Tuesday, May 26, 2026

OLIVE- 23

 මෝසමක් සක්‍රීය වීම


🌿 OLIVE — Episode 23


පවන් විජේබණ්ඩාර දවස තිස්සෙ ම එක් එක් ව්‍යාපාරික සාකච්ඡා වලටම සිරවී සිටියේය. අම්මා විසින් එවන ලද කෙටි පණිවුඩය ඔහු දුටුවේ පමාවී ය. නමුත් ඊට පිළිතුරු යවන්නට හිතාමතා මැලි වුවේය. අම්මා සහ පවන් අතර වූයේ යම් දුරස්ත සම්බන්දයකි. අම්මා කවදාටත් මුල්තැන දුන්නේ ඇගේ ව්‍යාපාර වලටමය. ඇය දරුවන් දෙදෙනෙකු වැදුවේ ව්‍යාපාර වල උරුමක්කාරයන් බිහි කිරීමේ නිල අයිතිය ඇයට පැවරුණු නිසා මිස දරුවන්ට ආදරය කරන්නට හදාවඩා ගන්නට උවමනාවක් ඇතිව නොවේ. 


කෞශල්‍යා වැදුවාට මේ දරුවන් දෙදෙනාම හැදී වැඩුණේ මෙහෙකාරයන් සමගිනි. පවන් ට හැම කාලයකම කවුරු හෝ පෙම්වතියක් සිටීමට මේ හේතුව ප්‍රභල හේතුවක් විය. ඔහුට ආදරයෙන් කතා කරන්නට පවුලක් සිටියේ නැත. සුලලි අක්කා මෙන්ම සෞමි ත් ඔහුගේ ජීවිතයට ආදරය ගෙන ආ පවුල වුවත් යොවුන් වියේදීම ඔහු ආදරය පිටින් සොයා ගියේය. සුලලි අක්කාට වන්නට ඇත්තේත් එයමයි කියා පවන් මේ වන විට තේරුම් ගෙන ඇත. දැනුත් අම්මාට උවමනා සිය ව්‍යාපාරික දේපළ වලට තවත් දේපළ ගොඩ ගැසීමය. එබැවින් අක්කාගේත් තමන්ගේත් විවාහ සම්බන්ධතා ඇයට වටින බව ඔහු දැන සිටියේය. දැනුත් අම්මා මේ එවා ඇත්තේ ඇය කැමති ව්‍යාපාරික පවුල ක දියණියකගේ විස්තරයකි. ඉතින් ඔහු මේ පණිවුඩයට පිළිතුරු දෙන්නට ඉක්මන් වෙන්නේ නැත. 


සෞමි සිටියේ ඇගේ කාමරයේ ඇඳේ දිගෑදී ගෙනය. වේලාසනින් ගෙදර ආ බැවින් ඔි රාත්‍රි කෑම වේල පුරුදු මේසයේ වාඩිවී අරගත්තාය. රත්නශීලා වෙනදා මෙන් වැඩි කතාබහක් නැති සෞමි දෙස ඇස ගසාගෙන සිටියාය. ඇත්තෙන්ම සෞමි සිටියේ කල්පනාකාරීවය. ඇගේ සිතේ ඔසඳ හමුවෙන්නට යාම පිලිබඳ කලබලයක් ඇත. පවන් ට නොදන්වා මේ ගමන යන්නට සිදුවීම ඇගේ හිත අවුල් කර තිබේ.  පවන් උඩු මහලට ගොස් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන බිම් මහලට ආවේය. කැම මේසය ළග නොනැවතී සාමාන්‍ය මිනිස්සුන්ට අයිති කොටසට ඇවිද ගෙන ගියේය. සෞමි තාමත් අයිති මේ මන්දිරයේ සාමාන්‍ය මිනිසුන් ජීවත්‌ වෙන කොටසටද? ඇය ඇත්තෙන්ම මේ මහලේ වසන්නට හේතු වුයේ ග්‍රේස් උඩු මහලට යන්නට අකමැති වීම  නිසාය. ග්‍රේස් ජීවත් වෙද්දී මෙහි මහේශාක්‍ය බව රැඳී තිබුණේ බිම් මහලේමය. ඇය අසනීපවී ඇඳටම සීමාවී මිය යන කාලයේ දී ක්‍රමයෙන් අභිමානය උඩු මහලට විතැන් විය. 


පවන් ගේ පා නැවතුණේ දිගු කොරිඩෝවේ සෞමි ගේ කාමරයේ දොර අසල ය. දුරකතනය පවා පසෙක දමා තමන් කල්පනා කරමින් සිට ඇති බව යුවතියට වැටහුණේ පවන් ගේ කටහඩ ඉන් පිටතදී ඇසෙන මොහොතේය. ඇය වහා ගොස් දොර විවෘත කළාය. පවන් මොහොතක් ඇය දෙස බලා හිඳ කාමරයට ඇතුළු වුවේ දොරද අතින් වසා ගෙනය. වෙන දිනෙක පවන් ආවාම දොර විවෘත කර තිබීම සෞමි ගේ පුරුද්දකි. එහෙත් එදා සෞමි එසේ කරන්නට උත්සාහ නොකළාය.


‘ වැදගත් දේවල් කීපයක් තියනව කතා කරන්න… මං කැෆේ එකට එන්න ඉඩක් හදාගන්න ට්‍රයි කළා අද දවසේ සෑහෙන්නම..” 

සෞමි සිය බබළන දෑසින් ඔහු දෙස බැලුවේය. ඔහු සිටියේ ඇගේ ඇඳේ ඇය ගාවින් හිඳගෙනය. වම්පසින් හිඳගෙන දකුණතින් ඇගේ වම් අත අල්ලා ගෙනය. ඇය ඇඳ සිටි ලා නිල් පාට රැළි සහිත කපු ගවුමේ කර මඳක් වැඩියෙන් කැපී ඇත. ගෙලත් ගවුම් කරත් අතර ඇති ඉඩෙහි ඇගේ ලා කහ පාට සමේ දිස්නය ඇසට කෙලින්ම හසු වන්නේය. මේ සා සොඳුරු කමක් ඇගෙන් දැල්වෙද්දී නිවෙන්නට තරමටම පවන් අසංවේදී පිරිමියෙකු නොවෙන්නේය. ඔහු ඇගේ කැමැත්තක් නොවිමසාම සිය දෙතොල් ඇගේ මේ සුන්දර ගෙල මුල තැවරුවේය. 


යුවතිය ඉතින් ආධුනික ය. ඇය මේ මුලු ජීවිත කාලය පුරාවේම නොවිඳි අත්දැකිම් පවන් ඇසුරේ අත් විඳිමින් සිටියි. පවන් කියන්නේ ඇයට අවුරුදු පහේදී හඳුනා ගත් පළමු පිරිමි යහළුවා වුණත් ඔහු මේ සා ඇයට ළංවෙන්නට කවදාවත් උත්සාහ දරා නැත. තමන් හැදී වැඩී ඇත්තේ පවන්ගේම කොටසක් ලෙස බව ඇයට වැටහෙන්නටද නොසෑහෙන කාලයක් ගත වී තිබේ. 


“ පුලුවන්ද මැණිකට ටික දවසක් මං නැතුව පරිස්සමින් ඉන්න.. ?”

සෞමි සුසුමකින් තැවරුණු ආදරනීය කටහඩ මදක් ඉවසා සිටියාය. ඇයට සම්පුර්ණයෙන්ම ඔහු කියන්නේ කුමක්දැයි තේරුණේ නැත. පවන් මේ අවසර ඉල්ලන්නේ කුමනාකාර වෙන්වීමකටද කියා ද ඇය දන්නේ නැත. නමුත් කුමන විදියේ දුරස් වීමක් වුණත් තමන් ඊට සුදානම් විය යුතු බව ඇය මුල සිටම දැන සිටියාය. 


“ මං ටික දවසක් තාත්ති ගාවට යන්නෝන” පවන් කීවේ සෙමෙනි. මිගාර මේ වෙද්දී සිටින්නේ සිංගප්පුරුවේය . ඔහු එහි සිය ව්‍යාපාර වල වැඩ කටයුතු සම්බන්ධයෙන් වෙහෙසෙන අතර කෞශල්‍යා ලන්ඩන් හි ඇති ඔවුන්ගේ ව්‍යාපාර බලා ගනී. මේ දිනවල සුලලි සිටින්නේද ඇය සමගිනි. මිගාර පවන්ට එහි එන්නැයි කියා බොහෝ කල් වුණත් ඔහු ඒ ගමන පමා කරමින් සිටියේය.  දැන් ඒ ගමන යන්නටම උවමනා බව ඔහුට වැටහෙන්නේ ඩාරා ගේ සහ ඔහුගේ සම්බන්දය නතර වීමෙන් පසු අම්මා අලුතින් කසාදය සම්බන්ද මාතෘකාව කරළියට ගෙනෙන්නට සුදානම් බව ඔහුට දැනෙන්නට පටන් ගෙන ඇති නිසාය. 


