ඔලිව් 03
කැෆේ සික්ස්ටි සික්ස්ත් - නිදාන කතාව
එ මීට දැවුරුද්දකට පෙරාතුව එක් දිනකි. සිදුවිම සිදුවන්න නියමිත ව තිබුණේ පැරඩයිස්හි හමඅවිම් කාමරය තුලය. පැරඩයිස් මන්දිරයේ හමුවීම් කාමරය , හැමවිටම අනෙකුත් තැන් වලට වඩා වෙනස් ය.
එතැන ආදරයෙන් උණුසුම් නොවේ.සජීවී නැත.
තීරණ ගනු ලබන සහ ප්‍රකාශයට පත් කරන තැන එතැනය. . බොහෝ නිහඩව පැහැදිලිව සහ කිසිදු හැගීමකින් තොරව එතැනදී තීරණයන් ගනු ලැබීණි.
මිගාර විජේබණ්ඩාර යනු ඔහුගේ පැමිණිමෙන්ම එවැනි හමුවීම් කාමරයක් එලිපෙහෙලි කළ හැකි මිනිසෙක්ය. වසර ගණනාවක් තිස්සේ ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩ නැගීමෙන් ඉක්බිති ඔහු ස්වභාවයෙන්ම මේ පෞරුෂයට උරුමකම් ලද්දාක් මෙන්ය.
.ලිපිගොනු වඩාත් පැහැදිලිව සකසා ගත් නියෝජිතයන් අතලොස්සක් ඔහු ගේ පාර්ශ්වය නියෝජනය කරමින් තිබිණි. ඉදිරිපස හිදගෙන සිටියේ ව්‍යාපාරයන්ට සම්බන්ද බාහිර පාර්ශ්වය කි.
.පිළිවෙලට හැඳ පැලඳස ිටි ඉන් එකෙකු යම්කිසි ලියවිල්ලක් ඔහු වෙතට පෑවේය. ඉන්පසු සිය ස්වරය ස්ථාවරව තබාගෙන කතා ඇරඹුවේය.
“ තුම්මුල්ල ප්‍රොපටි එකේ ලීස් අග්‍රිමන්ට් ඒක කන්ටිනිව් නොකරන්න අපි තීරණයක් අරන් තියෙනවා. ඒක කනගාටුවෙන් වුනත් දන්වන්න වෙනවා.
මුදු නිහඩතාවකි.
කිසිම වියවුලක් දෙපාර්ශ්වයේම නැත
විජේබණ්ඩාර පාර්ශ්වය මේ පිලිබඳ පෙර දැනුවත් වී ඇති බැවින් මෙය අමුත්තක් ද නොවේ.
මිගාර පුටුවේ පසුපසට මඳක් ඇදී සිය ශක්තිමත් හඩ අවදි කළේය.
“ කොහොමටත් තුම්මුල්ල ප්‍රොපටි එක ගැන අපට වෙනම දැක්මක් තියෙනවා. ඒ නිසාම අපි ශෝට් ටර්ම් ටෙනන්ට්ස් ලා එක්ක තමයි දිගටම වැඩ කලේ.” බොහෝ සන්සුන්ව කීවේය.
පවන් ද මේසයේ කෙළවරක හිඳගෙන සිටි අතර, සිය අත්ල එකිනෙක පිරිමැද්දේය. මේ ගිවිසුම් පාර්ශ්වය පැමිණෙන්නට පෙරම ඔහුට මේ හිස්වෙන ගොඩනැගිල්ල පිලිබඳ වෙනම අදහසක් පැවතුණි.
“ ඇත්තටම ප්‍රොපටි එක හිස් වෙන්නෙ නෑ” සියල්ලන්ගේම ඇස් ඔහු වෙතට ඇද ගන්නට ඒ් වචන කීපය සමත් විය. පාර්ශ්වකරුවන් තවම විසි විය නොඉක්මවු තරුණ විජේබණ්ඩාරවරයා දෙස නෙතු යොමුවේ සැනෙකිණි. ඒ වචන හරඹය ඇතුළත මහ රුකක් වීමට නියමිත අංකුර ව්‍යාපාරිකයෙක් ඔවුන් සියල්ලන්ටම පෙනී ගියේය.
