07 වෙනි කෝප්පය
---------------------
ඒත් එහෙම පිපෙන්න පුළුවන් නිදහසක මා සිටියේද නැත. ඉතින් ඒ ගැන කතා කර පලක් නැත. අචලත් එරන්දත් මාත් අපි නිකම්ලංකාවේ ආර්ථික හා සමාජයීය තත්වය, විශේෂ කේත වර්ග යටතේ නම්කර ඇති ආහාර වර්ග, ආනයනේදී පනවා ඇති විශේෂ සහවිවිධ බදු ගැන කතා කරමින් සිටියෙමු. ඒ අතරේත් එරන්ද සිය ජංගම දුරකතනයට එන ඇමතුම් වලට වරින් වර පිළිතුරු දුන්නේය. බොහොමයක් ඒවා කෙළවර වෙන්නේ 'මං වැඩක ඉන්නෙ බබා' වැනි කියමනකින් නිසා ඒ ඇමතුම් ඔහුගේ පෙම්වතිය ගෙන් බවමට තේරුම් ගත හැකිවිය.
අචල ලංකාවේ දේශපාලනය ගැන වඩාත් විවෘත සහ යාවත්කාලීන මතයක් දැරුවේය. එරන්ද එසේ නොවේ. ඔහු එවැනිදේශපාලන සාක්ෂරතාවයක සිටියේ නැත.
“ ඔයා ආයෙ කවද ද යන්නෙ?”
අචල ඇසුවේ ඒ අතරය. නළලේත් රැළි දෙකක් නංවාගෙන කල්පනා කරමින් දුරකතන මුහුණතේ ඇඟිලි දුවවමින් සිටි එරන්දත් හිසහරවා බැලුවේය.
“ මාස දෙකයි ඔක්කෝටම තියෙන්නෙ.. දැනටත් සති දෙකක්ම ගෙවිලා ගිහින්.”
“තව මොනවද ප්‍රොජෙක්ට් එකක් තියෙනව කිව්වා නේද?”
“හ්ම්.. මහියංගණයෙ යන්නෝන”
එරන්ද වහා අචල දෙස බැලුවේය
“ඒහ්.. අපිත් යංකො බං.. මෙයා එක්කම අපටත් ට්‍රිප් එකක් යන්නත් බැරිවුණා නෙ කාලෙකින්”
මම වහා තිගැස්සී වගේ එරන්ද දෙස බැලුවෙමි. ඔහු ඔය වගේ සැහැල්ලු කතාවක් කීවේ කොහොමද කියා මම ආයේ මුල සිටසිතුවෙමි. කමුබන් රෙස්ටොරන්ට් එකේ කිසි අවස්ථාවක වෙන වෙනම යොදාගත කළමණාකරුවන් මා දුටුවේ නැත. හැම එකකටමසම්බන්ධ වු එක් කෙනෙකු හෝ සිටියේය. මේ තුන්දෙනාම ට්‍රිප් එකක් ගියොත් ඒ සියල්ල කළමනාකරණය කරගන්නේ කෙලෙසදැයිමට ප්‍රශ්නයකි.
“ඔව් නේ බං.. ඉඳහං මිහිරගෙන් අහමු”
එවෙලේම මිහිරගේ නොම්මරය අමතමින් සිටි අචල දුරකතනයද රැගෙන අප සිටි තැනින් මඳක් ඔබ්බට ගියේය.
“ඇත්තටම ඔයාලා මේ ප්ලෑන් කරන්නෙ මාත් එක්ක මහියංගණේ එන්නද?”
“ඔව්.. ඔයා කැමති නැද්ද?”
“නෑ නෑ.. මට හිතා ගන්න බෑ. මේ වැඩ දවස් අස්සෙ ඔයාලා ට්‍රිප් එකක් ටක් ටක් ගාලා ඇරෙන්ජ් කරගන්නෙ කොහොමද කියලා”
“ට්‍රිප් කියනේවා එහෙම ගියෙ නැත්නම් ඇත්තටම කවදාවත් ඒවා යන්න හම්බෙන්නෙ නෑ.. අපි රෙස්ටොරන්ට් එක ලේසියටවහන්නෙ නැනෙ. ඉතින් අපි තුන්දෙනා සිංහල අවුරුද්දට එහෙම කොල්ලන්ට ගෙදර යන්න කියලත් වැඩ කරනව.. එහෙම එකේඅපට මොකක් හරි නිදහසක් තියෙන්නත් එපැයි”
“දැන් ඔයාලා දවස් කීයක ට්‍රිප් එකක්ද ප්ලෑන් කරන්නෙ?”
