#DT
19
චාරුදර කතා කරගත හැකි මට්ටම කට ආවේය.ඔහු කුට්ටන් හා කිසිවක් කියමින් සිටියේය.
"මං හිතන්නේ උන් හොයන්නේ ඔයාවයි තීනු.."
"ඒ ඇයි උන් නෝනව හොයන්නෙ?"
"කුට්ටන් මාමා මේ ඔයා කන්න බොන්න හදලා දීලා බලාගන්නෙ නිකම්ම නිකම් තීනු කෙනෙක් නෙමෙයි.."
කුට්ටන් මදෙස බයාදු බැල්මක් බැලුවේය.
"ඒ කියන්නේ .. මේ අපේ.. ඈ චාරු පුතා.. ඔයා කියන්නේ මං මේ මගෙ ඇස් ඉස්සරහ දකින්නෙ.. දේවදාර උයනෙ ලේ උරුමක්කාරිද …"
චාරුදර කිසිවක් නොකීවේය.
"නෝනා, " කුට්ටන් බය පක්ෂපාතීව මදෙස බැළුවේය.
"මේක ඇත්තටම ඇත්ත නම් නෝනගෙ දකුණු උරිස්සෙ උපන් ලපයක් වගෙ සලකුණක් තියනව.. අඩහඳක් .. "
"තිබුණා..තාත්තා ඒක උඩින් වෙන ටැටු එකක් ඇන්දා"
මට දැන් මගේ පැවතීම සම්බන්ධ ගැටලුවක් නැත. කුට්ටන් මගෙන් තාත්තා ගැන ප්‍රශ්න ඇසුවේය. තාත්තා කවුද කොළඹට ආවේ කොහෙන්ද, අම්මා කවුද.. මා නොදන්නා කරුණු කියන්නට මම අම්ොටද දුරකතන ඇමතුමක් ගත්තෙමි. මහ පාන්දර මගෙ දුරකතන ඇමතුමෙන් අම්මා හොඳටෝම කලබල වී සිටි අතර පසුව කුට්ටන්ම අම්මාට මා බලාගන්න පොරොන්දු වීමෙන් ඕ මඳක් නිශ්චල වූවාය.
" යක්දෙස්සෙක් කියල කියන්නේ විච් කියනෙකෙක්ද ඔය?"
මම චාරුගේ වම්බාහුවේ වන කැපුම වටා ඇගිලි තියා විමසමි.ඔහු මගේ අත දෙස බලා වම් අතින් දකුණු ඇහිබැම කැසුවේය.
"විච් කිව්වට ට්‍රැවල කෙනෙක්.. ඉතින්. අපි උන්ව සලකන්නෙ ආත්ම හැටියට.. උන් කරන්නෙ අපේ ඇග ඇතුළට ඇවිත් උන්ට ඕන දේ අපි ලව්ව කරගන්න එක..සාමාන්‍යයෙන් උන්ගෙ ආත්ම වලට කිසිම සමාදානයක් ලැබෙන් නෑනෙ. උන් ජීවත් වෙලා තියෙන්නෙ සියවස් ගණනාවකට ඉහත. උන්ගෙ කුල අනුව ගත්තම ට්‍රැවලස් ලා එක කාලෙකින් පස්සෙ මේ පොළව උඩ ඉදලා නෑ.. "
"දැන් උන් ඇයි මාව ඉව කරන් එන්නෙ?"
" මං ඔයාට හෙට රැට, ඒ කියන්නේ ෆුල්මුන් නයිට් එකට ඒකට හේතුව කියන්නම්.. තීනු.. හොදම දේ අද දවස ඇතුලෙ කොහෙවත් නොගිහින් ඉන්නෙක.."
හිමකර පාන්දර නැගිට සාලයට එනවිට එහෙන් මෙහෙන් ඇතිවු කැපුම් තුවාල වලට ප්ලාස්ටර් දැමු චාරුදර සෝෆාව පිරෙන්නට නිදාහිදිනු දැක පුදුම වෙන්නට ඇතැයි මම විශ්වාස කරමි.
