#DT
16
ඒඩ්න් මදෙස උවමනාවෙන් බැළුවේය. ඇස් කුඩා කරගෙන මා අසලටම ආවේය. දකුණත දිගු කළේය. ඒ මගේ ගෙළ අසලටමය. මම පියවරක් පසුපසට වුයෙමි. ඔහුද තව පියවරක් ඉදිරියට තැබීය.
"ඒඩ්න්. න්න්න්…" මම කලබලයෙන් කීවෙමි..
"පෙන්නන්න පොඩ්ඩක් . "
"මො..මොකක්..ද"
"ඒ…ක.. ඒ මාලෙ.."
මම මගේ අතින් ඒ මාලයේ පෙන්ඩන්ට් එක අල්ලා දිගු කළෙමි. ඒඩ්න් එය ඇගිලි වලින් අල්ලා ගත්තේය. කිහිප වරක් කරකැවුවේය. පරික්ෂා කළේය. ඔහුගේ වැළමිට යන්තමට වගේ මගේ ළමැදේ තැවරෙනු තත්පරයකට දැනුණි. මා ගැස්සී මෙන් ආපස්සට ආවේ එබැවිනි.ඒඩ්න් එය ගණනකට ගත් වගක් නොපෙනිණ.
"මේ.. මේක කොහෙන්ද
ඔයාට?"
"ඇයි ?"
" කියන්නකො?"
"ෆැමිලි හෙයලුම්ස්.."
"සීරියස්ලි?"
"ඕ..තාත්තිගෙන්"
ඒඩ්න් කැළඹුණේය. මදෙස බැළුවේ සැක සහිතවය. වඩාත් විපරමිනි.
"ඇයි? එකපාර වෙනස් වුනානෙ ඔයා. "
" නැ.. ජස්ට්..ඒක නෙමෙයි.. ඔයාගෙ තාත්ති ඔයාට මේ "දේවදාර උයන" කියන ගම ගැන මෙහෙ එන්න කලින් කියලා තිබුණද තීනු?"
" නැහැැ ඒඩ්න්.. "
"හ්ම්ම්ම්ම්.. යංකො අපි මොනාහරි බීල ඉමු"
අපේ ඒ කියන්නේ ඒඩ්න්ට මට සහ මලියෝනාට රාත්‍රි භෝජනය සකස්වෙමින් තිබුණේ බිම් මහලේ එළිමහන් අවකාශයේ තියා තිබු කෑම මේසය මතය. මලියෝනා ප්‍රීතිමත්ව සිටියායැයි මට සිතිණි. ඕ වයින් වීදුරු කිහිපයක් ම හිස් කිරීමෙන් ඉක්බිති ටිකක් වැඩියෙන් දොඩමලු වුවාය.
"තීනු.. මං මේ තීනුට ඇත්තටම යි කියන්නේ .. ඔයා හරිම ලස්සන අපුරු කෙල්ලෙක්.. කවදාවත් කසාද නම් බදින්න එපා.. ඔයාට ඕන නම් ඔයාට පුලුවන් හැන්ඩ්සම් අපුරු බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ව හොයා ගන්න.. මං නම් හිතන්නෙ නෑ ඔයා වගෙ හුරතල් කෙල්ලෙකුට අකමැති වෙන්න හුස්ම වැටෙන හැගීම් තියෙන කොල්ලෙකුට පුලුවන් වෙයි කියලා"
ඒඩ්න් සිනාසෙමින් මදෙස බලා සිටියේය. ඔහු සිටියේ රවුම් කරැති ටී ශර්ට් එකක් හැදගෙනය. ඈතින් සද එලිය ගලාඑයි. කදුමුදුන පහලින් පෙනෙන මිටියාවත්වල වල සානු වල වැදෙයි. නානාප්‍රකාර ගසින් ගසට රහස් මුමුණයි. අවසානයේ කදු හදන්නට ජීවිතය දුන් පාශාණ පවා සොයාගෙන පස් බුරුල් වු තැන් වලින් කා වැදෙයි. මලියෝනා තනිව සිය නිදන කාමරයට යාගත නොහී, නුර් ගේ උදව් පැතුවාය. ඒඩ්න් මොන හේතුවකට හෝ නුර් දෙස නොබලා ඉන්න පරෙස්සම් වු වග පෙනුණි. එහෙත් ඇයද අපුරු පෙනුමකින් යුක්ත මනුස්ස දුහිතෘවකැයි මටද නොදැනුණා නොවේ.
"මලියෝනායි මමයි බොන්නෙ නෑ ලේසියකට.."
"එයා බිව්වම ටිකක් සීරියස් වෙනවා වගේ"
"ම්ම්ම්.. හැගීම්බර වෙනවා කියන්නේ … අන්න ඒක එයාට වෙන්නෙ.."
