන්නේ ඊට ලේසියි ඔයා මැරිලා යන එක"
" මිනිස්සු මත්දුව්‍ය වලට ඇබ්බැහි වුණාම ඒක කොයිතරම් අමාරුද ගැළවෙන්න කියලා අපි දන්නවා. ඒ්ත් මිනිස්සුන්ට ඇබ්බැහි වුණාම ඒක ට පුනරුත්ථාපනය වෙන්නෝන කොහොමද කියනෙක හිතාගන්න බැහැ."
මම ආයෙමත් ආයෙමත් කල්පනා කළා. දිමිත්‍රි ගෙ තිබුණු ටොක්සික් ගතිගුණත් එක්ක මං කොහොමද එයාට ඇබ්බැහි වුණේ කියලා. සමහර වෙලාවට අපිට ඒ ටොක්සික් ගති වලටත් ඇබ්බැහි ඇති වෙන්න පුලුවන් කියනෙක මට තේරුම් ගන්න පුලුවන් වුණා. ඇබ්බැහියක් කියන්නෙ එක්තරා විදියකට බැලුවොත් මනස පුහුණු කිරීමක්. අපි ටොක්සික් රිලේශන්ශිප් එකක පවතින රළු පරලු රිදුම් වලට පුරුදු වුණාට පස්සෙ අපට ඒ රිදුම් ගැන ඇතිවෙන්නෙත් ඇබ්බැහියක් තමයි. ඊට වඩා බලවත් බලවේගයකට ඇබ්බැහි වෙන්න පුලුවන් වුණොත් අපට පුලුවන් වෙනවා මේ තත්වෙන් මිදෙන්න.
ඒත් සාමාන්‍යයෙන් අපි ටොක්සික් සම්බන්ධයකදී කොපමණක් වෙහෙස වෙලා ඉන්නවාද කියනවානම් අපට හිතෙන්නෙවත් නෑ අලුත් කවුලු විවර කරන්න තියා අපේ පැරණි කවුලු වසා දමන්නවත්. ඉතින් අලුත් බලවේගයක් ගැන කොහොමද විශ්වාස කරන්නෙ? මේ කාරණා ටික මේ වචන වලින්ම නොවුනට මීට වඩා සරල කතා කරන භාශාවෙන් මම අමයුරු ට කියමින් හිටියේ.
" ආදරෙන් රිදුණට පස්සෙ මිනිස්සු දෙවිදියකට සම්බන්ධතා එක්ක ගණුදෙනු කරන්න පටන් ගන්නවා. ඒ්ක්කො දකින දකින කොල්ලා කෙලල් එක්ක සෙට් වෙලා කිසිම ගාණක් නැතිව සම්බන්ධතා තියාගෙන යනවා. අනික සම්බන්ධතාවයක් ගැන හිතන්නේවත් නැතුව පැරණි ආදර කතාවේ මතක එක්කම ජීවත් වෙනවා. මේ අතරෙ තමන්ව ගොඩ දාගන්න උනුත් නැති උනුත් ඉන්නවා. අර දකින දකින කෙනා එන්න හදා ගන්න රිලේශන්ශිප් තියෙන කෙනාත් තමන් ඇතුලෙ තමන්ව ගොඩ දාගන්නවා. බොහෝවිට උන් කරන මොන ලව් එකක් වත් තමන්ට දැනෙන ඒවා නෙමෙයි නිසාම උන්ට වේදනාවක් නෑ. කවදා හරි තමන්ට හරියන එකෙක් සෙට් වුණාම අර ඔක්කොම දමලා ගහලා කසාද බඳිනවා."
" ඒක සල්ලාලකම නෙමෙයි ද?"
