Monday, November 7, 2016

සුදු ඔබේ සුදු අතින් අල්ලන
හැමවෙලාවෙම මං විදින්නෙම
එකම එක හැගීමකි එය නම්
විදීමකි මෘදු භාවනාවකි. 

මිහිකතට මල් පිපෙන අරුමය
වැහි බිදක ඇති චමත්කාරය
විදින්නට හිත බල කරන්නෙද
නුඹ ලගදි බව ලිවිය යුතුමය

පොත් මැදදි පිටු අතර ඇවිදින
ඇස් දෙකට සිනහවක් කැන්දන
මටම  සෙනෙහස අරන් ඉපදුන
සෙනෙහෙබර ම‍ගෙ පුංචි සාවිය

No comments:

Post a Comment

රතුපාටපොරොන්දු #crimsonauths

  අනන් ‍ ය නිසා මගෙ හිතේ තෙත හැගීම් බිදිති බිදිති ඇති වෙන්න පටන් ගත්තා. දිරාපත් වෙච්ච දර කොටයක කෙලවරට වෙන්න එක රැයින් එක යායට ලේනහතු පිපෙනව ...