#DT
34
දේවදාර උයන ඩැෆඩිල් ටෙරස් මේ කිසිම තැනක් රන්දිකගේ සිතට නොඇල්ලු බව පෙනිණි. ඔහු කල්පනාකාරීව සිටියේය. චාරුදර එහෙමෙහෙ වු ඇසිල්ලක මා ගාවට ආවේය.
"මේ ඔක්කෝම හරි අමුතුයි.. තීනු. අපිට තිබුණෙ ඉස්සර හිටිය විදියට ඉන්න"
"ඒව ගැන දැන් කතාකරල මොකටද?"
"මට දුකයි මේ වෙන දේවලට"
"අපි දෙන්නගෙ බ්‍රෙකප් එක නිසා මේ දේවල් වෙනව නෙමෙයි.. "
මට ඊට වඩා වැඩි දෙයක් ඔහුට කිව නොහැකිය. ඔහු ඒවා තේරුම් නොගනියි.ඉතින් මම මගේ සිතුවිලි නමා හකුලා ගෙන සිටිමි. උත්‍රා අක්කා ඩැෆඩිල් ටෙරස් වෙතින් වේලාසන නික්මුණේම රන්දික ගේ තෝන්තු ගතිය නිසාය.
"කොහෙන් හොයා ගත්ත ඇපල් පයි එකක්ද අනේ එයා?" රන්දිකගේ සෞම්‍ය හැසිරිම මගේ වෘක පෙම්වතාවේ දුටුවේ එහෙමය. රන්දිකගේ දැනුම බුද්ධිය ගැන කිසිවක් කීවානම් පිරිමින්ගේ ආවේණික ඊගෝව සන්සන්දනය ට එරෙහිව නිසැකව මතු වෙයි. එබැවින් ඕනැම දෙයක් හිතාගත්තාවේයි කියා මම නිශ්ශබ්ද වීමි.
"තීනු ඔයා පුජාවට ලෑස්තිවෙන්නෝන" චාරුදර කීවේය. මම ඒඩ්න් දෙස බැලුවෙමි. ඒඩ්න් සිය ශීතකරණයෙන් බ්ලඩ් පැකට්ටුවක් ගෙන එයට බීම උරන බටයක් දමා බමින් සිටියි. චාරුදරට නම් මේ දර්ශන ය අප්‍රියයි.ඔහු සිය නළල දෙපසින් අල්ලා ගෙන සදලුතලයට පිවිසෙන්නේ එබැවිනුයි.
ඒඩ්න් මදෙස බැලුවේ තීරණාත්මක බැල්මකි. පසුවදා සවස පුජාව පැවැත්වීමට නියමිතය. මනමාලිය ගේ හිත පමණක් පිරික්සා බැලීම හරිද? මම මහිතින් විමසමි.
"කන්‍යාභාවය කියන්නේ සිවියක් වගේ. ඒක කැඩිලා ගියාම ආයෙ හදන්න බෑ. කෙල්ලෙක්ගෙ පිවිතුරු කමයි පවුලක අභිමානයයි රැදිල තියෙන්නෙ ඒකෙලු..ඔහොමනෙ සම්ප්‍රදායික කතාව පවතින්නෙ. නමුත් දේවදාර උයනෙ සම්ප්රදාය කරදර වෙන්නෙ ඇගේ කන්‍යා භාවය ගැන නෙමෙයි. හිතේ පිවිතුරුබව ගැන. මොකද ඔයා කී පාරක් ඔයා කසාදෙට කලින් කන්‍යාවක්ව හිටියා කියලා ඔප්පු කළත් කසාදෙන් පස්සෙ ඔයාට එක හිතින් ඒ මනුස්සයත් එක්ක ජීවත් වෙන්න බැරි නම් ඒ කසාදෙ තේරුමක් නෑ"
චාරුදර මදෙස බලා කීවේය.
"දැන් මං මේ ඔයා මත්තෙ නැහීගෙන ආදරේ කරද්දි ත්යාගව කසාද බැන්දාම ඔය කියන පුජනිය පවුල ඇතිවෙනවද?"
