Thursday, November 17, 2022

Daffodil Terrace 17

 #DT



17 


මා ඇහැරුණේ අලුත් ඉර කිරණක් එක්කම වැහි බින්දු මුහුණ ට වැදීමෙනි. ඉර කිරණ සෞම්‍ය නැත. සෞම්‍ය වෙන්නේ කොහොමද? ඒ කුට්ටන් ගේ තඩි ටෝච් එකේ සැර එළියයි. එතකොට වැහිබිංදු.. ඒ හිමකර ඔහුගේ අතේ ඇති බෝතලයෙන් මගේ මුහුණ ට ඉසින ලද වතුර බිංදුය. මම වහා ගෙළ ඔසවමි. තවම කළුවරය. මගේ වම් පස සිටි සුරතලා එහි නැත. 


"හීනෙන් ඇවිදිනවද ඕයි.." හිමකර ඔහුගේ හිසකේ පසුපසට ඇදගනිමින් විමසුවේ කේන්තියෙනි. 


" නෝනා ඔයා එලියට ආවා නං කියලා ආවා නංනේ හොඳ… මට ටිකාක් නින්ද ගියා අප්පා.. බලන්ඩ.. කරදරයක් වුනා නම් එහෙම මෙහෙම ඉදලා.."


මම අසිරුවෙන් නැගිට්ටෙමි.


" වයින් එකක් බීලාත් ඔහොම පිස්සු කෙළිනවා නම් ආයෙ මෙහෙ ඔයාට බොන්න බෑ තීනු. යකෝ.. මොන ගටක් තිබ්බත් තමුසෙ කෙල්ලෙක්.. තමුසෙට මේ නියපිටින් හානියක් වුනොත් මේ දේවදාර උයන ඉවරෙටම ඉවරයි. මේකෙ ඉන්න මිනිස්සු ත්.. යමං දැන්.. ආයෙ බැහැපංකො බලන්න එලියට.. "


හිමකර මගේ අතින් තදින් අල්ලා ගත්තේය. මට වෙලාවකට මේ සහෝදරත්වය ගැන ලෝබත් හිතෙයි. මෙහෙම හොද හිතින් කෙල්ලකගේ අතින් අල්ලන්නට හැම කොල්ලාටම නොහැකිය. ඔහු අනික් අතට කාටදෝ කතා කළේය. ඒ ඒඩ්න්ට බව මම අනුමාන කළෙමි. 


"නැහැ නැහැ බං. සිහි තියෙනව. තනියෙන් එලියට බැහැලා.. නිකම් හිතපං.. එහා පැත්තෙ කන්දෙන් පහලට වත් ඇවිදගෙන ගියානම්.. මෙයාව ඉක්මනටම මලියෝනට කියලා ඩැෆඩිල් ටෙරස් එකට ගෙනිහින් බාර දෙන්නෝන"


ඒඩ්න් මොනවා කියනවාදැයි මට නොඇසේ. 

ඔහු හිමකරව අස්වසනවා විය යුතුය. මම අඩවන් ඇසින් හාත්පස නරඹමි. සඅරතලා කිසිතැනෙක නැත. මගේ ඇඳ මතට වී සිටියද මට නින්දක් ආවේ පාන්දර වෙන්නය. මාව ඇහැරවන්නට දොර ලගට ආ හිමකර ආයෙ හැරි. ගිය බැව් කුට්ටවන් කීවේය. මම කුට්ටන් මේසය මත තිවා ඇති කඩල ඇට කිහිපයක් අහුරට කටට දමා ගනිමින් නැගිට කන්ද පහලට එමින් සිටියෙමි. බංගලා කන්ද පාමුල බලා හිටියේ චාරුදරය. කමුහුණ කම්පිත ය. කලබලය. 

"මෝනින්.."

"ගුඩ් මෝනින්..ඊයෙ මොකද වුනෙ.. ඇයි මට කතා කරල තිබුණෙ.."