මිගාර කෞශල්‍යා පිලිබඳ හොඳින් දැන නොසිටියේය. ඔහුට පවන්ට මෙන් ප්‍ර‌ේම කර කර කාලය ගෙවන්නට සුදුසු කාලයක් තිබුණේම නැත. ඉතාම අඩු වයසකි්න් ව්‍යාපාර වලට සම්බන්ධ වීමට සිදුවු ඔහුට ප්‍රේමයේ මුලකුරක් කියවන්නට පෙර සුදුසු යැයි ඔහුගේ දෙමව්පියන් සිතු විදියේ මනමාලිය ලෙස කෞශල්‍යා යෝජනා විය. ව්‍යාපාරික පවුලකට කෞශල්‍යා කියන්නේ හොඳම ආයෝජනයකි. ඇයට හොඳ ව්‍යාපාරික ඉවක් තිබුණි. බුද්ධිමත් මෙන්ම සටකපට උපක්‍රමශීලී මොළයක්ද තිබිණි. 

එබැවින් ඇය විජේබණ්ඩාර පවුලට පෑහෙනම ලේලියක බවට පත්වුණේ නිරායාසයෙනි


නමුත් මිගාර සිය ජීවිතයේ මිහිර අත් විඳ තිබුණේම නැත. ඒ් තත්වය පවන්ට ඇති වෙනවාට ඔහු බියපත් ව සිටියේය. ඒ නිසාම පවන්ගේ වරින් වර ඇතිවෙන ප්‍රේම සම්බන්ධතා කෙරෙහි ඔහු දැඩි විරෝධයක් දැක්වුයේද නැත. මේ අවස්ථාවේ පවන් තාත්තාට කතා කර තමන් සිංගප්පුරුවට එන බව කියද්දී ඊට හේතුව මීට ටික වෙලාවකට පෙර දෙදෙනාගේම දුරකතන වලට කෞශල්‍යා ගෙන් ලැබුණු පොහොසත් පවුලේ අවිවාහක සුරුපිණිය සම්බන්ධ පණිවුඩය බව මිගාර හොඳින්ම දැන සිටියේය. එබැවින් වහාම ඔහු පවන් ගේ ගමන ස්ථිර කර සිටියේය. 


“ මිගාර මාමා ත් හිත හොඳින් නෙමෙයි ඇත්තේ.. ඔයා එන් නැති නිසා”

“දැන් මිගාර මාමගේ හිත හොඳ කරන්න එයාගෙ පුතාව එහෙ යැව්වම මේ දෝණිට දුක හිතෙන්නැද්ද එතකොට”

“ මං මේ පවුලට ආදරේනෙ පවන්” 

“ මට?’

“ ඔයා මේ පවුලෙ නෙමෙයිද?”

“ මතකද අපි චුටිම කාලෙ.. අපි කොච්චර සෙල්ලම් කලාද මේ මිදුල් වල.. ඒ අතින් අපේ වයස් වල අනිත් ළමයින්ට නැති තරම් ආතල් කාලයක් අපට තිබිලා තියෙනවා ..” 


පවන් මෘදු බැල්මකින් ඇය දෙස බලා උන්නේය. 


“ අම්මා මගේ කසාදෙ ප්ලැන් කරන්න යන්නෙ” ඒ වාක්‍යයට යුවතිය හොඳටෝම තිගැස්සී ගියාය. කෞශල්‍යා කවුද කියන්නට ඇය හොඳින්ම දැන සිටියාය. ඒ පවුල එක්සත් ජනපදයේ සිට ලංකාවට ආ අලුත වයස අවුරුදු පහක් ඇති කුඩා සෞමි සිය කෝප්පයක් සෝදන්නට උත්සාහ කරමින් සිටියාය. ඒ මොහොතේ ග්‍රේස් සිටියේ පොතක් කියවමිනි. දැරිය සින්ක් එකටවත් උස නැත. ඒ දැක රත්නශීලා වහා ඇය ව ඉන් වලක්වා තම අතින් ඒ කෝප්පය සෝදන විට ඒ දෙස බලා සිටි කෞශල්‍යා වහා රත්නශීලා ව ඇමතුවාය. 


“ ඔය වයසෙ ඉඳලම උනත් කමක් නෑ පොඩ්ඩක් වැඩ ටික කරගන්න පුරුදු කරවන්න..” කියා කීවාය. මේ කතාව අසා සිටි ග්‍රේස් ගේ කම්මුල් රතුවී ඉස්සෙනු සෞමි දුටුවාය. 

“ මින් පස්සෙ එහෙනම් ඔයාගෙ ළමයි දෙන්නටත් තමන්ගේ වැඩ කරගන්න කියලා කියන්න. මෙහෙ ඉන්න කිසිම කෙනෙකුට බෑ ඒ දෙන්නගෙ වැඩ කරලා දෙන්න”

“ අනේ මම්මා.. මම මේ ගෑනු දරුවෙක් නිසා කිව්වෙ. තමන්ගෙ වැඩ කරගන්න පුරුදු වෙන එක හොඳයිනෙ”

“ ඒක ම තමයි.. ඔයාගෙ ගෑනු දරුවටත් ඒක ඒ විදියටම පුරුදු වෙන්නෝන නිසා කියන්නෙ”


කෞශල්‍යා ගිනි ගන්නා බැල්මකින් තමන් දෙස බැලු ආකාරය සෞමිට තවමත් මතකය. ඒ බැල්මේම තමන් පිලිබඳ නොසැලකිලිමත් ගතිය තිබිණි. පවන් ටත් තමන්ටත් ජීවිතය පහසු නොවෙන බව ඇය අන් කාටත් හොඳින් දැන සිටියාය. ඇගේ හිතේ බර ලොකු සුසුමකින් කාමරය පුරාවට ඉහිරී ගියේය. 


“ ඉතින් මං තාත්ති ගාවට ගිහින් පොඩි කාලයක් එහෙ ඉඳලා එන්නම්.. ඒ අතරෙ මං තාත්ති එක්ක ඔයා ගැනත් කතා කරන්න බලනවා. තාත්තා අම්මි වගේ නෙමෙයි. ඔයා ත් දන්නවා නේ ඒක..” 

“ තාත්ති ත් අම්මි එක්ක එකග වෙයි ඔයාට කසාදයක් ප්ලැන් කරන එකට”

“ නෑ තාත්ති දන්නවා.ඒක ඉක්මන් වැඩි තීරණයක් කියලා. අනික මට එහෙම දීර්ඝ කාලයක් තිස්සෙ රිලේශන්ශිප් එකක් තියාගන්න අමාරුයි කියලාත් තාත්ති හොදටම දන්නවානෙ” 

පවන් කියද්දී යුවතිය ඇතුළතින් ගැස්සී ගියාය. ඔහු කියනා විදියට මේ සම්බන්ධයටත් තියෙන්නේ ඒ විදියේ කෙටි කාලින ආයු කාලයක් ද? 


ඇය ඇස් ලොකු කර බලද්දී තමන් අතින් අතිශය වැරදි දෙයක් කියැවුණ බව පවන් ට වහා වැටහිණි. ඔහු ඇගේ උරහිස වටා අත යවා ගත්තේය. ඇය සිය ඇස් ඔහුගේ ඇස් වලින් මග හැරියාය. 


“ බය හිතුනද”

“ නැහැ”

“ එහෙනම්?”

“ එහෙම වුනොත් මං ඊලගට මොකද කරන්නෙ”

“ ඇත්තටම ‍, මොකද කරන්නෙ?”

“ තව එක මොහොතක් වත් මං මෙහෙ ඉන්නෙ නෑ”

“ එහෙම කලොත් ඔයා මං මොනවද කරන්නෙ කියලා ඔයා හිතලා තියෙනවද?”

“ මට ඒක හිතාගන්නවත් බෑ.”

“ කොයි ලෝකෙකින් හරි ඔයාව හොයා ගන්නව”

“ මේ අපි කතා කරනේවා කොයිතරම් දුරකට ප්රැක්ටිකල් ද කියලා මට වෙලාවකට හිතෙනව..””

“ මගෙ ජීවිතේ වැඩිම කාලයක් මං රිලේශන්ශිප් එකක ඉදලා තියෙන්නෙ ඔයා එක්ක කියලා ඔයාට හිතෙන්නැත්ද?" 

“ අපි ඒ කාලෙ ආදරේ කලෙ නැහැනෙ පවන්”

“ ඒක තමයි අපි අතරෙ අදටත් මේ ඉතිරි වෙලා තියෙන බැදීමට වැටුණු ෆවුන්ඩේශන් එක..”


මේ අතර රත්නශීලා මේ දෙදෙනා ගැන උන්නේ කල්පනාවෙනි.  පෙරදා කෞශල්‍යා දුන් දුරකතන ඇමතුම බරපතළ එකකි..ඒ කතාව ට අනුව නම් මේ දෙදෙනා ගැන ඇස ගසාගෙන සිටිය යුතුය. ඒත් රත්නශීලා දැන සිටි පරිදි සෞමි කියන්නෙ මේ ගෙදර දේපල වලට ඇලුම් කල කෙනෙකු නොවේ. ඒ බව ඇයට වැටහුණේ ඇය දිනක් සෞමිට කළ විහිලුවක් නිසාමය. 


