වින්ටේජමය යුවතියගේ මායාමය අතැගිලි
සවුමි, සිය කුඩා අවකාශය පිරිසිදු කරමින් සිටිනඅතරේ ටික වෙලාවකට පෙර නික්ම ගිය අපුරු මිනිසා, පිලිබඳ මතකයට ආවේ හිතාමතා නොවේ. නැවත කෙනෙකු කෝපි බොන්න ට පැමිණි අතර ඒ පුද්ගලයා කැෆේ එකේ හාත්පස බැලුවේ කිසිවක් සෙවීමේ අරමුණින් බව පෙනිණි. පසුව ඔහු ලාතේ ප්ලේන් එකක් අවශ්‍ය බව කියා සිටි අතර හරියටම ඔලිව් පැහැ ස්වෙටරය ඇදි පෙර පැමිණි කෝපි ප්‍රේමියා හිදගත් මේසයේම කෙලවර අසුනේ හිද ගත්තේය.
“ අද ඒක ලකී ටේබල් එක මං හිතන්නේ “ ඇය තනිව සිතුවාය. ඇගෙ හුරුබුහුටි අතැගිලි කෝපි හා මුහුවන වීඩියො සකස් කරනනේ පවන් ය. ඒ වගේ දෙයකට වෙලාව සොයා ගන්නට ඔහු වෙලාව සොයා ගන්නේ කෙසේදැයි සුලලි විටෙක පුදුමයෙනි. එහෙත් පවන් ගෙ අදහස “ you need to love your work” යන්නයි. කැෆේ 66ත් ටික්ටොක් ගිණුම දැන් මුදල් උපයන මට්ටමට ළඟාවෙන්නට විශේෂ හේතුව වන්නේද මේ ආකර්ශණීය කොපි සාදන වීඩියෝ හේතුවෙනි.
මේ වීඩියෝ ද කැෆේ 66th කෝපි ප්‍රේමීන් අතර ජනප්‍රිය වෙන්නට හේතුවකි. පවන් විජේබණ්ඩාර මේ අපුරු විඩියෝ සකස් කිරීමෙන් ලබන තෘප්තිය එසේ මෙසේ එකක් නොවේ. ඔහු කොහොමටත් සවුමි ඇසුරේ රැඳෙන්නේ කැමැත්තකිනි.
බිලිදකු සන්දියේ මිගාර විජේබණ්ඩාර ගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා එක්සත් ජනපදය ට පවුල පිටින් ම සංක්‍රමණය වීමෙන් පසු ඔවුන් යළි ලංකාව ට පදිංචියට ආවේ පවන්ට වයස හයක් හතක් තරම් වයසකදීය. මහගෙදරට මුල්වරට , පැමිණෙද්දී ඔවුන් ව පිළිගත්තේ ග්‍රේස් මම්මා විසිනි. ඇය මිගාර ගෙ නැන්දණිය වුවාය. විජේබණ්ඩාර පවුලේ එකම දියණිය ද වුවාය. ඇය පසුපසින් කුඩා දැරියක එබී බැලු අන්දම පවන්ට හොදින් මතකය..
කාලයක් ම ගෙවී යනතුරු පවන් සිතා සිටියේ ග්‍රේස් මම්මා යනු සවුමි ගේ අම්මා කියාය. පසු කාලයකදී සුලලි අක්කා, පවන් ට කියා දුන්නේ ඒ සවුමි ගේ අම්මා නොවන බවත් අත්තම්මා යැයි සිතාගත යුතු බවත් ය. සවුමි තාත්තාත් අම්මාත් විසින් හදා නොගන්නා බැවින් පැරඩයිස් මන්දිරයේ වෙසෙන සියල්ලන් ගේම ආදරය කරුණාව ඇය වෙත ලැබෙන බවත්ය .
පවන් සහ සුලලි දෙදෙනාම ඔවුන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන කටයුතු හේතුවෙන් අගනුවර අන්තර්ජාතික පාසලකට ඇතුලත් කෙරුණු අතර සවුමි ඇතුලත් කෙරුණේ කුඩා රජයේ බාලිකාවටය. ආර්ථික තලවල දී අධ්‍යාපනය වෙනස් වන හැටි ඒ වහල යටදී දැකිය හැකි විය. එහි තේරුම සවුමි ට වෙනස්කම් සිදුවීම නොවේ. ග්‍රේස් විජේබණ්ඩාර ඇයව සාමාන්‍ය සමාජයට මුහු කරමින් සිටි විදිය එයය.
