ඔලිව් 01
උදෑසන හතරට නාදවෙන එලාම් එක කවදාවත් විසන්ධි නොකරන ජීවිතය ක් ඇයට තියේ.. ඇගේ කාමරය තිබුණේ කොළඹ නගරයේ මධ්‍යයේ පිහිටි සුවිශේෂ සුඛෝපභෝගී මන්දිරය ක පහත මාලයේ කොරිඩෝරයක් දිගේ යද්දී හමුවෙන අහඹු මුල්ලය. ඇයත් සමගින් ම විජේබණ්ඩාරවරුන්ගේ පාරාදීසයේ පහත මාලය ඇහැරෙයි. රත්නශීලා නැන්දා සමග මුලුතැන්ගෙය ඇහැ අරින අතර. උයන්පල්ලන් හරිත පැහැති උද්‍යාන වලට දිය ඉහින්න පටන් ගනිති.ව්‍යාපාර අධිරාජ්‍යයකට අයිති වාහන වල රියැදුරන් තමන්ගේ වාහන සොදන පිහදාන අයුරු දකින්නට ලැබේ. මේ විශාල වපසරිය ඇතුලත කුරා කුහුඹු ඇගේ භුමිකාවම අහම්බයක් වේ.
විජේබණ්ඩාර පවුලේ කෙනෙකු ඇස ගැටෙන්නත් ඉස්සර ඇය ඒ විසල් පිවිසුම් දොරටුව මග හැරලා පසුපසින් ඇති කුඩා දොරටුවෙන් මහ මගට පිවිසෙයි.ඇගේ ගමනාන්තය වන්නේ තුම්මුල්ල හන්දිය ආසන්නයේ ඇති පුංචි කෝපි කඩයකි. කැෆේ 66ත්. පිවිසුම කුඩා කොරිඩෝව දෙදෙනෙකු ට මාරුවෙන්න ඉඩ නැති තරම් පටු වුනත් ඇතුලත සැලකිය යුතු ඉඩක කෝපි මේස සහ කුඩා ලී පුටු තිබේ
ඇයත් මේ පුංචි කෝපි කඩයත් අතර සම්බන්ධතාව වටප්‍රමාණය වැඩි කතාවක් වුනත් මේ ඒ කතාව දිගහරින්න මොහොතනොවෙු. ඇය ඇගේබෑග් එකේ තියන යතුරු වලින් කුඩා දොර ලග නැමි ඒවායේ දමා ඇති ලොකු ඉබි යතුරු වල අගුලු විවර කරයි. ඉන්පසුව පෙර දවසෙ හෝදලා පිරිසිදු කරලා ගිය කෝපි මැශින් ක්‍රියාත්මක කරබි. මගදි මිලට ගන්නා අලුත් මල් , මල් බඳුන් වල දමා සරසන අතර. ඉන්පසුව ඇගේ කැෆේ සික්ස්ටි සික්ස්ත් යුනිෆෝම් එක තද කලුපාට දිග කලිසම, අලුපාට අත්කොට කමිසය සහ ලා දුඔුරු පාටැති ඒප්‍රනය පලදී. ගෙල මුලට වෙන්නට කොන්ඩය කුඩා ගෙඩියක් වෙන්න බැදගෙන කැඩපතට සිනා නගයි. ඒ හොදම සිනාවත් සමග ඉතින් දැන් ඊලග දවස පිළිගන්න කැෆේ සික්ස්ටි සික්ස්ත් සුදානම්!
එකවරම පලමුවෙනි ආශිර්වාදය අරගෙන කෙනෙක් කොපි කඩයේ දොරටුව හැර ගෙන මතු විණි. කලු කැප් එකක් සහ රවුම් කර ඇති කලු ටී ශර්ටයක් ඇදගෙන සිටි ඔහු අතේ ලැප්ටොප් බෑගයක් තිබුණි. ඔහු ටිකක් කලබලයෙන් ඉන්නවා වගේ ඇයට දැනී ගියේ කශනිකවය.
“ good morning sir..”
ඈ ඇගේ සුපුරුදු සිනාවෙන් දවසේ පළමු පාරිභෝගිකයාට සුබපතද්දී , ඔහු “ mmm morning ..” කීවේ ඇය දිහාවත් නොබලමිනි. පුදුම හදිස්සියක්… ඇගේ හිතට හිතුණි. ඔවුන්ගේ කැෆේ සික්ස්ටි සික්ස්ත් කියන්නෙ කලබලකාරි මිනිසුන් ට ඔබින තැනක් නෙමෙයි. එහි දොරෙන් පිටත කොපමණ කලබලකාරී වුනත් මෙහි පැතිර පවතින නිශ්ශබ්දතාවට මිනිස්සු ආස කළ බව ඔවුන් දැන සිටියහ. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයේ සිසුන්. ඔවුන් තමන් ගේ ලැප්ටොප් අරගෙන ඇවිත් කෝපි බොමින් අප සතුව තිබුණු සරල කෙටි කෑමක් කමින් තමන් ගේ පාඩුවේ අධ්‍යයන වැඩ වල නිරත වුහ.
