Thursday, November 17, 2022

Daffodil Terrace 30

 #DT



30

 එක් දවසක, ඔව්.. ඒක පුර පොහොයට වඩා අමාවකට ළඟ දවසක ආනික්‍යා නැවත කඳවීමේ අඳුරු මායා භාවිතාව කරන්නට සියල්ලෝ සුදානමින් සිටියහ. පසුව දැනගත් පරිද්දෙන් අම්මලාගේ පරම්පරාව වනාහි අඳුරු මායාවන්හි කෙළ පැමිණි මායාකාරයන්ය. ඔවුන් භාග්‍යලා වගේ අවිහිංසක ආදරවන්ත මායාකරුවන් නොවේ. ඔවුන්ගේ මායාව තහනමකට ලක් කෙරෙන තෙක් ම දරුණුවු එකකි. 


ඒ අතින් බලද්දී අපේ අම්මා ජීවත් වු අහිංසක විදිය මට අදටද ගැටලුවකි. ඇයට උවමනා නම් බැංකුව විසින් සින්නකරවා ගත් අපේ දේපළ ගොඩනගා ගන්නටම මේ මායාවන් භාවිතා කළ හැකිව තිබුණි. 


"අපි පොඩි දවස් වල ඉඳලම විනයක් ඇතුවයි හැදුණෙ. අපි කන්න බොන්න නැති වුණත් අපේ බලය කිසිම දේකට පාවිච්චි කළෙ නැහැ."


"එතකොට අම්මගෙ නිවුන් සහෝදරයගෙ තත්වෙ මොකක්ද?"


"එයාට නිවුන් දරුවො ලැබුණා.. එයා අපෙන් පැවතෙන කුලයකින්ම කසාද බැන්ද.. "

ආනික්‍යා ගේ සලකුණ. මල්ය. මල් වැල්ය. කුඩා කවයක්.එය වටා පන්දම් දල්වා ඇත.අපේ අම්මා හිස වසාගත්තාවු මායාකරුවන් දහසය දෙනෙකුගෙන් සමන්විත පෙරහරක් සමග කවය දෙසට ආවාය. ලී කරත්තයක රැඳවු ආනික්‍යා ාග් සිරුරද පෙරහැර පසුපසින් තල්ලු කරගෙන එන ලදී. සුදු පාට තුනී ාස්ද ගවුමක් හැඳි මුතු පලන්දා තිබු බටර් පාටැති දිගු කොන්ඩයක් ඇති නිදා සිටිනා කුමාරිකාවක් මේ ආකාරයෙන් තල්ලු කරගෙන ඒමෙන් මම තාවකාලිකව වෙනත් ලොකයකට දැහැන් ගත වු බවක් දැනිණි. 


කවය මැදට ආනික්‍යා ගේ සිරුර ඇකුල් නළ මෙහි ප්‍රධානම යක්දෙස්සිය වන අපේ අම්මා සිය ජවාධික මන්ත්‍ර ජප කිරිම ඇරඹඅවාය. අඩකින් පසු ඕ මටත් ඒඩිනිටත් අපේ දකුණු අල්ලා තියුණු පිහිතලයකින් සිද්රු කර ආනික්‍යා ගේ පපුව මැදට එයින් නික්මෙන රුධිරය ගලා යන්නට සැලැස්සුවාය. 


ඉන්පසුව අම්මා තියුණු කිණිස්සක් ගෙන ආනික්‍යාගේ හදවත හරි කෙලින් අල්වා පරල වී මෙන් මන්ත්‍ර කියවමින් සිටි අතර කොයිම වෙලාවක හරි ඇගේ හදවතට මේ පහර එල්ල කරාවියි මට සිතුණි. සිතුවා වාගේම ඊලග තත්පරයේ ඇය එය කළාය. ආනික්‍යාගේ හදවත උඩින් කිණිස්ස පපුව හාරාගෙන යද්දී අම්මා උමතුවෙන් මෙන් හැසිරුණාය. ඉන්පසු රෝස සඳ මැණික ඒ සිදුරු කරන ලද තැනින් තැබුවාය. රෝස පාටින් අති මහත් කාන්තියක් නිකුත් කරමින් එය පුපුරා යන්නට මොහොතක් ගතවිණි. අහස ගුගුරා ගිය අතර, අකුණු ගසන්නට විය. ඒඩ්න් දෙස මා බලද්දී හෙතෙම ශාන්ත්වරයෙකුසේ ඉවසීමෙන් සියල්ල දෙස බලා උන්නේය. ඔහු අපේ අම්මාගේ කිණිස් පහරක් වුවත් ඉවසා සිටියේ ඒ ඉවසීමෙන්මය. දල්වා තිබු පන්දම් නිවි ගියේය. හාත්පස ගණදුරෙන් වැසිණි. ඒඩ්න් දුරකතනයේ බල්බය දැල්වුවේය. අප බලා සිටියේ ආනික්‍යා දෙසය. අධික ලෙස මන්ත්‍ර මැතිරිමට සිය ශක්තිය යෙදවු අම්මා බිමම වාඩිවි සිටියාය. භාග්‍යද ඇය අසලින් හිදගත් අතර දෙදෙනා දෙදෙනා දෙස බලා ජයග්‍රාහී සිනාවක් නගා ගනු මම දුටුවෙමි. 