"ඩිටි එකේ ඉදලා.. ආවට පස්සේ මහ අමුතු ගතියක් දැනුණා. ඒක කියන්නයි ගත්තෙ.."

"ඩිටි? ආහ්… ඩැෆඩිල් ටෙරස්.. එහෙ කොහොමද හිතට අල්ලල ගියාද? "

"හ්ම්… චාරු, මට දෙයක් කියන්න තියෙනවා.  මේක මට හිමකරට කුට්ටට කියන්න බෑ. "

"මං අහන් ඉන්නෙ.."

යංකො.  


චාරුදරවද පෙරටු කරගෙන කාර්යාලය ට යද්දී හිමකර සිටියේ හේමන්ත බොස් හා කුටු කුටු සාකච්ඡාවකය. මගේ විකාරරුපි ක්‍රියාවලි නිසා චීස් පැහැති සැපට හැදුණු කොලුවා කලබලයෙනි.


"තීනෙත්මා.  "

බොස් කතා කළේය. හිමකරට යන්නැයි කීවේය. කරුණා පෙරදැරිව බැලුවේය. හිනැහුණේය. ඇගිලි දෙකතුනක් සෙලෙව්වේය. ටයි පටිය සැකසුවේය. ඔහු යම් දේකට නොසන්සුන් ය. 


"සර්.."

"තීනු… හිමකර කියනව …"

තඊයෙ අපි ඩැෆඩිලි ටෙරස් එකේදි ඩිනර් ගත්තා .. ඒගෙගාල්ලො ගාව හොදම රෙඩ් වයින් එකක් තිබුණ. ඉතින් , ..තේරෙනවනෙ සර් . හිමා පොඩ්ඩක් බයවෙලා ඉන්ාන.."

"මෙමෙ කලම්බො වගෙ න්ැනෙ තිනෙත්මා. හැම වෙලාවෙම අපේ ආරක්ෂා ව අපි බලාගන්නෝන.. අනිත්තෙක රැකට නම් එලියට බහින්නම එපා ළමයො. ඔයාට කලිනුත් ඔයාලට ඇනිමල් ඇටැක් එකක් ආවා නේද?"

"ඔව් කැළැ බල්ලෙක් .. "

"ඒකනෙ.. ඒකනෙමෙයි ඔයා මොකද ඩැෆඩිල් ටෙරස් ගැන හිතන්නේ "

"ඒක බෝඩිමකට නම් එක්ස්පෙන්සිව් වැඩි ඇති සර්"


හේමන්ත බොස් සිටියේ සිය කමිස අතේ අද්දර සකසමිනි. චාරුදර මා එනතෙක්දෝ එහි දොරෙන් පිටත බලා සිටියේය. 


" මලියෝනා කියන්නේ තීනු, හරියට කියවගන්නෝන ගෑනු චරිතයක්.. එයා නියමිත වයසකට කසාද බැදල ලමයි ලැබිලා හිටියනම් ඔයා ගෙ වයසෙ දුවෙක් එහෙම ඉන්නෝනනෙ. එයාට එ කාන්සිය තියෙනව.ඒඩ්න් කියන්නේ බිස්නස් කාරයෙක්. ඒඩ්න් ට මලියෝනාගෙ හැගීම් ගැන කෙයාර් කරන්න වෙලාවක් නෑ. ඒ නිසා එයා කැම ඔයා වගෙ ළමයෙක්ව හදන්න.. එහෙ ඉද්දි බෝඩිම් ගාස්තු ගැන වදවෙන්න එපා.ඔයාගෙ කෑමබීම ගැන වුනත"


"මගෙ කෑම නම් උදේටයි දවල්ටයි මං කුට්ටන්ගෙන් ගන්නවයි කියලා හිතා ඉන්නෙ"


"එහෙනම් මං මලියෝනට කතා කරන්නම් ඔයා මේ වීක් එන්ඩ් එකේදි එහෙ පදිංචියට එනව කියලා.."