"තීනුයි චාරුයි නැගිට්ටම කන්න බොන්න දීලා පොඩ්ඩක් බලාගන්න කියලා හිමකර මහත්තයා වැඩට ගියා" කුට්ටන් කීවේ එබැවින් විය යුතුය. චාරු දවල් දහය විතර වන විට නැගිට්ටේය. ඩැෆඩිල්ස් ටෙරස්හි නවතින්නට එන්නැයි කියා මලියෝනා දුරකතන ඇමතුමකුත් දුන්නාය.හේමන්ත බොස් ම
කතා කර දුකසැප විමසු අතර භාග්‍ය අර අසීමාන්තික කැපවීමෙන් වැඩ කරන හිතාගන්නට බැරි කරම් ජෙනුයින් මනුස්ස දරුවා මගේ රාජකාරිද මා වෙනුවට ඉටු කරමින් දේවදාර උයන කැපිටල් ෆයිනැන්ස් ප්රයිවට් ලිමිටඩ් ශාඛාවේ අනාගකය සිය දෙවුර මත තබා ගන්නා බව පෙනී ගියේය.
"මං ගෙදර ගිහින් නාලා එහෙම එන්නං.."
ඉරි ගිය ටී ශර්ට් එක රෝල් කර බංගලාවේ කසල මල්ලක් ඇතුලට දමනා ගමන්ම චාරුදර බංගලා කන්දේ ගල් පඩිපෙල බහින්නට හදමින් කීවේය.
"බයික් එක ඔෆිස් එකේ පාක් එකට දැම්ම කියලා භාග්‍ය කිව්වා. ඔයාගෙ
ෆෝන් එකත් වැටිලා තිබිලා අහුවෙලා. හැබැයි ස්ක්රින් එක ටිකක් ඩැමේජ් කීවා.."
"අප්පා. ආයෙ පණ ගන්න බැරිවෙයිද දන්නෑ.."
"මේ. තනියෙන් යන්නැතුව මාත් එක්ක ගියොත් මොකද.."
"මා එක්ක ඇවිත් පුදුම වෙන්න ඕන නෑ.. අද රෑට පුදුම වෙන්න ඕන තරම දේවල් තියේවිි. "
"කානිවල් එකක මැජික් සන්දර්ශනයක් පෙන්නනව වගේ කතාව ඔයාගෙ.."
"ඒක ඒ තරම් ලස්සන දෙයක් වෙනවා නම් කොච්චර එකක්ද?"
සවස් වන විට බංගලා කන්ද කෙළවර අහස වෙනදාට වඩා පැහැදිලි ව දිස්වෙන්නට පටන් ගත්තේය. පෝය නිවාඩුවේද වැඩ කළ බැවින් හේමන්තත් භාග්‍යයත් හිමකරත් ආසන්නතම නගරයේ බාර් එකකට යන බව කියා ගියේය. ඔවුන් යළි එන්නේ ඊලග දවසේය. මම කුට්ටන් ගේ හැසිරිම ඉව කර ගෙන සිටිමි. ඔහු මා කෙරෙහි දක්වන්නේ භක්තියකට හුරු හැසිරිමකි.
හැන්දෑවේ අදුර හෙමි හෙමින් ගලා ආ අතර මැදියම ආසන්න වනවිට, චාරුදර බංගලාවට ආවේය. ංඔහු වෙතින් දිස්වෙන මලානික ගතියට මා අකමැතිය. ඔහු අතේ ලොකු ට්‍රැවලින් බෑග් එකක්ද විනි. අපි සංචාරක
බංගලාව පසුපසින් වන වැසීගිය එහෙත් පැහැදිලි ගල් පඩිපෙළක් දිගට මිටියාවත ඇති ඉසව්වට ඇවිද්න්නට පටන් ගත්තෙමු. කිලෝ මීටර එකහමාරක් දෙකක් අතර දුරකදි අඩි පාර තැන්නකට සම්බන්ධ විය. මේ තැනිකලාව බංගලාවට දර්ශනය නොවේ. එය සෘජ් බෑවුමෙන් පැත්තකට වී ගස් කොළන් වලින් වැසී පවතියි.
