Thursday, November 17, 2022

Daffodil Terrace 26

 #DT



26


මේ සිද්ධ වෙන මල විකාර වගේ නොවේ. ඒඩ්න් දැනගත යුතු දෙයකි. මම වහා ගොස් ඒඩ්න් ගේ දෙවුරෙන් අල්ලා ඔහු නුර්ගෙන් ඈත් කරගන්නට උත්සාහ කළෙමි. නුර් මදෙස බැලුවේ ගිනි පිටවෙන දෑසිනි. 


" බලන් ඉන්න බෑ නේද.. ජරා වෘක ගෑනි.. උඹල ගඳ ගහන ජරා සත්තු.." 


මගේ ජානගත කේන්තිය කොතරම්ද කියා නුර් ඇත්තටම හඳුනන්නේ නැත.  එබැවින්ම හැකිතරම් වෙර යොදා දකුණතින් නුර්ගේ කම්මුල ඉලක්ත කර මා ගැසු කම්මුල් පහර නුර්ව අඩි කිහිපයක් ඈතට විසි කර දමන්න තරම් හයිය වු අතර , ඇය අඩපණවි බිම ඇද වැටෙද්දී මෙතෙක් නුර්ගේ සිරුරේ වු රුධිරය උරා බොමින් සිටි ඒඩ්න්ද මත් වුවාක් මෙන් ආපස්සට වැටුණේය. 


"මං මගෙ ලේ වලට ඩ්‍රග් මික්ස් කරගෙනයි ඉන්නෙ.. ඒවායින් එයා මත් වෙනවා" නුර් කීවේ ජයග්‍රාහී විලාසයකිනි. මම බිම වැටි සිටින ඇයව පාගා දමමින් තව තවත් ඇයට පහර දුන්නෙමි. පසුව කෙදිරි ගාමින් නැගිටින ඒඩ්න් ව තල්ලු කරගෙන මා නිදන කාමරයට ගෙන ගියෙමි. දොර අගුල් දමා නුර්ට ඇතුලු වෙන්නට බැරි ආරක්ෂාව සැදුවෙමි. 


" ඒඩ්න්, ඒඩ්න්, … ඒඩ්න් මේ බලන්න.. ඒඩ්න්" 

ඔහු මොහොතක් මදෙස බලා සිටියේය. හරහට ඇදට වැටුණේය. මම හාත්පස බැලුවෙමි. ආනික්‍යා මේ ඔයාගෙ පෙම්බරාය. කොහේ හෝ සිට ඔයා දැන් පහළ විය යුතුය. ජනේලය වසා ඇත. මල් වැවෙන්නේ කොහොමද වින්චයිම සෙලවෙන්න පටන් ගත්තේ සෙමෙනි. කාමරයට සුළං ඇතුළු වෙන්නේ කවුලුවෙන් පමණද… නාන කාමරයේ දොරට කිසිවක් තට්ටු වෙන්නට පටන් ගත්තේය. මම වහා ගොස් එතුලට එබි බැලුවෙමි. හිතුවා හරි. මල් වැල් එහි කවුලුවු දිගේ එන්නට පටන් ගෙනය. දොරෙන් බිමෙන් බිත්තිවලට ආයේ කන්නාඩි මේසයට ඒ එන අතරේ ඕනමන්ට් එක සොලවන්නට ඇදදිගට ගොස් ඒඩ්න් ගේ මුහුණ ආසන්නයේ නතර විණි. ක්ඩා සිහින් මලක් ඒඩ්න් ගේ කම්මුලෙහි තැවරෙමිනි. ඔහු අවදි වෙන්නට අකමැති සෙයකි. 


මම ආසන්නයේ අසුනකට බර වී බලාඉමි. ඈත මල්වත්තේ දේහය තැන්පත් කර ඇති තැන සිට ආනික්‍යා මේ ගමන එනවා වාගේය. ඇය එන්නේ හැම සදලුතලයක්ම මලින් පුරවා ගෙනය.මේ දර්ශනය ඩැෆඩිල් ටෙරස් එලියෙන් බලන කෙනෙකුට පෙනනවාදැයි නොදනිමි. 

