දුයිෂෙන්ය!
ඔබ මගේ ප්‍රේමයේ,
ජිවිතය නම් අයිලයේ!
ලොව කිසිදු තැනෙක, නොදකින
විරල සහ ආවේණික මල් පිපෙන,
කලබලකාරීම මං මාවත් මැදින්
කඳුවැටි, උල්පත්ද ගං දියද උපදන,
සදාහරිතම වැසි වනාන්තර, උසුලන
ඉඳහිටක,
ලැව් ගිනි ද හටගෙන ලාවා ද උතුරන
ලෝක උරුමය ඔබය
මේ අන්තයට මා එවු මෙහෙවර
මට ප්‍රත්‍යක්ෂ කරනු වස් හමුවුණ!
මෙතෙක් කල් වලාකුළු තද කරන් හිටි කඳූලු
දියාරුව වැහි බින්දු ලෙසින් කොළඹට හැලෙයි
අව් රශ්මියට හසුව ඉරුවරද දරා හිටි
ගොඩනැගිලි හිස් මුදුන් ඉන් දරුණු ලෙස තෙමෙයි
මේ වලාකුළු යටින්, ටිකක් ඈතින් ඔබත්
ඉන්නවා කියා මගේ ගැහැනු හිත මට කියයි
කිසිම හේතුවක් නැති , හැඩය පහදන්න බැරි
සතුටු බුබුලක් ඉපිද යළිදු එය බිඳීයයි
කතාවක් බහක් නැති උනත් මේ අහස යට
ප්‍රංශ හාදුවක් ගැන විටෙන් විට සිහි නැගෙයි
දෙතොල් හිරි වැටී යන ඇමීබා පෙම් සිහින
මගෙත් හද නිම්නයෙහි හරි හෙමින් පණ ගැහෙයි
ළැම කඳුද මුදු සිරස් වලින් එසැවී බලා
ඔබ කොහේ සිටීදැයි හොරෙන් විමසා බලයි
මම තුළම ඔබ හිඳින විප්‍රකාරි රහස්
දැන හැඳින යළි බිමට පාත් වී නිහඩ වෙයි
ඉතින් ඔබ ඇසුවොතින් ආදරේ ගැඹුර
පෙන්වන්න හැකිය මගේ ගිළුණු නෙතු පතුල
ඒ තුලින් කිමිදුනොත් පපුකැනති ඇතුල
පුරා හමුවෙයි නුඹට, නුඹ නොදුටු නුඹම
හසු නොවන මුත් ඇසෙහි, ඇලෙන්නට නිතර
මුහු වෙමිය සුලගකට, නුඹෙ කොපුල සිඹින
කදු මුදුන් මත හෙමින් සමරු පලදමින
වැහි මලක් රැගෙන එමි මේ කුලක් ලෙසින
සතුටු රැහැනක කොණක සිනහවක බැඳුණ
කඳුලු බිඳුවක ගිලී ගිලිහෙන්න යෙදුණ
එතෙක් නුඹටත් නොදැනි, එහෙත් නුඹ දකින
සිහිනයක් වෙමි නුඹේ ඇහිපියක රැඳුණ
චන්ද්‍රිකා වැව පිහිටා තිබෙන්නේ ඇඹීලිපිටිය මාතර ප්‍රධාන මාර්ගය අසල ඇඹිලිපිටිය නගරයට කිලෝ මීටර් කිහිපයක් දුරින්. ඇත්තෙන්ම ඇඹිලිපිටිය නගරය මෙන්ම ඒ අවට කෙත් බිම් සියල්ල සාරවත් වන්නේ චන්ද්‍රිකා වැව් දියවරෙන්. චන්ද්‍රිකා වැවේ ඉතිහාසය පිලිබඳ සොයා බලද්දී 1956 දී පිහිටුවන ලද ඒස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ රජයේ පළමුවෙනි වාරි ව්‍යාපෘතිය ලෙස සටහන් වන්නේ මෙම ව්‍යාපෘතියයි.
ස්වභාවයෙන්ම වියළි කලාපයට අයත් ඇඹිලිපිටිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ජීවත් වන්නේ කෘෂි කර්මාන්තය සිය ජීවිකාව බවට පත් කරගත් මිනිසුන්. මේ ප්‍රදේශයට වසරේ වැඩි කාලයක් පවතින්නේ අවම වර්ෂාපතනයක් වන බැවින් ඊට පිළයමක් වශයෙන් වලවේ ගඟෙහි දකුණු ඉවුරේ අතු ගංගාවක් වන හුලංදාව ඔය හල්මිල්ලකැටිය ප්‍රදේශයේදී වේල්ලක් බැඳ හරස් කර චන්ද්‍රිකා වැව තැනීමට කටයුතු කර තිබෙනවා.
මෙම වේල්ල ඉදිකිරීමට මුල් ගල තබා ඇත්තේ 1957 ඔක්තෝබර් 07 වනදා වන අතර වැවෙහි ධාරිතාව අක්කර අඩි 22000ක් වනවා. වේල්ල කිලෝ මීටර් 2.5 දිගකින් සමන් විත වන අතර ඒහි උස මීටර් 19.20 ක්. මේ ව්‍යාපෘතියට සබැඳිව ගොවි ජනපදයක් පිහිටුවීමට ඒවක රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙම අලුත් ගොවි ජනපදයහි අක්කර 5000ක භුමියක ගොවි පවුල් 1800ක් පදිංචි කිරීමෙන් පසු කුඹුරු අක්කර 15000ක් පමණ අස්වද්දා තිබෙනවා.
OLIVE 11 වට්ටෝරු අංක 66 ග්‍රේස් විජේබණ්ඩාර ගේ සේප්පුව ඇර බලන්න ට සවුමි ට තිබු.ණු උවමනා ව තේරුම් ගත් පවන් සිය දෙමව්පියන් සහ සහෙේදරිය විදේ...