“ඔයාට දවස් කීයක වැඩක්ද එහෙ තියෙන්‍නෙ?”
“මට එහෙන් ඩේටා එකතු කරගන්නෝන.. මං හිතාගෙන හිටියෙ මෙහෙන් කැමර ටීම් එකක් අරන් යන්න. අපේ කම්පනි එකෙන්කොටේශන් කෝල් කරල දීලත් තියෙනව මට.. එයාලා වැඩේට කොච්චර කම්පැටිබල්ද බලල මට පුළුවන් එයාලාව ගන්නවද නැත්දකියලා තීරණය කරන්න”
“ එයාලා වැඩේට කම්පැටිබල් නැත්නම් මං ඔයාට දෙන්නම් නියම කෘ එකක්..”
ප්‍රශ්නය සෙමන් වුවත් පිළිවෙලට විසඳමෙින් තියෙනා වග පෙනෙයි. මේ වෙනතෙක් නොකීවාට කාර්යාලයෙන් කිසිම කැමරාකන්ඩායමක් පිලිබඳ මට දැනුම් දී නැත. මාද සොයා නැත. ඉතින් එරන්ද හරහා ඒ ප්‍රශ්නයත් විසෙඳනවා නම් ඇත්තටම මගේමුලික බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වෙයි. ජීවිතය පුදුමාකාර ය. මම මගේ ජීවිත ගමනට ආදරය කරමි.
“අහලා බලන්නකො ඔයාගෙ කෘ එක කීයක් වගේ කියනවද කියලා”
“ට්‍රාන්ස්පෝට් එක්කම තමයි එයාලා ගණන් කියන්නෙ ඔක්කෝම එඩිට් කරල ඔයා අතට වැඩේ භාරදෙයි”
“එහෙනම් හොඳයි.. නැත්නම් මං මෙහෙන් වෙනම එඩිට කෙනෙකුත් හොයන්න ඕනෙ”
“නෑ නෑ.. එයාලා දැනටත් ටෙලිඩ්‍රාමා එහෙම කරන කට්ටියක්”
එරන්ද සිනාවී කිව්වේය. මා ඔහු දෙස බලා සිටියා වැඩි යි කියා ඇත්තටම මට දැනුණේ ඒ මොහොතේය. මොන හේතුවක් නිසාදමන්දා අපට එකිනෙකා දෙස බැලිණි. මගේ සිතින් මා ඇසුවේ ඒ දවස් වල ජාන් කොහොම හිදින්නට ඇත්දැයි කියාය. එරන්දකොහොම හිදින්නට ඇත්දැයි කියාය.
“එහෙ නතර වෙන්නත් තැනක් තියෙනවා කිව්වා. ඉක්මනින් බලල බුක් කරන්නලු.. මිහිර කියනවා” අචල අප වෙත ආවේ එහෙමකියාගෙනය.
“මට නම් ඉතින් කැමරා කෘ එක රෙඩි නම් හෙට උනත් යන්න පුලුවන්”
“අපට නම් ඉතින් ඔයා යනවා වගේ බැක් පැක් එකක් දාන් ඔය ගමන යන්න එන්න බෑ. බැලන්ස් කරලා යන්න ගොඩක් දේ තියෙනව” එරන්ද කීවේ සිනාසෙමිනි.
“අපිට කිව්වට බිම්මා, මට නෙමෙයි, මූට.. මුගෙ කෙල්ල මේ වගේ ගමනකට එක්ක නොගිහින් බැලන්ස් කරනව කියන්නෙම ලෝකයුද්ධෙ කරන රටවල් දෙකක් බැලන්ස් කරනව වගේ දේකට”
මම සිහන වී එරන්ද දෙස බැලුවෙමි.
