Thursday, November 17, 2022

Daffodil Terrace 01




 Daffodil Terrace 

#DT

01


"ඉර ශෝට්ලීව් යන ටවුමක් මේක!" 

----------------------------


උදෑසනක් වුවද මේ නගරයේ ගහකොලට වුව ඒ ගැන වගක් නොතිබුණ සෙයකි. ඒවා කළුවරිනි තරමකට දුර දුම්රිය පලෙන් පාන්දර බැසගැනිමෙන් අනතුරුව මා ගෙන එන්නට කාර්යාලයෙන් රියක් පැමිණ තිබිණි. හිරු බෝලයක් වී නැගී අහස පුරා සිය බලය පතුරවා තිබිය යුතු වෙලාවකැයි මා සිතා සිටියද එහෙට එහෙම නොවේ


.මගේ රැකියා ජීවිතය යම් කාරණාවක් හේතුවෙන් උඩු යටිකුරුවී ගියෙන් මට මේ සීතල හැමවිටම වැහි වැටෙන පළාතට පැමිණීමට සිදුවිණි. හදිසි කැඳවීම් වු කලී, මගහැරිය නොහැකි. ඒවා නොවේ. එහෙත් මට එයමග හැරිය නොහැකි.ඉතින් මම ලංකාවේ ඇති මුහුදු මට්ටමෙන් ඉතා උසින් පිහිටා ඇති හිරු එළිය අඩුවෙන් වැටෙන කුඩා නගරයක පිහිටා ඇති මගේ කාර්යාලයට පැමිණ සිටියෙමි. 


"නොගිහින් ඉන්නම බැරිද මැණික" 


අම්මා අවසාන වතාවටද ඇසුවේ මා  ට්‍රැවලින් බෑගයට ඇදුම් අසුරමින් හිදියදීය. මම එය නවතා ඇය දෙස බැලුවෙමි. 


"නොගිහින් කොහොමද අම්මා." 


අඅය සුසුමක් හෙලුවාය. දුම්රියට මා ඇරලවුවාය. මගේ හිතේ ශක්තිය ගැන අම්මා අවිශ්වාස කළා යැයි මම නොසිතමි. කාර්යාලය පිහිටා තිබුණේ මහ පාර අයිනේමය. එහෙත් ඒ පාරේ බස් රිය 

ධාවනය වූයේ දවසකට දෙවතාවකි. 


" මොනා කළත් හොද පරිස්සමින් කරන්න"


 අම්මා කිවු වචන මට සිහිවුයේ කාර්යාලය දකිද්දීය. එය ලාභ ලැබිය හැකි ශාඛාවක් නොවේ. ඒ ප්‍රදේශයේ ජීවත් වුයේ දෛනික වැටුප් ලබන මිනිසුන් වූ බැවිනි. මා දැක ආරක්ශක නිලධාරියා හිස නමා ආචාර කළේය. තරමකට දුරකතන සිග්නල් අඩපණ වුවද දුරකතනයට සිග්නල් තිබිණි.


"එහෙ ක්වාටස් එහෙමත් තියනවා.අලුතින් හැදුවෙ ඒවා. බංග්ලෝ ලෙවල් එකෙන්ම හදලා තියෙනවා. මෙහෙ කට්ටිය එහෙ ගිහින් වීක්එන්ඩ් ආතල් ගන්න නිසා ඒවා හොටෙල් රූම්ස් ලෙවල් එකටම හදලා තියෙන්නෙ.උඹ බය වෙන්න එපා. කොහොමටත් උඹට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ" 


මට කොළඹ කාර්යාලයේ උන් හොඳම යෙහෙලිය සාවි එසේ කීවේ මා මෙහි එන්නට පෙරදා රැයේ අපේ ගෙදර නැවතෙමිනි.


"මං හිතුවෙ නෑ පැටියො.. රන්දික ය එහෙම මග අරියි කියලා.. ඇත්තටම මං හිතුවෙ මිනිහ ඔයා ගෙ සයිඩ් එකේ ඉදීවි කියලා"


මම දෙවුර සලා සිනහා වූවෙමි. රන්දික ද මනුස්සයෙකි. ආදරයට විශ්වාසය අදාලය.අත්‍යාවශ්‍යය. 