ඒ කුඩා සවුමි සහ පවන් අද කැෆේ 66th පවත්වා යති. පවන් විටින් විට එහි පැමිණ යයි.එහෙත් නොනවතී. එදා පැමිණි ලාතේ ප්ලේන් එකක් ඇණවුම් කල මිනිසා නික්ම ගියේ කෝපි බදුනවත් අවසන් නොකල තරම් හදිස්සියකිනි. එය සවුමිට දුකකි. ඇය මේ කෝපි බඳුනක් පිළියෙල කරන්නේ බුද්ධ පුජාවක් තරමට බැතිබරවය.
කොළඹ සරසවියේ වැඩ කරන තරුණ යුවළ , හැමදාම වාගේ සවස් කාලයේ කෝපි බොන්නට එහි පැමිණෙති. ඒ යුවතිය කැටුව යන්න පැමිණෙන කාර්යාල වෑන් රිය පැමිණෙන්නේ කැෆේ 66th ඉදිරියෙනි. ඉතින් ඇය එතෙක් ඇගේ පෙම්වතා සමග හුරතල් වෙමින් කෝපි කෝප්පය තොල ගාන්නේ මෙතැන ය.
කවදාවත් නොඑන විදියේ කෝපි ප්‍රේමින් රැසකගේ පහස ලැබු ඒ දවස නිමා වෙද්දී සවුමි ක්ලෝස්ඩ් බෝඩ් එක දොර ඇතුළතින් එල්ලුවාය. කෝපි හල තුල දවස නිමාවදේදී සාමාන්‍ය ක්රියාන්විතයන්හි නියැළුණාය. හරි හමන් කෙනෙකු සහයට ගමුයි පවන් කීප වතාවක් කියා ඇතත් තවම සවුම් ඒ ගැන සිතා නැත.
එදා ඇය වැඩකටයුතු අවසන් කර පැරඩයිස් වෙත යන්න කුලීරියක් ඇණවුම් කරන්න ට දුරකථන ය අතට ගත් සැණින් පවන් ගේ අංකයෙන් ඇමතුමක් ආවේය.
“ ඔයා කොහෙද ?”
“ තාම කැෆේ එකෙ”
“ මෙච්චර වෙලා මොකක්ද කරන්නේ ? වැහුවෙ නැද්ද ?”
“ වහල ඉන්නෙ… ටුක් එකක් දාගන්න හදන්නේ “
“ මං ලග ඉන්නෙ… ඔහොම්ම ඉන්න…”
පවන් මෙහෙම ඉදහිට ඉදිරිපත් වෙන නමුත් ඔහු ගැන බලාපොරොත්තු තැබිය නොහැකිය. මේ එන්නම් ය කියා තව මොහොතකින් “ අයියෝ, සවුමි අන්න අක්කා එන්න කියනවා, නැත්නම් ඩාරා බලාගෙන ඉන්නවා ලු කියා “ ඔහු යන්න ට යයි. ඩාරා පවන් ගේ වර්තමානයේ පෙම්වතිය වේ. තානාපති කර්තව්‍ය ක් උදෙසා ලංකාව ට පැමිණ සිටින පවුලක දියණිය ක වන ඩාරා පවන් ඉගෙන ගන්නා සරසවියේම ඉගෙන ගනියි.
“ ඩේටින් තමයි ඉතින්” ඒ ගැන ඔහු කියන්නේ එපමණකි. කෙසේ වෙතත් එදා පවන් ගේ වාහනය කැෆේ 66th ඉදිරියේ නතරවු අතර සවුමි සිටියේ දොරටු වසා දමා පාර අයිනේ ඇති කුඩා අරලිය ගස ළගට වී හිටගෙනය. පවන් ගේ හිතේ සවුමි දුටු විට ඇති වෙන්නේ කියාගන්නට අසීරු හැගීමකි. එය සිරකරගත් ඉකිබිදුමක් වාගේය. එහෙත් එහෙම වගක් වත් කිසිම කිසිවෙකු දන්නේ නැත.
සවුමි ට කවදාවත් කවුරුවත් හා ආදරණීය බැදීම ක බැදෙන්නට කාලයක් නොතිබු බව පවන් දැන සිටියේය. ඇය ලස්සන කෙල්ලකි. සරල එහෙත් පිලිවෙල ඇදුම් අදින, යාන්තම් මේකප් කරන ඒ හැමදේම ට වැඩියෙන් දියුණු මානුෂවාදී ආකල්ප ඇති සවුමි ඇත්තෙන්ම අපුරු කෙල්ලකි.
සවුමි හැදුණෙ වැඩුණේ වෙනම කවයකය. එය සංවෘත ය. ඇගේ ලෝකය වුයේම ග්‍රේස් විජේබණ්ඩාර විසින් කියාදුන් ඇය විසින් සැලසුම් කර වර්ණ ගැන්වු ලස්සන විචිත්‍ර ලෝකයකි. ඇගේ වයසේ අනික් කෙල්ලන්විවිධාකාර විලාසිතා වල අතරමං වෙද්දී සවුමි ඇදි ඇදුම් විලාසිතා ග්‍රේස් විසින් ඉතා පරිස්සමෙන් තෝරා දුන් ඒවාය. සුලලි පවා සවුමි ට නොඇලපේ යැයි ග්‍රේස් සිතන ආකාරයේ ඇදුමක් ඇයට ගෙනැවිත් දෙන්නට බිය වුවාය. ඇය පැරඩයිස් හි වින්ටේජ් කෙල්ල වුයේ එබැවිනි.
