Thursday, November 17, 2022

Daffodil Terrace 04

 




#DT 04 

Daffodil Terrace 


අපේ අම්මාට දහසකුත් එකක් ප්‍රශ්න තිබිණි. මේ ආකාරයෙන් පිරිමි හතර පස් දෙනෙකු වෙසෙන බංගලාවක තනිව වෙසෙන එක මගේ වයසේ විවාහාපේක්ශිත ගැහැනු ළමයෙක්ට නොගැලපීම අංක එකය.. "කසාදයක් කරගන්න කොටත් ඕවා බලපාවි යයි ඇය කීවාය. “මනමාලයින්ට ඔය හැමදේම කියන්නේ අහවල් එකකටදැයි" මම විමසමි. "කසාද බදිද්දි රහස් තියාගන්න නරකයි.. පස්සේ දෙන්න අතරෙ මුලු ජීවිත කාලෙම ප්‍රශ්න ඇති වෙනවා" ඇය ඊලගට කීවාය.. 


"තරුණ වයසෙ ළමයිමයි ඔක්කෝම එකට ඉන්නෙ. මොනව හරි සම්බන්ධයක් ඇති වුනොත් වැඩිහිටියෙක් වත් නෑ" 


"කුට්ටන් ල චන්ද්‍රසේකරම් ල වැඩිහිටියො තමය් අම්ම" 


. මොනවා උනත් අම්මා දන්න එක කාරණාවක් ඇත. මං ඇගේ අකීකරු හිතුවක්කාර දරුවාය. 


"නැන්දගෙ හිත හොද නෑ.තමුසෙඔතන ඉන්නමොකෙක් හරි එක්ක මොකක් හරි කරගනිවි කියලා" 

උත්රා අක්කා කීවාය.


 "එහෙම පෙනුමට හරි හිත යන එකෙක් ඉන්නවද ඔතන" 


ඒ මොහොතේදීත් හිමකර හරි අපුරුවට කාටදෝ දුරකතනයෙන් අමතමින් සිටියේය.චාරුදර කොලුවාද කෙටිපණිවුඩ කොටමින් සිටියේය.නිකමට හරි මෙහි ඉන්නා කොලුවන්ගේ ඇත්ත නැත්ත කීවා නම් සිදුවන්නේ උත්‍රාද අහේතුවලට බිය වීමය. 

 

"මොන පිස්සද අක්කා..දරහැව වල් වගේ මේකෙ ඉන්න එවුන්" මම කෙටි පණිවුඩයක් යවා එයද මකා දැමීමි. හේමන්ත බොස් කතා කළේ ඒ අතරය


"තිනෙත්ම .. මං දන්නවා ඔයා හරිම කමිටඩ් වැඩ කලා කියලා. මෙතන ඔයාගෙ පොසිශන් එක තිබ්බ එකට වඩා ටිකක් අඩු වුනාට මේ වැඩ ටික ඔක්කෝම ඔයා කරගෙන යන්නෝන..අපේ කෘ එකෙන් තුන්දෙනෙක්ම අලුත්. හතර දෙනායි සීනියර් ඉන්නෙ.දැන් ඔයා ආව නිසා ට්‍රාන්ස ඉල්ලලා තියෙන එක්කෙනෙක් ගමට යනව" 


අනිත් කිසිවක්ම නොවේ. සීනියර් හතරදෙනාගෙන් ගමට යන්නේ කවුද? නිවාඩුවක් ලැබුණ ගමන් අගනුවර දුවන්නට මගබලන්නේ  හිමකර බව මට අමුතුවෙන් කිව යුතු නොවේ. නුවන් විවාහකය. ඔහුගේ දරුවන් දෙදෙනාත් බිරිදත් නිවාඩු කාලයට මෙහෙ ගෙන්වා ගන්නට ඕනැබව පෙරදාත් කීවේය. 


