Monday, April 27, 2026

OLIVE 12

 


OLIVE 12 - ඔලිව් බෘ 


ගෙවෙමින් තිබුණේ සංක්‍රාන්ති සමයකි. මේ කාලයේ ඔසඳ ගේ පැමිණීම උන් හිටි ගමන් නතර විණි. සවුමි ගේ සිතේ කරදර ගොන්නකි. ඇය ට අම්මා ගැන සැකයකි. පවන් ඇය හා බැඳෙමින් සිටීම සැනසුමකි. ඇය සිතන්නේ පවන් ගේ ප්‍රේමය වු කලී දයාබරත්වයක් හිතවත්කමක් කියා පමණකි. ඒ මායාවකි. පවන් විජේබණ්ඩාර සහ සවුමි අහසක් සහ පොළවකි. සවුමි තමන් ගැන සිතන විදියට නම් ඇය පොළවකුත් නොව පොළවටත් යට පොසිල කැබැල්ලකි. ඒ තරම් ලොකු දුරක් පවන් සහ ඇය අතර වේ. ඉතින් ඉතා සියුම්ව පවන්ගෙන් යම් යම් ආදර ඉඟී දුටුවත් ඒවා එසේ නොවන්නේමයැයි ඇය හිත හදා ගෙන සිටින්නීය. 

එදා සැන්දෑවේ සවුමි කෝපිහල වසා දමා ඇතුළට වී සිටියේ පවන් එහි එන බව දැනගෙනය. රාත්‍රියට මේ කැෆේ එක ඇතුළ වෙනස් වේ. එය හිස් නැත. නිශ්ශබ්ද වෙනවා පමණකි. මුලු දවසක් පුරා සිදුවු සිදුවීම් ආගිය අයගෙන් ඉතිරි වු කුහුඹු ආත්ම කොටස් තැන් තැන් වල තිබි රාත්‍රියේ හුස්ම ගන්නට උත්සාහ කරනවා වැනිය. මුලු රාත්‍රිය පුරාම ඒ මතකයන්, සංවාද, පියවර ශබ්ද එහි තැනින් තැනින් හිස් ඔසවති. හාක්පස ආලෝකය මන්දගාමි වු අතර  කවුන්ටරය අවට පමණක් පැහැදිලි ආලෝකයක් දැල්වී තිබිණි. 

කෝපිහලෙන් පිටත පාරේ වාහන ගමනාගමනය අඩු වෙමින් නිශ්ශබ්දතාවයට සුදානම් වෙමින් පැවථිණි. ඇතුළත ඉන්පසු සිටියේ ඒ දෙදෙනා පමණක්ය. කවුන්ටරයේ අයිනක සවුමි හිඳගෙන සිටියේ එදා සොයා ගත ්පැරණි සටහන් පොත දිගහැරගෙනය. රෙසිපි 66 පිටුව ය. ඇය එදෙස බලා සිටියේ වෙනස්ම බැල්මකිනි. 

Recipe No: 66

 Olive Brew

ඇගේ ඇගිලි පිටුව කොණේ නතරවී තිබිණි. ඔ්නැවට වඩා තදින් ඒ පිටු කොණ තද කඑරගෙන සිටියේ පිටුවේ ඇති කිසිවක් මැකී යාවියැයි බියෙන් වාගේය. පවන් ඇයට විරුද්ධ පසින් හිඳගෙන සිටියේ කිසිදු අවහිරයක් හෝ කරදරයක් කරන්නේ නැතිවය. අවසානයේ ඔහු ඇයව මේ පීඩනකාරි සිතුවිලි වලින් ගළවා ගැනීමට සිතුවේය. 

“ ඔයා විනාඩි දහයකටත් වඩා දැන් ඔය පිටුව දිහා බලාගෙන ඉන්නවා” බැරිම තැන පවන් කීවේය. 

“ ඒත් මට මේ ගැන කිසි අදහසක් එන්නෙ නෑ” ඇය මිමිණුවාය. 

