Thursday, November 17, 2022

Daffodil Terrace 31

 #DT



31 

ආනීක්‍යා නැවත සිය ශරිරයට පැමිණීම ඩැෆඩිල් ටෙරස් වෙත වසන්තතය උදාවීමට සමාන විය. ඕ සිරුරෙන් විසි වියට ආසන්න යෞවනියකව සිටියාට මනසින් පරිපුර්ණ ගැහැණියකි. සියවස් වියැති ගැහැනු චරිතයකි. මගේත් ඒඩ්න්ගේත් සමහර කතා අසා ඕ පුදුමයටත් කලබලටයත් පත් වුවාය. රටට ලෝකයට සිදුවී ඇති මහා පාරිසරික දේශපාලනික සාමාජීය වෙනස් කම් පිලිබඳ විස්සෝප වුවාය. 


ඒඩ්න් සිටියේ සතුටිනි. ඔහුගේ විදේශිය ආයෝජන සමාගම සමග පැවති සාකච්ඡාවද සාර්ථක තත්වයක පැවතියෙන් ඉදිරියේදී ඩැෆඩිල් ටෙරස් සංචාරක ආකර්ෂණය දිනාගැනිමට නියමිතව පැවතිණි. එහෙත් එය අසා ආනික්‍යා සතුටු නොවුවාය. 


"දැන් අපි අග්‍රිමන්ට් එක ගැනත් කතා කරල ඉවරනෙ.  ආනී.. ඒ නිසා අපි පොඩි කාලෙකට හරි එයාලා එක්ක කතා කරගත්ත විදියට වැඩ කරන්නෝන.." ඒඩ්න් කොතරම් කාරුණික විදියට ආනික්‍යාට විස්තරය කීවත් ඇය ඒ කිසිවක් ගණනකට නොගත්තාය. ගැහැනු වසර සිය ගණන් නොවේ පොසිල වී අවුරුදු දහස් ගණන්  සිට නැවත පණ ලැබුවත් තමන්ගේ ගැහැනු ගති නම් වෙනස් කරන්නේ නැතැයි මට එවෙලේ ප්‍රත්‍යක්ෂ වීය. 


 ඒඩ්න් අපේ තනිකඩ කුරුලු කුමාරයා ගේ ඔටුන්න ආනික්‍යාට මාරු වුයේ බලා හිදිද්දීය. මේ දවස් ටික ගෙවී යද්දී රාජකාරිය දවසකට පැය කිහිපයකට පමණක් සීමා විය. හේතුව, අපි අපේ වාසියට වැඩ කිරීමය. ඒඩ්න් සිය අනෙක් අය පෙළඹවීමේ වැම්පයර් ශක්තිය යොදාගෙන හේමන්ත බොස්වත් අනෙක් මනුශ්‍ය කුලයට අදාල අයවත් රාජකාරි වැඩ සම්බන්ධයෙන් මා ලිහිල් කිරිමට පෙළඹවීමය.


දැන් අම්මාද දේවදාර උයනෙහි සිටින නිසා මගේ සිතේ තිබු සීමාකාරි බව අඩුය.


"ඔයා ඇත්තටම මේ කසාදෙට ලෑස්තිද තීනු?" අම්මා ඇසුවාය. අප වාඩිවි සිටියේ ඩැෆඩිල් ටෙරස්හි මිදුලේය. නුර් සිය දෙඅතේ කුඩා මල් වට්ටියක් නෙළා ගෙන යනු පෙනිණි. ඇය ට දැන් ඇය කලින් ගෙවු ජීවිතය මතක නැත. ඒඩ්න් ඇයට ඒ සියල්ල අමතක කෙරුවේය. තවදුරටත් ඒඩ්න් ගේ රුධිරාශාව වෙනුවෙන් තමන් බිලිදී ගැනිමේ උමතුවක් ඇයට නොතිබිණි. කොහොමටත් ඕ සිය වගකීම අකුරට ඉටු කළ හවුස් කීපර් වරියකි. ඒඩ්න් ඇයව ඩැෆඩිල් ටෙරසයෙන් පිටමං කරන්නට කැමති වුයේද නැත.

" මං දන් නෑ අම්මි.. මං කසාදයක් ගැන හිතනවට වඩා..හිතන්නේ මේක පුජාවක් කියලා.. පුජාවක් කරද්දී අපි පේවෙලා කැප වෙලා ඒක කරනවානෙ..ඒ වගෙ තමයි.."

"ඒත් මේක ඔයාගෙ ජීවිතේ නේද ළමයො"

"කසාදෙ කියන්නේ කෙල්ලෙක්ගෙ ජීවිතේම තීරණය වෙන එක සාධකයක් නං තමයි අම්මි.. ඒත් මං මේ තීරණය ගන්නෙ මං ඇත්තටම ඒ වෙනුවෙන් ඉපදිලා තියෙන නිසා. ඒ වගේමයි.. ඒ තිරණයත් එක්ක තවත් තිස් නමයක් මිනිස්සුන්ගෙ ජීවිත බැදිලා තියෙන නිසා.. "

"ඒත් ඒ කෙනා ඔයාගෙ ආදරේ නෙමෙයිනෙ.."