"නුවන්ගෙ ට්‍රාන්ස්ෆ

එක කන්ෆර්ම් කරල ලෙටර් එක එවල" 


බොස් ඉතිරි ටික කීවේය. ටික කලකින් ආයෙම අගනුවර ශාඛාවකට කොහොම හඑි මාව මාරුකරගන්නවායයි දිව්රා කියවමින් සිටි අගනුවර කාර්යාලයේ පුචානම් දොඩවන සමහරු මතකයට නැගි මට කට කොණට සිනාවක් නැගිණි. සමහර සිදුවීම් අපට අප අසල සිටින්නන්ගේ ඇත්ත මුහුණු එලියට ඇද පෙන්වන්නේය. බොහෝවිට ඊට මුල්වෙන සිදුවීම් අපට කිසිම සම්බන්ධයක් නැති ඒවාද වන්නේය. 


මා ඒකාමරයෙන් එළියට එනවිට නුවන් දිලිසීම ඇස් වලින් බලා සිටියේය. 


"තැන්ක් යු ඔයා නොආවා නම් මට යන්න හම්බෙන්නෑ"


ඔහු මට ස්තුති කල යුතු නැත.මා මේ පැමිණ සසිටින්නේ සානුකම්පිතව ලබා දුන් දඩුවමක් විදිනට මිස සමාජ සත්කාරයක් කිරීමට නොවේ. ඔහු ඔහු යටතේ ඇති ලිපිගොනු ලේඛනගත කරමින් මට භාරදෙමින් සිටියේය. ඒ අතර කලින් දවසේ සදහන් කළ පීටර්ස් නම සහිත ලිපිගොනු දෙකක්ද වීය. 


"මේවද අර මිසිස් පීටර්ස් ගෙ ෆයිල්ස්.."

"ඔව්..එකක් මලියෝනා පීටර්ස්.. අනික ඒඩ්න් පීටර්ස්" 


නුවන් කීවේ ගණනක් නැතිවය. පසුව කියවා ගැනිමේ අරමුණින් මම ඒවා පසෙක තැබීමි නුවන් සිටියේ සිය ස්ථාන මාරුව ගැන හදිසි සතුටකිනි. 


"අඩෝහ්.. මට හිතාගන්න පුලුවන් උඹෙ සතුට"


හිමකර සිනාවෙමින් කීවේය. හැරී මදෙසත් බැලුවේය. මම දෙතොල් තෙරපා සිනාවීමි. මගේ දකුණත පැත්තේ ඇති කවුලුවෙන් මට පිවිසුම් දොරටුව පෙනෙයි. කලු රලු ජීප් රියක් පැමිණ කාර්යාල ඉඩමට  හරවනු, එය සෙමෙන් මගේ ජනේල කවුලුව අසලින් කුඩා තාරපාර අයිනෙන් නැවතෙනු පෙණිනි. උසට වැඩුණු කහපාට කැනස් මල් යාය එහා පැත්තෙන් මට .. රියෙහි දොර විවර වෙනු පෙණිනි.


 ඉන් බැස්සේ කොන්ඩය කොට වෙන්නටම කැපු යාන්තමට රැවුල වවා ඇති තරුණයෙකි. අවුරුදු විසිඅටක් විසි නමයක්.. නිල්පාට ඩෙනිම් කලිසමක් අලුපාට ටී ශර්ට් එකක් උඩින් දමාගත් කලු ලෙදර් ජැකට් එකක්.. උඩ පැන පැන වගේ ඇවිදින ගමනක්.. ඔහු ඊලගට එන්නේ අපේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වීමටය. මම වහා ලිපිගොනුවකට හිස නමා ගතිමි. චිම්පන්සියෙක් වගේ මා ඔහු දෙස බලා සිටිනවා ඔහු දුටුවාදැයි නොදනිමි. 


ඒ තරම් උණුසුම් පිළිගැනීමක් ඔහුට ලැබෙතැයි මා අපේක්ශා නොකළ බව කිවයුතුය. ඔහු පැදගෙන ආ වාහනයේ හැටියට ඔහු යම් වත්කමැති කෙනෙකු බව තේරෙයි. ඒත් මා හෙඩ්ඔෆිස් සිටියදී මීට වඩා ධනවත් කස්ටමර්ස්ලාටවත් මෙවැනි පිළිගැනීම් තිබුණේ නැත. 


