Saturday, April 18, 2026

OLIVE 07

 

    


07


ඔලිව් කොළ පැහැති ස්වෙටරය ඇද සිටි ම්නිසා නික්ම ගොස් කෙටි වෙලාවකට පසු කලු පැහැති කැප් එකක් දැමු උස කෙනෙකු එහි ආවේය. ඔසද හිදගෙන සිටි අසුනේම හිදගත්තේය. තිත්ත කෝපි වර්ගයක් ඇණවුම් කළේය.

කැෆේ 66 වෙත එන සාමාන්‍ය පාරිභෝගිකයෙකුට නැති කලබලයක් ඔහුට ඇත. සමහර මිනිස්සු ස්වභාවයෙන් ම කලබල බව ඇය දැන සිටියාය. මේ ද එවැන්නකු විය හැකි බව ද සිහිවිය. 

කෝපි පිළිගැන්වුයේ කුඩාම කොප්පයකය. ඒ expresso පිරිනමන විදිය ය. එබැවින් ඉතුරු කරන්න ට තරම් දෙයක් ඉතිරි ⁣නොවිය. එදා කෝපි හලට වැඩ වැඩි දවසකි. එනිසාම ඇය වෙනදා වෙලාවටම නමුත් ඉක්මනින් ඉක්මනින් එයවසා දමා පැරඩයිස් වෙත යාමට සුදානම් වුවාය. 

පවන්ගෙන් සවස් කාලයේ ඇමතුමක් නොලැබුනෝතින් ඇය කුලී රියක් ඇණවුම් කරන්නිය. මේ වෙලාවට පුරුදු විදි දිගේ ඇවිද යාම මිහිරි දෙයක් වුවත් ඇයට පැරඩයිස් වෙත යා යුතු නිශ්චිත වෙලාවක් තිබේ. කිසිම හේතුවක් මත ඇය ග්‍රේස් මම්මා විසින් නියම කරන ලද ඒ වෙලාව ඉක්මවා වැඩ කරන්නට පෙළඹී නැත. ඇය නැතත් තවමත් ඒ වෙලාව වෙන්නට පෙරාතුව සවුමි පැරඩයිස් වෙත ළඟාවෙන්නීය..

කුලිරිය ආවේය. නිළඇඳුමෙන් තමන්ගේ සාමාන්‍ය ඇඳුමට මාරුවී සිටි යුවතිය එයට නැගුණාය. පැරඩයිස් හි සුවිශාල පිවිසුම් දොරටුව අසල එය නැවතිණි. යුවතිය ඉන් බැස්සාය. අයිනක ඇති කුඩා පිවිසුමෙන් ඇතුල් වී පසුපස දොරටුව තෙක් ඇවිදගෙන යද්දී උස් කෙට්ටු ගැහැනු ළමයෙකු වන ඩාරා ඇයට හමුවීය.ඒ ගෙවුයනේ අයිනක ඇති ආසනයක හිඳගෙන සිටියදීය. ඩාරාගේ භාෂා ඌරුව කොහොමටත් සවුමිට තේරුම් ගැනීම අපහසුය. එබැවින් ඇය කතාවකට නොපැටළී මගැර යන්නට සිනාවක් පා අත වැනුවාය. ඒ වෙලාවේම මන්දිරයේ මැද දොරටුවකින් පවන් එලියට බැස්සේ උස වීදුරු වල දැමු දොඩම් වීදුරු දෙකකුතත් රැගෙන ය. මේ මන්දිරයේ සුරතලා දැන් තමන්ගේ පෙම්වතියට බීර පිරිනමානාකාරය ඇය බලා සිටියේ මුවගට නැගුන සිනාවක් සමගිනි. 

“ මොකෝ හිනාවෙන්නෙ” පවන් ඇසුවේ සවුමි ගේ සමච්චල් සිනාව මනාව වටහා ගෙනය. 

