Monday, November 14, 2022

චිම්නි කෝපි 26

 


 

 

හැමදේම හොඳම විදියට සිදුවේයැයි බලාපොරොත්තුවක් මට තියේ. ඒ බලාපොරොත්තුවට නොමැරෙන්න ඉඩදී අනෙක් ඕනම දෙයක් කිරිමට මම සැරසි සිටිමි.අපි කණ්ඩායමක් ලෙස වැඩ කළෙමු. රාත්‍රියද දහවලද නොතකා වඩාත් කාර්යක්ශමව වැඩ කළෙමු.. අවසානයේ ඒ ආශ්චර්යමත් සතිය ඇරඹෙන්න ආසන්නයටම පැමිණ තිබිණි. ඒ කාලය තුල සමහර දිනවල සසදී ද එරන්ද සොයා අපේ තැන් වලට ආවාය ගියාය. ඇය දුටුවිට නොදැක්කාසේ සිටින්නට පටන් ගත්තේ මාය. පසුව, එකට කිරීමක් ලෙස ඇයද මාව නොතකා හැරියාය. මොනවා උනත් සසදි තුල ධෛර්යමත් කෙල්ලක සිටියාය.

 

සසදි පැමිණියාම එරන්ද කරන්නේ ඇය වහා අපේ කාර්යාල භුමියෙන් ඉවත් කරගන්න උත්සාහ කිරීමය. පසුව එය සිහිකර මට මේ ප්‍රේමවන්තයාගේ බය සහ පක්ෂපාතකම ගැන කියා විහිළු කරන්නට හැකිය. සසදි ද ඉතින් එරන්දගේ එල්ලෙන්නට හැකි හැමතැනකම එල්ලෙන්නේ මා එය බලා ඉන්නවාදැයි හොරෙන් බලන්නේ ඇය හැබෑ අභියෝගයක් ලෙස මාව පිළිගන්නා බැවින් විය යුතුය. 

 

අවසාන දෙසතියට පෙර අපට රාත්‍රිය තිස්සේ වැඩ තිබිණි. ෆුඩ් ෙෆස්ටිවල් එකට ඉදිරිපත් කරන්නට නියමිත ආහාර වර්ග ඊට පෙර ආහාරපසම්බන්ධ කමිටුවකටලඉදිරිපත් කර ඉන් අනුමැතිය ලබා සිටිය යුතුවිය. කමුබන් රෙස්ටොරන්ට් එකෙන්ද ඊට විශේෂිතලආහාර වර්ග ඉදිරිපත් කර තිබිණි.එදා පිටරටින් පැමිණි කණ්ඩායමත් සමග ලංකාවේ කිහිප දෙනෙක්ද නතරවෙන්නට කතා කරගෙන සිට ඇත.කෙසේ වෙතත් මම විශ්ව විද්‍යාල සිසුවියන්ට මෙහි නතරවීම අනුමත නොකළෙමි. මගේ කණ්ඩායමේ ඉන්නා මේ විදේශිය ඉන්ටර්න් කොල්ලන් ගැන මට විශ්වාසය තැබිය නොහැකිය

 

 

‘එකඑයාලගෙ නිදහස එහෙම සීමා කරන්න ඔයාට අයිතියක් නෑ.'

 

ඉන් එක්කෙනෙකු වහා ඉදිරිපත් වුයේය. මම දැඩි බැල්මකින් ඔහු දෙස බැලුවෙමි.

 

‘මේක ලංකාව ග්‍රාන්ට් .. අපි ඉන්නෙ ස්විඩන් වල වුනානම් මාත් ආයෙ මොකුත් රෙස්ට්‍රික්ට් කරන්න යන්නෙ නෑ. ඔයා මතක තියාගන්නෝන මම මේ ප්‍රෝග්‍රැම් එක ඩිසයින් කළෙ. මට ඕන නෑ මේක ඇතුළෙ කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න..'

 

අවසානයේ මගේ කණ්ඩායම කිසිම ප්‍රශ්නයකින් තොරව මගේ පැරණි තාලේ කල්පනාවට ඉඩ දුන් අතර  ලංකාවේ ස්වේච්ඡා සිසු කණ්ඩායම සිටියේ සාකච්ඡා මේසයකය. මම ඔවුන් වෙත මගේ අවසාන තීරණය ඉදිරිපත් කළෙමි

 

‘මගේ තීරණය මෙතන ඉන්න ගෑනු ළමයි වෙනද වෙලාවට තමන් ගෙ ගෙවල් හොස්ටල් බෝඩින් වලට යනවා. මෙහෙ කවුරුවත් ඉන්නෙ නෑ. එහෙම ඉන්න කාටහරිම ඕන නම්, ඒකට ඔයාලට වෙන තැනක් හොයා ගන්න පුලුවන්. හරිද ක්ලියර් ද?

 

මඳ වෙලාවක නිශ්ශබ්දතාවක් ඇතිවිය. එරන්ද මදෙස තියුණු ඇසකින් බලා උන්නේය.

 

‘මාත්  යන්නැතුව ඉන්න හිතුවෙ

 

‘සසදි එනවද

 

‘නැ නැ.. මං විතරක්

 

‘ඉතින් රැට නවතින රෙස්ට්‍රික්ශන් තියෙන්නෙ කෙල්ලන්ටනෙ. ඔයා මොකාටද මේ එන්න හදන්නෙ..

 

‘මං නවතින්නෙ ස්පෙශල් ගෙස්ට් කෙනෙක් විදියටනෙ.. ඩිරෙක්ට එක්කනෙ

 

‘ශ්ශ්… කෑගහන්නෙපා ළමයො

 

‘අරගොල්ලො මේක අතැරලා ගියා වගේ නෙමෙයි. නරක රිවිව්ස් එහෙම ගහයි හැමතැනම. ඔය පොඩි එවුන්ගේ සෝශල් මිඩියා ලිටරසි එක දැන් හරි ඉහළයි

 

‘ඉතින් අපි බය වෙන්නෝනද මුකේශ්. අපි එයාලට  දේවල් දෙන්න එයාල අපිව බ්ලැක්මේල් කරගෙනද ඉන්නෙ. එහෙම එකක් නැහැනේ.

 

‘එහෙම නෙමෙයි බිම්මා. අපි ටිකක් ෆ්ලෙක්සිබල් වෙන්නෝන මේ වගේ වෙලාවක

 

‘ඔයා හිතන්නෙ මොකක්ද

 

‘අපි එයාලට පාටි එකක් වගේ දෙයක් ඔ්ගනයිස් කරමු

 

‘කොයි වෙලාවටද

පස්සෙ බලල කරමු. දැනට ඔහෙ හිටියාවෙ ටිකක්

 

මුකේෂ් සහ මා අතර ඇති වන සංවාදය දෙස ඇහැක් තියාගත් කෙනෙකි. ඒ ඉතින් එරන්දය. පෙනෙන මානයේ වෙන පිරිමියෙකු හා කතා කරනවා නම් ඔය ඇස් වලට කාන්දු වෙන්නේ අපුරු ඉරිසියා සහගත හැගීමකි. දැන් එරන්ද සමග ළගින් ඇසුරු කර යම් සාලකිය යුතු කාලයක් ගෙවි ඇති නිසා මට එවැනි සිදුවිම් ග්‍රහණය කරගත හැකිය.

 

‘ඔ’යා මං ඉන්නවට කැමති නැත්තෙ අරුන් එක්ක හුරතල් වෙන්න තමයි

 

‘එහෙම දෙයක් නෙමෙයි ඉතින්

 

‘අර කෙල්ලන්ගෙ ප්‍රශ්නෙද

 

‘හ්ම්

 

එරන්ද කිසිවක් නොකීවේය. මට ඒ මොහොතේ මගේ තීරණය සාධාරණිකරණය කර ගන්නට සහෘදයෙක් උවමනා වුවා වගේ හැගීමක් දැනිණි.

 

 

‘එරන්ද...

 

‘ම්ම්?

 

‘මං එයාලට ඉන්න එපා කිව්ව එක වැරදිද

 

 

එරන්ද මදෙස මහා ආදරනීය බැල්මක් හෙළුවේය.  එය මා දියවී යන විදියේ එකකි. ඔහු මවෙත ඇවිදින් මගේ හිස් මුදුන මත අත තියාගත්තේය

 

අපේ ආදරය ඇත්තටම කොයිතරම් ආදරණීය එකක්දැයි මට ඇස් පියාගත්තාම හිතෙයි.

 

‘ඔයාට තව ටිකක් ඉවසන්න තිබුණානෙ..

 

‘ඒත් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි

 

‘දැන් කාලෙ කොල්ලො කෙල්ලො ගැන එහෙම හිතන්න එපා .. එයාලා දන්නවා තමන්ගෙ සීමාව මොකක්ද කියලා.

 

‘ඔයා එහෙම හිතනවද

 

‘ඔව් ළමයො

 

‘එහෙනම් අපි වෙනසක් කරමු

 

මම මුකේශ්ටත් සැලීටත් කියා අනෙක් හැමේටමත් එකම කෙටි පණිවුඩයක් යැව්වෙමි. ඒ සමගම කමුබන් රෙස්ටොරන්ට් එකට නොයෙක් නොයෙක් කෑම වර්ග වලින් ඇණවුමකුත් යැවුවෙමි.

 

‘මෙහෙ පාටි එක යද්දි අපි වෙන කොහෙ හර ිගිහින් මොනා හරි බොමුද

 

‘කොහෙද

 

‘ඔයා ආස තැනක්

 

‘මං ආස තැනක් නම් ඉතින්

 

‘මවුන්ට්නේ

 

එරන්ද සිනාසෙමින් කීවේය. තරහවී හැරගිය කන්ඩායම ආයේ ආවාම අනික් හැමදෙනෙක්ටම වඩා වැඩියෙන් සතුටු වුයෛ් මාය.

‘සොරි ගායිස් ... මංඉතින් කොහොමත් ඔ්ල්ඩ් ස්කුල් නෙ

 

කන්ඩායමට හිතේ හැටියට සතුටු වෙන්නටත් වැඩ කරන්නටත් ඉඩ හරිමින් මුලින් මාත් පසුව එරන්දත් එතැනින් නික්ම ආවෙමු. මුකේශ්ට මගේ නැන්දා කෙනෙකු බලන්නට යන බව කීවෙමි.

 

කුඩා කෙල්ලකට දැනෙන ප්‍රීතිමත් හැගීම මට මුහුද දකිද්දි දැනෙයි. එය මා වටා ඇති වගකීම් කර්කශ සහ කටුක ජීවිත අත්දැකිම් මගෙන් අයින් කරන්නකි. මම ඒ මොහොතේ මගේ ජිවිතයේ ප්‍රීතිමත්ම තත්පර ගෙවා දමමින් සිටිමි.

 

එය බෙදා ගන්නට මා සමග ඔහු සිටීම ඒ සන්තෝශය දෙගුණ කරවයි. ආදරය කියන්නේ මේ ආනන්දනීය සොයා යෑම බව මගේ සිත පවසයි. එරන්ද ටත් මටත් සංවෘත අවකාශයකි හුවමාරු කරගන්නට කොතෙක් දේ තිබිණිද ඊට වඩා එහාට ලිය ආනන්දනීය මතක මැණික් කැට මල්ලක් අපි එකතු කරගනිමින් සිටිමු.

 

‘ඔයා නම් මෙහෙන් යද්දි මේ ඔක්කෝම ආපහු දාලා යනවනේ

 

ඔහු මුමුණයි. මේ මොහොත දුක් කල්පනා වලින් බෙදා ගන්නට මට උවමනා නැත.

එහෙම නේද රත්තරන්..

 

‘නෑ. ඇත්තටම මං මේ මතක ඔක්කෝම පරිස්සම් කරගන අරන් යනවා

 

‘බර නැද්ද

 

‘ඔයා තරම් නෑ

 

එරන්ද සිනාවෙයි. ඉතින් ඒ නෙලුම්පෙති හිනා වැස්සේ තෙමෙමින් මම ඔහු ගැන කල්පනා කරන්නෙමි. ආදරය අප දෙදෙනාව බැඳ ඇති තරමක්... ගල්කිස්සේ වෙරළ දිගේ ඇවිදි සිගිති හදවතක් දරාගෙන සිටි තරුණ ගැහැනු සිරුරක් සහ දගකාර පිරිමි හිතක් මේ වෙරළතික් එහා ලෝකයක් නොසොයා හිඳීවිද. කිසිසේත්ම නැත. මේ වතාවේ මට හුදකලා නවාතැනක් ඇත්තේද නැත. එබැවින්, අප නැවත එනාතර තාවකාලික ලැගුම් හලක කුටියක පැය කිහිපයකට නවාතැන් ගන්නට සිදුවිණි.

 

‘අපට කවදාවත් අපේ වෙන්න බැරි වෙයිද

‘ඒ කොහොමද ඉතින් එහෙම වෙන්නෙ

‘බැහැමද

‘එහෙම නෙමෙයි බිම්මා

‘ඔයා තරහයි නේද මං නයිල්ස් ගාවට ආයෙ ගියාට 

 

එරන්ද සුසුමක් හෙළුවේය.

 

‘ඒකම අනික් අතට මගෙ අතින් සිද්ද වෙද්දි මං වෙන මොනව හිතන්නද

‘අපි දෙන්නා හරිම පව් 

‘මේ මොහොතෙ ජීවත් වෙමු.පුලුවන් තරම් සතුටින්ම ඉමු.

 

මම දෙනෙත් වසා ගන්‍රමි. මට එරනන්දගේත් මගෙත් අනාගතයක පෙර ලකුණු හමුවේ.එරන්දගේ අම්මා තාත්තා ඒ ගෙදර පරිසරය ඔවුන් ගෙවනා සරල සාමාන්‍ය ලාංකික ජීවිතය…මේ ඔක්කෝම සංකීර්ණතා අතහැර ආයේ ලංකාවකට ඇවිත් එරන්ද එක්ක ඒ ගෙදර ජීවත් වෙන්න මට බැරි ඇයි?

 

‘මොනවද කෙල්ල මේ තරම් කල්පනා කරන්නෙ

‘මට ඔයාලා එක්ක ටික කාලයක් හරි එකට ජීවත් වෙන්න බැරිද

‘ඒ කියන්නෙ

‘ඔයාලගෙ ගෙදර මාව බෝඩ් කරව ගන්නකො 

‘අපොයි අපේ ගෙදර ඉඩ නෑ නෙ

‘ඇයි ඔයාගෙ කාමරේ ඉඩ තියෙන්නෙ

‘බඳින්නැතුව ගෙදර ගෙනියන්නෙ කොහොමද

 

ඒ එරන්දය. අම්මා තාත්තාගෙ නම්බුව ගැන හිතන, කල්පනා කරන දරුවෙකි. මා අතික්‍රමණය කර ඇති කොතරම් දේ වෙතත් ආසියාතික දරුවන් සිය දෙමාපියන් ගැන දකින අදහන විදිය ගැන ආදරයක් ෙගෟරවයක් මගේ සිතේ තියේ. 

 

‘අපි ආස ආස තැන්වල අපට ටික කාලයක් හර්‍ර නතර වෙන්න තියෙනවානම් හොඳයි. ඒත් අපට එහෙම කරන්න බෑ. අපේ වල්මත් වෙච්ච හිත් හතර අතේ දුවන එක නවත්තල එක තැනක නැවතිල එක හිතකට ආදරේ කරල තැන්පත් වෙන්න ඕනෙකරන කාලෙක අපි දෙන්නම දැන් ඉන්නෙ

 

‘ඒ කියන්නෙ ඔයා දැන් ඉන්නෙ එහෙම මයින්ඩ් එකකද

‘එහෙම මයින්ඩ් එකක් කියන්නෙ

‘මං වල්මත් වෙලා කියලද කියන්නෙ 

‘එහෙම එකක් නෙමෙයි බිම්මා

‘එහෙම එකක් තමයි ඒ කිව්වෙ 

 

මම බුම්මා ගතිමි. ආදරයෙන් ඇල්ලු අතද ගස්සා දැමුවෙමි. 

 

‘අපේ ගෙදර ඉන්නෙ කොහොමද කියන්නකො .. 

‘එතකොට සසදි ? එයාට එහෙ එන්න යන්න පුලුවන්ද.. 

‘’සසදි කවදද එහෙ ගියෙ

‘ගිහින්ම නැතුවැති

‘නෑ තමයි

 

මම එරන්ද දෙස උවමනාවෙන් බැලුවෙමි.

 

‘ඇයි එහෙනම් මාව එක්ක ගියෙ

‘ඔයා ඒකට සුදුසු නිසා

‘එයා ඔයාගෙ කෙල්ලනෙ

‘එතකොට ඔයා

‘මං දන්නෑ.. ඒක දන්නෙ ඔයානෙ

 

‘සසදියි මායි කොච්චර කාලයක් එකට ඉදීවිද කියල හිතාගන්නවත් මට බෑ.. ඔයායි මායි කොයිතරම් දුරක හිටියත් ආයෙ මුණගැහුනෙම නැතත් අපි දෙන්නට අපි දෙන්‍න ඉන්නවා කියනෙක මම දන්නවා..

 

ඔහු සුසුමක් හෙළුවේය.එය අවිනිශ්චිත එකකි. නමුත් මට එය අලුත බලාපොරොත්තුවක් ඇති කළ එකකි.ඒ කුඩා බලාපොරොත්තුව නිශ්චිතවම මෙන්න මෙයැයි කියා කිව නොහැකි වුවත්, යළි අපෙ කණ්ඩායම් නවාතැනට ගිය විටදීත් මට වරින් වර එය සිහිවිය. රාත්‍රියේ අනික් අය සමඟ නියමිත ක්‍රියාවන් වල නිරත වෙද්දී පවා මට ඒ සොම්නස ඉතිරිව තිබිණි

 

අපේ ෆුඩ් ෆෙස්ටිවල් එක උත්සවාකාරව ආරම්භ වීමට නියමිතව ඇත. මම ශ්‍රී ලාංකිකත්වය පිලිබිඹු කිරීමේ අදහසින්  ඔසරියක් අදින්නට තීරණය කරගෙන සිටියෙමි.ඒ වෙනුවෙන් ලංකාවේ නමගිය විලාසිතා ශිල්පිනියක හමුවෙන්නට ගියෙමි.එහි ෆිටෝන් එක යෙදී තිබුණේ උත්සවය ඇරඹෙන්න දෙතුන් දිනකට පෙරාතුවය. 

 

‘ඔයාට පුලුවන්ද මාව ඩිවයින් එකට එක්ක යන්න

‘අදද

‘ඕ

‘කීයටද

‘එයා වෙලාව කියලා තියෙන්නෙ තුනට

‘ඒක හරායටම කොහෙද තියෙන්නෙ

‘බත්තරමුල්ලෙ

‘ඔයාව කෛහෙන්ද මං පික් කරන්නෝන

‘මං ග්‍රින්පාත් ඉන්නෙ

‘හරි ..

‘එරන්ද..

‘ම්ම්ම්

‘අද ඔයා එන්නෙ සසදිට කියලද

‘හ්ම්ම්ම්.. කියල එන්නං..

 

මම කිසිත් නොකීවෙමි. ඇත්තටම මගේ යටිහිතට උවමනා එරන්දත් සසදිත් අතර ගැටුමක් ඇතිවෙන එකද? කොයිතරම් පරාර්තකාමි ප්‍රේමයක් කියා හතරවරම් ගැහුවත් අන්තිමට මාත් අයිති සාමාන්‍ය ගැහැනු කුලකයටමය. සසදි එරන්ද සමග පින්තුරයක් ඇගේ ඉන්ස්ටග්‍රැම් ගිණුමේ ඇළෙව්වාම මට දුක හිතෙන්නේ එනිසාය. එරන්දව ටැග් කර ස්ටෝරි දැම්මාම එරන්ද ඒවා නැවත ශෙයං කළොත් මා කේන්තියෙන් බුම්මා ගන්නේ එනිසාය. දැන් එරන්ද එවැනි දේ මගාරියි. 

 

‘මං ඔය ලබ්බෙ සෝශල්මිඩියා අතාරිනව

‘ඇයි

‘තමුසෙලා දෙන්න මාව කන්න හදන්නෙ ඔය මංගල්ලෙ නිසානෙ

‘කවුද දෙන්නා

‘අනේ මේ බිම්මා… පුංචි ළමේක් වගේ හැසිරෙන්නැතුව පොඩ්ඩක් වැදගත් වැඩිහිටියෙක් වගෙ බිහේව් වෙන්න ප්ලීස්..

 

‘එහෙම බෑ

 

ඔය අප අතරේ ඇතිවෙන මතගැටුම් වලට උදාහරණයකි. එහෙම දවසක අවසානයේ එරන්ද මා මුණගැහෙන්නට පැමිණෙයි.ඒ මොනවා හෝ මා ආසාම කෑම වර්ගයකුත් රැගෙනය. බොහෝ විට ඒ කමුබන් ස්පෙශල් එකකි. එක්කෝ පොල්රොටි එක්ක ගම්මිරිස් දැමු කුකුලු මස් කරියකි. නැත්නම් ඉඳි ආප්පත් කිරිහොදිත් සමග බලමාලු ඇඹුල් තියලකි. නැත්නම් රෝස්පාන් සමඟ වල් ඌරු මස් කරියකුත් පොල් සම්බෝලත්ය. 

 

‘කන්න ගෙනත් දීලා ශේප් කරගන්නද හදන්නෙ

‘මේවා ආයෙ ගිහාම කන්න නෑනෙ..ඒකයි අපේ චෙෆ්ලට වද දීලා හදවන් ඉ

‘එන්නෙ

‘හ්ම්ම්ම්

‘ඇයි අරම රණ්ඩු කරන්නෙ

‘මට ඒවා දැක්කාම කේන්තියි.තරහයි.

‘ඇයි ඒ

‘මං කැමති නෑ ඔයා වෙන කෙනෙක්ගෙ කියලා හිතන්න

‘ඒත් අපි යථාර්තයට මුහුණ දෙන්නෝන නේද

‘ඔව්.ඒක යථාර්තය වෙන්න ඇති.ඒත් එයා මොනව කළත් ඔයාට එහෙම කරන්න බෑ. ස්ටෝරිස් ශෙයා කරන්න බෑ.. එයාගෙ පෝස්ට් වලට ලයික් කරන්න කමෙන්ට් කරන්න බෑ

‘බිම්මා…. අයියෝ… ඇයි අනේ

‘මොකක්ද අයියෝ තියන්නේ

‘ළමයෙක් වගේ හැසිරෙන්න එපා අනේ

‘pමොකක්ද ඒකෙ තියෙන ළමා හැසිරීම

 

එරන්ද මා ඔහුගේ ළයට තුරුලු කර ගත්තේ ආදරයෙනි. මගේ හිස් මුදුනට නිකට තද කරගන්නවාත් මට දැනිණි. අඬන්නට හිතුණත් මා නාඩා හිඳින්නේ එරන්දට එය තව්ත් මානසික වදයක් වෙනවාට ඇති අකවැත්ත නිසාමය.

 

මා රැගෙන යන්න ඔහු ග්‍රින්පංත් වෙත ආවේ අප ෆෙස්ටිවල් එක වෙනුවෙන් වැඩ කරමින් සිටියදීය. රියට නගින්නට පෙර මම විලවුන් ස්වල්පයක් දෙකන් අසිලින් තවරා ගත්තේ උදෑසන සිටම ඇවිදිමින් අව්වට අහුවෙමින් දහදිය දමා දුහුවිලි වැදී සිටි බැවිනි.

 

‘දැන් ඔය පර්ෆියුම් තකහනියෙ දාන් ආවෙ හදිසියෙ වත් මං ඔයාව ඉම්බොත් කියලද

‘ඇයි එහෙම හිතෙන්න බැරිද

‘මොකද අනේ බැරි

‘’එහෙනම් අහන්නෙ

‘නෑ.. මට දාඩිය දාලා ද මුණ හෝදලද නැත්ද ඒවා වැදගත් නැ. ඕන විදියකට මට හිතුණු වෙලාවට මං ‘ඔයාව ඉඹිනව

‘ඒක බලාත්කාරකමක් වගෙනෙ

‘ඔව් ඒ වගෙ දේවලදි මං හරි මුරණ්ඩුයි තමයි

 

බත්තරමුල්ලේ විලාසිතාගාරයට ගොස් ඔවුන සකසා තිබුණු ඔසරිය මට අන්දවද්දී එරන්ද සිටියේ එහි ලොබියේ සෝෆාවකට බරවී ඔහු මැගසින් කියවමින් සිටියේය. ඒ ඔසරිය නවීන ම විලාසිතාවකි. මා හිතුවාටත් වඩා ලස්සනට එය මා වටා දැවටී තිබිණිි. 

 

මා එය ඇඳගෙන එරන්දට පෙන්වන්නට ගියෙමි. ඔහු මුලින් මා දැක පුදුමයට පත්විණි. දෙවනුව මිහිරි ලෙස හිනැහිණි. ඒ සිනහවට ලෝබ හිතෙයි.

 

‘දෙවෙනි මනමාලියක් වගේ

කියැවිණි.

 

‘ඉතින් මනමාලි වෙන දවසට දෙන්නම අපෙන් ඩ්‍රෙස් කරගමුකො

 

එරන්ද මදෙසත් ඩිවයින්හි ඩිසයිනර් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. ඒ ඇස්වල දීප්තිය ගිලිහිණි. ඔහු මගේ මුහුණ මගහැරියේය. 

 

‘බලමුකො..