“ rest room. එක මට ටිකක් පාවිච්චි කරන්න පුලුවන් ද?”
ඔහු ඇසුබැවින් ..ඇය හිස වැනුවාය. “ ආ.. තව මට ස්ට්රෝන් කොෆී එකක් ඕනෙ විතවුට් සුගර්” ඔහු නැවත කීවේ අමතක වු යමක් සිහිපත් කරනවාමෙනි. ඇය ඔහුට විවේක කාමරය ඇති දිසාවපෙන්වුවාය. ඉන්පසුව ඇයට ඔහු පිලිබද අවදානය දෙමින් ඉන්නට නොහැකි වුණේ , පවන් විජේබණ්ඩාර ඒ මොහොතේ කෝපි කඩය ඉදිරිපට ඇති කුඩා ඉඩෙහි සිය වාහනය නවත්වාගෙන ඇගේ දුරකතනයට ඇමතුමක් දුන් නිසාවෙනි. එතැන වාහනය නැවැත්වීමට අවසර නැති නිසා වගේම පවන් කියන්නෙ මොනාකාර නොඉවසිලිමත් මනුස්සයෙක් ද කියලා දන්න නිසාම ඇයට තව මොහොතක් වත් එතැන රැදෙන්නට නොහැකියි.
“ දැන්මම කස්ටමර්ස් ලා ඇවිත් ද?” පවන් විමසන්නේ ඇගේ මුහුණ වත් හරියට නොබලමිනි. ඔවුන් ට මම කවුරුවත් වන කෙනෙක් නෙමෙයි. ඇයට විජේබණ්ඩාර ලා ගැන එහෙමත් හිතී තිබිණි.
“ එක්කෙනෙක් ඉන්නවා…” ඔහු පෙර දවසක දී කෝපි කඩයේ දෛනිකව උවමනා වන කෝපි ඇණවුමක බඩු ගෙනැවිත් තිබුණා. පවන් ට අවශ්‍ය වුණේ මෙහි ආදායම නිශ්චිත ව ඔහුගේ ගිණුමට බැර වෙන්නත්, අඩුපාඩු වලින් තොරව දෛනික කාර්යන් සිදුවෙන්නත් පමණයි. සුලලි, පවන්ගේ අක්කා ඇය ඉදහිටලා දවසක මෙහි එනවා. ඇවිත් අපේ කතා නායිකාව එක්ක කෝපි එකක් බොනවා. “ මම දන්නවානෙ අපේ මල්ලිගේ හැටි” කියමින් එයා බිව් කෝපි කෝප්පයටත් සල්ලි ගෙවනවා.
කඩදාසි බෑග වල ඇසිරු කෝපි රැගෙන නැවත කඩය තුලට යද්දී ඇයගේ ඇස් පුදුමයෙන් විසල් වෙනවා. ඇය පෙර කී කලබලකාරී මනුස්සයා, පෙර ඇද සිටි කලු රවුම් කර ටී ශර්ටය වෙනුවට ඔලිව් කොල පැහැ ස්වෙටරයකින් සැරසී ඇවිත් කෙලවර මේසයක වාඩිවී තමන් ගේ ලැප්ටොප් එක දිගහැරගෙන කිසිවක් කරමින් ඉන්නවා.
ඔහු ඉල්වු ස්ට්රෝන් කෝපි එක ප්‍රමාදත් ඇති. ඇය සුවද ඉහිරුණු කෝපි කෝපිපයක් ඔහු වෙනුවෙන් පිලියෙල කලා. එය පිරිනමන්නට ඔහු ලගට ගියවිට ඔහු යාන්තම් වගෙ ඇය දිහා බැලුවා. ඔහු තවදුරටත් විශ්ව විද්‍යාල ළමෙයකැයි කියා පෙනුණේ නම් නැහැ.
“ මේ තැන හොදයි.. හරි සන්සුන්”
ඔහු කිව්වා. ඇය දැන සිටියේ නැහැ, ඔහු හදවතටම දැනුණු දේ කීවාද, නැත්නම් ඔහු එය මවා පෑවාද කියා.. කෙසේ වුවත් ඔහු ගේ ඇස් , දෙතොල් , ඇහිබැම එහෙන් මෙහෙන් රැවඅල් කොට අපිලිවෙලට වැවුණු කම්මුල් හරි ආකර්ශණීයයි කියා ඇයට හිතුණා. හ් ඒත් ඇගේ හැගීමත් ඒ තරම් ගණනකට ගත යුතු නැහැ. මොකද කියනවානම් ඇයත් තාම තරුණ කෙල්ලක්. ඉතින් මෙහි යන එන ආකර්ශණීය පිරිමි ළමයින් ගැන ඇයට වුණත් තවදුරටත් එහෙම දේවල් හිතෙන්න පුලුවන්. හිතී තියෙන වාරත් තියෙනවා.