"ඔයා කසාද බැන්දම වෙනස් වෙයි. අනිත් ගෑනු ලමයි වගෙම. ගෑනු අය තමන්ගේ ආදරේම නොවුණත් වෙන කෙනෙක්ව කසාද බැඳල සතුටින් ඉන්නවා ..එයාලට ලේසියෙන් අනුවර්තනය වෙන්න පුලුවන් "
"මාත් එහෙම වෙයි..ද?"
"ඔව් ඔයා අනිත් ගෑනු ලමයින්ටත් වඩා ශක්තිමත් .. "
"අපි දෙන්නට පැනල යන්න බැරිද. මේ ඔක්කෝම දාලා. අපට බැරිද ආයෙ මිනිස්සු නොවී වුල්ෆ් ෆෝම් එකෙන්ම හැමදාම ජීවත් වෙන්න. කොහේ හරි කැලැවකට වෙලා"
"සිද්ද නොවෙන දේවල් ගැන කතා කරන්නෙපා" කවදාවත් නැතිව චාරුදර කේන්තියෙන් පියගැටපෙළ බැස ගියේය. මම ඒඩ්න් දෙස බැලුවෙමි. ඔහු ස්ට්‍රෝ එක මුවෙහි රුවා ගෙනම පහලට යන ඉලන්දාරියා දෙස බලා සිටියේය.
"මේකව නං කොහොම ආම්බාම් කරන්නද මං දන්නෙ නෑ. තීනු ඔයා හෙට ඔය පුජාව තියෙද්දිම ඔෆිස් යනවද"
"එදා වෙච්ච සිද්ධියෙන් පස්සෙ හෙට තමයි මට ඔෆිස් යන්න වෙලා තියෙන්නෙ.."
"මැරිච්ච මිනිස්සු කවුද කියලා හොයා ගෙන තියෙනව. උන් පාතාල කල්ලියකට සම්බන්ධ මිනිස්සු .හැබැයි ඔයාව පැහැර ගැනිම උන්ගෙ ප්ලැන් එකක් නෙමෙයි. උන් කාගෙ හරි කුලී මිනිමරුවො. මට තියෙන ගැටලුව ඔයා ඔය හොටෙල් එකේ නවතිනව මේ මේ දවස් ටිකේ කලුතර ඉන්නවා වගේ ාද්වල් කොහොමද වෙන කෙනෙක් දැනගන්නෙ.."
"ඔෆිස් එකෙන් කලින්ම අදාල බ්‍රාන්ච් එකට ලෙටර් එකකින් හරි මේල් එකකින් හරි ඉන්ෆෝම් කරනවනෙ. මේ මේ අය විසිට් එකට එනව කියලා..ඉතින් ඒ ඩිටේල්ස් වෙන කෙනෙකුට ඕන නම් හොයා ගන්න හරි ලේසි.. "
"ඔයා කියන්නේ දේවදාර උයනෙ කැපිටල් ෆයිනැන්ස් එක වුනත් කිසිම සේෆ්ටි එකක් නැති තැනක්ද?"
"චාරුදරයි භාග්‍යයි එතන ඉන්නෙ මගෙ සේෆ්ටි එක වෙනුවෙන් තමයිනෙ"
ආනික්‍යා ආවාය. දැන් ඇය වෙනදා වගේ මල් අරගෙන නොඒම මට නම් පාලුවකි. ඕ මට පුජාව පිලිබඳ සෑහෙන වැදගත් විස්තර ලබා දුන්නාය. ඒවා කවදාවත් දැන් ජීවත් වෙන කෙනෙකුගෙන් ලබා ගත හැකි දේ නොවේ. ඉතිහාසයෙන් කෙනෙකු ගෙනැවිත් මේ ශතවර්ෂ ය පුරුදු පුහුණු කිරිම පහසු නොවේ. ඒඩ්න් සිටියේ එම භාරදුර කාර්යයේ නියැළෙමිනි.ආනික්‍යා හැමදේම පහසුවෙන් හුරුකරගත්තාය. ඇගේ එමිබ්රොයිඩර් මැහුම් ගෙතුම් පින්තාරු කලා ආදියෙන් ඉක්මනින් ඈත්වී පරිගණකයට වාගේම විඩියෝ ගේම් වලටද ඇබ්බැහි වුවාය.