 

ඩිවයින් විලාසිතාගාරයේ සිට එළිය ට බසින තෙක් මා බලා සිටියේ අර බුම්මන ප්‍රතික්‍රියාව දක්වන්නට හේතුව විමසන්නටය. වෙන කෙල්ලන් දැක්කාම දෙතොල දෙකන් ගාවට ඇද උන් දැලේ දමා ගන්න හෙලන සිනහව එතැන හෙලන්න නොහැකි වූයේ මන්දැයි විමසීමට මට උවමනාය. 

 

‘ඇයි අරහෙම කලෙ

‘අරහෙම කියන්නෙ

‘’අර ඩිවයින් ලේඩි වෙඩින් එක ගැන කියද්දි බුම්ම ගත්තෙ

‘මට ඕන හින්ද

 

ඇත්තමයි, මා සමග මේ ඉන්නේ අවුරුදු තිස් ගණනක් වෙන කොල්ලෙක්ද නැත්නම් ටොපි චොක්ලට් නොදුන්නාම බුම්මා අහගන්නා පෙරපාසල් දරුවෙක්ද? වාහනය ඉදිර්‍රයට ඇදීයයි. දුරකතනය නාද වෙයි. මදෙස බැල්මක් හෙලු ඔහු , එය ඇමතුවේය. කටහඩෙන් ඇදිනිය හැකිය. සසදී ය. මේ ගොල්ලන්ගේ බබා නංගීය.

 

‘කියන්න නංගි

‘කොහෙද ඉන්නෙ

‘ග්‍රින්පාත් යන ගමන්

‘අර බැල්ලිත් එක්කද? 

 

එරනධ තිගැස්සුන තරම කොතෙක්ද කියනවානම් රිය ද අකීකරු ව පාලනයද ගිලිහෙන්නට ගියේය. මම වහා ඔහු අතින් ඇල්වීමි.

 

‘මොකකධ ඔය කතා කරන විදිය සසදි..

 

‘රෑට රෑට ඕඩර්ස් ඩිලිවරි කරනව කිය කිය ඒකිගේ අපාට්මන්ට් එකට ගිහින් බුදිය ගත්ඒවා මං දන්නවනෙ. ඒකි පාරෙ ඉන්න බැල්ලියෙක් වගෙ.හැම එකාටම කකුල් උස්සනව. ඉතින් බැල්ලි නොකිය වෙන මොකක්ද කියන්නෙ.. ඔය ඔක්කෝම උදව් මේ ගමන විතරයි.. ඔයා ඒක මතක තියාගෙන ඉන්න හරිද..ආයෙ ඔයාට ඒකි එක්ක අතන මෙතන රවුම් ගහන්න නං බෑ. මේ පාර ඔයා ට තීරණයක් ගන්නම වෙනව .. ඕකිද මමද ඔයාගෙ ජීවිතේ ඉන්න ඕන කියල..

 

‘ඇයි සද්ද නැත්තෙ? ඇත්ත කියනකොට රිදෙනවද සෑහෙන්න.. මං ඕකිට රිටර්න් එක දෙන්නෙ ඒකිගෙ අර වර්ල්ඩ් ෆේමස් බ්ලොග් එකෙන්මයි.. ඔහොම යන්න දෙන්නකො එයාට.. මං ඉතිරි ටික බලා ගන්නං..

 

මෙ සසඳි මොනවා කියනවාද? මේ තරමට වෛරයක් මා ගැන. එරන්ද කිසිවක් නොකියා ඇමතුම විසන්ධි කළේය.

 

‘සතෙක් වගෙ නේ එයා? මිනිස්සු අතින් වැරදි වෙන්න පුලුවන්.. එක්කො සමාව දීලා අමතක කරන්නෝන. නැත්නම්, සමාව නොදි හරි අතාරින්නෝන. මේක එහෙම නෙමෙයි.අතාරින්නේත් නෑ. අමතක කරන්නෙත් 

නෑ.

 

ඔහු සෙමෙන් කීවේය.

 

 

‘මං ඇත්තටම කියන්නංද ඩිවයින් එකේදි බුම්මගත්ත හේතුව

 

‘හ්ම්ම්

 

‘මට ඔයා වෙන කෙනෙක් බදිනව කියලා දැනෙද්දි දරාගන්න බැරි දුකක් එනව

 

‘මං නොබැඳ ඉන්නද

 

මා ඇසුවේ ඇත්තටමය. එරන්ද මදෙස විස්තර කළ බැල්ම නම් මට දරාගනු නොහැකිය. ඒ තදකළු ඝන රැවුල වෙනදාට වැඩියෙන් වැවී තියේ. හිසකේත් හුග දවසකින් කපා පිළිවෙල කළ බවක් නොපෙනෙයි. මට එ් මුහුණ දකිද්දී දැනෙන ලෝබකම කියා අහවර කළ හැක්කක් නොවේ. 

 

‘එරන්ද…

‘ම්ම්ම්ම්…

‘මගෙ වෙන්නකො… 

 

ඔහු මොහොතක් කිසිවක් නොකීවේය. 

 

‘වැඩියෙන්ම ආස ඒකට.. ඒත්, කොහොමද මැණික..

‘මං නයිල්ස්ට තේරුම් කරල දෙන්නං

‘ඌ තේරුම් ගත්ත කියමුකො… එ්ත් මේ ගිනිකන්ද.. ඒක කවදාවත් නිස්සද්ද වෙලා මාව අත් ඇරල යන්නෙ නෑ

‘එයාට මට මොකුත් කරන්න බෑ

‘ඔව් බැරිවෙයි.. ඒත්

‘ඇයි ඒත් කියන්නෙ.. මොකකටද කියන්නකො ඔයා බය

‘මං බයයි ඔයාට කරදරයක් වෙනවට.. ඔයා බිල්ඩප් කරන් ආපු දේවල් වලට හානියක් වෙනවට..ඔයා සෝශල් මිඩියා ඇක්ටිවිස්ට් කෙනෙක්.. ඔයාට හානියක් කරන්නත් පුලුවන් ඒක හරහාම තමය

 

මට විටෙක සසදි හා කතා කරන්නම හිතෙයි.බලෙන් ආදරය රඳවා ගෙන තේරුමක් නැති බව කියන්නම හිතෙයි. එරන්ද අප ගැන තීරණයක් නොගන්නෙ මා නිසාම බව මට දැන් වැටහෙයි. කාලය මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නේම නැත්ද? අසීමාන්තික කාල අන්තර අතර අපට අපෙ වෙන්නට ඉඩ අවකාශ ඇත්තේම නැත්ද? 

 

එරන්ද කවදාවත් නොකරතැයි මා හිතු දෙයක් කළේය.ඒ ඔහුගේ ගෙමිදුලට මා කැටුව යාමය. අම්මාත් තාත්තාත් නිවසේ නොසිටි බව පෙනිණි.

 

‘අම්මල. කෝ.. 

‘ගම්පහ ගියා නැන්දගෙ ගෙදර

‘එන්නැද්ද දැන්ම

‘නෑ.එහෙ ඉදී

 

එරන්දගේ දෑතම මා වටා වෙළිණි. එ උණුසුමේ විස්මයානුකුල සංඛ්‍යාතයකි.ඒ සංඛ්‍යාතය මගේ සිරුරේ ලේ මස් නහර ඇට මිදුලු කාවද්දාගෙන මා සිදුරු කරයි..අපි සාලයේ ඇති පැරණි සෝපාව මතින් හිඳ ගතිමු. මා ඔහුගේ උකුල මතය. එරන්දගේ ඇගිලි වලින් මගෙ මුහුණ පිරිමැදෙයි. ළමැද අත්ලට හිරවෙයි. ඔහුගේ සිරුරෙහි සංවේදීම තැන් මගේ උණුසුමින් වෙනස් වෙන තැන් වල දැඩිවීම මට තදින් දැනෙයි. 

 

කාමරේට යංද ? නැත.ඔහු නෑසුවේය. වචන සන්නිවේදනයෙහිලා ඇත්තෙන්ම දුප්පත්ය. හැසිරීම් එහෙම නොවේ. අපි එක ඇගිල්ලක තට්ටු කිරිමෙන් නිදන කාමරය දෙසට යන්නට එකගතාවයක් ගොඩ නගා ගත්තෙමු. එරන්දගේ කුඩා එහෙත් පිලිවෙල නිදන කාමරය ඇතුලේ සුදු සහ කලු කොට් සහිත ඇඳ රෙදිය.ඒවායේ සුවඳින් දැනුණෙ තද හිරු රශ්මියක වියලුන නැවුම් බවය. 

 

ඔහු උනා දැමු ටී ශර්ටය මගේ දෑස මත වැටුණේ අහම්බයෙනි. මට එ විලවුනු සුවඳට පවා ලෝබ හිතෙන්නේය. ඒ ලා කහ පාට පපුවෙහි තද ඉලිප්පුනු පියොවුරු තුඩු වල දෙතොල් තියන ඇසිල්ලට ඔහු ඉහිල්වී සැහැල්ලු වෙන අරුමය පවා මට දැනිණි. එරන්ද වන් ආදරණීය පිරිමියෙකු විශයෙහි ගැහැනියකට සරාගීත්වයේ ප්‍රතිමුර්තියක් වන්නට නොහැකි නම් ඇගේ ස්ත්‍රීත්වය කුමකටදැයි මට සිතේ. ඒ පපුතුර , දෙඅත් යට සංවේදී ඉසියුම් තැන් සෙමෙන් සෙමෙන් මටම අවනත විය. ඔහු වඩාත් අමන්දානන්දයට පත් වුයේ මගේ දෙතොල් වාගේම දෙඅතත් ඔහු මා වෙනුවෙන් විවෘත කල අලුත් අවකාශයන් සොයා යද්දීය. මෙතෙක් මට ස්පර්ශයන් සේ පමණක් දැනුණ මා සන්තර්පණය කළාවු තෘප්තියෙහි උත්පාදන ඉසව් හා මම හිතේ හැටියට ඔට්ටු වුයෙමි. ඔහු මෘදුව මා උරහිස් පිරිමැද්දේය.හිස් මුදුනට අත්ල තියා තද කළේය. දෙකන් පෙති අල්ලා පොඩි කළේය. සතුටෙහි උපරිමය හගවනා සිහින් කෙදිරිලි හඩ නැගුවේය. අවසානයේ ඒ හුරුබුහුටි බාහු වලට සිරවුනෙමි. මෙතෙක් මා දුන් හැම මිහිරි වදයකටම ප්‍රතික්‍රියාවන් දක්වන්නට හෙතෙම සැරසුණේය. සියුම් කිති කැවීම් සියයකින් ඇරඹී මගේ සිතිවිලි තොටිල්ලක තියු ඒ දෙතොලේ පහස අවසානයේ නතර වුනේ මා තොල් පෙති මත්තේය. ඒ අලුත්ම අලුත් පැරණි පරිච්ඡේදයකටය. ඉතින් අපි විශ්වයේ ඇති මිහිරිතම සහ ප්‍රේමණියම වීදියේ සැරිසරමින් එකිෙනකා වෙළා ගත්තෙමු. ඒ වෙළී යාම් අතරේ කුඩා කුඩා දත් පහර වලින් ළමැද සීරීම්ද නියතුඩු වැදී තැනින් තැන ෙවන සීරීම්ද දරාගත්තෙමු. අවසානයේ සමාන කාල අන්තර වලින් යුක්ත වේගවත් හති ලෑම් සහිත තරුණ සිරුරක් උණුහුම් ගැහැනු සිරුරකින් මිදී සයනය පසෙක වැතිරිණි. මා මත ඉහිරී ඇති මිනිස් සිරුරක ඉපදෙන මිනිස් සිරුරක් උපද්දන  ප්‍රෝටීන් සංඝටක සමුහය , දැක මගේ  මුලුගැන්වී ඇති ගැහැනු සිත ඇහැරිණි.

 

‘මට බබෙක් හදාගන්න හිතෙනව ඔයාගෙන්..මං ආසයි ඔයාගෙ පොඩි කාලෙ අතට ගන්න.. 

රෝස ඇගිලි චුට් අත්පය … 

 

‘වැඩිය හිතන්නෙපා මැණික

 

‘එෙහම කියන්න එපා එරන්ද.. 

 

‘ජීවිතේ දැකපු අතගාපු ගෑනු අස්සෙ හිතේ නැවතිලා සනීප කරන්න පුලුවන් ගෑනියෙක් හිටියනම් ඒ ඔයා

 

‘ඉතින් මාව …

 

‘සනීප කරනව කියල මේකට කියන්නෙ

 

මම ඔහු මා මත ෙශ්ෂ කර ඇති දේ පෙන්වා මම ඇසුවෙමි. 

 

‘හ්ම්ම්ම්.. සනීප වෙනව. ඉහිල් වෙනව.

‘ඒකට ඇබ්බැහි වුෙනාත්

 

‘අරන් ගිහින් හංගල තියාගන්නව

 

‘මං ආසයි මං හිතන්නෙ හැංගිල ජීවත් වෙන්න

 

‘ඔයා හැංගිල ජීවත් වෙන්න ඕන ගෑනියෙක් නෙමෙයි

 

‘මම ඒ මුහුණ බැලුවෙමි.

 

‘ඔයා මේ ලෝකෙට ගොඩක් දේවල් කරන්න පුලුවන් කෙනෙක්..ඒ කැපෑසිටි එක ඔයාට තියෙනව. ඒක හිර කරල මට විතරක් හැමදේම අරන් ජීවත් වෙන්න මට හිතෙන්නෙ නැ බිම්මා. මං ආසයි ඔයා නිදහසසේ පියාඹලා යනව දකින්න. ඔයා ජීවිතේ දේවල් ගොඩනගා ගන්නවා දකින්න..

 

‘එතකොට ඔයාට මාව එපාද?

 

‘ලැබෙනවානම් වැඩියෙන්ම කැමති කෙනා ඔයා.. 

 

‘එහෙමනම් ඇයි එරන්ද, මාව නැති කරගන්න හදන්නෙ..

 

‘නැති වෙන්නෙ නෑ ඔයාව මට.. ඒක විශ්වාසයි.

 

‘එරන්ද එය කියද්දී ඒ තරුණ තරු ඇස් දිලිසිණි. 

 

‘කොන්ඩෙයි රැවුලයි කපල ලස්සනට එන්න හරිද..

 

‘කපන්නෝනද

 

‘ඕනද අහන්නෙ අනේ

 

‘මං ඉතින් එතන ලොකු රෝල් එකක් කරන්නැහැනෙ

 

‘ඒ වුනාට කමක් නෑ .. මට බලන්න ලස්සනට එන්න

 

 

 

අපේ ඉන්ටනැශනල් ෆුඩ් ෆෙස්ටිවල් එක අරඹන්නට නියමිත ව තිබුණේ සවස් වරුවේය. ඉහළම තානාන්තර දරන ලංකාවේ රජයේ නිලධාරින් සමග එකට එක්වී එය ආලෝකමත් කරන්නට පෝල් හේඩ්න් ලංකාවට ආවේ පෙරදා රාත්‍රියේය. මුකේශ් පෝල් සම්බන්ධ රාජකාරි වලට යෙදවිණි. උදේ වරුවේ එරන්දත් අචලත් එකසේම සංවිධාන කටයුතු වලට වෙහෙසිණි. මම දෙපැයකට පෙර සලොන් එක වෙත ගියෙමි. 

 

කාලයකින් නොඇඳි ලාංකික ඇඳුමට කොණ්ඩ විලාසිතාවට ඇත්තටම මටම මා ගැන ආදරේ හිතුණාය කීවොත් ඔබ සිනාසෙනු ඇත. කම්මැලි පාටවල් අදින සීත පෙනුමැති මිනිසුන් වෙසෙන රටකදී, වර්ණ වලින් පිරුණු මිනිස්සුන්ගේ ඇදුම් සහ සිනා පිරුණු මිනිස්සුන් කොහොම අමතක කරන්නද?

 

මා ග්‍රීන්පාත් වෙත කැටුව යනු පිණිස ආවෙ අචලය. ඔහු යුරෝපීය ඇඳුමට අතිශය කඩවසම්ව සිටියේය. 

 

‘සසදි එනව කිව්වද

 

‘’මගෙන්යැ අහන්නෝන

 

‘එ’හෙම නෙමෙයි.. එරන්දට හර්ට් වෙනව මං එයා ගැන කතා කරනකොට

 

‘සසදි එනේකක් නැ.. ඒක හොදයි.. අවොත් මලවදයක්

 

‘ඔයාටත් මේකෙන් නං මගුලක් සෙට් වෙයි

 

‘කෑම පෙරේතයෙක් තමයි ඉතින්

 

‘මොකෝ වෙන්නෙ.. රෙස්ටුරන්ට් එකක්ම තියෙනවනෙ

 

ජීවිතයේ දීර්ඝකාලීන සතුට රැඳී තියෙන්නට නම් තමන්ගේ ආදරය තමන් සන්තක විය යුතුයැයි මම තවදුරටත් විශ්වාස කරමි. එහෙත්, වෘත්තීය ජයග්‍රහණය ක් වන මේ අන්තර්ජාතික උළෙල මගේ ජීවිතය වෙනමම ඉමක් කරා ගෙනයන බව මම දනිමි. 

 

මගේ කණ්ඩායම මා දෙස බලා සිටියේ විස්මය දරාගත් ඇසිනි. මා කවරදාකවත් මෙහෙම සංස්කෘතිකමය ඇඳුම් හැඳ ඔවුන් හමුවේ පෙනීසිට නැත. 

 

"’බිම්මා ඔයා… අද කියන්න බැරි තරම් ලස්සනයි…"

 

පෝල් හේඩ්න්ද කීවේය. නයිල්ස් වචනයක් වත් නොකියා වට්සැප් එකේ අනික් පැත්තේ සිටින්නේ මුනිවත රකිමිනි.මට ඔහුගේ මුහුණෙන් අනියත බියක් පෙනිණි.  

 

‘බේබි මම හවසට කතා කරන්නම්.. ඔයා ඔයතරම් වෙනස්ව ලස්සන ට ඉද්දී මට එකපාරටම කියන්න දේවල් හිතාගන්න බැහැ. 

 

මම සිනාසෙමි. ඉතින් සුදුපැහැ අයිස් කුඩු අප අතර හැලෙන්නට පටන් ගැන්ම වරදක්ද? වරදක් නම් ඒ කාගේ වරදක්ද? ඒ නයිල්ස්ය. මේ බිම්මාය. අයිස් කුඩු වුනත් මොකද? තද රෝස තද දම් ලා කොළ ලා නිල් වැනි වර්ණ වලින් ඒවා පාට කරන්නට නයිල්ස්ට බැරිද? මේ ඉතින් මේවා කල්පනා කරන්නට වෙලාවක්ද? උඩරට වෙස් නර්තන ශිල්පීන් පෙරහැරට සුදානමිනි. අගමැතිවරයා උළෙලට පැමිණෙන බව තහවුරු කළේ දින බාගයකට පෙරය. එවැනි ක්ෂනික වෙනස්කමක් සඳහා අප සුදානම් විය යුතු බව කීවේ නර්මදාගේ අමාත්‍යාංශය නියෝජනය කරන ලේකම්වරයාය. 

 

‘ආසියාතික රටවල් වලට වැදිච්ච හෙණේ ඕක තමයි. මේ පඳුරු බල්ලො හිතාගෙන ඉන්නෙ. උන් නියෝජනය කරන්නෙ තමන්ගේ මව්රටේ මහජනතාව කියල නෙමෙයි. උන් වෙන ග්‍රහලෝකයකින් ඡන්දෙ අරන් මේ රටවල් පාලනය කරන්න ඇවිත් තියෙන්නෙ

 

මුකේෂ් කීවේ සිය මව්රටේ දේශපාලනයද සිහිකරමිනි. අගමැති පැමිණිමට නියමිත බැවින් ඔහු ගේ ආරක්ෂාව සඳහා විශේෂිත ආරක්ෂක ව්‍යාපෘතිය ක් පෙර දින සිටම දියත් වී තිබිණි.  එය අපේ කටයුතු වලට කිසිසේත් හානියක් නොවිණි. මම හාත්පස ගෙළ දිගුකර බැලුවෙමි. හැමදේම නියමිත විදියට නිශ්චිත තැන් වල තිබේ. එහෙත්, මා සොයන්නේ චංචල වස්තුවකි. එය පෙනෙන තැනක නැත. අවසානයටම, අගමැති ගේ පැමිණිම නිවේදනය වෙන්නට ඔන්න මෙන්න මොහොතක අවස්නයේ ඔහු මතුවිය. 

 

මම ඇස් අදහා ගන්නට බැරිව බලා සිටියෙමි. එරන්ද, මගේ ඔසරියට ම ගැළපෙන වර්ණයෙන් රෙදිවර්ගයෙන් මෝස්තරයෙන් ජාතික ඇඳුමක් ඇඳගෙනය. එදා ඩිවයින් එකෙන් , බොරු තරහවක් පෙන්වා පිටවී ආවාට මේ සියල්ල කලින්ම සැලසුම් කරගෙන සිට ඇත. මම උත්කෘෂ්ට සතුටකින් පිරී ගොස් සිටියෙමි. ඔහු ඇසින් ඉඟිකර කිසිවක් කීවේය. අගමැතිවරයා පැමිණෙමින් සිටියි. මල් කළඹ දීමට නියමිත මාය. ස්වීඩන් ආහාර ව්‍යාපෘති ඒජන්සියක ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය වශයෙන් මා හැසිරීමට සුදානම් විය යුතුය. 

 

අගමැති වරයා සිය තලතුනා බුද්ධිය මෙහෙයවා අප වසඟ කරගතහැකි මට්ටමේ කතා කිහිපයක් කිව්වෙය. පෝල් අගමැතිවරයා ගේ සංග්‍රහශීලීත්වය ගැන විස්මයට පත්ව සිටියේය.ඔවුන් අතර සංචාරක ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම සඳහා නොයෙක් යෝජනා කතාවෙනු අසන්නට ලැබිණි. 

 

" බිම්මාලි, ඔයා බලන්නකො .. ලංකාවෙ හොඳ ටුවරිස්ම් ඒරියාස් වල මේ වගෙ ෆෙස්ටිවල්ස් ඇරේන්ජ් කරන්න… ඉන්ටර්නැෂනලිම නෙමෙයි.. ඒත් මිස්ට හේඩ්න් ගෙ සපෝට් එක තියෙනවනෙ.." අගමැතිවරයා මා සමග කීවේය. මම ඔහුට මා සතුව ඇති යෝජනා කීවෙමි. 

 

‘ඔයාට මොකක් හරි රෙජිස්ටර්ඩු රෙස්ටුරන්ට් එකක් තියනවද එහෙම කරන්න

 

‘ඔව් සර්.  මං මෙහෙ පාට්නශිප් එකක් කරනවා..  

 

අචලත් එරන්දත් මා අසල සිටියේය. මම ඔවුන් දෙදෙනාද අගමැතිවරයා ඇතුළු ප්‍රභු පිරිසට හඳුන්වා දුන්නෙමි. එ් ආරම්භක උත්සවය අවසානයේ පැවති සැන්දෑ තේ පැන් සංග්‍රහයේදීය. අගමැතිවරයා අචල සහ එරන්ද සමග හිතුවාටත් වඩා හොඳ සම්බන්ධතාව ක් ගොඩ නගා ගනු දැක මම සතුටට පත් වුයෙමි. එය මා ලංකාවේ සිටියත් නැතත් කමුබන් ව්‍යාපාරයට හොඳ මං ලකුණු පහල වීමකි. 

 

ලංකාවෙ ඉගෙන ගෙන පිටරට අමතක කරල තමන් ගැන විතරක් හිතන මිනිස්සුන්ට ඔයා ඇත්තටම හොඳ ආදර්ශයක් බිම්මාලි. ඔයා ඔයාගේ ශක්ති පරිමාණයෙන් ඔයාගෙ මව්රට වෙනුවෙන් සෑහෙන්න දෙයක් කරන්න මහන්සි වෙන ගෑනු ළමයෙක්

 

අගමැතිවරයා සමුගෙන යන්නට පෙර මට කීවේය. මා සහ අගමැතිවරයා අතරවන සුහද කතාබහ ඡායාරුප ගත වෙනු පෙනිණි. සියළුම ලාංකික  මාධ්‍ය සහ තෝරාගත් විදේශ මාධ්‍ය කිහිපයක් ද අපේ උත්සවය ආවරණය කළේය. අගමැතිවරයා ද අනෙකුත් දේශපාලන ප්‍රභු වරුන්ද නික්ම ගිය පසු මම කමුබන් රෙස්ටොරන්ට් එකට වෙන්කර ඇති අවකාශයේ කෙළවරක හිඳ ගතිමි. යම්කිසි සතුටක් හිතේ එල්ලී තියේ. ඒ බ්ලීඩින්් හාට් මල් අහුරක් මෙනි රතුවටය. පහළටය. එවජ සෙමෙන් සෙළවෙන්නේය. 

 

රාත්‍රිය වනවිට සැලකියයුතු ජනකායක් ග්‍රීන්පාත් වෙත ඇදී එනු පෙනිණි. එරන්ද පැමිණ මා අසළ හිඳගත්තේය. 

 

‘මේ…

 

‘ම්ම්…

 

‘අර පාරිභෝගික කටයුතු ඩිපියුටි මිනිස්ටා නම් මහ වලත්තයා ඈ… මං දැක්ක කීප සැරයක් ඌ පපුව 

දිහා බලනව

 

මට මඳහසක් නැඟිණි.මමද මගේ ළමැද දෙස හිස නවා බැලුවෙමි. ඔසරි විලාසිතා වේ හැටියට හැට්ට කර හොඳටෝම කැපී තියේ.පිරිපුන් ලැමෙහි සීමා රේඛා ඉලිප්පී පෙනෙයි. එරන්ද ගේ ඇස් රැඳී ඇත්තේත් එමතය. 

