ජාන් පිලිබඳ සත්‍ය හෙළිවීමෙන් ඉක්බිති මා සිටියේ අමුතුම සිතුවිලි සමෝධායනයකය. හරියටම පත්තර මුල් පිටුවේ පින්තුරය සඳහා ඇඳුම් ගන්නට අහවල් ශොපින් කම්ප්ලෙක්ස් එක ඉදිරියේ ඉන්නැයි ලියු කෙටි පණිවුඩයකි. චානක්යගෙනි.
චානක්‍යගේ හිතවතියක් වු රූපලාවණ්‍ය ශිල්පිනියක්ද මා වෙනුවෙන් පැමිණ සිටි අතර ඕ මදෙස බලා , ඇමති තුමාටයි ඔයාටයි දෙන්නටම නිල් තමා මැච් වෙන්නේයි කීවාය. ඉතින් ඇය මට නිල්පැහැ ගවොමක් මිලදී ගන්නට බලකල අතර එහි මිළ ගණන් ගෙවන්නට වුයෙ චානක්‍ය එවා තිබු විශේෂ නියෝජිතයාගේ අතේ වු කාඩ් පතෙනි. රුපලාවන්‍ය ශිල්පිනිය ගේ දෑසෙහි අසාමාන්‍ය අනුරාගී බවක් පැවති අතර මුහුණෙහි හරි කෑදර බවක්ද විය. ඕ ඒ සුපිරි සාප්පු සංකීර්ණයෙහි ඇති අවන්හල් ඒකකයෙහි වු අවන්හලක ඉදගෙන කන්නට බොන්නට පටන්ගත් අතර ඇගේ අසාමාන්‍ය පෙරේතකම ගැන අප පුදුමයට පත්වීමු. ඇය රුපවාහිනි නාලිකා කිහිපයක පොශ්ය දායි ආහාර සහ සුන්දර රු සපුවක් පවත්වාගෙන යන ආාකාරය පිලිබඳ වැඩසටහන් පවත්වා ගෙන යන කෙනෙකුද වුවාය.
මිනිස්සු තමන් ලෝකය ඉදිරියේ පෙන්වන හැසිරෙන ආකාරයටට වඩා කොතෙක් වෙනස් දැයි ඇත්තෙන්ම මම සිතුවෙමි. චානක්යත් මාත් පෙම්වතුන් ලෙස හුවා දක්වා අපේ ඡායාරුවකින් විශේෂාංග කලාපයක මුල් කවරය සරසා ගත් චානක්‍ය ඒ වෙනුවෙන් එහි විශේෂාංග කතෘ වරයාට තව අවුරුද්ද ක ධුර කාලය දිගුකිරිමට කටයුතු කළ බව නොරහසකි.
යුටියුබ් නාලිකාවේ වැඩසටහනේදී චානක්‍ය හැසිරුණේ ඔහු තරම් ගැහැනුන්ට ගරු කරන සහ ප්‍රේමයෙහි පාරිශුද්ධ බවින් හදවත පුරවා ගත් පිරිමියෙකු හැටියට ය. කොහොමත් ඒ මුලු වැසටහනේම ආකෘතිය වේලාසන පුරුදු පුහුණු කරගන්න ට යෙදුණු එකකි.එය වඩාත් යතාවාදි ආකාරයකට කරගන්න ට දෙතුන් දවසක් වෙහෙසෙන්නට සිදුවිය.
මේ දින කිහිපයේම සති එක හමාරකට ආසන්න කාලයක් මට එරන්ද හමු නොවුයේය. ඒ අතර පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණය ප්‍රකාශයට පත් කෙරිණි. වෙහෙසකාරි දින ගණනකින් පසු එළඹුන නිවාඩු දවසේ මම දවල් වෙනතුරු නිදා හිද එරන්ද ට කතා කරන්න ට සිතුවෙමි.
‘ඇහැරුනාද පැටිය
මම දෙඋරහිස් අකුළා ගත්තෙමි. ඒ තරමට එරන්ද ගේ කටහඩ මට දැනෙයි උණුසුම දනවයි.
‘ඔව්.. ව්ව්
චානක්‍යගෙ තැන් හතරකටම ඕඩර්ස් ඔක්කෝම 175ක් ලන්ච් පැකට්ස්..මේ ටික ඇරේන්ජ් කරල ඉවරවෙල
‘මං එනව මැණික.
ඉතින් කම්මැලිම කම්මැලි මා කළේ උරහිසින් වැටෙන අත් රහිත බැනියම් විලාසයේ සැහැල්ලු කෙටි ඇදුම ඇදගෙන ඔහෙ දිගු සෝපාවටවී යුටියුබ් නැරඹීමය. සැලකිය යුතු විව්ස් ගනනක්සහ කමෙන්ට්ස් ඇති චානක්‍ය ගේ සහ ඔහුගේ පෙම්වතිය වන ෆුඩ් බ්ලොගර්ගේ යුටියුබ් වැඩසටහනේ දිගින් දිගට වැටෙන කමෙන්ට්ස් ගැන මම පුදුමයට පත්වෙමින් සිටියෙමි.
ඕකා ට කෙල්ලො හරියන්නෙ කොහොමද බං .. ඕකා කැමති කොල්ලන්ටනෙ.
ඒ කමෙන්ට් එකකි. ඊට වැටෙමින් තියනා ලයික්ස්, කමෙන්ට් මෙන්ම ඩිස්ලයික්ස් ද එමටය. ඒ අතරෙ චානක්‍ය ගේ අංකයෙන් ඇමතුමකි.
‘බිම්මා, ඔන්න අම්මි එනව ඔයාව බලන්න
‘අම්මි? මොන අම්මිද?
‘අපෙ අම්මි.. දැන් වාහනෙන් බැහැල ලිෆ්ට් එකට ගියා.චුට්ටක් පිලිවෙලට ඉන්න. හිත රිද්දන්නෙපා. මං බැලන්ස් කරන්නං..
එපමණකි. මම වහා ඇදුම දෙස බැලීමි. යට ඇදුමක් හරියට ඇදගන්නට වත් වෙලාවක් නැත. මම වහා අත්දිග කමිසයක් උඩින් දමාගෙන කුඩා වුල් බැන්ඩ් එකකින් හිසකේ ගැටගසා ගතිමි. කරගන්නට ලැබුනේ එපමණකි. දොරෙහි සීනුව නාද විය.
සන්ධ්යාමලී සඳතැන්න.. මල්පොකුරක් වගේ ගැහැනිය ක්. ඔව් ඇය උස මහත හරි වැදගත් පාට කුලවමියකි.මගේ හොදටම කෙටි ඇදුමේ අසංවර කම මැකුවේ ඊට වැඩියෙන් දිග උඩු කමිසයයි. ඇය හිදගත් තැනට එහායින් දුරකතනය චාජරයට ගසා තිබිණි.
‘ඉන්න මං ඔයාට තේ එකක් හදන්නං
‘තේ නං පස්සේ බොන්න පුලුවන් දුව මෙහෙන් ඉදගන්නකෝ
ඇය සැරසෙන්නේ මොකක් හෝ කතාවකට මා පටලවා ගන්නටය. බොහෝවිට මේ කතාව කෙළවර විය හැක්කේ අපේ විවාහයකින් විය හැකිය.
‘චානක්‍යයි මමයි කතා කරගෙන ඉන්න විදියට ඉලෙක්ශන් එකට සති දෙකක් තියලා මං ස්විඩන් යනවා.
‘ඒකට කමක් නෑ .. ඒත් ඔයාගෙ අම්මලා එක්ක කතා කරලා රෙජිස්ට්‍රේශන් එක කරලා තිව්ව නං හොදයි නේද ඊට කලින්..
දෛාරෙහි සීනුව නාද වුයේත් දුරකතනය නාදලවෙන්නට ගත්තේත් එක් වරමය. සන්ධ්යාමලී දුරකතනය දෙස බලා සිටි අතර එරන්දගේ සරාගී සමීප පින්තුරයක් ස්ක්‍රීන් එක පුරා දැල්වෙමින් නිවෙමින් පැවතියේ ලයිෆ් කියන ඉංග්‍රීසි අකුරු හතරද සමගිනි. ඇය දොර දෙසද දුරකතනය දෙසද මාරුවෙන් මාරුවට බලද්දී මම වහා දොර විවර කළෙමි…
එරන්ද බට්න් දෙකක් ඇරි ශර්ට් එකත් කලු පබලු මාලයත් සමග මා සමග දොරත් තල්ලු කරගෙන ගෙතුලට ආවේම මගේ ඉණවටා අතක් යවා ගෙනමය. එහෙමම දොර අයිනට මා හේත්තු කරගෙන ආක්රමණකාරි විලාසයකින් දෙතොලම එකදිගට සිපගෙන සිපගෙන යමින් තිබියදී මම ඔහුගේ පිටටත් අත් දෙකෙන් ගසමින් එක් අතකින් කොණ්ඩයෙනුත් ඇද්දේ මේ අනවසර හැසිරීම නවත්වන්නැයි කියන්නටය. එයින් ඔහු වැරදි ංනවේදනයක් ලබා ගත්තේය. හැසිරීම තවත් දැඩි සහ සරාගී වෙද්දී, සන්ධ්යාමලී උගුර පාදමින් උන් තැනින් නැගී සිටියාය. ඇත්තෙන්ම ඇය නැගී සිටි බව මා දුටුවේ එරන්ද මා අතහැර සන්ධ්යාමලීව දැක පැන්ට්‍රි එක දෙසට හැරී සිදුවු දේ වටහා ගන්නට උත්සාහ කරන කාලයේය.
‘ඕහ්.. සොරි ආන්ටී..මේ..
‘නෑ නෑ ඒකට කමක් නැ.. මං චානක්‍ය එක්ක කතා කරගන්නං
ඇය වඩාත් සෞම්‍යව හැසිරෙන්නට උත්සාහ කළ අතර මම වචනයක් නොකියා සිටියෙමි. ඕ අඩුම ගණනේ විදුලි සෝපානය දෙසට හොඳ සිහියෙන් ගියාද මම නොදනිමි..
එරන්ද වතුර වීදුරුවත් රැගෙන අසුනකට බර වු අතර මම කමිසය ගලවා දමා සැහැල්ලු ඇදුම පිටින්ම ඔහු අසලට ගියෙමි. උකුලට ඇද හිදුවා ගන්නා ගමන් කෙළියනෙ පැටියො
‘ගෑනි හොදටම අවුල් වුනා..කීවේය.
‘එයා අවුල් වුනාට කමක් නෑ. අපේ කන්ට්‍රැක්ට් එකේ කොතැනක වත් නෑ මං ඔයාගෙන් අයින් වෙනවා කියලා එකක්..
‘ඒත් ඔය ගෑනි සදතැන්න ලොක්ක වගෙම තමයි ඔක්කෝම පාතාලෙ එවුනුයි කුඩු කාරයොයි තාම
හැන්ඩ්ල් කරනව.
‘අපි ඒක අමතක කරමු..
‘අමතක කරන්න නං ඊට වඩා සෑහෙන දරුණු ඇටෑක් එකක් වදින්න වෙනවා..
එතැනින් එහා සාහසික මානසික ප්‍රහාරයක් නම් අපට අතරමග නවතන්නට වූ ක්රියාදාමයේ ඉතිරි කොටස තිරගත කිරීමය.
‘මට පොඩ්ඩක් අවුල් බිම්මා.. ඒ වුනාට
‘එරන්ද කීවේ නාන කාමරයේ දිය මල යටදීය.
‘කනට ගැහුව වගෙනෙ ඒ ගෑනිගෙ
‘මොනා කරන්නද ඉතින්
‘චානක්‍ය තාම කතා කලෙවත් නැහැනෙ
‘ඒ කියන්නේ ගෑනි දැනටම ගින්න දීලා ඉන්නෙ
‘කොයි අම්මද කියන්නකො කැමති මං වගෙ කෙල්ලෙක්ව එයාගෙ ඇමති පුතාට දෙන්න..
‘
ඇත්තෙන්ම ගින්දර පත්තු වෙන්න සතියක් කල් ගතවීය. ඒ සතියේමත් මරදාන කමුබන් එකේ රාත්‍රි වැඩ අවසන් වු පසු එරන්ද සිටියේ මා සිටි නිවහනෙහිමය.
‘ඔයා ලග නැතුව නින්ද යන්නැති ගතියක් තියෙනව.මං බයයි. ඒකට.