අප එතැනට යනවිට මා බලන්නට ඇවිත් ගිය වෘකයා අර උණුසුම් සත්වයා එහි පසෙකට වී සිටිනු පෙනිණි. හෙතෙම මා දැක මා ළගට ආවේය. මම දණ ගසා උගේ හිස පිරිමැද්දෙමි. චාරුදර සුසුමක් හෙළා අප දෙදෙනා දෙස බැලු අතර, මේ කොලුවා මා සතෙකුට ආදරේ කරනවාටත් ඉරිසියා නේදැයි මට හැඟිනි. ඔහු ගෙනැවිත් තිබුණු බෑගය ගෙනගොස් වදුලක් ආසන්නයෙහි තබා මා අසලින්ම බිමින් හිඳගත්තේය. මම මේ බුම්මා ගත් ඉලන්දාරියා ට අකමැතිවෙමි. වැළමිටෙන් මම ඔහුාග් ඉළපත ට ඇනන්නෙමි. ප්‍රතිචාරය කුමක්දැයි ඔබ හිතනවාද ? ඔහු ගණනකට නොගෙන ඈතට වුවේය. සඳ මුදුන් වෙන්නට ආසන්න වෙත්ම පරිසරය ක්‍රමයෙන් වෙනස් ස්වරුපය ක් ගත්තේය. වෘක මිතුරා සෙමෙන් සෙමෙන් වදුල වෙතට ඇවිද ගියේය.
චාරුදර දණිස් නවාගෙන වැළමිට ඒවාට බර කරගෙන ඔහේ බලා හිදින්නේය. ඒ වදුල දෙසය. මම ද බලා හිදිමි.
"ඔයා මේකට ලෑස්තිද?"
"මොකකටද"
"වෙන ඕන දේකට.."
"ඒක භයානක දෙයක්ද?"
"ඒකෙන් ඔයාගෙ ජීවිතේ වෙනස් වෙනව.."
"මට දරාගන්න පුලුවන් ..”
"දරා ගැනීම" සහ "විශ්මයට පත්වීම" දෙකකි. වදුලට රිංගා ගිය වෘක සුරතලා ශබ්දයක් නැත. එහෙත් උන් හිටි ගමන් වදුල සෙළවෙන්න පටන් ගත්තේය. එක්වරම වදුලෙන් එළියට ආ දේහදාරී පිරිමියෙක් , මා කියන්නේ තරුණයෙක් උරහිස තෙක් වැවුන ඔහුගේ කීරි හිසකෙස් වම් අතින් පසුපසට කරගනිමින් නැමී දකුණතින් චාරුදර එතැන තියා ආ ඇදුම් මල්ල ද ඔසවා ගත්තේය.
මම උන් තැනින් නැගිට්ටෙමි. මෙතෙක් දණිස් මත නළල ඔබාගෙනලසිටි චාරුදර මා නැගිටින විට මදෙස බලා ක්ශනිකව නැගිට්ටේය. විශ්මයට පත්වීමෛ් උපරිමය එයයි. චාරුදර ත් ආගන්තුක මානවකයාත් අතර මැද තරමක උසට හිටගෙන හිදිමින් මම වික්ෂිප්ත ව සිටියෙමි. චාරුදර , අප දෙදෙනා දෙස මොහොතක් බලා සිටියේය. ඔහුව වැලඳ ගත්තේය. මදෙස බැලුවේය.
"තීනු. මේ අපේ දේවදාර උයනෙ උයනෙ අනාගතේ අයිති කුමාරයා.. ත්‍යාග…"
ත්‍යාග
මා හා සිනාවෙන්නට උත්සාහ කළේය. මම ඔහු හඳුනාගන්න්ට උත්සාහ කළෙමි. චාරුදර ගෙන ආ මල්ලේ තිබි අනම් මනම් කෑම වර්ග කුඩා කොළපත් මතින් තියා කුඩා භෝජන සංග්‍රහයකට සමාන එහි වුයේ එලවලු පළතුරු කෑම පමණකි. පලතුරු යුශ බෝතල් තුනකි.