"ඒඩ්න් ඇහැපියක් සෙලෙව්වේ, සැලකියයුතු වෙලාවකට පසුය. එහෙත් මත් ගතිය සහමුලින්ම පහව ගිය ගතියක් නොපෙනිණ. මල් වැලක්වී ඔහු වෙත ආ ඔහුගේ සදාතනික පෙම්වතිය දශක ගණනාවක් ඔහුගේම මල් ඉඩම් වල එහෙමෙහේ සිය ආත්මය ඔතාගනිමින් සිරගතවු බැම්මෙන් ලිහෙනු නොහැකිව මෙහෙම ඔහු දෙස බලා ඉන්නවා ඇත්ද? 


වැම්පයරයා වුවද සැලකිය යුතු වෙලාවක් මත් කර දැමිමේ කැපැසිටියක් ඇති තරමට ශක්තිමත් මත්ද්‍රව්‍යයක් නුර්ට ලැබුණේ කෙසේදැයි මට ප්‍රශ්නය ක් නැගුණද, මම එය පසුවට විසඳා ගන්න ඉඩ තියා ගත්තෙමි. ඒඩ්න් යමක් තේරුම් ගත හැකි සිහියකට සම්ප්‍රාප්ත වෙද්දී මුලු ඩැෆඩිල්ස් කාමරයම ආනික්‍යාගේ මල් වලින් පිරී බරවී තිබුණි. 


"මේ මොකක්ද?"

ඔහු පුදුම වීමට වඩා තමන් දකින දෙයින් බියපත්ව සිටින බව මට වැටහිණි. 

" මේ දේ තමයි මට ඔයාට පෙන්නන්න ඕන වුණෙ…"

"මො මොකක්ද මේ වෙන්නෙ.. මොනවද වෙලා තියෙන්නෙ"

"ඒඩ්න්..එයා ඉන්නවා .. මේ අපි වටේට.. හැමදේම කරන්නෙ එයා.. ආනික්‍යා.."

"මො..   කක්ද. ඔයා කොහොමද ආනික්‍යා ගැන දන්නෙ.."

ඒඩ්න් ඇදෙන් බැස්සේ දෑතින්ම නළල අල්ලා ගනිමිනි. 


"එයා ඔයාට කතා කරන්න කැමැත්තෙන් ඉන්නෙ.."

"මේක මට විශ්වාස කරන්න බෑ… එයා ගිහින් අවුරුදු කීයක්ද?"

"එයා ගියෙ නෑ…ඒඩ්න්.. එයාව මේ ඩැෆඩිල් ටෙරස් එකේම හිර කරල දැම්ම.. එයා කියන විදියට නම් රෝස සඳ මැණිකකින් විතරයි එයාව ආයෙ මන්ත්‍ර බලයෙන් මුදවලා ආපහු ගන්න පුලුවන් වෙන්නෙ.."

"මට එයා එක්ක කතා කරන්න ඕනෙ"


මම ඇගේ ජර්නලය අතට ගත්තෙමි. ඒඩ්න් සිටියේ පුදුමයට පත්වය. විඩාබරවය. එහෙත් මල් වැල ඔහු ළගටම ඇවිත් කම්මුලකට කුඩා මලක් ළං කල විට ඔහුට සිනාවක් නැාගනු මම බලා සිටියෙමි. ආනික්‍යා මේ යකාගෙන් ආතල් ගන්නවාද? චාරුදර හිටියා නම් මගෙන් අහන්නේ එහෙමය. 


" ඔයා කතා කරන්න එයාට"

" එයා මට උත්තර දෙයිද"

"ඇයි නොදෙන්නෙ"

"ඔයා කතා නොකරම හිටිය වෙලාවලත් එයා ඔයා දිහා බලං ඉන්නවා"

ඒඩ්න් හාත්පස බැලුවේය. ඔහුට ආනික්‍යා හා කතා කරන්නට බොහෝ දේ ඇති. ඒ වෙනකොටත් ඒ ඇස් වල කදුලු තියේ. මම ඩැෆඩිල්ස් කාමරයේ ඔවුන්ට තනිවෙන්න ඉඩ දී කාමරයේ දොර වසාගෙන එළියට ආවෙමි. මේ සා මායාකාරි දේ සිදුවුනද මලියෝනා පීටර්ස් ඇගේ පාඩුවේ මෙහි සාමාන්‍ය මනුශ්‍ය ජීවිතය ක් ගෙවන්නීය. ට්‍රැවලර්ස් ලාගෙන් බේරෙන්නට විතරක් මන්ත්‍ර දෙක තුනක් ඉගෙන ගෙන කුට්ටනුත් කිසිම කිසිවක් නොදැන වැම්පයරයෙකුත් සමග රාත්‍රි ගමන් බිමන් යමින් හොදටෝම බීමත් වෙමින් වෘක කොලුවෙකු සමග කොලොප්පම් කරගනිමින් මැජික්කාර කොලුවෙකුගෙන් ආජකාරි උදව් ලබා ගනිමින් හිමකර ත් තවම දේවදාර උයනෙහි අතිශය සාමාන්‍ය මනුස්ස ජීවිිත ගෙවති. 