ඔහු සෙමෙන් ඇය අසලට ඇවිත් ඇගේ උරහිසට මත්තෙන් පිටුව දෙස එබි බැලුවේය. නිකමට හෝ සවුමි වම්පසට හිස හැරෙව්වානම් ඒ් කොපුලක මේ දෙතොල පැටලෙන්නටද ඉඩ තිබිණි. ඒ තරමට ම පවන් සවුමිට ළංව සිටියේය.  ‍

“ මේක රෙසිපි එකක් නේ” පවන් මෘදුව කීවේය. ඒහෙත් සවුමි හිස සෙළෙව්වාය. “ඒක එහෙම තමයි පේන්නෙ…ඒත් ඇත්තටම ඒක මෙහෙම මේ පොතේ ලියලා තියෙන්නෙ විශේෂ හේතුවක් නිසා වෙන්න බැරිද? බලන්න මේ කිසිම තැනක හරියට මිම්මක් / ප්‍රමාණයක් නෑනෙ..මේක ඇතුළෙ මොකක් හරි ලොකු කතාවක් හැංගිලා තියෙනවා වගේ ”

පවන් ඇය සමඟ තර්ක කරන්නට උත්සාහ කළේම නැත. ඔහු ඇගේ සිතුවිලි සමඟ ඔට්ටු නොවී සිටීමේ පාඩම ඉගෙන ගෙන සිටි කෙනෙකි. 

“ ඔව් ඒක ඇත්ත .. සමහරවිට මේක තියෙන්නෙ බලපු ගමන් තේරුම් ගන්න පුලුවන් විදියකට නොවෙන්න පුලුවන්”

සවුමි සුසුමක් හෙලුවාය.

“ මේ විදියට නෙමෙයි රෙසිප්්ස් ලියන්නෙ නැ එහෙම දෙයක් නැත්නම්.. කොහොමත් මේ පොතේ මේ විදියට ලියනෙකක් නෑ මේවා අතරෙ මොකක්ම හරි සම්බන්දයක් නැත්නම්… මේක අනිවාර්යෙන්ම රෙසිපි එකකට වඩා වැඩි දෙයක්” 

වචන ගලාආවේ සෙමිනි. තවත් තත්පරයකට දෙදෙනාම කතා කළේ නැත. සවුමි සෙමෙන් කෝපි ඇට දමා ඇති බඳුනක් අතට ගනු පවන් බලා සිටියේය. 

‘ ඒහෙනම් අපි මේක හදන්න ට්‍රයි කරමු” පවන් එකවරම ගැස්සී ගියේය. 

“ දැන්මම?”

ඇය හිස වැනුවාය.

“ මේක හිත හිත හිටියොත් මම මේක කවදාවත් ඉවර කරන එකක් නැ’

අලුත් කෝපි බඳුන සැදිමේ ක්‍රියාවලිය ආරම්භ වුයේ ඉතා සෙමිනි. එය කල්මරණ නමුත් අවිනිශ්චිත එකක් විය. මේ ඊට ‌ෙහාදම වෙලාව දැයි පවන් දැනසිටියේ නම් නැත. කෙසේ වෙතත් මේ තත්වය ඇතුළේ මේ අත්හදාබැලීම කළ යූතුම එකකි. 

ඇය කෝපි රෝස්ට් කිරීම ඇරඹු අතර අන් කවර අවස්ථාවකටත් වඩා මේ අවස්ථාවේ ප්‍රවේශම් සහගත වුවාය. හැමවිටම කඩදාසියේ කිසිවක් වැරදී තිබේනම් කියා සැකයක් ද ඇතිවී කිබිණි. ඒ නිසා වඩාත් සැලකිලිමත් වුවාය. හැම පියවරක් ගැනම උවමනාවෙන් අවධානය යොමු කළාය. 

සෑම දෙයක්ම හිතාමතාම සිදුවු දේ වු අතර විශ්වාසය අඩු කම හැරුණු කොට කිසිදු සෘණාත්මක දේ සිදු නොවීය. 

“ ඔලිව් ඔයිල්?”

“ කොච්චරක්ද?”

“ කොච්චරක්ද?” පවන් නැවත ඇසුවේය. 

“ ඒක තමයි ප්‍රශ්නෙ…” යුවතිය කීවේ පොත නැවත සමීපව කියවමිනි. 