‘මං කැමතියි
‘ආයෙ ගියාම මට නින්දත් නැති වෙන්නද ඕනෙ
‘යන්න වෙියිද ඉන්න වෙයිද මට මොනව වෙයිද මං නම් දන් නෑ
‘චානක්යව බදිනව නං මුලුමනින්ම මගෙන්. අයින් වෙල ඒක කරන්න
‘බයද? බෙල්ල දෙන්න වෙයි කියල
‘බෙල්ල.. මේකට කුඩු ටිකක් දාලා.. මාව දායි සදහට හිරේ. එහෙම නෙමෙයි.. ඔයා විඳවනවට කැමති නෑ..
‘ඒත් මට ඔයාගෙන් ඈත් වෙල ඉන්න බෑ..
‘එහෙනම් …
‘එහෙනම් .. මොකක්ද
අපි ඉස්සෙල්ල මේ තියෙන වැඩ ටික ඉවර කරගෙන ඉම්මු බිම්මා. මං හැමදාම කියනවා වගෙ මට ඇත්තටම ඕනෙ ඔයා සතුටින් ඉන්න
‘දැන් මං සතුටින් තියන්නය කියල මාව චානක්‍යට දීලා ඔයා සතුටින් ඉන්න හදනවද
‘චානක්‍ය ගාව මොනවද අඩු
‘ආදරේ..
‘මිනිහ ඔයාට ආදරෙයි
‘ගොං කතාවක් ඒක..
එරන්ද පාන්දර ම රෙස්ටොරන්ට් එකට පිටත්ව ගිය පසු මා කාර්යාලය ට යද්දී චානක්‍යද හිටි ගමන් එහි. ආවේය.
‘මෙහෙ ආරක්ෂාව අඩුයි .දැන් ඔයා මගෙ පවුලට සම්බන්ධ බව දන්නවනෙ.. අපි මීට වඩා හොද සේෆ් තැනකට යං පුලුවන් ලගම දවස කියන්න.
‘සේෆ් තැනක් කියන්නේ ?
‘ඔයාගෙ අපාට්මන්ට් එකට ඕන කෙනෙක් ට එන්න යන්න පුලුවන්
‘මගෙ අපාට්මන්ට් එකට එන්නෙ එරන්ද විතරයිනෙ
‘බිම්මා..
‘ටිකක් ඉන්නකො.. අපි දෙන්න කිසිම තැනක කතා කරගත්තද මේකෙදි
‘මායි එරන්දයි වෙන් වෙනව කියල.. ඔයාගෙයි මගෙයි මේ කතන්දර නිසා මං ඇත්තටම හැන්ගව්ට් වෙන්නෙවත් නෑනෙ එයා එක්ක
‘මං දන්නවා
‘එරන්දයි මමයි බදින්නෙ නැහැ කියනෙක වෙනයි.. ඒත් අපි වෙන්වෙනව කියනෙක මේ ප්‍රොසෙස් එකේ නෑ
හරි ඒත් මං හැම පැත්තෙන්ම හිර වෙන නිසා සහ තව ගොසිප් එකකට ඉඩ දෙන්නලඕන නැති නිසා ඔයා ට පුලුවන් ද මං අරන් දෙන ඊලග අපාට්මන්ට් එකට මාරු වෙන්න මජ ඒක ඔයාගෙ නමින්ම උනත් අරන් දෙන්නං
‘එපා.. මං ඔයාගෙන් එක දෙයක් ඉල්ලලා තියෙන්නෙ.. අන්න ඒකෙ ඇරේන්මන්ට් එකත් හරි.මට ඒක කියන්න අමතක වුනා. ඔයා පොඩ්ඩක් නර්මදා එක්ක ගිහින් ඒක බලල එනවද පර්චස් 22 ක් විතර තියෙනවා.. අලුත්ම ගෙයක්. ගේ මං දන්න මනුස්සයෙක් හදපු එඑකක්. ඉංජිනියර් කෙනෙක්මයි.
‘හරි ඒක මං බලන්නං..
චානක්‍ය ට උවමනා වූයේ සන්ධ්යාමලී සඳතැන්න ගේ කරදරයෙන් මිදෙන්නට විය යුතුය.
‘මට තේරෙන්නෙ නැහැ ඇත්තටම මෙච්චර එයාගෙ ඉස්සරහ දැකලත්
‘ඇයි එයා තාමත් මායි චානක්‍යයි බදින්න ඕනෙ කියලා හිතන්නේ ඇයි කියලා..
අපාට්මන්ට් එකෙන් අනිකට මාරුවෙන්නට බඩුමුට්ටු එකතු කරනා ගමන් මම කීවෙමි. එරන්ද සිටියේ දුරකතනයේ යමක් කිවවමින් එයට පිලිතුරු යවමින් නළල රැළි කරගෙන මහ අමුකු පීඩනයකය.
‘ඇයි
මම ඔහු අසලින් හිද ගතිමි.
‘සසඳි!
‘ඕහ්… මොනවද කියන්නේ
‘මාව මතක් වෙනවලු..
‘ඉතින්
‘ලංකාවට එන්න හදනව
‘මෙච්චර ඉක්මනට..
‘ගෙදරින් සල්ලි දෙනවලුනෙ එයා ටිකට් එකට
‘හ්ම්..
‘ඔයා නං ඕවට ලෑස්ති වෙන්න එපා එරන්ද හොදේ
‘යන්න ඕන කිව්වම යවන්න එන්න ඕනෙ කිව්වම ගෙන්නන්න
‘නෑ නෑ.. මැනික .
එරන්ද ම මට කියා තියෙන විදියට එරන්ද සසදි ගැන හිතන්නේ පවුලේ කෙනෙකු හා සමානවය. ඒත් ඒ සම්බන්ධතාව හැමවිටම මා රිදවයි. මගේ හිතේ සාමකාමි බව නැති කර දමයි.
අප වෙනත් වඩාත් සුවපහසු අපාට්මන්ට් එකකට මාරු වුයෙමු. එහිදි ආරක්ෂක අංශයෙන් ඇතුල්වීමට හැක්කේ අපගේ කැමැත්ත මෙන්ම පාස් එකකුත ඇති අයට පමණක් බව කලින්ම දැනුම දෙන ලදී.
‘මට පාස් එකක් ඕනෙ
‘ඔයාට මොකටද පාස්
‘මට නෙමෙයි එරන්දට
‘බිම්මා.. ඔතන හැමදේම සිස්ටමයිස්ඩ්. රෙකෝඩ් වෙනව. එරන්ද ගෙ කා එකේ ඉදල හැමදේම ..
ඒක මට නං අදාලම නෑ.
‘හරි මං ඔයාට දෙන්නං වෙන අපාට්මන්ට් එකක පාස් එකක්.ඒක දීලා එරන්දව ගන්න
එරන්ද එදා අලුත් අපාට්මන්ට් එකට ආවේ චානක්‍ය දී තිබුණු වෙනත් කෙනෙකුගේ නිවසක ඇතුල්වීමේ අවසරපතක් භාවිතා කරමිනි.
‘හොරෙ මිනිහෙක් වගෙ එන්න වෙලා තියෙන්නෙ දැන්
‘අපි දෙන්න කාවවත් බදින්නෙත් නැතුව ..
‘චානක්‍ය තමන්ගේ පොලිටිකල් කරියර් එක ගොඩදාගන්න මේ වෙන මහන්සිය ගැන පව් කියලා හිතෙනවා. මට..
‘ඒඇයි.
\’වැරදි තැනක වැරදි වෙලාවක ඔයා හිටිය නිසා හැමදේම වෙනස් වුණා. නැත්නම් ඇත්තටම ඔයා ඌ එක්ක ඩේට් එකකට ගිහින් නෙමෙයිනෙ බිම්මා..
අපි බැල්කනියට ගියෙමු. එය පහසු පිරිසිදු ලස්සන වෙල්යායක් ඈතින් පෙනෙන සෞන්දර්යාත්මක තැනකි.
‘දන්නවද , මං ආස තාම එහෙට. අපේ පුංචි බැල්කනි එකට.
‘ඒ අපි හිටපු තරමක් ගුලිවෙලා හිටිය තැන එතන නිසා
‘ඔයාටත් මතක් වෙනවද
‘ඔව්.. මං සමහ වෙලාවට බලනවා ඒ ළගින් යනකොට
ඔහු මෘදු ව මගෙ මුහුණ ඇගිලි තුඩු වලින් තෙතමාත්තු කළේය. මා කවදාවත් ඔහු අමතක නොකරතැයි ඔහු විශ්වාස කරන බව දැනිණි.
‘සසදි ලංකාවෙ ඉන්න දවස් ටිකේ සමහරවිට …
‘සමහරවිට මොකක්ද? මොකක්ද සමහරවිට…
‘මං එහෙම එන එක හොඳ නෑ. එයා දැනගන්නෙක හරි නෑ.. මොකද දැන් ඔයා ඉන්නෙ ඉස්සර පොෆයිල් එකෙ නෙමෙයි.. මං දැක්ක සන්ධ්යාමලි ඔයාව බලන්න හොස්පිට්ල් ආව වෙලාවෙ ගත්ත පින්තුරයක් එහෙම ශෙයා කරලා තියනව.
‘ඒ මිනිස්සු උන්ගෙ කපටිකම් වහන්න මාව හොදටම පාවිච්චි කරනව.
ඒ නිසාමයි කියන්නේ , ඡන්දයක් ඉස්සරහ අපි දෙන්නව එක්ස්පෝස් වෙන්න බෑ.. මේ කාටවත් මිනිස්සුන්ගෙ ජීවිත වල වටිනාකමක් එහෙම නං නෑ. මට බයයි බිම්මා ඔයා ගැන ඔයා දන්නව නේද මං හැමදාම නොකීවට. මේ පපුව ඔයාගෙ කියලා.
‘දන්නවා .. ඒත් ඒ පපුවට සසදි ගොඩ වෙන්න හදනවා කියනෙක.. ඒක මට දරං ඉන්න බෑ
‘මේ පපුව සසදිට දෙන් නෑ.. වෙන තැනක් සසදිට දෙන්නෙත් නෑ.. ඔයා දන්නවා ඔයා මට මොකද කලෙ කියලා.. ඔයාම මාව ඔයා ඇතුලෙ තියාගෙන මාව දරාගෙන උරාගෙන ඉන්නෙ බිම්මා…
එරන්ද එහෙම කියනා මොහොතකින් ගෙවුණේ, ඇත්තෙන්ම එරන්ද ජීවිතය දියකර එකිනෙකාගේ දෙතොල් අතර පෙරී යන නිමේශයන්මය. මම ඒ පතුල් මත හිස හොවා ගෙන ඒවා පිරිමදින්නට ආශා කළෙමි. සමහර දිගු සුසුම් ඉන් ඔහු විදගන්නා තෘප්තියේ පරාසය මට කියා දුන්නේය.
‘හෙට චානක්යලාගෙ ෆැමිලි එකේ ෆන්ක්ශන් එකක්.. ගලදාරි එකේ..
‘ලස්සනට යන්න.
‘මං එහෙම ලස්සන කෙල්ලෙක්ද ?
‘ඔයා ලෝක රු රැජින නෙමෙයි තමයි. ඒත් ඔහොම ආදරේ දෙන්න කාටද පුලුවන් . අසීමිතව ලස්සන කෙල්ලො ඉන්නවා .ලස්සන ත් තියෙන අසීමිතව හොද කෙල්ලො හොයා ගන්න හරි අමාරුයි..
‘සසදි අනිද්ද ආවාම සතියක් ඉදීවි.
‘හ්ම්
‘ඒ කාලෙ මං පොඩ්ඩක් ශේප් වෙලා ඉන්නවා
මොන මොන දේවල් තිබුණාත් මොකටද? එරන්ද තව කෙල්ලකට හිමි වෙනවා තියා ළං වෙනවා කිව්වත් ඉවසන්නේ කොහොමද ? චානක්‍ය ලාගේ පවුලේ උත්සවයේදී සැලකිය යුතු සම්මානනීය පිරිසක් සමග ගැටෙන්නට මට සිදුවිය.
‘අර ඉන්ටර්නැෂනල් ෆුඩ් ෆෙස්ට් එක කළෙ ඔයා කියලා මට චානක්‍ය කලින් කිව්වා. මට ඒක ගැන හුගාක් අය කතා කළා. ඇත්තටම ඔයාගෙ ඒ ඉන්ටර්නැෂනල් එස්පෝශ එක අපට හරිම වටිනවා.