" මෙහෙමයි සමහර විට ඔය වගේ සම්බන්දතා ඇතිවෙන්නේ සමාන සිටුඒ්ශන් වල නම් ඒක සල්ලාලකමක් වෙන්නෙ නැ.මට අනුව නම්. දෙන්නාම තමන්ගෙ ටයිම් පාස් කරගන්නවා. තනිකම මකා ගන්නවා. ඒ්ක සල්ලාලකමක් හරි වනචරකමක් හරි කියලා ලේබල් කරනෙක වැරදියි. මිනිස්සු දෙන්නෙක් ට තමන්ගෙ හුදකලාව තනිකම හැඟීම් හුවමාරු කරගන්න නිදහසක් තියෙන්නෝන කියන තැන මං ඉන්නවා. හැබැයි එතනදි තව කෙනෙක් වෙනුවෙන් තමන් පාවිච්චි වෙනවා කියනෙක හිතෙනවා නම් කිසිම කෙනෙක් එතනින් එහාට ඒ සම්බන්ධතාවයෙ ඉන්න අවශ්‍ය නැහැ"
"එතකොට ඒ සම්බන්ධතාවෙ ඉන්න දෙන්න වෙනම නීතිමය සම්බන්ධතා වල ඉන්නවා නම් ඒ් අනිත් කෙළවර වල ඉන්න මිනිස්සුන්ට අසාධාරණයක් වෙන්නෙ නැද්ද?'
" මෙහෙමයි ආදිත්‍යා.. අපට සම්ප්‍රදායට අනුව නීතියට අනුව කවුරු හරි කසාද බැඳලා ඉද්දි තව කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් ඒක අනියම් සම්බන්ධතාවයක් විදියට වර්ග කරන්නත් පුලුවන්.ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙන්නත් පුලුවන්. මොකද මොනම හිතවත්කමකදී වුණත් විශ්වාසය කියන්නෙ රැකිය යුතු රකිනවා නම් පවතින දේකට"
මම ඒ දෙබස තරමක් සංකීර්ණව හිතුවා. ඇත්තටම ඒ වෙද්දි මම නීතිමය බැඳීමකින් නිදහස් වෙච්ච කෙනෙක්. මට තවදුරටත් විශ්වාසය පවත්වා ගන්න හෝ රවට්ටන්න කෙනෙකු මගේ ජීවිතය තුළ ඇත්තේ නෑ.
" මේ කිසිම දෙයක් මම කියන්නේ මගේ වාසියට නෙමෙයි"
අමයුරු කිව්වේ හිනාවෙලා. මම ඒ හිනාව දිහා පුදුමයෙන් බැලුවා. ගෑනියෙක්ට හිතෙන විදියෙ හැඟීමක් අනාවරණය කළෝතින් ඇත්තටම ඒ හිනාව හරිම ආකර්ශනීයයීීී. තව වතාවක් හිනාවෙනවා නම් ඒතෙක් බලා ඉන්න ආස හිතෙන තරමටම. ඒ වාක්‍යය ඇතුළෙ තිබුණෙ අපි අතර වුුුුණත්ත් ඒහෙම සම්බන්ධයක් ඇතිවෙන්න පුලුවන් පසුබිමක ඉන්නවා. ඒත් මට ඔයාව පොළඹවා ගන්න උවමනාවක් නැහැ කියනවා වගේ දෙයක් කියලා නොහිතෙන්න තරමට මං පුංචි බබෙක් නම් නෙමෙයි.
" ආදරේ කරද්දී පාවිච්චි වෙන්න කොහෙත්ම ඉඩක් නැද්ද?"
" මොකද නැත්තෙ?"
අමයුරු හිනාවෙලා කිව්වේ.
" මේ මොහොතෙ මං මේ ඔයා එක්ක කතා කර කර ඉන්නෙකත් එක විදියකින් බැළුවාම පාවිච්චි වීමක්. ඔයා ඉමෝශනලි ස්ාට්‍රාන්ග් වෙන්න මාව පාවිච්චි කරනවා.."