"එයා ට එහෙම තීරණයක් ගන්න සම්පුර්ණ නිදහස තියෙනවා සාවි" 


කාර්යාලයට මා සමග ඇතුල් වද්දීම මේස හතරක් එහෙත් එක මේසයක් ලගටවී දුරකතනයක් අල්ලා ගෙන එකිනෙකාට අනම් මනම් කියවමින් සිටි පිරිමි ළමයින් තිදෙනෙක් වහා ඇස ගැසිනි. 


"අලුත් මිස්..." 


සෙකියුරිට් අන්කල් ඔවුන්ට මා හදුන්වා දෙමින් මාව මැද කොරිඩෝවකින් ඇතුලට කැටුව ගියේය. ලානිලැති අත්දිග කම්සයකට ලා පැහැම ටයිපටියක් දමා සිටි බැලු බැල්මට තිස් පහකට අඩු යැයි හිතෙනා කළමනාකාර තුමා.. හේමන්ත එදිරිසුරිය.. මා දැක හිදාගන සිටි අනුනෙන් මදක් නැගිට්ටේය. 


"ආ .... තිනෙත්මා.." 


ඔහු මා පිලිබද පුර්ව අධ්‍යයනයක් කර ඇති බව මට ස්ථිරය. කොහොමටත් මේ වගේ දුශ්කර කාර්යාලයක සේවයට එනවිට අනිවාර්යයෙන් අදාල පෞද්ගලික ලිපිගොනු පරික්ෂා වන බව මා නොදන්නවාත් නොවේ


"තිනෙත්මා මං හිතා හිටියට වඩා උසයිනෙ" 


හේමන්ත කියද්දී මට ඉබේ බැලුනේ මගේ දෙපා දෙසය. ඒවායේ එල්ලී ඇති අගල් කීපයක් උස සපත්තු දෙසය . මගේ මුව අගට සිනාවක්ද නැගෙන්නට ඇත. 


"ඉදගන්නකො"


එහා පැත්තේ කවුලුව සම්පුර්ණයෙන් හැරදමා තිබේ. ඉන් පෙනෙන්නේ කදු බෑවුමකි. ඒ කදු තීරේ කොල පාට ගස් පිරීතිබේ. කදුමුදුන සිප නැගුන නිලැති දුරාහසය. හිරු ප්‍රමාදවී හෝ පැමිණ තිබේ.

හේමන්තගේ මේසය මත අලුත් මල් දමන ලද වීදුරු වාස් එකකි. ඒවායේ පිණි ගතිය තවම තිබේ. 


"ඇයි හෙඩ් ඔෆිස් අය කිව්වෙ මං කොට කෙල්ලෙක් කියලද" 


මම සිනාවී විමසමි. හේමන්ත සිනාසෙමින් නැගි සිටි අතර අඩි තුනක් දුරින් ඇති කුඩා කබඩ් එකක් ඇර ෆයිල් කිහිපයක් අතට ගත්තේය.


"ලස්සන කියනෙක සාපේක්ෂ වුනාට උස කියනෙකට ස්ටැන්ඩර්ඩ් එකක් තියනවනෙ නේද.. " 


ඔහු එසේ කියා ඉහත කී ලිපිගෙනු පෙරළමින් ලිපියක් අතට ගත්තේය. එය මුල සිට අගට නැවත කියෙව්වේය. 


"ති..නෙත්ම ... මේ "


හේමන්ත යමක් කීමේ අපහසුතාවකිනි.


"මං දන්නවා මේ ට්‍රාන්ස එක ආවෙ ඩිමෝශන් එකකුත් එක්ක කියලා"ඔහු මෙ අපහසුතාවයෙන් මුදවා ගැනීම මාගේ රාජකාරියකි. හේමන්ත පහසු සිනාවක් පෑවේය.

"ඇත්තටම ඩිමෝශන් එකක් කිව්වට මෙතන තියෙන්නෙ ඒ වැඩ ටිකම තමයි. ඔයාගෙ සලරීස් වල යම්කිසි අඩුවීමක් තියෙනවා.ඒත් අපි ඔයාට අකමඩේශන් අලවන්ස් එකක් ,වගේම ද්ශ්කර දීමනාවකකුත් ඇඩ් කරලා තියනව" 


මම හිස සැලුවෙමි..   මගේ බරපතලම ගැටලුව අසන්නට යෙදී තිබුණේ ඉන්පසුය. 