හිස සලා පිටතට එනවා හැරෙන්නට විකල්පයක් තිබුණේ නැත. ඒ එද්දී චාරුත් හිමකරත් සිය හෙල්මට් හිසේ පලන්දාගනිමින් සිටියේ කොහේ හෝ යන්නටය. 


" තීනු, මං රිකවරි එකකට යනෝ.."

"අයියෝ.. දැන්මම යනවද?"


හිමකරට යන්නට ඉඩදි චාරු මවෙත

ආවේය. 


"මොකෝ? මං දැන් ඔෆිස් එකෙන් එලියට යනවටත් ඔයා කැමති නැත්ද?"

"මේ.. ඒ විකාර නෙමෙයි..  මට කියන්න දෙයක් තියෙනව"

"ලන්ච් ගන්න මං එනකම් ඉන්න"


මම මගේ මේසය ලග කවුලුව ට වාරුව බලා හිඳිමි. ජීවිතය ප්‍රශ්න ම පත්‍රයක් වෙමින් තියේ. මගේ වයසේ කෙල්ලකගේ ජීවිතය හරියට බැලුවොත් තවම මල් සමයකි. එහෙත් මට ඊට වඩා ගැඹුරු මෙන්ම දරුණු ගැටළු වලට මුහුණ දෙන්නට සිදුව ඇත. මගේ තාත්තාගෙේ සියදිවිනසාගැනිම අම්මා කියන ඔහු ඊට පොළඹවන ලද විෂ ඔහුගේ ශරීරයට ඇතුළු කරන ලද්දේ කවුද? 

සජීඩ් අන්කල් මරාදමන්නට ඇත්තේ කවුද? මගේ තාත්තා ඊට පටළා සුපුරුදු පරිදි අනියම් සම්බන්ධතාවක් ද ඊට පටළා කතාව ට වෙනත් අර්ථයක් ලබා දෙන්නට ඇත්තේ කවුද? 

ඒ ඔක්කෝම ත් හරි මං කවුද? මේ දේවදාර උයනේ බිමෙහි තවාන්වී ඇති මිනිස් ඇටකටු අයිති මේ පළාතට ආවේණික දේවදාර වැසියන් ට පමණක්ද? ඔවුන්ගේම සමාජ වටපිටාවක ඔහේ ඇතිවුණ සිරිත් විරිත් වෙනුවට මහා පුරාවෘතයක දිගු ඉතිහාසයක වේදනාවන් ජයග්‍රහණයන් එහි වැළලී නැත්ද? 


අද ඉර වෙනදාටද වඩා සිය දීප්තිය අඩු කරගනිමින් සිටියි. බ්‍රයිට්නස් අඩු කරගත්තාම හිරුට සිය ශක්තිය රැක ගත හැකිව ඇකි.. වසර දහස් ගණනක් එක දිගට ගිනිගන්නවා කියද පහසු දෙයකැයි නොසිතෙයි. 


" අක්කා කන්නැද්ද?" අහිංසක කොලුවා විමසයි. ඔන්න එවිට ප්‍රීතිමත් වහු පැටියා පුරුදු කලබලයෙන් කාර්යාලය ට ඇතුල් වෙයි. 


"කමු…." දරාගන්නට බැරි බඩගින්නක් ඇති බව අගවයි කෑම ගන්නා කාමරය කවුලුව නොවැසුවොත් අදුරුය. මා අදුරට වඩා එලියට කැම බව චාරු ඉවෙන් මෙන් දනියි.


"සොරි පරක්කු වුනාට.. මිනිස්සු ලීස් ගන්නකොට තියෙන හදිස්සිය නෑ.ඒවා ගෙවන්න.. මොනව වුනත් අපිත් ගිනි පොලියට මිනිස්සු න්ට ලීසින් දීලා උන්ව අමාරුවෙ දිනව කියල වෙලාවකට මට හිතෙනව."


