චිම්නි කෝපි
08 වන කෝප්පය
---------------------
මම සිනාසුණෙමි. කතාව වෙනස් කළ යුතුයැයි මගේ යටම සිත අනතුරු ඇඟෙව්වේය.
"නිකම්.. ඒක හරි ටචින් නෙ.. මිනිස්සු හැම මට්ටමේදිම කතා කරන වචනයක් නෙ.. කමු බන් කියන්නේ .."
"හ්ම්.."
මම මොහොතකට එරන්දගෙන් ඇස් අහකට නොගෙන සිටියෙමි. මේ නිකමට හරි "ජාන්" නම්.. ඇත්තටම මට මග හැරුණේකොයිතරම් අපුරු පිරිමියෙක්ද?
"ඇයි අද පරක්කු වුණේ චැට් රුම් එකට එන්න.” මගේ රාජකාරියේ ස්වභාවය අනුව උදේ අට හමාරට පටන් ගන්නා සමහරසාකච්ඡා අවසාන වෙන්න පැය හතරක් වුණත් ගතවෙයි. ජාන් ඒ පමාව ඉවසන්නේ නැත. ඔහු මා "දෘශ්‍යමාන” පටන් ගත් ගමන්පුද්ගලික චැට් පෙට්ටියට පනියි. එහි යකා නටයි.
ඒ මදිවාට "රන් සමනළයා" ඇවිත් ඔයාව හොයලා තියනවා.. චැට් එකේ. ඌ මොකටද ඔයාව හොයන්නෙ?" තව නඩුවකි. හවසදෙක වෙනකොට මේ නඩු ඔක්කෝම අහවර කරගෙන ඔය පාසල් ළමයා ගෙදර යවන්නටද සිදුවෙයි. රණ්ඩුවක් අවසාන කරනොගෙන ගෙදර ගියෝතින් නයිට් ටයිම් එස්එම්එස් එවන්නට පුළුවන් මොකක් හෝ දුරකතනයකින් චැට් රූම් එකට ගොඩ වෙනමේ ඉලන්දාරියා ව අස්වසන සනසන කාරිය කරගන්නට වෙන්නේද මටමය.
ඔය එහෙව් "ජාන්"ය. ප්‍රේමය හෝ ආදරය හෝ සැලකිල්ල එපමණක් හෙව් ඒ සදාදරණීය ළබැඳියා ඔහු නම්, මා කියන්නේ මේතුන්දෙනාගෙන් කෙනෙක් නම් ඔහුට මාව අමතක වෙන්න පුළුවන් ද?
වැඩි කාලයක් නොගිහින්, චැට් රූම් එක දෙකට තුනට බෙදෙන කැඩෙන ගතියක් පෙනී ගියේය. "ජාන්" කල්ලියක් වෙනුවෙන්හිටගත්තේ නැත. මුලින් මුලින් කට්ටිය අතරේ සිටියාට ඔහු පසුව හුදකලා වුවේය. එහෙත් රන් සමනළයා එහෙම නැත. ඔහුට චැට්ගෲප් එක ඇතුළේ සාමූහික මිතුරු පිරිසක් සිටි අතර, "රන් සමනළයා එන්ටර්ඩ් ද චැට් ගෘප් " කියා පණිවුඩය ආ ගමන් චැට් ගෲප්එකේ ඉන්නේ සීයක්ද, දෙසීයක්ද උන් ඔක්කෝම ඔහුට හායි, හලො මචං, අඩෝ මොකද පරක්කු වගේ වෙල්කම් පණිවුඩ එවති. මං, මගේ චැට් ගෲප් එකට යොදාගත් ප්‍රාථමික නාමය මෙතැන නොකියමි. දැනට එය මගේ නමේම කොටසක් වන "මිණි" යන්නෙන් මතක තියාගත්තාම ප්‍රමාණවත්ය.
"මිණි" එන වෙලාවටම චැට් ගෲප් එකට එන රන්සමනළයාත් ජානුත් ගැන කට්ටිය ගෲප් එකේ වාගේම වෙන වෙනමත් කතා වීතිබිණි.
