Monday, November 7, 2016

සුදු ඔබේ සුදු අතින් අල්ලන
හැමවෙලාවෙම මං විදින්නෙම
එකම එක හැගීමකි එය නම්
විදීමකි මෘදු භාවනාවකි. 

මිහිකතට මල් පිපෙන අරුමය
වැහි බිදක ඇති චමත්කාරය
විදින්නට හිත බල කරන්නෙද
නුඹ ලගදි බව ලිවිය යුතුමය

පොත් මැදදි පිටු අතර ඇවිදින
ඇස් දෙකට සිනහවක් කැන්දන
මටම  සෙනෙහස අරන් ඉපදුන
සෙනෙහෙබර ම‍ගෙ පුංචි සාවිය
ඔබ නැති දවසට,
මසිතට කවි නැත...
මව මව කවි කැට
ඉන්න ඔබට හැක.
ආයෙමත් අප හමුවිම පිණිස,
අලුතින්ම අලුත් හැගුමක් එක්ක
මං ලියන පෙම්කවක පද අතර
නිද‍ා නොවැටි අවදියෙන් හිද
මා නිදන තුරු ඇහැරන් ඉන්න
පැය ගනන් ඇගිලි තුඩු අල්ලගෙන
ඇසින් ඇසකට එබි හිනැහෙන්න
සංඛ්‍යාතයක විහිදුන ගීය
පද අතර තේරුමක් විමසන්න
කදුලු වියලුන දෙනෙත් මායිමට
පුංචි තෙත් බින්දුවක් අමුනන්න
ඒ කදුලු සමග නෙතු ගැල්වුව
අංජනය දිය නොකර සනසන්න
අඳුර ඇවිදින් හැම තැනම
එලිය මියැදුනි අහසේම
යාන්තම් මෙන් හඳත් තැනකදි
දුටිමි තරුවක් හමුවීම

වෙනදාට කලියෙන් ඇවිද
හිතට වෙහෙසයි හොඳටෝම
හමුනොවී ඉන්නවට වැඩියෙන්
වේදනාවකි වෙන්වීම

හමුව වෙන්වුන කදුලු හදවතේ ඇති හැමදාම
සුසුම් පමණක් එකතු වෙයි මතකයට හොර රහසේම

මුහුණ දැක දුක් මතුවීම
ඇයි ඔහොම යයි ඇසුවාම
ඇහි පිල්ලමක වෙනස වුවත් හඳුනගෙන මේ විමසීම

‍බොරැල්ල

මේ ලගදිත් දිනෙක
යන්න සිදුවිය බොරුල්ලට
හුස්ම නොසලන මිනිසුන් නිදන
කනත්තත් මා දෙස බලා ගෙන
කලෙකින් ආ නිසාමද
ඔබ නැතිව ආ නිසාමද

ඉස්සර වගේ අපි අතැගිලි 
අල්ලගෙන 
ඇවිදගෙන ගිය මගක අයිනක
අදත් පෙම්වන්තයන් ඇවිදිති
අප නැතැයි රිදුනේ අපට විතරද
නෑ... මටම පමණද

අවසාන වතාවට හමුවුන
රෙඩ්‍ ෆෝට් එක ගාවදි
හිතත් නතරව හුස්මත් මොහොතකට 
නැවතුණි
යළිත් මහිතින් ඔබ සමගින් 
එතුල ඇවිදිමි...

මරණය එන තුරා මම 
හිතින් ඔබ සමගින්ම ඇවිදිමි
හිනැහී ඉන්න දවසක
නොසලා කදුලු නෙතගක
එපමණයි ... 
ඔව් එපමණයි පෙම්වත.