“ කවදා හරි සෞමි දූගෙ බබෙකුත් නළවන්න ආසයි මට…”

“ ඒක නම් මේ ගෙදරදි සිද්ධ වෙන්නෙ නෑ රත්නනැන්දා..”

“ අර මොකද දු?”

“ මං කවදහරි බදිනවා නම් බදින්නෙ මේ ගෙදරින් එලියට මාව එක්ක ගිහින් මාව ආදරෙන් බලාගන්න කෙනෙක්ව. මට ආස පුංචි ගෙදරකට. මං ගේ අස්පස් කරලා හස්බන්ඩ් ට බබාලට කෑම උයලා දීලා එයාලව ආදරෙන් බලා ගන්න කැමති කෙනෙක්.. පුංචි කාලෙ ඉදල මන්දියකම ජීවත් වෙලා මේ පෝසත් මිනිසුන් ගෙ ජීවිත මට ඇතිවෙලා තියෙන්න⁣ෙ..”ඓහෙව් සෞමි කවදාවත් පවන් ගේ ගෙලෙහි එල්ලී ඔහු කසාද බැද ගන්න උත්සාහ කරනවා යැයි සිතීම ඇයට නොතරම්ය. නමුත් ඇය සේවා යෝජකයාට එරෙහිව යන්නියක නොවේ. 


එබැවින් ම ඇය සෞමි ගේ කාමරයේ⁣ දොරට තට්ටු කළාය. පවන් වහා සිය කතාව නතර කොට සෞමිගේ මුහුණ බලා සිටියේය. ඒ මුහුණේ කවුද යන ප්රශ්නයක් තිබිණි. කෙසේ වෙතත් සෞමි බොහොම සාමාන්‍ය ආකාරයෙන් ගොස් දොර විවර කළාය. 

එතැන සිටියේ රත්නශීලා ය. 


ඇගේ මුහුණ දෙස කෙලින් ම බැලු සෞමි සිනාසුණාය.


“ දෙන්නට කතා කරන්න දේවල් ඇති. ඒත් ඔහොම තරුණ ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි දොර වහගෙන කාමරේට වෙලා ඉන්නෙක ගැලපෙන්නෙ නෑ. මං දන්නවා ඔය දෙන්නා කව්ද කියලා .. ඒත් මෙහෙ වැඩ කරන අනික් මිනිස්සු මේවා වැරදියට තේරුම් අරන් ලොකු මැඩම් ට කිව්වොත් ඒකෙන් ප්රශ්නයක්.. වෙන්නෙ දූ ට… පවන් මහත්තයා ට නෙමෙයි..” 

රත්නශීලා කියවා ගෙන ගියේ ඇත්තෙන්ම ඇය තුල තිබු අදහස ය. 


සෞමි හැරී පවන් දෙස බැලුවාය. ඔහු වාඩිවී සිටි තැන එහෙමම සිටියි. මෙ. කතාව ඉස්පිල්ලක් ඇලපිල්ලක් අඩු නැතුව ඇසුණද හෙතෙම එය ගණනකට නොගන්නේය. පසුව ඇදෙන් නැගිට සෙරෙප්පු දෙක දෙපයට දමාගෙන ඇයත් රත්නශීලා ත් මැදින් දොරෙන් ඉවතට ආවේය. පැමිණ රත්නශීලා දෙසත් සෞමි දෙසත් බැලුවේය. 


“ අවුරුදු පහේ ඉදලා මං මේ කාමරේට ආවා ගියා.. අදටත් කිසිම දෙයක් වෙනස් වෙලා නෑ.. අනික මම එදා හිටිය පවන් ම යි.. අනික ඔයා හිතන විදියෙ දෙයක් සිද්ධ වෙනවා නම් මම මෙයාව උඩ කාමරේට එක්ක යන්නෙ පෝරුවක තියලා මගුල් බෙරත් ගහලා..”


පවන් කීවේ මොකක් දැයි කියා රත්නශීලා තේරුම් ගත්තේ මද වෙලාවක් ගතවු පසුවය. සෞමි ගැස්සී ගියාය. පවන් මේ කියන්නෙ මොකක්ද කියා තේරුම් ගන්නට රත්නශීලා ට හැකිය. සෞමි අසරණ සිනාවක් පෑවාය.


“ ඔය කියනේවා කරන්න මේ ගේ ඇතුළෙ නම් ඉඩක් හම්බෙන්නෙ නෑ. ඔය⁣ා ඔය පෝසත් පිරිමින්ගේ කතා වලට රැවටෙන්න එපා දූ..” 

සෞමි ඇය දෙස බලා සිනාසී “ එහෙම කිසිම දෙයක් නෑ “ යි කීවාය. 


“ පවන් මහත්තයා ට ඕනෙ සෞමි ට වෙන කොල්ලො ලංවෙන එක නතර කරලා එයා වෙනුවෙන් ම තියාගෙන.. ඉන්න. ඒ ඇරෙන්න ඔය කියන විදියට මගුල් බෙර ගහලා පෝරුවෙ තියලා උඩ කාමරර්ට එක්ක යන්න නෙමෙයි. මං ඔය පෝසත් මිනිස්සු ගැන හොදට දන්නවා ..”


සෞමි හිස වැනුවාය. 


“ එයා රට යනවාලු… ඒ ගියාට පස්සේ කොෆි ශොප් එකෙ වැඩ ටික කරගෙන යන විදිය කතා කරන්න ආවෙ..”

රත්නශීලා පසුබැස්සාය. සමහරවිට ඇගේ මතය වෙනස් වෙන්නට පුලුවන් කියා නිකමට මෙන් සිතිනි. මොහොතකට පසු සෞමි ගේ දුරකතනයට පණිවුඩය ක් ලැබිණි. “ රුෆ්ටොප් එක⁣ට එන්න” එපමණකි. සෞමි ටික වෙලාවකින් එතැනට යද්දී පවන් පුරුදු ලෙස බීන් බෑගය මත වාඩිවී සිටියේය. කාලයකට පසු වරින් වර කොළඹට ඇද හැලුණු වැස්ස එදා රැයේ තටු අකුලා ගෙන තිබිණි. 


සිහිල් සුළං රැළි ගලා එමින් තිබු අතර පවන්  ඇය දෙස හිසෝසවා බැලුවේය. සිය අතේ වු දුරකතනය පසෙක තැබුවේය. ඇයට තමා අසලින් හිද ගන්නැයි හිස ඇද කර කීවේය. සෞමි තමන් ඇද සිටිය ගවුම් සාය සිය දෙඅතින් පහලට අදිමින් ඔහු අසලින් හිද ගත්තේය. ඉතින් ප්‍රේමයේ පුදුමාකාර තැන් තිබේ. ඒ පුදුමාකාර ප්‍රේමයේ අබැටක් තරම් වත් සෞමි අත්විද නැත. 

“ අපි මේ ගැන මීට වඩා හිතන්නෝන නේද?”

“ මොකක් ගැනද?” 

“ අපි දෙන්නා ගැන”

“ අපි දෙන්නා ගැන මොනවද?”

“ ඔයාට හිතෙන්නෙත් අර මෝඩ රත්නශීලා හිතනවා වගේ මං ඔයාව මේ සෙල්ලමට ආශ්‍රය කරනවා කියලද?” 

පවන් ඇසුවේ ඇගේ නිකටින් අල්ලා ඇස් වලට සිය ඇස් ලං කර ගනිමිනි. සෞමි ඒ ඇස් වල බැල්මට වශීවී සිටියාය.  පවන් මේ තමන්ව අවුලුවනවා කියා ඇයට තේරුම් ගන්නට තරම් අත්දැකීම් තිබුණේද නැත. 


“ අපි දෙන්නා අපේ කොෆී ශොප්ස් චේන් එකක් පටන් ගන්නෝන.. අපට පුලුවන්.. ටුවරිස්ට්ස් ලා ඉන්න ඒරියා වල අපේ කොෆි ශොප්ස් දාන්න.. කැෆේ 66ත්.. ගාල්ලෙ.. නුවර වගේ. දැනට අපි දෙකක් විතර ප්ලැන් කරගත්තා නම් හොඳටම අැති. මේ බිස්නස් එක සම්පුර්ණයෙන්ම ඔයා අතේ තියෙන්නෙ. මං කොල්ලෝ දෙතුන් දෙනෙක්ව ඉන්ටවිව් කරන්න අපේ එච් ආර් එකේ කෙල්ලෝ දෙන්නෙක්ට කිව්වා උන් ඒ වැඩේ කරලා දෙයි. සතියක් යන්න කලින්” 

“ ඒත් පවන් අපට එයාලාට සලරි ගෙවන්න තරම් ලොකු ඉන්කම් එකක් තියෙනවද?”

