#DT
Daffodil Terrace
11
"අද උඹ මෙහෙ ඉදල පලයං"
"බෑ.. හිමා."
"උඹගෙ ඩැෆඩිල් ටෙරස් මන්දිරේ වගෙ මෙහෙ සැප නම් නැහැ තමයි.."
" එහෙම දෙයක් නිසා නෙමෙයි.. ජස්ට් බෑ.මං යන්නම්.."
ඒඩ්න් කියන්නේ මදෙස තියුණු බැල්මක් බලාගෙනය. මම දෑත් දෙපසට කර වට් කියා දෙතොල් සොලවා අසමි. ඒඩ්නුත් ඒ ආකාරයටම තැන්ක් යු කීවෙිය. ඔහු ස්තුතියි කියන්නේ මොනවාටද?
"මොනටද ?"
"I’d love to kiss you again”
“Again?”
හිමකර යළිත් අප වෙත ආවේ කෝපි කෝප්ප දෙකකුත් රැගෙනය. "වොශ් එකක් දාගන්නං" කියා එතැන්නි යන්නට ගියේය. ඒඩ්න් කෝපි එකත් රැගෙනම පිටත කොරිඩෝවට පියමැන්නේය. ඔහු මගේ හිසැතුළ සිටියේ කොහොමදැයි මට දැනගන්නම ඕනැය. දඩබ්බර හිතුවක්කාර තිනෙත්මා ඒඩ්න් පසුපසින් නොයා සිටිවිද?
" ඔයා මොනවද කරන්නෙ මේ? මොනවද කියන්නේ ?"
"මොනවද ?”
“ ඔයා කොහොමද එහෙම කරන්නෙ?"
"මොනවද මං කළෙ?"
"ඔයා මාව කන්ට්‍රෝල් කලා.. මගෙ මයින්ඩ් එක.."
"ව…ට්…" ඒඩ්න් හයියෙන් සිනාසුණේය. ඒ හිනාව ලස්සන එකකි. ඒ වගේම කෘතිම එකකි.
" මං කළෙ තද නින්දක හිටිය ඔයාව උස්සගෙන ගෙනැත් මෙහෙන් තිව්වෙක.. "
මට කියන්නට කිසිවක් නැත. එහෙනම් ඒඩ්න් ගේ හැම රෝමාන්තික හැසිරීමක්ම මගේ මනස් විකාරයකි. විලිලැජ්ජාවක් නැති කෙල්ල! ටිකක් හොට් වුනාට මොකද ඔයාකාර වනචර වෙන්න එපා තීනු.. මංම මටම බැන ගැනීමක් හැර වෙන කිසිවක් ඉතිරිව නැත.
"මං යන්නං.."
" එපා වෙනව නේ ආපහු ඒ ටික පයින් යනවා කියන්නෙ"
"ඕන නම් මං පහළට පාවෙලාත් ාපන්නනන්ම.."
"කෝලම් කතා කියනවනෙ.. ඔයාත්.. මං සුරංගනා කතා විශ්වාස කරන්නෙ නැහැ හොදේ.."
"හිමාට කියන්න මං ගියා කියලා"
මම හිස සැළුවෙමි. ඒඩ්න් මගේ ඇස් දෙස මොහොතක් බලා සිටියේය.
" මට පුලුවන් ආයෙම ඔයාව කිස් කරන්න. සමහර විට මේ මොහොතෙ මං ආසම දේත් ඒක වෙන්නැති මේ මුළු ලෝකෙන්ම..ඒත් මට ඔයාට එහෙම කරන්න හිතෙන්නෑ. මං ඔයාගෙ හිත ඇතුලෙ ඕන තරම් ඇවිද්දා..ඔයා ට තරම් අහිංසක අවංක හිතක් තියෙන කෙල්ලක් මෙච්චර කාලෙකට මට හම්බෙලාම නෑ..
අනික් එක, මං ගැන ඔයා හිතන දේවල්.. අම්මෝ.. ඒ ටික කියෙව්වම මට ඔයාව හැම වෙලාවෙම ළග තියාගෙන ඉන්න හිතෙනව.. මං දැන් යන්නෝන තීනු"
ඒඩ්න් ඒ ටික කියා මගේ ඇස් දෙස බලාගෙන මට තවත් ළංවිය. ඒ ඇස් කදුලකින්දෝ දිලිසිණි.