"ඔයා දන්නවා ද එයා කසාද නොබැන්ද හේතුව.."
"මං හිතන්නේ එයා කවුරු හරි පිරිමියෙකුට ටෘ ලව් එකක් කළා"
"ඉතින්?"
"පහැප්ස්.. මං මේ කියන දේවල් මට හිතෙන දේවල් .. ඒ නිසා පහැප්ස් කියලා පටන් ගන්නෙක හොදයි.. එයා ආදරේ කළ කෙනාට සිද්ධ වුනා එයාව අමතක කරන්න.. අමතක නොකළත් , එයාට බැරි වෙන්න ඇති මෙයා එක්ක දිගටම ජීවත් වෙන්න.. එහෙම වුනාම මිනිස්සුන්ට කැප කිරිම් කරන්න සිද්ධ වෙනව. ඒ නිසා ඒ කෙනා මලියෝනට වෙනම ජීවිතය ක් හදාගන්න ඉඩ දීලා එයාගෙන් අයින් වෙලා යන්න ඇති.."
" ඒක හරි ඒත් එයා තනියමනෙ තාම.."
" ජීවිතය කියන්නේ ගමනක් නේ.. තීනු. අපි පටන් අරන් ඉවර කරන දවස වෙනකම් අපි එකිනෙකා හම්බ වෙනව වෙන්වෙනව. සමහරු ඉන්නවා .සමහරු යනවා.අලුත් අය එනව. හිටිය අය ඉන්නවා වගෙ දැනෙනව අලුත් අය නිසා. ඒත් සුවිශේෂ අය ඉන්නවා .එයාලා ජීවිතේ නැති අඩුව කවදාවත් මකන්න පුලුවන් කෙනෙක් ආයෙ හමු නොාවන්න පුලුවන් "
මම සුසුමක් හෙළමි. ඒඩ්න් කියන්නේ කුමක්දැයි අපැහැදිලි නැත.
"ඉතින් , ඔයා කවදද කසාද බදින්නෙ" මම සිනාසෙමින් විමසමි. මට සිගරැට්ටුවක් දල්වා ගැනිමට උවමනාය.
"කසාදය කියන්නේ හදවත්වල ඇත්තම බැඳීමද?"
"වෙන්න පුලුවන් හරි කෙනා ආවාම"
"ඔයා හිතන්නේ හරි කෙනා එනකම් කී දෙනෙක්ව ටෙස්ට් කරන්නෝන කියලද"
"ඔයා අහන්නෙ කී දෙනෙක් ඩේට් කරන්නෝනද කියලක"
"ඒ වගේ දෙයක්"
"ඇයි ඔයා ඊට කලින් මගෙන් අහන්නැත්තෙ තීනු කී දෙනෙක් ඩේට් කරල තියෙනවද කියල"
"ඔයා ට්‍රැඩිශනල් කෙල්ලෙක් නෙමෙයි. ඒ හින්දා කවුන්ට් එකක් අහනෙක ඔයාට කරන අසාධාරණයක් .."
" ම්ම්ම්"
"මං වැඩියෙන් ම ආදරේ කළෙ රන්දිකට.."
"හේතුව?"
"මට ඒක තේරෙන්නෙ නැ ඒඩ්න්.."
" ඒක තීරණය වෙන්නෙ ඔයායි එයායි අතරෙ තිබුණු එෆෙයා එකේ නේචර් එකත් එක්ක.. ඔයා හරි ආාවේගශිලි කෙල්ලෙක්. රන්දික තැන්පත් සන්සුන් කොල්ලෙක්..ඔයා කියන විදියට..එහෙමනෙ?"
"ඔව්…කේන්ති ගිහාම මම බඩු මුට්ටු පොළවෙ ගහල කැඩුවට, එයාගෙ බෙල්ලෙ ඇගිලි සලකුණු තියෙන්න හුරල තුවාල කරල .. හුස්ම ගන්න බැරිවෙන්න බෙල්ල මිරිකලතිබුනට.. එයා කවදාවත් එහෙම වයලන්ට් වුනෙ නෑ”
"හැබැයි, තීනු… එයා ඔයාගෙ ජීවිතේ එක තර්ස්ට් එකක් සන්සිදුවපු පිරිමියෙක්.. ඒ ඔයාගෙ හිතේ තියෙන අදුරු පැත්ත.. අදුරු ආසාවල්.. වෙනස් හැගීම්.. හැම වෙලාවකම ඔයාට ඕන වුනේ ඔයාට යටත් පිරිමියෙක්.. වහලෙක් වගේ පිරිමියෙක්.. මිනිස්සුන්ට තමන්ටම ආවේණික කැමති අකමැති කම් තියෙනව.. ඒවා හරිම පෞද්ගලිකයි. සමහර වෙලාවට අපි කවදාවත් අපේ ඇත්ත වෙන කෙනෙක් ඉස්සරහ එළි කරන්න ඉක්මන් වෙන්නෙ නෑ.. එහෙම බැලුවාම රන්දික ඔයාගෙ පිපාසයට බිල්ලක් වගේ වුනා"
මම විස්මයෙන් බලා සිටිමි. ඒඩ්න් කියන හැම වචනයක්ම ගානේ රන්දිකත් මාත් අතර සිදුවු බොහෝ දේ පෙලින් පෙල මතකයට නැගෙයි.