“එයා දවස් පහ හයක ට්‍රිප් එකක් එවන්නෑ නෙ බං ගෙදරින් කොහොමත්. ඒ ටික නෙමෙයි මං කිව්වෙ අපි ඒ දවස් ටිකට තියෙනඕඩර්ස් ටික එහෙම හරියට බලල ඇරේන්ජ් කරල යන්නෝන”
එරන්ද ගේ ඒ සංවිධානාත්මක බවට මම වඩාත් ඇලුම් කරමි. මුල් ලංකාවේ තියා ගිය මට ආයෙමත් මේ පොළොවේම දලුලන්නටහිතේවියි ඇත්තටම මට බියක් දැනේ. මගේ පවුලේ කිසිම කිසිවෙක් ඊට කැමති නැත. අපේ අම්මා දැන් අයියා සමග ජීවත් වුවදඇගේ ආසියාතික මව් ගුණය එහෙමමය. බිම්මා පුළුවන් ඉක්මණින් පිළිවෙලක් විය යුතු බව ඇගේ කල්පනාවයි. ඇය දකින මගේජීවිතයේ පිළිවෙල නම් මා හැකිතාක් ඉක්මණින් ස්විඩිශ් කොලුවා සමග විවාහ වී දරුවන් ලැබීමයි.අම්මා කියන විදියට නම්. බොහොමයක් බටහිර මිනිසුන් වගේ නොවේ. නයිල්ස් හොද ගතිගුණ ඇති මව්වත් කොල්ලෙකි. හහුඟාක් තරුණ කාලෙය්මරිජුවානා ටිකක් උරා තිබුණාට නයිල්ස් දැන් හික්මීමක් ඇති වැඩුණු පිරිමියෙකි.අපේ අම්මාගේ දැක්මට අනුව නම් ඔහුටඇත්තෙන්ම අඩුපාඩු ඇත්තේම නැත.
මේ වතාවේ ලංකාවෙන් යනවිට අම්මාත් අයියාත් නෑනාත් දරුවනුත් බලා යාමට මා තීරණය කර තිබේ. ඊට කලින් අවසන් කළයුතුදේ දැන්මම පටන් ගත යුතුමය.මේ සංචාරයෙන් පසු මට යළි අම්මාට කට්ටි පනින්නට හැකි නොවේ. කුමන මහාද්වීපයට ගියද ඇයමා සොයා එනු නිසැකය.
“ අපි කොහෙද නතර වෙන්නෙ.?”
මා ඇසුවේ අචල ගෙනි. අචල ඔහුගේ දුරකතනයෙහි සෙවුම් තීරුවේ කිසිවක් ටයිප් කර බලා සිටියේ ඉවසිල්ලෙනි. අවසානයේ ඔහුමවෙත පෑවේ නවාතැන් ගත හැකි තැන් වල නාම ලේඛනයකි.
“අරගොල්ලො මට රිප්ලයි කළෙ නැහැ තාම..”
“එයාලා ෆ්‍රී ඇති නේද?”
“මේ දවස් වල ලොකු ප්‍රඩක්ශන්ස් සෙට් වුනෙත් නැහැයි කියල නහයෙන් අඬ අඬ නෙ හිටියෙ”
අදාල කැමරා කණ්ඩායමේ මිළ ගණන් ද ඇතුලුව මා මගේ සේවා ස්ථානයට දැන්විය යුතු අයවැය ලේඛනයක් තිබිණි. ලංකාවේමෙන් හිතෙන හිතෙන විදියට අයවැය ලේඛණයක් හෝ සකස් කරන්නට එහි ඉඩක් නැත. කාර්යාල පද්ධතියේ වෙනම අයවැය දත්තඇතුළු කරන්නට තැන් තිබේ.
එපමණකි. පද්ධතිය තුලින්ම ඒවා අදාල අංශ වෙත යොමු වී අනුමැති වලට යොමුවෙයි. ඉතින් දළ වශයෙන් එකතු කරගත්තොරතුරු විනිමය පරිවර්තන වෙන තැනින් ඇතුල් කර මම ලැප්ටොප් එක වසා දැමුවෙමි. අචල මෙන්ම එරන්දත් බලා සිටියේ මගේඊලග පියවර කුමක් දැයි කියාය.
“එහෙම නම් අපි ගමන ප්ලෑන් කර ගමු.. දවස් ගාණයි, අපි කොහෙද ඇවිදින්න ඕනෙ කියනෙකයි තීරණය කරන්න ඔයාගෙ මැප්එක දෙන්න”
එරන්ද කීවේ මා මගේ රෑ කෑම භුක්ති විඳිමින් සිටිනා අතරතුරය. අපේ අතවැසි මිතුරා ඔහුට අතවැසියා යයි මා කියන්නේ ඔහුඇත්තටම හොඳම හොඳ ගෝලයෙකු වෙන බැවිනි.