චානක්‍යගේ මාමා කීවේය. ඔහුගේ අක්කා සහ මස්සිනා , මා දෙස බැලුවේ තුටු සිතින් නොවේ. එහෙත් චානක්‍ය ගේ අම්මා කිසිවිටෙකත් වෙනසක් නොපෙන්වා සිටියාය. ඔවුන් දිගින් දිගටම කීවේ මගේත් චානක්යගේත් විවාහය සිදු වෙන බවය. මේ පිලිබඳ මගේ අනුදැනුමකින් තොරව එළිපිට කතා කිරීම හිත යට කොතරම් අප්‍රසාදය ක් තිබුණත් මට සිදුවී තිබුණේ සිනාසෙන්න පමණකි.
චානක්‍ය ගාවින් වාඩිවී සිනාසෙන්නට, කැමරා වලට මුහුණ දෙන්නට පමණක් නොවේ.ඔහුගේ වතුර වීදුරුව ඔහු අතට දෙන්නට ඔන්න වගේ මට කිසිසේත්ම පුරුදු නැති ආකාරයේ දේවල් කරන්නටද සිදුවිණි. චානක්‍යලා හිතාමතා සේ සියලු දර්ශන සමාජගත කළේය. එහෙත් ඒ හැම අවස්ථාවකදීම කවුරු හෝ සංවිධානාත්මක පිරිසක් විසින් චානක්‍ය සඳතැන්න යනු සමකාමී පිරිමියෙකැයි හැගවෙනාකාරයේ කමෙන්ට්ස් යොාදන්නට පටන් ගත්හ.
මේ වගේ එකපිට දින දෙකක් රාත්‍රි උත්සව වලට සම්බන්ධ වු මම දවල් වී ඇහැරී ඇදටවී ඉන්නා වෙලාවක හදිසියෙ නර්මදා මා ඇමතුවාය.
‘සැපේ ඉන්නවා නේ උඹ
‘එහෙම නෑ බං
‘ඇත්තටම දැන් චානක්‍ය ව බඳින්නෙ හිත හදාගෙනද
‘හ්ම්ම්ම්ම්ම්
‘අර එරන්දගෙ කෙල්ල ලංකාවට ඇවිත් නේ
‘අප්පට සිරි! ඇවිල්ලද?
‘මං දැක්ක පික් එකක් දාගෙන තියෙනව
‘මොකක්ද
‘එරන්දත් එක්ක
‘ඈහ්!
බිම්මා,ඕ අහිසංක නැත. එහෙත් වේදනාවේ අතුල් පහරවල් ඇයව උමතුවට පත් කරන්නේය.එබැවින් එසැණින් මම එරන්ද ගේ ඉන්ස්ටා එකට ගියෙමි. එය පාලුය. කාලයකින් කිසිවක් අප්ඩේට් වී නැත. ෆේස්බුක්! ඔන්න ඒ ලොමු දැහැගැන්නෙ පින්තුරය මගේ ඇසෙහි වැදිණි.
සසදි ඇගේ ලාබාල ලස්සන මුුහුණේ හිනාවක් තවරාගෙන එරන්දගේ උරිස්සට. හේත්තුවී සිටියි. මගේ පින්තූර චානක්‍ය සමග හතරවටේ සැරිසැනෛ විදියට මට අයිතියක් කියා යමක් හොයා ගන්නට හෝ නොහැකිය. වේදනාවෙන් මුසපත්වෙන රැයක මම බැල්කනියේ වයින් වීදුරුවක් සමග තනිවුයෙමි.
දුරකතනය නාද වෙන්නට පටන් ගත්තෙ නොදන්නා අංකයකිනි.
‘හෙලොව් මැඩම්.. චානක්‍ය සදතැන්නව මැරි කරන්න ඉන්නෙ මැඩම් නේද
‘ම්ම්ම් ඔව්. ඇයි?
‘මැඩම් චානක්යව දන්නවද?
‘ඔව් එයා මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නෙ
‘මැඩම් එයාව දන්නෙ කොයි වගෙ කාලෙක ඉදලද
‘ඇයි මගෙන් ඒ වගෙ ප්‍රශ්න අහන්නෙ..
‘මැඩම් චානක්යගැන දන්නෙ බොහොම ටිකයි නේද ..ඔයාට මම විඩියෝ ක්ලිප්ස් කීපයක් එවනව. චානක්‍ය කියන්නේ ගේ කෙනෙක්. එයාට හැමදාම හිටියෙ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා. ඔයාගෙ ජීවිතේ විනාස කරගන්න එපා..
…..
‘ඔයාව මැරි කරලා ඒ පවුලෙ මිනිස්සු තමන්ගේ නම්බුව පරෙස්සම් කරගන්න හදනවා මිසක් කවදාවත්. ඔයාට සතුටින් ජීවත් වෙන්න හම්බ වෙන්නෙ නෑ.ඔය මනුස්සය එක්ක..
…..
මම දුරකතනය විසන්ධි කර දැමුවෙමි. ඔවුන් මට එවා තිබු විඩියෝ වල පැහැදිලි ව ඉතා පැහැදිලි ව චානක්‍ය ගේ මුහුණ සහ ඔවුන් ගේ විවිධාකාර හැසිරීම්. සටහන් ව පැවතිණි. ඒවා තනි ආදර වන්තයෙකු සමග හැසිරෙන දර්ශන නොවූ අතර සිය පියාගේ ධනයවිනාස කරමින් රිසිසෙ සතුටු වන පුත්‍රයෙකු පෙනෙන්නට පටන් ගත්තේය. නිරුවත් පිරිමි සිරුරු එකිනෙක ගැටෙන ඒවා ලගම කෙනෙකුට හෝ පෙන්වා කතා කරන්නේ කොහොමද?
මේ වෙනවිට මගේ අම්මා සහ අයියා ලංකාවට එන්නට දින යොදා ගෙන අවසන්ය. ඇත්තටම මොනව කරන්නද කියා මට සිතා ගන්නට නොහැකිය. මම එරන්ද ට කතා කළෙමි. මගේ අල්ලටත් පතුල්වලටත් දහදිය දමමින් තිබේ. එරන්ද දුරකතනය නොඅමතා සිටින්නේම නැත. එහෙත් එක දිගට පස් වතාවක් අමතන ලද පසුත් එය සම්බන්ධ නොවීය. පැමිණි ඇමතුම , මගේ කල්පනාවන් විකාර කරන්නට සමත් වුයේ තව පුදුමාකාර විදියකකටය.
‘ඇයි ?
‘එරන්ද?
‘එරන්ද නෑ. මං අතේ ෆෝන් එක..
‘සසදිද
‘ඔව්, ඇයි ආයෙ කතා කරන්නෙ. දැන් උඹ ලොකු අත්තක් අල්ලගනනේද ඉන්නෙ..උඹ දන්නවද …. උඹ දන්නවද බැල්ලී, උඹ ඔය සැරින් සැරෙ කෝල් කර කර ගෙන්නගෙන නිදිවදින එකෙන් මේ කොල්ලට මොකක් වෙන්න පුලුවන්ද කියලා.. උඹ ගණුදෙනු කරන සර්ප මිනිස්සු මේ කොල්ලට මොකුත් නොකර ඉදී කියලා උඹ හිතනවද?
මම දුරකතනය විසන්ධි කළෙමි.එරන්ද මගේ සසර හුරු හෙවණැල්ල නම්මංමේ කොහෙ හෝ යන කෙල්ලක් නිසා එරන්ද ව මගහැර ගන්නේ ඇයි? මම නැවත විනාඩි පහලොවකින් ඇමතුමක් ගත්තෙමි.
‘බිම්මා .. මං මේ සසදි එක්ක ටිකක් එලියෙ ඉන්නෙ. හදිස්සියක්ද
‘ඔව් . වැදගත් දෙයක්..
‘මං නංගිව ගෙදරට දාලා ඔයා එක්ක කතා කරන්න එන්නං
ඇත්තෙන්ම එරන්ද ආවේය.සසදි සමග රෑ කෑමකට එළිමහන් රෙස්ටොරන්ට් එකකට ගියබවත් ඇයව ඇරලවා මේ පැමිණි බවත් කියන්නට අවංක වූවේය. මම චකිතයෙන් මගේ දුරකතනයට පැමිණි විඩියෝ ඔහු ට පෙන් වුයෙමි.
‘හප්පට සිරි!
ඔහු මඳක් කල්පනා කරමින් සිටියේය.
‘සිරාවට මට තේරෙන් නෑ බිම්මා..මේ කවුරුහරි ලෑස්ති වෙන්නෙ චානක්‍යයට හොද මඩ පාරක් දෙන්න. හැබැයි මේ මිනිහගෙ නියම තත්වෙ මේක කියල ඔප්පු වෙනවනෙ කෙල්ල
මම තුශ්නිම්භුතව බලා සිටියෙමි.
‘මම චානක්‍යයට කතා කරන්නද
‘මොනව කතා කළත් දැන් මේවා වෙනස් කරන්න ද ? මට හිතාගන්න බැරිවුණා සන්ධ්යාමලි අපිව අරම දැකලත් ඔයායි චානක්‍යයි මැරිකරන්න ඉන්නවා කියලා එනවුන්ස් කෙරෙව්වා කිව්වාම
‘මාව බිල්ලක්ද දැන්
‘ඔයාව බිල්ලක් නං වෙන්න දෙන්නෙ නෑ මං
‘සසදි කවදද යන්නෙ..
‘සතියක් දෙකක් ඉදීවි
‘ඒ සතිය දෙක ඔයා එයා එක්ක ඉදගෙන එයාගෙ දේවල් ටික කරල දෙන්න
‘ඒත් මේ වගෙ සිටුඒශන් එකක මං කොහොමද ඔයාව අතාරිින්නෙ.
‘ඉස්සරහ කාලෙ අමාරු වෙයි..
‘ඔයාට බැරිද ඉක්මනින් ලංකාවෙන් යන්න
‘අම්මලා ලංකාවට. එන්න හදනවා..
‘අපි අම්මලාට මේ ගැන කියමු..
‘කියන්න දෙයක් නැහැ
‘ඔක්කෝම එලිපිට නටන්න වෙන්නෙ මේව එලියට ආවොත්
එරන්ද ත් මාත් දෙදෙනාම සිටියේ වෙහෙසිණි. එකිනෙකා වැලදගෙන නිදාවැටෙනවා මිස ඒ රාත්‍රිය සුන්දරව නිසසලව ගෙවී ගියේ නැත. පදුවදා වන විටද සංවිධානාත්මක ව චානක්‍යයට එරෙහි මඩ ව්‍යාපාරය ඇරඹි තිබිනි. . මිහිර පාන්දර ම දුන් දුරකතන ඇමතුමක් අපට ඒ වග කීවේය.
‘මට උඹලගෙ ඔය ජීවිත තේරෙන් නෑ බං.ඕවා තේරුම් ගන්න මගෙ මොළේ වැඩිලා මදි. ඒත් අර අරුගෙ ලීක් වෙච්ච වීඩියෝ දැක්කාම කොහොමද යකෝ බිම්මාව දෙන්නේ. ඒ වගෙ විකෘති මිනිහෙක් ව කෙල්ල ට කසාද බන්දන්න හිතන්නවත් එපා.. බිිම්මව අරන් අපි කොහෙ හරි යං.
මිහිර කීවෙ ්දුකිනි. අප දෙදෙනා සෝපාවේ එකිනෙකාට ගුලිවී කල්පනා කරමින් සිටියෙමු.
‘ඔයා චානක්‍යට කියන්න පුලුවන් ඉක්මනින් ලංකාවෙන් යන්නෝන කියලා.
උදෑසන නැවත නිවසෙන් පිටව යද්දීත් ඔහු මා බදාගෙන එහෙම කීවේය. චානක්‍ය. සොයා එන මීඩියා නිසාම ඔහුගේ දුරකතන තිබුණේ ක්රියාවිරහිතවය. අයියාගේ දුරකතන ඇමතුම ලැබුණේ ඉන්්පසුය.
‘ඔක්කෝම අතැරල ටිකට් දාන් එනව.. මෙහෙ..
ඔහු කෙලින්ම කීවේය. මම සුසුමක් අත් හළෙමි. මට අත් හැර දමා එන්නට පුලුවනි. ඒත්, එරන්ද අතැර එන්නේ කොහොමද ?
චානක්‍ය උන් හිටිගමන් අපාට්මන්ට් එකට කඩා පාත් වුවේය. කාමරයකට ඇතුල් වුයේය. දොර වසාගත්තේය. දුරකතන ක්‍රියාවිරහිතය. දොර විවර කරන්නේම නැත. මම සන්ධ්යාමලිට කතා කළෙමි.