"ඔයා හරි ප්‍රභල ගෑනියෙක්.. ඔයාගෙ හැගීම් ප්‍රභලයි.ඔයාට උවමනා ඔයාට අතවැසි පිරිමියෙක්. "
"ඒක වැරැද්දක් ද? මං අනික් ගෑනු වගෙ නැති එක?"
" නෑ.. ඔයා වගේ ප්‍රභල හැගීම් තියෙන ගෑනියෙක් එක්ක physical relationship එකක් ගොඩනගාගන්න හැම මිනිහටම බෑ. ඒ වෙනුවෙන් ඒ මිනිහත් සෑහෙන්න සුදුසු කම් තියෙන එකෙක් වෙන්න ඕනෙ.. ස්පෙශලි, ගෑනු තමන්ට වඩා පහත් කියන පිරිමි ඊගෝ එක තියෙන එකෙක් හම්බුනොත් ඔයා ආයෙ උගෙ
පැත්තවත් නොබලන ගානට ඌව අතැරල යන්න යයි"
"ඔයා හිතන්නේ මගේ relationship වලදි මං attract වෙච්ච අනික් පිරිමි මට නොගැළපෙන නිසා ඒවා broke වෙන්න ඇති කියලා නේද?
" සමහර විට, උන්ගෙ හිත් විතරක් නෙමෙයි උන්ගෙ මස්ල්ස් බෝන්ස් පවා බ්රෝක් වෙන්න ඇති.."
එවර නම් මට හයියෙන් සිනා ගියේය. පිස්සෙක් ! කියා හිනාවෙන් මගැරියාට මගේ ගැන ඒඩ්න් කියන බොහෝදේ සත්‍ය බව දන්නේ මා හැර වෙන කවුද? මිනිස්සුන්ට තමන්ගේ අඳුරු පැති උවමනා තරම් තිබේ. සමහරවිට එවන් අදුරු අත්දැකිමක් අත්පත් කරගන්නා තුරු තමා එවැනි දේකට කැමති බව පවා දැනගන්නට අවස්ථාව ක් එළඹෙන්නේ නැත.
එබැවින් මම වඩාත් සියුම්ව මා නිරික්ෂණය තළල යුතු බව සිතාගෙන සිගරට්ටුවක් දල්වා ගනිමි. නිකොටින් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් දැනටමත් පෙණහලුවල තැන්පත් වී තිබෙන්නට පුළුවන් වුනත් දීර්ඝ කාලින භාවිතයෙන් හෘදයාබාධයකින් මියයැමේ ප්‍රවණතාවය කොතෙක් තිබුණත් සිගරට්ටුවක් සමග ඇති බන්ධනය බිඳ දමන්නට හිතෙන්නේ නැත.
ලෝකය ගැහැනු දෙස බලන්නට කැමති ශිෂ්ටයැයි ඔවුන් ලකුණු කරගත් සමාජ. සම්මුතීන් අතරින්ය. එහෙත් ජීවිතය හැමවිටම එහෙම පවතින්නේ නැත.
"මං ඔයාව ඇරලවල එන්නංද? මං ආයෙ කලම්බු වලට ඩ්‍රයිව් කරන්නත් ඕන.. එක්ස් ව මීට් වෙන්නත් ඕනෙ.."
"එක්ස්? අර ඇක්ට්රෙස් ද?"
"හ්ම්..ඔව්.."
"ඇයි ඒ? ඔයාලා රීකනෙක්ට් වෙන්නද යන්නෙ?"
" රී කනෙක්ට් වුනා කියලා.. ඒකෙ අලුතින් වෙන්න දෙයක් නෑ. සමහරවිට එයාගෙ ලක්සරි ජීවිතේ මේන්ටේන් කරගෙන යන්න එයාට කෑශ් ෆන්ඩ් කරගන්න බැරුව ඇති. ඒ ඇරෙන්නතසෙක්ස් රිලේශන්ශිප් එකකට වඩා දෙයක් එයාගෙයි මගෙයි අතරෙ දැන් වර්කවුට් වෙන් නෑ.."