මිගාර සිය නිහඩ පිළිවෙත දිගටම රකින්නාක් මෙන් නිශ්ශබ්ද වී සිටි අතර, එය ඔහු හිතාමතාම පවන් විජේබණ්ඩාරට අවකාශයක් ලබා දීමක් ද නොවේ නම් පවන් ගේ හැසිරිම සහ අනික් අයගේ ප්‍රතිචාරය පරික්ෂා කිරිමක් ද යන්න පැහැදිලි නැත .
“ මට තියෙනවා ප්ලැන් එකක්. අප්පච්චි අයි වෝන්ටි ටු ටේක් ඔ්ව ද ප්ලේස්” හරියටම කාලය මනිමින් වචන අතර කාල පරාසයක් තබා ගනිමින් ඔහු පැවසුවේය.
එය නව්‍ය අදහසක් විය. කළ නොහැකි හෝ විය නොහැකි ගණයේ නොවේ. නමුත් එය අවස්ථාවේ හැටියට නැවුම් එකකි.
. මේ අවස්ථාවේ මිගාර ගේ බැල්ම පවන් වෙත වැටුණේ ඇහුම්කන්දීමකට වඩා වැඩි යමකටය. “ මොකක්ද පර්පස් එක?”
.පවන් ක්ෂණයකින් පිළිතුරු නොදුන්නේය. පළමු වතාවට මේ රුපියල් වලින් හෝ ඩොලර් වලින් ගණනය කර ඉදිරිපත් කළ හැකි ව්‍යාපෘතියක් නොවේ.
“ඇත්තටම අපට අප්ස්ටෙයා එකට දැනටම වෙන කීප දෙනෙක් ගෙන් රික්වෙස්ට් තියෙනවා. මං ටාගට් කරන්නෙ වම් කෙලවරේ පොඩි ස්පේස් එක ෆස්ට්ෆ්ලෝ එකට ත් එක්කම තියනෙ…”
“ ඒක පොඩි හුන්ඩුවක් වගේ එකක් පවන්”
“ රෙනවේශන් ප්ලැන් එකක් මං ගාව තියෙනවා අප්පච්චි. “
ව්‍යාපාර පාර්ශ්වය න් එකිනෙකාගේ මුහුණ බලා ගනිමින් මිගාර ගේ මුහුණ බලා ඉන්නේ ඔහුගේ පිළිතුරු ලැබෙන තුරුය.
“ කැෆේ එකක් අප්පච්චි”
මේ වන විට පිටතින් පැමිණි පාර්ශ්වකරුවන් හමුවීම් කාමරයෙන් පිටත්ව ගොස් සිටි අතර , ඉතිරිව සීටියේ විජේබණ්ඩාර උරුමය දරාගත් පිරිස පමණයි. නමුත් ඔවුන’තර අමුතු උද්යෝගයක් ඇතිව නැතිව ගිය බවක් දැකියහැකි විය.
“ අපට දැනටම කැෆේ කීපයක්, හොස්පිටැලිටි පැත්තේ ප්‍රොජෙක්ට්ස් කීපයක් තියෙනවානෙ”
” මේක වෙනස් එකක්” පවන් කීවේ,
සරලවය.
සන්සුන් ව ය.
. නමුත්, වැඩි පාලනයක් තමන් අතෙහි දරා ගෙනය.
මිගාර සිය පුත්‍රයා ව විපරම් කර බැලුවේය.
ඇත්තෙන්ම අදහස ඔහුට වැදගත් නොවීය. නමුත් මේ අදහස පසුපස ඇති අරමුණ පැහැදිලි කර ගැනීමටය.
“ ප්‍රපෝසල් එකක් සබිමිට් කරන්න” ඔහු අවසානයේ කියා සිටියේය. “ ඒක හොද වුනොත් ඔයාට පුලුවන් වැඩේ පටන් ගන්න”
මිගාරගේ භාශාවට අනුව එය පෙර අනුමැතියක් ලෙස සැලකිය හැක්කකි.
.පවන් හිස සලා එය පිළිගත්තේය.