"ඔයා සැහැල්ලු හිතින් ඉන්නෝන.. ත්‍යාග ගෙ පරම්පරාවෙ ඔය දැන් වෘකයො වෙලා ඉන්න කොල්ලො තිස්නම දෙනා අැරුණු කොට වයසක අම්මණ්ඩිලා ඕන තරම් ඇති. උන් බලාගෙන ඉන්නෙ ඔයා ගෙ හිතේ තියෙන රහස් ගබඩාව විවෘත කරගන්න.. "
"උන් ඇත්තටම මාව මරලා දාන්න උත්සාහ කරයිද?"
"උන්ට ඕන මේ වංශ දෙක එකතු කරගන්න. ඒකට රාජකීය පරම්පරාවෙන්ම අම්ම තාත්ත බිහිවෙන්නොන.. "
"ආනී… මට මේක කරන්න පුලුවන් වෙයිද?"
"පුලුවන්.. මේ ලෝකෙ වෙන්න බැරි දෙයක් නෑ. මේ ලෝකෙ කරන්න බැරි දේකුත් නෑ.. අපට ඕන ම දේකට හිත ාවනස් කරගන්න විතරයි ඕනෙ.. අපට මේක කරගන්න එක සිම්පල්."
ආනික්‍යා එසේ කීම මට සැනසුමක් ගෙන ආ දෙයකි. හේමන්ත බොස් ඒ අතරවාරයේ කතා කර මා කලුතරදී මුහුණ දුන් කම්පනකාරි සිදුවීම ගැන දුක් වුවේය. තව දින දෙකතුනක් නිවාඩු ගන්නැයි කීවෙිය. ජීවිතය බේරා ගැනිම ගැන සන්තෝස වුවේය. සිසිටිවි දර්ශන වල දිස්වෙන අධික වේගයෙන් දුව එන සිව්පාවා පිලිබඳ කිසියම් හෝඩුවාවක් දැනුණේදැයි ඇසුවේය. ඒ ගැන හිතා හිත කරදර කරගන්න එපායැයිද කීවේය.
ඒඩ්න් ආනික්‍යා සහ අම්මාද සමග මම කතා කරමින් සිටියෙමි. මලියෝනා පැමිණ අම්මා කැටුව පහළට ගියේ කුමක්දෝ මල් විනාශ කරන පරපෝශිත උවදුරක් ගැන කියමිනි. අම්මාගේ අදුරු මායා බොහෝවිට මේ තරමට ප්‍රාථමික පලිබෝධක විනාස කරගැනිමට ඇය යෙදුවේ තෘප්තිය උදෙසාය.
"අපි කොයි වෙලාවටද චාරුදරගෙ ප්‍රශ්න විසදන්නෙ?"
"මට ඒක හරි පේන් එකක් ආනී" ඒඩ්න් ආනික්යාට කීවාය.ආනික්‍යා ඔහුගේ අතින් අල්ලා ගෙන ඔහුව සනසවන සුලු බැල්මක් බැලුවාය.
"හෙට පුජාවෙන් පස්සෙ අනිද්දා දවසම මං එයා එක්ක කතා කරන්නං."
"එපා..හෙට පුජාවෙන් පස්සේ අනිද්දා ඔයාට දවසෙම නිදා ගන්නයි වෙන්නෙ. ඔය හෙට ඔයාට දෙන ඖෂධ පහුවෙනිදා ට පහුවෙනිදාත් ඔයාව මත් කරල තියාවි.. "
උත්පත්තියෙන් මේ සදහා මා තෝරාගෙන තිබුණු නිසා මේ දේවදාර උයනෙහි කිරීටය පිළිගන්නට සිදුවී තිබුණත් එය මගේ හිතේ සතුට කැප කිරීමකි. පසුවදා මා ඩැෆඩිල් ටෙරස් වෙතින් දේවදාර උයනට එක්ක ගියේ චාරුදර මය. ඒ වන විට ඒඩ්න් මගේ
නළල දෙපසින් අල්ලා මගේ ඇස් ඇතුළෙන් මා කියවාගන්නට ඇතුළට ගියේය. ගෙලෙහිවු මාලය ගලවන තෙක් ඒඩ්න්ට කිසිසේත්ම මා තුලට ඇතුල් වෙන්නට හැකි වුයේ නැත. එහෙත් ඉන්පසුව ඔහු පහසුවෙන් මා තුලට ඇතුල් වුවේය.