“ ඒක ගැන හිතන්න එපා අපට පුලුවන් එකට සල්ලි වෙනම හොයා ගන්න”

පවන් ඇගේ උරහිස මතට සිය නළල ඔබා ගත්තේය. දෙඅත් බඳ වටා ඔතා ගත්තේය. යුවතිය සෙළවෙන සිතින් යුතුව සිටියාය. 

“ රුම් එකේ දොර වහලාද ආවෙ?” රහසින් මෙන් ඇසුවේය.ඇය හිස සෙලෙව්වා පමණි. 

“ මෙතන අපි දෙන්නා විතරයි..” පවන් කීවේය.  සෞමි හිසෝසවා අහස දෙස බැලුවාය. මේ තරු අතර ඇය දන්නා හදුනන කවුරුන් ‌හෝ ඉන්නවා ද කියා ඇය දන්නේ නැත. 

“ ග්‍රේස් මම්මා මං මේ කරන දේ හරි කියලා දකියිද වැරදි කියලා දකියිද කියලා මං හිතනවා” ඔි සෙමෙන් කීවාය. 

“ එයා ආදරේ අඳුනන ගෑනියෙක්” පවන් කීවේය.

“ නැත්නම් තමන්ව අත් ඇරලා වෙන ගෑනියෙක්ව කසාද බැඳපු මිනිහෙක් වෙනුවෙන් ජීවිත කාලයක් තනියම ඉඳිවිද?” ඔහු උෟනපුරණයක්ද කළේය.

“ මාත් ඒ කට සම්බන්ධයිද?”

“ ඔයා කොහොමද ඒකට සම්බන්ද වෙන්නෙ”

“ මාව අරන් හදාගෙනනෙ නේද? ඒ එයාට තනි හිතිච්ච හින්දා වෙන්න ඇති නේද?”

පවන් සෞමිගේ කොපුලක් මත දෙතොල තැවරුවේ සීරුවටය. ඇය අවනත කර ගත හැකි ශෛලිය මේ වෙද්දී ඔහු තේරුම් ගෙන සිටියේය. ප්‍රචණ්ඩත්වයෙන් ඇයව ළං කරගත නොහැකිය. පහසුවෙන් දෙතොල් දන් නොදෙන මලක ඇති නැවුම් ගතියට පවන් කොයිතරම් කැමතිද කියා ඔහුටම තේරුම් ගියේ ඇය ඇසුරේය. කොහොම වුණත් රාත්‍රිය නිශ්ශබ්දව මේ ආල නුරා කෝලම් බලා සිටියේය. 

“ මට හෙට හවස ෆ්ලයිට් එකක යන්න වෙනවා ඉතින්..”

“ කමක් නෑ.. ගිහින් ඉක්මණට එනවනෙ”

“ ඔව්ව්ව්..” 

යුවකිය පහතම මාලයේ ඇගේ කාමරයට ගියේ පැරඩයිස් මන්දිරයේ බොහෝ දෙනෙකු නින්ද වැලදගත් පසුවය. පවන්ට සිංගප්පුරුවට යනවා කියන්නේ මහා ලොකු දෙයක් නොවේ. ඒ බව ඇය හොදින් දැන සිටියාය.ඒ නිසා මේ ගෙවෙන්නට නියමිත සති දෙක තුන ගැන ඇයට ලොකු කම්පාවක් නැත. 

එහෙත් මේ මොන මොන කරුණු කියා සාධාරණීකරණය කරගන්න හැදුවත් රාත්‍රිය පුරා නින්ද නම් ඇය වෙතට ආවා යැයි කිව නොහැකිය. පාන්දර වන තෙක්ම නා නා ප්‍රකාර සිහින දැක ඇය විටින් විට නින්දෙන් ඇහැරිණි. කෙසේවත් ඒ නින්ද සුවබර එකක් නොවීය. 

පවන් ට නොපෙන්වා සිටියාට ඔහු ලංකාවේ නැතැයි සිතද්දී ඇගේ හිතට දැනෙමින් තිබුණේ අනාරක්ෂිත ගතිය කි. කෙසේ වෙතත් තමන් වාගේ හුදකලා ජීවියෙකු ජීවිතය ට එන අභියෝග 

වලට මුහුණ දෙන්න ට සිදු වන්නේ තනිව බව ඇයට දැන් වැටහෙමින් තිබේ. 

පිටත ලෝකයට ඇයව මුදා හරින්නට ග්රේස් විජේබණ්ඩාර උත්සාහ නොකළේ මේ හේතුව නිසාම වය යුතුය. 

************

මහජන පුස්තකාලය අවට හැන්දෑ වරු වෙනස් ය. අමුත්තක් ඇති කරයි. පැරණි ධවල බිත්ති තැඔිලිපැහැ හිරු රැස් වලින් නැහැවෙයි.කෙලවරෙහි ඇති උස් තුරු හිස් වෙනත් ජීවිත කාලයක් පුරා ගෙන ආවැයි කියනාකාරයේ ඉපැරැණි රහස් කන්දරාවක් දරාගෙන ඇතිවාක් මෙන් අගවනු ලැබේ. 


සෞමි පුස්තකාලය ට ඇතුල් වන තැනට වි බලා සිටියාය. පිටකොටුව පැත්තෙ සිට හෝමාගම යන බස් එකක් එතැන නැවැත්වු අතර ඉන් ඔසද බිමට බැස්සේය. වෙනදා අදින ඔලිව් පැහැය වෙනුවට හෙතෙම අත් වැලමිටට නැමු ඩෙනිම්කමිසයක් ඇද සිටියේය. සෞමි ඔහු දෙස හොදින් බැලුවාය. ඒ මුහුණ සන්සුන් වුවත් මහ බර ගතියකින් පිරී තිබිණි. 


“ ඇයි මට එන්න කිව්වෙ?”

ඇය ඔහුගේ සිනාවට ප්රතිචාර දැක්වු විදිය ඒකය.  ඔසද පිලිතුරු දෙන්නට ප්රතම මද වෙලාවක් ඇය දෙස බලා උන්නේය. හිතේ කොතනද තැනක මැරුණු ආදරය ක් සියුම් ඉකිහඩක් නැගුවේය. පසුව ඔහු හිනැහිණි. 

“ ඇවිදගෙන යං මා එක්ක”

කුඩා මං පෙතකින් ඔවුන් වික්ටෝරියා උද්‍යානය ට ඇතුල් වුහ. උද්‍යානයේ ඇති කුඩා මංපෙත් අයින් වල කහ පාට කොල සහ මල් වැටී තැනින් තැන ඇලී පැරණි මතකයන් වල සජීවී රූපක ලෙස දිස් වෙයි. දුරකින් සෙල්ලම් කරන කුඩා උන් ගේ සිනා හඩ ඇසේ. එහෙත් මේ දෙදෙනා අතර ලෝකයම නිශ්ශබ්ද ය. එකිනෙකා ඇගිලි තුඩක දුර වුවද මහ ප්රාකාරයක් මැදින් බැද ඇත්තාක් මෙන් ය. 

ඔවුන් විශාල ගසක් යට පැරණිවු බංකුවක් හමුවනතුරුම නිහඩව ඇවිදිමින් සිටි අතර එයහමුවු පසු දෙදෙනාම එහි හිදගත්හ. 

“සෞමි‍, මං ඔයාගෙන් අහන්නැතුවම ඔයාගෙ ඩේටා ටිකක් එකතු කළා..” ප්‍රවේශම් සහගතව ඔහු කියාගෙන ගියේය. 

“ ඒක නම් ඉතින් පුදුම වෙන්න දෙයක් නෙමෙයි.. ඔයා රස්සාවක් විදියට කරලා තියෙන්නෙත් ඒකමනෙ” ඇය කීවේ ඔහු රිදවීමේ අදහස පෙරදැරිවම නොවුනත් එයින් ඔහුට යන්තම් හෝ රිදුණා නම් එහිද යම් ප්‍රීතියක් ඇති බව දැනගෙනය. 

“ ඇනුම්පද කියන්නෙ නැතුව.. මේක කල්පනාවෙන් අහගන්න.. හොයාගෙන යද්දී ප්‍රදීප් සමරසිංහයි, දීපතී කුමාරිහාමි ඇල්ලෙපොලයි ගැන විතරක් නෙමෙයි එයාලා දැනන් ඉන්නෙ වැඩ කරන්නෙ කොහෙද කියලත් මම හොයා ගත්තා” 

සෞමි තිගැස්සිණි. ඒ ඇගේ උප්පැන්න සහතිකයේ මව්පියන් සේ නම් සදහන් යුවලය. 

“ මං හිතුවා ඔයාට මේ දේවල් හොයලා දෙන එක මං කරන්නෝන කියලා” 

ඇගේ හදවත ගැහෙන වේගය වැඩි විය. පපුව ඇතුලෙන් ශබ්දයද නැගිණි. 

