Olive 06
රටා රහිත යුවතිය
Flat white කෝපි බඳුන අවසාන වන්නට ආසන්නය. නමුත් එය සෑහෙන වෙලාවකින් අල්ලා වත් නැත. ඔහුගේ ඇගිලි කීබෝඩ් එක මත වේගයෙන් දිව යයි. නතර වෙයි. බලන බැල්මට ඔහු කල්පනාවෙන් වැඩ කරනා සාමාන්‍ය කෝපි ප්‍රේමියෙකු ලෙස පෙනෙයි.
එහෙත් , ඔසඳ සම්බන්ධයෙන් කිසිවිටෙකත් කිසිවක් අහම්බයක් ලෙස සිදු නොවනෙ බවක් කිසිවෙකු නොදනිති. ඔහුගේ ඇස් නිකමට කිසිවක් මත නොගැටෙයි. ඒවා හැම මොහොතකම පවතින්නේ ගණනය කිරීමකය.
ඔහු ඉදිරියේ මේ තිබෙන ලැප්ටොප් තිරය නිකමට ක්‍රියාත්මක වෙනවාද නොවේ. එය පුරාම විවිධාකාර අකුරු මතින් ස්ථාවර වන අවස්ථාවන්ය. කලබල මීමැසි ගොමු වන් දත්ත සංසරණයන් සිදුවේ. ඉලක්කම්, ඒවා අතර හිටි හිටි ගමන් අවශ්‍ය තීරණයන් මිලි තත්පර ඇතුළත ගනු ලැබේ. නමුත් බාහිර ලෝකයට ඒ කිසිවක් නොපෙනේ. පෙනෙන්නේ තරුණ මිනිසෙකු කෝපි බදුනක් බොනු පමණ කි.
.සවුමි ඔහු දෙස බැලුවෙ සැලකිල්ලෙනි. එහෙත් ඒ නිකම් කෝපි එකක් බොන්නට එන හුරු කෙනෙකු දෙස බලන බැල්මකිනුත් නොවේ.
ඔසද ඇගේ බැල්මත් ඇය නගනලා සිනහවත් දුටු නමුත් ඒ ගැන අවධානය ක් දක්වන බවක් නොපෙන්වා ඉන්නට ප්‍රවේශම් සහගත වුවේය. නමුත් හිතැතුළේ කිසිවක් තැනක සිට තැනකට විතැන්වීමක් ! ඔහු flat white උගුරක් වෙනුවෙන් සිය කෝපි කෝප්පය දෙතොලට ළං කරගත්තේය.
සවුමි කෝපි ප්‍රේමින් ගණනාවකට අයිති වි තිබිණි, ඇය යළිත් ඔහ ඉන්නා තැන බැලුවේ වත් නැත. ඇගේ අවධානය නැතිවු සැණින් ඔහු සිය ජංගම දුරකථනය අතට ගෙන කිසිවක් පරිකෂා කළේය. ලැපටොප් තිරයද යතුරු පුවරුව ද ක්‍රියාත්මක විය. ගැහැනු ළමයා දුටු පමණින් විලම්බීත වු හිතකින් ඇයට තමන්ව නිරාවරණය කරගත් අනුවණකම නිවැරදි කරගත්තේය. නිශ්ශබ්ද අණක් ක්‍රියාත්මක විය. ඔහු ඇයට දී තිබු QR කෝඩයේ ගමනාන්තය වෙනස් විය. අවසානයේ ඒ “ඔහු” නොවේ. නිකම් ටෙක් කම්පැනියක අංකයකට දිශාගත වී තිබේ. සියල්ල සන්සුන් වත් පැහැදිලි වත් අවසන් විය. ඇය ඒ කෝඩ් එක ස්කෑන් කළහොත්, ඔහු පිලිබඳ අංශුමාත්‍රයක් ඇයට සොයාගත නොහැකි වන්නේය. දැන් ඔහුට ඇය අවදානම් සහගත ද්වාරයක් නොවේ.
සවුමි, තවමත් ඔහු දුන් qr කෝඩ් එක ස්කෑන් කරනැත. එය ඇයට සිදුවු අත්වැරැද්දක් නොවේ. එය ඇය පිලිබඳ ඇගේ හැසිරීම් රටාව පිලිබඳ වැදගත් දත්තයකි.ඔසද අහම්බ ගැන විශ්වාස කරන්නේ ම නැත. ඔහු විශ්වාස කරන්නේ , හැසිරීම් රටාවන් ය. දත්තයන් ය.