ඒඩ්න් කාමරයෙන් එළියට ආවේ සියල්ල තේරුම් ගෙන කියා මම තේරුම් ගත්තෙමි.ඔහු තොක්තු වී සිටියේය.

"ඔයා දන්නවද …තීන්"

ඒ ඊට විනාඩි විස්සකට පසුව. අප ඩැෆඩිල් ටෙරස්හි වහල්තලය මත වාඩිවු පළමුවෙනි ම්තුරු රාත්‍රි යයි. අප බියර් බෝතල්ද පළපුරුද්දෙන් ඔතන ලද කංසා සුරුට්ටුද සිගරට් පෙට්ටියක්ද තිබුණි. 


"මං අවුරුදු අටසියකට වඩා මේ ලෝකෙ ජීවත් වෙච්ච.. බාගයක් මැරුණු විලෝපිකයෙක්. "

"බාගයක් මනුස්සයෙක් "

මනුස්සයෙක් උඩ ෆීඩ්. කරන මනුස්සයෙක් ද? එහෙම වෙන්න බෑ.. මං මනුස්සයෙක් නෙමෙයි. හැබැයි මං මනුස්සයින්ට ආදරේ එකෙක්.."

"මනුස්සයින්ගෙ රීරි මාංසෙම උරාාගන කන බොන දේශපාලඥයො ඉන්න රටක ඒඩ්න් ඔයා ජීවත් වෙන්නෙ.. ඔයා මිනිහෙක්ගෙ ලේ ටිකක් බිව්ව වගෙ නෙමෙ.උන් මේ රටේ ඔක්කෝම මිනිස්සුන්ව කාලා රටත් කාලා දානව.."

"ඒත් .. මං මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ එයාට ආයෙ කවදාවත් එන්න බෑ කියලා"

"රොස සඳ මැණිකක් කොහෙද තියෙන්නෙ?"

"ඒ විතරක් මදි.."

"එහෙනම්.."

"එයාගෙම වංශෙ කුමාරිකාවගෙ ලේ ටිකකුත්.."


ඒඩ්න් බැළුවේ මදෙසය. 


"එක පාරක් හරි ට්‍රාන්ස්ෆෝම් වෙච්ච කුමාරිකාවක්.."

හිත ඇතුලේ ට්‍රාන්ස්ෆෝමර් සියදහසක් පුපුරා යනු දැනිණි. ඒවා පිපිරිම ගිනිකදු පිපිරිමට වඩා විශාන වේදනාවක් ඇති කරන අතර විනාශයක් සිදු කරයි. ඒ කියන්නේ ආනික්‍යා වෙනුවෙන්, මට පෙර මගේ වංශයේ කුමාරිකාව වි හිටිය ඇය වෙනුවෙන් , මා මගේ වෘක ආවේශයට මාරුවෙන්න පටන් ගත යුතුයිද? 


මේ මේ වාගේ දේවල් ගැන වද විය යුතු වෙලාවක් නොවේයයි අගවා ඒඩ්න් ඔහු අතේවු කංසා සුරුට්ටුව මවෙත පෑවේය. 


"සියවස් ගණනාවක් "ඔතපු" එක්ස්පිරියන්ස් එකත් ඔයාට තියෙනව වගෙ"

"එච්චර පළපුරුද්දක් ඇතුව වැම්පයර් කෙනෙක් ඔතපු ජොයින්ට් එකක් ගහන පළවෙනි වෙයාවුල්ෆ් විදියට ඔයා ඉතිහාස ගතවෙන්නත් පුලුවන් "

"ආනික්‍යා කොයිවෙලාවක හරි මගෙ බෙල්ල මල්වැලකින් ඔතලා මාව මරල දායි කියල බයෙනුයි මම ඉන්නෙ"


අප අනම් මනම් කතා කරමින් , එළිවෙනතුරු අවදියෙන් සිටියෙමු. 


