Monday, November 7, 2016

‍බොරැල්ල

මේ ලගදිත් දිනෙක
යන්න සිදුවිය බොරුල්ලට
හුස්ම නොසලන මිනිසුන් නිදන
කනත්තත් මා දෙස බලා ගෙන
කලෙකින් ආ නිසාමද
ඔබ නැතිව ආ නිසාමද

ඉස්සර වගේ අපි අතැගිලි 
අල්ලගෙන 
ඇවිදගෙන ගිය මගක අයිනක
අදත් පෙම්වන්තයන් ඇවිදිති
අප නැතැයි රිදුනේ අපට විතරද
නෑ... මටම පමණද

අවසාන වතාවට හමුවුන
රෙඩ්‍ ෆෝට් එක ගාවදි
හිතත් නතරව හුස්මත් මොහොතකට 
නැවතුණි
යළිත් මහිතින් ඔබ සමගින් 
එතුල ඇවිදිමි...

මරණය එන තුරා මම 
හිතින් ඔබ සමගින්ම ඇවිදිමි
හිනැහී ඉන්න දවසක
නොසලා කදුලු නෙතගක
එපමණයි ... 
ඔව් එපමණයි පෙම්වත.

No comments:

Post a Comment

OLIVE 11

  OLIVE 11 වට්ටෝරු අංක 66 ග්‍ර⁣ේස් විජේබණ්ඩාර ගේ සේප්පුව ඇර බලන්න ට සවුමි ට තිබු.ණු උවමනා ව තේරුම් ගත් පවන් සිය දෙමව්පියන් සහ සහෙ⁣ේදරිය විදේ...