"ඇත්තම කියන්නකො මිණි, ඒ දෙන්නගෙන් කවුද ඔයාගෙන් කැමැත්ත ඇහුවෙ?"
"මිණි කැමති කාටද? රන් සමනළයටද නැත්නම් ජාන්ටද?"
මේ වගේ පණිවුඩ කිහිපයකින් මගේ ඉන්බොක්ස් එක පිරී තිබුණි.
"ඔයාලටට පිස්සුද අනේ ඇත්තටම? ඔයාලා කවුරුහරි හිතනව නම් මං මේ චැට් ගෲප් එකට ආවෙ මිනිහෙක් හොයා ගන්නකියලා..ඒක ලොකු මිස්ටේක් එකක් ඈ..මට එහෙම චැට් ගෲප් එකකින් කොල්ලෙක් හොයා ගන්න තරම් අහේනියක් නෑ.."
වැදෙන අතකට වැදෙන්නට පොදුවේ දැමූ පණිවුඩයට ජානුත් රන්සමනළයාත් ප්‍රතිචාර දැක්වුයේ දෙවිදියකටය.
"ඔයා ඒවා ගණන් ගන්න එපා.. මිනිස්සුන්ට ඕන නැති දෙයක් නෑ. ඔයා ගැන කවුරු මොනව හිතුවත් මොකද, ඔයා දන්නවනෙ ඔයාකවුද කියනෙක. "රන් සමනළයා එහෙම කීවේය. ජාන්! ජාන් ඉතින් රතිඤ්ඤාවක්සේ පිපිරුණේය.නිලා කුරක් මෙන් ගිනි පුපුරුහැළුවේය.
"හා..ඔය කරලා තියෙන්නෙ. ඇත්තටම ඔයා ගෑනු ළමයෙක් නේද ? ආ? මිනිස්සු අරව මේව ඇහුව කියලා අරම කොමන් ගෲප්එකකට අම්මණ්ඩියෙක් වගේ රිප්ලයි කරනවද? වෙලාවකට මට ඔයාව තේරෙන්නෙ නෑ.. ඇයි ඔයා ඔහොම හැසිරෙන්නෙ? "
රන් සමනළයා කීවේ පොදුවේ හිත හදන කෙනෙකු කියනා කතාවකි. ඒත් ජාන් එහෙම නොවේ. ඔහු මට පමණක් පෞද්ගලිකවඅකුණු පහරවල් එව්වේය. කෙල්ලන්ගේ හිත් එක වගේ නැත. උන් කැමති වෙන එක එක විදියේ දේවල් තියේ. මම හිතාමතාමදෙදවසක් චැට් ගෲප් එක පැත්තේ නොගොස් සිටියෙමි.
එහි නොගියෝතින් ඔවුන්ට මා හොයා ගන්න ක්‍රමවේදයක් ඇත්තේම නැත. පණට පණ දෙන්නට කතා කළ කෙල්ලන් සිටියද මාකිසිසේත්ම දුරකතන නොම්මරයක් හුවමාරු කරගන්න තරම් ලෙංගතුකම් පවත්වා ගත්තේ නැත.
රැකියා කාලසටහනේ කම්මැලි මීටිමක මැද්දේ, උන්හිටි ගමන් චැට්රූම් එකට දඩාං ගා පතිත වීමෙන් මෙතෙක් එහි වූ සාමකාමීවාතාවරණය කුඩු පට්ටම් කරදැමීමේ සතුට මට ඉතිරි විණි.
"මෙන්න ආවා, දිව්‍ය ලොකෙ ඉඳල ආව කෙල්ල"
"ආ.. ජාන්ගෙ පණ.. කෝ මු… දැන් වැළලුනා නේද මිණි නැහැ කිය කිය"
"කොහොමත් රන් සමනළයා දැන් සීන් එකේ නෑනේ"
"රන් සමනළයා ක්වීන් ට්රිපල් එයිට් අරන් පැන්න..දැන් උන් දෙන්න මීට් වෙන්නෙ ඉරොටික් චැට් වලට විතරලු"
"ජාන් ඇත්තටම මිණි ට ආදරෙයි.."