"මැණික තියෙන්නෙ.. වෙන කවුරුවත් ළග නෙමෙයි.. තීනු.ත්‍යාග ලා ළග.."

මම තිගැස්සී ගියෙමි. 

"ත්‍යාග කියන්නේ මං කසාද බදින්නෝන කෙනා"

"මටත් හිතාගන්න බෑ භාග්‍ය මොන මොන කන්ඩිශන් එකක් දායිද කියල"

"උන්ගෙ කර්ස් එක ඉවර වෙන්න නම් ඔයා අනිවාර්යයෙන් ම "ත්‍යාගයව කසාද බදින්නොන. ඒ විතරක් නෙමෙයි.. අර මොකක්ද මන්ද ⁣ෙඖශද වර්ාග බිව්වම හිතේ තියන ඔක්කෝම ඇත්ත පේන්න පටන් ගන්නවලු. ඔයා "ත්‍යාග‍යයට ඉම්ප්‍රින්ටඩ් නැත්නම් ඔයායි එයායි අතරෙ කසාදයක් සිද්ද වුනත් අනාගත සදහිරු වංශෙ බිහිවෙන්නැහැ කියලයි කියන්නේ "

"එතකොට?"

"එතකොට ඔයාගෙම වංශෙ මිනිස්සු ඔයාව මරන්න ප්ලැන් කරයි.. ආනික්‍යාට කළා වගෙ"

"අපි මුලින්ම ආනික්‍යාව බේරගමු.. එයා ව බේරගන්න මං ඕන දෙයක් කරනව. එයාට පුලුවන් වෙයි මට ඊට පස්සේ මොන විදියකින් හරි උදව් කරන්න.."


පහුවදා , චාරුදර හමුවුනාම කියන්නට බොහෝදේ තිබිණි 

"එතකොට කිසිම කොල්ලෙක් වෙනුවෙන් ට්‍රාන්ස්ෆෝම් වෙන්නෙ නෑ කිව්ව තීනුව ආනික්‍යා වෙනුවෙන් ඒක කරනව.."

"ඇටි්

එනි කොස්ට්"

"හ්ම්…"

"ඔයා කැමති නැද්ද"

"හැමදේටම වඩා.. මං ආස එහෙම.  හද එලියෙ ගල් තලාවක ඔයා එක්ක වැතිරිල ඉන්න..ආදරේ කරන්න..ඒ ෆෝම් එකෙන්.. මං ආසයි ඒකට මේ මනුස්ස ලෝකෙ තියෙන දහසක් ප්‍රශ්න අමතක කරල සැනසිල්ලෙ මේ වනාන්තරේ අස්සෙ දුවන්න.. ඔයා එක්කම"

"ඒත් මං ට්‍රාන්ස්ෆෝම් වෙන්න පටන් ගත්තාම අපේ කසාදෙ ඉක්මනින් වෙන්න ඕනෙ කියලා "ත්‍යාග‍ය කියයි"

"අනිවාර්යෙන්ම රෝස සඳ මැණික නම් එයාලා ඒ කන්ඩිශන් එක පිටම තමයි ඔයාට දෙන්නෙ"

"ඊට කලින් අපිට මොනවත්ම කරන්න බැරිද"

"මං දන්නෙ නෑ.. තීනු"


චාරු, ඉතින් ඔබ අතැර මොන වංශයක කුමාරයෙකු සමග වත් මං එකට ජීවත් වෙන්නේ කොහොමද ? සාමාන්‍ය කෙල්ලක් වගේ ඔයා ඇර වෙන කෙනෙකු නම් කසාද බදින්නේ නැතැයි කියා කාගෙනුත් හැංගි ඔබ එක්ක සැගාවන්න මට බැරි ඇයි?


"කුමාරිකාවක් කොහොමද එහෙම කරන්නෙ තීනු, ඔයාට ඔයාගෙ ආදරේ විතරක් නෙමෙයි.. වෙන සාමාජීය ජීවිතය කුයි වගකීම් ගොඩකුයි..තියෙනව.."

"ම්ම්ම්"

"ඔයාව මේ දේවදාර උයනට ගේන්නම කොච්චර ක් දේවල් ප්ලැන් කරන්න සිද්ධවුනාද"


මම විශ්මයෙන් බලමි. ඒ කතාව මොකක්ද ?


"

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...