. ඒ හොඳටෝම ඇති, හිතින් හිතා ගත්තේය.
ඇත්තෙන්ම කැෆේ එකට අදාලව කළ යුතු නියම සංවාදය තවම සිදු වී නැත. පවන්ගේ හිතේ තියෙන්නෙ වෙනමම අරමුණ කි.
ඒ එදිනම සැන්දෑ අහස මළ හිරු වැදි රෝස පැහැයෙන් දිස්වෙන වෙලාවකි. සවුමි ගේ නිදන කාමරය ඇති කොරිඩෝව වෙනදා ලෙසම පැවතිණි. සවුමි ට මේ මොහොතේ පෙර ලෙස සන්සුන්ව නොදැනුණි. ඇයට කාමර කොරිඩෝව දිගට එන පිය සටහන අඳුනා ගත හැකිවේ. ඇය සිටියේ කාමරයේ දොර හොඳින් ඇර දමා ගෙනය. මේ පිය සටහන් ඇයට හොඳටම හුරු ය . සිගිත්තෙකු සන්දියේද, දරුවෙකු සන්දියේද, යව්වනයෙකු සහ දැන් තරුණයෙකු සන්දියේද මේ පිය සටහන් ඇයට වඩා හුරු වෙන්නට පුලුවන් කාටද?
“ සවුමි”
. ඇගේ කුඩා කාමරය සමන්විතව තිබුණේ කුඩා ඇඳක්, මේසයක් සහ පුටුවක් , ඇඳුම් අල්මාරියක් වැනි අතිශය සරල ගෘහභාණ්ඩ කිහිපයකින් පමණකි. ඇය ඇගේ සටහන් පොත් බලමින් මේසය අසල වැඩිවී බිත්තිය දෙසට මුහුණ පා සිටියාය. ඇගේ නම උච්ඡාරණය කරනු ඇසීමෙන් ඇය ආපස්සට හැරුණාය. හැම වෙලාවකම මෙන් සන්සුන්වය. පවන් ඇගේ දොරකඩ සිටගෙන උන්නේය. කුඩා කල මෙන් දුවගෙන දුවගෙන ආවේ නැත. දැන් දෙදෙනා දුරස්තය. බොහෝ නිශ්ශබ්ද විලාසයකින් ඔවුන් දැන් එකිනෙකාට දුරස්ත තරුණයෙකු සහ තරුණියකි.
“ එන්න ඉතින් , ඉඳගන්න”
පවන් ඒ ආරාධනාව පිළිගෙන ඇගේ කාමරයට ඇතුලු වී ඇගේ කුඩා රෝස මල් නිල් පසුබිමක ඇඳ තිබෙන ඇඳ රෙදි දමා ඇති ඇඳ මතින් හිඳගත්තේය. කාමරයේ වට පිටාව නැරඹුවේය. තමන්ගේ , අක්කාගේ කාමර විශාල වුවත් කොතරම් නවීන ගෘහභාණ්ඩ වලින් සංකීර්ණ ලෙස පිරී තිබුණත් මෙහි ඇති කිසිවක් කාලානුරුපව වෙනස් වී නැති හැටි නිහඩව බලා සිටියේය. ඒ තුලින් ඇය ළඟා කරගෙන ඇති සැනසීම ගැන සියුම් ඉරිසියා සහගත හැඟීමක්ද ඇතිවී තිබිණි.
“ එක්සැම් ඉවර වෙන්නෙ කවදද?”
“ හෙට”
.
“ අපේ ප්‍රොපටි එකක් තියෙනවා, තුම්මුල්ලේ. ඒකෙ ලීස් එක ඉවරයි. අපට ප්‍රොපටි එක ආයෙම හම්බවෙනවා.” පවන්ට කතා කරන්නට ඉඩ දී සවුමි නිශ්ශබ්ද වුවාය. “ මං හිතුවෙ එතැනින් පොඩි ස්පේස් එකක් අරගෙන මගේම පොඩි බිස්නස් එකක් පටන් ගන්න” සවුමි එවර ඒ මුහුණ බැලුවාය. පහත මාළයට . තමන්ගේ කාමරයේ කුඩා ඇඳ මත හිඳගෙන මෙහෙම කතා කරමින් සිටියාට විජේබණ්ඩා ව්‍යාපාර අධිරාජ්‍යයේ අනාගත ඔටුන්න හිමිවන්නේ පවන්ට බව ඇයට අමතක නොවේ. “ කැෆේ එකක්” එසේ කියා පවන් සවුමිගේ මුහුණණ බැලුවේය.