කැෆේ කොණක ලී මේසයක් ළඟ වාඩිවී සෙමෙන් බී අවසන් වෙන්න ආසන්න flat white කෝපි කෝප්පයක් අතෙහි තබාගෙන ඔහු ජීවිතය ඔහු විසින් සාදා නිමකරන්නට යෙදුණු ඇල්ගොරිදම් එකක් සේ ගලායනු බලා හිඳින්නේය.
මිනිස්සුන් නැවත නැවත පැමිණෙති.
ඔවුන්ගේ පුරුදු වෙනස නොවී පවතී.
ඔවුන්ගේ හැගීම් විසින් ඔවුන් නිර්මාණය කරන ලද තේරීම් අනුගමනය කරන ලදී. කෙනෙකු පැමිණ ඇත. ඔහු ඊයේ ඇණවුම් කරන ලද කෝපි වර්ගයම ඇණවුම් කරන ලද අතර මේස දෙකක් එහායින් එකක් අවට හිඳ ගත්තේය. සෑම විනාඩි තුනකට වරක්ම සිය ජංගම දුරකථනය පරීක්ෂා කරන්නේය.
සරසවි ශිෂ්‍ය කණ්ඩායම ක ආටොප මවාගත් යුවතිය විහිලුවක් නොවන කතාවකට හඩ නගා සිනාසෙන්නීය. සරසවියෙ වැඩ කරන තරුණ ලිපිකරු යුවල අමනාපයක් සගවා එකිනෙකා දෙස නොබලන්නට ප්‍රවේශම් වෙති.
මේ සියල්ල තුල එක්තරා රටාවක් පවතී.
හැමෙකක්ම කියවා ගත හැකිය.
අනුමාන කළ හැකිය.
ඇය හැර….
සවුමි , ඇය අනුමාන කළ නොහැකි හැසිරීම් රටාවක් පෙන්වයි. ඇය විටෙක කෝපි හල මැද උන්හිටි ගමන් නතර වෙයි. හොදින විවේක ගන්වා ඇති අමු අලුත් මලක් කොනිතිගසා එහි සාමයේ සැතපීම බිඳලයි.
මිනිස්සුන් දෙස සුපරීක්ෂාකාරී ලෙස විමසිල්ලෙන් බලයි. ඒ බැල්මෙන් ඇය කිසිවක් කියවා ගන්න උත්සාහ කරන විදියක් පෙනෙයි.ඉතින් අන් කිගේ හැසිරීම් වල අනුමාන කළ හැකි රටාවක් පැවතිය ත් සවුමි ට පැහැදිලි රටාවක් නැත.
එක්කෝ ඇයට මේ සිදුවන සියල්ල ගැන විමර්ශන ඇසක්නැත. ඕනෙ දෙයක් සිද්ධ වුනාවේ වැනි හැගීම් ඇය තුල ඇත. එසේ නොවේ නම් ඊට ප්‍රතිවිරුද්ධ ලෙස සියල්ල ක්‍රියාත්මක වෙයි. ඔසද සිය ලැප්ටොප් තිරය වසා දැමුවේය. කෝපි කෝප්පය ද අවසාන වී ඇත.
ඔහු සිය අඩුම කුඩුම ද රැගෙන පිටවන්නට පෙර ද ඇය දෙස බැලුවේ ය. ඇය හොදටෝම කලබලය. ඔහු නික්ම යන්නට හදන බව නොදන්නවා වාගේය. එහෙම නැත්නම් යන්න හදනා බව හොදටෝම දැන දැනත් ඒ වගක් නොදත් බවත් අගවන්නෟය.
ඔහු ආ මගෙහිම ආපසු ඇවිද ගියේ නිශ්ශබ්ද ව, නොදන්වාමය. නමුත් ඔහු නික්ම ගියේ නිකම්මද නොවේ. ඔහු නික්මී ගියායින් පසුවද, නොහදුනන කිසිවක් අවකාශය තුල ඉතිරිව තියේ. ඒ ඔහු උන තැන අමතකව ගිය කිසිවක් නොවේ.
ඒ හදුනා නොගත් වස්තුව ඉදිරිපත් ව තිබුණේ මේ අපුර්ව මිනිස් රටා උපදින අවකාශය තුළමය. ඔහු හා පැහුණු කුමක් හෝ යමක් …
සවුමි ඒ නික්ම යාමෙන් මොහොතක ට ගල් ගැසුණාය. නමුත් ඔහු පැමිණි පසු කිසිවක් වෙනස් යැයි දැනුණත් ඒ හැර අනික් සියල්ල ම වෙනස් නොවී පැවතිණි.
No comments:
Post a Comment