කිසිදු සංවාදයකින් තොරවම ඒඩ්න් මගේ හිසැතුලෙ මාව වසා ගෙන සිටි අතර මම පුජාවට සහබාගි වෙන්නට දේවදාර උයනෙහි වරිග සබාවකට සමානලතැනක පෙනී සිටියෙමි. එහි ත්යාගගෙ ත් මගේත් පරම්පරා නියෝජනය කරමින් විසි දෙනෙකුට සමාන පිරිසක් හිටගෙන සිටි බවක් මට මතකය. ලා ක්රීම්පාටට හුරු ඔවුන්ගේ සම්ප්‍රදායික ඇදුමකට මා මාරු වුයයේ දේවදාර උයනෙහිදීමය. ඔවුන්ගේ පුරාතන දෙවි දේවතාවුන් වෙනුවෙන් පැවැත්වෙන යාගයක් මුලින් සිදුවු අතර ඉන්පසුව ත්යාගගේ එනම් අර්ධ සුර්ය වංශයේ මිත්තනියක වු රාජකීය කුමාරිකාව මා වෙත දෝතින්ම පෑවේ ඖෂධ බඳුනකි.
මම අම්මා දෙස බැලුවෙමි. චාරුදර මට පෙනෙන ඉසව්වක නොසිටියේය. මා වටකරගත් විජ්ජාකාර පරම්පරාවක්
විසින් නොනවත්වා මන්ත්‍ර ගායනා කරමින් සිටි අතර මම මෙලෝ යකෙකුට බොන්නට බැරි තරම් කොල වල අමු රසැති කසාය එක උගුරට දෙකට බී අහවර කළෙමි. මොහොතක් ඇස් වසා සිටියේ එහි වු අපුල රසය නිසාමය.
අඳුනක් බලනවා වගේ දෙතුන් දෙනෙකු කිසිවක් ඉදිරියේ බලා සිටිති.එය හරියටම පිහිටා ඇත්තේ මගේ තෙවන ඇස ඉලක්ක කරගෙනය. ඔවුන් උත්සාහ කරන්ාන් මගේ යටිම යටි සිත ඉන් දකින්නටය. එහෙත් කොයිතරම් හිත එකග කරගන්නේ නැතැයි හිතා හිටියත් එතැන තිාබන සුවඳ ාතලුත් හිතේ ඇතිවන ඒකාග්රතාවයත නිසා වෙන කෙනෙකුට හිත කියැවීම පහසුය.
ඒඩ්න් ගැන සම්පුර්ණ විශ්වාසයක් මට තියේ. මම වඩාත්ම කල්පනාකාරීව හුස්ම ඉහල පහල දමමින් බලා සිටිමි. ස්තෝත්ර ගැයෙන වටාපිටාව ක සුවඳ දුමාරයකින් වැසුණු ඉසව්වක ප්‍රකෘතිය ඉබේම අපෙන් ඈතට යන්නට පටන් ගනී. ත්යාගගේ රූපය මුලින්ම මගේ සිතට ඔබ්බන්නට ඇත්තේ ඒඩ්න් පීටර්ස්යැයි මම සිතමි. ඉනික්බිති සම්පුර්ණයෙන් මගේ මනස කේන්ද්‍ර ගත වන්නට පටන් ගත්තේ ත්‍යාග වටාය. මා ත්යාගව හමුවී ඇත්තේ කිහිප වතාවකි. මුලින් ඔහු වෘක සුරතලෙකු ලෙස මා වටා දැවටෙමින් සිටි කාලයේය. පසුව ඔහු අවසානය ට මනුශ්‍ය වේශයට පැමිණි රාත්‍රීයේය. මට ඔහුගේ තියුණු දෑස, දිගු නැහැය සහ අපුරු සිනහව ආයේ ආයේ මතකයට නැගෙන්නට පටන් ගත්තේය.