“ එයාලට ඔයාට කතා කරන්නයි ඕනෙ” 

සෞමි පුදුමයෙන් මෙන් බලා සිටියාය. ඇයට විශ්වාස කරන්නට නොහැකි ය. මේ තරම් කාලයකට පස්සේ ඇත්තටම ඒ දෙන්නාට තමන්ව මතක් වෙන්නට හේතුවක් තියෙනවාද?

“ මට ඒ්ක හිතාගන්නත් බැහැ.. පුදුමයි. ඒ දෙන්නා ට මාව මතක් ුනා කියනෙක”

“ මටත් පුදුමයි. මං ඔයා ගැන කිව්ව ගමන් කිව්වේ එකම එක දෙයයි.. සෞමි හොඳින්ද ඇහුවා. එටාය අපට කතා කරන්න විදියක් හදාදෙන්න කිව්වා” 

“ එයාලා දැන් මාව හොයනවද?”

ඔසද ඇගේ ප්‍රශ්නයට නිරුත්තර වුයේය. ඇය ඇත්තටම ඔවුන් පැමිණ තමන්ව රැගෙන යනු ඇතැයි සිතනවාද?ඔහුට ඇය ගැන දුක සිතිණි. දෙමව්පියන් අහිමිව හැදුණු වැඩුණු කෙනෙකුට ඒ විදියේ කල්පනාවක් ඇතිවෙන්නට පුලුවන් බව තමන්ට කොටි වෙලාවක හෝ නොතේරුණේ මන්දැයි ඔහු කල්පනා කළේ තමන් ගැන යම් විදියකින් ඇතිවු අවුලකුත් සමගිනි. 

“ ඔයාව එක්ක යන්න හදනවා නෙමෙයි” වහා තමන් කී දෙයින් ගම්‍ය වු අදහස වෙනස් කරන්නට ඔසද පෙළඹුණේය. 

“ එයාලාට ඒ් පුංචි බබා හොදින් කරදරයක් නැතුව හැදුණද කියලා දැනගන්නෝන මං හිතන්නෙ” ඔසද මං හිතන්නේ වගේ වචනයක් යොදා ගත්තේ ඇය යම් බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් වගේ හැගීමක් ඇතිවය. අනිත් අතට ඔහු හිතාමතාම ඒ යුවළට දැන් තවත් දරුවන් සිටි බව ද නොකියා ඉන්නට ප්‍රවේශම් සහගත වුවේය.  

අන්න ඒ වචන ඇගේ සිත අතට ගෙන මිරිකා පොඩි කර දමන්නාක් බඳු විය. වේදනාවෙන් පීඩිත විය. ඒ පුංචි බබා! නිශ්ශබ්දතාවයෙනුත් දැඩි පාලුවෙනුත් කෙසේ හෝ දැඩි වුණු ශක්තිමත් යුවතිය, අද වැඩිවියට පත්ව ඉන්නා යුවතිය ගැන වගේ වගක් නැද්ද? ඔවුන් විසින් හැර යන්නට යෙදුණු කුඩා බිළිඳිය ගැනද ඔවුන් තවමත් වද වෙන්නේ?  කිසිම පිළිතුරක් නැති අතීතයකින් ඔතා අතැර ගිය බිළිඳා ගැන ඔවුන් තවදුරටත් දුක් වන්නේය. 

ඔසඳ සිය සාක්කුවෙන් අතට ගත් කඩදාසියක ලියා තිබු නොම්මරයක් සෞමි ට පෙන්වුවාය. 

“ මේ තියෙන්නෙ ඒ නම්බ එක. මට මේ දවස් වල ස්මාට් ෆෝන් පාවිච්චි කරන්න විදියක් නෑ.. ඔයාගෙ ෆෝන් එකෙන් මේ කෝල් එක ගන්න පුලුවන් නේද?”

සෞමි මොහොතක් ඔසද දෙස බලා සිටියේය. ඒ අවස්ථාවේ ඇගේ හිතේ මේ දුරකතන ඇමතුම ලබා ගන්නට ඇති චකිතය ඔසද ගේ ඇසට හසු විය. 

“ ඒ ගොල්ලො තව දෙයක් මට කිව්වා.. ඒක දැනගෙනම ඔයා ඒ කෝල් ඒ=ක ගන්න එක තමයි හොද” 

ඇගේ ඇස් එය අසන්නට සුදානම් බව හැගවුවා පමණකි. 

“ එයා ලා දැනගෙන ඉඳලා තියෙනවා ග්‍රේස් විජේබණ්ඩාර ඔයාව හදාගන්න ගන්නෙම ආදරෙන් විතරක් නෙමෙයි කියලා..” යුවතිය තිගැස්සී බැලුවාය. ඒ බැල්මේ වුවේ දරාගන්නට අපහසු තරමේ රිදුමක්ය. ඇයට දැනුණේ තමන් අතැර දමා ගියා මදිවාට ඔවුන් දෙදෙනා මෙතුවක් කාලයක් තමා හදා වඩා ගත් ග්‍රේස් ටදදොස් නගයි.

“නෑ… ඒක කීයටවත් වෙන්න බෑ”  ඇයට කියැවිණි. ඔසද මෘදුව ඇය දෙස බැලුවාය. 

“ ඒත් සමහර විට අඳුරු ඇතුළාන්ත තිබුණට මිනිස්සුන්ට ආදරේ කරන්න පුලුවන්” ඔසද කීවේ ඇය දෙස ගැඹුරු බැල්මකින්  බලාගෙනමය. සෞමි වහා අහකට හැරුණාය. ඇගේ ඇසට තෙතක් පිරෙමින් තිබිණි. ඇය සුසුමක් හෙළා දුරකතනය අතට ගෙන දෙවරක් නොසිතාම ඔසද දුන් අංකයට ඇමතුමක් ගනිමින් දුරකතනය ඔහු දෙසට දිගු කළාය. සෞමිගේ හද තිබුණේ උවමනාවට වඩා ගැහෙමිනි. මේ ඇය කිසිසේත් බලාපොරොත්තු වු දෙයක් නොවේ. ඔසද හා ප්‍රදීප් කතා කරමින් සිටියේය. ඔහුගේ ඉල්ලීම මත කැමරාවද ඔන් කෙරිණි. 

සෞමි ඒ මුහුණ බැලුවේ කැළඹීමක් ඇතිවය. ඔහු සමග දීපති කුමාරිහාමි ඇල්ලෙපොලද පසෙකින් සිටියේය. ඔවුන් දෙදෙනාද තුෂ්නිම්භුතවී සිටිනු මුලින් දකිනට ලැබිණි. පසුව ඔවුන් මෙන්ම සෞමිද සාමාන්‍ය තත්වයට පත්වීය. ඔවුන් දෙදෙනා ට ඇයට කියන්නට දිගු කතාවක් ඇතැයි දෙදෙනාම කීවේ මේ මොහොතේ ඒ දෙදෙනා සිටින්නේ කතා කරන්නට හැකි තත්වයක නොවේ කියාය. සෞමි ඒ දෙදෙනා සමග සාමාන්‍ය තොරතුරු කතා කළාය. ග්‍රේස් ගේ මරණය ගැන කීවාය. 

“ ඔයාට ඒ ගෙදර දි වෙනස්කමක් වෙනවද?” 

“ ඒහෙම වුණත් ඒක මං විද ගන්න ඔිනෙන‌ෙ”

“ එහෙම ‌ෙවන්න විදියක් නෑ..”

“ දැන් ග්‍රේස් මම්මා නැහැ. ඉතින් දැන් පැරඩයිස් කියන්නෙ වෙනම තැනක්”

ප්‍රදීප් මදක් පසු බැවේය. ඔහු බිරිද දෙස බලනු සෞමි මෙන්ම ඔසදත් බලා සිටියේය.

“ දිග කතාවක් තියෙනවා කියන්න” සෞමි ඔවුන් දෙස විපිලිසරව බැලුවාය. දෙදෙනාම සිටියේ බරපතල මුහුනෙනි. ඒ දෙදෙනා කියන්නට ලැස්ති වෙන දිගු කතාව අහන්නට තමන් දැන් සුදානම් නැතැයි සෞමිට සිතිණි. කුතුහලය කොතකේ තිබියද මේ මොහොතේ ඇය සිටින්නේ සියල්ල දරා ගත හැකිව නොවේ. 

“ අපට තව දවසක් දෙන්න අනිද්දා අපි දෙන්නම නිවාඩු.. මං ඔයාට කෝල් එකක් ගන්නම් දුව” ඒ දෙදෙනාගේ දෛනික ජිවිතයට ගෞරව කර මේ සාකච්ඡාව නිමා කරන්නට සෞමි කැමති වුයේ. ඇත්තෙන්ම ඒ දෙදෙනා තමන්ගේ ජිව විද්‍යාත්මක දෙමව්පියන් වුණත් ඒ තරම් හැගීමක් හෝ බැදීමක් ඇති නොවු එක ගැන පුදුමයට පත් වෙමිනි. 