“ පැරඩයිස් මන්දිරේ කුමාරයා නේද මේ කියලා හිතිලා” යුවතිය කීවාය. පවන් ඇසක් හීන් කර , ඩාරා සිටින ඉසව්ව දෙසද බැලුවේය. “ මේ ඔක්කෝම ටික කාලයයිනේ ඉතින්” කීවේය. 

“ කවදා ඉවර වෙයිද ඔය සල්ලාල ජීවිතේ”

“ හිත හොයන විදියෙ කෙල්ලව මහ පොළවෙදි හම්බ වුණාම”

“ ඒ වුණාට හොයා ගන්නෙම මහ පොළවෙ පය තියන්නැති කෙල්ලොනෙ” 

සවුමි එසේ කියා පසුපසම ඇති දොරටුවෙන් ඇතුල්වී කෙළින්ම මුලුතැන් ගෙට පිවිසුණාය. රත්නශීලා ඇය දෙස බලා සිනාවුවාය. 

“ සවුමි දූ.. තේ කක් හදන්නද?” කොතෙක් කෝපි හැදුවාද බෙදුවාද ? ඒත් මේ තේ කෝපිපය ඇගේ දවස‌ේ විඩාව උදුරා ගන්නේය. ඇය නාන කාමරයේ දිය මල යට හිටගෙන හිටියදී ඇයට නිකමට වාගේ උදේ පැමිණි අර අපුරු මිනිසා ව සිහිපත් විය. ඔහු පිලිබඳ විස්තර හොයන්නට උවමනාවක් නැති නිසා මෙහෙම සිටියාට තවමත් වොලට්ටුවේ ඔහු සොයා යා හැකි මං පෙතක් තිබේ. විවර නොකිරීම තමන්ගේ ගැටලුවකි. ඇය මුලුතැන්ගේ සීමාවේම ඇති කුඩා ලී මේසය ඉදිරියේ හිඳ ගත්තාය. මේ කාලාන්තරයක් තිස්සේ ග්‍රේස් විජේබණ්ඩාර සමග කෑම කන වේලාව බෙදා ගත් තැනයි. අද ඇය පමණක් වුවාට මින් ඉහත දී මෙතැන ආදරය උතුරා ගිය තැනකි. 

“ මම්මා හිටියනං කියලා හිතෙනවා නේද නැන්දා’ ඇය රත්නශීලා දෙස හැරී බලා කීවාය. 

“ එහෙම නම් ඔයාට ඒයා කියලා දේවි ලංකාවෙ කොහේවත් තැනක හදන්නේ නැති කෝපි හදන විදියක්” 

“ එ කියන්නේ?”

“ ඇයි සවුමි දූ දන්නෙ නැද්ද, ග්‍රේස් මැඩම් රට ගිහින් ඉගෙන ගත්තෙ ඔය එක එක කෑම බීම ගැනනේ. එයා අලුත් අලුත් දේවල් හුගාක් හදලා අඳුන්නලා දීපු කෙනෙක්.. එයාගේ පොත් පෙට්ටි වල තියෙන්නේම කෑම බීම හදන විදිනේ.. අනික සේප්පුවේ විශේෂ කෑම වට්ටෝරු ගොඩාක් තැන්පත් කරලාම තියෙනවා…” 

සවුමි ග්‍රේස් පිලිබඳ ඒ අතීත කතාව දැන සිටියේ යාන්තමිනි. එහෙත් ඇය විසින් සකස් කරන ලද මේ කියන විශේෂ කෑම වට්ටෝරු ගැන ඇය දැන සිටියේ නැත. මේ පිලිබඳ පවන් දැන සිටිනවාදැයි ඇසිය යුතු යැයි සිතා ඒ සිතුවිල්ල සිතේ කෙළවරක සිතුවිලි අංගනයක නතර කර තැබුවාය. 