‘මට චේන්ජ් කරගන්නෝන.. 

 

‘ගිහින් එමු.මටත්… 

 

එතැන් සිට මරදානේ කමුබන් බෙදාහැරීමේ අංශයට එතරම් දුරක් නොවේ. මම අත් රහිත සැහැල්ලු ගිම්හාන ඇදුමකට සමාන ඇදුමක් තෝරාගත්තේ ස්විඩන් සමාගමෙහි ඒජන්තවරිය වශයෙන් පෙනී හිඳින්නට උවමනා නිසාය. 

 

‘පරක්කු නොවී යං බිම්මා.. ඔයා අද එතන ඉන්නම ඕනෙ. මිඩියා ඉන්නවා නෙ

 

එහෙම කියාගෙන කාමරයට එබුණු එරන්ද මදෙස බැලුවේ ආද බැල්මකි. 

 

‘ලස්සන මෙයාගෙ… ඉතින්… 

 

‘යං

 

‘ඔහොම ඉන්න කොට යන්න දෙන්න හිතෙන්නැ

 

මම සිනාසී එය මගාරිමි. වාහනයට නැග බලා හිදිමි. එරන්ද ත් පෙර ඇද සිටි ඇදුමවෙනුවට ඩෙනිම් කලිසමකුත් ටී ශර්ටයකුත් ඇද සිටියි. 

 

‘හොරා වගෙ ලස්සන … නැශනල් එකක් දාන් ආවානෙ

 

‘ඉතින් ඔයා මගෙන් ඇහුවෙ නෑ නෙ.. මං මොනව අදින්නෙ කියලා.. 

 

‘ඇත්තටම මට ඒක අහනෙක මිස් වුනා.. සොරි හොදේ

 

‘පිස්සුද අනේ සොරි කියන්න.. 

 

ආදරණීය බැල්මකින් ඒ දෑස දිලිසෙනකොට මට ඒ අතින් අල්ල ගන්නට සිතිණී. එරන්දත් බිම්මාත් දැන් එහෙම අෑතින් හිදින්නට හැකි යුවලක් නොවේ. 

 

‘මේ ටික ඉවර වුණාම ඔයා යන්න කලින් අපි දෙන්නා මාතලේ යමු.. මට එක රැයක් ඔයා එක්ක එහෙ ‘ඉන්නෝන

 

‘ඒතරම් දුර 

 

‘ඒ හැටි දුරක් නෑ 

 

‘හා

 

මට එරන්දව නොතේරෙනවා නොවේ.ඒ.ගමන ගැන වැඩිදුරක් නොහිතා හා කීවේ එබැවිනි. රැ බෝ වී තියේ. රිය රථගාලේ නවතා අපි එකිනෙකා දෙස මොහොතක් බලා හිදියෙමු. වාහනයේ එන්ජින් එක නවතා පහන් නිවා දැමිණි. ඉතිරිවු සීතල තවම ඉතිරිව තිබේ. ඊලග තත්පරයේ අඩ අන්දකාරයේද දිලිසෙන එරන්දගේ ඇස් වල ඇමිණෙන අනුරාගයට මම බියවෙමි. 

 

එකෙනෙහිම නාද වුයේ ඔහුගේ දුරකතනයයි. එරන්ද එය සොයන අතරේ මම රියෙන් බසින්නට සුදා

නම් වුයෙමි. 

 

‘හා හරි මං එනව අපේ එකේ ඉන්න

 

එපමණක් ඇසිනි. ඔහු යළි දුරකතනය පසෙක තියා මදෙස බැලුවේය. මගේ ඉණ වටා අත දමා මා ඔසවා මෙන් ඔහු දෙසට ඇදගත්තේය.

 

‘පණ වුනත් දෙන්න හිතෙන ගෑනියෙක් ඔයා..මං මෙහෙම ඩබල් ගේම් එකක් කවදාවත් ප්ලේ කරල නෑ. දැන් වුනත් මට ඒක හරියට කරගන්න බෑ. මේ ආදරේ මෙ විදියට මාව අන්ඩස්ටැන්ඩ් කරනෙක ආයෙ මට ලැබෙනෙකකුත් නෑ.ඒත්, අද දැක්කනේද ඔයා කොච්චර දිලිසෙන ගෑනියෙක්ද කියලා. යකෝ, රටේ අගමැති පවා කොර වෙලා හිටියෙ.. පොඩි කෙල්ලෙක් කොහොමද මේ ගේම ගහන්නෙ කියල. දන්නවද ඒ වෙලාවට මට දැනෙන දේ.. ආඩම්බරයක් ඒක.. මේ කෙල්ලගෙ මෙතන… මේ හාට් එකෙ ඉන්නෙ මං කියලා මං දන්නවා .. 

 

‘අරයා බලන් ඇති

 

‘බලන් හිටියාවෙ

 

ඇත්ත! මුළු ලෝකයක්ම මග බැලුවාට කම් නැත. අනුන් වෙනුවෙන් වියදම් කරන්න ට තරම් කාලයක් අප දෙදෙනාට නැත. එරන්ද ඒ අඩ අදුරේ මා තදින් වැලද ගෙන සිප ගනිමින් සිටියේය. ගවොමේ උරහිස් පටිය පහල දමා එයින් නිරාවරණය වන උනුසුම් අවකාශය ට හිස පොවා ගත්තේය. දුරකතනය නොනවත්වා නාද වෙද්දී පවා අප සිටියේ අපට අයිති සුවඳ ඉහිරුන දෙව් ලොවක ආකාස මහලකය. 

 

එරන්ද බැරිම තැන දුරකතනය අතට ගත්තේ මගේ ගෙළ මත මුහුණ හොවා ගෙනමය. 

 

‘වද දෙන්නැතුවඉන්නවකො.මං කිව්වනෙ එන්නං කියලා

 

‘මං දන්නවා තමුසෙ ඉන්නෙ කොහෙද කියල.. අරකිත් මේ කොහෙවත් නෑ.. මොකක් හරි ගුබ්බැයමක රිංගලා ඇති දෙන්නා එක්ක..උඹලා දෙන්න නම් මහ තිරිසන්නු දෙන්නෙක්.. නිදා ගන්න තියෙනවනම් තැනක් නොතැනක්.. ඕන පදුරක් අස්සට රිංගගන්නවා හැමිනෙන්න

 

‘සසදී, මං උඹට ආයෙ කියන් නෑ.. හරිද.. එක්කො උඹ කතා කරන විදිය වෙනස් කරගනින්.. නැත්නම් මං උඹව අතාරිනව.. මං මේ අන්තිම පාරට කියන්නේ 

 

ඔහු හුස්ම වත් නොගෙන නිශ්ශබ්ද වී සිටියේය. මම ඒ දෙඋරහිස් සෙමෙන් පිරිමැද්දෙමි. 

 

‘ඔන්න ඔහොමයි මගෙ ජීවිතේ වස්තු

 

‘දැන් ඒ ගැන හිතන්නෙපා.. 

 

‘ඔයා ඉන්නව නේද බිම්මා මට..

 

මම මොහොතකට නිශ්ශබ්ද වීමි. ඇත්තටම  මා එරන්දට ඉන්නවා ද? මා මේ ඔහුට කියනා දේ වල මට පවතින්නට පුලුවන් ද? 

 

‘ඔව්. මං ඉන්නවා ඔයාට. ජීවිතේ මොනව උනත්.. කොහෙ කොහොම ජීවත් වෙන්න සිද්ධ වුනත්.. මේ ලෝකෙ මොන විදියට වෙනස් වුනත්.. මං ඇත්තටම ඉන්නවා ඔයාට එරන්ද. සමහර විට, සමහරවිට.. ජීවිතේ අතාරින්න හේතු හැදුනත් ජීවිතේ අල්ලන් ඉන්න මට ඉතිරි වෙන එකම හේතුව වෙන්නත් පුලුවන් ඔයා. මං ඔයාට මාව කවදා හරි ඕන වෙයි කියන විශ්වාසෙ තියාගෙන ඔයා හින්දම සතුටින් ජීවත් වෙන්න පටන් ගන්නවා.

 

එරන්ද මගේ නළල තදින් සිපගත්තේය. මම එරන්දට උත්සව කුටි ඇති ඉසව්වට යන්නට හැරියෙමි. පසුව මඳ අස්වැසිල්ලක් ගෙන , වාහනයද අගුලු ලා මගේ කණ්ඩායම සිටින ඉසව්වට ගියෙමි. මුකේශ් ශෙයිලා සහ ග්‍රාන්ට් කොලුවා මුල් දවස ගැනම සතුටිනි. ඔවුන් මා මෙය සැලසුම් කළ විදිය ගැන උවමනාවටත් වඩා තෘප්තියෙනි. නර්මදා පුතුන් දෙදෙනාත් උන්ගේ තාත්තාත් කැටුව ආවේ රෑ බෝ වු පසුවය. එරන්ද හින්දා හිතේ කහටක් ඇති කරගත්තාට ඕ මට කිසිවෙනසක් නොපෙන්වන්නීය. මම කාලයකින් නොදැකි ඇගේ හුරතල් චිප්මන්ක්ලා දෙදෙනා දැක මවිතයටක් උන්මාදයටත් පත්වීමි. දරුමල්ලන් ගැන එහෙමකට නොසිතුවාට, මට දැන් මගේම කියා පොඩි උන් නැති අඩුපාඩුවක් දැනෙයි. එය ගැහැනියකට සාමාන්‍යයෙන් දැනෙන සිතුවිල්ලකැයි මම විශ්වාස කරමි. 

 

නර්මදා, සමග සසදීත් එරන්දත් කතා කරමින් එනු දැක මම ඔවුන් නොදුටුවාසේ පොඩි උන් සමග හුරතල් වෙමින් සිටියෙමි. අප සිටියේ දඹානේ ආදීවාසී ආහාර සුරක්ෂිතතා කුටියෙහිය. පොඩි උන් දෙදෙනා සමග මීපැණි දැමු ඉරිගු පොරි වර්ගයක් රස බලමිනි. නර්මදා පැමිණ මා ළගින් හිඳ ගත්තේ බොහෝ වෙලාවකට පසුය. ඇගේ මුහුණේ බරපතළ බවක් තිබිනි. මට ඒ බැල්ම ගැටලුවකි.ඇය දෙව්ර සොලවා ගැස්සුවාය. 

 

‘අර.. එරන්ද ගෙ කෙල්ල .. ලේසිපාසු අම්මණ්ඩියක් නෙමෙයි

 

‘හ්ම්.. මාත් දන්නවා එයාව

 

‘එයා උඹවයි එරන්දවයි සැක කරනව. කියන්නේ ම එෆෙයා එකක් තියෙනව කියලා

 

‘එයා ට ඒකට සාක්ෂි තියෙනවද 

 

‘බිම්මා… ගෑනු ඉවට සාක්ෂි ඕන නැති බව උඹ දන්නව.. 

 

‘හරී.. ඉ..තින්. මොකද කරන්නේ මං ඒකට.. ඒක පදනම් විරහිත සැකයක්නෙ නර්මදා. 

 

‘ඔව් … මං දන්නවා .. ඔයා මට කිව්වනෙ එරන්ද එහෙම එකෙක් නෙමෙයි කියලා. 

‘මං මේ වැඩ ඉවර කරල ආයෙ යනව.. එයා මොන දේකට එරන්දව නැති කරගන්න හදනවද මංද.. 

 

‘කෙල්ලොනෙ.. ජීවිතේ ගැන මොාන අත්දැකීමක් ද

 

පසුව එරන්ද සසදීව ඇරලවන්න වාහනයේ යතුර ඉල්ලාගෙන එන්නැයි නෙතුල මවෙත එව්වේය. මම ගවොම් සාක්කුවේ තිබු යතුර ඔහුට දෙත්ම එතැනට වේගයෙන් ආවේත් යතුර උදුරා ගත්තේත් සසදීය. මම පසුපසට විසිවී ගියෙමි. සෙනග හැම තැනය. අනික මා, මේ සමස්ත ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක තනතුර දරන්නියයි. මම හිස කෙළින් කර තියුණු බැල්මක් බැලුවෙමි. 

‘තමුසෙට කොහෙන්ද අපේ වාහනේ යතුර ? 

 

‘අපේ වාහනේ? 

 

‘ඔව්.. අපේ වාහනේ 

 

‘සසදී, මේ මෙතන වෙන්නෙ වැදගත් වැඩක්. මේ ප්‍රොජෙක්ට් එකේ ඩිරෙක්ට මම. එරන්දගෙ වාහනේ ඇතුලෙ අපට ඕන ෆයිල්ස් ටිකක් තිබුන නිසා ඒක ගන්න මං මේ කී එක මං ගාව තියා ගත්තා ඒකෙ ප්‍රශ්නය ක් තියෙනවද? 

 

‘තමුසෙ මේකෙ ඩිරෙක්ට නෙමෙයි මොකී වුනත් මට තමුසෙව ලොකු නෑ. කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ව දැලේ දාගෙන ඌ එක්ක බුදියන වේස ගෑනියෙක්ට වඩා ලොකු දෙයක් මට තමුසෙගෙන් පේන්නෙත් නෑ 

 

මම සුසුමක් හෙළා නෙතුල දෙස බැලුවෙමි. නෙතුල සසදීට මෙතැනින් යන්නැයි කීවාය. එසේ කියා එරන්ද ට මන්දා කතා කළේය. මම හිස දෙපස සලා දැඩි අපේක්ෂා භංගත්වයට පත්වු බැල්මක් හෙළා නර්මදාට දෙදරුවන් භාරදී කුටියෙන මෑතට ආවෙමි. සසදී ද මා පසුපසින් ආවාය. 

 

‘මට උඹ එක්ක කතාවක් තියෙනව. උඹට බැහැ ඔහොම මාව මග ඇරලා යන්න..

 

සසදී රණ්ඩු කරමින් ආවේ වියරුවෙන් මෙනි. මම හැරී ඇය දෙස බැලුවෙමි. 

 

‘සසදි, මේ කී එකක් හින්දා ඔයා නැති කරගන්නෙ ලොකු දෙයක්. ඒ නිසා මා එක්ක රණ්ඩු නොකර මේකත් අරන් යන්න ප්ලීස්

 

‘කොහෙ යන්නද ගෑනියෙ උඹ මගෙ කොල්ලව අල්ලගෙන ඒ මිනිහව මරාගෙන කනවනෙ

 

‘මං ඔයාගෙ මිනිහෙක් අල්ලගෙන නෑ. මට එහෙම එක එකිලගෙ මිනිස්සු අල්ල ගන්න තරම් උවමනාවක් නැහැ. මං ඔයා වගෙ කවුරුහරි ලස්සන මිනිහෙක්ගෙ ඇගේ එල්ලෙන්න බලන් ඉන්න කෙල්ලෙක් නෙමෙයි

 

‘ආ ඇත්තද .. 

 

‘ඔව් ඇත්ත තමයි. මං අද මේ ඉන්න තැනදි මට මං කැමති ඕන මිනිහෙක් එක්ක රිලේශන්ශිප් එකක් හදාගන්න පුලුවන් .හැබැයි ඔයා ට ඔය තරමටම ඕන මං එරන්ද එක්ක එෆෙයා එකක් හදාගන්න නම් මට ඒක කිසි අවුලක් නැතුව කරන්න පුලුවන් බවත් ඔයා මතක තියාගන්න.හැබැයි ඔයා මේ කරන දේවලින් වෙන්නෙ මං එහෙම නොකර පරෙස්සම් කරන ඔයාගෙ එෆයා එක ඔයා විසින්ම නැති කරගන්නෙක

 

එරන්ද මාත් සසදිත් අසලට ආවේ නෙතුල සමගිනි. එරන්දගේ මුහුණ කෝපයෙන් පිම්බී තිබි අතර ආ වහාම කලේ ඇගේ වම් අත් බාහුවෙන් තදින් ඇල්වීමය. 

 

‘මං තමුසෙට කීපාරක් කියලා තියෙනවද මගේ වැඩ වලට ඇගිලි නොගහා පාඩුවෙ ඉන්න කියලා. දැන් මේක ටූ මච් වෙලා තියෙන්නෙ හොදටම..මේක නවත්තන්න කාලෙ හරි දැන්. දැන්මම මෙතනින් පිටවෙලා යන්න සසදි. මට ආයෙ සැරයක් කියන්න තියන්න එපා.

 

‘ඒ…ඒත් අයියෙ මෙයා අපේ වාහනේ කී එක… 

 

‘ඉතින් වාහනේ කී එක එයාගෙ අතේ තිබුනාම මොකක්ද වෙන්ාන.. නෙතුල ඒක ඉල්ලගන්න නෙ ආවෙ

 

‘ඒක කොහොමද මෙයාගෙ අතට ගියෙ

 

‘සසදී, මාව යකා අවුස්සගන්න එපා… හොද හිතින් දැන්මම මෙහෙන් පිටවෙලා යන්න. මං තමුසෙව ඇරලවන්න එන්නෙ ත් නෑ. මෙතනින් පස්සෙ අපි දෙන්නගෙ සම්බන්දෙකුත් නෑ. 

 

‘ඒ කියන්නේ , ඒ කියන්නේ ඔයා මේ කොහෙන්දෝ ආව ාව්ස ගෑනියෙක් නිසා මාව අතාරිනවද .. එහෙමද කියන්නේ ඔයා.. 

 

‘කට පරෙස්සම් කරගනින්.. මං මේ ඉවසගෙන ඉන්නෙ ලෝ්ක අමාරුවෙන් සසදි.. මට කියලා ගස්සගන්නැකුව පලයං මෙතනින්

 

ඇත්තෙන්ම එරන්ද සිටියේ සීමා ඉරෙහි බව පැහැදිලි ය. වැරදිලාවත් එරන්ද සසදිට අත ඉස්සුවොත් කියන බයට මම එරන්දගේ උරහිසින් අල්ලා ගත්තෙමි. එරන්ද පෙරට තියා තිබු පය සෙමෙන් පසුපසට කළේය

 

‘දැන් ඔයා යන්නකො .. ප්ලීස්.. නෙතුලද ඇයට කීවේය. ඇය වියරු බැල්මකින් මදෙස බලා හිදියාය.

 

‘හරි හරි මං යන්නම්.. අපි බලාගමුකො කවුද දිනන්නෙ. කියලා.. 

‘පලයන් මගෙ ඇස් වලට පේන්නැතිවෙන්න… 

 

එරන්ද තුල එතරම් බියකරු පිරිමි ආත්මයක් වෙතැයි සත්තකින් මා සිතුවේ නැත. මම තිගැස්මකින් බලා සිටියෙමි. 

 

‘සොරි, බිම්මා ඔයා මිනිස්සු  ඉස්සරහ එහෙම තත්වෙකට වැටිච්ච එකට.. නෙතුල ඉදිරියේම ඔහු මගෙන් සමාව අයැද සිටියේය. නෙතුල හිටි හින්දා දුර හිඳ මහත්මා ගති ඇතිව ඊට කමක් නැහැයි කීවාට, ඇත්තෙන්ම මට උවමනා වුයේ ඒ උරෙහි හිස ඔබා හඩන්නටය. එතරම් අසරණකමකින් මම වෙළී ගොස් සිටියෙමි.  

 

පළමු දවසේම මෙවැන්නක් සිදුවීම කිසිසේත් ලඝු කොට සැලකිය නොහැකි වූවත් දෙවැනි දවසේ සවස් වෙද්දී යෙදී තිබු වැඩ කන්දරාව නිසාම මට ඒ සිද්ධිය අමතකව ගියේය. අමතකවම නොවේ. හිත යටට තල්ලු වී ඒ මතින් තව බොහෝ දේ එක් රැස් විණි. අප සිතුවාට වඩා මේ ෆුඩ් ෆෙස්ටිවල් එක ජනාකීර්ණ විය. තරුණ ජෝඩු පෙම්වතුන් මිතුරු මිතුරියන් පවුල් වල සාමාජිකයන් එක්වී නරඹන්නට ආවෝය. එමෙන්ම, අනෙක් අතට අළෙවියේද ඉහළ මට්ටමක් දක්නට ලැබිණි. 

 

‘කනව බොනව කියනෙක මිනිස්සුන්ට කවදාවත් නොකර ඉන්න බැරි දෙයක්නෙ. ඒක නෙමෙයි බිම්මා, ඔයා කවදාවත් කිව්වෙ නෑනෙ ඔයා මෙහෙ පාට්නශිප් එකක් කරනව කියලා.

 

 මුකේෂ් මා අසළට ආවේ ලස්සි වීදුරුවක් අතේ තියාගෙනමය. ඔහු හිතා ඉන්නා පරිදි මාද හවුල්කාරිත්වයක් දරණ ව්‍යාපාරයෙන් ලබා ගත් එකකි ඒ. 

 

‘මාත් එහෙම හිතා හිටියෙ නෑ. ඒත් අහම්බෙන් වාගෙ මටත ඒකට ජොයින් වෙන්නම වුනා ඉතින්.. ජීවිතේ හැටි තමයි මුකේශ්.. 

 

‘අර කොන්ඩෙයි රැවුලයි තියෙන කොල්ලා ඔයාගේ එක්ස්ද? 

මුකේශ් දෙස මා විනාඩියක ට ආසන්න කාලයක් බලා හිඳින්නටඇත. ඔහු මේ අහන්නේ එරන්ද ගැන බව මට සැකයක් නැත. 

 

‘ඇයි ඔයා එහෙම ඇහුවෙ

 

‘එයා ඔයා දිහා බලන්නෙ ආදරේ උතුරන බැල්මක්.. 

 

මම හැරී එරන්ද දෙස බැලුවෙමි. ඔහු මදෙස බලාගත්වනම හිඳියි.අඩු වශයෙන් මා එය දුටු එකවත් 

ඔහුට ගණනක් නැත.

 

‘හ්ම්.. ඉස්කෝලේ කාලෙ.. 

 

‘මම එපමණක් මුකේශ්ට කීවෙමි. 

 

‘සමහරවිට තාමත් ආදරේ ඇති

 

‘මුකේශ් සුසුමක් හෙළා කීවේය. 

 

‘වෙන්න ඇති

 

‘අපි අපේ මව්රට දාලා ගිහින් කොහේ හරි වෙන සංවර්ධිතයි කියලා හිතෙන රටක ජීවත් වෙනව.ඒකත් එක්ක අපට ආදරේ මග ඇරෙනවා. අපි භුගෝලිය සාධකය ඇතුලේ ගෑනියෙක් හරි මිනිහෙක් හරිි එක්ක බැඳෙනවා අපේ පහසුවටයි.ඒත්, සමහර දේවල් අපට කොච්චර මග ඇරිලද නේද

වෙලාවකට මට හිතෙනව මුකේෂ් ඔක්කෝම අතැරල දාලා මෙහෙට වෙලා මේ මනුස්සය එක්ක ජීවත් වෙන්න තියෙනවා නම් කියල

 

මුකේෂ් කිසිවක් නොකීවේය. ඒ වෙනුවට නැවත එරන්ද සිටි තැනට ගොස් කෑමට කිසිවක් රැගෙන ආවේය. එරන්ද පෙනි පෙනීත් මා ඔහු හා කිසිවක් කතා නොකොට ගෙවෙන දෙවන දවසද ගෙවී යමින් තිබේ. සසදී නැවත නොආවාය. එහෙත්, එරන්ද සහ ඇය අතර එහෙමකට ලොකු බිඳුමක් ඇති වුනායැයි මට සිතුණේම නැත. මම දිගටම කණ්ඩායම සමග රැඳී සිටියෙමි. සාමාන්‍යයෙන් එවැනි සිදුවීමකට පසු තමන්ට ඇතිවන පසුතැවිල්ලෙන් තමන් ගැළවෙන තෙක් එරන්ද ඔහොම හැසිරෙන බව මම ඒ වනවිට දැන සිටියෙමි. 

 

නයිල්ස් සිටියේ කිසියම් කලකිරිමක් සිතෙහි දරාගෙනය. මා වරින්වර ඇසුවද ඔහු කිසිවක් නොකීවේය. අඩුම ගණනේ කාර්යාලිය ප්‍රශ්නය ක්ද නැත්නම් පෞද්ගලික ජීවිතය තුල ගැටලුවක් දැයි මා ආයෙ ආයේද ඇසුවාට ඔහු නිශ්ශබ්ද වම සිටියේය.  කුණාටුවක පෙර ලකුණු පෙනිණි. හරිහමන් හේතුවක් හමු නොවීද මට මගේ යටිහිත මා ඕනෑම දෙයකට සූදානම් විය යුතු වග මතක් කළේය. 

 

හතරවැනි දවස ඒ ෆෙස්ටිවල් එකේ අවසාන දවසට පෙර දවසයි. මේ වන විට අප මේ ෆුඩ් ෆෙස්ට් එකේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගත් පින්තූර වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් ලයික්ස් වලින් සහ විව්ස් වලින් පොහොසත් ව පැවතිණි. මම ෆෙස්ටිවල් එකෙන් තරමකට එහා මඳ ආලෝකය ක් ඇති තැනෙක ලොකු ගසක් යට ඇති අසුනක හිඳගෙන මගේ රිදී හැන්ද පිටුවේ වැටෙන කමෙන්ට්ස් සහ ලයික්ස් දෙස බලා ඒවාට හාට් දමමිනුත් ඒවායෙ ඇති ආකර්ෂණීය කමෙන්ටු වලට පිළිතුරු ලියමිනුත් සිටියෙමි.  