සුර්ය වංශයේ පේන කාරිය මා තදබල ාලස කළඹවමින් මාව ප්‍රශ්න කරන්නට පටන් ගත්තාය. ඉන් සමහරක් "පිස්සුද මන්දා මේ ගෑනිට" කියා හිතෙනාකාරයේ ප්‍රශ්න වු අතර අනිික්වා නම් මා සහ ත්‍යාග අතර පැහැදිලි විවාහ සම්බන්ධතාව ක් පවතීදැයි දැනගැනිමට සුදුසුකම් සපුරන ඒවාය.
" චන්ඳ්‍ර වංශ උරුමක්කාරිය, සඳ හිරු වංශය අරඹන්න ඔබ සුදානම්ද?"
චාරුදර අයිති ද හිරු වංශයටමය. එහෙත් මා ඒ දෙදෙනාගෙන් කාගෙ දරුවා කුස දරන්නට සුදානම් දැයි නොදනිමි.
"සුදානම්.. " මම කෙටිව සෘජුව පිළිවදන් දුන්නෙමි. ත්යාගගේ සමස්ත පරම්පරාවට ඊට වඩා සතුටක් නොමැති බව පෙනිණි. ඔවුන් ඔද වැඩි සිටි අතර , පුජාව අවසානයේ මා දතසිටියේ අධික වෙහෙසිණි. මා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පුජාවේ සියලු දේ සම්පුර්ණ කර තිබිණි.
දේවදාර උයන සහමුලින්ම සාදය කට පරිවර්තනය වීතිබේ.දැනට සාපයට හසුවී ඉන්නා වෘකයින් තිස්නම දෙනාගේ සාපය අවසන් වීමට දෙදිනකි. අනික් අතට සියවස් ගණනාවකින් පුරාවෘත වල සිදුවෙන්නට නියමිත අති උත්කර්ෂවත් විවාහය සිදු වීමට සියල්ල සුදානම්ව ඇත මෙතෙක් කාලයකට ඔවුන්ගේ පරම්පරාවල කුමාරයන් අනන්තවත් ඉපිද මියගොසිනි. කුමාරිකාවන් ඉපිද මිය ගොසිනි. එක්කෝ ඔවුන් පහළ වී ඇත්තේ එකිනෙකාට ගැළපෙන කාල වකවානු වල නොවේ. මේ එහෙම ගැළපීමක් විශ්වය විසින් සුදානම් කළ අවස්ථාව කි.
ඔවුන්ගේ සැමරීම සර්ව සාධාරණය. මම චාරුදරලාගේ ගෙය පසුපස විල් තීරයේ තනා ඇති කුඩා ගිම්හාන පැල්පතට ගියේ තනිවමය. සිගරට් පැකට්ටුවකුත් ගිනි පෙට්ටියකුත් ඇතිවය. සුළං කැපි ඇවිත් සිගරට්ටුව වේගයෙන් ගිනිබත් කරද්දීත් ඉක්මනින් දුම්රොටු උරාගැන්මේ උවමනාවක් මට නොතිබිණි. වැදගත් වුයේ දුම්කොළ මතම නොවේ. දුමාරයයි.තනිකමට ගැලපෙන හිතවතෙකුයි. නොදැල්වු සිගරට්ටු පවා දෙතොල් අස්සේ මිතුරන් වෙයි.
කාගෙදෝ අඩි ශබ්දයකට මම වහා හැරී බැලුවෙමි. දැන් ජීවිතය ආවේගයන්ට ක්ශනිකව ප්‍රතිචාර පටන් ගන්න පුරුදු වී හිඳි. පැමිණියේ ඔහුය. හෙටින් පසු මට අහිමි විය හැකි ඔහුගේ ප්‍රේමයේ මාලිමාවය. මා ඇල්ෆා වීද ඔහු මට මාලිමාවක් විනැයි නොකියා කොහොමද?
"දැන් කොහොමද දැානන්ාන!" චාරුදර ගිම්හාන පැල්පතේ ලී දඩු මැස්සේ මා ලගින් හිද ගත්තේය.
"මාව හිතින් දුරස් වුනා නේද!"ඔහු යළි කිව්වේය. හිතින් යටපත් කළා වගේ ඇගෙව්වාට හිතින් දුරස් වෙන්නේ කොහොමද?