 තුරුහිස් සෙලවෙද්දි කුඩා පිණි බින්දු වැටිණි. සීතල මතකයක් ඇවිත් හද පාරනවා මෙනි. ඔසද ආයෙ කතා කළේය. 

“ ඔිනම මනුස්සයෙක්ට අයිතිය්ක් තියෙනවා තමන්ගෙ උත්පත්තිය ගැනදැන ගන්න.. ඒක කොහොම සිද්ධ වෙච්ච දෙයක්ද තමන්ගෙ දෙමව්පියො කවුද? තමන්ට ළමයෙක් කාලෙ වෙලා තියෙන හැමදේම සාධාරණ ද? එහෙම නැත්නම් මේ ලෝකෙ මොන තරම් දුරකට ඊට වග කියන්න උවමනාද? මොකද මේ ලෝකෙ සාධාරණ වෙනව හරිම අඩුයි” සෞමි ඔහු දෙස මොහොතකට බලා සිටියාය.

“ කියන්න දැන් ඔයාට කොහොමද?” 

ඔසද ඇය ඇසු ඒ ප්‍රශ්නයෙන් අවුල් වුවේය. තමන් ගේ ජීවිතය දැන් තියෙන්නෙ පඹ ගාලක පැටළී බව ඇයට කියන්නේ කොහොමද? ඒත් නොකීවා කියා ඇති දෙයකුත් නැත. ‍

“ මගේ ජීවිතේ ගැන නම් කියලා වැඩක් නෑ.. ජීවිතේ වුණත් කොයි වෙලාවක මොන විදියට අහිමි වෙයිද කියලා හිතා ගන්න බැරි විදියට සංකීර්ණයි”

“ ඇයි එහෙම අවදානමක් ඔයාගෙ ජීවිතේට තියාගෙන මට මේ මාව හොයාගන්න උදව් කරන්නේ?”

“ ඒකට හරියටම හේතුවක් මට කියන්න බෑ. සමහර විට මං ඔයා ගැන විශේෂ විදියට හිතුව නිසා වෙන්න ඇති. හැමකෙනෙකුටම උදව් කරන්න හිතෙන මිනිහෙකුත් නෙමෙයි මම.”

සෞ7මි දෙවුර ගැස්සුවාය. ග්‍රේස් පිලිබඳව ඇසෙන මේ කතාව විශ්වාස කරන්නේ කොහොමද? ඇයට ග්‍රේස් කියන්නේ කරුණාවේ දෙව්දුවය. 

“ ඔයාට හිතෙනවද ග්‍රේස් මම්මා ගැන එයාලා කියන කතාව ඇත්තක් කියලා.. එයා මාව ගොඩාක් ආදරෙන් හැදුවේ. මං තාමත් මේ අලුත් සමාජටෙ ගැලපෙන්නෙ නැති තැන් අනන්තවත් ඇති. හැබැයි මගේ පැරණි අදහස් ඇතුලෙ මං හරි ආරක්ෂිතයි.. මට තුනන් හිතකින්වත් හිතන්න බැහැ එයා මාව හදාගත්තේ තරහකින් කියලා”

“ වේදනාව මිනිස්සුන්ගෙ බෝසත් ගතිගුණ වෙනස් කරවන අවස්ථා ඒන්න පුලුවන්” 

සෞමි සුසුමක්් හෙළුවාය. ඇයට ඔිනැ ඔවුන් සමග නිස්කලංකව කතා කරන්නටය. ඒහෙත් ඒ වෙනතෙක්මත් දරාගන්නට බැරි කුතුහලයක් ඇගේ සිතේ තිබේ. 

“ සමහරවිට පළිගැනීම එන්නෙ නිශ්ශබ්දව. කවර් වෙලා.. ඇත්තටම ආදරේට කවර් වෙලා.. ‍” ඇය ඇගේ ඇස් වසා ගත්තාව. ඇගේ මතකයන් තුලදි ඇයට තාමත් ග්‍රේස් ආදරයෙන් ඇගේ හිසකේ පීරු විදිය අහසේ අකුණු පොදි ගොඩගැසි වැසි වසින සැන්දැ වල ඇයට ආදරයෙන් කැවු පෙවු විදිය ඇය පාසල් ගොස් හෝ වෙන යම් දෙයකට ගෙදරින් එලියට ගියාම ඇය එන තෙක් බලා හිදි විදිය හමුවේ. ඒ විනාඩි වල ඇය අතීතයෙන් මෙපිටට එන්නේ පවා අකමැත්තෙන්ය. 

ආදරය සහ පළිගැනීම! ආදරේ උණුහුම සහ පහුරු ගෑම්.. ජිවිතයේ පළමු වතාවට ඇයට එක් මනුස්සයෙකු තුළ මේ සියල්ල සහිත සංකිර්ණ මනස් ස්වභාව දැක ගන්නට හැකි වෙමින් තිබේ. ඇය ඔසද දෙස පුදුමයෙන් බලා සිටියේය. ඔසද ඇයව ත්‍රිවිලරයකට නංවාගෙන කැටුව ඇවිත් පැරඩයිස් මන්දිරය පේන මානේ නතර කර ඇයව ඉන් බැස්සවුවේ ඇගේ කලබල ලොකු ඇස් දෙස ව්‍යාකුලත්වයකින් බලාය. 

“ වෙච්ච කිසි දෙයක් වැඩිය ඔලුවට ගන්න එපා. ඇත්ත කවදහරි එලියට එනවා කියලා අපි දන්නවානෙ. සමහරවිට හෙට ඔයාට ඇත්ත මොකක්ද කියලා දැන ගන්න ලැබේවි. ඒ මොනව කොහොම සිද්ධ වුණත් අපි මොනදේත් භාරගන්න පුරුදු වෙලා ඉන්නෝන.. ඔයාට ඔිනම වෙලාවක මට කතා කරන්න හරිද..” 

සෞමි පැරඩයිස් වෙත ඇවිද ගෙගන ආවාය. රැ කැමට වත් කාමරයෙන් එළියට ආවේ නැත. කාමරයේ අඩවල් කල දොරෙන් ඇය ඇදෙහි වැතිරගෙන ඉන්නවා රත්නශිලාට දකින්නට හැකි විය. ඇය මේ වෙනස අරුතකතනය කරගත්තේ මේ පවන් ලංකාවෙන් නික්ම යාම නිසා ඇතිවු මානසික කාංසාවක් කියාය. 

අතීතයේ බොහෝ දුර කොහේ ‌ෙහා් තැනක නගරයේ ශබ්ද සහ ඒළි මැදින් කඩතුරාවලින් වසා දමන ලද සත්‍යයයේ බර පිළිම වලින් නැගෙන ඝොෂාව මැදින් පවන් මෙහි නැති අඩුව අන් හැමදේම පරයා යමින් ඇයට දැනෙන්නට විය. එහෙත් මේ සියල්ලේ බර ඇගේ පොඩි උරහිස් වලට දරා ගනු නොහැකිය. 

ඒ අතර පවන් ලංකාවේ අතැර ගිය ආදරිය අමතන්නට අමතක කළේ නැත. ඔහුට ඇත්තෙන්ම පාලුය. මේ ප්‍රේමය වංචාවක් නොවන්නේය. ඇගේ දිගු ඇහිපිය මැද කලු බෝල ඒ මේ අත යන ඇස් නැතිව ඔහු පාලුවෙනි. ඇගේ උනුසුම් ගෙළ මුල හිස ඔබා ගන්නට නැතුව ඔහුට සාංකාවකි. ඇගේ මලානික ඇස් දුටුවාම දුක හිතිණි. පාලු දැනිණි. ඇගේ හිත මේ පාරන්නේ ඔහු නොමැති බවටත් වඩා මහා වංචාවක් රැවටීමක් කෙළවර දැනෙන කුතුහලයක් බව ඔහු දැන හිටියේ නැත. 

පවන් උනත් මේ මොහොතේ ලෝකයේ සිදුවෙන ඩොලර් වල මිල උච්චාවචනයන්, තෙල් බැරලයේ මිල ගැන වන වෙනස්විම් ගැන ඇමරිකාවත් අනික් විරුදු රටවලත් අතර සිදුවෙන යුද්ධ ගැන ආදි බරපතල අන්තර්ජාතික කාරණා ගැන අවදානයෙන් සිටියත් එංගලන්තයේ ගුවන් තොටුපලින් සිය මව ලංකාවට එන්නට පිටත් වි හිටි බව දැන සිටියේ නැත. 

*****

රාත්‍ර්ය ඝණ කගු වැස්මකින් නගරය වසා ගත්තේය. තදින් බදා ගත්තේය.