‘ඒ පාර මොකක්ද එයා නටන නාඩගම.. ඉන්නකො මං එන්නං
ඇත්තටම නාඩගම පටන් ගත්තේ ඉන්පසුව ය. සන්ධ්යාමලී ද ඒ වේගයෙන්ම ගෙදරට ආවාය. ටකස් ටකස් අඩි තියා දොර ළගට ගොස් නැවතුණාය.
‘චානක්යා… දොර අරිනවා.. දන්නවා නේද මේ අම්මගෙ හැටි.. මිනිස්සු ගෙන්නලා දොර කඩවලා උඹව ගන්නෙ එලියට.. අරින්නයි කියන්නේ දොර..
දොර අගුල ඇතුළතින් ඇරෙන හඩ ඇසිනි.සන්ධ්යාමලී. මට දොරෙන් පිටත හිදින්නැයි අතින් සන් කර කියා ඇතුළට ගියාය. මම සෝපා එකට වී හිඳගෙන මට වු දේ ගැන කල්පනා කරමින් සිටියෙමි. අම්මාත් පුතාත් නිදන කාමරයෙන් පිටතට එනවිට මට චානක්‍යගේ රතුවු ඇස් ගැන දුක සිතුණි.
‘බිම්මාලි, කෑම මොනාහරි ඕඩ කරන්න පාක් එකෙ ඩ්‍රයිව කෙනෙක ඉන්නවා යවල ගෙන්න ගන්න.. නොකා නොබී ප්‍රශ්න විසඳන්න බැහැනෙ.
මම දුරකතනයෙන් මෙනු එකක් ඇණවුම් කරද්දී නාන කාමරයට වැදී බැහැරට ආ අසරණ චානක්‍ය තුල මෙතේකට දැක නැති අන්ත අසරණ මිනිසෙකු දුටුවෙමි. ඇත්තටම ඉතින් බිදක් හෝ ලජ්ජා බයක් ඇත්තෙකුට නම් ඒ විඩියෝ දර්ශන කෙනෙක් දකිද්දී එල්ලී මැරෙන්නට හිතීම සාමාන්‍ය දෙයකි.
‘ඔයාට තේරෙනවනෙ බිම්මා. ඒක පාටි එකක්. අවුරුදු ගාණකට කලින් කොලේජ් කාලෙ.මං දන්නෙ නෑ ඇත්තටම ඕක විඩියො කලෙ කවුද කියලාවත් .. අනිත්තෙක ඉතින් ..
ඔහුමා ලගින් හිඳ ගත්තේය. චානක්‍ය ගැන ඇත්තටම බිම්මා ට දුක සිතිණි. ඔහුට ඔහුගේ ජීවිතය විදින්නට අයිතියක් මේ පොළව මත තිබිය යුතුය. පරමාදර්ශී දේශපාලනය විසින් ඔහුට එම අයිතිය අහිමි කර තිබේ.
‘ඇත්තටම දැන් ඔයාට බෝයිිෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා ද?
මම රහසින් ඇසුවෙමි. ඔහු හිස දෙපස සැලුවේය.
‘ඇයි ඔයා මාත් එක්ක සෙට්ල් වෙන්න හැදුවෙ..
චානක්‍ය බරවී තිබු නහය සුරූස් ගා උඩට ඇද්දේය.
‘පවුලක් ඕනෙ කියලා දැනිච්ච වෙලාවල් තිබුණා. තනි හිතුණා. ඔයා හොඳ යාලුවෙක්. අනිත් එක ඔයාගෙයි එරන්දගෙයි සම්බන්ාද ඔයාලා දෙන්නා කසාද නොබැන්දත් දිගටම තියෙන බව මං දැනගෙන හිටියා. මං දන්නවා කවදාවත් මට ඔයාව ඒ වගෙ සතුටින් තියන්න බැරි බව.. ඔයා එරන්ද එක්ක සතුටින් ඉදිවි කියලා මං හිතාගන හිටියා.
යටිහිත නම්, ඇත්තෙන්ම නොසරුප් වදනක් කීවේය.
‘දෙන්නා කතා කරලා තේරුම් ගන්න එක හොදයි. දැන් චානක්‍යට එහෙම කෙනෙක් ගැන කැමැත්තක් නැහැ බිම්මාලි. දැන් මෙයා ජීවිතේ වගකීම් අරගෙන දරුවෙක් මල්ලෙක් හදාගෙන පිළිවෙලක් වෙන්නෝන. ඔයා ටිකක් චානක්‍යට උදව් කරන්න දුව. ඔයාටත් දැනුමක් තියෙනවනෙ මේ ලෝකෙ ගැන..
මම තිගැස්සී බැලුවෙමි. ඇය ඇගේ දුවට. මෙහෙම අවස්ථාව කට මුහුණ දෙන්නට සිදුවුවා නම් කොහොම හැසිරෙනු ඇත්ද?
‘කොහොමත් ඔය දෙන්නාම දන්නවා නෙ දෙන්නගෙම ජීවිත වල ප්‍රශ්න තියෙනවනෙ. බිම්මාලි, ඔයාත් මැරේජ් එකට කලින් ඔයාගෙ තියෙන අනවශ්‍ය සම්බන්ධ කම් හිතින් පවා අයින් කරලා දාන්න ඕනෙ. ඕගොල්ලන්ට මොනව අඩුද.. චානක්‍යගෙ තාත්තා හොඳට හම්බ කරල තියෙනව. මෙයා පොලිටික්ස් වලට නොආවත් අපට ඕගොල්ලන්ගෙ දරුවොන්ගෙ දරුවො වෙනුවෙන් පවා වියදම් කරන්න සල්ලි තියෙනව.
සන්ධ්යාමලී ගේ පෞරුෂය ඇත්තෙන්ම මා දුටුවේ එවෙලේය.
‘මට වැඩි කතා ඕන නෑ. ඔය දෙන්නම විකාර බහුභුත නවත්තල කසාද බදින්න ලෑස්ති වෙන්න. මම ළගම නැකත ගන්නවා දෙන්නට ගැළපෙන..
මම වහා ඇය දෙස බැලුවෙමි.
‘අයියලා එන්නෙ නැහැ කිව්වා. මට ඉක්මනින් ලංකාවෙන් එන්නත් කීවා.
සන්ධ්යාමලී සිනාසුණාය.
‘ඔව් ඔයා ටික දවසකට ලංකාවෙන් යන්න.. ඒක අපටත් හොදයි නේද පුතා. කොහොමත් ඔයා කසාද බැදලානෙ යන්නෙ. ඒක ඔයාටත් හොදයි.
චානක්‍ය, ටිකකින් නිදන කාමරයට වැදුණේය. කෙසේ වුවත් උණු කැවුම් මෙන් හුවමාරු වෙන චානක්‍ය ගේ ලීක් වීඩියෝ දර්ශන සම්බන්ධ ව පක්ෂය කිසිවක් නොකීවච වෙනත් දේශපාලන වේදිකා වල අමු අමුවේ පට්ට ගැසුණේ් හිරිකිත විදියටය. අපි රුපවාහිනි ය ක්‍රියාත්මක නොකළෙමු.
‘ආන්ටි.. මට චානක්යව මැරි කරන්න බැහැ.
සන්ධ්යාමලී මදෙස බැලු බැල්ම ගිනි පුපුරු විහිදෙන එකකි.
‘මං දන්නවා. කිසිම කෙල්ලෙක් කැමති නැහැ කියලා ඒ වගෙ සිද්ධිය ක් වෙච්ච මිනිහෙක්ව කසාද බඳින්න.ඒත් දැන් වෙන විකල්පයකුත් අපට නැහැ.. මොකද චානක්‍ය ගෙ ජීවිතය දැන් වෙනස් කියලා අපට පෙන්න්න පුලුවන් ඔයාලගෙ කසාදෙන්..
‘මගේ ජීවිතේ එහෙම කැප කරන්න ඕනෙ ඇයි දෙයියනේ …
‘ඔයා කිසිම වැරැද්දක් කරලා නෑ.. ඒත් ඔයාට මේ වෙලාවෙ පටන් ගත්ත වැඩේ මගින් ඉවර කරල පැනල දුවන්න දෙන්න බෑ..
‘ඒත් මේක ඔයාලගෙ ප්රශ්නය ක්..
‘මේක ඔයාට බලපාන විදිය මං කියන්නද …
සන්ධ්යාමලී මා ලගට තව කිට්ටු වුවාය .
‘ඔයාගෙ අර කොල්ලා ඉන්නවා නේද කිරුළපන වත්තෙ.. ඉන්නෙ.. ඔයා පණ වගෙ ආදරෙයි නේද ? එරන්ද සතුටින් කරදරයක් නැතුව ජීවත් වෙනවට කැමතියිනෙ.. එරන්ද අම්මලාට පණ වගේ ආදරෙයිත් නේද.. ඒ අම්මට කරදරයක් වුනොත් මේවා නිසා එරන්ද කවදාවත් ඔයාට සමාවක් දෙයිද.. අඩුගානෙ තමන් තමන්ටවත් සමාවක් දෙයිද..
මම පුදුමයෙන් සන්ද්යාමලී සදතැන්නගෙ සදක් වන් පැහැදිලි මුහුණ දෙස බලා සිටියෙමි. මගේ හිතට බිය කාන්දු වූයේ ඒ මොහොතේ සිටය.
‘ඒ කොල්ල අර ස්කුටි බයික් එකක ෆුඩ් ඩිලිවරි වලටත් කොළඹ වටේ යනව. මං දන්නව රෑ පාන්දර දෙකට තුනට යනවා කියල. අහිංසක කොල්ලෙක් නේද මහන්සියෙන් දියුණු වෙන්න දඟලන.. ඔයවගෙ කොල්ලෙක් පාරක මැරිල වැටිල හිටියට වුනත් කවුරුත් ගණන් ගන්නෙ නෑ.. ඒ නිසා මං කියන දේ හොදට කල්පනා කරල බලන්න. මට ඕනෙ ඔයාලගෙ කසාදෙ සිද්ද වෙන්න. ඊට පස්සේ ඔයා ඇත්තටම අවුරුදු ාදකකට විතර රට ගිහින් ඉන්න..ඒ වෙද්දි මෙහෙ ප්‍රශ්න ටික මං චානක්‍යට විසදලා දෙන්නං
මම සන්ධ්යාමලී දෙස පුදුමව බලා හිදිමි. ඇගේ මවු හදවත ඇගේ පුතු වෙනුවෙන් ඕනැම දෙයක් කරන්න ට එකඟය.
‘අනික් එක බිම්මාලි, ඔය ඉලන්දාරියා ව මෙහෙට ගෙන්න ගන්න එකත් ඔයා නවත්තන්න ඕන. මං දන්නවා මගේ පුතා අතින් ඔයාට යුතුකම් ඉශ්ට වෙන්නෙ නැති බව. ගෑනු අපිට හැගීම් නැතුව නෙමෙයි. තියෙනවා. හැබැයි ගෑනියෙක් වුනාම හිතන්නෝන දදේවල් ටිකක් තියෙනව. තමන් කවදාහරි දරුවෙක්ට අම්මා කෙනෙක් වෙනව නේ. ඒ දරුව ට කවද හරි වේස ගෑනියෙක් ගෙ දරුවෙක් කියල කතාවක් අස්සන්න ඉඩ දෙන්නෝන නැහැනෙ. තමන්ගේ හැගීම් දැනීම් සනස ගන්න එක පිලිවෙලකට කරගන්න. මං අර අපාට්මන්ට් එකේ ඉද්දිත් හොයාබලන කොට මිනිස්සු කිව්වෙ කොල්ලෙක් ගෙන්න ගන්නව කියල. ඒක ඉතින් මගෙ ඇස් දෙකටම දැක්කාන. ඔයා හිටිය රටේ ඒක එහෙම අවුලක් නොවෙන්න පුලුවන් . හැබැයි මේ ලංකාවෙ මිනිස්සු ගෑනු එහෙම ඉන්නෙ නෑ.
මම හෙමින් හුස්මක් බිමින් තිව්වෙමි. මේ කුලවත් කාන්තාව ගේ හිතේ හැටියට බැනපුදෙන්.. ඒත් මගෙ හිතේ කැරකුණේ වෙනම දෙයකි. බයකි. වේදනාවකි. එරන්ද! අනේ එරන්ද කොයිතරම් අහිංසක කොල්ලෙක්ද?