 

උන් හිටි ගමන්, මා සිටි අසුන මත හිඳගත්තේ එරන්ද ය. තද නිල් ඩෙනිමකට කලු අත්දිග ටී ශර්ටයක් ඇඳගෙන අඩ අඳුරේදී පවා දිලිහෙන ඇස් සහිතව සිටින මේ අහස්මිණක් වන් සෙනෙහැති මිනිසා දෙස බලා හිඳීමේ උවමනාවක් මට තිබිණි. ඇස් පුරා උරා ගන්නටය. එරන්ද ඇස් වලින්ම ඇස් අල්ලා ගත්තේය. 

 

‘පහුගිය දවස් ටිකේ ඈතින් ඉද්දි මං ගැන ගාණක් වත් තිබ්බෙ නෑ ඔයාට.. ආදරේ කියලා බොරුවක් ද කරන්නේ මට.. 

 

ඔන්න ජානුමය සාධක! මේ වචන වල ඇති ආකර්ෂණීය ආමර්ශනය හිතට ඇති කරනුයේ ශාන්තියකි. මට මගේ සිත, සෙනසුනක් වෙනු දැනෙයි. ඒ අවට පිපෙන්නේ අරලිය මල් පමණකි. සියලු කලබල වලින් මුක්ත මහා නිස්කලංක හැඟීමකි. එරන්ද මගේ ඇගිල්ලකින් හෝ නොඇල්වුයේය. 

 

‘මං ඔයාට ටයිම් දීලා හිටියෙ. මං දන්නවා එහෙම සිද්ධියක් වුණාම ඔයාටම ඔයාගෙ හිත හදාගන්නෝන. ඒ වගේම ඒකට වෙනමම කාලෙකුත් ඕන කියලා. මං ඒ නිසා පැත්තකට වෙලා හිටියා

 

‘ඔච්චර තේරුම් ගන්න එපා බිම්මා.. 

 

මම සිනාවෙමි. මගේම කොටසක් වී ඇති කෙනෙක් ට දැනෙන හැගීම් මට හොඳින් තේරුම්ගත හැකිය. එරන්ද එක් පියවරකින් ළං වුවේය. වම් අත දැමුණේ බඳ වටාය.දකුණතින් සීරුවට කොපුලක් පිරිමැදුණේය. පෙරකී මසිතේ ස්නේහාරාමයට ක්ලේශයක සුළගක් හමාඒම වළක්වාලිය හැකි නොවේ. ඉතින්, ඒ අඩ අඳුරේ සඳ නොදිලිහෙන රැයේ අපට අපේ හුස්ම වැටෙන හඬ පමණකි ඇසෙමින් තිබුණේ. 

 

ඒ මුහුණ, ගසේ අතුකොළ අතරින් පතිත වන විදුලි එළියෙන් බැබළෙමින් තිබියදී මම හිතාමතාම ඉන් ඈත්වීමි. 

 

‘වැඩ ගොඩක් තියනවා.. හෙටින් ඔක්කෝම ඉවරයිනෙ

 

‘හෙටින් ඔක්කෝම ඉවරද

 

‘අනේ මේහ්.. 

 

‘ඇත්ත කියන්නකො.. දාලා යනවද හෙටින් පස්සේ 

 

මම දෙව්ර ඔසවා සුසුමක් හෙළුවෙමි. 

 

‘පෝල් කිව්ව දෙයක් දන්නවද?

 

‘ම්හ්..

 

‘එහෙ මට දාන්නලු කමුබන් රෙස්ටොරන්ට් එකෙ බ්‍රාන්ච් එකක්

 

‘සිරාවටද

 

‘අනේ මන්ද.. එයා අපේ කෑම වලට නං කැමති වගේ

 

‘එහෙම කිව්වට ඉතින්.. 

 

‘යමුද එහෙ ඔයා ..? 

 

මා ඇසුවේ වැඩිය හිතා නොවේ. එරන්ද අහිංසකව සිනාසුණේය. කිසිවක් නොකීවේය. මා සමගම ෆෙස්ටිවල් කුටි ඇති දෙසට ආවේය. වම් අත්බාහුව මත දෙතොල මෘදුව තියා, ගොඩාක් හීන පෙන්නන්න එපා බිම්මා කියා කුටි අතරින් යන්නට ගියේය. ඒ මිලි තත්පරය මුහුණ මත සිනහවක් ඉතිරි කළේය. 

 

ෆුඩ් ෆෙස්ටිවල් එක අවසාන වු පසුව අපේ කෘ එක ලංකාවේ දින දෙකක චාරිකාවක් යන අදහසින් සිටි අතර ඊට මා සම්බන්ධ වනවාද නැද්ද මා තීරණය කර තිබුණේ නැත. පෝල් පෙරදා රැයේ ස්විඩනයට ගියේය. ඔහුට අපට මෙන් චාරිකා යන්නට වෙලාවක් නැත. මා සිතුවේ කණ්ඩායම ට එකතු වෙන්නටය. ඒ ගැන කිසිම කිසිවක් එරන්ද හා කතා කරගැනීමට වෙලාවක් ලැබුණේද නැත. හතරවෙනිදා රැයේ අප නවාතැනේ කතා කරමින් සිටියදී මුකේශ් එක්වරම මගෙන් ප්‍රශ්නය ක් ඇසුවේය. 

 

‘ඔයාගෙ ක්‍රශ් එක මැරි කරලාද බිම්මා

මම හිස වනා නැතැයි කීවෙමි. 

 

‘මේ එහෙම නම් මේක තමා හොදම අවස්ථාව 

‘ඒ කියන්නේ 

‘අපේ ට්‍රිප් එකට එයාවත් අරන් යං

‘අම්මෝ බෑ.. එයා රිලේශන්ශිප් එහෙක ඉන්නෙ.. යක්ශනියක් වගෙ කෙල්ලක් එක්ක

‘ඉතින් 

‘ඉතිින් කියන්නේ 

‘බිම්මා … එදා පෝල් කිව්වා මතකද? කමුබන් රෙස්ටොරන්ට් එකක් එහෙ ගෙනියමු කියලා. එයා ඒක නිකම් නෙමෙයි කිව්වෙ.. ඔයා දන්නවද පෝල් මේ වැඩේ ගැන සීරියස්. මිනිහ එහෙ බිස්නස් පාට්න කෙනෙකුත් කතා කරගෙන ඉන්නෙ . ඔයා මේ කට කැමති වෙනවා නම් අපට තියෙන්නෙ පාට්නශිප් එකක් ගහලා මේක එහෙ ගෙනියන්න. එහෙ ඉන්න කෙනා දැනටම රෙස්ටොරන්ට් චේන් එකක් කරන කෙනෙක්.. 

 

‘ඒකයි මේකයි ලින්ක් වෙන්නෙ කොහොමද

 

‘ලින්ක් ඉබේ පහළ වෙන්නෙ නෑ. ලින්ක් හදන්නෝන.. අපි එකම කෘ එකක්. දැන් කමුබන් කියන්නේ ත් අපේ කොටසක් වෙන්නයි යන්නෙ. මං නම් කියන්නේ අර සුදු උස කොල්ලවයි ඔයාගෙ එක්ස්වයි එක්කන් යමු කියලා .. 

 

‘නේද ශෙයිලා 

 

මම ශෙයිලා දෙස බැලුවෙමි. ශෙයිලා දැක්වු ප්‍රතිචාරය මට ගෝචර වුවක් නොවේය. මා නොදන්නා කිසියම් දෙයක් සිදුවී තියේද? 

 

‘ශෙයි..ලා… 

‘ඕහ්.. බිම්මා.. ඒක නිකම් කතාවක් විතරයි

‘මුකේශ් ඔයා කියන්න.. මොකද්ද ඒ කතාව කියලා

‘මේකයි ශෙයිලා හිතනවා.. අචල ගැන ටිකක්.. 

 

මට සතුටු හිතක් ඇතිවිය. අචල! අපේ අදරැතියා! ශෙයිලා ගේ හිත ගන්නට මොනවා කරන්න ඇත්ද කියා නම් මා දන්නේ නැත.

 

‘එයා හරිම ජෙනුයින් පිරිමියෙක් බිම්මා 

ශෙයිලා කීවේ සිනහවීය. එහෙනම් මේ චාරිකාවට මෙ දෙදෙනා එක්ක යන්නට උවමනා ශෙයිලා නිසා මිස මා නිසා නොවේ. 

 

‘අපි කතා කරල බලමු ඉතින්. එයාලා ඩෙඩිකේටඩ් කට්ටිය. බිස්නස් එක තමයි එයාලගෙ පලවෙනිම දේ. 

 

රැ වී වැඩි වුනත් මම අචලට කතා කළෙමි. එරන්ද මේ වෙලාවේ කොහේ ඉන්නවා ද කියා මට විශ්වාස නැත. නිකමට හරි සසදි හමුවෙන්න ගිහින් ඉන්නවා නම්, එය අනවශ්‍ය කරදරයකි. 

 

‘මොකද කරන්නේ 

‘මොනව කරන්න ද .. වැඩ ඉවර වෙලා ඇදේ දපල ඉන්නවා ඉතින්

‘කෝ එරන්ද

‘ගෙදර ගියා.අම්මට පොඩ්ඩක් අසනීපයි වගෙ. අවුලෙන් හිටියෙ.

‘අම්මගෙ චුටි පැටියනෙ

‘ඒක නම් මහ පුදුම බැදීමක් බිම්මා. ඌට අම්මා කියන්නේ , ජිවිතේ.

‘මං දන්නවා ඒක නම්.. මේ ඒක නෙමෙයි.. අපේ කෘ එක ට්‍රිප් එකක් යනවනෙ.. ඔය දෙන්නත් ජොයින් වෙනවද

 

‘ම්ම්ම්.. අනේ බිම්ම.. ඒක හරියන එකක් නෑ.

 

අචල පහසුවෙන් කිසිවකට නොනැමෙයි. 

 

‘ශෙයිලා ඔයාට කැමති කියලා ඔයාට තේරෙනව ඇතිනෙ

 

‘හ්ම්ම්ම්

 

‘ඔයාට මොකද හිතෙන්නෙ

 

‘ඔයා දන්නවා නෙ.. මං එහෙම ප්‍රයෝජන බලාගෙන ගෑනු ගන්න ජාතියෙ නෙමෙයි කියලා

 

‘ශෙයිලා ලස්සන කෙල්ල.. එහෙ යමක්කමක් තියෙන පවුලක

 

‘ඒවා නෙමෙයි.. මං ඉතින් ලංකාවෙ කොල්ලා.. මට ඕන පොඩ්ඩක් කියන දේ එහෙම අහන කෙල්ලෙක්.ඔය රටවල කෙල්ලො හරි ඉන්ඩිාපන්ඩන්ට්නෙ.මට ඒක ඔරොත්තු දෙයිද කියලා කොහොමද දන්නෙ

 

මම සුසුමක් හෙලුවෙමි. 

 

‘ආදරේ නං.. ඔයාට. 

‘ආදරෙන් හැමදේම විසදෙන්නෑ. එරා ඔයාට පණ වගෙ ආදරෙයි. මැරෙන්න කිව්ව නං මැරෙයි ඔයා වෙනුවෙන් .හැබැයි ඔයා වෙනුවෙන් සසදිව අතැරල එන ඕන දේකට මූණ දෙන්න ඌට පුලුවන් ද කියලා ඇමුවොත් මට සැකයි උගෙ උත්තරේ ගැන. 

 

මටද සැකය. සසදිට එරන්ද මේ තරම් නැමියාවක් දක්වන්නේ මන්දැයි නොදනිමි. 

 

‘දවස් දෙකයිනෙ ට්‍රිප් එක ..යංකො අනේ

‘වැරදිල හරි ඔය දවස් දෙකේ මායි ශෙයිලායි සෙට් වුනොත් මොකද කරන්නේ 

‘වුනොත් වෙනදේ ඊට පස්සේ බලමුකො.. ඉස්සෙල්ල යංකො

 

මේ මොන මොන දේ හිතුවත් සමහර විට ඔවුන් හමුවෙන අන්තිම අවස්ථාව ද මෙය විය හැකිය. මිහිරත් සුදු නංගීත් මේ දිනවල සම්පුර්ණයෙන් අවධානය දක්වමින් සිටියේ ඔවුන්ගේ ආදරණීය වස්තුව වෙතය. සමහර සංකුලතා,  සුදුනංගීගේ සිරුරේ ඇතිවන වෙනස්කම් සමිපව නිරික්ෂණය කරමින් මිහිර ඇයට පෙම් කරනායුරු දකිද්දී ඒ ආදරය ගැන ආදරයක් දැනිණි. ආශිර්වාද කරන්නට බෝධිපුජාවකට හෝ ඇය එක්ක යන්නට උවමනායැයි මට සිතුණේ එවැනි මොහොතකය. 

 

ෆුඩ් ෆෙස්ටිවල් එකේ අවසාන දවසේ ජනකාය වෙනදාට වඩා වැඩිය. ඒ මදිවාට හැම අවන්හලකින්ම විවිධාකාර ඔෆර්ස් දී තිබුණේ ඉතිරිිවි තිබුණු බොහෝ අමුද්‍රව්‍ය නැවත ගෙනයාමට වඩා විවිධ අලෙවි උපක්‍රමයන් භාවිත කරමින් ඒවා මුදල් බවට හරවා ගැනීම කළයුතු බැවිනි. එබැවින්ම ග්‍රින්පාත් එක එකම හිස් ගොඩක් වුයේද, බොහෝ අයට හිදගැනිමට ආසන නොතිබුනේද එබැවිනි. නමුත් සැණකෙලියක්ව පැවති ඒ පරිසරය දකිද්දී හිතට දැනුණු සතුට විස්තර කළ නොහැකිය. එරන්දත්, අචලත් සිටියේ එකිනෙකා හා කතා කරගන්නවත් නොහැකි තරම් කාර්යබහුලත්වය කය. 

 

‘පෝල් මේ සාර්ථකත්වය දැක මට විඩියෝ ඇමතුමක් දී සුබ පැතුවේය. 

 

‘බිම්මා ඔයා තමයි මං දැකපු දක්ෂම ගෑනු ළමයා

 

එය ඇත්තක්ද බොරුවක්ද නොදනිමි. එහෙත්, පෝල් ලෝබ නැතිවම මා අගයන්නේය. අවසාන දවසේ නර්මදා අධ්‍යක්ෂක වරියක්ව සේවය කරන අමාත්‍යාංශයේ ලේකම් වරයා සහ එහි විෂය භාර අමාත්‍යවරයා සහ තරුණ නියෝජ්‍ය ඇමතිවරයාද මෙහි අවසාන කටයුතු නැරඹීමට ආවේය. මාධ්‍ය ඔවුන් පසුපසින් එන්නේ මී මැස්සන් හැටියටද නැත්නම් නිල මැස්සන් හැටියටද කියා මට තේරුම් ගත නොහැකිය. 

 

‘ඔබ මේ ව්‍යාපෘතියෙ අධ්‍යක්ෂකවරිය . මෙය ඉතාම සාර්ථක ව පැවත්වුණා. මොනවද මේ ගැන කියන්න තියෙන්නෙ? 

 

මාධ්‍යවේදීයා ඇසුවේය. මම මඳහසක් නගා හාත්පස බැලුවෙමි. 

 

‘ලංකාව කියන්නේ හුගක් පුංචි රටක්.සුනාමියෙන් පස්සේ තවත් පුංචි වුනා මං හිතන්නේ . හැබැයි මේ පුංචි රටේ ඔයාට මොනවද හොයාගන්න බැරි.. ඉතාම වටිනා ස්වභාවික සම්පත් වලින් මේ රට පිරිලා. හැබැයි.. අපි හිතල බලන්නෝන ඇත්තටම අපි මොනවද මේ දේවල් වලින් මේ රටට ළගා කරගන්නෙ මොනවද කියලා. ලංකාව නරකම ආර්ථික අවපාතයකට වැටිලා තියෙද්දි පවා මෙහෙට ඩොලර් ගේන්න පුලුවන් ව්‍යාපෘති ඕන තරම් ව්‍යාපෘති හදුන්වල දෙන්න පුලුවන් .. මුලිකම දේ මේ දේවල් වලට අවශ්‍ය යටිතල පහසුකම් සපයන්න පුලුවන් තත්වෙක රජය ඉන්න එක. මොකද, මෙහෙ තියෙන ප්‍රොසෙස් එකත් එක්ක අපට ප්‍රධාන වැඩ කටයුතු ටික කරගන්න අනිවාර්යයෙන් ම රාජ්‍ය මැදිහත්වීම උවමනායි. ඉදිරියට අපට ඒ දේවල් ලැබෙනවා නම් අපි කැමතියි මීට වඩා දේවල් මේ ලස්සන රට වෙනුවෙන් කරන්න.

 

‘ඔබ ලාංකිකයෙක්, ඔබත් කාලෙකට කලින් ලංකාවෙන් යනවා. ලංකාවෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන පස්සේ වෙන රටකට ගිහින් ඒ වගෙ රටක පදිංචි වෙලා ජීවත් වෙන එකෙන් මේ රටට අසාධාරණයක් වෙනව කියලා ඔබ හිතන්නේ නැද්ද?

 

‘ඔව් .මම මේ රටේ ජනතාව ගෙ බදුමුදල් වලින් ඉගෙන ගෙන පසුව වෙන රටකට ගිහින් උසස් අධ්‍යාපනය හදාරලා එහෙදි මගේ දක්ෂතාවය හරියට හදුනාගත් පිරිසක් සමග වැඩ කරන්න අවස්ථාව ලැබුණු කෙනෙක්. මං පිළිගන්නවා ඔබ කියනදේ. නමුත්, මුලිකව මේ රටේ අවස්ථාන් නැති කම නිසයි මිනිස්සු වෙනත් රටවලට යන්නෙ. ඔබ හිතනවද වෙනරටක ගිහින් ජීවත් වීම හරිම සතුටුදායක දෙයක් කියලා. ඒක එක එක්කෙනාට එක එක විදියට දැනෙන්න පුලුවන් . නමුත්, මම පෞද්ගලික ව කැමති මගේ රටේ මිනිස්සුන්ට . මම කැමති මේ රටෙ මිනිස්සුන්ට දෙයක් කරන්න. මං විශ්වාස කරනවා මේ අපේ ව්‍යාපෘතිය හරහා ගොඩක් අපේ අයට පුලුවන් වුනා විදේශ වලින් පැමිණි අය සමග සම්බන්ධ නේන. ඔවුන්ට අපනයන අවස්ථාව න් ඇති වුනා. මට පෞද්ගලික ව කතා කරපු අය ඉන්නවා .මෙහි සිටින සමහර ව්‍යවසායකයන් වෙනුවෙන් විදේශ වෙළඳ පොල විවෘත කරලා දෙන්න. ඉතින් මේ හරහා මට මගේ රටේ ව්‍යවසායකයන් වෙනුවෙන් දෙයක් කරන්න ලැබීම ගැන හරිම සතුටුයි. 

 

මෙය රුපවාහිනි නාලිකා වල විකාශනය වනු ඇත. එරන්ද, තරමක් එහායින් සිට බලාසිටිනු පෙනිණි. ඒ මුහුණ ඉටි මෙන් දිලිසිණි. මේ තරම් සතුටකින්, ඔහු බලා සිටියදී ඒ ආදරය කෙරෙහි වන ගෞරවණිය හැගීමක් මට දැනෙමින් තිබිණි. 

 

‘ඔයා ආදරේ මුනිවරියක්.. 

 

මම විශ්මයට පත් වුණෙමි. එරන්ද එසේ කෙටි පණිවුඩය ක් එව්වාම ප්‍රතිචාර දැක්වුවේ මගේ කදුලුම පමණකි. සතුටට හඩනවා ඇතැයි මා සනසන්නට ආ නර්මදා සිතුවාය. මේ කිසිම දෙයකට වඩා එරන්ද එවු වචන තුන බලවත් බව මට දැනිණි. 

 

නියෝජ්‍ය ඇමතිවරුයා තරුණයෙක් බව මා කලින් කියා ඇත. හෙතෙම මා දෙස උවමනාවෙන් බලනු මටද පෙනිණි. එරන්ද, සිටියේ කාර්යබහුල වී බැවින් ඔහුට එය නොදැනුණා විය යුතුය. 

 

‘බිම්මාලි, මට තියෙනව ඔයා එක්ක කතා කරගන්න දේවල් ටිකක්. මං නිදහස් වෙලාවක් කියන්නම්. ලංකාවෙන් යන්න කලින් මාව ටිකක් ඇවිත් හම්බවෙන්නකො.. 

 

ඔහු මා අතට ඔහුගේ කාඩ්පත දෙමින් ළගන්නා සුළු සිනහවක් පෑවේය. කායවර්ධන ව්‍යායම කර හොඳින් නඩත්තු කල ශක්තිමත් සිරුරක් මෙන්ම එකදු කැළලක් හෝ නැති අන්දමේ කම්මුල් සහිත චානක්‍ය සඳතැන්න වු කලී ඉක්මනින් ඉක්මනින් දේශපාලනයේ ඉහළ ස්ථානයකට නැග ස්ථාවර වු කෙනෙකි.මම හිස සැලුවෙමි. 

 

‘කවදද යන්නෙ?

‘ඉක්මනින් යනවා.. දවස් දෙකක් විතර කොළඹින් පිට යනවා කෘ එකත් එක්ක

‘බිම්මාලිගෙ ෆැමිලි එකේ කවුරුත් ලංකාවෙ නැත්ද

‘දුර නෑයො විතරයි. අම්මයි මගේ අයියයි දෙන්නම ඉන්නෙත් වෙන රටක.. 

‘ඔයා මැරි කරලා නැද්ද

‘තවම නෑ.. මිස්ට චානක්‍ය. 

‘ඕහ්..ඒ නිසා තමයි ඔයා මෙච්චර නිදහස් ශක්තිමත් කෙල්ලෙක් විදියට දියුණු වෙන්නෙ

 

‘ඇයි එහෙම කියන්නේ ? කසාදයක් කියන්නේ ගෑනු කෙනෙක්ගෙ දියුණුවට ලිමිට් එකක්ද

 

‘නෑ. නමුත්, කසාදයකින් පස්සේ ගෑනු කෙනෙක්ට තමන්ගේ පවුල බලා ගන්න වෙනවනෙ 

 

‘ඇයි අපි කසාද බදින්නෙ පුංචි බබෙක්වද? මං නම් හිතන්නේ අපි අම්මලා වුනාම යම්කිසිම මට්ටම කට ලිමිට් වෙනවා. ඒත් අවශ්‍ය කාලෙදි බබාලා එක්ක ඉදලා එයාලටත් නිදහසේ ජීවත් වෙන්න පුරුදු කරන එක තමයි මං හිතන්නේ දරුවෙකුට උනක් කරන්න පුලුවන් හොඳම දේ. 

\

‘ඔයාත් ලේසිපාසු කෙල්ලක් නම් නෙමෙයි

 

චානක්‍ය සිනාසුණේය. ඇත්තටම එය මන්දාකිණි මන්දහාසයකි. මේ තරුණ මහක්මයාට ඡන්ද වැටුණේ තනි මනාප බව මා අසා ඇත. මේ වයසේ කොල්ලෙක්ට ඡන්දෙ නොදෙන්නට කෙල්ලන් හිත හදාගන්නවා ඇත්තේ කොයිතරම් අපහසුවෙන් ද කියා ඇත්තටම මටද හිතා ගන්නට පුලුවන. කෙසේ වෙතත් අමුත්තන්ගේ තේපැන් සංග්‍රහයේ දී මුල්වුයේ කමුබන් රෙස්ටොරන්ට් එකය. එරන්දටත් අචලටත් මචං යන්නම් කියනා මට්ටමට චානක්‍ය ඔවුන් හා මිතුරු වෙනු පෙනිණි. 

 

‘අන්තිමේ එක්කෙනෙක්, ඇමති ආර්යාවක් වෙලා නවතියිද දන්නෙ නෑ නේද මචං

 

එරන්දගේ කතාවට අචල සිනාවී මදෙස බැලුවේය. මම හිස නොඔසවා සිටියෙමි. 

 

‘චානක්‍ය ඔහොම හිටියට මාර ස්ට්‍රැටජික් මිනිහා. මිනිහගෙ තාත්තාගෙ මර්ඩර් එකෙන් පස්සේ තමයි මිනිහ පොලිටික්ස් වලට එන්නෙ.  ඒ ලෙවල් වලින් පස්සේ මිනිහව රට යැව්ව සදතැන්න ලොක්ක. තාත්තව මරන කොට චානක්‍ය හිටියෙ සිඩ්නි වල යුනි එකෙන් පස්සේ මොකක් හරි ජොබ් එකක් කළා. තාත්තා මැරුවෙ නැත්නම් මිනිහ පොලිටික්ස් වලට එන්නැතුව ඉන්නත් තිබුණා. චානක්‍යගෙ අක්කා මැරි කරලා ඉන්නෙ ලොකු බිස්නස් මන් කෙනෙක්. මිනිහ තමයි සදතැන්නගෙ පොලිටික්ස් වැඩ ඔක්කෝම බලාගත්තෙ

 

එරන්ද මා අසලට පැමිණ තුනී කකුල් සහිත පුටුව නොපිට හරවා මා අසල හිඳ ගත්තේය. 