"ඔව්.එයාට කවදාවත් මගෙ ආදරේ වෙන්නත් බෑ. ඒත් .. අම්මි.."

"චාරුදර ගැන ඔයාගෙ ප්ලැන් එක මොකක්ද?"


මම සුසුමක් හෙළමි. ඔබ විශ්වාස කරන්න .. තව සතියකින් ශුද්ධවු විවාහයේ පළමු ඖෂධ මාත්‍රාව පානය කරන්න ට මනමාලියට සිදුවෙයි.ඇය මනමාලයා කෙරෙහි ඇති භක්තියත් අවංකත්වයත් පරික්ෂා කරන්නට එම ඖෂධ භාවිතා වෙයි. ආනික්‍යා කියු පරිදි ඇය අසමත් වුයේ මෙම පරික්ෂාවයි. ඒ වෙන විටත් සිතින් පමණක් නොවේ ගතිනුත් ඒඩ්න් සමග බැදී සිටිනා ආනික්‍යා කිසිවිටෙකත් සිය වෘක කුලයේ ස්වාමියාට විශ්වාසවන්ත භාර්යාවක නොවන්නේයැයි ඔප්පු වුයේය. ආනික්‍යා ගේ පරම්පරාව ඇයව මරා දැමිය යුතුයයි තීරණය කළේ එතැන් පටන්ය. 


"ඒ වුනාට මට එක දෙයක් කරන්න පුලුවන් කම තිබුණා. ඒ දේ කරගත්තා නම් එදා ඒ පරික්ෂාව අසමත් නොවි ඉන්න තිබුණා මට" එදා ආනික්‍යා මට කී දේ ගැන මම සිතා බලමින් සිටිමි. ඒඩ්න් සාමාන්‍ය වැම්පයර් කෙනෙකු නොවේ. ඔහුට ඕනැම මිනිස් මනසක් පාලනය කළ හැකිය. මගේ කරේ ඇති මාලය ගැළවුවාම ඔහුට මගේ මනසට ඇතුල් වෙන්නට පුලුවන. එහි ඇතුල් වි අනවශ්‍ය දත්තයන් වසං කර ඒවා ආවරණය කරන්නට හැකිය. ඉතින්, මා හිතන්නේ මේ සැලසුම වැරදෙන්නට විදියක් නැත.


අම්මා සුසුමක් හෙළුවාය. ඇය නොනිදා හිදින බව වැටහෙයි.

"චාරුදර ගැන දුක හිතෙන්නැද්ද?"

මම දෙතොල හපමින් කල්පනා කරමි. චාරුදර මට කවදාවත් චාරුදර අත් අරින්නට පුලුවන් වේවිද? 

"එයා කවදාවත් මගෙ හිතින් මැකෙන්නෙ නෑ අම්මි. මං දන්නෙ ම⁣ං මේ පවතින්නෙ එයා නිසා කියලා. එයා තමයි මං ඇතුළෙ මාව හොයලා දෙන්න මුල් වෙච්ච කෙනා..එයා නැතුව මට ⁣පැවැත්මක් තියෙනවා කියනවා නම් ඒක බොරුවක්"


"ඉතින් ඒ දරුව කොහොමද ඔයාගෙ කසාදෙ උහුළන්නෙ.."

"මං එයාට විඳවන්න ඉඩ තියන්නෙ නෑ අම්මි.. ඒකටත් ප්ලැන් එකක් මට තියනව"


අම්මා කිසිවක් නොකීවාය. ඇය සිතන්නේ මගේ ඔලුවට මේ ඇල්ෆා කතාව බස්සවා කරගත්තේ අපරාධයකැයි කියාය. රාත්‍රි සමාජ ශාලාවල බීමතින් ගෙවු දිර්ඝ මිලාධික රාත්‍රින් වල මා සැහැල්ලුව සතුටින් සිටියායැයි ඕ සිතයි. කෝටිපති පවුලක කුඩා කුමරියක්ව සිටි සමයේ මා පිහාටුවක් සේ පාවුවා කියා සිතයි.එහෙත් ඒ කාලයේ මට මගේ ආදරය හමුව තිබුණේ නැති බව පිළිගන්න ඇය තවම පැකිළෙයි. මේ පිටපත දැන දැනම වෙනම චිත්‍රපටයක් කරන්නට මා ගියේ අපරාදේ යැයි සිතයි. 