. පළමු වතාවට සවුමි ගේ ප්‍රතිචාර ක්ශනයකින් වෙනස් විය. පවන් ඒ වෙනස දුටුවේය. ඔහු ඇය ගේ මේ වගේ සියුම් වෙනස්කම් පිලිබඳ අවදානය දක්වන්නේ ඇය දුටු මුල් කාලයේ සිටමය. ඒ මේ සම වයසේ අපුරු ජිවියා පිලිබඳ තිබු කුතුහලය හේතුවෙන් වු අතර පසුව ඇය කෙරෙහි වු අනුකම්පාව ක්‍රමයෙන් ටිකක් වෙනස්වට දැනෙමින් තිබෙන යව්වන හැගීම් පොදිය ඊට පසුබිම සාදා දී තිබිණි.
.“ ඔයාට දැනටම තියෙනවානෙ එහෙම කැෆේ එකක්. “ ඇය උත්සාහ කළෙ එය සිහිපත් කරදෙන්නටය. එය ගැටලුවක් නොවේ. කරුණු දැක්වීමක් පමණය.
“ ඒවා මගෙම දේවල් නෙමෙයි” ඔහු වහා කියා දැමුවේ, කවුරුන් හෝ ඔහුගේ අදහස වෙනස් කරතැයි බියෙනි.
. සුලග ආයේ කැරකෙන්නට පටන් ගත්තේය. පවන් සුසුමක් හෙලුවේය. පෙරට වඩා අවම වෙගයකිනි. පාලනය ක් සහිතව ය.
“ මට මේක හරියටම කරන්න යි ඕනෙ..දවසක බ්‍රැන්ඩ් එකක් වෙන්නෝන… ඒක නිසාමයි ඔයා එක්ක කතා කරන්නෝන කියල හිතුවෙ…
ඔහු පැවසු දේ හරහා ගම්‍ය වුයේ කුඩා ව්‍යාපාරික අංකුරය වඩාත් වගකීම් සහගතව ගොඩනැගෙන බවය. නමුත් ඊලගට ඔහු කීවේ අනපේක්ෂිත කතාවකි.
“You can run it.”
දෙදෙනා අතර ගැඹුරු නිහඩතාවක් මතුවිය. කොහොමත් සවුමි හදිසියේ ප්‍රතිචාර දැක්වුයෙ නැත. ඇය තමන්ට ඇසුණ දේ ටික වෙලාවක් යනතුරුත් විශ්වාස කරන්න ට කැමති වුයේ නැත.
එහෙත් ඇය යළි පැහැදිලි කරගනු පිණිස , “ ඒ කියන්නේ ?” කියා ප්‍රශ්නාර්ථයක් නැගුවාය. .පවන් තම අදහස වෙනුවෙන් හේතු දක්වන්නට නොපැකිලව ඉදිරිපත් වුවෙය.
“ ඔයා දැනටම කෝපි කියන සබ්ජෙට් එක දන්නවා ..ඒ මදැයි”
“ ඒකයි මේකයි දෙකක්”
“ නැහැ … පොඩ්ඩක් වැඩේ ලොකුයි”
“ මං කියන්නේ පවන්, මං එතන වැඩ කරන්න එන්නම්.. ඒත් කොෆී ශොප් එකක් රන් කරනවා කියන්නේ…” ප
පවන් යාන්තම් මෙන් ඉදිරියට නැමී සවුමි ගේ ඇස් පතුල අල්ලා ගත්තේය. ඇයට තමන්ව වඩාත් ළඟින් ඇහුම්කන් දීමට සැලැස්වීම මිස වෙනත් අරමුණක් නොතිබිණි.