ඇය ඔලිව් ඔයිල් බිංදුවක් බඳුනට එක් කළාය. සැකයෙන් වගේ පවන් දෙස බලා නැවත තව බිංදුවක් එකතු කළාය. 

දියරය මඳගින්නේ පැසෙන්නට වු අතර එහි සුවඳ හාත්පස විහිදෙන්නට පටන් ගත්තේය. නමුත්, කුමක් හෝ අඩුවක් දෙදෙනාටම දැනෙන නමුත් එහි කිසිදු වැරැද්දක් නැති බවද පැහැදිලිය. සමහරවට අසම්ප්‍රර්ණත්වයක්ද? ටික වෙලාවකින් පසු ඇය කෝපි දියරය කෝප්පයකට වත් කළාය. තරමක් වෙලා බලා සිටියාය. උගුරක් තොල ගෑවාය. 

එක් ක්ෂණයකින් ඇගේ මුහුණේ ඉරියව් වෙනස් වුයේ නැත. නමුත් ඇගේ උරහිස් සෙමෙන් හැකිළී ගියේය. 

“ මේක නම් ඒක වෙන්න බෑ” ඇය පරාජිත හඩින්, හකුළා ගත් මුහුණින් කීවාය. 

පවන් කෝප්පය අතට ගත්තේය. රස බැලුවේය.

“ ඒක නරක නෑහ්”

“ ඒක නෙමෙයි පොයින්ට් ඒක”

ඇය කෝප්පය පවන් අතින් ගෙන සීරුවට මේසය මත තැබුවාය. 

“ මොකක් හරි මිසින් වෙලා තියෙනවා”

ඒ ඒහි ඇතුළත්ත කළ යුතු යමක් නොවේය. අන් කිසිවකි. නිශ්ශබ්දතාවය නැවත ඔවුනතර රවුමක් ගසන්නට ආවේය. සවුමි නැවත නෝට්බුක් එක කියවන්නට පටන් ගත්තාය. ඇගේ ඇස් පේළියෙන් පේළියට ආයෙ ආයේ ගමන් කරමින් තිබිණි. එක් තැනෙක තිබුණේ, එහි වෙනස්කම් ඇත්තේ දිවෙහි රසාංකුර අගට දැනෙන්නට නොව හිතට දැනෙන්නටැයි එහි ලියා තිබුණි. 

දෙතුන් වතාවක් කියවා ඇය එය පවන්ට පෑවාය. 

“ මේ කියනවා ඇත්තේ මොකක්ද?” 

ඔහු එය එකවර විග්‍රහ කරන්න උත්සාහ කළේ නැත. ඔහු ඇය දෙස උවමනාවෙන් බලා සිටියේ, ඇය ඉක්මණින් බලාපොරොත්තු නැති කරගෙන අපේක්ෂා භංගත්වයට පත්නොවී වෙනස්ම විදිවලින් හිතන්නට පටන් ගන්නා ආකාරයයි. 

“ඒ කියන්නේ වෙනස් දෙයක් වෙන්න ඇති.. සමහරවිට ඔයා මේක ඔ්නවට වඩා කන්ට්‍රෝල් කරනවා”  

ඇය ඔහු දෙස බැලුවේ විමති ඇසකිනි. 

“ හැමදේම මෙශර් කරන්න යන්නේ නැතුව, ඒක හිතේ මිම්මෙන් දාන්නකො” මඳ නිහඩතාවයකින් දෙදෙනා අතර වෙලාවක් ගතවිය. 

“ ඒක හිතේ මිම්මෙන් දාන දෙයක් නෙමෙයි නම්”

“ සමහර විට බැලන්ස් එක …රහ දැනෙන විදියෙ බැලන්ස් එක වෙන්නත් පුලුවන්” 

“සමබරතාවය” ඒක වෙනස් වචනයක් වුණත් ඒ වචනය ඒ පසුබිමෙහි නතරවිය. 