මගේ මගුල් ඇදුම සාදන්නට මිමි ගන්නට මා කැටුව ගියේ චාරුදරගේ අම්මාය. ඇය ඇගේ දරුවා සහ මා අතර වු සම්බන්ධතාව කොහොම කියවා ගත්තාදැයි හැගීමක් මට නැත. තවම වෘකයෙක  වශයෙන් ජීවත් වෙන මගේ අනාගත කුමාරයා ගේ ඇදුම් පැලදුම් පිලියෙල වෙන විදිය ගැන මට අවබෝධයක් ඇත්තේම නැත.


" දැන් ත්‍යාගගෙ ඇදුම් එහෙම ලැස්ති කරන්නෙ කවුද.." 

" ඒවා පුතාලා බලනවනෙ"

චාරුදර ඒ තරම් දේවල් කරන්නේ කොහොමද? අඩුම ගාණේ තමන්ගේ පෙම්වතිය කසාද බන්දන්නට ඉන්නා තරුණයාට මගුල් ඇදුම ලෑස්ති කරනා එකෙන් මගැර ඉන්නට ඔහුට බැරිද? 


" චාරු පොඩි කාලෙ කොහොමද අම්මෙ" මා ඇසුවේ ඇයත් මාත් දෙදෙනාටම ඔවුන්ගේ පාරම්පරික ඇදුම් සකසන්නිය දුන් මීපැනි සහිත දොඩම් පානය කරනා ගමන්ය. චාරුගේ අම්මා ඇගේ දිග කැරලි කොන්ඩය මදක් සෙලවුවාය. ඇය පුලුල් නළලක් ඇති බුද්ධිමත් පෙනුමැති මැදි වයසක ගැහැනියකි. 


" ඉපදෙනකොටත් හරි උණුයි.. පෝරණුවෙන් බාපු  පුංචිම පුංචි පාන් ⁣ගෙඩි පොඩ්ඩක් වගෙ"

ඇගේ මුහුණ සිගිති චාරුගේ මතක වල පවා  උශ්නත්වය වැඩිකමින් දෝ තැඹිලි පාට වී ගියේය. 

"එයාගෙ තාත්තගෙ පෙළපතේ විදියට එයාත් විශේෂ දරුවෙක් වෙන බව මම දැනගෙන හිටියා. වින්නඹු කම් කරන අම්මා කොහොමත් කිව්වා..මේ වගෙ පොඩ්ඩො ඉපදෙද්දි අම්මලාට එක එක සංකුලතා වලට මුහුණ දෙන්න වෙනව කියල."


"දැනට වඩා තැඹිලි පාටයි ඒ කාලෙ.. හැබැයි කරදරයක් නෑ.   කොල්ලො එක්ක රන්ඩු වෙන්න එහෙම පටන් ගත්තෙ අවුරුදු අටෙන් විතර.එතකම් හොදට හිටිය"


"ඉතින්?"


" ඔය කන්දෙන් එපිට තියෙන සෙන්ට්‍රල් ඉස්කෝලේ ට දේවදාර උයනෙ ඔක්කෝම ළමයි ටිකට ඇතුළත් වෙන්න විශේෂ වරප්‍රසාදයක් තියෙනව. ආණ්ඩුව මොන මොන චක්‍රලේඛ ගැහුවත් අපේ කොල්ලො කෙල්ලො ඒ ඉස්කෝලේ ටමයි අපි දාන්නෙ"


"චාරු ඉස්සරහ ට මොනව කරයිද කියලා අම්මට හිතෙන්නෙ?"


" එයා රස්සාවට යන එකට නං මං කැමති ..ඒත් මං දන් නෑ ඔයාගෙයි ත්‍යාගගෙයි කසාදෙ එයාට කෙකාහොම බලපායිද කියලා.. මොනදේ උනත් මගෙ දරුවානෙ. පුලුවන් තරම් කාලයක් පුලුවන් තරම් හොදට බලා ගන්නවා.. අපේ කොල්ලොන්ට ජීවිතේ ඕන විදියකට දරා ගන්න පුලුවන් .. මොකක් වත්ම නැතත් කැළැවට වෙලා හරි ඉන්න හයිය කොල්ලට තියෙනව.."


"මං දන්නව"


"හැබැයි ඒ හිත කැඩෙන එක මට දරං ඉන්න අමාරුයි දූ.. මං හිතනව ඔයාගෙ කසාදෙ එක්ක කොල්ලගෙ හිත ගොඩක් රිදෙයි කියලා.. දරාගෙන ඉන්න අමාරු වෙයි කියලා.. "


"මං මගෙ ජීවිතේ අකමැතිම දේ එයාට රිදෙනෙකයි අම්මා.. මං හැම වෙලාවෙම හිතනවා මං නෙමෙයි නම් මෙහේ ඇල්ෆා.. මං එයාව මලක් වගේ පරිස්සමින් බලා ගන්නවා. ඒත් මට තියෙන වගකීම් ටික වෙන කෙනෙකුට කරන්න බැ කියලා මට කියලා දුන්නෙ එයාමයි"