"ඒක ලීසින් වල වැරැද්දක් නෙමෙයි.. අඩුගානෙ ගෙවිම් කාලෙ ඉවර වුනාම ඒ මනුස්සයට තමන්ගේ නමට වත්කම හරි ලැබෙනව. ඇත්තටම මිනිස්සුන්ව හුරගෙන කන්නෙ මයික්‍රො ෆයිනැන්ස් කාරයො"


"අපි කාටවත් අපේ ගමේ අයට ණය දෙන්න එන්න දෙන්නෙ නෑ.."


"ආවොත් මිනිස්සු ණය ගන්නවද?"


"මොන ස්වයං පෝශිත ආර්ථික ක්‍රමය සිස්ටම් ගත කළත් මිනිස්සු ණය දෙනව නම් නොගෙන ඉන්නෑ. ඒ මිනිස්සුන්ගෙ හැටි…"


"මට ඔයාට විශේ දෙයක් කියන්න තියෙනව.."


"කොයි වගෙ?"


"රහසක්.."


චාරු අම්මා දුන්නාය කියා රිදි පැහැ භාජනයක අසුරන ලද කෑම වර්ගයක් මේසය දිගේ මවෙත තල්ලු කළේය. අප හිදින්නේ එකිනෙකාගේ මුහුණට මුහුණ බලාගෙනය. 


" මට දැනෙනව එක විශේෂ කෙනෙක්, මාව ෆලෝ කරනව කියල.."

"තීනු?"

"අර එදා හිමාටයි මටයි ඇටැක් කරපු සතා"

"සතා?"

"ඔව්.. ඊයෙත් .. ඒ සතා.. වුල්ෆ් කෙනෙක්"

"මොනා?"

"ඔව් .වුල්ෆ් කෙනෙක්.. ඔයා මොනවද වුල්ෆ්ල ගැන දන්නෙ.."

"මං.. මං මොනවත් දන්නෙ නෑ.. ඒත්.. "

"ඔයා මේ දේවදාර උයනෙ ඉතිහාසය දන්නවා චාරු.."

"හ්ම්ම්ම්"

"ඔයා මට මොනව හරි කියන්න උත්සාහ කරනව නේද..ඒත් ඒක කොයි වෙලාවකවත් නොකියා මගාරිනව නේද?"

"මගාරිනව නෙමෙයි තීනු.. ඇත්තටම මංම සමහර දේවල් නොකියා ඉන්නවා"


චාරුදරගේ මුහුණ වෙනස්වි දුක්මුසුවී ගියේය. එහි ගැවසුණේ ප්‍රේමයේ ශාන්තිය ද නොඑසේ නම් කාන්තිය ද මම නොදනිමි. අඩ අනිධකාරය උරාගෙන එහි අදුරු ශක්තීන්ගෙන් හිස උදුම්මවාගත් විසල් දේවදාර හිස් මුදුන් අහසට ආවඩන්නාක් සේ ඈතින් දිස්විනි.


"අඩුම ගානෙ මං කවුද කියලා මට තේරුම් කරල දෙන්න ඔයාට පුලුවන් ද?ඔයා මං ගැන දන්න දේවල් ටික මට කියලා දෙනවද?"


චාරුදර අහක බලා ගත්තේය 

"ඔව්.. ඇත්තටම මං ඉන්නෙත් ඒකට..ඔයා කවුද, ඔයාගෙ පැවැත්මෙ තේරුම මොකක්ද කියලා ඔයාට තේරුම් කරලා දෙන්න.ඔයාගෙ වගකීම් වලට ඔයාව තල්ලු කරන්න..ඒත් මං දන්නවා ..එක දෙයක්..ඔයා ඔයා ව තේරුම් ගත්ත දාට ඔයාගෙන් ඔය දැන් ඉන්න තීනුව නැතිවෙලා යනවා.. 