 

‘කතාව තියෙන්නෙ සදතැන්න ලොක්කගෙ මරණෙ බොහෝවිට සිද්ධ වෙන්න ඇත්තෙ චානක්‍යගෙ මස්සිනාගෙ උවමනාවට කියලා. මොකද චානක්‍ය පොලිටික්ස් ගැන කිසිම උනන්දුවක් නැතුවනෙ හිටියෙ. හැබැයි චානක්‍ය හිතුවෙවත් නැති විදියට ආවා . ඒ වගේමයි මාර ස්මාට් විදියට හැන්ඩ්ල් කරගත්තා හැමදේම.

 

‘හ්ම්. ඇයි මට කියන්නේ 

 

‘බය හිතුනා

 

‘ඇයි

 

‘එයා ඔයාව උදුර ගනී කියලා

 

‘අනේ මේ විකාර නැතුව ඉන්න … මං මේ උන්හිටිගමන් මෙහෙට පාත් වෙච්ච එකියක්. එහෙම නැතුව මට මේ ලොකු ලොකු මිනිස්සු පස්සෙ ගිහින් කරගන්න වැඩක් මෙහෙ නෑ. ඒක නෙමෙයි, අර එහෙ කමුබන් එකක් ඕපන් කරන වැඩේ ඒක ඇත්තටම යි පෝල් කියලා තියෙන්නෙ

 

එරන්ද හුස්මක් ඇද්දේය. 

 

‘ඒක ඇත්තටම වෙනව නම්, අචලයව ඒකට එක්ක යන්න.. ඌට අර ඔයාගෙ කෘ එකෙ ඉන්න කොන්ඩෙ නිල්පාට කරපු කෙල්ල මාර ලයින් ටිකක් දෙන්නෙ. මු ඉතින් හෙන ලොකු සීන් එකේ ඉන්නවා 

 

මට මේ එරන්දගේ ගෙළ මුලින් අල්ලා මිරිකා දමන්නට හිතේ. 

 

‘ඇත්තටම , මං අහන්නෙ.. හරිද. මට මේකට ඇත්තම කියනවද? මට ඔයා මොනව කිව්වත් රිදෙන්නෙත් නෑ හරිද? ඔයාට ඔච්චරම සසදිව අත් අරින්නන බැරි ඇයි එරන්ද? එයා එක්ක ඔච්චරටම තියෙන බැදීම මොකද්ද?

 

ඔහු මදෙස බැලුවේය. එය විස්මයානුකුල බැල්මකි. කවදාවත් බලාපොරොත්තු නොවු ප්‍රශ්නයක් ඇසුණාක් වැනිය. 

 

‘මේ.. මං ඒකට උත්තරේ වෙනම දෙන්නද? 

‘කවදද

‘අර ට්‍රිප් එකට අචලයව යවලා අපි දෙන්න ඒ දවස් දෙකට මාතලේ යංද?

‘ගිහින්? 

‘ගිහින් .. එහෙ ඉමු.

‘කොහෙද

‘කොහෙ හරි කන්දක් උඩ.. 

‘තරුවක් අරන් ඇවිත් ඉන්නෙ මාත්.ලන්තැරුමක එල්ලගන්න.

‘එහෙනං එහෙම කරමු… 

 

නයිල්ස්! නයිල්ස් අමතක වෙනවා නොවේ. හැමවිටම නයිල්ස් ව යාවත්කාලීන කරන මා ඔහුට නොකියනවානම් ඒ මේ එරන්ද නමැති මානවකයා ගැන පමණකි. නමුත්, නයිල්ස් කිසිදාක නැති තරම් වෙනස් වී සිටියි. ඔහු වෙහෙසකර පාටය. මා ඔහුට කීවේම නිවාඩුවක් ගන්නා ලෙසය. 

 

‘බෑ.බිම්මා, මං මේ සිස්ටම් එක බලන්නම ඕනා 

‘සේරා ඉන්නෙ

‘එයාට තේරුමක් නෑ

‘ඉතින් තේරුමක් තියෙන කෙනෙක් ගන්න

‘එතකොට මේ පොඩි කෙල්ලගෙ ඉන්ටර්න්ශිප් එකට මොකද වෙන්නෙ

‘ඒ ඉන්ටර්න්ශිප් එක යකාට ගියාවෙ.. මං හිතන්නේ ඔයා ගැන. ඔයා මහ රෑ තිස්සෙ කම්පියුටර් ස්ක්‍රින් එකේ මූණ ඔබාගන වැඩ කරනව. වෙන කෙනෙක්ට එි වෙනුවෙන් ගෙවනව

 

මා නෝක්කඩු කියද්දී නයිල්ස් සිනාසුණා පමණකි. දිගු සුසුමක් ඉහිරෙයි. උත්සවයද අවසානවී සියල්ල කෙළවර අපි ඉතිරි වු අඩුම කුඩුම අස්පස් කරන්නට වෙනම සමාගමකට භාරදී ඇත. ඉන්පසුව නවාතැනට ගිය කණ්ඩායම රාත්‍රිය සමරන්නට සුදානම්ව සිටියහ. එරන්ද සහ අචලද පැමිණියේ මුකේශ්ගේ ආරාධනාවට විය යුතුය. මා සිටියේ වෙහෙසිණි. එබැවින් , මම කාමරයේ ඇඳට වැටී ඔහේ සිටියේ නින්දක අවශ්‍යතාව තදින් දැනෙද්දීය. යාන්තම් ඇස් පියාගෙන එන විට දොරට තට්ටු කරන හඩක් ඇසිණි. 

 

මම නිදිබර ඇසින් දොර ළග සිටගෙන සිටියෙමි. එතැන වුවේ එරන්දය. බීමතින් බොරවුණු ඇස් ඇතිවය. අතේ නිල්පාට බීම වීදුරුවක් අතැතිවය. 

 

‘මහන්සිද මැණිකට

‘හ්ම්… දවසෙම අර කැන්ඩියන් ඇදුමට උස සපත්තු දාන් ඉදල කකුල් වලට අමාරුයි..

‘සතියක්ම එහෙමෙහෙ දිව්වනෙ ඔයා.. එහෙම ඇදගෙන. 

 

මම සිනාවෙමින් බීම වීදුරුව අතට ගත්තෙමි. එරන්ද ඇඳ මත දිග ඇදුනේය. මම ඔහු දෙස බැලුවෙමි. 

 

‘අර ට්‍රිප් එක… අපි නොගිහින් ඉම්මු.. 

‘ඔහු යළි කීවේය. 

‘ඒ ඇයි

‘හිතට හරි නෑ.

‘හේතුව..?

‘ඔයාට පුලුවන් ද අර ගෙනාව තරුව ආයෙ අහසෙ එල්ලල යන්න..

‘හ්ම්.. පුලුවන් 

‘බිම්මා… 

‘ම්ම්ම්ම්

‘තරහද

‘නෑ

‘මං ඔයාට ආදරෙයි..

‘…..

‘ඔයා දන්නවද බිම්මා ඒක? 

 

මම කිසිවක්ම නොකියා එරන්ද අසළින් වැතිරෙමි. 

‘ සසදි … ගැන මං ඔයාට කියලා නෑ .. එයා ගෙ අම්ම එයා පොඩි කාලෙම මැරිල. කියන්නේ එයාගෙ තාත්ත අම්මව මරල කියල. පස්සේ තාත්තා තව කසාදයක් බැඳල. ඒ කසාදෙ බඳිනකොට ඒ අම්මට හිටිය දුවයි පුතයි තමයි දැන් සසදිගෙ අක්කයි අයියයි කියන්නේ . උන් ඔක්කෝම ඒකිට වෙනස්කම් කරනව. ඒ කෙල්ල පොඩිකාලෙ හොස්ටල් වල දාලා හදලා තියෙන්නෙ. ආදරයක් කියලා එකක් ලැබිලම නෑ. උන්ට සල්ලි තියෙනවා. ඒත් ආදරේ සල්ලි වලට ගන්න බෑ. සසදි ආදරේ ගැන මොනවත්ම දන්නෙ නෑ බිම්මා.ඒකි. ඇතුලෙ ආදරේ නැතිව අඩා වැටෙන කෙල්ලෙක් ඉන්නවා. ඒ ආදරේ විතරයි මං ඔච්චර කාලයක් එයාට දුන්නෙ. දෙයියම්පා, මං එයාව රූම් එකකටවත් අරන් ගිහින් නෑ. තාම ඒකි මලක් වගෙ. ඔයා අහනවනේද ? ඇයි මේ ඔක්කෝම අස්සෙත් ඒකි එක්ක ඉන්නෙ කියල. ඒ කෙල්ල ගැන මට ආදරේකට වඩා අනුකම්පාවක් තියෙනව. මං එයාව අතැරිය කියල එයා වෙන කෙනෙක් එක්ක නොගිහින් ඉන්නෑ. හැබැයි ගිහින් ඉන්න බෑ කියලා එයා හොදට දන්නව. ඒකයි ඔය ඔහොම මාවම අයිතිකරගන්න දගලන්නෙ.. හැබැයි, හැබැයි බිම්මා.. එයා යනවා නම්… මං සතුටින් යන්න දෙනව. එයාගෙ වයසට තරුණකමට ගැළපෙන කොල්ලෙක් හොයාගෙන යනකම් එයාව බලාගන්නෝන මං. එයා දෙපාරක් සුසයිඩ් කරගන්න ට්‍රයි කරපු කෙල්ලෙක්. පව් බිම්මා… 

 

මට එරන්ද ගැන දුක හිතෙයි. එපමණක් නොවේ. සසදී ගැන උනත්.. ජීවිතය අප සිතන තරම් සොදුරු නැත බිහිසුණු ද නැත. එරන්ද කවදා හෝ සසදි ඔහු අතැර යතැයි සිතයි. මා ද නයිල්ස් ළගට යාවියි බලාපොරොත්තු වෙයි. 

 

‘එතකොට එතනින් පස්සේ ඔයාට මොකද වෙන්නෙ.කවුද ඔයාට ඉන්නෙ? 

\

‘කවුරුත් හිටියත් නැතත් ඔයා මාව අමතක කරන්නේ නෑ කියලා පොරොන්දු වුණා නෙ

 

එරන්ද කපටියෙකි. ඔහු මගේ පොරොන්දුවෙන්ම මගේ ගෙළ ගැට ගැසුවේය.  මම සිනාසුණෙමි. පපුවට බරවී හිස තියාගත්තාම නින්ද ළගා විය. ඒ එරන්ද ගේ සිරුරෙහි තාපාංකය ට මා ඇබ්බැහි වී ඉන්නා 

නිසාමය. 

 

‘එහෙ ගියාම කවුද මෙහෙම ඔයාව නිදි කරන්නෙ

 

‘තනියම නිදාගන්න පුරුදු වෙනවා ඉතින්..

වායු සමිකරණයෙන් සීතල ඉහිරෙයි. එරන්ද ගේ හුස්ම ගන්නා ස්වරය වඩාත් සාමකාමී වෙයි. සමාන කාල අන්තරය. ඔහු දිගු නිිද්‍රාවකට වැටෙමින් හිඳියි. මට උවමනා වුයේ එරන්දගෙන් එක ප්‍රශ්නය ක් අහන්නටය. 

 

‘සසදි ඔයාගෙ ජීවිතේ නොහිටියානම් ඔයා මාව බදිනවද එරන්ද? 

 

 

 

 

මැදියම් රැයෙ මට ඇහැරිණි. එරන්ද නින්දේය. අපේ කට්ටිය මොන මොනවා කරනවාදැයි නොදනිමි. හිතේ බයකට තිබුනේ ලංකාවෙන් ස්වේච්ඡාවෙන්ම පැමිණ වැඩ කළ විශ්ව විද්‍යාල කෙල්ලනගේ ආරක්ෂාවය. කොහොම කීවත් මේ අපේ ග්‍රාන්ට්ලා එක විදියක කොල්ලන්ය. ලංකාවේ උන් තරමටවත් සංයමයක් නැත. 

 

මා යන්නට ගියේ විසිත්ත කාමරය දෙසට උනත් එහි සිදුවෙමින් තිබුණේ වෙනත් දෙයකි. මා ගැස්සී ගිය බව හැබෑය. ශෙයිලාත් අචලත් තම තමන්ගේ සීමා බිඳගෙන එකිනෙකාගේ අවකාශය න් තුල අතරමංවෙමින් සිටිනු පෙනිණි. ඉතින් එතැනින් ඇවිදයන්නේ කොහොමද ? මේ සිදුවීමෙන් පසු අචල ස්වීඩන් එනවාද නැත්ද යන්න තීරණය වනු ඇත. මා දන්නා තරමට අචල කිසිවිටෙකත් පළමු අවස්ථාවේදීම හිතට හරිනොයන කෙල්ලක වෙනුවෙන් දෙවන අවස්ථාව ක් දෙන්නේම නැත.

 

මා යළි කාමරයට ඇතුල් වෙන විටත් එරන්ද පුංචි බබෙකු සේ නින්දේය. මම ඔහුගේ නළල ඇස් තොල් රැවුල් කොට දෙස බලා උන්නෙමි. කන්පෙති, ගෙල , රෝස ඇගිලි, සිනිදු අත්ල කොල්ලෙකු නොවේ මේ එහෙම පිටින්ම බබෙකි. මම ඒ සුදු යටිපතුල් දෙස බලා හිදිමි. දිගු පා ඇගිලි දෙස අනිමිස ලෝචනයෙන් බලා හිඳිමි. එක් පා ඇගිල්ලක පා මුද්දකි. වම් පයේ වළලුකරට උඩින් ගැට ගැසු නුලකි. විලාසිතාවකි. ඒ සදාදරණීය රස්තියාදුකාර පිරිමියාගේ පතුල් මත හිස ඔබාගෙන මම බොහෝ වෙලා හිදිමි. 

 

‘බිම්මා…හ්. ඇයි මගෙ පැටියො.. 

‘දාලා යන්න ලෝබයි. මට ඔයාව.. 

‘ඇත්තටම මාව අත් අරින්න එපා බිම්මා.. තව ගොඩාක් ගොඩාක් කාලයක් මා එක්ක ඉන්න..

 

අප මොන මොනවා සිතමින් සිටියාදැයි නොදනිමි. ඇත්තෙන්ම අචල හො එරන්ද කණ්ඩායම් චාරිකාව යන්නට නොආවේය. මටද නර්මදා හමුවි මෙන්ම තව තව ලංකාවේ රාජ්‍ය ආයතන වලට ගොස් කරගන්න බොහෝ දේ තිබිණි. ශෙයිලා සහ අචල අතර යම් සමීපතාවයක් ඇති බව මම දෑසටම දැක ඇතත් නිහඩවී සිටියෙමි. මිනිස්සුන් ගේ පෞද්ගලිකත්වය අයිති ඔවුන්ටමය. මිහිරටද බොහෝ දේ මගහැරෙන නිසා දැන් , එරන්ද කමුබන්හි ප්‍රධාන වගකීම දරාගෙන වැඩ කරනු පෙනිණි. මේ දෙදිනෙහිම සවස් වරු මා ගතකළේ බම්බලපිටිය කමුබන් අවන්හලේ වුනත් එරන්ද එහි නාවේය. දුරකතනයෙන් සියල්ල කළමනාකරණය කරනු පෙනුණේය. 

 

කෘ එක නැති නිසාම නවාතැන පුරාවේම ඉතිරිව තිබුණේ, හුදකලාවකි. නයිල්ස් ට වීඩියෝ ඇමතුමක් ගනිද්දී ඔහු සේරා සමග රෑ බෝ වන තුරු වැඩ බවත් රාත්‍රියේදී බීමට කෝපි ගන්නට ආ බවත් පැවසුවේය. එහෙත් මා දුටුවේ නිවෙසක ප්‍රයෝජනයට තරම් බඩු භාණ්ඩ ට්‍රොලියක පුරවා ගෙන සිටිනා සේරාය. අවිශ්වාසය කටු අතුවී හිතේ එල්ලිණි. 

 

සේරා එක්ක නයිල්ස් එෆෙයා එකක් පටන් අරන්ද? නැත්නම් , ඒක ටෙම්පරි හැන්ගවුට් එකක්ද? සේරා එයාට බඩු ගන්න ඇතිද? ඒත්, එච්චර ග්‍රොසරීස් මොකටද? 

 

එරන්ද ගැන දැනගත් දවසක නයිල්ස්, මොන විදියට හැසිරේද? නොදනිමි. සේරාව ඔහු වේලාසනින් තෝරා ගත්තාද? මා කල්පනාවල ගිලී සිටියදී නොදැනීම නිදිමතකින් දෙඇස් පියවිණි. ඇහැරුණේ නවාතැනෙහි ඉදිරි දොරෙහි සීනු හඩටමය. 

 

‘බිම්මා..

 

එරන්දගේ කටහඩය. මම වහා දොර විවර කරමි. එරන්ද දෙදවසකින්ම දැක නැත. දැකි විගස ගෙලෙහි නොඑල්ලී උන්නේ මිදුලේ සිටි කිහිප දෙනෙකු නිසාය. මේ එරන්ද දකිද්දී හිතෙහි සිතුවිලි නටන්නට පටන් ගන්නේ නීතියක් රීතියක් නැති නර්තනයකි. 

 

‘බලන්නම ඕන වුනා.. ඒකයි. ආවෙ.. 

‘එන්න ඉතින්… 

‘බෑ බිම්මා.. මං ආවෙ ඩිලිවරි එකක් කරන්න යන ගමන්. අද කොල්ලො දෙන්නෙක්ම අඩුයි. ඉතින් මං රයිඩ් එකේ.. 

‘ඉවර වෙලා එන්න එහෙනම්

‘ගොඩාක් රෑ වෙයි.. ඔයා නිදා ගන්න..

‘ඉවර වෙද්දි බලන්නකො මං ඇහැරලාද කියලා

‘ඇහැරලා නම්..

‘එන්න..

 

ඔහු ලස්සනට හිනැහී ආපසු හැරී ගියේය.මමකම්මුලක් මගේ උරිස්සකට තද කරගෙන එරන්ද රැගෙන ආ කුඩා පුඩින් කප් එක විවර කළෙමි. මේ මොහොතේ මේ වගේ කෑමක් රස බලමින් සැප පුටුවක දෙපා උඩට ගෙන මම දෑස් පියා ගනිමි. ලංකාවෙන් යන්නට දින දෙකකි. නුවරඑළියෙන් චාරිකාව අවසාන කරන කෘ එක පාන්දර වන විට නැවත කොළඹට ළගා විය යුතුය. 

 

දුරකතනය නාද වුණේ නොසිතු අංකයකිනි. චානක්‍ය සඳතැන්න.. මේ මනුශ්‍යයා මේ මොහොතේ ඔහුගෙ පෞද්ගලික ජංගම දුරකතන අංකයෙන් වට්සැප් තුලින් මා අමතමින් සිටියි. කඩා පාත් වෙන්නට යන්නේ මොනාකාරයේ අකුණක්ද නං නොදනිමි. නමුත් බිම්මා කියන්නේ අකුණු පිට අකුණු පුපුරද්දී පොළවට කාවදින නයිට්‍රජන් ප්‍රමාණය කොතෙක් විය හැකිදැයි හිතු කෙනෙක් මිස බියපත් ව සැගවී ගිය කෙල්ලක නොවේ.

 

‘හෙලොව්

‘බිම්මාලි?

‘ඔව්…කවුද මේ

‘මං… චානක්‍ය. චානක්‍ය සඳතැන්න

‘ඕහ්… 

‘කොහොමද බිම්මාලි? 

‘මං .. හොඳින්.. අනේ සොරි ඇමතිතුමා මට ඔයාාග නම්බර් එක සේව් කරගන්න බැරුව ගිහින්..

‘ඉට්ස් ඕකේ.. මංම ඔයාට කතා කළෙ .. ඔයාට හෙට පුලුවන් ද මගෙ මිනිස්ට්‍රි එකට ටිකක් ඇවිත් යන්න.. 

‘හෙට? ම්ම්ම්.. මට වෙලාවක් දැනගන්න පුලුවන් ද?

‘මට හෙට ෆ්‍රී වෙලාවකට තියෙන්නෙ හවස හතර හමාරයි පහයි අතරෙ තමයි.. කමක් නැත්නම් ඔයා එනවද? 

 

මම මොහොතකට කල්පනා කළෙමි. 

 

‘හරි.මං එන්නං.. 

‘හරි

 

වැඩි කතාවක් නැතිවම චානක්‍ය උවමනා දේ කතාකර දුරකතනය විසන්ධි කළේය. ලංකාවේ දේශපාලනයක් කියා කිසිවක් නැති බවත් සිදුවන්නේ එකිනෙකා අතර සල්ලි හුවමාරු වීම සහ ඊය සාපේක්ෂව ඔව්නු පාර්ලිමේන්තුවේ හිදගන්නා පැති වෙනස් වීමත් බව මම විශ්වාස කරමි. චානක්‍ය සඳතැන්න එතැනින් එහාට ගිය මිනිසෙකැයි මට කිසිසේත් විශ්වාස නැත. කෙසේ වෙතත් , මම ඒ නොම්මරය සේව් කළෙමි. 

 

නයිල්ස් එදාද ගෙදර ආ බවක් නොපෙනිණි. මට සුසුමක් ගිලිහිණි. නයිල්ස් ගේ සිත මගෙන් ගිලිහෙනනවාදැයි නොදනිමි. එරන්ද ත් අහිමිව නයිල්ස් නුත් අහිමිව ගියහොත් මගේ ජීවිතයේ දැවැන්ත හිස්තැනක් ඇතිවෙතැයි මට සිතේ. එන දේකට මුහුණ දෙනවා! 

 

එරන්දගෙන් ඇමතුමක් නො ආ තැන මම ඔහුට කතා කළෙමි. 

 

‘මං හිතුව ඔයා නිදි කියලා

‘ඔයා නිදිද

‘හ්ම්.. හරී මහන්සී කෙල්ල. මං ආවා ගෙදර.. 

‘හා එහෙනං නිදියන්න.. 

‘බිම්මා

‘ම්ම්ම්

‘තරහද

‘මං? ඒ මොකටද අනේ?

‘නිදිමරාගෙන බලන් ඉඳල නේ

‘ඔව්. බලං හිටියා.  දෙයක් කියන්න ඕන වෙලා හිටියෙ

‘මොකක්ද

‘චානක්‍යම කතා කරල හෙට අපොයින්මන්ට් එකක් දුන්නා.. මිනිස්ට්‍රි එකට එන්න කියලා

‘කීයටද

‘හතරහමාරට.. 

‘ඌට පිස්සුද

‘ඇයි

‘හතරයි කාල වෙනකොට ඔක්කෝම ඔෆිස් වල එවුන් ගෙවල් වල යනව ඔය ඔෆිස් වල.. පාලු මිනිස්ට්‍රි එකකට එන්න කියන්නෙ ඔයාට ඔය. 

‘අනේ ළමයො.. ඔහොම හිතන්න එපා.  ඔයාත් යංකො මාත් එක්ක.. ඉතින්

‘මං යන්නෙ මොකා කියලද? මිනිහ කියල එක්ක යන්නැයි මොකො

 

මම මෙහා පැත්තේ බුම්මාගෙන නිශ්ශබ්ද වුණෙමි. එරන්ද කේන්ති කොටියෙකු මෙන් ගොරවමින් කුරු කුරු ගා මොනවාද කියවමින් දුරකතනය විසන්ධි කළේය. ඒ කේන්තිය මට ඇතිකළ සොම්නස ගැන සත්තකින් මට සතුටුය. එහි තේරුම මේ මිනිසා. මට පෙම් කිරීමමය. 

 

පසුදා දවල් වෙනතුරු මට නිදන්නට දෙන්නට තරම් කාරුණිකවු අපේ කණ්ඩායම නුවරඑළිය සිට පැමිණ තැන් තැන් වලට වී නිදා හිඳිනු පෙනිණි. අපේ ගුවන් ගමන් ටිකට්පත් වලට අනුව අප පහුවෙනිදා රාත්‍රියට ලංකාවෙන් නික්ම යා යුතුය. සවස, චානක්‍ය ගේ අමාත්‍යාංශය ට යා යුතුව ඇති බව මම නර්මදාට කීවෙමි. 

 

‘චානක්‍ය මොනව උනත් මාර දක්ෂ කොල්ලෙක්. කන්සෙප්ට්ස් එහෙම මරු

‘අවුලක් නැහැනෙ ගියාට

‘තමන්ට සෙට්වෙයි කියල හිතුණොත්, තමන්ගේ රහස් රකියි කියල හිතුණොත් පිරිමි ඔය කොයි මිනිහත කොයි ගෑනිවත් අවුල් කරන්න බලනව තමයි බිම්මා.උඹ දන්නවනෙ… මිනිස්සුන්ව තියාගන්නෝන තැන තියාගෙන වැඩ කරගන්න ..

 

මට ඉතින් එහෙම වැඩ කරගන්න පුරුදු නැත.එහෙම වැඩ කරගැනීමේ අවශ්‍යතාවක් මෙතෙක් හමුවීද නැත. මේ අල්ල පනල්ලේ නියෝජ්‍ය ඇමතිවරයා මොකාට එනවා වෙන්න පුලුවන් දැයි මම නිකමට හිතුවෙමි. එරන්ද ඒ වනවිටත් අමනාපයෙනි. මෝනින් පණිවුඩය ට හෝ ඉන්පසුව යැවු යුනිවර්ස් එකට සම්බන්ධ ග්‍රැටිටියුඩ් පින්තූරයවත් තැකිමක් නොකළේය. ඒ තරහ පෙන්වීමකි. ගමන්මලුත් සකසා පිළිවෙලට තියා, චානක්‍යගේ අමාත්‍යාංශය ට අයත් අමුත්තන්ට වෙන් කළ කොටසෙහි මම ආසනාරූඨ වී සිටියෙමි. 