කාමර තුනක අපාට්මන්ට් එකේ තැන් තැන්වල අපි නින්දට ගොස් සිටියෙමු. එරන්ද ඩේටා ඔන් කළේ එකොලහත් පසුවු පසුය.
‘මැනික, මොකෝ දුක් මුණු එවලා
‘පාලුයි
‘ටික දවසක් ඉවසන්නකො
‘බැරිවෙයි..
මොනවද
‘ඉවසන්න
‘ඇයි?
‘අද අම්මයි පුතායි දෙන්නම මෙහෙ
‘එලියෙ ශෙයා වෙන ඒවයි අපේක්ෂකයො වේදිකාවලයි වොයිස්කට් වලයි පතුරු ගහන විදියට රෙදි නම් ඉල්ලෛ..
‘මං මොකද කරන්නෙ
‘ඔයා මොකද හිතන්නේ
‘මට තේරෙන් නැ
‘මං ගාවට එන්න.
‘එරන්ද?
‘බදින්න බෑ කිව්ව තමයි.. ඒ කිව්වෙ ආදරෙ නැතුව නෙමෙයි.. මට වඩා සල්ලි තියෙන හොද මිනිහෙක් කසාද බැදල සතුටින් රැජිණක් වගෙ ඉන්නෝන නිසා
‘ඔයා දන්නවා ද ඔය වචනෙ …
‘මං දන්නවා ඒක බරපතල කතාවක් කියලා. ඒත් මං මීන් කරල කියන්නේ .. දැන් නිදාගන්න.. මගෙ රත්තරන්. මං ළග ඉන්නවා හැම වෙලාවෙම.
ඉකිබිදුමකට පිටවෙන්නට නොදී ගිල දැමුවෙමි. සන්ධ්යාමලී ලා සුදු චරිත නොවේ. ඉතිහාසයන් පුරා තැනින් තැන ලේ ගුලිය. වේලුණු ලේ කැටිය. මත්ද්‍රව්‍ය ව්‍යාපාර වල මුදල් වංචාකිරීමි වල කලු පැල්ලම්ය. ක්‍රිකට් ක්‍රීඩකයන් යොදාගෙන තරග පාවාදීම් කරන්නට බල කළ බ්‍රෝකර් වරයෙකු යොදාගත් වරදකටද චානක්යලාගේ තාත්තාට එරෙහි චෝදනා තිබී ඇත.
එහෙවි මිනිස්සු අතරෙ මා ඉන්න ඕනෑ කොහොමද ? මට නම් කොහොම හරි සිටිය හැකිය. මට දැන් බය එරන්ද ගැනය.
‘කොහෙද යන්නෙ
පසුදා සැන්දෑවේ, ගෙදරින් එලියට බසින මා දෙස බලා සන්ධ්යාමලී උස් කටහඩින් ඇසුවාය. චානක්‍ය ලැප්ටොප් එකෙන් හිස ඔසවා අම්මාගේ හඩ ආ දෙසත් මදෙසත් බැලුවේය.
‘ඔයා යන්න..
‘මේ දවස් වල මෙයාව තනියම එපා
‘එයා පොඩි එක්කෙනෙක්. නෙමෙයි..ඔයා යන්න බිම්මා.. අම්මි එයා මං වෙනුවෙන් මේ කරන ටික හොඳටම ඇති තවත් එයාට වද දෙන්න එපා.
‘එයා දැන් නිකම් ම නිකම් බිම්මාලි නෙමෙයි චානක්‍ය සඳතැන්න ගෙ ෆියොන්සෙ..එයාට දැන් හැසිරෙන විදියක් වගකීමක් තියෙනව..
‘අම්මි, එයා එයාගෙ සීමාව දන්නවා .
‘ඔව්, තමුන් අන්න ඒක දැකගෙන හිටියා නම් ජීවිතේ මට මෙච්චර අමාරු වෙන්නෙ නැහැ…
ඒ දෙදෙනාම සිටියේ දැඩි පීඩනයකය. චානක්‍ය ගේ දින දෙකක මැතිවරණ වැඩසටහන් ඒ වෙනවිට තිබුණේ අඩමානයකය. පීඩනය සාමාන්‍ය ය. හුවමාරුව අධි සාමාන්‍ය ය. උරාගැන්මක් නැත. දරා ගැන්මක් නැත. පතුරා දැමීමක් පමණකි.
මා හිතාමතාම හිස්වැස්ම ක් ඇති ටී ශර්ට් එකක් ඇන්දේ කිසිවෙකු ට හඳුනා නොගන්නටය. එරන්ද ත් ආවේ රියෙන් නොවේ.ස්කුටියෙනි.කලබල තැනක, පහසුකම් අඩු මිතුරෙකුගේ කුඩා බෝඩින් කාමරයක දොර අරිද්දී එ් මුහුණ රැළිවී පුංචිවී තිබිණි.
‘වාඩිවෙන්නකෝ
‘ඊට කලින් මට හග් එකක් ඕනෙ
‘ඇත්තෙන්ම මා සිටියේ වැලඳගැන්මක හිඟයකිනි. එරන්ද මා තදින් අල්ලා දෑසටම එබුණේය.
‘දැන් මං ඔයාව එක්කං ඕන තැනකට යන්න ලෑස්ති..
මේතරම් ආදරයක් ලැබෙන දවසක් වෙනුවෙන් මා කොතෙක් කල් බලා ඉන්නට ඇත්ද? ඒත්, මේ අහිංසක ඇස් දෙකට කඳුලු තියන්නට හැතිරියක් බලා ඉන්නා බව කියන්නේ කොහොමද ?
‘’පැනල යන්නද?
‘ටිකට් දාගන්න.. මං එක්ක යන්නං.. එයාපෝට්..
‘අහන්න කො .. මේක එහෙම ප්රශ්නය ක් නෙමෙයි..අපි මේ ඩීල් කරන්නේ හොඳ මිනිස්සු එක්ක නෙමෙයි..මං යන්න ගියත්..උන් දන්නවා මගෙ මුළු ජීවිතේම රිද්දන්න ඕනෙ තැන..
‘මේ රටේ නීතියක් තියෙනවනෙ.
‘මේ රටෙ නීති තියෙනව. හැබැයි නැමෙනව.ක්‍රියාත්මක වෙන්නෙ එක එක්කෙනෙක් ට එක එක විදියට ..
එරන්ද මා සිපගත්තේ ආදරයෙනි. රැළි වැටුණු ඇඳරෙදි ඇති කුඩා ඇඳෙහි ඉඳගෙන සුසුමක් හෙලා මදෙස බැලුවේ ය.
‘කොහොමත් අපි කවුරුත් දවසක මැරෙනවා. මැරෙන්න බයවෙලා ජීවත් වෙලා වැඩක් නැහැ.. මොනම හේතුව ක් නිසාවත් ඔයා එරන්ද ව කසාද බදින්න නං බැහැ බිම්මා.. ඒක නම් වෙන්න බැහැ..
මම සුසුමක් නොහෙලා සඟවමි. මට ඕනැම වෙලාවක යා හැකිය. සන්ධ්යාමලි ගේ තර්ජන ගැන පැමිණිලි කරන්නටද හැකි. පළිගන්නේ මගෙන් නම් එයද දරා සිටිය හැකිය.
මම එරන්ද ට තුරුල් වෙමි. ජීවිතය ඉතිරිව ඇත්තටම ඇත්තේ ඔහු තුලම බව මට මටම ප්රත්යක්ෂ කර ගගැනීමට උවමනාය. ඉතිරි හැමදේටම මුහුණ දෙන්නට නම් ජීවිතය පවත්වා ගත යුතුය.
තැනින් තැන කැඩී ගිය කොහු සහිත මෙට්ටයක් මත වුනත් ඇඳ රෙදි ලිහී වැටී ගිය සිමෙන්ති කැඩුණු බිමක උනත් ජීවිතය පවත්වා ගත යුතුය. වෙනදාට එරන්ද ආදරයත් ජීවිතය ත් බද්ධ කරන අරුමැසිය පහදා දුන්නත් මම එදා එහි ස්වප්නය මායාවේ උරුමය අයිති කර ගත්තෙමි.
‘අපි කවදාවත් වෙන් වෙන්නෑ .. අපට එහෙම වෙන් වෙන්න බෑ. හැමදේම හොඳම විදියට මං විසඳන්නම්.. පොරොන්දු වෙන්න මාව විශ්වාස කරන්න..
‘ඔයා හොඳට මොළේ කල්පනා කරන බව මම දන්නවා..ඒත් ඔයාට බිල්ලක් වෙන්න දෙන්න බෑ බිම්මා.
ඔයා මගෙ කෙල්ල..
‘මං හැමදාම ත් ඔයාගෙ.. ඔයා මාව ඔයාගෙ කරගන්න අකමැති වෙලා ඉද්දි පවා මං ඔයාගෙයි. මංමේ ප්‍රශ්නෙ විසදන්නම් කාවවත් තරහ කරගන්නැතුව.
මා එරන්ද ව එදා ඒ මොහොතේ සිපගනිද්දී අප ආයේ කවදා. කොතැන හමුවේදැයි අවිනිශ්චිත බවකින් හදවත පිරී ගියේය. එනිසාම, ඒ බය නිසාම වෙනදාටත් වඩා වෙලාවක් මම ඒ හයිය උරහිස් බදා ගෙන පිරුණ පපුවේ වෙළී සිටියෙමි.
ආයේ අපාට්මන්ට් එකට එනවිට, පිවිසුම් දොරටුව ආසන්නය්ම ප්‍රභු ආරක්ෂකයින් සිටිනු දුටිමි. අනිවාර්යයෙන් චානක්‍ය හමුවෙන්නට කිසිවෙකු හෝ පැමිණ ඇති. අනුමානය නිවැරදිය. මට අවසර ලැබුණේද චානක්‍ය දුරකතනයෙන් අමතා දැන්වු පසුය. චානක්‍යගේ පක්ෂයේ නායක තුමාම එහි වාඩිවී සිටියේය.
‘මේ චානක්‍ය බඳින්න ඉන්න දුව
මම සිනා පෑවෙමි. වෙන්න ඉන්නා නැන්දණිය උරහිස මතින් අත තියා මා හඳුන්වා දුන්නා පමණක් නොවේ.අත උවමනාවට වඩා තදකර ඔහුට වඳින්න මෙන් ඇහි බෝල පහත් කර පෙන්වුවාය. තක්කඩි කමේ උල්පතක් බඳු වංචාකාර කපටි දේශපාලකයෙකු පාමුල වැඳ වැටෙන්නට කොහොමටවත්ම බංකොළොත් නැති මගේ ආත්ම ගෞරවයේ කරටිය එහෙම්මම තියා ගනිමින් මම ඔහුට දෑත් එකතු කර ආයුබෝවන් කීවෙමි. තියෙනා හොඳම මන්දහාසය පැළැන්දෙමි.
‘දුව, අද හවස තියෙන අපේ මැතිවරණ රැළියට ඔයා චානක්‍ය එක්ක එන්න. ඉතිහාසෙ කොච්චර වැරදිි අඩුපාඩු අපේ අතින් වෙලා තියෙනවාද. තමන්ගේ බෝයිෆේරන්ඩ්ගෙ ජීවිතේ අමාරුම වෙලාවකත් අත නෑර ඉන්නවා කියන්නේ ඒක තමයි මනුස්සයෙක් ට දෙන්න පුළුවන් ඇත්තම ආදරේ..
මම හිස වනා සිනහ වීමි යටිහිත නම් දගලයි කැළතෙයි. කොක්හඩලා සිනාවෙන්නට එපා දැයි බිම්මාගෙන් විමසයි. චානක්‍ය හොර බළල් තඩියෙක් වගේ මදෙස බලයි. මම ඔහුටද ඇස් වලින් නිවෙන්නැයි අගවා සිටිමි. මාත් චානක්යත් මේ වෙලාවේ සිටිය යුතු විලාසය මට වැටහෙමින් තියේ.
‘වෙලාවකට මට හිතෙන දෙයක් කියන්නද?
ඔවුන් නික්ම ගියායින් පසු සාලය මැද වාඩිවී සුදු සපත්තුවේ ගෑවුණු මඩ ටිකක් පිසදමනා අතර මම චානක්යගෙන් ඇසුවෙමි. නැන්දම්මා, සන්ධ්යාමලී විවෘත පැන්ට්‍රි අවකාශයේ කිසිවක් පිසිමින් සිටියි. මගේ කතාව ඇසී කර ඔසවා බලන්නීය.