මං මේ මං ඉස්සරහ වාඩි වෙලා පෙරේතකමට අලතීරු හපන කෙල්ලට හරි ආදරෙයිීනු. මට කවදාවත් ඔයා වගෙ ස්වීට් කෙල්ලෙක් හම්බෙන්න අවස්ථාවක් මගෙ ජීවිේ තිබිල නෑ. මට වෙලාවකට බයයි.. මං ඔයාට බැඳෙයි කියල.එහෙම හිතෙන කොට මං ඔයාගෙ ඔය ගුප්ත පාට ඒ වුනාට ලෝකෙ තියෙන ලස්සනට ම පේන ඇස් දෙක මග අරිනව"


"අනේහ්… චාරු…"


" එක ම එක දවසක් අපි ජීවිතේ කියල එක මොහොතක් ශෙයා කළා.. ඒක සමහරවිට මට ජීවිතේටම ඇති වෙයි.ඇත්ගටම මට ඔයාගෙන් ඒ මොහොත සදාකාලික ව ඉල්ල ගන්න විදියක් තියේනම් මං ඒ මොහොතෙ ම සතුටින් හිරවෙලා ජීවත් වෙනව"


"මැට්ටො.. මං කව්ද කියලා කියනව.. තව එකක්, එදා ඒ් මොහොත ගැන කියනවා නම් මට මේ තත්පරේ වෙනකම් හම්බෙලා තියෙන දැනෙන්නම කිස් කරන්න පුලුවන් පිරිමියා තමයි ඔයා"


"මාව සෙඩියුස් කරන එක වැරදියි, මට අද හවසත් ඔයාව අපේ ගෙදර එක්ක යන්න හිතෙන්න පුලුවන්.."


"ගෙදර ම නොආවට සමහර විට , මං කියන්නේ "සමහරවිට" ඔයාගෙ කොන්ද බදාගෙන දේවදාර ගස් අස්සෙ රවුමක් ගහන්න කැමති කෙල්ලෙක් ඉන්නත් පුලුවන් "


"ශුවර් ද?"


"හැබැයි.. ඒ මීදුම අස්සේ… මටත් දුම් කැරැල්ලක් යවන්නොන.."


"මං පුරුද්දක් විදියට සිගරට් බොන් නෑ.. ඒත් ඔයා ඒක කරන්නම ඕනෙ කියලා හිතෙනව නම් ඒක කරනෙක ගැන මං ඒතරම් නොහිතා ඉන්නම්.."


හවස වැඩ ඇරී සංචාරක බංගලාවට නොගොස්, "චාරු එක්ක ගමේ රවුමක් දාලා එන්නං" කීවාම හිමකර නළල රැළි කර නෝග්කඩු බැල්මක් බැලුවේය. 


"තමුසෙ කොයි වෙලාවක හරි පොඩි වස්සෙක්ව බඩේ දාගෙන එයිද කියලා සැකයි මට"

"අනේ පලයං බුරුවා.."


චාරු බයික් එක වේගයෙන් වේගයෙන් පදවා ගෙන ප්‍රධාන පාරෙන් අතුරු පාරක පැදගෙන ගියේය. සීතලේ හැදෙන දිගටි පත්‍ර සහිත පඳුරු පිරි බිමක එකිනෙකා නොපෙනෙන මිහිදුමක අපි බයිසිකලය නවත්නා බිමට බැස සිටියෙමු. 


චාරු හෙල්මටය ගලවා බයික් එක මතින් තැබුවේය. මම මිහිදුමෙන් වැහෙන , පරිසරය දෙස තණ්හාධිකව බලා සිටියෙමි. 


"සමහර වෙලාවට අපි ආදරේ බැම්මකින් බැදෙනව. ඒක මිදුමක් වගෙ. අල්ලන්න බෑ. ඒ තරමටම සියුම්.. දකින්න පුලුවන්. පැහැදිලි ත් නැ. ඒත් අපි දන්නවා අපි වටේ ඒක තියෙනව."


