Thursday, November 17, 2022

Daffodil Terrace 02




 #DT 02

Daffodil Terrace


මම තවදුරටත් ඔහු දෙස බලා හිදිමි. නුවන් වැඩිය උස නැත. තරමකට මහතය.. හිමකර .. දුටු විගසම නාගරික දගකාර තරුණකම. උස, කඩවසම් ගමන බිමනද අපුරු එකකැයි හිතෙයි.වේලාසනින්ම කුට්ටන්, එනම් සංචාරක බංගලාවෙ පිරිසිදු කරන්නා පැමිණ මගේ ඇදුම් මල්ලත් අනිකුත් බඩු පිරවු බෑග් දෙකත් ගෙන ගියේය.


කුට්ටන් ට සිංහල කතා කළ හැකිබව මට වැටහුනේ එවෙලේය. කොහොමටවත් මේ නවාතැන ගැන යළිත් හිතා බලන්නට ඕනැයයි මට කිසිවිටෙක සිතී නැත. තිතෙන්මා මේ මොහොතේ සිටින්නේ ළග ඇති  කිසිවක් අතැර ගන්නට හැකි තත්වයක නොවේ. 


කාර්යාලය වසාදැමිය යුතු වෙලාවේ හේමන්ත බොස් මා අසලට ආවේය. 


"අදට බන්ග්ලෝ එකේ ඉන්නකො එහෙනම් තිනෙත්මා" 


හිමකර මා හා බන්ග්ලෝ එකට යන්නට ආවේය. ඔහුට මා සමග කියවන්න බොහෝ මාතෘකා තිබිණි. 


"මං ඉස්කොලේ යනකාලෙ තනිකර පිස්සෙක්.ඒ කාලෙ මං ඩ්‍රග් වලට ඇඩික්  වෙන්න ගිහින් අනුනමයෙන් බේරුණෙ"


මම හිමකරට සිනාවක් පෑවෙමි. මගේ කතාවේ ඊට වඩා මහා වෙනස් කම්  නැත. එහෙත් එය අසන්නට හිමකර සුදුසු දැයි මම තවම නොදනිමි.  මා ටිකක් කලුවර පාත්වෙමින් තිබුන කුඩා කදුගැටය මැදහරියේ නගිද්දී ඔහු මට අතපෑවේය.


"මේක සිරිපාදෙ නගානව වගෙ වැඩක්නෙ අප්ප" මට කියැවිණි. 

"කියල වැඩක් නෑ .. කොහෙද මුන්ට මේකෙ ස්වභාවික ලස්සන තියාගන්නෝනලුනෙ. බයික් එකකට වත් යන්න පුලුවන් ගානකට පාරක් කපල කොන්ක්‍රීට් ටිකක් දාගත්තත් සැපයිනෙ බං"


 හිමකර එවර කතා කලේ පෙර තිබු උද්යෝගයෙන් නොවේ. කදුමුදුන උඩට ගොස් හති අරින මාදෙස ඔහු අනුකම්පාවෙන් බැලුවේය. 


"ඔයාට මොනවද බොන්න ඕන. කුට්ටන් ඕන දෙයක් හදල දෙයි. මෑන් ගාව ෆ්‍රෙශ්ෆෘට්ස්  ටී නෙස්ටොමොල්ට් ඕන මගුලක් තියනවා" 


හෙතෙම මෙතෙක් වෙලා ඔහුගේ ගෙල වටා තිබු ටයි පටිය ගලවා අතට ගත්තේ සතෙක් සර්පයෙක් ගෙල වටා එතී සිටියාක් වැනි හැගීමක් පෙන්වමිනි. යළිත් හැරී බලා අත දිගු කර හයියෙන් 

"ආ දකුණට හැරිලා ගියාම පලවෙනියට තියන රූම් එක ඔයාට" 

කියාත් කීවේය. 