"මගෙ දෙවියනේ ඔයා එහෙම කතාවක් කියන්න හිතුවෙ වත් කොහොමද?"
" ඒක ඒ විදියට හිතන්න පුලුවන්නෙ. නෝමලි මං මගෙ විෂය කරුණු කාටහරි දෙනවා නම් ඒ වෙනුවෙන් මට ගෙවීමක් ලැබෙනවා. ඒත් මේ මොහොතේ මං ඔයා වෙනුවෙන් මේ වෙලාවයි දැනුමයි දෙකම දෙන්නෙ කිසිම අයකිරීමක් නැතුව.ඒකම පාවිච්චි වීමක් නෙමෙයිද?'
අපි දෙන්නාම හිනාවුණා. එකම මොහොතක. මට පහුගිය කාලච්ඡේදය පුරාවටම පිරිමි යහලුවෙකු ඉදලා නැහැ.ඒකට මුලිකවම හේතුවුණේ පාසල් කාලයේ ඉදලා දන්නා අඳුනන පිරිමි මිතුරන් පවා දිමිත්‍රිගෙත් මගෙත් වෙන් වීමෙන් පසුව දක්වන්න උත්සාම කරපු හිතවත්කම වෙනස් වීම. ඒකෙ හැඩය පරිධිය හැම දෙයක්ම වෙනස් වෙලා ඔවුන් උත්සාහ කළේම මං කෙරෙහි අපමණ දයාවෙන් හමුවෙලා කතා කරන්න , නමුත් කොහේදිද? සංවෘත පරිසරයක් ඇතුළෙ. මේ සංවෘත පරිසරයෙ නිර්වචනය පුළුල් වැඩි නිසාම මම තීරණය කළා ඒ වගේ හිතවත්කම් වලින් පවා ඈත් වෙලා ඉන්න. කායික සංවරය වගේම මානසික සාමය පවත්වා ගැනීමත් මට එකසේ වැදගත් වු කාලයක් ඒ.
" අපි ෆිල්ම් එකක් බලමු වෙලාවක" අමයුරු කල්පනාකාරීව කිව්වා.
" මේ සෙනසුරාදා ඔයා මොකද කරන්නෙ?" ඒ අදහසට ම සමගාමීව ඊළඟ ප්‍රශ්නයත් නැඟූණා. මං කැමැත්තෙන්ම හිටිය ප්‍රශ්නයක් ඒක. මේ වෙද්දී මගේ හිත මේ සමාගමය සෑහෙන්න ප්‍රිය කරමින් හිටියෙ.
" ඔයා ලංකාවට ආවට පස්සෙ ?"
" අපි ඊට කලින් යමු. පැය දෙක තුනක් මට ඔයා වෙනුවෙන් වෙන් කරගන්න බැරි තරම් මං බිසි මිනිහෙක් වෙලා නෑ තවම"
එදාත් අමයුරු මාව පුරුදුකාරයෙක් වගේ මගේ නවාතැනේ ගේට්ටුව අයිනෙන්ම මාව බැස්සුවා. මං ඒකට කැමතිත් වුණා. මගේ හිතේ මේ ආරක්ෂාව ගැන ලෝභකමක් වෙමින් තිබුණෙ. ඒත් එක්කම මෙතැන ප්‍රේමය රෝපණය විය යුතුමයි කියා අදහසකුත් මට නැති වුණා.
" මේ සෙනසුරාදා අර ගමන යන්න පුලුවන් නම් මට ඒක කියලා තියන්න"
අපි වෙන්වෙන අන්තිම තත්පරය පුරාම ගැබ්වෙලා තිබුණේ මොකක්ද මන්දා හඳුනාගන්න අපහසු හැඟීමක්. ඒ හැඟීම හින්දාම මම ඒ පසුපස දුවලා හති වැටෙන්න උත්සාහ ගත්තෙත් නෑ.
