Sunday, November 6, 2016

ඔබ දන්නවද ...
මං කැමතියි ...

නිස්කාංසුවේ නිදියන්න
එපා මගෙ සොහොන මත
කොන්ක්‍රීට් අතුරන්න
තාත්තා කිවවා වගෙම
පහසුවෙන් නිදන්නට
ඉඩ දෙන්න..

හැකිිවුනොත් අරලියා පදුරක්
 සිටවන්න
කිසිදාක මල් නොලැබු
මල් නොපැතු කෙල්ලෙක්ගෙ
ආත්මය ඒ මලින් සරසන්න...
මල් මිටක් සොහොන
මත වැටෙන්නට ඉඩ දෙන්න...

පරිසර නියමු තේමා ගීතයත්
පාසල් ගීය සහ ජාතික ගීය
පමණකුත් ගයා ඇති
මට නොහැක වෙන කිසිත්
මුමුණන්න
යශෝධරා වත නොකියවා
ඔබ ඉන්න.

මේ කවිය කියවමින් නොහඩන්න
කදුලු ඔය ඇස් වලට අකැප බැව්
මා කියා ඇතැයි සිහියට ගන්න
ඔබ ඉන්නෙ ඇත්තටම හිනැහෙන්න....
පියවි සිහියෙන් හිදන් හිනැහෙන්න...

No comments:

Post a Comment

OLIVE 11

  OLIVE 11 වට්ටෝරු අංක 66 ග්‍ර⁣ේස් විජේබණ්ඩාර ගේ සේප්පුව ඇර බලන්න ට සවුමි ට තිබු.ණු උවමනා ව තේරුම් ගත් පවන් සිය දෙමව්පියන් සහ සහෙ⁣ේදරිය විදේ...