 

‘එවනවකො බලන්න පින්තූරයක් .. අරුට කොහොම දැනෙයිද කියල බලන්න

 

ක්ශනිකව එහෙම පණිවුඩය ක් ලැබිණි. සිනාවක් ආවේය. මේ ඉරිසියාව ආදරයේ කොටසකි. නිදහසේ ඉගිලෙන්නැයි පරසක්වල ගැසුවාට අත්තටු සොලවද්දී නැගෙන හඩට පවා බිය මේ සියොත්වරයා ගැන මසිතේ ඇතිවෙන්නේ අපුර්ව ස්නේහයකි. 

 

‘ලිප්ස්ටික්එක රෝස පාට වැඩි..චුට්ටක් තෙතමාත්තු කරගන්නකො..අරූ ඔයාව හපයි. එච්චරට කියුට් ඔයා..

 

මා තනිව සිනහවෙමින් දුරකතනය දෙස බලා සිටියදී ආරක්ෂකයෙකුත් ලේකම්වරියකත් සමග චානක්‍ය සදතැන්න සිය කාර්යාල කාමරය දෙසට ආවේය. 

 

‘ආ ..බිම්මාලී.. විනාඩි පහක් ඔහොම ඉන්න ළමයො.  මං කතා කරන්නම් . මට එසේ කියා ,

 

නෙලායා, අර ඩොකියුමන්ට්ස් ටික ගේන්න සයින් කරන්න කියා ලේකම් වරියට කීවේය. ඕ මදෙසද බලා 

හිනැහී වහා ඇගේ මේසය අසල වූ ලිපිගොනුවක් පෙරළා බලන්නට පටන් ගත්තාය. දුරකතනය නිශ්ශබ්ද කර මම හමුවට සුදානම් වීමි. නෙලායා ලිපිගොනුව රැගෙන ගොස් ටික වෙලාවකින් මාවද කාර්යාල කුටියට කැඳවිණි.

 

 

‘ඉතින් ඉතින් බිම්මාලී, කොහොමද ? 

ඔහු ඇසුවේ ඇත්තටම මගෙ සුවදුක් දැනගන්නටමදැයි හදිසි ගැටලුවක් මතුවිණි. නැත්නම් අපේ සංවාදය පහසු වන පරිදිද? හරිහැටි නොදන්නා පුද්ගලයන් සමග ගණුදෙනු කරද්දී මට මේවගේ ප්‍රශ්න මතුවෙයි.

 

‘කවදද ෆ්ලයි කරන්නෙ

‘හෙට රෑට

‘අප්පා, මං හිතුව ඔයා තව සතියක් වත් ඉදීවියි කියලා 

‘නෑ, ඇමති තුමා. මං හෙට කෘ එකත් එක්කම යනව

‘අනේ බිම්මාලි, අපි අතරේ ලොකු ඒජ් ගැප් එකක් නැහැනෙ. ඔයා මට අද තිබිල හෙට නැතිවෙන ඇමති පට්ටමක් ඉස්සරහ ට දාන් කතා කරන්න එපා. මට චානක්‍ය කියන්න..

 

මම පසුව එසේ කතා කරන්න සිතා ගත්තෙමි. එවෙලේම නොවේ. 

 

‘නෙලායා, අපට කෝපි ලෑස්ති කරන්න …

 

මේසය මතවු දුරකතනය ඔහු කීවේය. 

 

‘බිම්මාලි, මං ඇත්තටම ඔයාට කතා කරන්න ඕන කිව්වෙ..ඔයාලා වගෙ තරුණ , අවබෝධයක් තියෙන කෙනෙක් මේ වෙලාවෙ ලංකාවට ඕන නිසා. දරුණුම ක්‍රයිසිස් එකකට පස්සෙ ලංකාව ගොඩනැගෙන්න පටන් ගත්ත විතරයි.. 

 

‘ඇත්තටම මං ක්‍රයිසිස් එක ආව විදිය ගැන පුදුම වුණා. 

 

‘ඔව්, එක අතකට ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ..

 

‘රටට ආදරයක් තියෙන මිනිස්සු දේශපාලනයට එන්න ඕන කියන එක මං හැමදාම විශ්වාස කළා. ඒ වගේම හැබැයි මං ලංකාව අප්‍රිකානු රටක් වැටෙන තත්වෙට වැටෙන්නෙ නැහැ කියනෙකත් මං හිතන් හිටිය දෙයක්..මොකද අපේ රටෙ සාක්ෂරතාවය ඉහළයි.දැන් ඉන්න තරුණ පරම්පරාව සෑහෙන ඉස්සරහින් ඉන්නවා

 

චානක්‍ය නැගිට ඔහුගේ මේසය අසල වු කබඩ් එකෙන් ලිපිගොනුවක් තෝරා ගත්තේය. පෙරළා බලා එයට තට්ටුවක් දමා මවෙත ගෙන ආවේය. 

 

‘මේක මංම හිතල හදපු ප්‍රොජෙකට් ප්‍රපෝසල් එකක්.. ඔයා මේක කියවල බලන්නකො. මට පුලුවන් මේකට ෆොරින් ෆන්ඩ්ස් ගන්න ඕනම විදියකට ඕනම රටකින්. මට මේක හැන්ඩ්ල් කරන්න හොඳ ඩිරෙක්ට කෙනෙකුයි ඕනෙ. ඔයා කැමති නම් ලංකාවෙ ඉඳගෙන මේක කරන්න. නැත්නම් එහෙ ගිහින් මේක හැන්ඩ්ල් කරන්න. ඔයාට මෙහෙ විසිට් කරන්න ඕනෙ දේවල් වලදී මට පුලුවන් එයාෆෙයා අකමඩේශන් රෙඩි කරන්න.එහෙම නැත්නම් , ඔයා ලංකාවෙ ඉන්නවා නම් ඔයාගෙ මෙහෙ අකමඩේශන් වෙහිකල් ඇරේන්ජ්මන්ට් හැමදේම පුලුවන් …

 

මම නෙත් නළලට නංවා බැලුවෙමි. චානක්‍ය මෙවැනි ව්‍යාපෘතිය කට අහම්බෙන් හමුුවුන මා තෝරාගැනීම අරුමයකි.

 

මං ඔයාගෙ කරියර් එක ගැන හොයල බැලුවා. ඔයාගෙ ප්‍රොෆයිල් එක කියෙව්ව. මං හිතන්නේ ඒ ‘හොඳටම ඇති අපට මේ ප්‍රොජෙක්ට් එකට

 

‘තැන්ක් යු මිස්ට චානක්‍ය

 

නිකන්ම චානක්‍ය කියන්න ට හිතෙන්නේ නැති නිසාම මම පොදුවේ යොදන නාමකරණය යොදා ගත්තෙමි. එයින් අප අතර ඇතිවිය යුතු මට්ටමේ දුරස්ත භාවයක් ඉබේ ඉතිරිවී තියෙනු ඇත. චානක්‍ය කෝපි බොන අතරතුර මිතුරෙකුසේ කතා කළේය. ඔහු මට සමාන වයස් සීමාවක සිටි අතර අපේ ළමා කාලය දැන් ළමයින්ට අහිමිවී ඇති හැටිත් අපේ අධ්‍යාපන ක්‍රමය තුල මීට වඩා අඩු පීඩනයකින් යුක්ත විෂය කරුණු යොදා ගැනීමටත් අනවශ්‍ය දෑ අයින් කර අවශ්‍ය දෑ සහ නුතනයට ගැලපෙන දෑ ඊට එක්කළ යුතු හැටිත් කියා සිටියේය. 

 

‘මං ඔයාට එහෙ ගිහින් දවස් දෙකතුනකින් මේකට හරියටම උත්තරයක් දෙන්නම්. මොකද මං ටිකක් ඇනලයිස් කරල බලන්න ඕනෙ මේක එක්ක මගෙ අනිත් වැඩ බැලන්ස් කරගන්න විදිය. 

 

මට දුරකතනයට අවධානය යොමු කරන්නට ඉඩ ලැබෙන හැමවිටම එරන්දගෙන අලුත් කෙටි පණිවුඩය ක් ලැබී තියෙනු දක්නට ලැබිණි. සමහරක් ඒවාට සිනහ නැගෙන නමුත සමහරකින් මා කේන්ති ගැස්විමට. පුලුවන් බව ඔහු දැන සිටියේය. 

 

චානක්‍යගේ අමාත්‍යාංශයෙන් පිටතට පියවරක් තැබු සැණින් මම එරන්ද ඇමතුවෙමි.

 

‘මොකද මැරෙන්න හදන්නෙ මනුස්සයො

‘මැරෙන්න ම වැටිල ඉන්නෙ

‘කොහෙද

‘ඇයි අහන්නෙ

‘අවසාන වතුර ටික කටට දාන්න මැරෙන්න කලින්

‘වස ටිකක් දාල යයි දැන් ඇමතියා ගාවට 

‘බුරු කතා කියන්නෙපා 

ඔහු සිනාසෙනු මට දැනෙයි. ඇත්තටම ප්‍රේමය ඉදිරියේ මිනිස්සු කොයිතරම් ලද බොලද වෙනවාද? 

 

‘දැන් කොහෙද යන්නෙ

‘හොටෙල් එකට

‘මං බම්බ ඉන්නෙ

‘ම්ම්ම්

‘එන්නකො.. මං ඔයාව ඩ්‍රොප් කරන්නම් 

 

මම බම්බලපිටිය කමුබන් රෙස්ටොරන්ට් එක වෙත ගියෙමි. එතැන දැන් හැමවිටම සෙනග පිරී සිටිති. එරන්ද මුහුදු වෙරළ පැත්තේ සිට මට කතා කළේය. අපි අසල ඇති වැටකේ හෙවණට ගියෙමු. සවිමත් ව වැඩුණු වැටකේ ගහක හිදගත් ඔහු මවෙත ආරාධනාත්මක බැල්මක් බැලුවේය. 

 

මම මගේ බෑග් එකෙන් ගත් ලිපිගොනුව ඔහුට පෑවෙමි. 

 

‘මොකක්ද

‘බලන්නකො

‘අම්මට හුඩු.. මේක ලංකාවෙ කරන්න ඕනෙ කියනවද

‘හ්ම්.. ඒ විතරක් නෙමෙයි.. ඒකෙ ප්‍රොජෙක්ට් ඩිරෙක්ට වෙන්නලු

 

දෙවරක් නොහිතාම එරන්ද මා වැලඳගත්තේය. අපේ ආහාර සංස්කෘතිය හා බැඳුනු විද්‍යාත්මක වටිනාකම් පිලිබඳ තොරතුරු අන්තර්ජාතික ප්‍රජාවට ගෙනයාමට මේ ව්‍යාපෘතිය යෝජනා කළ බව චානක්‍ය පැහැදිලි කළ බව මම ඔහුට කීවෙමි. 

 

‘මේක ටීවි චැනල් එකක් එක්ක කතා කරල කුකින් කම්පිටිශන් එකක් එක්ක යන්න පුලුවන් වැඩක් බිම්මා

 

එරන්ද කීවේ මන්ද්‍ර ස්වරයකිනි. 

 

‘එයා කියන්නෙ එහෙ ඉදන් මෙහෙ අයව කෝඩිනේට් කරගෙන කරන්න කියලා

‘ඔව් ඉතින් මුලු ජීවිතේම මේ ප්‍රොජෙක්ට් එකට යට කරන්න බෑනෙ

‘එහෙනම් මගෙ කෘ එකට මං ඔයාවත් ඇඩ් කරගන්නං

 

මා කීවේ සෙමිනි. එරන්ද ප්‍රමාද වෙන බව දුටු නිසා මම කැබ් රියක් ඇප් එකකින් දමාගත්තේ නවාතැනට යන්නටය. ඒ දැක රවුම් මුහුණ හතරැස් වෙනුත් ඇස් වල සතුට ගිලී යනුත් පෙනිණි. 

 

‘මට මහන්සි.. බැගේජ් පැක් කරලා නිදියන්නෝන

‘දැන් ඔයා මට ආදරේ නෑ

‘ඔයා ඉස්කෝලෙ යනකාලෙ මොබිටෙල් සිම් එකක් පාවිච්චි කළාද? 

 

මා ඇසුවේ එක්වරමය. එරන්දගේ මේ හැසිරීම අස්සෙන් ජානුව පේන්නට පටන් ගන්නා එක දරන්නම බැරි තැන් වලය. එරන්ද මදෙස බැලුවේය. ඇස් සිහින් කළේය. අමුතුවට හිස ගැස්සුවේය.

 

‘ඔව් ඉතින් ඒ කාලෙත් මට මොබිටෙල් , ඩයලොග් සිම් දෙකක්ම තිබ්බ.ඇයි එහෙම අහන්නෙ

 

නිකම් ඇහුවෙ.

නිකම්? නිකම් අහන්නවත් ඒක ප්‍රශ්නයක්ද අනේ.. ලංකාවෙ කමියුනිකේටින් පාට්නර්ස්ලා කියලා මහගොඩක් නෑනෙ

 

මම සිනහවී කැබ් එකේ නැගී නවාතැනට ආවෙමි. බඩුමුට්ටු පැක් කරගත්තෙමි. චානක්‍යගේ ව්‍යාපෘති වාර්තාව කියවා බැලුවෙමි. රාත්‍රිය ළගාවෙද්දී කණ්ඩායමේ හැමෝටමත් මටත් රෑ කෑම ගෙනෙන්න කාරුණික වු අචල ගැන ස්තුතිවන්ත වීමි. අචල චාරිකාව යන්නට නො ආ එක ගැන ශෙයිලාට කනගාටුවක් නැත. එහෙත් ඔහු මෙහෙම පැමිනීම ගැන ඇය සතුටිනි. මේ ගෑනු ළමයාගෙනුත් ජීවිතය ට ඉගෙන ගන්නට දෙයක් ඇතැයි මම තේරුම් ගෙන සිටියෙමි. 

 

‘දැන් මොකද කියන්නේ ? එහෙ පාට්නශිප් එක මම බලන්නද?

‘දැන්ම එපා

‘මෙ ඔය එන්නැත්නම් වෙන කවුරු හරි දාලා හරි මං ඒ වැඩේ කරන්නෝන

‘හරි ඉතින් ඒ ටික වෙනකොට බලමුකො

 

අචල එහෙමය. යමක් පසුපස දිවීම අඩුය.  රාත්‍රියේ සියල්ල අහවරව අපි තැනින් තැනට වී සිටියෙමු. මට දැඩි කාන්සියක් දැනෙමින් තිබිණි. එරන්ද කර මුලටම සිරවී සිටි බව දනිමි.

 

‘බිම්මට තමයි දාලා යන්න බැරිම අය ඉන්නෙ ඉතින්

‘ඒ කවුද මට ඉන්නෙ 

‘නෑ ඉතින් මේ ඔයාගෙ රටනෙ

‘රට විතරද එතකොට එරන්ද? 

 

ඒ ඇසුවේ කුඩා ඉන්ටර්න් කෙල්ලකි. මම සිනහවී අචල දෙස බැලුවෙමි. 

 

‘පේනව නේද අපි අවට කොච්චරක් ඇස් තියෙනවද කියල

 

ඔහු සිංහලෙන් කීවේය.මම සිනාසුණෙමි. 

 

‘රැ වෙලා එනව කිව්වා මේ පැත්තෙ..

 

එරන්ද නැති එක ගැන ඔහු කම්පා වෙමින් සිටියෙය. මා සිටියේද අවුලෙනි. අදද ෙනාඑනවා නම් ආයේ කවදා එන්නද? වේදනාවේ කැරකෙන කුණාටු නැගෙන්නට දගලන නමුත් මම ඉන් මිදෙන්නට කරුණු සොයමින් සිටියෙමි.

 

රාත්‍රීන් එහෙමටම කළුවර නැත. එරන්ද ආවේය. ඔහු එනවිට අචල ශෙයිලා සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොසිනි. අනික් අයද නවාතැනේ සිටියාට නොසිටියාක් මෙනි. 

 

‘ඒ කියන්නේ යන්න හැමදේම ලෑස්තියිනෙ

‘හ්ම්

‘මේ පාර ගිහාම නම් මොකක් හරි ඩිසිශන් එකක් ගන්න වෙයි

‘ඒ කිව්වෙ

‘නයිල්ස්ව බදිනවනද නැද්ද කියලා

‘ඇයි එ්.. ඒක ඉතින් ඔයාට බලපෑමක් නැහැනෙ 

‘මට නං නෑ.ඒත් ඔයාට තියෙනවනෙ

‘ඒ කොහොමද

‘කවුද බිම්මා දන්නෙ , ඔයා අර ප්‍රොජෙක්ට් එකට ආවොත් චානක්‍ය එක්ක ඔයාගෙ හැදෙන රිලේශන්ශිප් එක කොයි විදියෙ එකක් වෙයිද කියලා..

 

මේ ඔහු විහිලු කරනවා නොවේ. මට ඇත්තටම කේන්ති යන්නේ එබැවිනි. 

 

‘පිස්සු දොඩවන්න එපා අනේ..ඕකෙ අනික් පැත්ත ඔයා මොන කන්ඩිශන් එක යටතෙ හරි සසදිව කසාද බදින්න තීරණය කරල ඉන්නවා කියනෙකනෙ.

 

‘එහෙම නෑ

‘නැත්තෙ මොකද

‘හෙට මට එන්න වෙන්නැතිවුනොත් ආයෙ එනකම් අපිව හම්බ වෙන අන්තිම දවස අද.

‘ඉතින්

 

මගේ මුහුණට සිනා තෙතක් තවරමින් එරන්ද මගෙ බඳ වටා සිය අත දැමුවේය. මම දෑස වසා ගනිමි. මේ විඳීම මගේ ජීවිතය මෙයාකාරයෙයන් වෙනස් කරන්නේ මන්දැයි මට සිතාගනු නොහැකි වෙයි. අපි එකිනෙකාට තුරුල්වී එකිනෙකා තුල කිමිදී බොහෝ වේලා ාගවා දමා ආයෙම හිරු එළිය ගලන තුරුත් පැරණි තරු එළි වල ආලෝක කිනිති වලින් නැහැවී සිටියෙමු. පසුව, සමුගත්තෙමු. 

 

‘ශෙයිලා ඇවිත් නෑ.. මේ අචල එහෙම මොනාවත් කේස් එකක් දාගන්න එකක් නෑනෙ. 

 

දෙදෙනා හොදටම බී මත්වී නටනටා හිද සොම්බීන් සේ වැනි වැනී එනතෙක්ම බියෙන් සිටියේ මුකේශ්ය.රාත්‍රියේ ගුවන් තොටුපලට එන තෙක්ම එරන්ද ත් මාත් සිටියේ පනිවුඩ ගුහාවකය. 

 

‘ඔයාට මේ වතාවෙ මං යද්දි දුක නැ

‘නෑ නෙමෙයි කෙල්ල

‘’එහෙනම් 

‘එයි කියලා හිතෙනව ආයෙමත් 

 

මම සුසුමක් හෙළමි. නයිල්ස් සහ මා අතර කුමක් සිදුවෙයිද නොදනිමි. ලංකාවෙන් ලැබුණු ව්‍යාපෘතියෝජනාව ගැන මා නයිල්ස්ට කියන්න හිතා ඉන්නේ මුහුණ ට මුහුණ බලාගෙන බියර් ජෝගුවක් අත පොවන මානයේ තියාගෙනය. ගුවන් පථයෙන් යානය නික්මුණ සැණින් ලංකාව හා තිබෙන අල්පමය බැඳීම් විසන්ධි වෙයි. ගුරුත්වාකර්ෂණය තරමටම නියතව සිටින්නේ එරන්ද පමණයි. 

 

කලින් කියා තිබු පරිදි ආයතනයේ වාහනයකින් අපව අපේ නිවාස දක්වා ඇරලවිමට නියමිතය. පසුවදාම රාජකාරි සදහා වාර්තා කිරිමට සුදානමිනි මා නම් සිටියේ. මගදී ට්‍රාන්සිට් එකේදි කතා කරගත් පරිදි නයිල්ස් අත්‍යාවශ්‍ය රාජකාරියකට නගරයෙන් බැහැර ගොසිනි. ගෙදර යතුර අප වෙනදා තියා යන තැනම තිබේ. එරන්ද නොනිදා බලා සිටියේ ආයේ මගේ. කටහඬ අසන්නට බව ඔහු කීවේය. ඉතින්, මම ගෙදර ගිය පසු මුලින්ම කළේ ඉන්දිය සාගරයේ කුඩා ලස්සන දූපතේ බලා ඉන්නා ඒ හුරුබුහුටි මනුශ්‍යයා ඇමතීමය. 

 

‘අරය නැද්ද? 

‘නැහැ

‘ඇයි

‘සිටි එකෙන් එලියට ගිහින් ලු

‘අර මොකද

‘වැඩකට

‘ඔයා එන දවසෙත් ගෙදර නැද්ද එයා

‘එහෙම තමයි මෙහෙ ඉතින්

‘එයා ඔයාට ආදරේ නැහැ බිම්මා 

‘ඔයාද වැඩියෙන් ආදරේ මට

‘ඕ

‘ඇයි එහෙනම් මාව තියා ගන්නැත්තෙ ඔයා ළග

‘කවදක හරි පුලුවන් වෙයිද මන්ද

 

මම සිනාසීමි. ලෝකයේ එක් පුංචි තැනක එක් පුංචි හදවත් මිටක් මා නමින් ගැහෙනවායැයි සිතුවෙමි. ඒ ඇතිය. ගෙදර දින දෙකතුනකින් කිසිම සිදුවීම ක් සිදුවී නැත. බැලුබැල්මට නයිල්ස් දෙසතියකින්වත් හරියට ගෙදර සිට නැතැයි මට සිතිණි. සියලු දේහි අමුත්තක් තියේ. ඔහු එන්නට නියමිත දෙදවසකිනි. මම හිතාමතාම ඔහුගේ කාර්යාලය ට පසුදා ගියේ, සේරා ට මෙන්ම නයිල්ස්ගේ ප්‍රධානියා ටද ලංකාවෙන් මිලට ගත් අගනා හෑන්ඩ් ලුම් සළු දෙකක් ත්‍යාග වශයෙන් අරගෙනය. දෙදෙනාම ඒ වනවිට නොසිටි නමුත්, රිසෙප්ශන් එකේ ඉන්නා සොදුරු ලඳ චෙල්සි කීවේ "අනේ බිම්මා ඔයා කොතරම් හොඳ කෙල්ලක්ද" කියාය. නැත. මා හොඳම කෙල්ලක නොවේය. මා අතින් නයිල්ස් රැවටී තිබේ. මගේ හෘද සාක්ෂිය මට මා හොඳ කෙල්ලකැයි කියද්දී නගන සරදම් සිනහව මට ඉහිලිය නොහැකිය. 

 

චෙල්සි මට පසුව කතා කරන්නම්ය කීවාය. මම ඇගෙන් සේරා කොහිදැයි නොවිමසුවෙමි. කෙලින්ම කාර්යාලය ට ඇවිද යමින් සිටියෙමි. විඩියෝ ඇමතුමක් හරහා එරන්ද සම්බන්ධ වුයේ ඒ අතරතුර ය. 

 

‘අරු ආවෙ නැද්ද? 

‘තාම නෑ.. හෙට නෙමෙයි අනිද්දාලු එන්නෙ.

 

අරයා අරු බවට වෙනස් වුයේ මන්දැයි මා එරන්දගෙන් ඇසුවේද නැත. අප ශ්‍රී ලංකාවේ පැවැත්වු වැඩසටහන සාර්ථක වීමෙ සතුට සමරන්න වහාම සාදයක් පවත්වන්නට ඕනැය කියා පෝල් කීවේය. රාජ්‍ය තාන්ත්‍රිකවද පැසසුම් ලැබී ඇති වග කියැවිණි. ඒ වුනත්, සාමාන්‍ය අන්ධකාරය පවා මට දැනුණේ වෙනදාට වඩා කළුවරටය. නයිල්ස් ගෙදර නැතිවීම සමග මට සාංකාවක් ඇතිව තිබුණාක් මෙනි. 

 

එහෙත්, මගේ ඉන්දියානු සම්භවයක් ඇති යෙහෙලියක වු සෝනක්ෂි හදිසියේ දුරකතන ඇමතුදී වයින් බෝතලයක්ද රැ කෑම මෙන්ම, සීතල බීම වර්ගයක්ද රැගෙන මා බලන්නට ආවාය. ඕ නයිල්ස් නගරයෙන් පිටතට ගිය වග දැනගන සිටි බව පෙනිණි. අප එකම උසස් පාසැලක උගත්තෙමු. සෝනක්ෂි ගේද සැමියාත් කුඩා දරුවාත් ඉන්දියාවට ගොස් තිබුණේ ලගම නෑදෑයෙකුගේ විවාහ මංගලෝත්සවයකට ය. මට සිටියේ අරය අවම මිතුරු කවයකි. කොන්ටිිටියට වඩා කොලිටිය නඩත්තු කරනවාය කියා හදාගත් ස්ලෝගන් එකකුත් මිතුරියන් ගැන මට තිබිණි. නර්මදාද එහි කෙනෙකි.

 

‘නයිල්ස් වෙනස් වෙලා සෝනු.

 

මා කීවේ සෙමිනි. සෝනක්ෂි ඇගේ පුලුල් නළල මතට වැටී තිබු රැළි කෙහෙ රොදක් මෑත් කළාය. 

 

‘එතකොට ඔයා? ඔයා වෙනස් වෙලා නැද්ද? 