"කොහොමද .. ඒඩ්න්.. " 

හේමන්ත බොස්..ඔහුත් සිය කුටියෙන් පිටතට පැමිණ අනික් අයගේ සාදකතාවේ ගිලෙනු පෙණිනි. ඔහු මදෙසද බැලුවේය. ඒඩ්න්.. ඒඩ්න් ට තිබුණේ සාමාන්‍ය පෙනුමක් නොවේ. ඔහුගේ ඇස් වල හැඩය රවුම්ය. ඒවායේ සුදු පැහැති පසුබිමෙන් තද කළු කෝපි පාට දිලිසෙන රවුම් පබලු දෙකක් අලවා තිබුණාක් මෙනි.  . හේමන්ත බොස් මා දුටුවේ අහම්බෙනි. ඔහු ඒඩ්න්ව සිය කාර්යාල කාමරයට එක්ක ගෙන යද්දී මේ දැන් මා මෙතැනට පහලවුවා වගේ බැල්මක් බැලුවේය.

 

"ආ... තිනෙත්මා.. ඔයාත් එන්නකො" 


ඒඩ්න් මදෙස බැලුවේය. එය අමුතුම සතෙකු දෙස බලනාකාරයේ බැල්මක් මිසක ළෙංගතු මනුස්ස   බැල්මක් නොවේ.හිත ඇතුලේ නිකම් සැකයකට හුරු හැගීමක් තටු සලමින් තිබිණි. මා අත ඇති ලිපිගොනු දෙක මට ක්ශනිකව සිහිවිණි. 


"ඒඩ්න් පීටර්ස්" 


ඕහ්... එහෙනම් මේ පීටර්ස්වරුන්ය. කුහුඹි ගුලකට අයිසිං අත්හැරියාක් මෙන් මගේ කාර්යාල සගයන්ගේ හදිසි කලබලය එබැවිනි. මම දිගු හුස්මක් ගත්තෙමි. මා වෙන්කරගෙන තිබූපීටර්ස් වරුන්ගේ ලිපිගොනු දෙකම රැගෙන මගේ විධායක නිලධාරියාගේ කාර්යාල කාමරයට ගියෙමි. ඒඩ්න් ... කලුපාට ගලදර් ජැකට්ටුවේ කොලර් එක ගෙල තෙක් ඔසවාගෙන සිටියේය. මා කවුරුදැයි කියා බලන්නවත් කිසිඋවමනාවක් පවැති බවක් නොපෙණිනි. මට දැණුනේ නොරිස්සුම් සහගත බවකි. 


"ආ .. ඒඩ්න් .. මේ තිනෙත්මා.."


ඔහු යාන්තම් දෙතොල එහෙමෙහෙ කළේය. නැගිට දකුණත පෑවේය. මම මඳක් සිනාවී හරිම ආචාරසම්පන්නව දකුණත දිගු කළෙමි. 


"තීනු එක්ක තමයි ඒඩ්න්ට ඉස්සරහට වැඩ කරගෙන යන්න වෙන්නෙ”


ඒඩ්න්ට මට දෙන්නට කාර්යාල කාඩ්පතක් ඒ වනවිට මුද්‍රණය වී නොතිබිණි. කොටින්ම තවම මා නමින් දුරකතන සිම්පතක් වත් ලැබී නැත. 

මම මගේ පෞද්ගලික දුරකතන අංකය කියාගෙන ගියෙමි.ඔහු එය දුරකතනයේ සේව් කරගත්තතේය. ඊට ඇමතුමක් ගන්නා වගක්ද ඇගවිනි. රින්ගින් ටෝන් එක ඇසී මුව අගට සිනාසුණේය. මගේ නමට ඇති මගේ දුරකතනයේ මා තියා ගන්නට ඕනෑ මට උවමනා රින්ගින් ටෝන් එකක් නෙමෙයිද? ඒඩ්න් මද සිනාවක් නගා හේමන්තට නොඅඅසුවෙන බැල්මක් බැලුවේය.ඒඩ්න් පීටර්ස්.. මම ඔහුගේ පෞරුෂය ගැන ඇත්තේනම විමතියට පත් වෙමින් සිටියෙමි. 

