Monday, November 7, 2016

අඳුර ඇවිදින් හැම තැනම
එලිය මියැදුනි අහසේම
යාන්තම් මෙන් හඳත් තැනකදි
දුටිමි තරුවක් හමුවීම

වෙනදාට කලියෙන් ඇවිද
හිතට වෙහෙසයි හොඳටෝම
හමුනොවී ඉන්නවට වැඩියෙන්
වේදනාවකි වෙන්වීම

හමුව වෙන්වුන කදුලු හදවතේ ඇති හැමදාම
සුසුම් පමණක් එකතු වෙයි මතකයට හොර රහසේම

මුහුණ දැක දුක් මතුවීම
ඇයි ඔහොම යයි ඇසුවාම
ඇහි පිල්ලමක වෙනස වුවත් හඳුනගෙන මේ විමසීම

No comments:

Post a Comment

රතුපාටපොරොන්දු #crimsonauths

  අනන් ‍ ය නිසා මගෙ හිතේ තෙත හැගීම් බිදිති බිදිති ඇති වෙන්න පටන් ගත්තා. දිරාපත් වෙච්ච දර කොටයක කෙලවරට වෙන්න එක රැයින් එක යායට ලේනහතු පිපෙනව ...