ඩාරා නික්ම ගියේ පවුලේ අය සමග රෑ කෑම ගැනීමෙනුත් පසුවය. මිගාර විජේබණ්ඩාරත් කෞශල්‍යා විජේබණ්ඩාරත් දෙදනොම මේ රැ කැමට එක්ව සිටියහ. සවුමි මේ වගේ වෙලාවල සිටින්නේ ඇගේ කාමරයේය. සාමාන්‍යයෙන් පවන් ගේ තේරීම් හැම විටම තිබෙන්නේ ගව් ගණනක් ඉදිරියෙනි. ඔහුගේ පෙම්වතියන් ද එසේය. යාලුවෙන යාලුවෙන කෙල්ලට ගෙදර රැ කැමකට ආරාධනා කිරීම ඔහු නොවෙනස්ව සිදු කරයි. කිසිම පෙම්වතියකට අඩුපාඩු වෙන්න දෙන්නට හොඳ නැතැයි මේ ගැන කතා කළාම ඔහු කියයි. සුලලි නම් මේ ක්‍රියාවලියට කැමති නැත. ඇය මේ වගේ වෙලාවට සම්බන්ධ වෙන්නේම නැත. 

රාත්‍රියේ සුන්දරත්වය තියෙන්නේ නිශ්ශබ්දතාව මත යැයි සව්මි විශ්වාස කරන්නේය එය ඇගේ වරදකුත් නොවේ. ඇය මෙසේ පැරණිතාලේ කෙල්ලකව ගොඩ නැගෙන්නේ ග්‍රේස් විසින් දෙනු ලැබු උපදේශනය නිසාමය. ඉතින් ඇය ගෙවුයනේ මුලුතැන්ගෙයට ලග තැනකින් හිදගෙන හැන්දැ සද එලියේ පහසුව විඳිමින් සිටියදී, පවන් විසිතුරු අතුරුපසක් ද රැගෙන ඇය වෙත ආවාය. 

එය ඇය ඉදිරියෙන් තැබුවාය. 

“ මේක එහේ කැමක් ලු ඩාරා හදාගෙන ඇවිත් අපට, ආ කාලා බලන්නකෝ” ඇය සිනාසුණේ පවන් ගෙන ආ අතුරු පස වෙනුවෙන් නොවේ. මිගාර හෝ කෞශල්‍යා දෙදෙනාම සවුමි දෙස බලන්නේ හෝ නැත. බලන්නට වත් ඔවුන්ට සවුමි මුණ නොගැසේ. මෙවැනි සත්කාරයකට ඇයව සිහිපත් වෙනවා නම් ඒ සුලලි ට හෝ පවන් ටම පමණකි. තමන් කිසිවිටකෙත් මේ පැරඩයිස් මන්දිරයට අයිති නොවෙන නමුත් මෙහි තමන්ට සැලකිල්ලක් ඇති බවක් ඇය තේරුම් ගෙන සිටී. 

“ ඒක රසයි තමයි…” 

පවන් සවුමි දෙස මොහොතක් බලා සිටියේය. 

“ ඔයා ඔය ඇදුම් මෝස්තර තෝරගන්නෙ කොහොමද?” පවන් ඇසුවේ නිකමටම නම් නොවේ. එක්කෝ ඩාරා මේ ගැන විමසා ඇත. නැත්නම් පවන් මේ කතා කරන්නේ ඇත්තම උවමනාවක් ඇතිවු නිසාවෙන්ය.

“ ඒ වගේ ඇඳුම් තමයි ඉස්සර ග්‍රේස් මම්මා ලස්සනයි කියලා අරන් දෙන්නේ” පවන් සෙමෙන් හිස සෙළෙව්වේය. ඔහු ඉන්පසු දුරකතනයට මුහුණ ඔබා ගත්තේ ඩාරා සමග කතාබහ කරන්නට විය යුතුය. පවන් කියන්නේ වැඩිය වට්සැප් භාවිතා කළ කෙනෙකු නොවේ. ඔහු හැම විටම ඔහුගේ ඇපල් ෆෝන් ඇති හිතවතුන් සමග අයි මැසේජස් යවා ගත් විදියේ කෙනෙකි. 