“මං යනවා එහෙනං”
මේසයේ අතන මෙතන ඇති මගේ බඩු මුට්ටු අනම් මනම් බෑග් එකට අසුරා ගනිමින් මම අචල දෙස බලා කීවෙමි. ඔහු එරන්ද දෙසබැලුවේය. එරන්ද මදෙස බලා හිනැහුණි.
“අපාට්මන්ට් එකටද යන්නෙ?”
“ම්ම්ම්.. ඔවු. “
“එරා.. උඹ යනව කිව්ව නෙ මරදානට”
“ඕ”
“බිම්මවත් දාගෙන පලයංකො”
“සෙට් එකක් ඉන්නව බලාගෙන කොල්ලුපිටියෙත්..”
“පස්සෙ වරෙන් එතනට.. උඹ කොහොමත් අපේ තැනට යනව නෙ. දැන්ම පලයන්.. එතකොට බිම්මවත් දාගෙන අපේ වැඩ ටිකත්කරන්ම ක්ලබ් එකට එන්න පුළුවන් නෙ”
එරන්ද ඇත්තටම කැමැත්තෙන් මා සමග ආවාද නැත්නම් අචලගේ කීමට බලෙන් වගේ ඔහුට එන්නට සිදුවුණා ද කියා මම ආයේසිතුවෙමි. කොහොම වුණත් මගේ සිතේ තියෙන සැක කටයුතු ගතිය දැන් දැන් හිතින් අයින් කරගන්නම ඕනා යයි සිතෙයි. මේකමල වදයකි. මිහිරත් එරන්දත් අචලත් තුන්දෙනා දිහා හොර බැළලියක් වගේ බලමින් සිතින් ඔවුන් මීට අවුරුදු ගණනකට කලින්කොහොම ඇත්දැයි සිතමින් මේ ගෙවෙන කාලය මගේ ඇතුළත ඇති ශක්තින් නිරපරාදේ නාස්ති කරයි.
වාහනයේ පසුපස ආසනයේ දොර හැර මගේ ලොකු බෑග් එකත් මාත් දෙදෙනාම ඊට නගින්නට හදද්දී එරන්ද කලබලයෙන් වගේ“නෑ නෑ.. ඔයා එන්න ඉස්සරහට” කියා කීවේය.
“කමක් නැද්ද”
මම සිහනාවීමි.
“ඇයි?”
“නෑ ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ටිකක් වසයිලු නෙ”
“අරුන්ද කිව්වෙ?” ඔහු යළි සිනා සුණේය. ඒ කතා කරන ඇස් දෙකකි. ලෝබ හිතෙන තරමට සිනිදු නළලකි.ඇස් වටේට රැස්වළල්ලකි.
“හ්ම්”
“දන්නැද්ද ඉතින් කෙල්ලොනෙ..”
ඔහු ඔහුගේ පෙම්වතියගේ බොළඳ කමක් සිහිවීදෝ සිනාසුණේය. ඒ වෙලාවේ ඒ මුහුණේ නැගුණේ පුදුමාකාර ලස්සන සිනාවකි. බිම්මා දැන් ඉතින් කරන්නට දෙයක් නැත. ජාන් කවුරුන් වුණත් දැන් තමුසෙ අර ස්විඩිශ් කොලුවාට බහ දී අවසානයි නේද? ඒඅහිංසක කොල්ලා අවුරුදු තුනක් තිස්සේ සිය ආසියාතික මිතුරී ගැන අපමණ සතුටිනි. ඔහු සිතන්නේ ඔහුගේ පෙර සිටි පෙම්වතියන්වගේ ඇය අකීකරු නැති බවය. අසංවර නැති බවය. ආදරය මුදල් වලට සිරුරට පෙනුමට ලඝු නොකරන බවය. ආසියාතිකගැහැණුන් සිය ජීවිතයම උනත් ආදරය වෙනුවෙන් දෙන්නට සුදානම් බවය. එහෙම හිතන්නට නම් නයිල්ස්ව පෙළඹුවේම මේබිම්මාමය. ඇය ඔහුට රෙකමදාරු කරන තරමක් කළේ රෝමාන්තිකත්වයේ උපරිම තලයේ තිබු හින්දි චිත්‍රපටය. ඉතින් නයිල්ස්වුණත් මනසේ තැන් තැන් අවුල් කරවනා සුලු ආකාරයේ සිය රැකියාවෙන් ඉසිඹුවක් ලබනා ඇසිල්ලක කළේම හින්දි චිත්‍රපට ගීයක්හෝ නැරඹීමය.
