#DT
12
මිටියාවතකි. කුඩා ගංගාවකි. කදු යායකි. වියළි පත් පිරි ගිය ඉවුරුය. ලී වලින් තැනුන පාළමකි. ඒ චාරුදරගේ නිවසට එහායින් පෙනන දසුනය. චාරු ඔහුගේ අම්මා මා වැලඳ ගැනීම දෙස බලා සිටියේය.
"මොකද පුතා කරන්නෙ.. අපි මෙහෙම එළියෙ හුලං වැදි වැදි සුප් ටිකක් බොනවද? නැත්නම් ගේ ඇතුළට යමුද? ඇය, මගෙන් විමසුවාය.චාරු ළගට ආ ජනපදයට අයත් කිසිවෙකු ඔහුට ළංවි කුමක්දෝ කීවේය. තරුණයා හිස වනමින් කුමක්දෝ කියා ගෙතුළට ඇතුල්වන්නට මෙන් ඇවිත්
" සුරියා ලගෙ ගෙදර ලයිට් වල ප්‍රශ්නය ක් මං ගිහින් ඒක ෆික්ස් කරල දීලා එන්නම්" ය කීවේය. "වාව්! ඔයා ඒ වැඩත් දන්නවාද? " කියා බොරුවට මවිත වෙන්නට උවමනා නැත. කොහොමත් චාරු හුගාක් ප්‍රායෝගික දේවලට හුරු බව මට ඒ වන විට දැනී අවසානය.
චාරුගේ අම්මා, සහ ඇගේ අම්මා .. ඔවුන් හැම විටෙකම ශක්තිමත් ගැහැනු සේ පෙනිනි. ගෙළ වටා වෛර්ණ සලු පැළඳ සිටි අතර දිගු සාය වලින්ද ඒවාට ගැළපෙන අත්දිග ජර්සිද හැඳ සිටියහ. අප හිදගෙන සිටියේ ලී වලින් තනන ලද මේසයක් වටාය. චාරුගේ අම්මා විසින් කරකරන ලද පාන් මෙන්ම සුප් පෝච්චියක්ද ගෙන ආවාය. අත්තම්මාද අප සමග කතා කරමින් සිටි අතර චාරු! චාරු දනිස්ස තෙක් දිගැති ඩෙනිම් කොට කලිසමක් පමණක් හැඳ ෙගයින් පිටතට ආවේය.
ඇත්දළ පාටට හුරු පිරුණු මස්ගොබ සහිත පිරිමි සිරුර මගේ ඇසට හසුවු පළමු වතාව එයය. තිනෙත්මා! මගෙන් පිටස්තර මා මටම දරුණු පහරක් එල්ල කළේය. මගේ ඇස් ඇත්තටම ඒවා චාරු පසුපසින් ලුහුබඳිමින් තිබි අතර ඒ ගැන අනික් කිසිවෙක් විපරම් නොකළේ මගේ හොඳටමය. විනාඩි ගණනකින් පසු මිහිකත සගවා ගෙන සිටින අපුරු ගම්මානය කලුවරෙහි ගිලී යමින් තිබිණි. එහි චමත්කාරය විසිරෙන්න පටන් ගත්තේ එවිටය. විදුලි බල්බ වටකර පොල් හනසු වියළි කොළපත් ආදියෙන් සරසන ලද අපුරු ලන්තැරුම් හැම ගේකම හැම ගහකම අත්තකම දැල්වෙන්නට පටන් ගත්තේය. මම ඒ දර්ශනයෙන් සහමුලින්ම වශිවුයෙමි.
"මෙහෙ හැමදාම මෙහෙමද?"
"ඔව් දරුවො.. අපි ඉස්සර පත්තු කළෙ විලක්කු.. පස්සේ චිමිනි ලාම්පු.. හැම ගෙදරකම කට්ටිය එකතැනකට එකතු වෙනවා.. හැම ගෙදරකින්ම රෑකෑම හදනවා.. එකතු වෙලා කන්න බොන්න. අපේ පිරිමි හැම රෑම බොනවා.. උන් බොන්න දක්ශයි.දඩයමට දක්ශයි.."
අත්තම්මා කියාගෙන ගියාය.
"අපි මේ බිම්වල මුල් අයිතිකාරයො. අපටම කියලා සිරිත් විරිත් උරුම තියෙනව. රහස්.. පරම්පරාවෙන් පරම්පරාවට අරන් යන හරි සුන්දර රහස්.. අපේ බලාපොරොත්තු .. එතකොට ප්‍රාර්ථනා ව.. අනාවැකි හරිනම් මේ අවුරුද්ද වෙනකොට ප්‍රාර්ථනා ව අපි හොයාගෙන එන්න ඕන.. මේ වෙනකොට එයා ඉපදිලා ලස්සන කෙල්ලෙක් වෙලාත් ඇති.. "
" ඇයි මිනිස්සු ප්‍රාර්ථනා ව බලාපොරොත්තු වෙලා ඉන්නෙ.. එයාට මොනවද කරන්න පුළුවන්.."
