නමවෙනි කෝපි කෝප්පය
-------------------------------
නැත. ඒ හදිසි අනතුර අවසාන තත්පරයේ වලක්වා ගන්නට මට හැකිවිය. ඇස් තදම තද කර වසාගෙන දැන් මේ දැන් අපේ තොල්එකිනෙක හැපේදැයි බියෙන් මම හදවතේ තිරිංග තද කර ගෙන හිඳිමි. එරන්ද , සොරි කීවේය. ඇත්තටම කියනවා නම් මා විවරකළේ එක් ඇසක් පමණකි. මගේ මුහුණ තනිකර විකෘතියක්ව ඔහුට පෙනෙන්නට ඇතැයි අනුමාන කරමි. එරන්දට සිනා ගියේය. මුහුණ පසෙකට හරවා ගත්තේය. මම මඳසිනාවක් පාගෙනම ඔහුව නිරික්ෂණය කළෙමි.
"ඔයා නම් ..මා..ර කෙල්ලෙක් ඇත්තට.."
"එහෙම තමයි.. "
මම හරිබරිගැසී වාහන අසුනේ හිඳගතිමි.
"ඇයි ඒ?"
"පරෙස්සම් වෙන්නෝන"
"මගෙන්ද?"
"නෑ"
"එහෙනං?"
"මගෙන්"
"ඒ ඇයි?"
"අපි දෙන්න තව දෙන්නෙක්ගෙ වගකීම් අරන් නෙ ඉන්නෙ"
එරන්ද දකුණත පැත්තේ කවුළුවෙන් වැස්ස දෙස බලා උන්නේය.
"එක අතකට මං ඔයා ගැන මොනවද දන්නෙ?"
"ඔයා පළවෙනි වතාවට නොදන්න කෙල්ලෙක් එක්ක තනිවුණා නෙමේ නෙ?"
"නෑ.. ඒත්.. වෙන කෙල්ලෙක් ගැන මට එහෙම ෆීල් එකක් දැනිල නෑ"
"ඇයි ? ඉතින් , මංම?"
"දන්නෙ නෑ.."
කෙසේ හෝ දරුණුම වාහන තදබදය මැද වුව ද රිය වනාතමුල්ල පාරට හරවා ගන්නට හැකිවිය. අපේ මහල් නිවාස සංකීර්ණයපෙනෙද්දී වුව ධාරාණිපාත වරුසාවේ අඩුවක් නොවීය.
"පැය දෙකක් විතර පාරෙම ඉදල හරි ඔයාව ඩෙස්ටිනේශන් එකට ඇරලවන්න ලැබුණු එක ගැන සතුටුයි මෑම්.."
"මං කැමති ඇත්තම ඩෙස්ටිනේශන් එකට ඔයාව එක්ක යන්නයි කෝපි එකක් බොමුද අහන්නයි?"
"මේ වගේ වෙලාවක කෝපි එකක් නම් බිම්මා, ඇත්තටම බැහැ කියන්න බැරි දෙයක්"
"යමු එහෙනම්?"
ආරක්ෂක නිලධාරියාට මගේ ඇතුල්වීමේ අවසරපත්‍රයත් වාහනය නැවැත්විමට නියමිත තැන පෙන්වන කාඩ් පතත් පෙන්වා අපිඇතුල් වීමු. වාහන නැවැත්වීමේ අංගනය මේ රැයට පාළුය. ඒ මදිවාට දරුණු වැසි පතනයකි. පෙරකී හදිසි අනතුර නම් වලක්වාගන්නට හැකිවිණි. එහෙත් මේ ළඟ එන කුණාටුවේ මාපකය මීටරයකට පවා හසුනොවේ.
අදාළ තැන රිය නතර කර අපි සෝපානය දිගේ මතු මහලට ගියෙමු. සෝපානයේ සිට ගෙදර තෙක් යන කොරිඩෝව ද කුඩු වැස්සටහසුවී ඇත. ඈතින් නෙලුම් කුළුණ දැකිය හැකිය. එය අගනුවර හඳුන්වන සංකේතය බව ඔහු පවසයි. "ඒකටත් අපි චීනෙට ණයගෙවනව." යළි සිනාසුණේය. ගෙදර යතුර සාක්කුවෙන් ඇද විවර කර පළමු විදුලි පහන දල්වන තෙක් මා සිටියේ මද චකිතයකිනි.