" මං ආසයි මේ හැමදේම ඔයාට මතක තියාගන්න පුලුවන් නම්.. ඒත් බෑනෙ.. " මට මතක ඒඩ්න් සිනිදුවට මගේලකම්මුලක් පිරිමදිනු පමණකි. ඉන්පසු ඒ වනවිට පහන් දැල්වෙමින් තිබුණු කදුපාර දිගේ ඔහු බැසයනු පෙනිණි.
ඒඩ්න් ගියපසු මම මගේ කාමරයට ආවද මට තද කාන්සියක් දැනිණි. මම කවදාවත් නොකරන විදියට කාමරයේ මිටියාවත පැත්තට වෙන්නට ඇති කවුලු දොර විවර කළෙමි. මිටියාවත දිසාවෙන් හමන සීතලම ශිශිර සුළං කාමරය තුලට ඇවිත් වටයක් කැරකිණි. තෙත හීත හුළං අහුරක් සමග හාදවුනු තනිකමට තනියක් නෑ වාගේය. මිටියාවත දිහාව තරු එළියේද නැහැවෙයි.
අතු රිකිලි ගහකොළ අතරින් තැනින් තැන හුදකලා කුඩා තණබිම් දිස්වෙයි. මට ගීතයක් අහන්නට හිතෙයි. මේ වගේ වෙලාවට මොනවා අහන්නද? "අපිමචං" ලාගේ මගෙ නාමලී කවර් එක… පපුව අස්සෙන් නැගෙන කැළැත්තෙන මිහිරක් එක්ක ඔන්න කුඩා ජේබිඑල් එකේ ගීතය වාදනය වෙන්නට පටන් ගනී.
එක් හුදකලා තණබිම් පෙදෙසක සෙලවීමක් ඇසට හසුවිණි. මම විපරමින් එදෙස බලමි. තදින් පැහැදිලි නැතත් සිව්පාවෙක් එතැනට ආවේය. මා සිටින කුඩා කන්ද දෙසද බලා එතැන හිදගත්තේය. අර එදා මා දුටු විදියේ කැළෑ බල්ලෙක්ද ඒ.. ඌ එතැන තනිවමය. මා මෙතැන තනිවමය. කාන්සිය අප දෙදෙනාටම දැනෙනවා විය යුතුය. ඒඩ්න්.. ඔහු යන්නට ගියා ගියාමය.
වෙනදාට එවන විදියේ කුතුහලය පිරුණ කෙටි පණිවුඩය ක් හෝ නැත. තදින් නිදිමත එනතෙක්ම මා මිටියාවත දෙස බලා හිදින්නට ඇත. අවසානයේ මා ඇත්තෙන්ම නින්දට යනවිට ආලෝක තීරු බිම් කණ්ඩි මත හැපෙන්නට පටන් ගෙන අවසන්ය.
නිවාඩුවෙන් පසුව ආයේ වැඩට යාමට මා දැන් කැමතිය. හේමන්ත බොස් ඉපදී ඇත්තේම මාකටින් කරන්නය කියා මට සිතෙයි. ඔහුගේ මුහුණ කවදාවත් පර නොවෙන මලක් වැනිය. කිසිම වෙහෙසක් නැත. දවසකට ප්‍රශ්න කීයක් ආවත් බොස් එහෙමමය. හදිසි කේන්ති යාම් නැත. එබැවින් කේන්තිය පාලනය කරන්නට අනවශ්‍ය මහන්සියක් දරන්නටද උවමනාවක් නැත.
චාරුදර මා යන විට වෙනත් පිරිමි ළමයෙක් ගේ මේසයක් මත වාඩිවි දුරකතනයකින් මොන මොනවදෝ බලමින් සිටි අතර මා දැක දඩාස් ගා ඉන් බිමට පැන්නේය.
"මෝනින්.."
"මෝනින් අක්කෙ.."
අක්කෙ කියා කොටසක් එකතු කරගෙන තිබුණේ අනික් පිරිමි ළමයාය. නළදතක් සහිතව සිනාවෙද්දී ඔහු අපුරුය. හුරතල්ය.
"තීනුට අක්ක කියන්නෙපා බං.." චාරුදර වහා කීවේය. ඒ අර කොලුවාාග් හිස්මුදුනට ටොක්කක් අනිමිනි.හේමන්ත ාබාස්ද පුරුදු පිබිදීමෙන් ඔහු ළගට ආවේය. " භාග්‍ය .. හොද ්ලමය වගෙ ඩැෆඩිල් ටෙරස් එකට ගිහින් මලියෝනාාගන් මේකට සිග්නේච එකකුත් අරන් එනවද?" භාග්‍ය ගෙන් ඇසුවේය. අනික් කොලල්ලන් මෙන් කාර්යාලයට පමාවි එන්නට දහසකුත් එකක් හේතු හොයන ගතිය භාග්‍යගේ නැත. ඒ වාගේ අවිධිමත් වාගේම වගකිම් විරහිත ස්වභාවය තියෙන්නේ හිමකරට සහ චාරුදර දෙදෙනාටය.