ඔන්න ඔයාකාර පණිවුඩ ගණනාවකින් මගේ පෞද්ගලික චැට් ගොණුව පිරිණි. ජාන් සිටියේ නැත.
"ඉන්න මං ජාන්ව ගෙන්නල දෙන්න"
ඉදිරිපත් වුයේ පැරනොයිඩ් ය. උන් දෙදෙනා අතර වූයේ කුමනාකාරයේ සම්බන්ධතාවයක් වුණත් පැරනොයිඩ් වෙන වෙන අය සමගබැණ ගන්නා ආකාරයට ජාන් හා පැරනොයිඩ් කිසි තැනෙකදී ඇවිළුණේ නැත. ජාන් එන්ටර්ඩ් චැට්රුම් පණිවුඩය ආවේ ඉන්පසුවය. මඳ විරාමයක් ලැබෙන්නට හේතුව ජාන් චැට් රුම් මෙම්බර්ස් ලිස්ට් එක පරික්ෂා කිරීම යැයි මට සිතෙයි"මි "ක්නොක් …ක්නොක්… ක්නොක්..කවුද ඉන්නෙ. ගෙදර.." මවෙත එවනා ඔය වගේ කෙටි වගේම හුරතල් පණිවුඩ ඉතින් ජාන්ගේම විශේෂත්වයකි. ඔහුඑස්එම්එස් වලින් දොඩමළු වෙන හැටි දනියි.
"ගේ වහල."
"බොරු.."
"ඇත්ත"
"කවුද ලස්සන නෝනා කෙනෙක් ඉන්නවා. මට පේනව"
"මොනවද පේන්නෙ?"
"එයා මං දිහා බලා ඉන්නවා .. රපුන්සල් වගෙ දිග කොන්ඩෙකුත් බිමට දාගෙන.. මට ඒ කොන්ඩෙ දිගේ නැගල උඩට එන්නහිතෙනව"
"ඇවිත්?"
"ළඟට ආවම ඉතින් මොනවද කරන්න බැරි…?"
මගේ මුහුණ මඳහසකින් සෙලවෙන්නට ඇත. එකවරම බොස් හයියෙන් නම කීවෙන් මම ගැස්සී ගියෙමි.
"බිම්මාලී…යනව යනව.. ගිහින් තියෙන වැඩක් කරගන්නව..මෙතන ටිකිටිකි ගගා ටයිප් කර කර වද දෙනව"
දියට දාන ඉබ්බා මෙන් සන්තෝසෙන් ඉපිළෙමින් මම රැස්වීම් කාමරයෙන් එළියට ආවෙමි.
"ඔයාගෙ ලස්සන කෙල්ලව මීටින් රුම් එකෙන් එලෙව්ව…"
"අවුලක් නෑ. රස්සාවෙන් එලෙව්වත්.. මං ඔයාව බලා ගන්නව"
"අම්මෝ..තාම ඒ ලෙවල් ලියනව නේද..? "
"මට මාවත් බලාගන්නත් බැ කියලනේ හිතෙන්නෙ."
"ඔයා හිතන්නේ ජීවිතේ වගකීම් ගන්න පුළුවන් වයසට ඔයා ආව කියලද?"
"එහෙම වයසක් කියල එකක් නැහැ. එන එන විදියට හැඩ ගැහෙන්න පුළුවන් විදියට අපි හැදිලා තියෙන්නෙ. පරිණාමය වෙන්නෙත්එහෙම නෙ. අනුවර්තනය වෙන්න බැරි සත්තු ගස් කොළ වඳ වෙලා යනව"
දවසක කවදාහරි මේ ප්‍රශ්නය මේ පිරිමි ළමයින් තුන් දෙනාගෙන් අහන්නට ඕනෑ ය. එවිට කිසිවෙකු මේ කතාවම කියයි නම් ඔහුජාන් විය හැකිය. දකුණත පැත්තේ ට්‍රැෆික් එක නිසාවෙන් පීඩිත පිරිමියෙකි. මා මේ සිතින් අතීත කතාවල හිරවී ඉන්නේ මොකටද?
"ඉතින් කියන්නකො එරන්ද.. කෙල්ලට කොහොමද?"