"එන්න "
දවසට යම්කිසි මුදලක් ගෙවා පිරිසිදු කිරිමට එන කම්පැණියේම දෛනික සේවිකාවක් ලවා අස්පස් කරවා ගන්නා බැවින් මගේගෙදර සුපිරිසිදුව පවත්වා ගන්නට හැකිය.
"ඔයා ලොකු ගාණක් ගෙවනවා ඇති නේද මෙහෙට?"
මිලාධික විසිත්ත කාමර සැරසිලි නැතත් මේ ගෙදර චාම්ව වර්ණ ගන්වා තීම් එකක් අනුව සකස් කර ඇත. මම විවෘත පැන්ට්‍රි එකේඔහු වෙනුවෙන් කෝපි පිලියෙල කරමින් සිටියෙමි.
" මාස තුනයි නෙ..මට අකමඩේශන් වලටත් පේමන්ට් එකක් ලැබෙනව "
"දැන් ඔය වාර්තා චිත්‍රපටි ටික හදාගන්න කොච්චර කල් යාවිද.?"
"වැඩිය නෑ. මට ඒවා හදලා පුරුදුයි. වීඩියෝ ටික එඩිට් කරල කන්ටෙන්ට් එක කියවල ෆිනිශ් කළැකි.."
"වෙලාවකට මට පුදුමත් හිතෙනව.ඔයා ගැන.."
මම කෝපි මග් දෙකකට කෝපි වත්කළෙමි. සඳළුතලයේ දොර පසෙකට තල්ලු කළෙමි. කුඩා අකුළන පුටු දෙක එතැනින්තැබුවෙමි. මගේ ආරාධනාව වචන වලින් කීම අපරාධයකැයි හැඟුන බැවින් ඇස් වලට කතා කරන්නට ඉඩ දෙමි. එරන්ද නැගිටඇවිත් සඳැල්ලේ වැටට හේත්තු වුණේ මා අතේ වු කෝපි කෝප්පයද අරගෙනම ය.
"මට ඔයා ලියනේවයෙ මොකක්ද මන්ද හුරු ස්ටයිල් එකක් දැනෙනව. ෆෝන් එකෙන් ගොඩක් ඒවා කියෙව්ව රෙස්ටොරන්ට් එකටවෙලා"
මා ගැස්සී ගියේ ඒ තත්පරයේය.සමහර ඇබ්බැහි පුරුදු අප කොතෙක් වයසට ගියද අප සමග පැමිණෙයි. මගේ ලිවීමේ හැඩයයොදාගන්නා වචන සමහර කෙටි යෙදුම් උනත් වෙනස් විි ඇතැයි නොසිතමි. එහෙනම් මේ එයාම ද?
"ඔයා මිට කලින් මං ලියනේව කියවල නෑ නෙ.."
"නෑ..හ්. මිහිර තමයි ඒවා කියවන්නෙ.. "
"එහෙනම් ඉතින් පුරුදු වෙන්න විදියක් නෑනෙ. "
"ඒකයි.. ඒත් මොකක්ද මන්දා නිසා හුරුයි.."
"කොල්ලො ඕක හරියට පාවිච්චිලකරනව හැබැයි. මට ඔයාව පුරුදු යි. හුරුයි.. එහෙම කියනෙක.."
"ඒ ටෝක් කරන්නනෙ බිම්මා"
"ඉතින්"
"ඉතින් එහෙම ටෝක් කරන්න ඕන නෑනේ.. "
"ඇයි මාව දැක්කාම එහෙම ටෝක් කරන්න හිතෙන්නෙ නැත්ද.. මං ඉතින් සෙලිබ්‍රිටි ෆිගර් එකක් එහෙම තියෙන කෙනෙක් නෙමෙයිතමයි ඉතින්.."
"ෆිගර් වලට ටෝක් කරන කාාල පහුවෙලා මගෙ නම් දැන්.."
"දැන් එතකොට."