මම පලමු වතාවට ඒ ප්‍රියමනාප සංචාරක බංගලාවට ඇතුල් වුයෙමි.එහි පැරණි තාලයේ සාලයකි. රතු සිමෙන්ති දැමු එකකි. ලී සිවිලිමකි. සාලයෙන් කෙලින්ම දකුණට ඇති කොරිඩෝව දිගේ ගියවිට කාමරයකින් කෙලවර විණි. දොර වසා තිබි අතර දොරෙහි යතුරකි. මම වැඩිදුර ානාසිතා එය කරකවා කාමරය තුලට ගියෙමි. 

කුට්ටන් මගේ ඇදුම් බෑග් ඒ වන විටත් එහි ගෙනැවිත් තබා තිබිණි. ඒ වනවිටත් සීත කබා ඇදගැනීමට තරම් සීතලක් සමට යටින් කටු අනිමින් තිබිණි. කාමරයේ විදුලි පහන් දැල්වීමෙන් පසු.. දැන් ඉතින් තව කාලයක් මෙහි ජීවත් විය යුතුය.

මඳ වෙලාවකින් කුට්ටන් දොර ලග සිට කතා කරනු ඇසිණි. 


"නෝනා තේ හදන්නම්"

මම සිනාවී හිස සැලුවා පමණකි. ජීවිතය කොහෙන් කොහොම කෙළවර වෙන්නට නියමිතදැයි මා දන්නේ නැත.එහෙත් එතෙක් ජීවත් විය යුතුය. කාර්යාල කටයුතු වලට මට තවම දුරකතනයක් ලැබී නැත. සාමාන්‍යයෙන් කොහේ හෝ යනවිට බිත්තියේ ප්ලග් වලට සම්බන්ධ කර ඇති හතරැස් කුහර සහිත රවුම් කුහර සහිත ප්ලග් සහ එක්ටෙන්ශන් වයර් රැගෙන යන්න මම කොහොමටත් පුරුදු වී සිටියෙමි.ලැප්ටොප් එකත් ජංගම දුරකතන දෙකත් මොන හේතුවේදීත් ක්‍රියාත්මකව තිබිය යුතුය. 


ඉන්පසුව මම ඇදුම් පැලදුම් පසෙක ඇති බිත්තියටම සම්බන්ද අල්මාරියේ පිලිවෙලට අඩුක් කලෙමි.ඊට පෙර මට ආයේ කුට්ටන් සොයා යන්නට සිදුවුයේ පත්තර කඩදාසි සොයන්නටය.  

උත්‍රා මගේ නැන්දාගේ දුව මා ඇමතුවේ එවෙලේය. 

" කොච්චර වෙලා ට්‍රයි කලාද කෝල් එකක් ගන්න.. බයත් හිතුණා මට"

"දැන් ෆෝන් එක ඔන් කලෙ.."

"හ්ම්.. කොහොමද..තීනු"

මම සුසුමක් හෙළමි. කියන්නට තරම් හොඳක් හෝ නරකක් ඇත්තටම මට තාම නොපෙනේ.

"හිතාගන්න බෑ අක්ක.."

"කවුරුවත් මොනාවත් ඇහුවෙ නැද්ද"

"ම්..හ්"

"ඇහුවට කිසිම දෙයක් කියන්නත් එපා .."

මම දෙවුර සැලුවෙමි.ඇය බොහෝ ඉක්මනින් දුරකතන ඇමතුම විසන්ධි කළාය. මම නිකමට වගේ දුරකතනාය් ඇති නාමාවලි දිගේ එහෙමෙහෙ ගියෙමි. 


රන්දික .. රන්දිකට මා ඇත්තටම අමතක වූවාද? මේ තරම් ඉක්මනින් දෑ අවුරුදු පෙම්කතාවක්! 

"කෝල් එකක් දෙනවා..නෑ එපා.මොකටද. එයාට ඔයාව අමතක නැතුව ඇති. කොහොමද අප්ප ඒ දේවල් අමතක වෙන්නෙ"මගේ හිතම දෙපසකට බෙදී සටනකය. අවසානයේ ඇමතුම නොගන්නා පාර්ශවය දිනුවාය. මම දිග කලිසමක් ටී ශර්ට්එකක් සීත කබායක් ඇදගෙන අයිස් කැප් එකකුත් දමාගෙන කාමරයෙන් බැහැරට ආවෙමි. 