දවසක් දෙකක් පායා තිබු වැස්ස නැවත පටන් ගත්තේ මධ්‍යම රාත්‍රියේය. ඒ කිලුටු වු වීදි සෝදා දමමින් රිදී පැහැයෙන් කලුවර අතරින් ඒවාට දිලිසෙන්නට ඉඩ දෙමිනි. කිසිවෙකු නැති අන්ධකාර හුදකලා තනි බල්බයකින් පමණක් සැනසෙමින් තිබු කැෆේ 66ත් හි කවුලු වල වීදුරු මතින් බම්බලපිටිය දෙසට දිවෙන පාරේ වීදි එලි වල පරාවර්තිත සෙවණැලි පෙනිණි. 

බොරැල්ලේ අපාට්මන්ට් එකෙහි ඔසද දිලිහෙස ලැප්ටොප් තිරයක් ඉදිරියේ හිදගෙන සිටියේය. තවම බොන්නට හිතා නොතිබු කෝපි වීදුරුවක් අත දුරිනි. එන්ක්‍රිප්ටඩ් පණිවුඩ වල වචන තීරු,තිරය මත රැදී තිබිණි

Unknown access attempts.

Server traces.

Internal leaks.

එකම එක වාක්‍යයක් මරණ වරෙන්තුවක් මෙන් තිරය හරිමැද විවෘත වී තිබිණි

 “Cyber Crime Operation Unit has initiated a silent investigation.”

ඔසද පුටුවේ පසුපසට ඇදී හිස කෙලින් කරගත්තේය. සෙමෙන් ඇස් පියා ගත්තේය. දැන් දැන් ජීවිතයට බය දැනෙන්ට පයන් ගෙන තිබේ. මෙවැනි හැගීමක ස්වභාවයක් වත් හෙතෙම පසුගිය කාලයේ විඳ තිබුණේ නැත. ඒ තමන් වෙනුවෙන් පමණක් උපන් බියක් නොවේ. ඔහු තමන් දන්නා දේ කතා කරන්නට පටන් ගතහොත් කුමක් සිදුවේද යන බියය. තමන් දරා ඉන්නා රහස් හේතුවෙන් ඊළගට අතුරුදහන් විය හැකි කෙනා කවුද කියා ඇතිවෙන බියකි. 

ඔසද සම්බන්ද වි සිටි ඒජන්සිය දැන් ඔහු දෙස බලා සීටින්නේ වෙනත් කෝණයකිනි. ඔවුන් විසින් දෙනුලබන දුරකතන ඇමතුම් වල පෙර තිබු පිලිගැනීම දැන් නැත. සංවාද එන්න එන්නම කෙටි වේ. බොහො ප්‍රවේශම්සහගත බවක් පෙනෙන්නට තිබේ. ඒජන්සියට දැන් ඔසද ගැන තවදුරටත් වටිනාකමක් නැත. ඇත්තේ වගකීමකි. උස් මහලක ඉන්නා නිසා පිටත අහසේ කැරකෙන පෙරළෙන අකුණු ආලෝකය ගෙතුලටද වැටේ. ඒවායේ පිපිරුම් සංඛ්‍යාත කොතරම් ද කියනවා නම් ඔසදට පවා චකිතයක් දැනෙමින් තිබුණි. 

හිටිගමන් ඔහුගේ අතිරහසිගත දුරකතනය දෙදරුම් කෑවේය. පුද්ගලික අංකයකි. තත්පර කිපයක් ගතවෙන්න මත්තෙන් ඔහු එය ඇමතුවේය. “හෙලෝ” පළමුවෙන්ම ගෙවුණේ නිශ්ශබ්ද තත්පර කීපයක්. ඊළගට සන්සුන් පිරිමි කටහඩක් මතුවිය. 

“ ඔයාව පරෙස්සම් කරගන්න එක එන්න එන්නම අපහසු වෙනවා,ඔලිව්.” ඔසදගේ කම්මුල් තද විය. හකුපාඩා ගැටිණි. “ කවුද මේ”

“ ඔයා හොදටම දන්න කෙනෙක්” ඔසද දුරකතනය රැගෙන බැල්කනි විදුරුව අසලට ගියේය. පහත නගරය සමග ඇති දුරස්බව වැඩි වී නුහුරු නුපුරුදු ගතියකින් පෙනෙන්නට පටන් ගෙන තිබේ. 

“ ඔයා මොනවද මට කතා කරලා බලාපොරොත්තු වෙන්නෙ?”

“ අපි ඔයාට දිගටම ඇඩ්වයිස් කරලා තියෙන්නෙ, ඔයා‌ගෙ කෝඩ්ස් පාවිච්චි කරලා තොරතුරු හොයන්න එපා කියලා” 

ඒ් හඩ තවමත් බියමුසු සැකසහිත බවකින් යුක්තය. 

“ ඒත් ඔයා කරපු මෝඩ වැඩ නිසා දැන් සයිබ ක්‍රයිම් එක නුල අතේ තියාගෙන ඉන්නෙ.. මොන විදියකට හරි ඔයාව ඇරෙස්ට් කලොත් …” මද වෙලාවක නිහඩ බවකි.

“ ඒජන්සි එකටවත් ඔයාටවත් ගැලවීමක් නැහැ” 

දුරකතනය අල්ලා ගෙන සිටි ඔසදගේ ඇගිලි තද විය. 

“ ඒ කියන්නෙ .. ඔයා කෝල් කලේ මාව ත්රෙට්න් කරන්නද? තිත්ත ආකාරයකට දැනුණු හැගීමක් ඔහු වචන වලට පෙරලුවේය. 

“ ම්හ්.. නැහැ… “ කටහඩ ක්‍රමයෙන් අඩු ආයාමයකට ගියේය. 

“ මම කතා කලේ තාමත් ඒජන්සි එක ඇතුළේ ඔයාට පක්ෂපාත මනුස්සයෙක් දෙන්නෙක් ඉතුරු වෙලා ඉන්න නිසා”

ආයෙමත් නිශ්ශබ්දතාවයක් ..ඊළගට..

“ ටික කාලෙකට අතුරුදහන් වෙයන්, ඔලිව්.”

ඔසද මෘදුව හිනැහිණි. නමුත් ඒ සිනාවේ කිසිම තැනක සතුටක සේයාවක්වත් නොතිබිණි. 

“ ඔයා හිතන්නේ ඒජන්සි එක මට අතුරුදහන් වෙන්න ඉඩ දෙයි කියලද?”

දුරකතනයේ අනිත් ඉම හඩ ප්‍රතිචාර දැක්වුයේ නැත. ඒ නිශ්ශබ්දතාවයම පිළිතුර බවට පත්විණි බොහෝ සීතල ප්‍රත්‍යක්ෂ වීමක් ඔසදගේ ඇතුලත සන්සුන් කළේය. ඒජන්සි ය විසින් ඔහුව මකා දැමීම ට සුදානමිනි. නිල වශයෙන් නොවේ. පොදු දැනුම්දීමක් සහිතව නොවේ.නිශ්ශබ්දව. හොර රහසේය.  මිනිස්සුන් වීදුරු මත ඇති ඇගිලි සළකුණු මකා දමන්නාක් මෙන්ය. 

ඔසදදුරකථන ඇමතුමඅවසන් කරන විට සිටියේසෙලවෙන්නටදනොහැකිවය. ඔහුඑහෙමම වහින අහසදසෙ බලා උන්න්ය. නගරයෙ අන්කෙලවරකසේමි නිදි වර්ජිතව සිටියාය.නමුත් එි මේ කුණාටු කිසිවක් පිලිබඳ දැනුවත් ව නොවේ. 

ඔහු සිය වෙහෙසකාරී මුහුණේ ප්රතිබිම්භය දෙස බලා සුසුමක් හෙලුවේය. ඔහුට පෙනුණේ සත්‍යය සහ පැවැත්ම අතරෙහි උගුලක සිරවුණු මිනිසෙකි. සිය රාජකාරි සහ කඩාවැටිම අතර ඔහු සිරව සිටියේ ය. ඔහුගේ මුලු ජීවිතය ම වැසුණු දොරවල් පේලියක් දෙපස තිබු කොරිඩෝවක් මෙනි. ඒ මොනයම් දොරටුව ක් පසුපසින් මරණය බලා සිවින්නට ඇත. 

ලැප්ටොප් තිරය දැල්වී නිවිණි. තවත් එන්ක්රිප්ටඩ් නොටිෆිකේශන් එකක් පැමින තිබිණි. 

“Internal recommendation: Immediate containment required.”

ඔසද මේ වචන දෙස බලා සිටියේ වේදනාවෙනි. 

ඉතින් ඔවුන් සීමා කිරීම වගේ වචනයක් පාවාදීමට භාවිතා කර ඇත. කාමරය ඇතුළත නිශ්ශබ්දතාවය දරාගනු නොහැකි තරමට කුරිරු වී තිබිණි.

********

කාව්‍යා විසින් සුදානම් කරන ලද තැන වු කලී පැරණි රෙදි ගබඩාවකි. ඒ ගබඩාව පිළුවී ගිය තෙත ගතියෙන්ද පැරණි ලී ගෘහ භාණ්ඩ කිහිපයකින් ද සමන්විත විය. තනි කහපාට බල්බයක් වහලයෙන් එල්ලෙමින් තිබිණි. ගබඩා ගොඩනැගිල්ලෙන් පිටත ඇති කුණාටුව මධ්‍යම රාත්‍රිය වන විට තවත් වැඩි විය. 