"අපි ඒක මගැරල ජීවිතේ වෙන වෙන දේවල් හොයනව.. ඇයි අපට බැරි ඒ වෙනුවෙන් ජීවත් වෙන්න.."


"සමහර මිනිස්සුන්ට ආදරේට එහා ගිය අරමුණු තියෙනව. සමහරු ඉපදිලා තියෙන්නෙ ඒ අරමුණු වෙනුවෙන් .එතනදි ආදරේ කියන්නේ ඒ අරමුණ ට යන ගමනෙ මගදිඇරෙන දෙයක් වෙන්න පුලුවන් "


" චාරු, මටත් තනියි.. "


ඇස් වලට එකට හසු නොවෙන්නට ඉඩ දෙන්නයි තිබුණෙ. ඇස් බැල්මකින් යාවෙන හැගිම් නතර වෙන්නේ උමතුවකිනි. මේ උමතුව අත්විදි හුදකලා නැවුම් මානවිකාව මායැයි සිංහනාද කරන්නට ,මට උවමනා නැත. එහෙත්, පරිපුර්ණ වීම වෙනෙකකි. චාරුගේ වැවුණු රැළි ගැහුණු ඝනැති හිසකේ අවුල් කරන මගේ අත් වල වෙනස මට දැනෙයි. ගැළවුණු කම්සයෙන් නිරාවරණය වෙන පිරුණ මස්ගොබ සහිත දෙවුරද මගේ දෑතින් පොඩිවෙනු සීරෙනුද පෙනෙයි. එහෙත්, මා මේ සිටිනුයේ කොතැනකදැයි හරියටම නොදැනෙයි නොතේරෙයි. මනස්ගාත! නැත ඒ මනස්කාන්ත මනස්ගාතයකි. අපි! අපි වෙන් වෙන්ව තැන් තැන්වල හුදකලාවේ සැරි සැරු අතරමංවුන ආත්ම දෙකක් වීමු. පිපාසය ගිනියම්ව දැවුණද , මේ නිවීම තෙක් දිවෙන ඇවිලීම බව හදුනා නොගෙන සිටියෙමු. 


පරිපුර්ණ ඇවිලිමක දෙදෙනාම ඇවිලිය යුතු අතර, නිවිම දෙදෙනාටම පොදු විය යුතුය. තෘණ බිමෙහි තැන තැන විසිරුණු ඇදුම් , අතරින් මිිහිදුම ඉරා විනිවිද එකිනෙකාගේ සිරුරු සොයා ගත් දෙදෙනෙකි. ශිෂ්ට යැයි සම්මත සමාජය ඇතුළෙන් අශිෂ්ට වනචාරි ප්‍රචන්ඩ පරිපුර්ණත්වය සොයා ගත් ගැහැනියක සහ මිනිසෙකු වශයෙන් ඔවුන් දෙදෙනා එකිනෙකාගේ සිරුරු වැළඳ ගනිමින් සිපගනිමින් බොහෝ වෙලාවක් තිස්සේ උත්කෘෂ්ට ඉක්මවා යැමක් වෙනුවෙන් සටන් කලහ. අවසානයේ මිනිස් ආත්ම වල සැගවුනු තිරිසන් ශක්තීන් නිවිගිය පසු ඔවුන්, එනම් අපි වඩාත් සාමාන්‍ය මිනිසුන් ලෙස එකිනෙකාගේ සිරුරු වලට තුරුලුවී රමණයක අති රමණිය වෙහෙසකර භාවයක් සිහි කළෙමු. 


ඊලග මාසෙ නෙමෙයි ඊලග මාසෙ පෝය දවසට , මං ඔයා ගැන හරියටම ඔයාට කියන්න පුලුවන් කෙනාව ඔයාට මුණ ගස්සනව.. 


ඇත්තටම ද


හැබැයි එතකම් අපි පුලුවන් තරම්, මේ ලෝකෙ වෙන දෙන්නෙක් ඉන්නැති තරම් ආදරෙන් ඉම්මුද?

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...