දැන් ග්‍රේස් මම්මා මෙලොව නැත. එහෙත් සවුමි වෙනස් නොවුවාය. ඇය තවමත් අදින්නේ එදා විලාසිතාමය. පවන් ට ඇය ප්‍රහේලිකාව ක් වන්නේම එබැවින් ය. එදා යුවතිය වාහනේ පසුපසින් දොර ඇරගෙන නගිද්දී පවන් ඊට විරෝධය පැවේය.
“ මෙන්න මේ ඉස්සරහින් නගිනවකො…”මොහොතක් නිශ්ශබ්ද ව සිටි යුවතිය කම්මුල් අකුළා ගෙන ඉදිරිපසින් නැංගාය. ඇගේ
ඇගේ ඉරියව් දැකි පවන් ට සිනාවක් නැගිණි.
“ ඇත්තටම සවුමි මං අහන්න හිටියේ, ඔයා කොහොමද අප්පා.. මේ කැෆේ එකට එන එක එක විදියෙ කස්ටමස් ලා මැනේජ් කරන්නේ .. අපේ පේජස් වල තියෙනනෙම ඔයාගෙ හොස්පිටැලිටි මෙච්චර හොදයි අච්චර හොදයි කියලා…”
සවුමි සිනාසුණාය. ඇය ඔවුන්ට සලකන්නේ භක්තියකිනි. ඊට ප්‍රතිචාර ලැබනේනේද ඒ තරමටම ප්‍රේමණීයව වීම වැලක්විය නොහැකිය.
“ එයාලා කියන්නේ ඔයාලගෙ වින්ටේජ් ගර්ල්ට තියනේනෙ මැජිකල් හැන්ඩ්ස් කියලා”.
පවන් කීවේ මාර්ග තදබදයේ නැවතී සිටි වාහන සුක්කානම ට ඇගිලි වලින් තට්ටු කරනා අතරමය. සවුමි සිය දෙඅත එකිනෙකා පටලවා ගෙන එදෙස ආඩම්බරයෙන් බලා සිටියාය. පවන් ඇය දෙස බලා උන්නේ හැගීම්බර වෙමිනි. ඔහුට ඇයගේ උරවටා වම්අත යවා ඇයව තමා දෙසට ඇද ගන්නට සිතේ.
“ කොහොමද ඔයා හැමදේම තනියම දරාගෙන ඔහොම ඉන්නේ කියලා මං කල්පනා කරනවා වෙලාවකට..” පවන් කිවේ හිතට ආ දේ ය.
“ මට ඉතින් ප්‍රශ්න නෑ නේ පවන්”
“ ඇයි එහෙම කියන්නේ ?”
“ කස්ටමස් ලා හැන්ඩ්ල් කරගෙන කැෆේ එක කරගෙන යන එක තමයි දැනට මට තියන ලොකුම ප්‍රශ්නෙ. මං ඒ ගැන හිතනවා. අනික් දේවල් මට මහ ලොකු ප්‍රශ්න නෙමෙයි.. ග්‍රේස් මම්ම නැති වුණු වෙලාවෙ එයාගෙ ලෝය කියපු විදියට මට මගෙ ජිවිතය තියනතාක් කල් කැමති නම් මං බැදලා පවුලක් හැදුනට පස්සේ වුනත් මට මෙහෙ ඉන්න පුලුවන් … ඉතින් මට ඉන්න තැනක් තියනවා. කැම ලැබෙනවා අදින්න ලැබෙනවා… දවසක ඔයායි සුලලි අක්කයි මාව මෙහෙන් එලියට දැම්මේ නැත්නම් මට හිත හිතා දගලන්න තරම් ප්‍රශ්නයක් නැතිවෙයි..”
පවන් ඇය දෙස බලා උන්නේය. පුදුමයෙන් බලා උන්නේය.
“ ඔයාට ඔයාගෙම කියලා හීන ඇත්තෙම නැද්ද, සවුමි?”
ඇයට ඇයගේ රතුපැහැ වොලට්ටුවේ දැන්ද ඇති කලු පැහැ කුඩා කාඩ්පතත් එහි සටහන් ව ඇති කිව්ආර් කෝඩ් එකත් හිටිහැටියේ සිහිපත් විය.

හදිසියෙන් ලියල වගේ . ඒත් ලස්සනයි
ReplyDelete