Friday, November 7, 2025

මගේ පුනරුද කලාපය 03



 දිමිත්‍රි ගෙන් වෙන් වුනාට පස්සෙ මුල් කාල වකවානුව පුරාම මං හරි සතුටින් හිටිය ගැහැනියක් බවට පත් වෙලා හිටියා. තවදුරටත් මං අලුතින්න හොයාගත්න් ගෙදර  තැන ගලවා රෝල් කර දමන ලද ඩෙනිම් කලිසම්, යට ඇදුම්, නොසෝදා අදින ලද මේස් කුට්ටම් කිසිවක් තිබුණේ නැහැ. ගේ පුරාවටම ඉතිරිවී සිටි එකම සජීවී මනුස්ස ප්‍රාණියා මම වීම හැමදේම මට ඕන  විදියටම සිද්ධ  වෙමින් තිබුණු නිසා ජීවිතය වඩාත් පහසු වෙමින් තිබුණා. ඔව්, ඇත්තටම මම එහෙම හිතාගෙන හිටියා. මට උවමනා නම් මම කැමතිම කෑම කන්නත් , බීම වර්ග බොන්නත් නොකා නොබීම ඉන්නත් මේ කිසිම කිසිවකට කිසිම තැනකදී බාධාවක් තිබුණේ නැහැ. මිනිසුන් ඉක්මණින් වෙහෙසට පත් වෙනවා. හැමදේම හරිම ඉක්මණින්ම එපා වෙනවා. ඒ මිනිසුන්ගෙ ස්වභාවය. 

ඒ දවස් අවසාන වෙද්දී මම මට උවමනා හැමදේම කිරීමෙන්ම වෙහෙසට පත් වුණා. දිමිත්‍රිගෙත් මගෙත් විවාහ බැම්ම තුලදී මම කරන්නට ආසාවෙන් හිටි හුගක් දේ මං ඒ වෙද්දි කරල අවසානයි. තනියම ලොකුපොප් කෝන් මල්ලක් රැගෙන චිත්‍රපට නරඹන්නට යාම, නගරයේ රූෆ් ටොප් එකකට වී පෝය දවසක පැස්ටා දීසියක් තනිව හිස් කිරීම , කඩදාසි බෑගයක දැමු ඉස්සො වඩේ හපමින් ගාලු මුවදොර ඇවිදගෙන යාම වගේ දේවල් ඉන් කීපයක්. තවදුරටත් මට කරන්නට උවමනා වී තිබුණේ සංචාරක කණ්ඩායමකට එකතුවී ඊජිප්තු සංචාරයක යෙදීම, තනිව රාත්‍රියක අධිවේගී මාර්ගයේ රියක් ධාවනය කරරගෙන ගොස් දකුණු වෙරළේ මුහුදුබඩ නවාතැන් පලක මුහුදේ ඝෝශාව ඇසෙන කාමරයකටවී නිදාගැනීම , ඇල්ල වගේ මං ආසම ඉසව්වක දිනක් දෙදිනක් නිහඩව ගෙවා දැමීම වගේ ක්‍රියාකාරකමක් පමණයි. 

මිනිස්සුන්ට ජීවත් වෙන්නට බලාපොරොත්තු කොතරම් පිටුවහලක් වෙනවාදැයි තේරුම් ගැනීමට මට අවශ්‍යව තිබුණා.  දිමිත්‍රි එක්ක ජීවත් වෙන කාලය පුරාවට මට වරින් වර ඇතිවු බලාපොරොත්තු තිබුණා. අවසාන කාලයේ වෙන්වීමේ උවමනාව. ඒකත් එක්තරා විදියකට බලාපොරොත්තුවක්ම තමයි.ඒත් ඉන්පස්සේ,…ජීවිතයට ප්‍රතිකර්ම අවශ්‍ය බව මට තේරුම් යමින් තිබුණා. මේ කිසිවක් කෙටි කාලයක් තුල සිදුවු දේ නෙමෙයි. ක්රම ක්රමයෙන් සිදුවෙමින් පැවතුණු දේ. සමහර වෙලාවක උවමනා වට වැඩියෙන් පිළිවෙල උනාම ඒකත් වදයක්ව දැනෙන්න පටන් ගත්තා. ඉතින් මම අපිළිවෙලටත් ඉදලා අත්හදා බැලුවා. 

මිනිස්සු කියන්නෙ කිසිවිටෙකත් තෘප්තිමත් කරන්නට බැරි වර්ගයක් බව මටම තේරුම් ගන්න ඉඩ සැලැස්වීම ගැන මම දෛවයට ස්තුතිවන්ත වෙමින් හිටියා. නිස්කාරණේ ගෙවෙන සමහර දවස් වල නාස්ති වෙන කාලය ගැන මම අලුතින් වද වෙන්නට උත්සාහ කළේම නැති තරම් . ම⁣ං ඇතුළෙන් මට නුහුරු හඩක් නැගෙමින් තිබුණේ සාමාන්‍ය රළ නැගෙන විදියට වුණත්‍, හිටි ගමන් එක දවසක ඒක සුනාමියක් තරම් චණ්ඩ ව නැගෙන්නට පටන් ගත්තා. 

මහ අකල් වරුසාවක් දවස් කීපයක් තිස්සේ ඇද හැලෙන්නට පටන් අරන් තිබුණා. කොළඹ කියන්නෙ වැස්සට ලස්සනට දියවෙන නගරයක් වුණාට‍, වැස්ස එක්ක ගොඩ ගැහෙන වාහන පේළි මිනිස්සුන්ගෙ වෙලාව පාරවල් වලම හප කරලා අත් ඇරලා දාලායි තිබුණෙ. මම උඩු මහලෙ කාර්යාල කවුලුවෙන් බැල්කනියට ඇද හැලෙන වැස්ස දිහාත් ඒ වැස්ස උරා ගනිමින් තිබුණු බෝගන්විලා පඳුරු දිහාත් බලාගෙනම ඌබර් යෙදුමෙන් වාහනයක් හොයමින් හිටියා. 

ජීවිතයත් හරියට ම මෙන්න මේ වගෙ ඕඩර් එකක් දාලා බලා ඉන්නවා වගෙ. ලැබෙන බව දන්නවා. නිසැකයි.  ඒත් ලැබෙනකම් බලා ඉන්නම වෙනවා. 

3 comments:

මගේ පුනරුද කලාපය 06

  ටික වෙලාවකින් අමයුරු බලාපොරොත්තු බිඳිලා ගිය බැල්මකින් සුක්කානම තට්ටු කළේ ඉතා දිගු වාහන පෝලිමක බලා සිටිමේ අපහසුතාවය හොඳටම දැනිලා වෙන්න ඇති....