මේ මොහොතේ තවත් දෙදෙනෙක් කෝපි කඩයට ඇතුලු වුනා.
“ ගුඩ් මෝනින් ගෑනු ළමයා..” කිසියම් තද ස්වරයක සුබපැතුමක් ඔතා ඉදිරිපත් කලා වගෙයි. ඇය වෙනසක් නැති කෝපි ප්‍රේමීන් සියල්ලන්ට එකසේ පෑ සිනාව ඔවුන්ටත් පෑවා.
“ ගුඩ් මෝනින් සර්..”
“ කොහොමද.. අද ඔයාගෙන් හැමදාමත් කෝපි බොන අයමද මේ ඇවිත් ඉන්නෙ?” ඒක තරමකට වෙනස් ප්‍රශ්නයක්. ඇගේ ඇස් ඔලිව් කොල පැහැ ස්වෙටරය ඇද සිටින ඔහු වෙතම යොමු වුණා.
“ හැමදාම එන කෙනෙක්, විතරයි තාම..”
ඔවුන් කෝපි කෝප්ප දෙකක් අරගෙන කෝපි කඩයෙන් පිටත් ව ගියා. කොළ පැහැ ස්වෙටරයකට මාරුවී සිටි පුදුම පිරිමි ළමයා ඇය දෙස බැලුවා.
“ ඔයා මම හැමදාම එන කෙනෙක් කියල එයාලට කීවේ ඇයි?” ඇය නිහඩවී හිටියා. ඒක වැරැද්දක් නොවන බව ඇයට විශ්වාසයි. “ ඉතින් ඒක වැරැද්දක් වගෙ දෙයක්ද සර්?” ඇය ඇහුවාම ඔහු හිනාවුණා. විශ්වාස කරන්න! මේ තුම්මුල්ල අවට දේශීය විදේශීය හිනාමලු දහස් ගාණක් කැෙෆ් සිකිස්ටි සික්ස්ත් එක මැද්දේ ඉහිරිලා ඇති… ඒත් ඔහු මෙතෙක් කොන් එකත් කර බැද තිබු සිනාමල්ල ලිහා දැම්මා.. කැෆේ සික්ස්ටි සික්ස්ත් හි සවුන්ඩ් පෘෆ් කර ඇති ගොඩනැගිල්ලේන් පවා එහාට ගලා ගිහින් කොළඹ පුරාම ගලා යන තරම් එළි කිනිති වෑහෙන්න පටන් ගත්තා කියා ඇයට හිතුණා.
“ නෑ, මං හිතන්නෙ.. මින් පස්සෙ මම හැමදාම මෙහෙ එන “ කෝපි ප්‍රේමියෙක්” වෙයි.” දෙවියනේ, ඔහු අපේ ෆේස්බුක් පේජ් එකත් බලලා. අපි අපේ ටැග් ලයින් එක විදියට භාවිතා කරන්නේ, “ කෝපි ප්‍රේමීන්ට” කියන වචනය… ඔහු සිනාසෙමින් කුඩා හැදුනුම් කාඩි පතක් ඇය අත තිව්වා. එය සාමාන්‍ය කාඩ්පතකින් දෙකෙන් එකක් තරම් කුඩායි. මැට් කලු පැහැතියි. ඉදිරිපස, කුඩා ලැප්ටොප් එකක ස්වභාවයේ කොටුවක් යාන්තමින් දිලිසෙන රිදි පැහැයකින් සටහන්ව තිබුණා. අනික් පස ඒ ආකාරයෙන්ම qr code එකක් සටහන් ව තිබුණා. ඇය එය දෙපස පෙරළද්දී, ඔහු කවුන්ටරය මත සිය දෙවැළමිට තැබුවා.
“ මම ප්රහේලිකාවක් වගෙද පේන්නේ?” ඇසුවා. ඇය හිනාවෙන්නට උත්සාහ කළා.
“ ඔයාට පුලුවන් වෙයි විසදන්න…”
ඔහු ඇයට පේන අවකාශයෙන් නික්මිලා ගිහින් සිසිටිවි තිරයෙන් ද නික්ම ගියා. ඇවිද ගියේ බම්බලපිටිය දෙසට…. ඔහු ඇත්තටම ආවේ කෝපි බොන්නටද? නැත්නම් කලු පාට ටී ශර්ටයනේ ඔලිව් කොළ පාට ස්වෙටරයට මාරු වෙන්නට ද?