“ එහෙනම් ඒක හරියට ඉගෙන ගන්න”
අන්න ඒ වචන පහ ඇගේ හිතට වැදිණි. ඒ වචන වල පැවතුණේ උපදේශයක්මත් නොවේ. එහි තිබුණේ ගැඹුරකි. අනාගතය පිලිබඳ අරමුණු සහගත හැඟීමකි.
“ දැන් ඔයා දෙපාරක් ඒ ලෙවල් කරලා තියෙන්නේ. යුනිවසිටි තේරුණොත් එඩියුකේශන් කම්ප්ලිට් කරන්න පුලුවන්නෙ. එතකම් වොකේශනල් දෙයක් ඉගෙන ගත්තට පාඩුවක් නැ කියලමයි මට නම් හිතෙන්නේ…”
“ සුලලි අක්කත් ඒ ගැන නම් මාත් එක්ක කතා කළා”
“ අක්කා මොකද කිව්වේ, ඔයාට ෆොරින් වර්කින් ඔපචුනිටි එකකට යන්න ඔිනකමක් තියෙනවාද?”
සවුමි සුසුමක් හෙළුවාය. ඇයට විජේබණ්ඩාර සමුහයේ ඇති විදේශීය මධ්‍යස්ථානයක වුව සේවය කිරිමට අවස්ථාවක් දිය හැකි බව සුලලි කියා ඇත. එහෙත්, ලංකාව ඇගේ ස්වර්ග භුමියයි.
“ මං ලංකාවෙ ඉන්නයි කැමති” මෘදු එහෙත් ස්ථිර කටහඩකින් ඔ් පවසද්දී පවන්ට දැනුණේ අස්වැසිල්ලකි. පවන් ඒ අස්වැසිල්ලට හේතුව විපරම් කරන්න ස්වයං ගවේෂණයක යෙදෙන්නට කැමති නොවුයේය. මේ කොහොමටවත්ම ඊට වෙලාව නොවේ.
“ මෙහේ හොඳ කෝසස් තියෙනවා.. ප්‍රොෆෙශනල් බැරිස්ටා ට්‍රෙිනින්, මැනේජ්මන්ට්.. මං ඒක ඇරෙන්ජ් කරන්නම්.. ඒ ගැන වොරි වෙන්න එපා.. ඔයා හොඳට ඉගෙන ගන්න. මං ශොප් එකේ වැඩේ බලාගන්නම්.. මේක ඔයා කරන රස්සාවක් විදියට හිතන්න එපා.. තමන්ගෙ දෙයක් විදියට හිතල කරගෙන යන්නයි තියෙන්නේ..”
සවුමි ට ඇගේ ජීවිතයට දෛවය ලබා දෙන අවස්ථා ගැන තියෙන්නේ පුදුමයකි. අතීතයත් වර්තමානයත් දෙස හැරී නැවතී බලන විට මේ තරම් හොඳ මිනිස්සු ඇගේ ආරක්ෂාවට ලබා දී ඇත්තේ පුදුමාකාර විදියකටය.
“ මං කැමතියි පවන්” පවන් ගෙළ ඇළකරගෙන ඇය දෙස මොහොතක් බලා සිටියේය. මඳ මුදු සිනාවක් ඒ දෙතොල් කොණක ඇඳී මැකුණේය. එඩෙක්සෙල් සිලබස් එකෙන් උසස්‌පෙළ හදාරා දැන් උපාධියත් සම්පුර්ණ කරගෙන පශ්චාත් උපාධියේ අවසන් අදියරේ හිදිනා පවන් බුද්ධිමත් කොල්ලෙකි. ඔහු බොහෝ ධනවත් පෙළැන්තියේ දරුවන් මෙන් නන්නත්තාරේ නොගොස් සිය ව්‍යාපාර වල අනාගත ඔටුන්න දරන කුමාරයා බවට පත්වීමට අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කරමින් සිටින්නේය.
“ අපි තුන්දෙනා හැදුණේ එකට.. අපි කරගෙන යන බිස්නස් එකක ඔයා සේවකයෙක් වෙනවා කියනෙක..හිතන්නවත් එපා. මේක පුංචිම පුංචි තැනක් තමයි. ඒත් ඔයා ඔයා වෙනුවෙන් දේවල් කරන්න පටන් ගන්න තැන මෙතන වෙන්නෝනි..”