මගේ පුංචි ලෝකයට පිවිසුණාට පස්සෙ මම මොහොතකට නිවී හැනහිල්ලේ කල්පනා කළේ කෝපි මග් එකකුත් පුරෝගෙන. මෙතෙක් කාලයක් කවුරුවත් කතා කරපු පලියට මේ වගේ ගමනක් නොගියා කියලා සෝලෝ ඩේට් යනවා කියලා තට්ට තනියම ඇවිදලා අතේ තියන සතේ වෙනකම් වියදම් කරලා ඔ්නෙ දේවලුයි එපා දේවලුයි ගත්ත අතීතය ඇතුළෙ හොයපු සතුටක් තිබුනෙත් නෑ. උපයා ගත්ත අමුතු ගෞරවයකුත් නෑ. ඩිවෝස්ඩ් කියන ලේබලය කොයි තරම් සමාජය පිනවීමේ කාරණාවක්ද කියනෙක දැනගෙන සිල් රෙදි පොරවා ගන්න මට උවමනාවක් තිබුණේත් නැහැ.
" දැන් ඔය අඳින පළඳින විදිය එහෙම පීලිවෙලකට කරන්න. ඔයා තවදුරටත් තනිකඩ කෙල්ලෙක් නෙමෙයි. දික්කසාද වෙච්ච ගැනියක්. ඔයා දිහා පිරිමි බලන්නෙ ඔයාට පරිස්සම් කරගන්න දෙයක් නැති තවත් වෙන්න දෙයක් නැති ආරක්ෂාවක් නැති ගෑනියෙක් දිහා බලන විදියට. දැන් ඔයා අඳින පළඳින හැමදේම අනුව තමයි එයාලා ඔයාව මනින්නේ..ඒ නිසා කරදර වලට අත වනන විදියෙ ෆැශන් කරන්න යන්න එපා." මගේ පවුලේ වැඩිහිටි නැන්දා කෙනෙක් මට එහෙම කිව්වා. මම හිස වැනුව. මට ඇත්තටම ඔිනෙ වුණේ නැහැ සම්ප්‍රදායට අභියෝග කරන්න.
සම්ප්‍රදායට සමාජය ඉස්සරහා අභියෝග කරලා මගේ ප්‍රතිරුපයට හානියක් කරගන්නවාද නැත්නම් වාසියක් කරගන්නවාද කියනෙකට වඩා පෞද්ගලිකව සතුටින් ඉන්න විදියක් හොයා ගන්නෙක මට ඇත්තටම වැදගත් වෙලා තිබුණෙ. ඒ නිසාමයි මං සමාජ මාධ්‍ය වල නිහඩව හිටියෙ. ඒකෙ තේරුම මගේ ජීවිතය නිශ්ශබ්ද වුවා කියනෙක නෙමෙයි. නමුත් මං දැක්කා වරින් වර මගේ පාසල් මිතුරියන් සරසවි මිතුරියත් අටවා ගත් වට්සැප් සමුහ වල මං ගැනත් නානාප්‍රකාර දේ කතා වෙනවා. දිමිත්‍රි වගේ කඩවසම් පිරිමියෙක් අතාරින්න තරම් ප්‍රභල හේතුවක් මට නැත්නම් ඒක මං සමලිංගිකයෙක් වෙන්න පුලුවන් වගේ මතයක් දක්වා ඔවුන් ඇදගෙන යනවාත් මට පෙනුණා. මේ සමුහ වල මගෙ ගෙවීමක් නැතිවම නොමිළේ ක්‍රියාත්මක වෙන සිසීටිවි කැමරා තිබුණා. බොොහ් දෙනෙක් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මේ සියල්ල සලකා බලලා අවසානයට මං තීරණයක් ගත්තා මේ ඉරිදා මං වෙනුවෙන් යොදවන්න. අමයුරු එක්ක ඉරිදා දවස ගෙවන්න.
.jpg)
No comments:
Post a Comment