අහස නිශ්චල විය. අඳුරු මායාව අවසන් බව සොබාදහම අගවන සලකුණකි එය. අපි ආනික්‍යා දෙස බලා සිටියෙමු. ඇගේ ඉටි රුපයක් වැනි සිරුර දෙස මා බලා හිදින්නට ඇත්තේ විස්මයෙනි. මා කලින් දවසේ ඒඩ්න්ට කළ විහිලුවක් මට යළි මතකයට නැගේ.


"හරි නම් ඔයා අද රැට ගෙදර බැචලර්ස් පාටි එකක් ඇරේන්ජ් කරන්නෝන.."

"අර මොකටද?"

"ඇයි ඉතින් හෙටින් පස්සේ බැක් ටු කසාද ලයිෆ් නෙ"

"අවුරුදු සීයකින් විතර පස්සේ.  "

"ඔයාට මොනවද හිතෙන්නෙ ඒඩ්න්.. ඇත්තටම ඔයා ලෑස්ති ද?"


ඒඩ්න් මොහොතකට කල්පනාකාරී වුවේය. 


"එයා හැමදේම දන්නෙ නැතුව ඇති.  ඒත් ඔයාට කලින් මං ඩැෆඩිල්ස් කාමරේ වෙන වෙන කීප දෙනෙක්ටම දීලා තියෙනව .. මලියෝනා ත් ඉපදිලා නැහැ එතකොට.. ඒ හැමදේම එයාට දැනිලා ඇති. මං දන්නෙ නෑ ඉතින්.. එයා ඒවට මට කොහොම රිඇක්ට් කරයිද කියලා. "


මම මඳහසක් ඇතිව බලා සිටිමි. 


"අපි පිරිිමි.. බෝසත් වෙලා ඉන්නවා නම් ඉන්නෙ එහෙමත් කෙනෙක් විතරයි. අවස්ථාව ආවාම මිනිස්සු වෙනස් වෙනවා..එයා ආයෙ කවදාවත් එන එකක් නැහැ කියලා හිතුණාම මං හිත හදාගත්තා වෙනස් වෙන්න. මං ඉතින් තව අවුරුදු කොච්චර ක් ජීවත් වෙන්නද.. තනියම ජීවත් වෙන එක ලේසි නෑ. වයසට යන්නැති මැරෙන්නැති මිනිහෙක්ට.."


"වෙලාවකට මට ඔයාගෙ ජීවිතේ ගැන හිතාගන්න බෑ ඒඩ්න්.. මිනිස්සු තමන්ගේ කෙටි ජීවිත කාලෙත් සේරම නොගෙවා සියදිවිනසා ගන්නවා. ඒත් ඔයා කවදාවත් ඉවර නොවෙන ජීවිතය ක් ගෙවනව.. හැමදාම එකම දේ සිද්ද වෙනවා.."

"ආදරේ කරන මිනිස්සු අවුරුදු සීයක් ජීවත් වෙන්නෙ නෑ.. එක දවසක හැමදේම ඇති කියලා හිතුණාම මාත් මේ ඔක්කෝම අත් ඇරලා යනවා.. මගේ එක්සිස්ටන්ස් එක නැති කරගන්න මට ඕන එක සුදු ඕක් බුලට් එකක් විතරයි.. එහෙම නැත්නම් මගේ පපුවට අත දාලා හදවත අතට අරන් පොඩි කරල දාන්න පුලුවන් හයියක් තියෙන එකෙක් විතරයි.. "


ඒ සිදුවීම ඔස්සේම සිතමින් මම ඒඩ්න් දෙස බලා සිටියෙමි. ඔහු ආනික්‍යා ගේ සිරුර ළග සිටගෙන සිටියේය. ඔහු ඇගේ හිසකේ මුදුව පිරිමදිනයුරු බලා සිටියදී මට සිතුණේ සියවසක් ගෙවුණත් ආදරය අමතක නොවීමය. ඔහු ඇගේ අමරණීයත්වය පැතුවාද නොදනිමි. 


දැන් මේ මල්වැල් කිසිවක පණක් ඇති බව නොපෙනෙයි. ඒවා කෙමෙන් වියැකි යන්නට පටන් ගෙන තියේ. එහි අර්ථය තවදුරටත් ආනික්‍යා එහි නැතිබවය. ඇය ඇගේ සිරුර තුල සිටිය යුතුය. 


මුල් වරට සෙළවුණේ ආනික්‍යාගේ ඇගිල්ලකි. එබැව් දැක ඒඩ්න් වහා ඇය ළග දණ ගැසුවේය. ඒක ආශ්චර්යාත්මක මොහොතකි. ප්‍රාතිහාර්ය සිදුවිණි.අපේ ජීවිත වල කැපවීම ඵල දැරුවේය. ආනික්‍යා නැගී සිටියාය. ඒඩ්න් ඇය වැළඳ ගත්තේය. වැම්පයර් මිනිසෙකු සිය ඇස් වලින් කදුලු නවත්වා ගන්නට බැරිව බලා සිටියේය. පෙරකී මන්ත්‍ර කවය ඇතුළට නොඇවිත් පසෙක සිටගෙන සිටි චාරුදර මවෙත සිනහවක් එව්වේය. 