සවුමි ආපහු හැරුණාය. කෝපි හදන මේසය අසළට ළංවුවාය. මේ වතාවේ ඇගේ මුහුණේ විශ්වාසයක් තිබිණි. වැඩි කලබලයකින් තොරව ඉක්මන් නොවි ඒ වතාවේ ඇය වැඩ කරගෙන යමින් සිටියාය. වැඩි අවදානයකින් හැසිරුණාය. මේ වතාවේ දැල්ල අඩු කර ඇය ගින්න තවත් අවම කළාය. වැඩි වෙලාවක් බලා සිටින්නට සුදානම්ව සිටියාය. ක්‍රියාවලියට ඉබේ සිදුවෙන්නට ඉඩ හැරියාය. උවමනාවෙන් මැද්දට පැන ඒහි ස්වභාවිකත්වයට හානි කරන්නට උත්සාහ නොකළාය. 

පෙර වතාවේ මෙන් නොව, ඔලිව් ඔයිල් එකතු කරද්දී එක් බිංදුවකින් සෑහීමකට පත් වුවාය. ඔව්, එක බිංදුවක්… කිසිම සැකයකින් තොරව. සිට්රස් රසය ගන්නට ස්වභාවික දොඩම් යොදා ගත්තාය. ඇරෝමාව නම් එහෙමකට වෙනස් වුයේ නැති තරම්ය. නමුත් පෙර වතාවේ තරම් සැර කෝපි සුවඳික්න් යුක්ත වුයේ නැත. 

සුවඳ යන්තම් වෙනස් විය

එය පෙර මෙන් වඩාත් සැර නොවීය

මෘදුය. ගැඹුරුය. දැනෙන සුලුය. 

ඇය එය නැවත කෝප්පයකට වත් කළාය. තව මොහොතක් එය විවේක ගන්නට සැලැස්වුවාය. 


ඊළඟට, බිඳක් තොල ගෑවාය. 

මේ වතාවේ ඔි ඉක්මණින් කලබලෙන් ප්‍රතිචාර නොදැක්වුවාය. 

ඇගේ ඇස් තටු බිමට නැමුණේ නැත. ඒවා පටලැවිල්ලකින් හෝ විස්මිතවීමකින් තොරව, හරියටම තේරුම් ගත් ස්වභාවයෙන් “ එහෙනම් ඒ මේක යැයි” තමන්ටම කියා ගත්තාය. පවන් ඇයට ළං විය. කෝප්පය අතට ගෙන උගුරක් බීවේය. එය විස්තර කරන්නට හෝ විශ්ලේශණය කරන්නට උත්සාහ නොකළේය. කෙළින්ම වඩාත් බර හඩකින්..මේක නම් වෙනස් විදියක් කියා කීවේය. 

තමන් මෙතෙක් බලෙන් මෙන් නවත්වාගෙන සිටි සුසුමක් අත්අරිමින් සවුමි සහැල්ලු බැල්මකින් බැලුවාය. 

“ ඒක කිසිදෙයක් අඩුවක් නැතුව තියෙනවා” ඇසුවේ පවන් ගෙනි. පවන් හිස සැලුවේය. 

දෙදෙනා සිටගෙන සිටියේ ඒ මැදින් ඔලිව් බෘ කෝපි කෝප්පයක්, පැරණි සටහන් පොතක් සහ දෙදෙනා එකඟවු තීරණයකුත් තියාගෙනය. සවුමි සටහන් පොත සෙමෙන් වැසුවාය.වසන්නට පෙර වට්ටෝරුව ලියා තිබුණු පිටුවේ වු 66 ඉලක්කම් සෙමෙන් පිරිමැද්දාය. 

66 

“ එයාට කවදාහරි මේක කරන්න උවමනාවක් තියෙන්න ඇති. මොකක් හරි හේතුවක් නිසා කරගන්න බැරි වෙන්න ඇති..” ඇය කීවේ මෘදු හඩිනි. සුසුමකුත් සමගිනි. පවන් එයා කියන්නේ කාටදැයි ඇසුවේ නැත. ඔහු දැන සිටියේය. 