"ඊට වඩා දැනෙන දෙයක් තියෙන්නෝන. කෙල්ලෙක්ගෙ.."
මම මගේ දැනෙන්නට දෙයක් ඇත්දැයි විමසා සිටිමි. ලිස්ට් එකකට දමන්නට තරම් සුවිශේෂතා මට නැත. වැස්ස වැඩිවෙයි. සදැල්ලටද වැහි කෝඩ හමයි. ආයේ ගෙට යන්න කම්මැලි හිතෙයි. අකුළන පුටු ඇදගෙන සදැල්ලේ කෙලවර මුල්ලටම අප ගුලිවෙන්න ඇත්තේ ඒ නිසයි. දැන් නම් .. හීතලම හීතලයි. ඊට වැඩියෙන් වැස්සේ හඩ තවත් ළං වෙන්නැයි කියයි. හිත් වලට අනතුරුඇඟවෙයි. අත දිගේ දුවන්නට වෙහෙසෙන විද්‍යුත් ධාරාවක් හිසෙන් නළලෙන් දෙබැමෙන් එළියට පනින්නම වෙහෙසෙයි.
කෝපි කෝප්පය අතින් තද කරගත් එරන්ද දෑස තදින් වසාගෙන ය. මම ඔහුව පහසුවෙන් තියන්නට හිතා කෝපි මග් එක මා අතටගෙන බිමින් තැබුවෙමි.
"මොකද මන්ද මේ තරම් වැහි"
"අපි හම්බ වුණ නිසා"
මම එය හරියටම ඇසුණත් විශ්වාස නොකළෙමි.
"මොකක්ද?"
"මෝසමක් සක්‍රිය වෙලා ඇති.." මුලින් කීවේ එය නෙමෙයි. මට අහන්නත් නොහිතෙයි. එරන්ද සිය දෙපය ගැස්සුවේ සෙමෙනි. "මදුරුවො.." කුඩා කෘමි විශේෂයකට එවන් රෝමාන්තික මොහොතක් "අල" කරදැමිම හරිම සුළු දෙයකි. මම කිසිවක්නොකියාම නැගිට්ටෙමි. හිත නම් කොතෙක් දේ කිවිවාද?
"මං යන්නෝනද දැන්?"
සඳැල්ලේ දොරෙන් මා හැරි බැලුවේ පුටුවත් ඔසවා ගෙන මා පසුපස එන මීඩියම් සයිස් ඔහු දෙසය.
"යන්නොන්ද අහන්නෙ?"
"මාව තියාගන්නකො"
එරන්ද මේ මොනව අහනවාද?
මඉ වේ සියල් දේ හරහා පේන්නෙ ජාන්ව නේද?
"මරදානට ඒ හැටි දුරක් නෑ"
"බල්ටි දෙකයි"
"නොගිහින් ඉන්න හදන්නෙ?"
"කුපාඩි කමට ඇහෙන ප්‍රශ්න නෙ බිම්මා"
එවර මගේ පපුව බැද තිබු තෑගි රිබන් පටියක් වැනි පීඩනය ලිහී ගියේය. මේ මනුස්සයා මාව මෙහෙම පරික්ෂා කරන්නේ මන්දැයිමට නොතේරෙයි.
"ඔයාව ඩෙස්ටිනේශන් එකටත් ඇරලෙව්වා ඔයා එක්ක කෝපිත් බිව්වා.. මං එහෙනම් යන්නං"
ඉදිරි දොරෙන් එක පියවරක් එලියට තියා එරන්ද ආයේ මුහුණ බැලුවේය. මට හිතෙන්නේම ටීශර්ට් කර අල්ලන්නටය. එක වරක්හරි එහෙම වුණෝතින් ආයේ කවදාවත් සමාව දෙන්න බැරි වරදක් සිදුවිය හැකිය. බිම්මා මුරණ්ඩුය. රාත්‍රිය රහසක් කීවේ ඒඅතරය. දොරෙන් ඇතුලු වුන හිතුවක්කාර හුළං රැල්ලක් කන් පෙත්තක දැවටුණේය.