තිනෙත්මා.. මට බොහෝ දේ කීමට මටම සිදුවී තිබේ.

"ආපු වැඩේ කරගෙන ඉදපන් .. " 

වෙච්ච දේවලින් පාඩමක් ඉගෙන ගෙන ජීවිතේ පිලිවෙලක් කරගන්නේ නැතුව ඇහැට කණට පේන පිරිමියෙක් දැක්කාම හිත ඇතුලෙන් ආව්වාව් කියන එක නවත්තගන්න් පුරුදු වෙන්න!  මාඑහෙම හිතා ඉහතකී පීටර්ස් වරුන්ගේ ලිපිගොනුවම් පස ඇති කබඩ් ලාච්චුවට දමන්නට සැරසුණා පමණකි . 


ඒඩ්න් ඔහුගේ රිය දෙසට ආවේය. රියේ ඉදිරිපස දොර විවර කලේය. පසුව පසුපස ඩිකිය විවෘත කර බෝතල් දෙකක් දෙඅතට ගෙන එකක් වම්බාහුවේ රදවා ගත්තේය. ඩිකිය වසා දමා අතරේ වැරදීමකින් වගේ ජනේලය දෙස බැලුවේය. මම වහා මගේ මේසය දෙස බලා ගත්තෙමි.


ඔහු ඒවා රැගෙන කාර්යාලය තුලට ආවේය. පිරිමි ළමයින් පෙරේත කාරණා කිහිපයක් මට ඒ වෙද්දී හදුනාගන්නට හැකිවී තිබිණි. එයින් මුල් තැන් ගත්තේ මනා උකුලකින් පිරුණු ළැමකින් සහ පසුපසකින් හැඩවුන ගැහැණුන්ය. අනික් කාරණාව රටබීම බෝතල්ය. තව බොහෝ කාරණා තිබිය හැකිය. මට ජීවත්වු තිබු කෙටි කාල පරාසය තුල හමුවී තිබුණේ. ඒවා පමණක්ය. මා අර මුල් කැටගරියට නොවැටුනේ එහෙමකට පිරුණුු අගපසගක් නැති නිසාවෙනි. පාසල් කාලයේදී පවා පාසල් මේසපන්දු කණ්ඩායමේ වසර ගණනක් එකදිගට සෙල්ලම් කර ඇති මා උස කෙට්ටු ගැහැණු ළමයෙකි. හැබැයි ..මට ක්ශනික තීරණ ගත හැකිය. ඔුනැවටත් වඩා ඉක්මන්ය. 

"අඩේහ් බ්ලු ලේබල්.. මරු මචං මරු මරු" 


හිමකර කියාාගන ගියේය. මම යටැසින් බැලුවෙමි. ඒඩ්න් සිනාසෙනු මම මුල්වරට දුටුවෙමි. ඒක පුදුමාකාර ළයාන්විත සිනහවකි. . 


"ඔන්ලි චයිල්ඩ් ද" 


ඒඩ්න් එවර ඇසුවේ හිතවත් සිනාවක් පාමිනි. මම හිස සෙලෙව්වෙමි. මේ මනුශ්‍යයා ඇත්තටම කවුද? මේ වගේ ඉලක්කගත ප්‍රශ්නය ක් හරායටම අහන්නේ කොහොමද? 


" ඔව්..ඒත්"

"පේනව හුරතලේට හැදිච්ච ළමයෙක් කියල" 


මම සිනාවකින් නිහඩ වූයෙමි. ඔහු මා සමග ඔහුගේ ස්ථාවර තැන්පතු සහ එය ඇපයට තියා ගතහැකි ණය මුදල් ගැන ප්‍රශ්න කළේය. 


"මට අලුත් නර්සරි එකකට යන්නෝන මිස් තිනෙත්මා"

 

මගේ දැනුම අනුවත් මා ප්‍රධාන කාර්යාලයේ සේවය කරද්දී ඉගන ගත් පුහුණු වු අත්දැකීම් අනුවත් හැකිතාක් පැහැදිලිව ඔහුට ගත හැකි ණය සීමාව පෙන්වා දුන්නෙමි. කිසිවකට අලුතින් එකග වෙන්න හෝ විරුද්ධ වන්නට ඔහුට උවමනාවක් තිබූ බවක් නොපෙණිනි.