එරන්ද මදෙස බැළුවේය. වර්ෂාව වගේම අන්ධකාරය එළියේය
"පුලුවන් නම් මං යන යන තැනට සීසීටීවි දායි එයා.."
"වාව්…"
"ඇයි ඔයාට ඒක මාර දෙයක්ද?"
"එච්චර ආදරයක් තියෙනව කියන්නේ දෙයියනේ ඒකට වාව් නොකියා කොහොමද?"
"ආදරයක් නං මන්ද අප්ප.. බයක් නං තියෙනව මාව නැතිවෙයි කියල"
"සාධාරණයි.."
ඉතින්, ලස්සන ඇස් දෙක මවෙත හැරවු ආසියාතික හැගීම්බර මිනිසා,
"ඔයා ටත් එහෙම හිතෙනවද?" ඇසුවේය.
"කොහොමද?"
"මං හොට්, මට බර්නින් ඩිසයර්ස් තියෙනව කියලා?"
මම මොහොතකට සිනාසුණෙමි. මගේ සිනහව ක්‍රමයෙන් වියැකිණි. ඒ බව මම හොඳින්ම දනිමි. මාතෘකා වෙනස් කිරීමට දක්ෂබිම්මාවෙක් මං තුළ සිටියි.ඇයට කොයි අවස්ථාව වුණත් පාලනය කරගන්නට පුළුවන.
"ඔයා බඳින දවසට ශාහිඩ් කපුර් වගෙ ඉඳී.."
"සිරාවට?"
"ම්ම්ම්.. ඇයි වෙන අය කියලා නැත්ද?"
"යාළුවො නම් කියනව කබීර් සිං වගෙ කියලා"
මම සිනහවක් සගවා වෙනතක බැලීමි. අහම්බෙන් වගෙ දකුණුපස බලද්දී "බර්නින් ඩිසයර්ස්" ගලන ඇස් දෙකක ඉලක්කයට මාහසුව සිටිනා හැටි දුටිමි. අපට ඇස් වලට හසු නොවී ඉදිමේ සම්පුර්ණ අයිතිය තියේ. දුරකතනය නාද වූයේ එවෙලේය. රිය ඇතුළේස්පීකරය සරාගි කෙල්ලකගේ හඩින් ඇහැරිණි.
"බබා.."
"අයියා ..කොහෙද?"
"තාම මරදානට යන ගමන්..හොදටම ට්‍රැෆික්.. "
"මට හෙට උදේම කැම්පස් එකේ ප්‍රසන්ටේශන් එකක්. ස්ලයිඩ්ස් ටික දැනුයි හදල ඉවර කළෙ. මහන්සියි.. මං නිදාගන්නද.ඔයාටපරෙස්සමින් එන්න පුළුවන් නේද.. "
"හා බබා..ගුඩ් නයිට්"
"ගෙදර ගිහින් මැසේජ් එකක් දාලා තියන්න හොඳ ද..මං හතරට නැගිටිනවා.."
ඇය දුරකතනයේ තියද්දී දිග උම්ම්ම්මාවකුත් දුන්නේය. ඔන්න කබීර් සිංගේ මුහුණ සිනහවකින් පිරුණේය.
"ශෝක් කෙල්ලෙක් නෙ.. ඉන්නෙ.බොරුවට බනිනව"
"හතක් බාලයි.. අනේ මන්ද"
රිය ආයෙ ඉදිරියට ඇදිණි නැවතිණි. බලන බලන දුර වාහන වල එළි පමණකි. මම වාහනයේ කවුළුවෙන් කැමරාව එළියට දමාපින්තුරයක් ගත්තෙමි. බිම්මා මේ දවස් වල රිදී හැන්දට අමතර පින්තුර එක් කරන්නීය. ලංකාව ලස්සන රටකි. ලංකාවේ ට්‍රැෆික්එකක් වුවද කලාත්මකව ඉදිරිපත් කළ හැකිය.
"ඔයාට මං හින්දයි පරක්කු වෙන්නෙ..මේ පැත්තෙන් ආවෙ නැත්නම් මෙලහට ගිහින්.."