චාරුගේ අත්තම්මා සිනාසුණාය.
" ප්‍රාර්ථනාව කියන්නේ තෑග්ගක්. නිර්භීතබව ආත්ම ශක්තිය විශ්වාසය මේහැමදෙිම එකතුවක්.එයා ශක්තියක්..එයා අපේ ජීවිත ආලෝකමත් කරන්නයි එන්නෙ.."
ගෙළ ඇළකරගෙන මා එදෙස බලා සිටිනා අතරතුර චාරු අපවෙත ආවේය. ඔහු සහ ඔහුගේ කොල්ලන් රංචුව, "ඌ වගේම වහුපැටව් රැළක්" ඉන්නවා කියා හිමකර කී කතාවද මට සිහිවෙයි. මේ කොල්ලන් කිසිවෙක් උඩු කයට වැස්මක් දමන්නේම නැත. ඒ වගේමය. උන් හැම දෙනාම එක වගේ ලස්සනය.ඇත්දළ පාට හමත් රේඛා ඉලිප්පී හැඩට කැපුණු මස්ගොබ සහිත ශක්තිමත් ශරීරත් ඔවුන්ට හිමිය.
චාරු ගේ ඇහිබෝල දිලිසෙති. ඒවා අලුත් කතාවක් කියන්නට සැරසෙති.
" කොහොමද අපි?"
"මං ආසයි… මෙහෙට"
"මං කිව්වනෙ. අනිවාර්යයෙන් ඔයා ආස වෙයි කියල"
"ම්ම්ම්"
"තිනු.. "
"ඇයි?"
"මට ඔයාට දෙයක් දෙන්න තියෙනවා.. "
"මොනාද?"
"යංකො"
චාරු මා ඉස්සර කරගෙන ගෙතුළට ගියේය. මේ ගෙවල් ඇතුළ සරලය.එහෙත් සැපය.පහසුය. වැඩියෙන් ඉඩ දී ඇත්තේ සොබාදහමටය. චාරුගේ කාමරය යැයි සැක කරන කුටියකට ඔහු සමගම ගියේය. එහි නම් වශයෙන් කිව හැකි බොහෝ දේ නැත. එහෙත් ඉන් මතුවෙන පැරණි ගතිය හදලඇහැරවන්නකි. සතුටු හිතෙන්නකි. ප්‍රබෝධමත් එකකි.
"මේක මගෙ පරම්පරාවට අයිති දෙයක්.. අවසානම එක කිව්වොත් හරි.. ඔයා වෙනුවෙන් ඔයා හම්බ වෙන දවසක ඔයාට දෙන්නයි මං මේක තියාගෙන හිටියෙ.. මේක ඔයා ළග තියෙනකම් ඔයා හිතින් ආරක්ෂිතයි කියල මට විශ්වාසයි. "
එය පැර්නි පාට පෙන්ඩන්ට් එකක් සහිත නුල් වලින් සැදු කුඩා මාලයකි. පෙන්ඩන්ට් එක වෘතාකාර එකකි. එය විවර කරන්නට ඕනැය කියා මට හිතුණා පමණකි. චාරු එය විවර කළේය. එහි වුයේ කුඩාම පැළයකි.
"මේක… හර්බ් එකක්.."
මම එය මගේ ගෙලෙහි දමන්නට ඔහුට ආරාධනා කළෙමි. අනෙක් පස හැරුනෙමි. තරමකට කර කැපී ඇති ලා දුඹුර් පාට ලිනන් බ්ලවුස් එකට චාරුගේ තෑග්ග අමුතු පෙනුමක් එකතු කරන්නේය. මම කොන්ඩය එක පැත්තකට හලාගෙන ඔහුට මාලයේ කුඩා කොක්ක රදවන්නට උදව් කළෙමි.
"තීනු.. "
"ඕ.."
"කොන්ඩෙ සුව..ඳයි. ඉඹින්නම හිතෙනවා.. "
"එහ්.. එපා හරිද.. ශර්ට් එකකුත් නැතුව .. ඉදගෙන මෙතන මගුලක් කතා කරනව."
"අපි ශර්ට් අදින් නෑ.. සාමාන්‍යයෙන් "
"අදින්නකො ඉතින්.."
"ඔයාට ඕන මාව ඔයාට ෆීල් වෙන එක නවත්තගන්න.."
"ඔන්න පටන් ගත්ත විකාර දොඩවන්න.."
"දවසක ඔයා අනිවාර්යයෙන් ඕක කියනව.. "
"මොකක්ද?"
"මං කිව්ව දේ.."
චාරු කියෙව් හිත මාගේය. විටෙක ඒඩ්න්ටත් විටෙක චාරුටත් එය දෝලනය වෙයි. ඒත් කිිසිම මානසික විදීමකින් තොරවම මාව නතු කරගන්න බලය වැඩියෙන් තියෙන්නේ කාටද? ඒඩ්න් ටද චාරු ටද?