Sunday, November 6, 2016


තාරුකාව ට

බෝ කලෙක ට පෙර පෙරදිග පෙරඹරක
නුඹ සිනාසෙන යුරු බලා හිද
සුසුම් හෙලු
කණාමැදිරි යුවතියකි මම...
වසන් වී ලෝකයෙන්
වසත් කල ගෙවී යන
දිරාපත් තුරු හිසක
නතර වුන....
මහද මත අලුත් හැගුමක රිකිලි
දලු දමන
නටු මතට මල් කිනිති පලන්දන
තරු හසක....
නතර වී ඉසිඹු ලමි...
තරු කුමර... .
නුඹගේය නිල් අඹර..
පුර වුවද අව වුවද
සඳවතට
නුඹ හිදී ඒ දුරම නොවෙනස්ව....


අම්මා

සෙනසුරාදා ඉරිදාට වත්
දහවලට නිකම් වත්
නිදි නොලද අම්මා...

හොස්ටල් කවුලු අතරින්
සති අන්තයට
පායා ආව සුදු සඳය
අම්මා ....

කවදාකවත් ඇහෙන්
නොමිදුන
කදුලු අතැගිලි තුඩින්
පිසදැමු
සිනහ කැන්දන
දෙව් දූය අම්මා !
ඔබ දන්නවද ...
මං කැමතියි ...

නිස්කාංසුවේ නිදියන්න
එපා මගෙ සොහොන මත
කොන්ක්‍රීට් අතුරන්න
තාත්තා කිවවා වගෙම
පහසුවෙන් නිදන්නට
ඉඩ දෙන්න..

හැකිිවුනොත් අරලියා පදුරක්
 සිටවන්න
කිසිදාක මල් නොලැබු
මල් නොපැතු කෙල්ලෙක්ගෙ
ආත්මය ඒ මලින් සරසන්න...
මල් මිටක් සොහොන
මත වැටෙන්නට ඉඩ දෙන්න...

පරිසර නියමු තේමා ගීතයත්
පාසල් ගීය සහ ජාතික ගීය
පමණකුත් ගයා ඇති
මට නොහැක වෙන කිසිත්
මුමුණන්න
යශෝධරා වත නොකියවා
ඔබ ඉන්න.

මේ කවිය කියවමින් නොහඩන්න
කදුලු ඔය ඇස් වලට අකැප බැව්
මා කියා ඇතැයි සිහියට ගන්න
ඔබ ඉන්නෙ ඇත්තටම හිනැහෙන්න....
පියවි සිහියෙන් හිදන් හිනැහෙන්න...

ඔබට.


බෝනික්කනුත් දීග ගිය අප්පච්චිත් මියැදුන
 අම්මා හූල්ලන මහ ගෙදර අයිනක
මං තාම වියපත් විඩාපත්
මෙනවියකි සදහටම තනිකඩ ......
අද දවල් සතොසට
ගිහින් එන මගකදි
හමුවිය ඔබේ පියබද ...
 දියණිය අතින් අල්ලාන
 පුතු ඇකයේ වඩාගෙන
 තව සිගිත්තෙක් කුසෙහිද දරාගෙන
සඳ මිණි සඳ වතුර ට දිලිසෙන්න පටන් ගන්නවා . ඒ සඳ මිණි වලින් උල් තුඩක් ඇති කිණිස්ස ක් තනනවා. එයට ආදරය කියනවා . දිලිසෙනවා ... බබලනවා...

කිණිසි තුඩ හද ගැඹුර පසාරු කරනවා... පසුකාලිනව මතු පිටින් සුව වු ලකුණුපෙනුනත්... එය කිසිදා සුවවෙන් නැහැ .

එවන් රිද්දුමක් හද ගැඹුර කලත්තන   විට   ජීවිතය විඳවමින් විඳි්න්නට ....

සඳමිණිකිණිසි තුඩු...

මගේ පුනරුද කලාපය 06

  ටික වෙලාවකින් අමයුරු බලාපොරොත්තු බිඳිලා ගිය බැල්මකින් සුක්කානම තට්ටු කළේ ඉතා දිගු වාහන පෝලිමක බලා සිටිමේ අපහසුතාවය හොඳටම දැනිලා වෙන්න ඇති....