‘මේ ඔක්කෝම පිටිපස්සෙ ඉන්නෙ, ඔන්න ඔය මිනිහායි මිහිහගෙ හැලිවඳුරු කල්ලියයි.. ඔයා ආණ්ඩු පක්ෂෙ ඉද්දි ප්‍රොටෙස්ට් කරල කෙළවන්න හැදුව. පස්සේ ඔයායි සෙට් එකකුයි බිලී බාගෙන කොහොම හරි පාර්ලිමේන්තුව විසිරුවා ගත්තා. දැන්.. ඔයාට මේ විදියට නෙගටිව් මාකටින් වලින් ගහනව.
සන්ධ්යාමලී ආවේශ වූවාය.
‘බිම්මාලී, ඔයා නොදන්න දේවල් කතා කරන්න එපා. චානක්‍යගෙ ඔලුුව අවුල් කරල තව ඩිපේරස් කරන්න එපා. දෙන්නම හවස රැළියට යන්න ලෑස්ති වෙන්න. මමත් එනවා. තාත්තා ඉන්න කාලෙ පක්ෂෙ කාන්තා කටයුතු හැම එකම මෙහෙයෙව්වෙ මම. මට ඔය ස්ටේජ් එකට නගින්න ඔය කාටත් වඩා සුදුසුකම් තියෙනව. අද ඔය නායක තුමා ආවෙත් චානක්‍යට වඩා මට කතා කරන්න . වෙච්ච දේ ගැන වොරි වෙනවා කියලා.
‘ඒක නං වෙන්නම ඇති.
කීවේ මා නොවේ හිතය. සන්ධ්යාමලී පහුගිය දිනෙක මගෙ අතේ කරේ ඉණේ පපුවේ මිමි අරගෙන ගියේ සාරි හැට්ට දෙක තුනක් මස්සවා තියන්නට උවමනා බව කියාය. මා අසා තියෙනා විදියට සදතැන්න අමාත්‍යවරයා දේශපාලනයට එන්නට පෙ පෙම්වතියව සිටිනා කාලයේ ඕ ගෙදර මැහුම් ගෙතුම් ඉවුම් පිහුම් කේක් පන්ති එම්බ්‍රොයිඩර් පන්ති යන යමක් කමක් ඇති පවුලක සියුමැලි සුලලිත දියණියකව සිටියාලු. අන්න ඒ මිමි අනුව මසන ලද ක්‍රමවත් විධිමත් ඔසරියක් ඇය මගේ කාමරයට ගෙන ආවේ ඉන්පසුවය. ඒ සවසරැළියට යනවිට ඇඳගෙන යන්නටය.
අපේ ෆුඩ් ෆෙස්ටිවල් එකේ මාඇඳි නවීන පන්නයේ ඔසරිය මෙන් මෙහි ඇග විවෘත
වන කිසිම තැනක් නැත. සම්පුර්ණයෙන් සදාචාරාත්මක ය. ඒත් මා යන්නේ චානක්‍යගේ අසම්මත ජීවිතයට වැදෙන ගල්මුල් කඩු පහරවල් වලකන පලිහ හැටටියටය. මෙ සංස්කෘතිය කොයිතරම් විහිලු සපයනවාද?
අධි ආරක්ෂිත කලාපයකින් අප සහිත රිය අදාල රැළිය පැවැත්වෙන ඉසව්වට ගමන් කළේය.චකිතයෙන් සිටිනා චානක්‍ය ගේ අතින් අල්ලන්නට මට ඇත්තටම හිතුණේ ඔහු ගැන ඇතිවු අනුකම්පාව හින්දාමය. පෙම්වතෙක් හෝ අනාගත ස්වාමි පුරුෂයෙක් වගේ හැගීමක් නොවේ. චානක්‍ය ඇතුළත අඩා වැටෙනා අසම්මත හදවතක් ගැහෙනු මට පෙනිණි. මා වඩා ගනිමින් සිටියේ අන්න ඒ හෘද පොඩිත්තයි. චානක්‍ය මදෙස බැලුවේය.
“හැමදේම හරියනවා.
ඔහු හිස සැලුවේය. ඇත්තෙන්ම ඒ මහා දේශපාලන වේදිකාව මතට නගිද්දී ත් චානක්‍ය සිටියේ මගේ සුලැගිල්ලක් අල්ලා ගෙනමය. ඔහු රැස්ව සිටි ජනතාව දෙසට හැරෙන්නට ඉස්සරත් මදෙස බැලුවේය. සන්ධයාමළී ඉස්සරවී චානක්‍යගේ දකුණත දෙසින් සිට ගත්තාය. ඔවුන් වේදිකාවේ සිට ජනකායට ආයුබෝවන් කීහ. වේදිකාව දෙපස මහ තිරවල ජනතාව කොඩි වනමින් ඔවුන් පිළිගන්නා බව ඇගවුහ.
කොතැන හෝ සිට එරන්ද බලා ඉන්නවා ඇත්ද? උදේ ඔහු ළග පුස් පැටියෙක් වගේ ගුලිවී ආදරෙන් සිටි කුඩා කෙල්ල මේ සා විශාල වේදිකාවක මේ මිනිසාගේ අනාගත බිරිඳ ලෙස පෙනී සිටිනවා දැක පුදුම වෙනවා ඇත්ද? ජීවිතයේ හැමදේම කරන්න ට සිදුවෙන්නේ තමන් වෙනුවෙන් පමණක් නොවන බව එරන්ද කවදා හෝ තේරුම් ගනීවි යැයි මම සිතමි.
ඇත්තෙන්ම එතැනින් ඔබ්බට බිම්මාට රිදී හැන්දද එරන්ද ද මග හැරෙන තරමට කාර්යන්හි නියැළෙන්න සිදුවිය. එරන්ද සිටියේම අමනාපයෙනි. ඔහු දිගින් දිගට මට පණිවුඩ එවුවේය. එක දවසක, කේන්තියෙන් බැනවැදී වොයිස් රෙකෝඩින් ද එවුවේය.
උඹ මට ඔහොම කරනවා නම් මං සසදි එක්ක යනවායි එහි කියා තිබිණි. මට හොදටෝම රිදුණි.එදා හුගාක් කාලයකට පසු ගල්ව තිබු කඳුළු ද දියවිණි.
නැන්දම්මා සන්ධ්යාමලී, ඒ වෙද්දී කියා හිටියේ බිම්මාලි ගේ හැසිරීම් යහපත් අතට හැරුණ හින්දා නොවේ නම් අර මරදානේ තියෙන ඔයාගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ගේ කෑම කඩේ වුනත් ගෑස් කාන්දුවක් හේතුවෙන් සම්පුර්ණයෙන් ම ගිනිබත් වෙන්නට ඉඩ තිබුණු බවය. එරන්දට ජීවිතේට බලාපොරොත්තු දුන් කමුබන් රෙස්ටොරන්ට් එකට ඒ හීන වලට විනාශ වෙන්නට දෙන්නට නොහැකිය.
එක්තරා දවසක, එරන්ද ගේ ෆේස්බුක් පිටුවෙහි ඔහුත් සසදිත් එක්ව ඉන්නා ඡායාරුප රාශියක් පළවිණි. නර්මදා මට කතා කළාය.
‘උඹට දුක නැද්ද?
‘එයා මොනවද හිතන්නේ කියල මං දන් නැහැ නර්මදා.
‘එයා එහෙම කරන එක වැරදියි. මොනව හිතුවත්..
‘එයා කරන දේ හරි වැරැදි දකින්න මට බෑ.
‘ඔයා ඉන්නෙ ශෙඩුල් එකකනෙ බිම්මා.
‘එයා දන්නෙ ටිකයි.
‘ඒත් එරන්ද ට ඔයාව විශ්වාස කරන්න පුලුවන් ..
‘බැරැව ඇති.තරහ ඇති..මට ඉතින් ඒ දෙන්නට ඒ දෙන්නගෙ පාඩුවෙ ඉන්න ඉඩ දෙන්න සිද්ධ වෙනව දැන්..
එදායින් පසු, හැම රෑම ගෙවුණේ එකම විදියටය. එරන්දගෙ ලස්සන මං ආස කම්මුල් පුරා ඇති රැවුල ටිකක් කොට වෙන්න කපා ඇති සුදු නෙලුම් ඇස් වලින් බලා හිනාවෙන පින්තුරයකින් මගේ දුරකතනයේ වෝල් පේපර් එක සදහටම පිරී ගියේය. මට රාත්‍රින් වල ඉණ වටා තද වුණු ඒ අත් නොමැති පාළුව දැනිණි. ගෙළ පුරා දැවටුන සියුම් රැවුල් කටු වල ස්පර්ශ නැති පාළුව දැනිණි. ළයට ද ළමැදටද උකුළට ද සියොළගටමද ඔහු ගේ පිරිමි සිරුරෙහි බර නොදැනීමේ පාළුව දැනිණි. එහෙත් එරන්ද මගේ සියළුම සමාජ ජාලා ගිණුම් , වට්සැප් , වයිබර් ඉමෝ ටෙලිග්‍රැම් ෆේස්ටයිම් එකි මෙකී හැම සම්බන්ධතාවකින්ම මාව බ්ලොක් කර අතහැර දැමුවේය. ඒ හැමදේම ට හේතුව වූයේ මා ඔහු කිව් දේ නොඅසා චානක්‍ය සමග එකදිගට ම සම්බන්ධ වී සිටීමය.
සන්ධ්යාමලී සතුටින් මා චානක්යව ආරක්ෂා කරන විදියත් ඔහු දිනෙන් දින උපයා ගන්නා ඡන්ද කොටසත් පිලිබඳ අවධානයෙන් සිටිනු පෙනිණි. බිම්මා වගෙ කෙල්ලෙක් හොයන පිරිමි බොහොමයක් ෆේස්බුක් අවකාශයේ චානක්යගේත් මගේත් පින්තූර ශෙයා කරනු පෙනිණි. පිරිමි ඕනෑම වලත්ත කමක් කර ගෙදර ආවාම ඔහුව කිරෙන් නහවා ගෙට ගැනීමත් යහන් ගතවී උගේ ළමයින් වදා රැකබලා ගැන්මත් ඔවුන් අදහස් කරන්නට ඇත. සම්ප්‍රදායික ලාංකික ගැහැනු කුලකය එයින් ස්වයං වින්දනයක් ලබමින් සිටියත් මා සිටියේ ඊට එහා තැනකය.
‘මම ලංකාවෙන් යන්නෝන.
මම චානක්‍යට කීවේ ඡන්දයට කෙටිම කලක් තියාය.
‘ගේ වැඩ ඉවරයි බිම්මා. මං සනාතන මාමට කිව්වා ඔයාව එක්ක ගිහින් පෙන්නලා ඔයාට යතුර දෙන්න කියලා.
බිම්මා බලා සිටින්නට ඇත්තේ පොරොන්දුව හමාර කරන තෙක්ය කියා ඔහු සිතන්නට ඇත.
‘කසාද බදින්නෙ නැතුව ලංකාවෙන් යන්න දෙන්න එපා මෙයාට.
‘පිස්සුද අම්මි.මේ ළමයට තවත් වද දෙන්න එපා..
චානක්‍ය එදා මා ආරක්ෂා කරන්නට පෙරට ආවේය.
‘ඔයා ගියාම මට පාලුයි. හැබැයි ඔයා මං වෙනුවෙන් කරපු දේවල් නං මට කවදාවත් අමතක කරන්න බැහැ බිම්මා. මං වෙනුවෙන් ඔයා නැති කරගත්තෙ ඔයාගෙ ජීවිතේමබව මම දන්නවා. සමහර දවස් වල ඔයා බැල්කනියට වෙලා තනියම අඩනවා. මට ඕනෙ වෙලා තිබුණා ඔයා ගාවට වෙලා වාඩිවෙලා හරි ඉන්න. ඒත් මං ආයෙ හිතනවා මං ඒකට සුදුසුද කියලා..
‘ඒකට කමක් නෑ චානක්‍ය. අඩුම ගාණෙ එරන්ද මං කවුද කියලා තේරුම් ගත්තා නං හරි මට ඒ ඇති. ඒත් එයා මාව ඒ තරමින් වත් තේරුම් ගත්තෙ නැද්ද කියලා හිතනවා.
‘මං එරන්දට කතා කරන්නද
‘එපා
‘ඇයි බිම්මා
‘එයා සසදි එක්ක සෙට්ල් වුනා නං. මං කියන්නේ අර පින්තූර වල තිබුණු විදියට.. ඒ දෙන්න මැද්දට මං දෙවෙනි වතාවටත් යන්න ඕන නැහැ කියල මං හිතනව. මට මගේ ජීවිතේ ඉස්සරහ ට අරන් යන්න පුලුවන් ..