ලංකාවේ කොල්ලන් ගේ ඇති පටු සහ සීමා සහිත ආකල්ප පිලිබඳ බිම්මා සිටියේ අවතක්සේරුවකය. ඇය සිතුවේ ලංකාවේකොල්ලෙක් සමග නම් විවාහ වෙන්නේම නැතැයි කියාය. ඇගේ ප්‍රමාද වෙන විවාහය ගැන නෝක්කාඩු කියනා වෙලාවක අම්මාකියන්නේම 'උඹට ලංකාවෙ කොල්ලො බඳින්නම බෑ කිය කියානෙ හිටියෙ. හොඳ වෙලාවට පහුවෙලා හරි සුද්දෙක් හම්බ වුණේ' කියාය. උපන් රටේ පිරිමින්ව අවතක්සේරුවට ලක් කළාට වස් වැදුනාදැයි කියා වරෙක මටත් සිතේ. නැත්නම්, බටහිරාකාසේතාරකාවක එළිය වැදි වැදී හිඳි මා ලංකාවට ඇවිත් මේ හොයන්නේ මොන විදියේ ජානුවෙක්ද?
“ එරන්ද” මා සාමාන්‍යයෙන් එරන්දගේ නම මෙහෙම තනිව ඉන්නා විටක කල්පනාකාරීව මුමුණා නැත. පාරේ ට්‍රැෆික්ය. ඒ මදිවාටවැස්සකි. අපි වීදුරු දිගේ වැගිරෙන වැහි කදුළු දෙස බලා ඉන්නෙමු.
“ඇයි” නොඅසා එරන්දට එහෙම මදෙස නොබලා හිඳින්නට තිබුණැයි මට සිතුණි. ඒ බැල්ම ප්‍රශ්නාර්ථයක් පමණක් නොවේ.
“කවුද රෙස්ටොරන්ට් එකට නම තිබ්බෙ?”
මා ඇසුවේ සැබෑම කුතුහලයෙනි. මුනිච්චාවට අහන්න ට දෙයක් නැති කමට අහන්න නොවේ. එරන්ද මුලින් මදෙස විමති ඇසකින්බැලුවේය. ඉනික්බිති වැසි වසින අහස දෙස බැලුවේ වින්ඩ්ස්ක්‍රිනය දෙසට නැමී ගෙනය. ඒ ඉරියව්වත් ප්‍රශ්න මගාරින්නට හොඳඋපක්රමයකි. මම ඔහු දෙසටම හැරී සිටිමි.
“ඒක සාමුහික තීරණයක්”
“හරි ඒත් ඔය නම හිතට ආපු එක්කෙනෙක්ම හරි ඇති නෙ”
“නෑ.. අපි මොකක් හරි පාරක එද්දි කමු මචං වගේ නම තියෙන බෝඩ් එකක් දැකලා ඒක හිතේ තියාගෙන කතා කර කර ඇවිත්පස්සෙ ඒකත් මතක් කරලා ඔහොම නම දැම්මා”
“ ඇත්තටමද?”
“ඕ.”
බිම්මාගේ ඒ උත්සාහයත් ඉතින් අවසන්ය. ඒ කියන්නේ කමුබන් කියා කියන්නේ සාමුහික තීරණයකි. එහෙම නැතුව මේ මගේ නාමයෝජනාවයි කියා එක්කෙනෙකු විසින් ගෙඩිය පිටින් දුන් නමක් නොවේ ය.
මගේ නිශ්ශබ්දතාවය වැස්සේ දිය වී යන්නට පටන් ගත් නිසාද මන්දා එරන්ද මදෙස බැලුවේ හෙමින් රිය ඉදිරියට අද්දවනාඅතරේමය. ඉන්පසුව ඔහු ඇසූ ප්‍රශ්නයත් නළලේ නැගුණු රැළි දෙකත් නිසා මා අර නම ගැන ඇසුවේ අපරාදේ කියා මට සිතිණි.
“ ඔයා ඒ නමට එච්චරම ඉන්ටරෙස්ට් ඇයි?”

No comments:
Post a Comment