" ඔයාව කිස් කරන්න ඕනෙ"
මට පෙරදා රාත්‍රිය සිහිවෙයි. මට මේ සිහිනයෙන් ඇහැරෙන්නටම ඕනැය. කාටවත් මගේ සිහින ඇතුලට එන්නට ඉඩ දෙන්නට නොහැකිය. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ මේ පිරිමි දෙදෙනා මට එකම විදියේ වචන කියන්නේ ඇයි?
"මට බෑ.."
"ප්ලීස්…."
" මාව ගෙදර ඇරලවනවද?"
"බෑ.."
"අත්තම්මාට කිව්ව නම් එයා වාහනයක් අරන් දෙයි යන්න කියල"
“ කියන්නකො .. එක ම එකක්.. ඒක විදල මට කියන්න ඒක අයිතිවෙන්නෙ මොකකටදද කියලා."
අපි එකිනෙකා ඉදිරියේ සිටගෙන සිටිමු. මුහුණ ට මුහුණ! ඇසට ඇස යාවිණි. චාරු මගේ ඉග වටා වම්අත යැව්වේය. ඉණෙන් ඇද ළගට ගත්තෙිය.
"මට අර ගග බලන්න යන්නෝන.. . හෙට යංද"
"එ් කියන්නේ හෙටත් එනව.. එහෙමද"
"_ඔව්.."
"ඒ කියන්නේ මං හෙටත් ඔයාව අරන් ඇවිද්නෝනද?"
ඒ කියද්දී චාරුගේ බටිත්ත තොල් තිබුණේ මගේ මුහුණ අසලමය. ක්‍රමයෙන් ඒවා පහත්වු පසු මට ඉන් මිදෙන්නට මගේ හිත කීවේම නැත. මට කොනිත්තා බැලිය හැකි තරම් ළගක මං ආස විදියේ පිරිමි ළමයෙකුගේ හයිය පපුවක් ගිඩි ගිඩි ගිඩි ගා ගැහෙනු මට දැනෙයි.
" කිස් මී.." චාරු මිමිණුවේය. චාරුගේ නිදන කාමරය ඇතුළත ලන්තැරුම් වල එළියෙන් අපි එකිනෙකාට හොදින් පෙනෙමින් සිටියෙමු. නළල් තල එකිනෙක වැදිනි.වෙන්විනි. දෙතොල් මත සටහන් පිපාසයකි. කවදාවත් නොදැනුන තරම් ගැඹුරු උණුසුම් පිපාසයකි.
" ඔයා දන්නවද තීනු, මේ දැනෙන්නෙ ගින්දරක්.. අපිව අපට හම්බ වුනාම අපට අපිව කොච්චර ඕනද කියලා දැනෙන්න මේ නේචර් එක අපට මැසේජ් කරන විදිය මේක. ඔයා ව බලෙන් හැඩගස්සල තියෙන ඔය සදාචාරාත්මක යි කියලා මිනිස්සු කියන සමාජ ක්‍රමේ අස්සෙ මේ ගින්න නිවා ගන්න ඔයාට බෑ. ඒකට ඔයා අයිති තැනට ඔයා එන්නෝන. මේකෙ අපි එක්ක ජීවත් වෙන්නොන.. අපි දෙන්නව අපි දෙන්න ගිනි තියාගෙන ඉවරයි දැන්.. " චාරු සිටියේ අපහසුවෙනි. ඔහු අනෙක් පසට හැරී බිත්තියේ දෙවැලමිට තියාගෙන ආවේගය නිශ්ශබ්ද කිරීමට උත්සාහ කළේය.
"චාරු.." මගේ ඇස් වල ආරාධනා තියෙන්නට ඇතැයි මම විශ්වාස කළෙමි. අප දෙදෙනා අතර ගින්න ඇවිළෙන්නට පටන් ගෙන තිබේ. චාරු වඩාත් තදිනුත් මෘදුවත් මගේ සිරුර පිරිමදිමින් හුස්මකට වත් ඉඩ නොදී සම්පුර්ණයෙන් මගෙ දෙතොල ඔහුට අත්පත් කරගත්තෙය.
"බ ඩ ගි නි… ද?" අවසානයටම මගේ කම්මුල් පිරිමදිමින් අහන තුරුම චාරුත් මාත් ඉද ඇත්තේ වෙනමම ලෝකයක බව මට දැනෙමින් තියේ. පෙරදින රාත්‍රිය වෙනස්ය. අදදින රාත්‍රිය ඊටද වෙනස්ය.
" අද තමයි මට මගෙ පර්ෆෙක්ට්ම පාට්නව ලැබුණෙ." චාරු මෘදුව කීවේය. මටද එය එහෙමම දැනෙන්නේ මන්දැයි නොහැගෙයි.ඒත් එතෙක් මෙතක් සිදුවී ඇති සිද්ධි එක්ක බැළුවාම අද තමයි හොදම දවස කියා කිවහැකි ගතියක් දැනටම දැනෙන්ට පටන් ගෙන තිාබ්.
.jpg)
No comments:
Post a Comment