එක සැරයක් හිතන්න බිම්මා.. මේ ජාන් නම්.ඔයාට අහිමි වෙන ජීවිතය කොයිතරම් ද?
"ගුඩ් නයිට්…" මම කියමි. උරහිසට අත තියමි. කම්මුලක්වත් නොසිඹිමි. දුරින් ඉමි. එරන්ද මොහොතක් මදෙස බලා සිටියේය. අපඅතර ඇතිවෙන්නට යන්නේ මොකක්දැයි පැහැදිලි කරන්නට හරි වචන සොයා ගැන්ම අසීරුය.
ඔහුව තනිව වාහන අංගනයට යැවීම හිතට අවුලකි.
ඉතින් දොර වසා දමා මම ඔහු සමග ලිෆ්ට් එක දෙසට ආවෙමි. අතරමග දී එරන්ද බැම්මෙන් එබුණේය. පහළ පිහිනුම් තටාකයදුටුවේය.
"එදා අර බඩගිනි වෙලා පිස්සෙක් වගේ හිටියෙ මේකෙ බැහැගෙන ඉඳල ද" කියා සිනාසුණේය.
"ඇයි එදා ඔයා කන්න ගත්ත මීල් එක මට ගෙනැත් දුන්නෙ?"
" කවුරු උනත් බඩගින්නෙ.. ඉන්නෙක අවුලක් නෙ ඉතින්"
"කාට වුනත් ට්‍රීට් එකක් එහෙනං එදා මටත් දීලා තියෙන්නෙ"
"ඇයි ඔයා හිතුවෙ කොහොමද? .. වොයිස් එකට වශී වෙලා මං ඔයාට මගෙ මීල් එක දීලා ගියා කියලද?"
"එහෙම්ම නෙමෙයි.. ඒ වුණාට තමන්ගේ මීල් එක මට දීලා ගියා කීවාම.. පොඩ්ඩක් වැදෙනවනෙ ඉතින්"
"මෙහෙමයි.. මාත් හිතුවා දීලා ගියාට පස්සේ නං.. "
"එහෙම හිතල තමයිනේ ටෙක්ස්ට් කරල බැලුවෙ.. "
"කොල්ලො එහෙමනෙ ඉතින්.. "
අප සිනාසෙමින් කතා කරනා. අතර තුර යාන්තම් ඇගිලි වල ඇගිලි තැවරිණි. එය සම්පුර්ණයෙන් ම අහඹු සිදුවීමක් වුවත් හදිසිඅකුණක් ඇගිලි අතරින් ඇතුල් වුවාක් මෙන් ක්ෂනිකව දැනිණි.
වාහන අංගනය පාලුය. එහි ඇති කාන්සිමය ගතිය එක වරම දැනුණේ සෝපානයෙන් බැසි විගසිනි. එය එරන්දටත් දැනෙන්නටඇත.
"බිම්මා… ඔයා යන්න.. මං යන්නං"
එරන්ද කීවේ ඝන කොන්ක්‍රීට් කණු සහ තට්ටු බර ගණනක් දරා ඉන්නා පැතලි කොන්ක්‍රීට් පතුල් දෙස වික්ෂිප්ත ව මෙන් බලාය.
"ඔයාව ඇරලවන්නනෙ මං ආවෙ.."
"මං කොල්ලෙක්නෙ.. මට තනියම යන්න පුළුවන් "
"ම්ම්ම්… හා එහෙනං…"
මෙහෙම වෙලාවල් ගත වීම ගැන ලෝබ හිතෙයි. ඒවා තව තත්පරයක් හෝ අල්ලා ගන්නම හිතෙයි. මැදියම එළඹ තිබේ. තනිකඩගැහැනු හිත් වගේම දොඩමළු පිරිමි ඇස් කළුවරට අභියෝග කරමින් ගණුදෙනු කරන්නට සැදී පැහැදී සිටිති.
සංවේදනා අහුලන මගේ හිත් ඉස්මත්තට උණුසුම් කෝපි කෝප්පයක උවමනාව දැනෙමින් තිබේ. ආයෙමත්.. ආයෙමත්.. කෝපිද?