මේ සංචාරක නිවෙස වටා ඇවිද මෙහි සැකැස්ම තේරුම් ගත යුතු බව මම ඒ මොහොතේ සිතා ගත්තෙමි. 

මා විසිත්ත කාමරය දෙසට යද්දී නුවන් දුම් දමන තේ කෝප්පයක් අතැතිව සිටියේය.ඒ ඔහු ආවේ කෑම කාමරයේ සිට විය යුතුය. හිමකරගේ  විය යුතු අනිත් තේ සහිත මග් එක එහෙමම තියෙන්නට හැර මම පීරිසි කෝප්පය අතට ගත්තෙමි. කැපු බටර් කෙක් පෙති කිහිපයක්ද එහි තියා තිබිණි. 

"ආ.. " මම හැරී බැලුවෙමි. එක් කොරිඩෝවකින් මතුවෙමින් සිටියේ හිමකරය. 

"මේ පැත්තෙ තමයි මගෙයි නුවාගෙයි කාමර තියෙන්නෙ" ඔහු වැඩි දුරටත් කිව්වේය. මම හිස සලා එය හිතට ගත් බව ඇගවුයෙමි. 

"වටේටම කදුයි කැලෑයි.. රෑට ටිකක් සත්තු කෑගහනවා වැඩියි..හෑන්ඩ්ස් ෆ්‍රී දාගෙන නිදියන්න වෙයි" අප තිදෙනාම හිදගෙන සිටියේ සෝපාවක් තියා ඇති විසිත්ත කාමරයේය. 

"කෝකටත් ඔයා අපි හැමෝගෙම නම්බර්ස් තියාගන්න.මොකද අපිත් ආයෙ නිදාගත්තම කන ලග බෑන්ඩ් එකක් ගැහුවත් ඇහැරෙන ජාතියෙ නෙමෙයි. අනික කොහොමටත් ගොඩාක් දවස් වලට අපි කණ පැලෙන්න බීලා නිදා ගන්නෙ. අද මේ ඔයා ඉස්සෙල්ලම මෙහෙ ඉන්න දවස නිසා ටිකක් ඩීසන්ට්වට ඉන්න කියලා හේමන්ත බොස් කෙලින්ම කිව්වා" 


මම නෙත් නගා බැලුවෙමි. 

"අනේ.. නෑ නෑ..එහෙම අමුතු ඩීසන්සි එකක් මේන්ටේන් කරන්න ඕන නෑ. මං එහෙම බොන නොබොන එකෙන් පිරිමි ජජ් කරන විදියෙ කෙනෙක් නෙමෙයි" 


වහා වචන අතහැර දැමුවෙමි. ඔවුන් බොහෝ විවෘතව අනම් මනම් කතා කළහ. කුට්ටන් රෑට නුඩ්ල්ස් හදන්නට සුදානමිනි. චන්ද්‍රසේකරන් ඉදිරි දොරෙන් ඇතුල් වුයේත් මා වෙනුවෙන් මදහසක් පෑවේත් එවිටය.


"චන්ද්‍ර... මේ අලුත් මිස්..."


මම සිනාසුණෙමි. 


"තීනු... මං"


මම කෙටි නමකින් මවෙ අමතන්න ඔවුන් දිරිමත් කළෙමි. හිමකර මදෙස බලා සිනාසුණේය. ඒ සිනහවේ මට පහසුවක් දැණිනි. නුවන් ලෝකයේම බර හිස මතින් තියාගෙන ඇතැයි මට එවෙලේ ත් සිතිණි. එක්කෝ මේ මනුශ්‍යාට දැඩි කරදර තිබිය යුතුය. නොවේනම් කාටවත් නොකියන වසංගා ගත් රහස් තිබිය යුතුය.මෙ තරම් මිනිස්සු  තමා තුල සුරැකෙන්නට හදන්නේ එවැනි අවස්ථා වල බව මම අත්දැකීමෙන් දැන සිටියෙමි. 