"තීනු.. පෙටිකෑශ් එකෙන් භාග්‍යට දෙදාහක් දෙන්න පෙට්‍රල් ගහගන්න.." හේමන්ත ාබාස් මට ආයේ කීවේය.
"අලවන්ස් එක ක්ලේම් කරන්නැද්ද එයා?"
"කොල්ල අතේ සල්ලි නැතුව ඇති අද. පව් කන බොන ාවලාවටත් මගැරල ඉන්නව සල්ලි නැති දවස් වලට.. "
හේමන්ත බොස් නායකත්වය උපතින් දරා ආ නායකයෙකි. ඔහුට මිනිස්සුන්ගේ හැගීම් තේරුම් ගතහැකි ඉවක් තිබේ. උත්‍රා අක්කාද කීවේ උඹ යන්නෙ හේමන්ත ළගටනෙ එතන මනුස්සයෙක්ට හැදෙන්න හොද තැනක් කියාය.
"ඊයෙ නිදාගත්තෙම නෑද?" චාරු මා ළගට ඇවිත් මේසයට දෙවැලමිට තදකර කීවේය. මම කැරකෙන පුටුව හරවා ඔහු දෙස බැලුවෙමි.
"කොාහාමද දන්නෙ?"
"ඇස් බොරු කියන්නෑනෙ"
"හ්ම්"
"ඔයා යනඑන ගමන් ඇයි අර කාලකන්නිය එක්කම යන්නෙ?"
"කවුද?"
" පීටර්ස්"
"මොකද වෙන්නෙ ඉතින්?"
"සුදුසු කම්පනි එකක් ානාමයි ඔයාට"
චාරු එය කීවේ තද ස්වරයකිනි.
" ඔයා හිතන්නෙ මට දැන් ගැළපෙන්නෙ මොන වගේ කම්පනි එකක් කියලද?"
" පරම්පරාවක උරුමක්කාරයෙක්.. ඔටුන්නක් දරන්න.. ලේ වලින්ම උරුමයක් තියෙන කෙනෙක්.."
"ආ.. එහෙමනම් මට අනුරාධපුර පොළොන්නරුව නැත්නම් සීගිරිය වගෙ රාජධානියකෙ යන්න වෙයිද.. "
"ඉතිහාසෙ ලියවෙච්ච රාජධානි ඒවා විතරක් වුනාට මේ පොළවෙ යට ගැහුව රාජධානි නම් තව කොච්චර තියෙනවද?"
"ඔව් .. මීමැස්සන්ට උන්ගෙ ජනපදයත් රාජධානියක්නෙ.."
" හැබැයි මීමැස්සන්ගෙ රාජධානිය උන්ගෙ රැජිණ විනාස වුනාම ඉවර වෙනව.."
" ඔව්.. හැමදේම හැමදාම පවතින්නෙ නෑනෙ"
"සමහර වෙලාවට සමහර රාජධානිවල උරුමක්කාරයින්ට පැවරිලා තියෙන්නෙම රැජින පරිස්සම් කරගන්නෙක.."
"ඊට පස්සේ ?"
"කුමාරයෙක්ට බාර දෙනකම් පරිස්සම් කරගන්නෙක.."
කතාව වෙනස් අතකට ගියේයැයි මට සිතිනි.
"අම්ම ඇහුව ඔයා කවදද අපේ පැත්තෙ ඇවිදින්න යන්න එන්නෙ කියලා"
"අද හවස .. අද හවසම යං.."
හවස් වෙනතෙක් කාර්යාලය තුල මට පේන පේන තැන්වල එහෙමෙහෙ වෙවී උන් චාරුදර මෝටර් සයිකලයද දක්කාගෙන මගේ ජනේලය ඇති පැත්තෙන් මතුවෙද්දී හරියටම පහය. පහ කියන්නේ මේ නගරයට නිවාඩු ලැබෙන වෙලාවකි. කිසිම වාහන තදබදයක් නැති පාරක , නොදන්නා ගම් පළාතක ඇවිදින්න යාමම වෙනසකි.