‘මං ඔයාට කවදටත් ඉන්නවා බිම්මා.. යාලුවෙක් විදියට .. ඔයා කැමති දුරකින් මාව තියා ගන්න ඔයාට පුලුවන් ..
කසාදයක් නොවේ ගිවිසුමක් වු කටුඔටුන්නක් ආයේ චානක්‍ය සඳතැන්නටම පවරා කටුනායක ගුවන් තොටුපලෙන් මම රට හැර නැවත ආවෙමි. මහ මැතිවරණයෙන් පසු එළඹිය හැකිව තිබු පශ්චාත් මැතිවරණ සමයක ලංකාවේ දේශපාලන හැසිරීම වඩාත් මජර සහ කාලකන්නි එකකැයි භාවිතයක් පැවති නිසා චානක්‍ය මා තවදුරටත් ලංකාවේ රඳවා ගැන්මට උත්සාහ කළේ නැත.
එරන්ද ගේ සහ මගේ වෙන්වීම සාධාරණීකරණය කරන්න ට මට හේතු සොයා ගැන්ම අසීරුද? නැත්නම් පහසුවෙන් වරද මා දෙසට හරවා ගෙන පාඩුවෙ ඉන්නවා ද? ඇත්තටම මා ඔය දෙකම කරන්න ට පෙළඹුණේ නැත. එය සිතට පහසුය. බලාපොරොත්තු පමණක් ඉතිරිය. ඒත් කවදා හෝ එරන්ද කාගෙන්වත් උදුරා මගේ කරගන්න ට නොවේ.. මියෙන්නට පෙර එක් වතාවක් ඔහු දකින්නටය. දැක බදා ගෙන මොහොතකට විඳින්නටය.
රටින්පිටවෙන්නට පෙර මම මිහිරත් සුදු නංගීත් සිගිත් ජානුත් දැක , කතා කර ආවෙමි. අප කිසිවිටෙකත් එරන්ද ගැන කතා නොකළෙමු. ඔවුන් ඒ ගැන කතා නොකළ අතර අචලට ගෙන යන්නට යම් යම් දේ පාර්සල් කර දුන්නා පමණකි. චානක්‍ය ගේත් මගේත් ගිවිසුමේ අවසානය, පර්චස් විසි දෙකක බිමක හුරුබුහුටි නිවසක ඔප්පුවක මුහුණුවරින් ආවේ මා නමට උනත් මම එහි යතුරු ත් ලිපිනයත් කුඩා සටහනකුත් ලියා එරන්දගේ නමට තෑගි පෙට්ටියක දමා වසා සුදු නංගී අතට දුන්නේ එය එරන්ද අතටම දෙන්නටය.
ඉන්දියන් සාගර මායිමෙන් ගුවන් යානය ඉහළට එසවෙද්දීත් මම ඇස් තදින් පියාගෙන ඒ මුහුණ සිහි කළෙමි.. ඒ ඇස්.. ඒ කොපුල්.. රෝස සිනිදු අත්… ආදරණීය දෙතොල්.. හැමදේම හැමදාම එරන්දම මගෙ සිහින වල හිඳිනු ඇත. කවදාක හරි දැවෙන්නට ඕනෑ බොරැල්ලේ යයි සිතුවෙමි. එවිට දුමක් වී ඔහු හිදින අහසකට මුසුව යනු ඇත.
. ෴෴෴෴෴෴෴෴
දෙවසරකට පසුව…..
ඒ දෙවසර ඇතුළත මට පෝල් විවිධාකාර ව්‍යාපෘති භාරදුන් අතර ඉන්පසු එයින් හෙම්බත් වීද මන්දා කාර්යාලයෙහි අධ්යක්ෂ ධුරයකට මාව උසස් කිරීමට කටයුතු කළේය. ශෙයිලාත් අචලත් මේ කාලයේ ප්‍රීතිමත් පෙම් යුවලක්ව සිටි අතර කමුබන් රෙස්ටොරන්ට් එක කුඩාවට වුනත් පිළිවෙලකට පවත්වා ගන්නට ඇක්සෙල් ඇන්ඩර්ස් මහත්මයාට තිබි අවංක කැමැත්තත් අචලගේ කැප වීමත් හේතුවිය.
එහි අධ්‍යාපනය ලබමින් සිටින ශිෂ්‍යයන්ට අමතර රැකියාද සපයන්නටත් ශ්‍රී ලාංකික ආහාර පානම නොවුනත් කෙසේ හෝ ඒ රසට ආහාර සපයන්නත් උත්සාහ කළෙමු. මම මල් පිරී ගිය බැල්කනියක් සහිත හුදකලා කාමරයකට මාරුවුවෙමි. මගේ දුරකතනයට එරන්ද ගේ සමීපම සමීප ඡායාරුපයක් පසුබිමින් යොදාගතිමි. හැම විටම මට ඔහු පෙනිණි.
දවසක සවනස අචලද මාද රෙස්ටොරන්ටි් එකෙහි වැඩ කරමින් සිටියෙමු. විවේක වෙලාවක එහි යෑමට මම කැමති වී සිටියෙමි. අචල සමග කතා කරමින් සිටින වෙලාවල එරන්ද ගේ මතකයන් අවුස්සා රිදවා ගැනීම මට සතුටක් ව පැවතිණි.
‘එරන්ද සතුටින් ද ඉන්නෙ අචල
‘ඒ පිස්සු හු..න්නා මොන මුඩ් වල ඉන්නවා ද මං දන්නෙ නැහැ බිම්මා.. ඔයාටයි ඌටයි ලස්සන ට ඉන්න තිබුණා..අන්තිමේ ඔයා ව අර කොහෙවත් යන පරයෙක්ට බන්දල දීල පැත්තකට වෙන්නනෙ හැදුවෙ..
‘මටවත් හිතාගන්න බැරිවුනා චානක්‍ය ගේ කිව්වම
අචල හයියෙන් සිනාසුණේය.
\’ඔයා තමයි ඉතින් දැනගන්න ඕන
‘මං දන්නෑ . මං ඒ මිනිහගෙ ප්‍රිවසි හාරාවුස්සන්න ගියෙ නැහැ
‘කොල්ලො කියනවා ඉතින් එහෙමයි කියලා. මිනිහට ඕන වෙන්න ඇති එහෙම නෑ කියලා පෙන්නන්න. ලංකාව වගෙ රටක සමලිංගිකයි කියනෙක සමාජගත කරන්න බැහැනෙ බිම්මා. මිනිහට හොද දේශපාලන හැකියවකුයි අනාගතේකුයි තියනවා. ඒත් මිනිහගෙ ජීවිතේ අදුරු පැත්තකුත් තියෙනවා.
මම සුසුමක් හෙළුවෙමි.
‘සමහර වෙලාවට බිම්මා අපේ ඇත්තම කැමැත්ත අපට හරි අවස්ථාව එනකම් හම්බ වෙන්නෙ නෑ. ඔයාගෙ හිතේ ාමානවද ඇත්තටම තිායන්නෙ ඇත්තටම ඔයා මොනවයින්ද වැඩියෙන් ම සතුටු වෙන්නෙ වගේ ඒවා. ඒවා අඅදුනගනිද්දි අපි අපේ සමාජ තත්ව වල වෙනස් තල වල ඉන්නවා වෙන්න පුලුවන් .එතකොට තමන්ගෙ ඩිසයර්ස් නුයි තමන්ගේ පවතින දේවලුයි අතරෙ ඝට්ටනයක් ඇති වෙන්න පුලුවන් . සදාකාලෙටම අතෘප්තිමත්ව ජීවත් වෙන්න සිද්ද වෙනව වෙන්න පුලුවන්
‘මං ඇත්තටම චානක්‍ය ගෙ ඒ ජීවිතේ ගැන දන්නෙ නෑ අචල. මං කවදාවත් අහලත් නෑ.එයා අපි ඔය කිසිම දෙයක් වෙන්න කලින් කතාබහ කරන වෙලාවක කියුබන් ගෑනු ළමයෙක් ගැන කියලා තිබුණා. එච්චරයි .
‘දැන් ඉතින් ඒ ඔක්කෝම ඉවරයිනෙ
‘ඇත්තටම එරන්ද මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ
‘ඇත්තටම හිතාගන්න බැහැ බිම්මා… බබා නංගි නම් තවම ඌට කතා කරනවා.එහෙ එන්න කියනවා. මූ යන්න බැහැ කියනවා.
කටුවකි. නැත කටු කිනිත්තකි. පපුවෙ තැනින් තැන ඇනි ඇනි වද දෙන්නට පටන් ගත්තේය. එරන්ද සසදි සමග ලංකාවෙන් යන්නටම යාවිද?
‘මාත් එක්ක කතා කරන්නෙම නැහැ.. මාව බ්ලොක් කරලා
‘හිතටත් අමාරුයිනෙ බිම්මා.. ඔයාට වෙච්ච දේට. ඌමනෙ ඔයාගෙ හිත හැදුවෙ. චානක්‍යයට උදව් කරමු කිය කිය.
‘චානක්යගෙන් මට වැරැද්දක් වුනා කියලා මං හිතන්නේ නෑ අචල. එයා ඉතින් කරන්න දන්නෙ එයාගෙ අතේ තියෙන වෙපන්ස් ටිකෙන් හතර වටෙන් එන ප්‍රශ්න ටිකට ෆයිට් කරල බේරෙන්න. එයා මාව පාවිච්චි කළෙත් වෙපන් එකක් විදියට. හැබැයි එයාගෙ අම්මා මාව පාවිච්චි කළ විදියට නං මං කැමති නෑහ්.
‘ගොඩක් සල්ලිකාර අම්මල බලන්නෙ තමන්ගේ ස්පොයිල් වෙලා නන්නත්තාර වෙලා රට්ටු කතා හදන පුතන්ඩියව පාඩුවෙ ඉන්න කෙල්ලෙක්ව අල්ලල බන්දල දෙන්න.. එතනින් එහාට එක්කො ඒ කෙල්ල අර ඉලන්දාරියව හදාගන්නෝන.එහෙම නැත්නම් ඌ නිසා සදා අනාත වෙන්නෝන. නැන්දම්මල හිතන් ඉන්නෙ උන් ට හදාගන්න බැරිවෙන උන්ගෙ මහ ලොකු පුත්තු හදන්න රටේ ඉන්න කෙල්ලෙක් බිලි වෙන්නෝන කියලනෙ.
මම එදා සවස වෙලාව බලාාගනම හිඳ කමුබන් රෙස්ටොරන්ට් එකෙහි රැහැන් දුරකතනය ඇමතුවෙමි. ආමන්ත්‍රණය ම වෙනස්ය. හුරු මෘදු හඩ නොවේය. අපේක්ෂා භංගත්වයට මේ දවස් වල කළ හැකි අපමණක් දේ වෙත්. මා කරන්නේ දන්නා උප්පරවැට්ටි දමා මාවම රවට්ටා ගැනීමය.
‘එරන්ද ….. නැද්ද
‘සර් දැන් මරදානෙ නෑනෙ මැඩම්.. කටුනායක ඉන්නෙ
ඊලග ඇමතුම කටුනායක කමුබන් එකටය.
‘එරන්ද …. නැද්ද
‘සර් දැන් රෙස්ටොරන්ට් එනවා නම් අඩුනෙ මිස්
එහෙන් පිළිතුරු ලැබුණේ එහෙමය. මට පණිවුඩය ක් තියන්නත් සිතිණි. මාත් එරන්දත් වෙන්වූයේ මන්දැයි මට පැහැදිලි නැත. එහිදී චානක්‍යගේ අම්මා එරන්ද ට මා අත් හරින්නැයි කළ සමහර බලපෑම් ව්‍යාකූල වුත් හැගීම්බරවූත් ඒවා බව මම ම දනිමි. අනික් අතට මගේ පැත්තෙන් එරන්ද මා සමග විවාහ වීමට අකමැති වීම නිසා ඇති වූ ස්වයං අසරණකමත් ආත්මානුකම්පාවත් මගේ ගැහැනු ඊගෝවත් හේතු වී තියෙන්නට ඇත. ජාන් එරන්ද නොවීමෙන් ඇතිවු හිස් බවද තෝන්තුවක් වාගේ හිස පුර භ්‍රමණය වෙමින් පැවතිණි.
‘එයා දැන් කමුබන් එකෙන් අයින් වෙලාමද ඉන්නෙ..