සිය වෘත්තිමය දැක්ම කතාවට එක්කාසු කළ තරුණයා ඇගේ සයනය මතින් නැගිට්ටේ ඇගේ උරහිස මතට මිත්‍රශීලි තට්ටුවක් දමමිනි.
“ මේක පුංචි තැනක් නෙමෙයි පවන්… ඔයා මං ගැන මෙහෙමෙ හිතන එක මට හිතාගන්නවත් බෑ”
“ හරි හරි.. ඇති ඩ්‍රාමා ක්වීන්.. මං යනවා. පාඩම් කරලා මේ සබ්ජෙක්ට් එක ගොඩ දාගනින්”
ඔහු සිනහවී කාමරයෙන් නික්මිණි. ඇත්තෙන්ම, සවුමි, සවුමි සඳමල සමරසිංහ ලෙස උප්පැන්න සහතිකයේ නාමගත වු දැරිය උපතින්ම ගෙන ආවේ වාසනාවේ සඳුන් කැටයය. ඇගේ මව්පියන් හා ගෙවු යුගය සිහිනයක් මෙන් යාන්තම් සිතෙහි රැඳුනත් ඇයට මතක අතීතය තිබෙන්නේ පැරඩයිස් හි ය. ග්‍රේස් විජේබණ්ඩාර , මිගාර විජේබණ්ඩාර ගේ එකම නැන්දණිය වු අතර ඇය අවිවාහක ව ජීවත් වුවාය. ත්‍රිකුණාමලයට ආසන්න ප්‍රදේශයකදී හමුවු කුඩා අනාත දැරියක තමන් හදාගන්නට ගන්නා බව දන්වා ඇය සවුමි ව පැරඩයිස් වෙත ගෙන ආවේ කාගෙන්වත් කෑමැත්තක් විමසීමට අවශ්‍ය නොවන තරමේ බලයක් ඇය සතුව කොහොමටත් පැවති බැවිනි.
ඒ පරිච්ඡේදය වෙනම විස්තර කළ යුතු වුවත් කැෆේ සික්ස්ටි සික්ස්ත් පිලිබඳ ඇගේ ඇති බැඳියාව තේරුම් ගැනීමට මේ සිදුවීම් දාමය ප්‍රමාණවත්ය.එවර විභාගය අවසන්ව සවුමි , පවන්ගේ අනුදැනුම යටතේ තෝරා ගන්නා ලද වෘත්තිමය බැරිස්ටා පාඨමාලාවකට සම්බන්ධ වුවාය. ඒ පාඨමාලාව නියමිත ආකාරයෙන් හැදෑරීමෙන් ඉක්බිති යුවතිය වෙනුවෙන් කෝපි කඩය නිර්මාණය වුයේ පවන් ගේ හිතවත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ අති සුපරික්ෂාකාරී සහ ප්‍රවේශම් සහගත තෝරා ගැනීම් වල එකතුවක් වශයෙනි. හැමදේකදීම උවමනාවටත් වැඩියෙන් කල්පනා කළ පවන් වැටෙන දවල් හිරු එළිය කෝපි කඩයේ අවකාශයන් හා ගැටිය යුතු තැන් පවා පරි්ස්සමෙන් කියවා ගත්තේය.
“ ඔන්න දැන් ඔයාටම තැනක් තියෙනවා.. මේක බ්‍රැන්ඩ් එකක් කරලා ගන්න වැඩේ ඔයාගෙ අතේ තියෙන්නේ…මම මුලින් කැපිටල් දාලා, උවමනා හැමදේම අරන් දෙනවා..” පවන් කීවේ කෝපි කඩය විවෘත කිරීමට නියමිත දවසට කලින් දා ඇය සමග හිඳගෙන ඇගේ ආලෝක කිනිති වෑහෙන නෙත් දෙස බලාගත්වනමය.
“ ඔයා අපේම කෙනෙක් බව ඔයාටම ඔප්පු කරල පෙන්නගන්න”
ඔහු එසේද කීවේය.

No comments:
Post a Comment