"එයා එහෙම තමයි.රංචුවෙ කොල්ලන්ගෙ හිත් හදන්නෙත් එයා තමයි… මට දුක එහෙම කොල්ලගෙ හික කැඩෙනෙකයි" චාරුදරගේ අම්මා මා ගැන අහිතක් නොසිතුවාය.අපරාදෙ වෙන් වෙන්න වෙන බව දැන දැනම ඔය දෙන්නා ආදරේ කළේ කියා නොකීවාය. ඇය කීවේ " එක අතකට චාරුට එයාගෙ ආදරේ මොකක්ද කියලා තේරුම් ගන්න ලැබුණු එකත් ඇති කියාය. 


"ගොඩක් මිනිස්සුන්ට ආදරේ කියන්නේ මොකක්ද කියලාවත් මැරෙන කම් තේරුම් ගන්න බෑ.." ඕ යළිත් කීවාය.  

"පලවෙනි ඖෂධ පුජාවට කලින් මම චාරු එක්ක දවස් දෙකක් එලියට යන්නද?"

මා ඇගෙන් ඇසුවේ ඊට එහා ඒ ගැන අවසර පතන්නට කිසිවෙකුත් නැති බැවිනි. චාරුදර අයිති ඇයටය. කොහොමත් මට වඩා අයිතියක් තියෙන්නේ ඇයටය. 


"ඔයා කවදහරි අපේ රැජිණ.. සමහරවිට තව සතියකින්.. ඉතින් ඔයාට මගෙ ජීවිතෙත් අයිතියි.. මගෙ දරුවගෙ ජීවිතෙත් අයිතියි. මගෙන් අවසර ගන්න දෙයක් නෑ " 

මම ඊට ප්‍රතිවිරුද්ධ ලෙස කිසිවක්ම නොකීවෙමි. ඒ ඇගේ විශ්වාසයයි. එදා රාත්‍රියේ මම ඩැෆඩිල් ටෙරස්හිදී අම්මාටත් ආනික්‍යාටත ඒඩ්න්ටත් කතා කළෙමි. පුජාවට පෙර දින දෙකක් මම දේවදාර උයනෙන් පිටමං වෙන බවත් ඒ ගැන කිසිවෙකුත් දැන සිටිය යුතු නැති බවත් කීවෙමි. අම්මා මා යන්නේ කොහේදැයි ඇසුවාය. 


" අම්මා දන්නවනෙ මෙහෙ එන්න කලින් මං ගෙව්ව ජීවිතෙ. උත්‍රා අක්කාට කතා කරල. අනික් යාලුවො මුණගැහිල.. රන්දිකටත් කතා කරල එන්නම්"

"ඔයා තනියෙම යන එකට නම් මං පොඩ්ඩක් වත් සතුටු නෑ.."

"මං දන්නව. ඔයා දන්නවනෙ.. මං රැජිණක් වෙන්නයි යන්නෙ.. අනිත් එක අම්මා දැන් මගේ කැපැසිටි එක වෙනස්.. "


ආනික්‍යා අම්මා අස්වසමින් ඇය සමග කැටුව ගියාය. ඒඩ්න් සහ මා පමණක් ඉතිරිවිය 


"ඔයා ඉන්නෙ මොකක් හරි ලොකු ප්ලැන් එකක.."

"ඔව්.. මේ දවස් දෙක මං සම්පුර්ණයෙන් ම වෙන් කරන්නෙ චාරුට..එයා එක්ක දේවදාර උයනෙන් පිට..අපි දෙන්නටම විතරක් මතක ටිකක් එකතු කරගෙන සතුටින් ඉන්න..ඒත් අපි ආවාම.. මගේ ඖශධ පුජාවත් එක්කම ඔයා මට උදව්වක් කරන්නෝන.."

"ඔයාගෙ ඔලුව කවර් කරනෙකනෙ. මං කොහොමත් ඒක ආනි එක්කත් කකා කළා.."


" නෑ ඒඩ්න්..ඔයා චාරුගෙ ඔලුව ඇතුලට රිංගලා එයාගෙ ඔලුවෙ අපේ ආදරේ ගැන තියෙන හැම මතකයක්ම මකලා දාන්න ඕනෙ.. එයා මට ඉම්ප්‍රින්ට් වුණු බව සම්පුර්ණයෙන් ම එයාගෙ හිතින් අයින් කරන්නෝන"


ඒඩ්න් ගැස්සී වගේ මදෙස බැලුවේය. 


"එච්චර කුරිරු කමක් කොහොමද අපි ඒ කොල්ලට කරන්නෙ.."

"ඒක තමයි මට එයාට කරන්න පුලුවන් හොඳම දේ"

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...