"නෑ.. ඔයාට කවදාවත් මගේ හිතින් දුරස් වෙන්න බෑ"
"මට දරුවෙක් හදනවා නම් ඒ ඔයා එක්ක"
"ඔයා ඉන්නෙ මගෙ දරුවො හද හද ඉන්න නෙමෙයි.සදහිරු වංශය පටන් ගන්න"
"ඉතින්, ඔයාට බැරිද සදහිරු වංශය පටන් ගන්න මං එක්ක"
"මං කුමාරයෙක් නෙමෙයි"
"මං කුමාරියක්.ඒ මදිද.."
"පුර්ණ සදහිරු වංශය ගොඩනැගෙන්නෙ පරම්පරා දෙකේ රාජකිය ලේ මුහු වුනාමයි"
"අර්ධ සදහිරු වංශයක් බිහි වෙද්දෙන්්.වැදගත් වෙන්ාන වංශය ගොඩනැගෙන එක.. එහෙම නැතුව ප්‍රවාදයි පුරාවෘතයි පස්සෙ දුවලා දුවලා මේක අවුල් කරගන්න එක තේරුමක් නෑ"
චාරු මදෙස බලා හිදීයි. මට දැනෙයි. සියොලග ඇහිරෙයි.රුධිර නාල පවා හිරවෙයි. මා නොදන්නේ එයමයි.මේ සංසාරික බැල්ම හැර යෑමයි.
"ත්‍යාග ව බැන්දාම සතුටින් ඉන්නෝන හොඳද.."
"මං"
"ඔව්.."
"එතකොට ඔයා? ඔයාට පුලුවන් ද සතුටින් ඉන්න.."
"මං හැමදාම කිව්වනෙ. මං සුර්ය වංශෙ අතවැසියෙක්. .කුමාරයා කියන වැඩක් කරගෙන පාඩුවෙ ඉන්නවා මිසක් ලොකු ලොකු දේවලට ඉන්වෝල්ව් වෙන්න මට බෑ"
"බෑ බෑ කියන්නේ ඔය ඔලුව ඇතුලෙන් හදාගක්ක දෙයක්..නැ"
""ඒවට ක්‍රම සහ විදි හොයාගන්න ඕනි. ඒක පොෟද්ගලිකව මැනේජ් වෙන්නෝන. "
"ත්යාගට අවංක වෙන්න තීනු. බැන්දාම ආයෙ මං ගැන හිතන්නෙපා"
"ඒත්.. ඔයාට අයිතියක් තියෙනවද එහෙම කියන්න"
"ඔව්.."
"ඇයි.ඒක අසාධාරණයක් "
"නැහැ තීනු. එ පොරොන්දුව නිසා අපි ජීවිත කීයක් ආයෙමත් සතුටින් පිරෙව්වද?"
"මාව අත් ඇරල ඔයා සතුටින් ඉන්නනෙ හදන්නෙ.."
"කෙල්ලො නම් කොහෙත් එකයි. ඔයා ක්ලියෝ පැට්රා වුනත්, ඔයා ඩයනා කුමාරි වුනත් ඔක්කෝම ත් හරි දේවදාර උයනෙ අනාගත රැජින වුනත්.. කොයික වුනත්.. එකයි"
මම චාරුදර ගේ ඇස් අස්සට ඇස් ගුලි කළෙමි.
"දවසක් එනවා එක තත්පරේකට ඔයා මට ආදරේ කරන.. එදා ඉදලා ආයෙ කවදාවත් ම ඔයාට මාව අමතක කරන්න බැරි වෙන"
"ම්ම්ම්ම්"
"මතක තියාගන්න.. පණ වගෙ ආදරෙයි. ඇත්තටම ඔයා වෙනුවෙන් පණ දෙන්න කිව්වොත් තීනු කියන්නේ ඒක වුනත් කරන කෙල්ලෙක්. ආදරේ කළෙ මැරෙන්නත් ලැහැස්ති වෙලා.. දන්නවනෙ ඒක"
"දන්නවා තීනු"
"දන්න බව දන්නවා . නොදන්නවා වගෙ ඉන්න හේතුව තමයි දරාගන්න බැරි"
"දවසක් එයි. එහෙම ඉන්න බැරි.."
"එදාටවත් මට ආදරෙයි කියන්න"
.jpg)
No comments:
Post a Comment