“ පවන් “ සවුමි පවන්ට කතා කළේ රත්නශීලා නැන්දා කී දේ ගැන අසාන්නටය. ග්‍රේස් මම්මා ගේ කෑම බීම පිලිබඳ දැනුම සම්බන්ද කතාව කොතෙක් දුරට ඇත්තද කියා දැන ගැනිමේ උවමනාවකින් ඇය පෙළමෙින් සිටියාය. 

“ පවාන්..” පවන් හ්ම් හ්ම් ගානවා විතරක්ය. සවුමි බංකුවේ එක් පසෙක හිදගෙන සිටි පවන්ගේ අතින් ඇල්ලුවේ ඔහුගේ අවධානය මේ කතාබහට අත්‍යවශ්‍ය බැවිනි. ඇගේ අත තමන්ගේ අතේ වැදෙද්දී පවන් ගැස්සී ගියේය. සවුමි සාමාන්‍යයෙන් නියතුඩකින් වත් එහෙම අල්ලන ජාතියේ කෙල්ලක නොවේ. වැදගත් ගැහැනු ළමයි පිරිමින්ගේ අතේ පයේ එල්ලෙන්නේ නැත. තට්ටු දමන්නේ නැත. ඔවුන් හැමවිටම තමන්ගේ සීමාව පිලිබඳ අවධානයෙන් පසුවිය යුතුය. ඒ ග්‍රේස් මම්මාගේ ඉගැන්විමය. එබැවින් පවන් පුදුමයට පත්වුයේ ඇය යාන්තම් හෝ තමන්ව ස්පර්ශ කිරීමේ ආහ්ලාදයකුත් හිතේ තියාගෙනමය.

“ මොකො?” 

“ ඔයා දන්නවද ග්‍රේස් මම්මාගේ සේප්පුවේ අයින් කරලා තියෙනවා කියන කෑම වට්ටෝරු ගැන” පවන් මුහුණ නොදන්නා බවට පෙරළා ගන්නට හදා ගත්තේය. ඒ සේප්පු ගැන පහුගිය කාලයේදි ද මිගාර සහ කෞශල්‍යා අතර කතාබහක් ඇතිවු බව ඔහුට මතකය. 

“ ඒවට වටිනාකමක් තියන හින්දයි මම්මා ඒවා ඒ විදියට පරිස්සම් කරන්නේ..”

“ ඉතින් අපි ඒවා අරන් කාට හරි විකුණමු මිගාර.” කෞශල්‍යා ඒසේ කීබවක් ඔහුට මතක් වෙයි

“ පිස්සුද කෞශල්‍යා .. ග්‍රේස් මම්මා සම්බන්ද හැමදේම කියන්නේ විජේබණ්ඩාර පරම්පරාවෙ ලෙගසි එක .. ඒවා වටිනාකම් මනින්න පුලුවන් දේවල් නෙමෙයි. ග්‍රේස් මම්මාගෙ උරුම කවදාහරි නියමිත විදියට සිද්ධ වෙයි.. අපි ඒවා ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ” 

අම්මා එතැනින් පසු කතා කළේ නැත. පවන් මොහොතක් සවුමි දෙස බලා උන්නාය. 

“ අපි ඒ ගැන හොයලා බලමු…” 

“ සමහරවිට අපට අලුත් සිග්නේචර් කොෆී එකක් හොයා ගන්න පුලුවන් වෙයි” ඒ කිවේ සවුමි ය. දවස ගානේ දවසේ ආදායම නියමිත පරිදි බැංකු ගත කරන්නටහැම වියදමක්ම තිතට ලියා ගණනය කරන්නට හැකි ඇය ට මෙවැනි සිතුවිලි පහළ වීම පූදුමයකුත් නොවේ.

No comments:

Post a Comment

OLIVE 07

       07 ඔලිව් කොළ පැහැති ස්වෙටරය ඇද සිටි ම්නිසා නික්ම ගොස් කෙටි වෙලාවකට පසු කලු පැහැති කැප් එකක් දැමු උස කෙනෙකු එහි ආවේය. ඔසද හිදගෙන සිටි ...