"එතකොට ඔයා දැන් නතරවෙලා ඉන්නෙ කොහෙද?

"බංග්ලෝ එකෙ"


එතැනින් එහා කිසිවක් කතා කරන්නට ඉක්මන් නොවුණ ඒඩ්න් සිනාවි අදාල කාරණාවෙන් පසු නික්මි ගියේය. .එදා අම්මාට කතා කරන්නට පමා වීමෙන් ඇයද කලබලයට පත්ව සිටියාය. නුවන් සිටියේම සංචාරක බංගලාවේ අතන මෙතන දමා තියෙන ඔහුගේ ෆෝන් චාජර්ස් හෑන්ඩ්ස්ෆ්‍රී අනම් මනම් එකතු කරමිනි. 


"මොනා හරි දාලා ගිහින් තිබ්බොත් ගෙනැත් දෙන්නම් ඩා.." 


ටීවී බලන තැන ඇති සෝෆාව මත්තට දෙකකුල් ගෙන ගුලි වෙන මදෙස උවමනාවෙන් බලමින් හිමකර ත් පැමිණ හිදගත්තේය. මම පාලුවෙන් සංකාවෙන් පිරෙමින් සිටියෙමි. හිතේ හයියට මේ ගමන ආවාට දැන් දැන් මා සංකාවකට පත්වෙමින් තියෙන බව මට විශ්වාසය.මට දැනෙන්නට පටන් ගෙන තිබුණේ පිරිමි පමණක් සිටිනා සතුරු කඳවුරක හුදකලාවු රැඳවියකගේ හැගීම්ය. කිසිවෙක් මගේ ගැහැණුකම අවභාවිතා නොකළ බව ඇත්තකි. එහෙත් මම දරුණු හුදකලාවකින් පිරෙමින් සිටියෙමි.


සාමාන්‍යයෙන් සිගරට් තිබිය හැකි හැමතැනකම සොයා බැලීමෙන් පසුව 

අවසානයේ මම ටීවී එකට ඇස් අලවා ගෙන ඉන්නා තරුණයා දෙස බැලුවෙමි.  ඔහු එක් කකුලක් බිම තියාගෙන අනික ඊලග පුටුවට දික්කරගෙන දෑත ළය මත බැදගෙන සිටියේය.

"හිමා.."

"ම්ම්"

“ඩන්හිල් එකක් ණයට දෙන්නකො"


හෙතෙම කිසිවක් නොකීවේය. තත්පරකීපයකින් පසු නැගිට කාමරයට ගොස් ඩන්හිල් පෙට්ටියකුත් ලයිටරයකුත් අලුබදුනකුත් රැගෙන ආවේය. ඔහු මා හා ආවේ නැත. ඒ වෙනුවට මට තනිවෙන්නට ඉඩ හැරියේය. මම විසිත්ත කාමරයට මෙහායින් ඇති දිගු කොරිඩෝවට ආවෙමි. එයින් එහා පැත්තේ ඝන වීදුරුවකි. වීදුරුවෙන් එහා පැත්තේ සංචාරක බංගලාවේ උද්‍යානයේ පෙනෙයි. මම සිගරට්ටුව දල්වා ගතිමි. මින්ට් එකට ස්විච් කරන්නට පෙර වරක් දුම් රැල්ලක් මා තුලට ඇතුලු කරගතිමි. අඩ අදුර මැදින් මට උද්‍යානයේ ගස් වැල් සෙලවෙනයුරු පෙනේ. ඒවා විකාර රූපීව නැලවෙයි.


 I need more fresh air 


එහෙම කියාගෙන මා පෑ සිගරට්ටුව අතටද ගෙන හිමකර උද්‍යාන නැරඹුමට කල එලි බැස්සේ ඒ  මොහොතේය. අර සෙවණැලි වෙනස් වුවා වගේද මට දැණිනි.ආලෝක කිනිති තුරුපත්  අතරට වැටෙන කෝණය වෙනස් වූවා විය යුතුව. 