‘හ්ම්ම්ම්.. ඒකත් ප්‍රශ්නය ක් තමයි..

‘මට හිතෙන්නෙ ඔයායි නයිල්ස්නුයි දෙන්නට දෙන්න ආදරෙ කළෙ නෑ

‘එතකොට?

‘අපි තුන්දෙනා එකටමනෙ හිටියෙ බිම්මා. මං  දැක්කනෙ ඔයාලාගෙ බැදීම කොයි වගෙද කියනෙක

‘ඒකත්ඇත්ත තමයි ඉතින්

 

 

සෝනුත් මාත් රෑ වෙනතුරු කතා කරමින් සිටියත් මම එරන්ද ගැන ඇයට නොකියා සිටියෙමි. මොකක්ද මන්දා හේතුව ක් මාව එයින් වළකාලනු දැනිණි. 

 

‘මංආවෙ වැදගත් දෙයක් කතා කරන්න

‘මං ඒත් බැලුව ඔය ඩයලොග් එක පරක්කු මොකද කියලා

‘බිම්මා, ඔයා ඉන්නෙ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක…

 

මම ගැස්සී ගියෙමි. ඒ කුමනාකාරයේ හැරවුම් ලක්ෂ්‍යයක්ද නොදනිමි. 

 

‘බිම්මා, ඇත්තටම කියනවා නම්, නයිල්ස් නගරනේ පිටතට ගියෙ වැඩකට නෙමෙයි පදිංචියටම…

 

එය හිතාගන්නට බැරිව මම මොහොතකට ගල් ගැසුණෙමි. එතකොට මේ නයිල්ස් ම රජයෙන් ලබාදෙන නිවාස ණය ක්‍රමයට මිලට ගෙන ඔහුම ණය ගෙවා අවසාන කළ නිවස.. මෙය අතැර ඔහු වෙනම පදිංචියට යන්නේ ඇයි? තිබිය හැක්කේ එකම හේතුව කි. නයිල්ස් පසුගිය කාලයේම සිටියේ අවුලෙනි.ඒ අවුල ඒ හේතුව නිසාද?

 

‘සෝනු, ඉතින් ඇයි එයාම නොකියන්නෙ?

‘එයාට ඒකට හයියක් නෑ බිම්මා. ඔයා දන්නවා එයා කොයි වගෙ කෙනෙක්ද කියලා

ඔව්.ඒත් හේතුව මොකක්ද? අඩු ගානෙ බ්‍රේකප් වෙනවා කියන්නෙවත් නැතුව එහෙම යන්න

 

සෝනක්ෂි සුසුමක් හෙළුවාය. 

 

‘නයිල්ස් තාත්තෙක් වෙන්න යනව. 

 

මට ඇසුණු දේ හරිම දැයි දැනගන්න මං ආයේ මොහොතකට ගල් ගැසී බලා සිටියෙමි. ලෝකයේ රටවලි සමඅහයක ඇවිද ඇති ශක්තිමත් ගැහැනියක විදියට මීට ප්‍රතිචාර දැක්විය යුතුද නැත්නම් ගමේ ගොඩේ ගැහැනියක් වාගේ බොරුවට සාප කර දැගලිය යුතුද නොදනිමි. 

 

‘හරී,  හ්ම්ම්… එතකොට ඒ නිසා එයා මෙහෙන් ගියා එහෙමද?

‘එයාට කාලයක් ඕන වුණා. හැමදේම ෆික්ස් කරගන්න. 

‘මට එයා එක්ක කතා කරා නම් හොදයි වගෙ

‘අපි මිනිහව මුණ ගැහෙමු.

 

යාලුකම ප්‍රේමයකට පෙරළා ගන්නට නයිල්ස්ද මා මෙන්ම වෙහෙස වෙන්නට ඇතැයි මට සිතෙයි. ඔහු වෙනත් ගැහැනියක හා යහන්ගතවී දරුවෙකු ඇගේ කුසට දීමට තරම් ප්‍රේම කරන්නට ඇත. 

‘බිම්මා, ඔයා ට වෙන කවුරුත් හරි ඉන්නවා ද?

 

මම සෝනක්ෂි දෙස බැලුවෙමි. ඇය එහෙම අහන්නට හේතුවක් නොදැනෙයිි. 

 

‘අඩුම ගාණෙ ඔයා ඇහුවනං නයිල්ස්ගෙ දරුවගෙ අම්ම වෙන්න යන්නෙ කවුද කියල මට හිතාගන්න තිබුණ ඔයා නයිල්ස්ට ටිකක් හරි ආදරෙයි කියලා.. ඒත් ඔයාට ඒක ආවෙ නෑ. එහෙම වෙන්න නං ආදරේ සම්පුර්ණයෙන් හිස් වෙලා තියෙන්නෝන … ඔයා ඉන්නෙ එතනද ම්ම්? 

‘ඔයා කිව්වමයි මටත් ඒක ඔලුවට ආවෙ.. ඇත්තටම මට ඒක දැනුණෙවත් නෑ.. ඒ කියන්නේ මං ඇත්තටම නයාල්ස්ට ආදරේ කරලා නැද්ද? 

 

‘සමහර විට.. අනේ මන්දා. ගෑනු පිරිමි සම්බන්ධතා හරි සංකීර්ණ යි. මං සාමාන්‍ය ඉන්දියානු ගෑනියෙක් .. 

අර්ජුන් වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන ළමයෙක් හම්බෙන්න එනවා කියලා දැනගත්තොත් මට නම් පිස්සු හැදෙයි. 

 

‘නයිල්ස් දරුවන්ට කැමැත්තක් තිබුණෙ නැැහැ

‘ඒකත් දන්නවා මම. මං හිතන්නේ මේක අත්වැරදීමක් 

‘අත් වැරදීමකින් දරුවෙක් හට ගන්නව කියන්නේ ලොකු කතාවක් ඉතින් 

 

සෝනාක්ෂි ආයේ හුස්මක් හෙලුවාය. 

 

‘ඔයා නැති කාලෙ නයිල්ස් වැඩ ගොඩක හිරවෙලා ඉදලා තිබුණෙ. හැම වෙලාවකම සේරා එක්කමනෙ හිටියෙ. මේ අතරෙ සේරාගෙ අක්ක එන්න යන්න පටන් අරන් තියෙනවා ඔෆිස් එකට. එයා සාමාන්‍යයෙන් ඇවිත් ලොබි එකේ ඉදගෙන ඉන්නවා ලු ..සේරා වැඩ ඉවර වෙනකම්.මෙයාලා අතරෙ ලොකු ෆ්‍රෙන්ඩ්ශිප් එකක් හැදිලජ තියෙනවා. සේරායි අක්කායි නැවතිලා හිටිය අපාට්මන්ට් එකේ නයිල්ස් නුත් ගිහින් පාටි කරල එහෙම තියනව. සමහරවිට පියවි සිහියෙන්ද නැත්ද මංද සේරාගෙ අක්ක එක්ක නයිල්ස් සෙක්ස් රිලේශන්ශිප් එකක් ඇතිවෙලා තියෙනවා. 

 

‘රිලේශන්ශිප් එකක් විදියට පටන් අරන්ද නැත්නම් ඉන්සිඩනට් එකක් විදියට සිද්ද වෙලාද

 

‘ඒක නම් මං හරියටම දන්නෙ නෑ. කොහොම වෙතත් දැන් ඒ ගෑනි ප්‍රෙග්නන්ට්.. සේරා පවා අක්කා එක්ක තරහ වෙලාලු ඉන්නෙ ඒ සීන් එකට. දැන් එයාට යන එන පාරක් නැ. ළග නෑයෙක් වත් නෑනෙ.. 

 

‘එතකොට දැන්, සෝනු.. නයිල්ස් සේරාගෙ අක්කා එක්කද ඉන්නෙ

 

‘හ්ම්

 

මම නෙත් තදකර විවර කළෙමි. මාත් එරන්දත් අතර ඇතිවු සම්බන්ධයට සමාන දෙයක් ඔවුන් අතර ඇතිවෙන්නට ඇතැයි මම හිත හදාගන්නට උත්සාහ කරමි. එහෙත් අවට ගිනිකඳු පුපුරනවා දැනීම අසාමාන්‍ය ය. සමහර විට එය අතහැර දැමීමේ, මෙන්ම ඉහට වහලක් අහිමි වීමේ වේදනාව විය හැකිය. අනෙක් අතට මා අතින් රැවටීමට ලක්වු කෙනෙකු අතින් අනික් පසට රැවටීමට ලක්වීමේ ප්‍රතිවිපාකය අත්විඳීම විය යුතුය. සාහසිකත්වය කොපමණ ද කියනවානම්  මා එරන්ද ට හෝ කතා කළේ නැත. එහෙම ගෙවෙන මැදියම් රැයෙහි, දොරට තඩිබාන හඩට අපි ගැස්සුනෙමු. සෝනු සිටියේ සාලයේ ඉන්දියාව සහ එංගලන්තය අතර ක්‍රිකට් තරගයක් නරඹමිනි. මා සිටියේ වයින් වලට මත්වී බමන හිසින් හිසරදයකිනි. දොරට ගසන ලද්දේ කවුදැයි අනුමාන කරන්නට පුලුවන් ද? 

 

ශෙයිලා.. දෙවියනේ.. ඒ ශෙයිලාය. මා කිසිම ශබ්දයක් නොනගන තැන එම්බියුලන්ස් එකකට අමතන්න පෙර ශෙයිලා මා සොයා මේ ඇවිත් ඇත්තේ ලංකාවේ සිට කලබලවී සිටින එරන්දගේ නිමක් නැති කරදරය නිසාය. 

 

‘දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න, එයාට කිසිම කරදරයක් නෑ.. 

 

එවෙලේම අනික් අතට අචලව හෝ එරන්දව අමතන ශෙයිලා දෙස බලා හිඳි සෝනක්ෂි මදෙස විස්මයාන්විත බැල්මක් බැලුවාය. 

 

‘දැන් ආපහු යන්න ඕන නෑ ශෙයිලා.ඔහොම්මම ඉඳලා උදේ මා එක්ක ඔෆිස් යමු

මම ඇයට කීවෙමි. ඊට වහා එකගවු ඇය අපේ කබඩ් එකකින් වයින් විදුරුවක් ගෙනැවිත් ඊට වයින් හලා ගත්තාය. සෝනක්ෂි සිදුවු දේ යළි ඇසුවේ ශෙයිලාගෙනි.ශෙයිලා ද එරන්ද ගැන නොකියා සිටින්නට ප්‍රවේසම් සහගත වුවාය. 

 

‘අපි ඉතින් ශෙයිලාට හංගන්නෙ මොකටද, මං ලංකාවෙ හිටිය කාලෙදි මෙහෙ ගොඩක් දේවල් සිද්ද වෙලා.. අවුරුදු ගානක් මා එක්ක ජීවත් වෙච්ච මනුස්සයට වෙන ගෑනියෙක්ට හිත ගිහින්. ඒකට මං වැරැද්දක් කියන්නේ නෑ. ඒත් අඩු ගානෙ පැදුරටත් නොකිය යන්න කලින් මට ටිකක් කියන්න තිබුණ. දැන් ඉතින්,  මාත් හෙට ඉදල යන්න තැනක් හොයා ගන්න ඕනනෙ..

 

මට කියවෙන්නට ඇත්තේ හිතේ වු පීඩනයටය. 

 

‘ඔයා අපේ කම්පනි එකට කරල තියෙන දේවල හැටියට එයාලා ඔයාව රැජිනක් වගෙ බලා ගනී බිම්මා. ඒ ඔක්කෝම ට වඩා අර ලංකාවෙ ඉන්න මනුස්සයා .. ඒ මනුස්සයා පිස්සෙක් වගේ ඔයාට ආදරෙයි.. දවල් ඉදල ෆෝන් එක ආන්ස කරන් නැ කියලා හොදටම බය වෙලා අචල ලව්ව මට කතා කරල මාව ඔයාව බලන්න රෑ එකට මෙහෙ එව්ව කියන්නේ .. ඒක ඇත්තම ආදරයක් නෙමෙයිද බිම්මා. ඔයා එයාව කසාද බැදලා මෙහෙ එක්ක ඇවිත් ජීවත් වෙන්න.. 

 

ශෙයිලාට වැරදිණි..  සෝනක්ෂි පුදුමයෙන් බලා උන්නාය. ඕ මාව අල්ලා ගත්තේ ඇසට ඇස තියා මිදුලේදීය. 

 

‘එතකොට, ලංකාවෙදි එහෙම එකකුත් වෙලානේ.. 

 

‘නෑ සෝනු..ඒක මේ…

 

‘ඒක කොහොම එකක් වුනත් මට හිතෙන්නේ ඒ හැමදේම වෙලා තියෙන්නෙ හොදට කියලා.. කොහොමත් නයිල්ස් මේ ගෙදරින් ඔයාව යවන්න තරම් කෘර මිනිහෙක් නෙමෙයිනේ..නයිල්ස් කවදාවත් ඔයාට යන්න කියන්නේ නෑ. එයා හිතන්නේ මේ හැම භෞතික ලබාගැනිමක්ම පස්සෙන් ඔයා හිටියා කියලා..

 

මම දිනක් දෙකක් නැත්නම් තුනක් ඔහේ එකතැනටම වී ජීවිතය දෙස බලා හිඳියෙමි. දුරකතනය වසා දමා කාමරයෙන් විසිත්ත කාමරයට එයින් පැන්ට්‍රි එකට නානලකාමරයට යළි නිදන කාමරයට යනවා එනවා මිස කිසිත් නොකළෙමි. සෝනක්ෂි මා සමග ඒ හැම දිනක්ම සිටියාය. අවසානයේ අපි සාප්පු සවාරි ගියෙමු. ආයෙමත් මල් කඩයෙන් මල් පොකුරු ගෙන ආවෙමු. ටිකින් ටික නයිල්ස් නැතිව ජීවත් වෙන්නට මම හුරුවෙමින් සිටියෙමි. 

 

පෝල් සමග විවෘතව කතා කරද්දී ඔහු කීවේ මෙවැනි සිදුවීම් ජීවිතයේ දී සාමාන්‍ය බව අප තේරුම් ගත යුතු බවය. තවදුරටත් මගේ හිතේ සහනය වෙනුවෙන් වෙනත් රටක ව්‍යාපෘතියක් වෙනුවෙන් මාව අනුයුක්ත කළ හැකි බවත් ඒ ගැන තීරණයක් ගෙන පවසන්නැයි කියාත් කියා සිටියේය. 

 

‘මට ඔයාව මීට් වෙලා ටිකක් කතා කරන්න පුලුවන් ද?

‘මට තාම අමාරුයි ඔයාට මුහුණ දෙන්න

‘වෙච්ච දේවල් ගැන මං අහිතක් හිතන්නේ නැ නයිල්ස්

‘මට මං ගැන ගැටලු තියෙනවා බිම්ස්

 

නයිල්ස් මා මගහැරියේය. මම දුරකතනය ක්‍රියාත්මක කළෙමි. ඒ දින පහකට පසුය. මා බලාපොරොත්තු වු තරම් වට්සැප් පණිවුඩ එරන්දගෙන් ලැබී නොතිබිණි. එය හිතේ කුඩා කඩ ඉරක් තරමේ පලුද්දක් මතු කළේය. මා එය අමතනවාද නැද්ද හිත හිතා සිටියෙමි. 

 

‘බිම්මා… 

අවටින් හැදි හෙළවෙන ඇනවුම් ගැන කතාවෙන ශබ්ද ඇසෙද්දීත් එරන්දගේ ප්‍රේමණීය හඩ පෙරා ගන්නට මට හැකිය.

‘කතා කරන්න අමාරුයිනෙ ඔතන .මං පස්සේ ගන්නං.

‘නෑ නෑ.. ඉන්න මං එලියට යනවා

 

පියවර හඩ , වචන, අනම් මනම් අතරින් වාහන ශබ්ද පමණක් ඇසෙන ඉසව්වක ඔහු නතරවු බව මට දැනිණි. 

 

‘කියන්න ..ඉතින්.ඔයා හොඳින් ද පැටියො.. 

‘හ්ම්.. කියන්න තරම් වරදක් නෑ ඉතින්

‘වෙච්ච දේවල් ගැන අපි කතා කරන්නෝන නෑ මං හිතන්නේ 

‘ඇයි ඒ මට දුක හිතෙයි කියලද

‘නෑ.. මට දුක හිතෙනවට මං කැමති නෑ

‘ඇයි ඔයා දුක්වෙන්නෙ

‘සැරින් සැරේ ආදරේ කොච්චරක්ද කියලා ඇනල හුරල බලන්න එපා කෙල්ල

 

මම නිශ්ශබ්ද වෙමි. 

 

‘මේ ඔක්කෝම අතැරල මට එන්න හිතෙනව

‘ලංකාවට?

‘ඔව්..

‘එපා කියන්නේ නම් නෑ.. ඒත් ආවොත් ඔයා ලිමිටඩ් වෙනව.. 

‘ඔයාට තාමත් බැරිද.. මාව ඇක්සෙප්ට් කරන්න… 

 

එරන්ද සුසුමක් හෙලුවේය. මෙය මේ වෙලාවේ ඇතිකරගත යුතු රණ්ඩුවක් නොවේ. පව් කියා හිතනෙකේත් සීමාවක් තියෙන්නට උවමනා නැත්ද? 

 

‘එහෙමෙකක් නොමයි බිම්මා.. හැමාද්ටම පිලිගන්න පුලුවන් හේතුවක් තියෙන්නෝනනේ

 

එරන්ද පිළිගන්න පුලුවන් හේතුව ක් හොයාගෙන සසදීගෙන් වෙන්වෙන තෙක් මා කරන්නට ඕනෑ කුමක්දැයි මම මොහොතකට සිතුවෙමි. 

 

‘පැටියො.. මං ඔයාට තව ටිකකින් ගන්නම්.

 

එරන්දත් දුරකතනය විසන්ධි කළේය. මට ජීවිතය තුල කිසිදාක නොදැනුණු තනිකමක් දැනිණි. පිළිගන්න පුලුවන් හේතු සොයමින් එරන්ද සසදි ඇසුරේ ජීවිතය දියකරගන්නවාට මට කරන්න දෙයක් තියෙද? අනේ බිම්මා, ඔයා ලංකාවට යනකොට මොනවද ඔයාට තිබුණේ? ඔයා තනියමයි ගියේ.. ආයෙ එද්දි මේ එරන්දයෙක් කරේ තියාගෙන ආවාට.. ඔන්න ඔය මතක මල්ල මුහුදට දාන්න.. ආයෙ අලුත්ම අලුත් බිම්මෙක් වෙන්න.. මට එහෙම කියන්න ඇත්තේ කවුරුන්ද?  මා මය. මා තුල සිටින අභියෝග වලට බයක් නැති, දරුණු ලෙස දඩබ්බර හිතුවක්කාර බිම්මාය. 

 

යළි යළිත් එරන්දගෙන් ඇමතුම් ලැබුණද මම එය නොතකා හිටියෙමි. තේරුමක් නැත. රහසිගත කායික සම්බන්ධ කම්වල මතක හිතේ කොණක ට ගාල් කර ඒවා ට ලේබලයක් ගැසිය යුතුය. ඒ අවශ්‍යම අවස්ථාව ක පමණක් ප්‍රයෝජනයට ගැනීමටය. දැන් මා මා ගැන හිතන්නට උවමනාය. මෙතෙක් කාලයක් ම ඔහොම ආදරයක් ගැන , මා කියන්නේ මෙහෙම පිළිකාවක් වගෙ ගිලගන්නා ආදරයක් ගැන කවදාවත් සිහින දැක නැති මා වගෙ කෙනෙකුට අලුතින්ම ඉපදෙන්න බැරිද? 

 

‘හෙට පුතයි අර්ජුනයි එනව බිම්ස්.. මං යන්නෝන 

 

සෝනක්ෂි කීවාය. මම හිස වැනුවෙමි. 

 

‘තනියම ඉන්න අමාරුයි නම් අපේ ගෙදර යං

‘අනේ නෑ සෝනු … මෙහෙම හොදයි

‘අර ලංකාවෙ කොල්ල ව මෙහෙ ගෙන්න ගන්න බැරිද ඔය රෙස්ටොරන්ට් එක දාගෙන

‘එයා එන්න කැමති නෑ

‘ඒ කියන්නේ ඔයාට ආපහු එහෙ යන්න වෙනව කියනෙකෙද

‘ඒ වැඩේ හරියන්නැ සෝනු. අපි ඒකත් අපේ ලිස්ට් එකෙන් අයින් කරමු.

‘පෝල් කිව්වා නේද.. අලුත්ම ප්‍රොජෙක්ට් එකක් ගැන..

‘ඔව්.. ඕස්ට්‍රේලියා .. 

‘ඉතින් ඒක බලන්නකො.. 

‘හිතනව මං ඒ ගැන මේ දවස් වල

 

පසුදින සෝනක්ෂි ඇගේ උරමල්ලද සමග ගෙදරින් නික්මිණි. මම පුරුදු ලෙස. රැකියාවට ගියෙමි. නයිල්ස්ගේ කාර්යාලයේ පිලිගැනිමෙ නිලධාරිනිය චෙල්සිට මා පණිවුඩයක් තැබුවේ හවස නගරයේ කෙළවර බීමහලේදී හමුවෙමුයි කියාය. මුකේශ් දින ගණනකට පසු මා හමුවෙන්න ආවේය.

 

‘බිම්මා.. මං දන්නවා වෙච්ච දේවල්.. ඒත්.. මං හිතන්නේ ඔයා අපි හැමෝටම වඩා හයිය කෙල්ලෙක් කියලා

 

‘ඒකට කමක් නෑ ..මුකේශ්. මොනව උනත් අපි එකට වැඩ ගොඩක් සාර්ථක කරගත්තනේ නේද

 

‘පෝල් කියනවා ඔයාට ඔසී වල ප්‍රොජෙක්ට් එක කරන්න පුලුවන් නම් හොඳ වෙයි කියලා. ටික කාලයක් මෙ හැමදේකින්ම අයින් වෙලා..

 

‘ඔව් . ලංකාවෙන් එද්දිත් මං ප්‍රොජෙක්ට් එකක් ගැන හිත හිත ආවෙ..

 

‘ඉතින් ආයෙ එහෙ යන්නකො බිම්මා. අපි දන්නවනෙ ඔයාගෙ එක්ස් කොච්චර ඔයාට ආදරෙයිද කියලා.. 

 

මම සිනහවී මග හැරියෙමි. ලෝකයට එහෙම පෙනුනාට එරන්ද මට ඇත්තටම ආදරය කරනවා වෙන්නට බැරිය. එහෙමනම්, මා පිළිගන්නනට ඔහුට බැරි ඇයි? හිතේ එක් පැත්තක් එයා ඔයා ගැන හිතනවාය කියයි. හිතේ අනික් පැත්ත එයාට එයාගෙම ජීවිතය ක් තියෙනවාය කියයි. සවස මට චෙල්සි හමුවිණි. බීමහලේ අද්දර මේසයක් අස හිදගෙන අපි ඔ්පාදුප කතා කළෙමු. නයිල්ස් ගැන කතා කිරිම රිදුමකි. එහෙත් රිද්දාගෙන මෙය අවසන් කරන්න ට මම තීරණය කරගෙන සිටියෙමි.

 

‘මම නම් සැක කලේ ඔය සේරව යි බිම්ස්.. ඕ කෙල්ල මොකක් හරි කරල නයිල්ස් ව දැලට අහුකරගනිවි කියලම හිතුන. නයිල් කියන්නේ අහිංසක මිනිහෙක්. එයාගෙ ජීවිතේ කොතනක වත් කපටිකම් නැහැ. මං හිතන්නේ මිනිහ නොමැරි මැරුණා ඔයාව රවට්ටද්දි. එයා හිතුවෙ නැහැ ඔය ගෑනු ලමයට දරුවෙක් ලැබෙන්න එයි කියලා නම්. ඒත් පිරිමියෙක් සෑහෙන සංවේදි වෙන තැනකදී එයා අසරණ වුණා වෙන්න ඇති. දරුවෙක් කියන්නේ වෙනමම කතාවක්නෙ

 

‘අපි අවබෝදයකින් හිටියා අපේ කරියර්ස් එක්ක .. 

 

‘මට හිතා ගන්න පුලුවන් .. හැබැයි නයිල්ස් ඒ තරම් දරුවෙක්ට ආස කලානම් එයාට තිබුණා ඔයාලා ඩේට් කරන්න පටන් ගනිද්දිම දරුවෙක් හදන්න.. 

 

‘මං වුනත් එහෙම හිතනව චෙල්සි.. මොනව වුනත් එයා ගත්ත ඩිසිශන් එක ගැන මං මොනවත් හිතන්නේ නෑ. ඒත් අපි එකවතාවක් හම්බ වෙලා කතා කලානම් හොදයි

 

‘නයිල්ස්ට එහෙම පෞරුෂයක් නෑ බිම්ස්.

 

එයම නයිල්ස්ට සමාව දෙන්නට කාරණාවක් බව මම තේරුම් ගත්තෙමි. ඔහු ඒ වනවිටත් රැකියාවෙන් ඉවත්ව සිටි අතර දරුවෙකු දරා හිදින පෙම්වතිය , සේරාගේ සොහොයුරිය සමග ඔහුගේ වෙසෙන ගම්පළාතට යන්නට තීරණය කර තිබි බව දැනගතිමි. දින දෙකක් තිස්සේම ගෙදර නැවතී මම නයිල්ස්ට උවමනා ඔහුට අමතකවි දමා යන්නට ඇතැයි හිතුණු හැමදේම එකතු කර නිකොලාගේ ලිපිනයට යැවීමි. 