"මං කොහෙද නතර වෙන්නෙ"


හේමන්ත මගේ මුහුණ දෙස මදක් බලා සිටියේය. දෑතින්ම මේසයට තට්ටු කලේය. දොතොල උල් කලේය. පසුව යම්කිසිවක් සිතුවේය. 


"ඔන්න ඕක තමයි තිනෙත්මා ප්‍රශ්නෙ.. මෙහෙ බංග්ලෝ එකක් තියනව. අලවන්ස් එක තියෙන බෝයිස් ල දෙන්නෙක් දැනටම ඒකෙ කාමර දෙකක ඉන්නවා"


මගේ හිතේ චකිතයක් ඇති නොවුවා නොවේ. පිරිමි ළමයින් දෙදෙනෙකුත් උයන්නට සහ අස්පස් කරන්නට ඉන්නා පුද්ගලයින් දෙදෙනාත් සමග ගැහැනු ළමයෙකුට එහි නැවතී සිටින්නට පුළුවන් ද? මගේ පැත්තෙන් ගත්තාම මට නම් ඒක කොහොමටවත් ප්‍රශ්නයක් නොවේ. මේ වගේ දේවල්කිසියම් ප්‍රශ්නයක් වීනම් ඒ රන්දිකටය. ඒත් රන්දික තවදුරටත් මා සමග නැත. අම්මාට මේ සිදුවීම් වලින් අඩක් පමණක් කිව හැකිය. 


"ආ ඒකට කමක් නෑ" 


මම වහා හේමන්තට කීවෙමි. 


"මේ හරියෙ මේ තරම් ඉක්මණට ඔයාට තැනක් හොයලා දෙන්න අමාරුයි. ඒත් මං ෆුල් ට්‍රයි කරනවා අපි බලමු.."


ඊලගට මට කාර්යාලයේ නියමිත තැන.. ඔව් එතැන හරි ශෝක් තැනකි. මගේ මේසය සහ පුටුව තිබුණේ බිත්තියක් අයිනකය. දකුණු අත පැත්තේ හේමන්තගේ කාමරයේ තිබු ආකාරයේම කවුලුවකි. එහෙත් ඉන් පිටත කඳු බෑවුම නොවේ. කාර්්යාලායේ පිවිසුම් දොරටුවය පෙනෙමින් තිබුණේ. එහෙත් ජනේලයට මෙහායින් මල්වැල් මල් පදුරු සහ මා නම් නොදන්නා මල් බරට පිපී තිබිණි. කිසිවෙක් පැමිණේ නම් දකුණු පසට හිස හැරවු සැණින් සියල්ල චිත්‍රපටයක්සෛ් දැකගැනිමේ අවස්ථාව ක් ලැබී තිබුණේය. 


මුලින් තරමකට වැටී තිබු ඉර එළිය වේලාසනින් නිවී ගියේය.


 "ඉර ශෝට් ලීව් යන ටවුමක් මේක" 


මම සාවීට කෙටි පණිවුඩයක් යැවීමි. ඕ සිනාමුහුණක් එව්වාය. හිතුවාටද වැඩිය කලින් කලුවර පතිත වෙන ලකුණු පෙණින. මම ජනේල කවුලු වසා දැමුවෙමි. අසල මේසයක උන් නුවන් මා දෙස බලා සිනහ වූවේය. 


"එතකොට අද බන්ග්ලෝ එකේද ඉන්නෙ"


නුවන් ඇසුවේ ඔහුගේ මේසයෙන් නැගිට මගේ මේසය ලගට එන අතරේය. මම හිස වැනුවෙමි. හේමන්ත කිවු ආකාරයට නුවන් සහ හිමකර වෙසෙන්නේ ත් සංචාරක බංගලාවේය. 


"අවුලක් නෑ මායි හිමයි..චන්ද්‍රසේකරම් නුයි කුට්ටනුයි විතරයි ඉන්නෙ" 


(ඉර කෙටි නිවාඩු දමනා නගරෙක හැම සෙනසුරාදා හවසම රවුමක් ගිහින් එමුද, "කුමාරයා"හි වැසියනි?"

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...