"අපි මොනවද දැන් මේ මෙතන පුදුමෙන් පුදුම වෙලා ඉන්න කෙල්ලට කියන්නේ , චාරු"
චාරු දෙව්ර සෙලෙව්වේය. ඔහු මදෙස නොබලා සිටින්නට උත්සාහ කරයි.ඒ මඟහැරීම ගැන ත්‍යාග,මේ අලුත් අමුතු මිනිසා සිතන්නේ මොනවාදැයි මම තවම සිතමි. මට ඒ ගැන අනාවැකි කිව නොහැකිය.
" හරි… තීනෙත්මා, තීනු… මං ත්‍යාග.. " ත්‍යාග ගේ කටහඩ ගැඹුරුය.එහි ආකර්ෂණීය බවක් තියේ. හැඟීම්බර "ඩබින්" ශිල්පියෙකුට මරුවට ගැළපෙනවා කියා මට හිතෙයි.
" චාරුදර දැනට ඔයාට මං ගැන මොනවම හරි කියලා ඇති කියලා මං හිතුව."
"මට කියන්න තේරෙන් නෑ ත්‍යාග.. මෙයාට මෙහෙ පසුබිම නොකිය මොනව කොහොම..කරන්නද කියලා.."
"අපට අද එළිවෙනකම් වෙලාව තියනවනෙ..මේ වාගෙ රෝස හඳක් යට අපට කොච්චර දේවල් කතා කරන්න පුලුවන් ද චාරු.."
ත්‍යාග ලස්සන ට කතා කරයි.
" දේවදාර උයන කියන්නේ මහා ඉතිහාසය ක් දරාගෙන ඉන්න ගමක්. අපට නම් මේක රාජධානියක්.. මේක ඇතුලෙ එක එක කතා තියෙන්න පුලුවන්.. හැබැයි ඔයා ට වැදගත් වෙන්නෙ අපි, අපේ කතාව හින්ද.. මං මේ කතාව මෙහෙම පටන් ගන්නංකො.."
"කාලෙකට ඉස්සර , මේ පළාත සම්පුර්ණයෙන් ම එක විශේෂිත ජනකොට්ඨාසයක් ජීවත් වෙච්ච තැනක්. අපි, චාරු මම එතකොට දැනට චාරු ලැ ගමේ ජීවත් වෙන හැම පවුලක්ම පොදුවෙ ජානමය විදියට වෙනස්.. අපි සාමාන්‍ය මිනිස්සු තමයි. මේ රටේ ඡන්ද බලය , හැම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක්ම අපට තියෙනව.
ඔයාගෙ තාත්තා, ඒ කියන්නේ අර්ධ චන්ද්‍ර වංශයෙ ඔටුනු හිමි ලේ ධාතුව මෙහෙන් අරන් ඔයාගෙ තාත්තගෙ අම්මයි තාත්තයි දේවදාර උයනෙන් පැනල යන්නෙ , සංචාරක යක්දෙස්සො වගේම තව අපිට අයිති හැබැයි අපිත් නොවෙන කණ්ඩායමක් එයාව මරලා දාන්න හෝ හිරකරන්න පැහැර ගන්න හදන හින්දයි.. එයා කවදාවත් මේ දේවදාර උද්‍යානෙ ඔටුන්න ගන්න ආපහු මෙහෙට ආවෙ නෑ. එයා මොනවද කළෙ මොනවද උනෙ කියනෙක ගැන මටත් ලොකු අවබෝධයක් නෑ.."
" මේක කියන්න, මට.. දැන් අපට තියෙන ඔයා ඔය කියන සුවිශේෂ ජානමය කුසලතාවය මොකක්ද?"
" මං ඒකට කියන්නේ ගිෆ්ට් එකක් කියලා..හැබැයි මං ඉන්න තත්වෙ ගැන හිතුවාම ඔයා කියාවි ඒක ගිෆ්ට් එකක් වෙන්නෙ කොහොමද ත්‍යාග.. ඒක කර්ස් එකක් කියලා. මං හොදටම දන්නව තීනු, ඔයා තාමත් මානසිකව ඇත්ත දැනගන්න ලෑස්ති නෑ.. මං නියෝජනය කරන්නෙ පුර්ණ සුර්ය වංශය.. අපි මේ ජනපදයෙ වෙසෙන ප්‍රධානම වංශ දෙක.. අර්ධ සුර්ය වංශයයි අර්ධ චන්ද්‍ර වංශයෙයි එකතුවෙන් තමයි හැමවෙලාවෙම මේ ජනකොටස ඉස්සරහට යන්නෙ.. පුර්ණ ..""