"ඒ වෙනුවෙන් විතරක් ඔයා එයාට කෑශ් පම්ප් කරනවා කියලද කියන්නේ ?"
"තීනු, මට මං කැමති ඕනම ගෑනියෙක් මං ගාවට ගන්න පුලුවන් .. අනිත් එක මං ඩිසයර්ස් වලින් බර්න් වෙවී ඉන්න මිනිහෙක් නෙමෙයි. මට කන්ට්‍රෝල් කියනෙක මගේ මේ ඇගේ හැම සෙල් එකකින්ම පුරුදු කරල තියෙන එකක්. මට එයාට කෑශ් පම්ප් කරන්න එයාගෙ ෆ්ලෙශ් එකත් එක්ක ගනුදෙනු කරන්නෝන නෑ. එයා කාලයක් මා එක්ක ජීවිතේ බෙදාාගන හිටියා. මට ඇත්තටම ආදරේ කළා. අහිංසක කෙල්ලෙක් කාලෙ.. මොඩ්ලින් කරන්න ඇවිත්, ෆිල්ම් නිලියක් වෙද්දි වෙනස් වෙන අරමුණු නැති කාලෙ.. අන්න ඒ කාලෙ වෙනුවෙන් මං එයා වෙනුවෙන් යුතුකමක් කරන්නෝන.."
" හ්ම්"
"ආදරේ.. කියන්නේ තමන් බදාගෙන ඉන්න ආසම පිරිමියා නොවෙන්න පුලුවන් .. සෙක්ස් කරන්න ආසම ගෑනි නොවෙන්න පුලුවන් තීනු. සමහර විට අපි ආදරේ ම කෙනා ඇඟේ ඊවන් අ ත්‍රෙඩ් නැතුව.. මුලු රැයක් ලග හිටියත් එහෙම දෙයකට නොයා ඉවසිමෙන් බලං ඉන්න පුලුවන් විදියෙ හැගීමක් ඒක.."
විශාල
ඒඩ්න් හැගීම්බර වුනා වැඩිම යයි මටද සිතෙයි. ඔහු මා සංචාරක බංගලාවට ඇරළුවේය. ඇස් දෙස බලාගෙන ඔලුවට ඇතුලට කිමිදෙන්නට උත්සාහ නොකළේය. ඒ වෙනුවට මගේ කරේ ඇති මාලය දෙස තව වරක් බලා සිටියේය.
" කවදාවත් ඔය මාලෙ කරෙන් ගලවන්න එපා" හෙතෙම සෙමෙන් කීවේය. පුදුමය. චාරුත් එහෙම කීවේය.මම කාමරයට ඇවිත් කවුළුව විවර කළෙමි. සංචාරක බංගලාවේ බිත්තිය අයිනේම බිම… "අර බලු දණ්ඩා" වැතිර සිටිනු මට පෙනෙයි. මට මේ ගැන කාටවත් කියන්නට නොහිතේ. ඒත්, චාරු! නිකමට වගේ චාරුගේ දුරකතනය අමතමි. ඔහු මා දන්නා තරමින්, මේ වෙනවිට තද නින්දකය.
දැනි මට තනිව බලු දන්ඩා ංලගට යන්නට ආස හිතෙන්නේ වයින් මතටද? නැත්නම් මොකක් හෝ මා තුලින් නැගෙන ආවේගයක් මා එහි යවන්නට පොළඹවනවාද? මම කෝකටත් ෆෝන් එක සාක්කුවේ දමාගෙන සීතලේ එලියට බැස්සෙමි. මගේ කාමරය යටින් බිම උද්‍යානයේ අඩි තුනහමාරක් උස අඩි හතරක් විතර දිග හොදින් වැඩුනු විශාල සිව්පාවෙකි. නැත. ඒ කැළැ බල්ලෙකු නොවේ. ඇත්තම ඇත්ත වෘකයෙකි.
මම බිත්තියට පිටදී ඉදගතිමි. මා මේ දකින්නේ ඇත්තටම මොනවාද? මා සිහිනෙන් ඇවිද ඇවිදින්ද!නැත. මට වෘක ලොම්වල පහස දැනෙයි. සත්වයා මගේ වම් පසට තුරුළුවිය. හිස පෑවේ පිරිමදින්නට කියා දැයි සැක සිතිනි. එවිට වයිබ්රේට් වෙන්න ගත් දුරකතනයේ පණිවුඩය චාරුගෙනි.
"බිව්වා.ඔයා ආවනෙ? හෙට කතාකරමු" එපමණකි. වෘකයා නිදිය. මට මොහු මෙහි දමා යන්නට නොහැකි තරමේ ආදරයක් ඇතිවෙයි. ඇස් පියවි යයි.
.jpg)
No comments:
Post a Comment