"අපේ බ්‍රාන්ච් එක වහන්න කීප වතාවක් ඩිස්කස් වෙලා තිබ්බා. අපට එහෙම ප්‍රොෆිට් ගහන්න බෑ ටාගට් ගහන්න බෑ. මේ පලාතෙ මිනිස්සු ගොඩක් වෙලාවට ප්‍රවේණි දාසයො ඉන්නෙ..(ඔයා දන්නවනෙ ප්‍රවේණි දාසයා කියන්නේ මොනවගේ අයද කියලා) හැබැයි මිසිස් පීටර්ස් ඩිසයිඩ් කලා තැන තැන තිබුණ එයාගෙ මහා ධනස්කන්දෙ අපේ එෆ්ඩීස් වල ඉන්වෙස්ට් කරන්න" 


මම නෙත් නළලට තියා ගෙන අසා හිඳිමි. හේමන්ත බොස් ගෙන් විධිමත් ආකාරයෙන් දැනගන්නට ලැබෙන්නට නියමිත තොරතුරු සහ හිමකර ගෙන් අවිධිමත් ආකාරයෙන් ලැබෙන තොරතුරු වලින් පදනමක් හදාගන්නට මම වෙහෙසෙමි. 


"ඔය මිසිස්..පීටර්ස් එයාට කොහෙන්ද එච්චර සල්ලි.. එයා වයසක කෙනෙක්ද"


නුවන් සිනාසුණේය. 


"මිසිස් පීටර්ස් ...මං හිතන්නේ එයාලා ලංකාවට ඇවිත් තියෙන්නෙ වහල්ලු විදියට එහෙම වැඩ කරද්දි මොකක් හරි විදියකින් ඒ ආපු ඉංග්‍රීසි පවුලක් එක්ක හැදිච්ච කසාද සම්බන්දෙකින් ආපු ලොකු දේපලක් එයාලට හම්බ වෙලා තියනවා.මේ පීටර්ස් කියන නේම් ටැග් එකත් එක්කම..එයා දැන් නම් තරුණ නැහැ. හැබැයි ඒ කාලෙ මං කියන්නේ එයාට විසිගණන් කාලෙ නම් පට්ටම කෑල්ලක් වෙන්න ඇති... " 


හිමකර කියද්දී නුවනුත් හිස සලා සිනාසුණේය. හිමකර සිය සාක්කුවෙන් සිගරට්ටුවක් ගෙන දැල්වුවේය. තීනු! මට මගේ නම කියනවා ඇසෙන්නේ ඈතිනි. මොළයේ අභ්‍යන්තරයෙනි. මගේ වික්ශිප්ත බැල්ම තේරුම් ගෙනදෝ  මන්දා හිමකර වරක් බී සිගරට්ටුව මවෙත පෑවේය.


මගේ කතාව ඇතුලත පරමාදර්ශී ගැහැනු ළමයෙකු වශයෙන් කිසිවෙක් තිනෙත්මා හඳුනා ගත යුතු නැත. එනිසා දැනට හිමකර මවෙත පෑ සිගරට්ටු ව දකුණතට ගෙන මේසය මත වු අළු බදුනට අළු ගසා ඉන් උගුරු දෙකක් උරා  නැවත ඔහු වෙතටම පෑ බව පමණක් කියමි. පිරිමි දෙදෙනා එය එතරම් ගණනකට ගත්තේද නැත. 


"අමාරුවෙන් කඩා ගත්ත ඇඩික්ශන් එකක්.. " නුවන් ගේ දෑසට දෑස යා කර මම කියුවෙමි. 

"පොඩි වයසටම..?"