ඔසද මේසය අසල හිදගෙන සිටියේය. දෙඅත් එකිනෙක මත නැවතීතිබිණි. කාව්‍යා ඔහුව නිශ්ශබ්දව විමර්ශනය කරමින් සිටියාය. ඔහු සිටියේ හො සටෝම වෙහෙස වී එපා වී බව බැලු බැල්මටම පෙනිණි. භෞතිකව යම්තාක් දුරකට හොඳ අතට සිටියත් මානසිකව කොන් වු ගතියක් දැකිය හැකි විය. ඔහු ට ජිවිතය තුල වු හැම දොරක්ම වැසුණු ගතියකින් ඔහු කල්පනා කරමින් සිටියේය. 

“ එයාලා මොකකද දැන් හරියටම කියන්නෙ?” ඇය අවසානයේ ඇසුවාය. 

“ ඒගොල්ලො දැනට බොහොම වැදගත් වචන පාවිච්චි කරනව..” ඉවත බලමින් “ නමුත් ඉතින් තේරුම පැහැදිලියි” කියා කීවේය. “ ඒගොල්ලොන්ට ඔයාව අයින් කරන්න ඔිනෙ කියලාද ඔයා හිතන්නේ” 

“ ඔව්”  ඉන්පස් විරාමයකට ඔවුන් දෙදෙනාම කිසිවක් කතා කරන්නට පෙළඹුණේ නැත. ඔසද වහා සිය සාක්කුවෙන් ජංගම දුරකථනය ගෙන එහි වූ එන්ක්‍රිප්ටඩ් පණිවුඩය ඇයට පෙන්වුවාය

“Immediate containment required.”

කාව්‍යා ගේ ප්‍රතිචාර ක්ෂනයෙන් අදුරට හැරිණි. ඇය ඔහු දෙස මොහොතක් බලා සිටියාය.මේ වතාවේ ඇය හැසිරුණේ තමන් ඉදිරියේ මේ සිටගෙන ඉන්නේ සාමාන්‍ය මිනිසෙකැයි සලකා නොවේ. මරණය ට කැපවු එකෙකු ලෙස බලනවා වැනිය. 

“ දෙයියනේ , ඔයාට බෑ තවදුරටත් මේ ඒජන්සිය එක්ක එකට ඉන්න..” ඇය එය ස්ථිර තානයකින් කිය⁣ා සිටියාය. ඔසද මෘදු බැල්මක් පෑවේය. 

“!ඔයා හිතන්නෙ මං ඒක දන්නෙ නැහැ කියලද?”

“ නැහැ මං කියන්නේ උන්ව ආරක්ෂා කරනෙක නවත්තන්න දැන් …” ඔහු  පුටුවේ කෙලවර යාන්තම් මෙන් හිද ගත්තේය . 

“ සයිබ ක්‍රයිම් යුනාට් එක දැන් කේස් එක බිල්ඩ් කරනව, මා අල්ල ගත් ගමන්ම ම්ඩියා වලින් ඉතුරු ටික විනාශ කරනව”

කාව්‍යා ඔහු අසලට ලං වුවාය. “ එතකොට ?”

ඔසද ඇය දෙස හිස ඔසවා බැලුවේය. 

“ එතන මාව ගිලෙනව කියන්නේ මා එක්ක ඒජන්සිය ත් ගිලෙනව කියනෙක”

“ කමක් නෑ” 

ඒ වචන තෙතබරිත පැරණි පුස්ගද ගැහුනු රෙදි ගබඩාව තුල ඇති කලේ වෙනස් තත්වයකි. ඔසද ඇය දෙස බල⁣ෙ සිටියේය. කාව්‍යා රහසක් මුමුණන ස්වරයකින් ඔහුගේ මුහුණ ටම නැමුණාය. 

“ මං කියන දේ හොදට තේරුම් ගන්න”

ඔසද ගේ ඇස් වල කලු ඉංගිරියාව වෙනස් වන ආකාරය පවා ඇයට පැහැදිලි ලෙස පෙනිණි. 

“ සයිබර් ක්‍රයිම් එකෙන් ඔයාව ඇරෙස්ට් කලොත් ඔයාගෙ ජිවිතේවත් අපට බේරගන්න පුලුවන් වෙනවා” කාමරය පුරා දැඩි නිශ්ශබ්දතොවක් පැතිර ගියේය. 

“ ඒ අය ඔයාව ප්‍රශ්න කරයි, ඉන්වෙස්ටිගේට් කරයි සමහරවිට හිර දඩුවම ක් ලැබෙයි යම් කාලෙකට..” ඇගේ ඇස් ඔහුගේ ඇස් වල වැදෙමින් තිබිණි. 

“නමුත් ඔයාව මරන්නෙ නෑ”

ඔසද සුසුමක් හෙලා අහක බැලුවේය. ඔහු තුල සිතුවිලි රළ හිත් ඇතුලාන්තයම ඇය නිවැරදි බව හොදින්ම දැන සිටියේය. කාව්‍යා වඩාත් මෘදුව කතා කරමින් සිටියාය. 

“ ඒත් ඔයා දන්නවා ඒජන්සි එකේ මිනිස්සු කොහොමද කියලා”

වේදනාකාරී විරාමය ක් ඇතිවිය.

“ එයාලා කීයටවත්ම ප්‍රශ්න ඉතුරු කරගන්න කැමති වෙන්නෙ නැ” ජනේලය පිටත සැර අකුණක් පිපිරිණි.  ඔසද පුටුවේ පසුපස ට ඇදි සුසුමක් හෙලුවේය. ඇස් වසා ගත්තේය. කාව්‍යා ඒ මුහුණ දෙස බලා උන්නේ වේදනාවෙන් ඇතුළාන්තය කැපි කැපී යද්දීය. මුලින්ම ඇයට ඔහු හමුවෙද්දී ඔහු වල්මත් වු ස්වභාවයේ පිරිමි ළමයෙකු වුවත් ඔහු භයානක  හෝ බුද්ධිමත් හෝ වුයේ නැත. නිකම් වෙහෙසකාරී ව, යා යුතු මගක් තෝරා ගන්නට බැරිව අතරමං වු ස්වභාවයෙන් යුක්ත වුවා පමණ කි. 

“ ඔයාට තාමත් කරන්න පුලුවන් දෙයක් තියෙනවා” ඇය මුමුණා කීවාය. 

“ හරි දේ තොර ගන්නෙක” 

ඔසද සිය හකු තද කරගෙන වසා ගත් ඇස් සෙමෙන් විවර කළේය. 

“ මං යටත් වෙනවා කියන්නේ මේ සේරම ඇත්ත උන් එළියට ගනිවි” 

කාව්‍යා ඇගේ හිස සෙලෙව්වේ නැහැ කියමිනි. 

“ ඔයාට ඕනෙ ඇත්ත ඔයා එළියට දේවි” 

ඒ දෙඅන්තයෙහි ඇති විවිධත්වය දෙදෙනාම තේරුම් ගත් අයුරක් දිස්විය. පිටත නගරය පුරා යළිත් මහවැසි වැටෙමින් තිබේ.ඔහු හිස පහතට නමාගෙන ඇගිලි එකිනෙක මිරිකා ගත්තේය. අවසානයේ “ ඒජන්සිය සයිබ ක්‍රයිම් එකට කලින් මාව හොයා ගත්තොත්” ඇසුවේය. කාව්‍යා මුලින්ම පිළිතුරු නොදුනීය. දෙදෙනාම ඒ තත්වයේ යතාර්ථයක් තේරුම් ගත් නිසාය.ඇය ඔහුව වැලද ගත්තාය. ඒක එක් මොහොතකි. දෙදෙනා ට දෙදෙනා ගැන ඇති ආකර්ශනය අදටද මියැදී නැත. මේ දැනුත් ගනාන්දකාරයේ වුවත් කොහේ හරි කවුරු හරි ඔහු සොයා සැරිසරන බව දැන දැනත් ඒ දෙදෙනා ඒ මොහොතේ සිටියේ එකම ආත්මයකට ඒකාත්මික වෙමිනි. 

ජීවිතය අත් ඇරෙන බව දැනෙන හැම මොහොතක ම මිනිස්සු තමන් කැමති ම අත්දැකීම් එකතු කරති. එය විනිශ්චය කිරිමට කිසිවෙකු ට අයිතියක් ඇතැයි සිතිය නොහැකිය. 



No comments:

Post a Comment

OLIVE- 23

 මෝසමක් සක්‍රීය වීම 🌿 OLIVE — Episode 23 පවන් විජේබණ්ඩාර දවස තිස්සෙ ම එක් එක් ව්‍යාපාරික සාකච්ඡා වලටම සිරවී සිටියේය. අම්මා විසින් එවන ලද කෙ...