Sunday, November 6, 2016

තාරුකාව ට

බෝ කලෙක ට පෙර පෙරදිග පෙරඹරක
නුඹ සිනාසෙන යුරු බලා හිද
සුසුම් හෙලු
කණාමැදිරි යුවතියකි මම...
වසන් වී ලෝකයෙන්
වසත් කල ගෙවී යන
දිරාපත් තුරු හිසක
නතර වුන....
මහද මත අලුත් හැගුමක රිකිලි
දලු දමන
නටු මතට මල් කිනිති පලන්දන
තරු හසක....
නතර වී ඉසිඹු ලමි...
තරු කුමර... .
නුඹගේය නිල් අඹර..
පුර වුවද අව වුවද
සඳවතට
නුඹ හිදී ඒ දුරම නොවෙනස්ව....


No comments:

Post a Comment

රතුපාටපොරොන්දු #crimsonauths

  අනන් ‍ ය නිසා මගෙ හිතේ තෙත හැගීම් බිදිති බිදිති ඇති වෙන්න පටන් ගත්තා. දිරාපත් වෙච්ච දර කොටයක කෙලවරට වෙන්න එක රැයින් එක යායට ලේනහතු පිපෙනව ...