" ස්පොයිල්ඩ් කිඩ්ස් ලනෙ..ඒක තමයි අපටත් අපිව ඉන්ට්රොඩියුස් කරන්න ලේසියෙන්ම හොයා ගන්න තිබුණ වචනෙ"


"මෙහෙ වෙනස් ඉතින්.. නයිට් ක්ලබ්ස් නෑ.. අරව මේව නෑ. ෆුඩ්සිටි එකක් වත් ළග පාතක නෑ.. ඝන කැළෑව ..ඩැෆඩිල් ටෙරස් එක පැත්තට පල්ලම් බහිද්දි ඉරත් එක්ක සෙට් වෙල වැවෙන මල් වගායි.. තේ වගායි.. ඒවයෙ වැඩ කරන මිනිස්සුන්ට හදල තියෙන ලැයිම් පේළියි තමයි.."


" කොහෙද ටෙරස් එක තියෙන්නෙ කාගෙද ඉතින් ඒක?"

"පිටර්ස්ලගෙ බලකොටුව.. "


"මට ඇත්තටම තාම හිතාගන්න බෑ . මං කියන්නේ ඇයි මෙහෙ අපි බ්‍රාන්ච් එකක් දාලා තියෙන්නෙ කියලා"


"දැනට අපි හිතමු.. අපි තමයි මලියෝනා පීටර්ස් ගෙ විධිමත් සල්ලියි අවිධිමත් සල්ලියි මල් වගා කාරයින්ගෙ ආදායමයි පරෙස්සම් කරන්නෙ කියලා. අනික් එක මල් වගා කරන අහිංසක මිනිස්සු ටිකකුත් ඉන්නවානෙ"


"එතකොට මලියෝනා මැරිච්ච කාලෙකට ඔය කියන මහ ධනස්කන්දෙට මොකද වෙන්නෙ?"


" බලහංකො මේකි කියන කතා නුවා.. මලියෝනා කියන්නේ එහෙම මැරෙන වයසක ඉන්න ගෑනියක් නෙමෙයි.. අනික එයාගෙ බෑණා ඉන්නවා .. ඒඩ්න්.. ඒඩ්න් පීටර්ස්.. මිනිහ ප්‍රකෝටිපතියෙක් කියලයි මට නම් හිතෙන්නෙ. ඌ ඇවිල්ල සුපර් ලක්ෂරි ලයිෆ් එකක් ගෙවන්නෙන.. මාර පර්සනැැලිටි එකක් ගෙවන්නෙ.. එන එන දවසට මාර කෑලි වාහනේ දාගෙන එන්නෙ.. ලංකාවෙ සුපර් හොට් ටොප් ලෙවල් ඇක්ට්රෙස් කෙනෙක් එක්ක පහුගිය කාලෙ ඩේට් කලෙ.. "


"ගොසිප් එකක් වැදිල තිබ්බනෙ හිමා ඒක බ්‍රේකප් වුනා කියලා.. ඒ කෙල්ල ඩිප්රෙස්ඩ් වෙලා වැඩ වල ඩේට්ස් එහෙමත් කැන්සල් කරා කියලා.. "


"ඒඩ්න් වගෙ එකෙක් අත් ඇරුනාම කවුද බං ඩිප්‍රෙස් නොවෙන්නෙ?"


සුදු ගණ තිර වලින් වැසුණු මීදුම් බැදී ඇති ජනේල කවුලු දෙස මම බලා සිටියෙමි. අහම්බයකින් වත් මේ කදුගැටය වටේ ඇති කැලැබද කදු පියස් මත කිසිදු එලියක් නොදැල්වේ. සම්ප්‍රේශනාගාරයක් වත් පෙනෙන දුරක නැති තරම්ය. 


කුට්ටන් දේවරුප වලට පහලින් පත්තු කරන ලද තද සුවදැති හදුන්කුරු සුවඳ සහ හිමකර දල්වන ලද සිගරැට් වල සුවද මුහුවී අමුතු සැරක් නැහැපුඩු අතරින් ගලා ගියේය. 


No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...