එකිනෙකා වැලඳ ගැනිමේ ගිනියම් වන උවමනාවක් අප පෙළා දමමින් සිටි බව කිව යුතුය. එහෙත් අපට ඈතින් ඉන්න සිදුවී තියේ. එයින් එළියට ආවත් අම්මා ළගටමවි සිටින්නට සිදුවු බැවින් මට මොහොතකට දෙකකට චාරුදරව මගෑරිණි. 


පුජාව අවසන්වී අපි එකිනෙකා තම තමන්ගේ තැන් වලට ගමන් කරද්දී ඩැෆඩිල් ටෙරස්හි පිවිසුම් දොරටුව අද්දර පාරේ මම නැවතුණෙමි. දැන් භාග්‍යයට ඩැෆඩිල් ටෙරස්හි දොරගුලු හැරී තියේ. එහෙත් වෘක කොලුවෙක් එහි පැමිණීම ප්‍රතික්ෂේප කරයි. ඔහුට තවමත් ඒඩ්න් විලෝපිකයෙකි. 


චාරුදර , සිය ප්‍රතිපත්ති පාවා දෙන්නේම නැති අරටුවෙන්ම අන්තවාදි තරුණයෙකි. 


"ත්‍යාග දැනගත්තොතින් මං ඇත්තටම ඔයා එක්ක යාළුයි කියලා.. ඌ මට කීයටවත් සමාවක් නම් දෙන්නෙ නෑ.."

ඩැෆඩිල් ටෙරස්හි ගේට්ටුවට පිටදී හෙතෙම කීවේය. 

"මොන වගේ තත්වයක් ද එන්නෙ අපට?"

"පැක් එකේ විශ්වාසෙ කැඩුවට. පස්සෙ ආයෙ ජීවත් වෙන්න අවස්ථාව ක් හම්බ වෙන්නෙ නෑ ලේසියකට"

"ඔයා කියන්නේ චාරු.. එයාලා ඔයාගෙ පස්සේ පන්නන්න හදයි කියලද?"

"ඔයා කුමාරියක්, එයා කුමාරියක්. එයාලා පිවිතුරු සුර්ය වංශික කුමාරවරු.. මං මිශ්‍රයි. හරිනම් මට බෑ ඔයාට අතක් වත් තියන්න.. මං නිකම් අතවැසියෙක්.."

"ඒත් මං ආදරෙයි ඔයාට.."

"කෙල්ලෙක් ආදරේ කරන කොල්ලවම කසාද බඳින්න හම්බෙන්නෙ කලාතුරකින් නේද?"

"එහෙම එකක් මං දන් නෑ.. කොහොමත් මං කසාදෙ ගැනම හිතාගෙන ආදරේ කරලත් නෑ ඔයා හම්බ වෙනකම්ම.. හැබැයි දැන් මං ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි"


එහෙත් මගේ පපුව මත ටොන් ගණනක මහ කන්දකි. 


"එයාලා කරදරයක් කරාවිද?"

"මරනවට වඩා දෙයක් නෑනෙ.. ඒත් මැරෙන්න හරි බලාගෙන තමයි මං නම් ආදරේ කළෙ.. මට ජීවත් වෙන ටිකෙ ඔයාගෙන් හම්බෙන ආදරේ ඇති තීනු.."

"එහෙම කොහොමද කරන්නෙ.. ඔය කවුරු හිටියත් ඔයාට මාව බලා ගන්න වෙනවා. මට ඔය කවුරු ගැනවත් විශ්වාසයක් නෑ.."

"ඇල්ෆා කියන්නේ ඇල්ෆා. ඔයාට පුලුවන් අපේ ජීවිත වෙනස් කරන්න.. ඔයාගෙ හැම සිතුවිල්ලක්ම ඇති අපේ මිනිස්සුන්ට ශක්තියක් වෙන්න.. හැබැයි ත්‍යාගයි උගෙ සෙට් එකයි මාව මරල දැම්මත් මට දුකක් නෑ. මොකද මට ඔයා ඌව කසාද බදින එක දරාගන්න පුලුවන් වෙයි කියලා මං හිතන්නේ නෑ.."

"ඔයා ඒක දරා ගනියි.. ඔයාට පුලුවන් වෙයි.. ඒත් ඔයා දන්නවා චාරු.. මොන දේ කොහොම සිද්ධ වුනත් මං ඒ තීරණ ගන්නෙ මං ඇල්ෆා නිසායි. අනික් මිනිස්සු වෙනුවෙනුයි. ඔයායි ඔයාගෙ මිනිස්සුයි. ඒත් ඔයාට එක දෙයක් විශ්වාස කරන්නම වෙනවා.. මං ඔයාගෙයි…"


"ඒක ඇත්තක්මද?"

"මොකක්ද?"

"ඔයා ඇත්තටම මගෙද?"

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...