"බිම්මා"
හැරී යන්නට හදද්දී, පය පැකිළුණේ ඒ හඬට ය. පින්නටද මන්දා එරන්දගේ හඬ පෙඟී ගොසිනි. ඔහු ආයේ කිසිම කිසිවක්කියන්නට නොසිතුවා විය යුතුය. දෑතින් මගේ කම්මුල් අල්ලා ගෙන ඇස් වලට ඇස් එබුවේය. එපමණකි. බිම්මා කවදාවත්සියල්ලෙන් සම්පුර්ණ පිරිමින් සෙව් කෙල්ලක නම් නොවේ. ඒත් නොහෙව්වත් , පහළොව හමාරේ කොලර් සයිස් එකක් ඇති අඩිපහයි අගල් නමයාමාරක් දහයාමාරක් උස, රෝස නියපොතුත් සිනිදු අල්ලක් සහ වැඩිය දිග නැති ඇගිලිද , වලින් සමන්විතසොබාදහමේ අධි සංවේදී මොඩලයකට නිමවුණු ආදරණීයයෙක් පැතලි කොන්ක්‍රීට් කණුවකට මාව හේත්තු කරගන්නා තෙක්ම මටසම්පුර්ණත්වය ගැන හැගීමක් තිබුණේද නැත.
"බිම්මා… ඔයා "ශෝක් කෙල්ලෙක්"… ළගට ආවාම යන්න දෙන්න හිතෙන්නැති විදියෙ.."
"නොගිහින් ඉන්නද හදන්නෙ, අපි මේ ඉන්නෙ කා පාක් එකක"
"ඊලගට හම්බ වෙන දවස වෙනකම්.. "
"ඔයා එහෙමත් දවසක් ගැන හිතනවාද?"
ඇයි? ඔයාට එහෙම දවසක් ගැන හිතෙන්න තරම් මං "සෙට්" නැද්ද?"
"ඒක මට මේ තරමින් කියන්න බෑ වගෙ"
මගේ හුස්ම අස්සේම හුස්ම ගස්සමින් එරන්ද සිනාසෙන ස්වරය මට දැනෙන්නට පටන් ගත්තේය.
"ඒ තරමට යන්න පුළුවන් මොන වගේ දවසකද.."
"ඒකත් මේ වගෙම අහම්බයක් වෙනව නම් විතරයි"
"තොල් වලට තොල් හැප්පෙන එක අහම්බයක් වෙන්නෙ එක සැරයක් විතරයි.. බිම්මා. ඊට පස්සෙ උන් දෙන්නා අතරෙ මොකක්සිද්ධ වුනත් එක්කෝ ඒක ප්ලෑන් එකක්.. නැත්නම් තීරණයක්.."
ඊළග තත්පරය මට කියා දුන්නේ ඇත්තටම ඉනික්බිති එරන්ද සහ බිම්මා අතර අහම්බ ඇති නොවෙන බවය. අඩ අන්ධකාර වාහනඅංගනයක මුවාවෙන්නට හැකි තරමේ පැතලි කොන්ක්‍රීට් කණුවක් අස්සේ ජීවී හදවත් දෙකක් සම්බන්ධ වී තිබුණේ දෙතොලින්පමණකි. රාත්‍රි වැඩ මුරය නිමා කළ දොස්තර කෙනෙකු සිය වෛද්‍ය ලාංඡනය අලවා ඇති ජීප් රථය නවත්වන්නට ගෙනෙන ලකුණුපෙනිණි. ඔහු දෑත් වලින් තදින් එකිනෙකාව ග්‍රහණය කරගෙන සිටි සරාගී ජෝඩුවක් වැනි අප දෙස බැළුවේ අමුතුවටය.
"ඔයා යන්න දැන්"
"ම්ම්ම්ම්"
"මෙතැනම මෙහෙම ඉන්න බැයිද?
"අනේ එරන්ද.."
"හරි .. ඔයා යන්න එහෙනං.. මං යන්නං එතකොට"
සෝපානය ළගටත් ඇවිද ඇවිදිනුත් එරන්ද මගේ අත අල්ලා ගත්තේය.
"යන්නං"
"ගිහින් එන්නං කි යන්න"
No comments:
Post a Comment