“ ඔයා දැන් මේකට මොකද කරන්නේ?” ඇසුවේය. සවුමි කෝපිහල හාත්පස බැලුවාය. නිහඩ ලී මේස දෙස, නිහඩ අවකාශය දෙස … මේවාට ජීවිතය ආපසු ලැබෙන හෙට පාන්දරින් ඇරඹෙන ජීවිතය දෙස … ඉන්පසුව ඔවුන් මැද ඒකත්පස්ව බලා හිඳින කෝපි කෝප්පය දෙස…

“ අපිට ඒක තවදුරටත් හංගගෙන ඉන්න බැහැ” නේදැයි නොඅසා බැල්මට ඒ අවසන් වචනය එක් කර පවන් දෙස බැලුවාය. ඔහු සිටියේ ඇය නිරීක්ෂණය කරමිනි.ඒ හඩෙහි කිසිදු සැකයක් නැත. බොහොම සමබර නිශ්චිතභාවයක් ඇත. 

“ එහෙම හිතෙනවා නම් එපා” 

සවුමි මඳ සිනහවක් ඇතිව පවන් අසලට ආවේය. සර්වියට් පේපර් එකක බෝල්පොයින්ට් පෑනකින් ඇය මෙසේ ලීවාය. තරුණයා ගේ මුහුණට සිනහවක් නැඟීණි. 


Signature — Olive Brew (Recipe 66)


නිකම්ම, කිසිවක් ඔහුගෙන් බලාපොරොත්තුවෙන් වගේ… පවන් අවසන් විදුලි පහන් පේළියද නිමා දැමීමෙන් පසු මලානික ආලෝකයක්වත් කොහේවත් දිස්වුයේ නැත. කොළඹට උඩින් අහසින් තරුද මර නින්දේය.  දොර අසලටම ආවායින් පසු සවුමි කිසිවක් සිහිපත් වුවාක් මෙන් ආපසු කවුන්ටරය ඇති තැනට දුව ගියාය. ඇගේ ඇස් හෙවුයේ එක් දෙයකි. පැරණි සටහන් පොත. ඔ් එය පපුවටම තද කරගෙන ආපහු ආවාම පවන්ට සිනාවක් නැගිණි. වාහනයේ තමන්ගේ වම්පසින් ඇය හිදගෙන යන හැමවිටම පවන්ට දැනී තිබුණේ සම්පුර්ණත්වයකි. ඒ මේ රාත්‍රි සංචාරයේ ඇති හොඳම දේ කියා ඔහුට දැනෙන්නේය. 

යම්දෙයක් ආරම්භ වී තිබුණේ නිශ්ශබ්දතාවය මතිනි. 

ඒය ඒ වනවිට හඳුන්වා නොතිබුණු දෙයකි. 

කිසිතැනක කිසිවෙකු ඒ ගැන කතා කර තිබුණේ නැත. 

ඒත් එය සැබවින්ම , සුදානම්ව තිබිණි. .රහසක්ව පැවතී හෙළිදරව් වන්නට සුදානමින් කිසිවක් බලා සිටියේය. 

ඒ් මොහොතේ ඔවුන් සතුව තිබුණේ හෙළිදරව් නොකළ යමක් ගැන දෙදෙනා තුළ ඇතිවු මනරම් සතුටකි. ඔවුන් දෙදෙනා සුදානම්ව සිටියේ තවදුරටත් සඟවා තැබිය නොහැකි කිසිවක් ලෝකයටම හදුන්වා දෙන්නටය. පවන් ඒ රාත්‍රියේ ඉතිරි ටික ගෙව්වේ ප්‍රීතියෙනි.ඒ ප්‍රීතිය ඔහු මුදාහැර තිබුණේ අන්තර්ජාලය හරහාය. ඒ කැෆේ 66ත් විසින් හඳුන්වා දීමට නියමිත් ඒ සමබර කෝපි කෝප්පය දැන් එයින් ලබා ගැනීමට හැකි බව කියන පණිවුඩය ය.



No comments:

Post a Comment

OLIVE 12

  OLIVE 12 - ඔලිව් බෘ  ගෙවෙමින් තිබුණේ සංක්‍රාන්ති සමයකි. මේ කාලයේ ඔසඳ ගේ පැමිණීම උන් හිටි ගමන් නතර විණි. සවුමි ගේ සිතේ කරදර ගොන්නකි. ඇය ට අ...