මා කොරිඩෝව අද්දර තෙත් පොලවේ හිදගත්තේත් හිමකර උද්‍යානයේ ඇවිදිමින් සිටියේත් එ වෙලාවේය. එක්වරම අමුතු ගෙරවුම් හඩක් .. ඒක ගෙරවුමක්ද උඩුබුරුලෑමක්ද කියා හිතාගන්නටත් නොහැකි එකකි. 


කුඩා කදුගැටයක පිහිටා ඇති සංචාරක බංගලාවට පැමිණිය නොහැකි යයි හිතෙන තරමේ ප්‍රමාණයක විශාල බල්ලෙකු වැනි සතෙක් එකවර මතුවෙනු මා මෙන්ම හිමකරද දකින්නට ඇත. ඌ කුරුමානම ඇල්ලුවේම හිමකරටය. වාසනාවකට ඒ උත්සාහය දුටු හිමකර මාවත් තල්ලු කරගෙනම කොරිඩෝවට පැන්නේය. දොර අගුල් දැමුවත් ඒ සත්වයා දොරෙහි හැපුණේය. කිහිප වතාවකින් පසු පැන දිව්වේය. ඒ බව දැනුනත් අපේ දොර... අපි ඒක අපේ අත් වලින් තද කරගතිමු. දොරට අගුල් වැටී තිබුනත් අපේ බිය තුරන්වී නොතිබිනි. 


"සතෙක්... කුට්ටන් සතෙක්" මා කිසිදු තේරුමක් නැති ශබ්ද නගා බෙරිහන් දෙන අතරේ හිමකර කෙසේ හෝ කෑගැසිය යුතු වචන සොයාගෙන තිබුණේය. කුට්ටන් නුවන් පමණක් නොවේ චන්ද්‍රද දිව ආවෝය. මෙතෙක් වෙලා දොර පහුරු ගෑ සතාගේ ශබ්දයක් නැති විය. 

"කැ්ලෑ බල්ලෙක් ..." හිමකර එසේ කියා මගේ මුහුණ බැලුවේය. මා ඒ වන විටද කට කට ගා ගැහෙමින් සිටි බව ඔහුට පෙනෙන්නට ඇත. 


"මොකක්ද අප්ප ඒ වුනෙ"


මා දෙසත් බලමින් නුවන් ඇසුවේය. මම සිදුවුදේ අග සිට මුලට වගේම මුල සිට අගටද කල්පනා කළෙමි. 


"මේ හරියට ඔහොම සත්තු එන්නෙ නෑ වෙනදට"


"අර කැළැවෙ පැත්තෙන් තියන බෑවුමෙ කැළේ පිරිලා ඒක සුද්ද කරවල දාන්න වෙයි කවුරු හරි දම්මලා."


මම වම්අතින් මුහුණ වසා ගතිමි. දැන් දැන් මේ ගමනේ බරපතලකම මට දැනෙමින් තිබේ

"බය වෙන්නෙපා.. වටේටම කැළේනෙ.. සීතල පළාත්වල කැළේ අනිත් පළාත් වල නැති විදියෙ ඇනිමල්ස්  ඉන්නවා. සමහර දඩයම් බල්ලෝ කැළේදි අතරමං වෙලා උන් දඩාර් සයිස්..බල්ලොද කියලා හිතාගන්න බෑ" 


මගේ හිත වෙව්ලමිනි. බල්ලෙක්! ඒ වගේ උල් සහිත විරිත්තීමක්.. උන් බල්ලන්ට වඩා සමාන ලොකු නරියෙකුටය. කුට්ටන් හිමකර ගේ කකුල පිරික්සා බැගුවේය. එහි තුවාල නොවීය. කලිසම් කකුලේ කැබැල්ලක් උල් දත් වලට රී ගොස් තුබණ අතර යකෝ මේක බ්රෑන්ඩඩ් ස්වෙට් පෑන්ට් එකක් කියමින් හිමකර  හිසේ අත් ගසා ගත්තේය. 