" මං චාරු එක්ක එයාලැ ගෙදරට ටිකක් ගිහින් එන්නං.. එහෙන් රෑට කාලා එන්නෙ"
හිමකරට කීවාම ඔහු ඇස් නළලේ තියාාගන මදෙස බැලුවේය. මිදුලට බැස චාරුට කෑගැසුවේය.
"ඒයි කොල්ල.. මේ මගෙ සිස්ටා.. උඹ පරෙස්සමින් එක්ක පලයන්.. මලක් වගෙ ගෙනැත් තියන්නෝනෙ ආයෙමත්.. "
" හරි හිමා .. ඒ මල මාත් පණ වගෙ පරෙස්සම් කරන්නම්.."
පරෙස්සම් කරන්නම්ය කීවාට චාරුගේ ඇති පරෙස්සමක් නැත. අප ගමන් කළේ ඩැෆඩිල් ටෙරස් ඇති ඉසව්වට ප්‍රතිවිරුද්ධ දෙසටය. බටහිර දිසාවෙන් ඩැෆඩිල් ටෙරස් දෙසින් එන සුළං සැරට දේවදාර ගස් සේම සීතලට අනුගත වෙන අනෙකුත් ගහකොළද සෙළවිනි.
"ආයෙ කාලයක් එනව.. මේ ගහකොළ දලුදාලා මල් පිපෙන. තාම මෙහෙට වැස්සනෙ.."
"මල් නම් ඉතින් .. ඒඩ්න්ලගෙ නර්සරි වලත් පිපෙන්නෙ.."
"ඒ මල් පිපෙන්නෙ.. ඒව බලෙන් ගෙනැල්ල හිටවලා ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරල ග්‍රීන් හවුස් වල දාලා.. බලෙන් පොහෙර දාලා.. ඉක්මනින් ලොකු කරල මල් පුම්බවල. අවසාන අරමුණ මොනාද? කපල විකුණනව. අන්තිමට නන්නාදුනන ගෙදරක දවස් පහක් පිපිල ඉදල මැරිල යනවා."
"ඉතින්? කට් ෆ්ලවර්ස් වල ඉර්නම ඒකමනෙ"
"කිසිම මලකට ඒ ඉරණම අත් වෙන්නෝන නෑ.. තීනු"
සමහර වෙලාවට චාරු කියන වචන වල හැබෑ අර්තය සෙවිය නොහැකිය. අපේ ගමනාන්තය වුයේ කුඩා ජනපදයකි. ඒ කොන්ක්‍රීට් වනාන්තරය ක් නොවේ. කැළැබද බිමක ස්වභාවිකත්වයට මුල් තැන දී ඇති නිවාස සමුහයකි. ලී කොට වලින් තනා ඇති කුඩා සංවාද බංකුත් කෝපි මේසත් කිහිපයකි. බිමෙහි අතුගා සුද්ද පවිත්‍ර කර තිබුණේ කුඩා මං පෙත් පමණකි. ඒවා දෙපස ලී කැබලි වලින් ඒකාකාර දුරකින් යුක්තව පෙත් සීමාව සලකුණු කොට ඇත.
මෝටර් සයිකලය සෙමෙන් සෙමෙන් ඒ පෙත් මග දිගට ගොස් කෙළවරක නතර විණි.
"මේ තියෙන්නෙ අපේ රාජධානිය.."
හැමදේටම වඩා එහි නිදහස් හුස්මක් තියේයැයි හිතෙයි.
" මේ අපේ ගෙදර. "
චාරු "එකෝ ෆ්‍රෙන්ඩ්ලි" විලාසිතාවේ ගෙදරක් ඉදිරිපිටදී කීවේය. අනික් හැම නිවෙසක්මත් එහෙමය. බොහෝවිට දේශීය දේම යොදාගෙන ගොඩනගා තිබු ඒවාය. එයින් හැදින්වෙන්නේ මේ පැල්පත් කියා නොවේ. බැලුබැල්මට ඔවුන්ගේ ජීවිත ඊට වඩා එහා සමාජ තත්වයක පැවති බව පෙනිනි.
"අනේ.. වස්තුවේ.. ඔයා ආවද? මං මේ ඉලන්දාරියට කොච්චර ක් කිව්වද ඔයා එන්න කලින් මට කියන්න කියලා.. අද මේ හදිස්සියෙ මට ඔයා වෙනුවෙන් කිසිම අලුත් කෑමක් හදන්න වත්ලබැරිවුණාා.."
"අනේ ඒකට කමක් නෑ ..
.jpg)
No comments:
Post a Comment