"හරි මොකක්ද මේ කියන ගිෆ්ට් එක?"
"අපට පුලුවන් ,අපෙ ඇගෙ තියෙන විශේෂ ජාන වලට ඇක්ටිවේශන් එකක් දෙන්න.. පුරාවෘත වල විදියට නම් ඒ ඇක්ටිවේශන් එක දෙන්න කෙනෙක් අතින් පණ පිටින් ඉන්න මනුස්සයෙක් මැරෙන්න ඕනෙ.."
මම නෙත් නළලට ඔසවා ගනිමි.
"ඒ කියන්නේ ඔයා කියන්නේ , මිනි මරන්න ඕනෙ කියනෙකද?"
ත්‍යාග කලබලවී චාරුදර දෙස බැලුවේය. චාරු කොහොමටත් සිටියේ මා දෙසම ඇස තියාගෙනය.
" නෑ… දැන් ඒක අපටම චොයිස් එකක් කරගන්න පුලුවන් තරමට අපට කාවැදිච්ච දෙයක් .. අපේ අය ඕනතරම් ඉන්නව. ජින්ස් ඇක්ටිවේට් කරගන්නෙ නැති අය. සමහර අය ඉන්නවා එක එක මෙඩිකල් ට්රිට්මන්ට්ස් වලින් ජින්ස් නියුට්රල් කරල තියාගන්න අය. මොනව වුනත් අපි ඉදිරියට යන මිනිස්සු.. තව කිව්වොත් මිනිස්සුන්ට එහා ගියපු සුපර් නැචුරල් මිනිස්සු …"
"මෙයාට මේක මෙහෙම කිව්වට තේරෙන් නෑ… " චාරු මා දෙස බලා ත්‍යාගට කීවේය. ත්‍යාග ඔහු දෙස බැලුවේ තීරණාත්මක බැල්මකි. ඇදසිටි ටී ශර්ට් එක ගළවා දැමු තරුණයා සිය ශක්තිමත් මස් ගොබ සහිත උඩුකය මඳක් පුම්බා වගේ මාත් ත්‍යාගත් දෙස බැලුවේය. ගත වී ගිය විනාඩියකට අඩු කාල අන්තරය ඇතුළත චාරුදරගේ වසුපැටි ශරීරය ක්‍රමයෙන් ක්‍රමයෙන් වෘක සිරුරකට රූපාවතරණය වුවේය. තද තැඹිලිපැහැ මේ ලස්සන වෘක තරුණයා , දැකිවිට මට සිහිනැතිවෙතැයි සිතු නමුත් එය තවදුරටත් දරාගත හැකි මට්ටමින් තිබි හැගීමකි.
චාරුදර ඇද සිටි දනිහ ගාවට දිග කලිසම ඔහු අවසානයට සිටගෙන සිටි තැන බිම වැටී තිබේ. වෘක ඇස් මවෙත යොමු කළ පිරිමි ළමයා නොහොත් වෘක ළමයා හයිය පිම්මකින් මිටියාවතේ වදුලු කරා දිව ගියේය. මගේ හෘද ස්පන්දනය ඉහළය. තව කොතෙක් දේ මේ දේවදාර නුවරදි මට දකින්නට සිදුවේදැයි මා දන්නේ නැත. ත්‍යාග මගෙන් මොනයම් හෝ පිළිතුරක් බලාපොරොත්තු වෙන් මදෙස විපරමින් බලා සිටියි මම ඒ මොහොත වෙනතෙක්මත් මගේ පෙම්වතාව සිටි මනුශ්‍ය ප්‍රාණියා සිව්පාවෙකු බවට තමාව හරවා ගැනිමේ විශ්මයෙන් වික්ෂිප්තව බලා හිඳිමි.
.jpg)
No comments:
Post a Comment