ඇත්තටම කියනවා නම් ඒ සිද්ධියෙන් පසු මම නිදන කාමරයට නොගියෙමි. බොහෝ වෙලාවක් යනතෙක් කුට්ටන් චොක්ලට් කැබලි උඩින් දමන ලද කිරි විදුරුවක්ලගෙනැත් දුන්නත් මා සිටියේ බියෙනි. මම ස්වේටරයක් පොරවාගෙන කුඩා විසිත්ත කාමරයයේ වු සැප පුටුවක එරමිණියා ගොතාගෙන වාඩිවි සිටියෙමි. මේ සංචාරක බංගලාවට වාහනයක් එක එල්ලේ ගෙන ඒමටද නොහැකි බව මම මින් පෙර කියා ඇත්තෙමි. 


"ඔයා බය වුණෙ සතෙකුටනෙ.. වෙන දේකට නෙමෙයිනෙ.. දැන් අපට කිසිම ජීවිත තර්ජනයක් නෑ.."

"මං මෙතන ලයිට් දාන් ඉන්නම් ඕගොල්ලො කාමර වල නිදාගන්න.. " මා එහෙම කීවද වටේ වීදුරු සහිත ජනේලද මා දෙස බලා සිටියේ සරදම් ඇසිනි. හරියට "ඕ හෝ.. එහෙනම් තීනු නෝනා නිකමටවත් අපි දිහා නෙබෙලා මේ රෑ ගතකරන්නද යන්නෙ?" වැකියක් ජනේල වලින් නිකුත් වෙනු දැනිණි. 


"ඔයාව මෙතන දාලා අපි පිරිමි හතර දෙනෙක් කොහොමද කාමර වලට වෙල නිදාගන්නෙ .."


"මාරුවෙන් මාරුවට මෙයා එක්ක මෙතන ඉන්නයි වෙන්නෙ.."

"ඔයා මෙතන නිදා ගන්නකො.. අපි කවුරු හරි ඉන්නම්.. හිම කුමාරි පරෙස්සම් කරපු කුරුමිට්ටො ටික වගෙ"

"ඔය කිව්වට හිත යටින් බනිනවැති .. මේ වහන්තරාවක් ඇවිත් අපට බොන්නත් නැ නිදාගන්නත් නැ කියලා"

"බොන්නැතිලඑකනම් මේ මේ දවස් ටිකට විතරයි ඉස්සර අපි හැමදාම රෑට මේක දෙකක් කරනවා බීලා සින්දු කියලා.” 


ඔවුන් වෙහෙසුණේ සියල්ල සාමාන්‍ය බව ඇගවීමටය. 


"හැබැයි මචං තව සින් එකක් තියෙනව.. තීනුලැ අම්ම වැරදිලාවත් කියලා තියෙනවද දන්නෙ නැ කවදහරි මේකිනගව නරියෙකුට දෙනව කියල.එහෙම බලං ඉදලම විසාල වෙච්ච දඩ නරිගෙඩියෙක්ද දන්නැ ආවෙ අරන් යන්න.."


 රැය ගෙවී යනතුරුත් මගේ සගයින් සිිටියේ විසිත්ත කාමරයේය. කෙනෙකු ගෙරෙව්වේය. තවෙකෙකු කැස්සේය. අවදියෙන් සිටියේ නම් කුට්ටන් කිරිකෝපි ඕනදැයි ඇසුවේය. එපා කීවාම යළි නින්දට වැටුණේය. මට ඒ රාත්‍රියේ රන්දික සිහිවුයේ නැත. මිනිස්සුන්ට අතීතය අමතක කිරීමට අවශ්‍ය නම් පහසුවෙන් ම අලුත් ප්‍රශ්නය ක් සොයා ගැනීම කළ යුතුය. එදා මම ඒ පාඩම ඉගෙන ගත්තෙමි. දැන් මට රන්දික නමැති කොලු දණ්ඩා  දෙවෙනි තැනට දමන්නට හැකි අලුත් සත්වයෙක් හමුවි තිබේ. ඒ් ජර්මන් ශෙෆර්ඩ් ආකාරයෞ බලු දණ්ඩෙකි.

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...