 

‘මේක මට තවත් දරාගෙන ඉන්න බෑ. ඔහොම තරහ වෙලා ඉන්නැතුව මාව මරපං

 

පණිවුඩය ක්ව තරහවක්ද දුකක්ද මන්දා යමක් වට්සැප් තීරුවේ අලවන්නට එරන්ද තීරණය කර තිබිණි. මම සිනාවෙමින් අනික් අතට ඔහු ඇමතුවෙමි.

 

‘මෙහෙම කරන්න නම් මොකටද යාලුවුනෙ මාත් එක්ක

‘කොහොමද මං දැන් කලෙ

‘දවස් දෙකක් කතා නොකර ඉන්න පුලුවන් ද බිම්මා..මොන පනිශ්මන්ට් එකක්ද මේ දෙන්නෙ..

වැඩ ගොඩක් තිබුණා .. මම නයිල්ස්ගෙ බඩු පැක් කරල යැව්ව එයාගෙ අම්මගෙ ගෙදරට

 

‘දුකෙන්ද ඉන්නෙ ඒ ගැන.. තනියම ඉද්දි පාලු ඇති.. මට හිතාගන්න පුලුවන් 

‘මට ඒක ඇත්තටම හිතා ගන්න බෑ ..

සුසුමක් ඉහිරිනි. 

 

‘මාත් ඔය වෙච්ච දේ.කොතනකට හරි වගකියන්න ඕන නේද බිම්මා

‘අනේ නෑ ..නෑ එරන්ද.. ඔයායි මායි කියන්නේ වෙන කතාවක්

‘නෑ බිම්මා. අපි දෙන්නගෙ ආදරෙ නිසා ඔයාට නයිල්ස්ව කොච්චර මග ඇරෙන්න ඇත්ද..මාත් බැලුවෙ ‘ඔයාව පුලුවන් තරම් එයාගෙන් අයින් කරල මටම ම විතරක් ම තියාගන්නනෙ. ඒක මොන විදියකින් හරි දැනෙන්න ඇති ..

‘දැන් මං ඒ ගැන හිතන්නේ සතුටින් .එයා තාත්ත කෙනෙක් වෙනව. 

 

මට ආදරය හෝ ඕනැ නැති වගක් දැනිණි. එරන්ද , පුරුදු පරිද්දෙන් ආදරණීය ව කතා කළත් මගේ හිත ඉටි වැස්මකින් වැසී තිබි බැවින් එය කාන්දු නොවීය. පෝල් මට කමුබන් රෙස්ටුරන්ට් එකක් අරඹන්නට හවුල්කාරයෙකු සොයා දුන්නේය. ලංකාවේ ක්‍රමයටම මෙහි ගෘහභාණ්ඩ සහ පෙනුම සකස් කරන්න ට ඔහුට , එනම් ඇක්සෙල් ඇන්ඩර්ස් මහත්මයාට උවමනා විය. අචලත් එරන්දත් මිහිරත් කමුබන්හි පුරෝගාමින් හැටියට හදුන්වා දීමෙන් පසු ඉංග්‍රීසි භාශාව චතුරව කතා බහ කරනා අචලත් ඇන්ඩර්ස් මහතාත් ඉතිරි දේවල් කතා කරගන්නා අයුරු මම පිටස්තර ව බලා සිටියෙමි. 

 

‘ඔයා අර වයසක සුද්දට මාව බයිට් කරන්න දීලා පැත්තකට වෙලා ඉන්න එපා බිම්මා 

 

අචල මැසිවිලි නගයි. මොනවා උනත් ශෙයිලාත් අචලත් අතර සම්බන්ධතාව පවතියි. අචල ලංකාවෙන් ස්විඩනයට සංක්‍රමණය වීමට සුදානම් ද නැත්ද යන්න මට ගැටලුවකි. ශෙයිලා ඔහුට අවශ්‍ය ලියකියවිලි සකස් කරගන්න උදව් කරනා බව මම දනිමි. ඇය ඔහුට ආදරය කරයි. බටහිර යුවතිය කැයි කීවාට ආදරය පෙරදිග අපරදිග කියා වෙන්කර දකින්නට පුලුවන් ද?

 

‘ඒක මහ පුදුම ආදරයක් බිම්මා

‘ඇයි..ඔයා ආදරේ පුදුම ආදරයක් කියල වර්ග කරන්නෙ..මං නම් හැම ආදරයක්ම පුදුම ආදරයක් කියලයි හිතන්නේ 

‘එහෙනම් මං මෙහෙම කියන්නම්.. ඒක බිම්මගෙ ටයිප් ආදරයකට සමානයි.. හැබැයි ඒ තරම්ම ගැඹුරු නෑ

‘එවර නම් මට සිනා නැගිනි. එරන්ද මගේ ටයිප් කියා ආදරයක් හදුනාගෙන තිබේ. 

 

‘මගෙ ආදරේ මොකක්ද තියෙන විශේෂත්වෙ

‘ආපිට බලාපොරොත්තු නැතුවම ඔයා මහා ගොඩාක් ආදරේ දෙනවා.. 

‘ආදරේ කරනකොට එහෙම තමයි ඉතින්

‘ඒ හින්දමයි මං මෙච්චර ඉවසිලිමත් මිනිහෙක් වෙන්න පටන් ගත්තෙ

‘ඔයා තාමත් කම්පා වෙනවා

‘එහෙම කියන්නේ සසදි ගැන හිතලනෙ

‘එහෙමත් නෙමෙයි.. 

‘මට ඔයාට වගෙ ඉක්මනින් හිත හදාගන්නත් බෑ. ඉක්මනින් තීරණ ගන්නත් බෑ. ඒක සමහරවිට මගෙ දුර්වලකමක් වෙන්නත් ඇති.. 

‘මං ඔයාට ආදරේ කරද්දි මට දැනෙනව මං ගුරුත්වාකර්ෂණයෙන් අයින් වෙනව. ටික ටික මාව පාවෙන්න පටන් ගන්නව. 

‘අපි ආදරේ කරද්දිද නැත්නම් … 

 

එරන්ද අහන්නේ මුව අගට සිනාවක් නගාගෙන විය යුතුය. මට ඒ මුහුණේ හැම ඉරියව්වක්ම මැවී පෙනෙයි.ඒ රවුම් පැහැදිලි ඇස් වලින් ආයේ ආදරය උතුරනවා ඇත්ද?

 

‘අපි තුරුල් වෙද්දී.. එතනින් එහාට කිසිම දෙයක් මට මතක නෑ එරන්ද.. 

 

‘එතනදී මට දැනෙන දේවල් මට වචන වලින් කියාගන්න තරම් මං දක්ශ නෑ. සමහර විට මං ආදරේ කරනව දැනෙනව මදි ඇති ඔයාට. මං ඒ ආදරේ විඳිනව. හැම මොහොතක්ම හැබැයි ආපහු මං ඒ ආදරේ දෙනවා මදි ඇති. මට තේරෙනව ඉතින්.. ඔයා වුනත් සසදි වුනත් කෙල්ලොනෙ. ආදරේ බලාපොරොත්තු වෙනවනෙ.. 

 

මට එරන්ද ගැන දුක හිතෙයි. ඔහු තවදුරටත් සසදිට අවස්ථාව ක් දීමේ සුදානමකිනි. නමුත් සසදි සිටින්නේ එරන්දට වඩා බොහෝ ඈතිනි. මට පේනා විදියට නම් ඇය ලංකාවේ හිදීමට වඩා වෙනරටකට යාමේ නැමියාවක් දැකිය හැකිය. 

 

ඒ අතර, ලංකාවේ වේලාවෙන් සවස හය පමණ වෙන වෙලාවක චානක්‍ය ගේ අංකයෙන් මට ඇමතුමක් පැමිණියේය. මා සිටියේ ගෙදර නාන බේසමේ ගිලී වයින් බෝතලයක් ලග තබාගෙනය. වීදුරුවක් නැතිවම බෝතලයෙන්ම උගුර උගුර ගාණේ බොමිනි. චානක්‍ය කතා කළේ එ් මිහිරෙහි මා ගිලී ඉද්දී බව කිව යුතුය. 

 

‘බිම්මාලී 

‘හායි මිස්ට චානක්‍ය

‘ඔයා මට ඉතින් කෝල් බැක් කළේත් නෑනෙ ..මටම කතා කරන්න වුණා

‘නෑ නෑ .. අනේ එහෙම දෙයක් නෙමෙයි .. මට මෙහෙ වැඩ හුගාක් තිබුණා ආව ගමන් ෆයිනලයිස් කරන්න.. ඒ නිසා. ඒත් ඔයාගෙ ටොපික් එක ගැන මං මෙහෙ හොදම ඇනලිස්ට් ලා එක්ක ඩිස්කස් කළා. එයාලා කියන විදියට අපි මේකට සම්බන්ධ වෙන බිම් මට්ටමේ පාර්ශ්ව වලට වෙන යහපත ගැන හෝම් වර්ක් තව කරන්න ඕනෙ.. 

 

‘ඔයා කියනෙක හරි. අපට පැරශුට් ප්‍රොජෙක්ට් බස්සල මේ රටේ සම්පත් තව කාබාසිනියා කරන්න ඕන නෑ. 

අපි කල් අරගෙන මේක පටන් ගමු

 

‘හැබැයි බිම්මා, 

 

චානක්‍ය හැබැයි බිම්මා කියා හයියෙන් සිනාසුණේය. 

 

‘හැබැයි කියන්නේ ඇයි?

 

‘මේක පටන් ගන්න කලින් පාර්ලිමේන්තුව විසිරුවල අපට ගෙවල් වල යන්න වෙයිද දන්නැහැ

කීවේය. 

 

‘ඇත්තටම එහෙම වුනොත් ඔයා ආයෙමත් කන්ටෙස්ට් කරනවද

‘ඒක නම් ඇත්තටම … හිතන්න ඕන දෙයක්.. 

‘කන්ටෙස්ට් නොකරනවනම්

‘ආයෙත් ස්ටඩිස් පටන් ගන්නවා

 

ඔහු ස්ථිරවම කිව්වේය. මට මේ තරුණ දේශපාලනඥයා ගැන සියුම් කැමැත්තක් ක් ඇතිවෙමින් පවතියි. එය දරුණුම ගනයේ ගැඹුරු එකක් නම් නොවේ. ඒත් පහසුවෙන් මා දැක ඇති පොලිටික්කන්ගෙන් දැක නොමැති ගතිගුණ මට පෙනෙමින් පවතියි.එහෙත්, එය කිසිවිටෙකවත් එරන්ද ගැන දැනෙනාකාරයේ හැගීමක් නොවේ. මම ම විටෙක මගේ මිනිස් සිත ගැන පුදුමයට පත් වෙමි. යු බි.. ච් කියා මටම කියා ගනිමි. මෙවැනි සැදෑවක නාන බේසමෙහි මතකයන් මට ඉතිරි වී ඇත්තේ එරන්ද සමගිනි. මම ඔහුගේ කෙට්ටු අත්පා වල දිග ඇගිලි වල රෝස අත්ලේ රෝස පතුලේ මතකයක් හා තනිවෙමි. මෙවැනි මුද්‍රික පානයක් නැතත් තනිව අමුවෙන්ම මත් වෙන්නටද මට ඔහුගේ මතක මාත්‍රාව හොඳටම ප්‍රමාණවත්ය.

කාර්යාලයේදී ශෙයිලා කමුබන් රෙස්ටුරන්ට් එකේ ස්විඩන් ශාඛාව ඇරඹිමෙහිලා අතිවිශාල උනන්දුවක්ින් පසුවෙන බව පෙනිණි. ඇය අචලට මායාවකින් මෙන් දිනෙන් දින බැඳෙමින් සිටියාය. 

 

‘අචල ඉස්සර කියනවා ලංකාවෙන් එලියට යන්නෝනමයි කියලා

‘ඒත් එයා එහෙම වාසියට වැඩ කරන කෙනෙක් නම් නෙමෙයි බිම්ස්

‘ඔව්.එයා එක පාර මේකට කැමති වුණෙත් නැහැ

‘සමහර වෙලාවට එයාට තාමත් සෙකන්ඩ් තෝට්ස් තියනවා 

‘ඇත්තටම ද

‘නැ නැ.. එයා තවදුරටත් හිතනවා

‘එයා ඉක්මනින් ෆ්ලෙක්සිබල් වෙන පිරිමියෙක් නෙවි ශේ…

‘මට තේරෙනව.. ඔයා කියනවා වගෙ ඩොමිනන්ට් ගත්යක් දැනෙනව මටත්

‘ඒක ඉතින් තීරණය වෙන්නෙ තමන් අනුව.. ඔයා කවදාවත් මුරණ්ඩු ගෑනියක් වෙලා ඉන්නවා මට මතක නෑ.. 

‘ඔව්.. මං සාමාන්‍යයෙන් ඕනවටත් වඩා ෆ්ලෙක්ස්

‘ඉතින් අචල ඔයා එක්ක ජීවත් වෙන්න කැමති වෙයි

‘ඇත්තටම එයා මා එක්ක ඉදීවිද, කොච්චර කාලෙකටද? 

‘ඕනම සම්බන්දෙකදි විශ්වාසය කියන එක මාර වැදගත් . චීට් කරයිද නැත්ද කියනෙකමත් නෙමෙයි.. ඕනම දේකදි තමන් එක්ක ජීවත් වෙන්න තරම් හයිය බැදීම තමන් ගැන තියෙනවද නැද්ද කියලා ශේ..

 

අචල වරින් වර මා අමතන වෙලාවකදී මම ඔහු සමග ශෙයිලා ගැන විවෘතව කතා කළෙමි.අචල සිටියේ අවංක හැගිමකිනි. 

 

ජීවිතය නම් කටුකම්බි අතුරා ඇති බිම්කඩෙහි  බිම්මල් යායකින් නෙළා ගෙනා බිම්මල් අමුණමින් මම ප්‍රීත්‍රි වුයෙමි. රාත්‍රි කාලයන්හි මම කණාමැදිරියන් අලළා ගන්නට වෙර දරමි? උන්ව ගෙනැවිත් බිම්මල් මත වාඩි කරවමි. මා අවට එලි යායකි. එහෙත් ඒ හැම කණාමැදිරියෙක්ම දහවලෙහි නින්දට වැටෙයි. ඒ කණාමැදිරින් සමාන මගේ සිතුවිලි වලටය. 

 

‘අචල ලංකාවෙන් ආවාම වැඩ ටික මැනේජ් කරගන්නෙ කොහොමද

 

‘අනේ මන්ද.. අපි එකවුන්ටින් පැකේජ් එකක් එහෙම ගත්තා.දැන් කලින් වගෙ පැටලෙන්නෙ නෑ දේවල්

‘කටුනායක රෙස්ටොරන්ට් එකට මොකද කලෙ

‘ඒක තියල බෑන්ක් ලෝන් එකක් ගත්ත මං.. 

‘රෙනවේශන්ස් වලටද

‘ම්ම්ම්… නැහැ බිම්මා. සසඳිට කැනඩා යන්නෝන කියනව.. මාස්ටර්ස් වලට. එයාගෙ ෆැමිලි එකෙන් යුනිවර්සිටි ෆී එකට සල්ලි දීලා තියෙනවා. ෆන්ඩ්ස් පෙන්නන්න ඕනෙ නිසා මං ලෝන් එකේ සල්ලි එයාගෙ නමට එෆ්ඩී එකක් දැම්මා.  අවුරුදු තුනක් යාලුවෙලා හිටියනෙ අපි.. මං එයාට යුතුකමක් කරන්නෝනනෙ..

 

එරන්ද කතා කළෙ වචන තෝරාබේරාගෙනය. මසිත රිදෙතැයි බියෙනි. ඔහු කිසිවිටෙකත් මට වඩා ඔහුට සසදි වැදගත් යැයි අගවන්නට උත්සාහ නොකරයි. ඒත්, මේ වෙලාවේ එය එහෙම බව මට ඇගවෙන බව ඔහු දැනගෙනම සිටියේය.

 

‘ඔයා දන්නවා , මං ඔයාව හම්බ වුණාට පස්සේ හුගාක් දේවල් කළෙ ඔයා ගැන හිතල කියලා. කමු බන් එක එච්චර ඉස්මතු කරල රිපෝට්ස් හදලා මං මගෙ කම්පනි එකම මිස්ලීඩ් කළෙ ඇත්තටම මට ඕන වෙච්ච නිසා ඔයාලව උඩින්ම තියන්න. අන්තිමේ ඒක සිද්ද වුණා. අපි හිතුවෙවත් නැති විදියට. ඒ වුනාට, ඔයා ගෙ ඔය සල්ලි හැන්ඩ්ලින් වගේ දේවලට මං කවදාවත් ඉන්වොල්ව් වෙල නෑ. මොකද ඔයා වෙනම මනුස්සයෙක් .ඔයාට පුලුවන් වෙන්න ඕනෙ ඔයාගෙ ජීවිතේ හැන්ඩ්ල් කරගන්න. එහෙම එකේ, මං ඔයා සසදි වෙනුවෙන් ඉන්වෙස්ට් කරපු ඒවට කවදාවත් මොකුත් හිතන්නේ නෑ ..

 

‘මං ඒක හොදටම දන්නවා. ඔයා මට ඉන්නවා කියනෙක මං වෙන කවදටත් වඩා දැන් දන්නවා

 

‘ඒ වුනාට එරන්ද, ඇත්තටම මට ඕනෙ මේක..ඔයාගෙ මූණ මගෙ අත්දෙකෙන් අල්ලගෙනම නළල ඉඹගෙනම කියන්න.. අපි ගොඩාක් ආදරෙන් හිටිය තැනක ඉඳන් .. මේ වෙලාවෙදි අපි සෑහෙන්න දුරනෙ ඉන්නෙ..  මං හරී ආඩම්බර ගෑනියෙක්..චානක්‍ය වගෙ මිනිහෙක්ටවත් මං වැඩක් අතේ තියාගෙන. ඉදගෙනවත් කතා කරන් නෑ. ඔයා දන්නවද ඒ ඇයි කියල. මගෙ ඊගෝ එක සෑහෙන වැඩියි. සමහර විට මට ගොඩක් දේවල් හරියන්නැත්තෙත් ඒ  නිසා වෙන්න ඇති. ඔයාට මං එහෙම නෑ.එහෙම වෙන්න බෑ. ඒක හින්දයි මං ඔයාට ආදරෙයි කියලා මට හිතෙන්නෙ. ඒ කොහොම වුනත්, මං කිසිකෙනෙකුට ඔප්ශන් එකක් වෙන්න කැමති නෑ … මට මිනිහෙක් ගෙ ජීවිතේක චොයිස් එකක් වෙන්න ඕනෙ. සසදි නැතිවෙන දවසක එයා වෙනුවට මං ඔයාගෙ ජීවිතේට එන්නෙ නෑ එරන්ද.. මං වෙනුවෙන් ඔයාට පුලුවන් වුනා නම් ලෝකෙ ඕන දෙයක් අතාරින්න.. එහෙමනම් මං ඔයා වෙනුවෙන් මැරෙන්න හරි ඉන්නවා ..

 

එරන්ද එහා ඉමෙන් ශබ්ද නොනගා උන්නේය. මම එ සියල්ල ස්වභාවිකවම කියැවෙන්නට ඉඩ දුනිමි. දුක යටපත් කරගෙනම කියන්නට හිටි දේ කීවෙමි. නැත. තවදුරටත් මම මගෙ ආදරයට ප්‍රතිපත්ති පාවා නොදෙමි. 

 

‘ඒක නම් සෑහෙන්නම තදට වැදුණා බිම්මා

 

ඔහු සෙමෙන් කීවේය. 

 

‘සොරි.. 

‘නෑහ් කෙල්ල.ඔයාගෙ වැරැද්දක් නෑ. ඔයා කියනෙක හරි.

‘තවදුරටත් මං නිකම්ම නිකම් ඔප්ශන් එකක් විතරක් කියල මට දැනෙන්න ගන්නවට මං කැමති නෑ

‘මට සමාවෙන්න බිම්මා. මං කවදාවත් එහෙම ඔයාට සලකන්න උත්සාහ කරල නැ

 

‘නෑ නෑ.. මං කියන්නේ ඔයා මට එහෙම දැනෙන්න ඇරිය කියල නෙමෙයි. ඔයා එක්ක ඉද්දි මට කවදාවත් 

 

‘එහෙම දැනිල නැ

‘දැන් දැනෙන්නෙ මං සසදිගෙ ජීවිතේ වගකීමක් ගත්ත නිසානෙ

‘ඒකටත් කමක නෑ..ඒක නෙමෙයි මෙතන අවුල

‘එහෙනම්

‘මට තවදුරටත් ඔයාව බෙදාගනිමින් ජීවත් වෙන්න බැරිකම වෙන්න ඕන එරන්ද

‘ඔයාට මහන්සියි.. එහෙමද

‘ඔව්.. ඇත්තටම ඔව් එරන්ද.. මට හරිම මහන්සි දැන්.

 

මට උවමනා වුයේ එරන්දව කලකිරිමට පත් කිරිමට නොවේ. නමුත්, ඇත්ත නම් මේ රිදීම තදින් දැනීමය. කියන්නට නොසිටි දේවල් පවා වචන බවට පරිවර්තනය වී දැන් එරන්දට සන්නිවේදනය වී අවසානය. ඉතින් මහද සඳගිරි පව්වෙ සඳකිඳුරු ආත්මය මවෙතින් නික්ම ධුමකේතුවක නැගී නික්මෙනු මම මහිතින් බලා උන්නෙමි. එරන්ද මා අමතක නොකරන බව දනිමි. එහෙත්. යළි එරන්ද නම්වන ඒ මානවක හදවත මා තුල නැත. එරන්දට තිබි ප්‍රේමය විසින් මාව මුළුමනින්ම ඔහු ගේ ප්‍රතිබිම්බයකට ප්‍රතිනිර්මාණය කර ඇති බව මට දැනුණේ ගලවා ඉවත් කරන ලද මගේම ප්‍රේමය එරන්දගේම හැඩරුව ට සමාන වු නිසාවෙනි. 

 

ආසන්න කාල වකවානුව තුල ලැගුම් ගැන්මට යෙදුණ පිරිමි හදවත් දෙකෙන්ම පිටමංවු මගේ ගැහැනු ආත්මය විටින් විට මා අතහැර සිතින් එහෙමෙහෙ ගියේය. විටෙක එය මගේ සහෝදරයා වෙසෙනබොට්ස්වානාහි හුදකලා වන සංචාරක මතකයක ලැගුම් ගත් අතර, තවත් විටෙක සමනළ වන්දනාවෙ යනවිට හමුවු රතු අම්බලමෙහි නැවතිණි. සිංහරාජයේ මමිතුරෙකු සතු 360 නම් උඩුමහල් නවාතැනක ගෙවුණ් රාත්‍රි සදාහරිත වැසි වනාන්තර  සංචාරක මතකයක මෙන්ම උදම් රළෙන් දෙපා තෙමෙන මාලදිවයිනෙහි වෙරළ ඔන්චිල්ලාවකද පැද්දිණි. 

 

වැඩියෙන් ම පාලු නයිල්ස්ගෙ වෙන්විමද එරන්දගෙන් වෙන්වීමදැයි කිසිවෙකු විමසුවොත් එයට දීමට නිශ්චිත පිළිතුරක් මට නැත. වේදනාව වැඩි එරන්දගෙන් වෙන්වීමෙනි. නයිල්ස් සමග මා ජීවිතය තුල දුරක් පැමිණ තිබේ. මට ඔහුගේ හොදනරක හමුවිය. වංචාවන් රැවටීම් සහ ආදරයද මුණගැසිණි. සතුටද සිනහවද ආදරයද හමුවිණි. එරන්ද ගෙන් මා දැක ඇත්තේ ආදරය , අනුරාගය පමණකි. සමහර විට ඔහුගෙන් ඔහුගේ චරිතයෙහි පැතලි බව දැකතිබුණා නම් මගෙ දැනීම වෙනස් විය හැකිය. 

 

කෙසේ වීද, ඒ දුරකතන ඇමතුමෙන් දින කිහිපයක් ඉක්ම යනතෙක් මා ජීවත් වුයේ තෝන්තුවෙනි. මා මගේ සිහින නෙළුම් පොකුණ අතැරදමා ඇත. තවදුරටත් බලාපොරොත්තු හෝ සිහින මුක්තව මට ජීවත් විය නොහැකි බව මා තේරුම් ගන්නා විට නයිල්ස් බොහෝ දුර ගොස් සිටියේය. ඔහු සිගිත්තෙකු හෝ සිගිත්තියක බලාපොරොත්තු වෙමින් ගම්බද ජීවිතයකට හුරුවෙමින් සිටියාය කීම පුදුම සහගත විය. නිකොලා සිය අනාගත පරම්පරාව උදෙසා ඇගේ ඉපැරණි වට්ටෝරු වලට අනුකුලව තක්කාලි සහිත නැවුම් සලාද සකසමින්, පාරම්පරික කේක් ගෙඩි පුච්චමිනුත් නැවුම් කිරි වලින් චීස් සකසමින් මෙන්ම වතු ආශ්‍රිත මුද්දරප්පලම් තළා ලබාගන්නා යුශ යොදා ගෙදර තනනා වයින් ඇගේ මුනුබුරා හෝ මිනිබිරිය කුස දරනා ලේලියට සපයමිනුත් සිටිනවා විය යුතුය. 

 

 

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...