"කමක් නෑ..ගියත් ඉතින් මං ඔහේ ෆොටෝස් බල බල සෝශල් මීඩියා වල එහෙමෙහෙ වෙවි ඉදිවි..
මම කැමරාව පසුපස අසුනෙන් තියන්නට හදද්දී එරන්ද මදෙස බැලුවේය. එවිට ඇස් ගලවා ගැන්ම හිතුවාට වඩා අසීරු විය. ඒඇස් දිගේ යන්නට හිතෙන්නේ ඇයි? අපි මෙහෙම පැටළෙන්නේ ඇයි.. ඇත්තටම ඔයා ජාන්ද එරන්ද? ඔයා ද ඒ පුංචි කොල්ලා?
"බිම්මා…."
එරන්දගේ තොල් එහෙම හැඩයකට එහෙමෙහෙ වූවේය. ඔහු මගේ උරහිසකට අත තිව්වේය. නාදුනන ගැහැනු සහ පිරිමි අතරදඕනැම දෙයක් සිදුවිය හැකි බව මම අත්දැකීමෙන් දනිමි. මට ඒ සංස්කෘති නුහුරු නැත. ඒත් ලංකාව එහෙම නැතැයි, ලංකාවේමිනිස්සු එහෙම නැතැයි හිතනා සංස්කෘතික රාමුවක් මා විසින් හදාගෙන තියේ. එරන්ද මේ බිදින්නේ අන්න ඒ රාමුවය
. අප අතර දුරක් තියේ. ආසන පටි වලින් බැන්දාම හෙළවෙන්නට පුළූවන් සීමාවකට පමණකි. එරන්ද එය , ඒ සීමාව කුඩු පට්ටම්කළේය. ආසන පටිය ගැළවුවේය.
මගේ පෙණහලු වැඩියෙන් ඔක්සිජන් ඉල්ලයි. කුඩා ගර්ත පවා වෙව්ලන්නට පටන් ගෙන තිබේ. එරන්ද මා මතින් වම් පසට ඇදුණේය. පින්තුරය ගන්නට ඇරි ජනේලයේ වීදුරුවේ ස්විචය දකුණතින් තද කළේය. අපේ ඇස් අතර දුර එන්න එන්නම අඩුවෙයි. ඔහුටපහසුවෙන් ඔය විදුරුව වසන්නට තිබිණි. මගේ පැත්තට ඒම අනවශ්‍ය කාර්නාවකි.
"බිම්මා…"
එරන්දගේ දෙතොල් සෙලවෙයි. ඒවා මගේ තොල් වල ගෑවෙන නොගෑවෙන දුරකිනි. ඔහු දකකුණතින් මගේ දකුණු උරය අල්ලුවේය. වම් අතේ ඇගිලි වලින් දෙතොලේ සීමා තීරුව පිරිමැද්දේය.
"මට ඔයාව මෙච්චර දැනෙන්න එකක් හරි හේතුවක් කියන්න පුළුවන් ද?"
හුස්ම.. මගේ මුහුණට වැදෙයි. නැහැතුඩු පවා ගෑවී නො ගෑවි තියෙයි. මම ඒ මුහුණේ අති සමීප රුපය මගේ මනසට පිටපත් කරගනිමි. වැස්ස වැඩි වෙන හඩ දරුණුය. වාහනයේ වාදනය වන ගීතය නොඇසෙයි. ඊට වඩා මට දෙහදක ගැහෙන හඩ උස්වීඇසෙයි. මොළය මා එක් පසෙකටත් හදවත අනික් පසටත්අදිමින් සිටියේය. එක් වරම මොළය මා අත් හැරියේය. අධික වේගයකින්විසිවෙමින් සිටි මා හැපී වැටුණේ එරන්දගේ බලාපොරොත්තු පිරුණු දෙතොල මතටය. ඔව්! ඒ හදිසි අනතුරකි. ඒත්, මේ ලෝකයේකවමදාවත් අත්විඳ නැති තරමට සොඳුරු හැඟීමක් ඇතිකරන හදිසි අනතුරකටය.

No comments:
Post a Comment