මා ඇසුවේ අචල දෙස යටැසින් බලා ගෙනය. ඔහු සිටියේ ලැප්ටොප් එකේ කිසිවක් ටයිප් කරමිනි.මා සිටියේ ඔහු ඉදිරිපස අසුනේ වූ කඩදාසි බර තබන ලස්සන රවුමක් කරකවමිනි. කඩදාසි අඩු කාර්යාල මේසයකට කඩදාසි බරතබන්නට ලස්සන රවුමක් කුමකටද?
ඒකත් හරියට ගැහැනු ගැන හැගීම් වියුක්ත චානක්‍යට ගැහැනියකගෙන් ලැබිය යුතුආත්මාභිමානය ලබා දීමට මට සිදුවුවා වැනි අවස්ථාව කි.
‘බිම්මා .. ශෙයිලා කියනව මැරි කරමු කියල
මට සිනාවක් නැගෙන්න ඇත. අචල ගැහැනු ළමයින් ගැන සිතු විදියක් තිබුණි. දැන් ඒ විදි සියල්ලම වෙනස් වී තියේ. දැන් ශෙයිලා විවාහ වෙමුයි කියනා නිසා විවාහ වෙන්නටද කැමති ය.
’ඉතින් … මැරි කරමුකො.. මදැයි ඔය ලව් කලා
‘හෙම නෙමෙයි බිම්ස්
‘එහෙනං
‘ලංකාවට ගිහින් .. කල්චරල් විදියට..අර ෆුඩ් ෆෙස්ට් එක වගෙ එළිමහනක ..සමර් වෙඩින් එකක් ගම්මුලු
‘ලංකාවෙ?
‘හ්ම්ම්ම්ම් …
මා ආයෙමත් ලංකාවට යන්න කැමති ද? මගේ හිත ව්‍යාකුලය. ලංකාවෙන් ආවායින් පසු මම නිදහස් ව තනිව උන්නෙමි. එරන්ද ගේ රෝස අත්ලෙහි රේඛා පවා, ඇහිබැමෙහි ඇහි කෙන්දක් ගානේ පවා මතක මට තවත් පිරිමියෙකුට බැදෙන්නට ඉඩක් ඇත්තේම නැත.
‘නැකතක් එහෙම බලල වැඩ ටික පටන් ගන්න එහෙනම්..
‘අපි අර ඔයාගෙ කැන්ඩියන් එක ඩිසයින් කළ කෙනාටම අපේ ඇදුම් ඩිසයින් කරන්න දෙන්නෝන බිම්මා
මං කන්ටැක්ස් දෙන්නං
‘ඔයා කතා කරල වැඩ ටික බලල දෙන්න..
‘මෙහෙ ඉදන්?
‘ඇයි ඔයා යන්නැද්ද?
මම මොහොතකට අචල දෙස බලා උන්නෙමි.
‘ඒ බැල්ම නම් මට ඇල්ලුවෙ නෑ බිම්ස්.
‘ම්ම්ම්ම්…
‘බිම්මා.. ඔයා යන්නෙ නැත්නම් අපි අපේ වෙඩින් එක එහෙ කරල වැඩක් නෑ
මම දෙවුර ඔසවමි. අලුපාට අත් දිග ටී ශර්ටයේ සාක්ක් වලට දෑත ඔබා ගනිමින් හුස්මක් ඉහළ ට ගනිමි.
‘හැමදේම වෙලා අවුරුදු දෙකකුත් ඉවරයි බිම්මා. ඔයා එරන්ද ට කොච්චර ආදරේ කළාද කියලා මං දන්නවා ..
‘මං දුක් වෙන්නෙ ඒ රටේදි නැතිවුණ වෙන කිසිම දෙයක් වෙනුවෙන් නෙමෙයි අචල.
‘ඔයා කවදාවත් පිරිමියෙක් වෙනුවෙන් ජීවිතෙන් පහුබහින ගෑනියෙක් නෙමෙයි කියලා මං හොඳටම දන්නවා. ඒ වගේම බිම්මා, එරන්ද කියන්නේ .. ළමයි දෙන්නෙක් එක්ක වුනත් ඔයාව බාර ගන්න තරම් ඔයාට ආදරේ කොල්ලෙක්. ඌ ගාව ඔයාට තරම් ආදරේ තිබුණෙ නෑ කාටවත්..
‘එහෙම නෙමෙයි.. අපි රවුමක් ගිහින් එමු. ආයෙ අපි ආස තැන්වල ඇවිදලා එමු. අඩු ගාණෙ අපි ලංකාවෙ කොච්චර තැන් වල ගිහින් නැද්ද.. එ තැන්වල ඇවිදිමු. යාල කෑම්පින් එකක යමු. ජැෆ්නා වටයක් යමු. මේ වතාවෙ නෝ වර්ක්.. ජස්ට් .. ට්‍රැවලින්.. ආෆ්ට ද වෙඩින්..
‘අපි ඔක්කෝම අරං හනිමුන් යන්නද යන්නෙ..
‘ජාන් ටත් දැන් තේරෙන වයසනෙ.. ඌව දකින්න ඕනෙ බිම්මා. මං ගියපාර වැකේශන් ගිය වෙලාවෙ මට දාලා එන්න ලෝබයි කොල්ලව. ඉක්මණට ළමයෙක් හදන්නෝන කියලා හිතෙන්නෙ ජාන් දැක්කම
ජාන් කියද්දීත් මගේ අත පය අගුල් වැටෙයි.
හිත වෙව්ලයි.සුදුනංගී මිහිර ජාන්, එරන්ද , ශෙයිලා, නර්මදා…මේ හැම කෙනෙක්ම අඩු වැඩිව සිහියට නැගෙයි. අහිමි වු සම්බන්ධතාවන් වල ප්‍රමෝදය මතකයට නැගෙයි.
‘ඔයා නැකත් බලන්න කියල අම්මටයි අක්කටයි කියන්නකො..
මම එපමණක් කීවෙමි. කහපාටින් දිලිසෙන සද්දන්ත ආසියානු පිරිමියෙක් සිය දෙඅත දෙපසට විහිදා සතුට ප්‍රකාශ කළේය. ඩිවයින් එලිගන්ස් එකේ අක්කාට වට්සැප් පණිවුඩය තියුවේ ශෙයිලාගේ ශරීරයේ හැඩතල විස්තර කරමිනි. එරන්ද ගේ සිට චානක්‍ය. සදතැන්නගේ පෙම්වතිය බවට විකාශනය වන්නට සිදුවූ මගේ පෙම් කතාව ගැන නොවිමසා සිටියාය. මිනිස්සුන්ට දේවල් ඉක්මනින් අමතක වෙන බව දැකිය හැකිය.
ලංකාව, මගේ රට පීඩිත දුගී රටක් බවට පත් වෙමින් තියෙනා ආකාරය මට සංඛ්‍යාන දත්ත නැතිවද කිව හැකිය. ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධි දෙකක් සහ නිබන්ධන කිහිපයක් අතේ තියාගෙන ආහාර සම්බන්ධ ඩිප්ලෝමාවක් හදාරා ආහාර විෂයෙහි නැහුනාට දත්ත විශ්ලේෂණයට මට තිබු හැකියාව ගැන චානක්‍යද පුදුම වී සිටියේය. ආර්ථික කටයුතු පිලිබඳ මොකක්ද සභාවක කමිටුවකට පත් කරන්න ටද සිතා සිටියේය.
මිනිස්සු පතුරු ගසන්නේ ඒ කකමිටු වලින් ගත් තීරණ හින්දාම ඇත්තටම මම තදබල ලෙස ලංකාව සම්බන්ධ ප්රවෘත්ති වලින් වැළකී සිටිමි. එහෙත් ඉන්ධන අර්බුදය ත් අධික ලෙස ඉහළ ගිය බඩුමිලත් සමග අචල සැලසුම් කරන මංගල්‍යය පවත්වන විදිය මම තවමත් සිතමි.
චානක්‍ය දැන් ඇමතිවරයෙකි. ජනමාධ්‍ය මොනවා කීවත් තමන්ගේ කාර්යය හරියටම ඉටු කරයි. මඩ ගොඩකැයි දිනෙක මා විසින් ම බැණ වැදෙන්න ට යෙදුනද මඩ ටිකක් තැවරුණත් නෙලුමක් ලෙසින් මතුවෙන ලකුණු පෙනෙයි. මාධ්‍ය සාකච්ඡා වලදී ඔහු හැබෑ ලෙස හුරුබුහුටි වත් චතුරවත් කතිකාවතෙහි යෙදෙයි. ආණ්ඩුවේ හේනෙ මාමෙකැයි විරුද්ධ පක්ෂයත් මහජනතාව ත් ඔහුට කියයි.චානක්‍ය නොසැළෙයි. එකසේ පවතියි. සමලිංගිකත්වය පිලිබඳ කතාබහ දැන් ප්‍රභල නැත. එළිපිටම සිය පෙම්වතුන් හා හැසිරෙන ටික්ටොක් ජෝඩු මෙන්ම කොතැන හෝ පවතින සමරිසි යුවලක් ගෙන්වා යුටියුබ් වැඩසටහන ක් කරගෙන වීව්ස් වැඩිකරගන්නට දගලන පිරිසක් සිටින රටක ඒවා ඉක්මනින් සාමාන්‍යකරණය වෙන හේතු බවට පත්වෙයි. කෙසේ වෙතත් චානක්‍ය පොරොන්දු ඉටු කරන මිනිසෙකි. එබැවින් ඉද හිට පෞද්ගලික ඉන්ස්ටා ගිණුමෙන් එවන කෙටි පණිවුඩයකින් ඔබ්බට එකිනෙකාට කතා කර නොගත්තද මම එදා චානක්‍යගේ වට්සැප් ගිණුමට පණිවුඩය ක් තැබීමි.
‘හායි, එක්ස්
පණිවුඩය නිසිලෙස ලැබුණු බව දැක්වීද, කියෙව් බවට සලකුණු නැත.ඔහුගේ ජීවිතය මගේ මෙන් සරල නැත. පැය කිහිපයක් ගත වෙද්දීලංකාවෙන් දුරකතන ඇමතුමක් ලැබිණි.
‘මැඩම් මං.. බියංකා. සර් කිව්ව මැඩම් සර්ව කන්ටැක් කරන්න ට්‍රයි කලා.. හදිස්සියක්ද අහන්න කියල.සර් දවසෙම බිසි.අද පාලිමන්ට්..
‘ආ හරි. කියන්න ෆ්‍රී වුනාම කෝල් කරන්න කියලා
මම මොහොතකට කල්පනා කරමි. ඉදහිට දවසක , ඇත්තෙන්ම ඉදහිට දවසක එරන්ද විසින් බ්ලොක් කර දමන ලද අපේ චැට් එකෙහි උඩ පහල යමි. එහිඅදද සිගිති සමනල පා සටහන් තියේ. ඒවා මහිතින් සිඹිමි. එරන්ද ගේ ජීවිතය කොහොම ගෙවෙනවා ඇත්ද? පිරිමි දීර්ඝ කාලයක් තනිව සිටින්නේ නැත. කෙටි කාලීන පෙම්වතුන් බවට හෝ පත්වෙයි. හදවතින් බැඳුණු කෙනෙකු සිටියත් කායික හුදකලාවන්ට ඔවුන් අකමැති ය. ඉතින් වැඩි තෘශ්නාව අත් හරිමි. ඉමෝජි පනහක් විතර එහි සටහකරමි. ඒවා ඔහේ තියෙයි.කිසි දාක ඔහු නොදකියි.
දින දෙකක්ම ගෙවී ගිය තැන චානක්‍ය මට කතා කළේය. ඔහුගේම ජංගම දුරකතනයෙන් සිනාමුසු හඩකින්, විඩියෝ ඇමතුමකිනි.
‘ඉතින් එක්ස්, මොකද වෙන්නෙ ඔහු මගෙන් විමසුවේය.
‘මොකෝ මේ කරන්නෙ සෙට් එක එකතු වෙලා ලංකාවට
‘කරනවා නෙමෙය් බිම්මා ..වෙනවා..
‘ආ… මේ ..ඒ කියන්නේ මේව ඉබේම වෙන ඒවද
‘ඒක නේන්නං මේ කියන්නේ
‘මේ චානක්‍ය.. අචලට ලංකාවට ඇවිත් සමර් වෙඩින් එකක් කරගන්න ඕනෙ කියනවනෙ
‘කරමු ඉතින්
‘කරමු කිව්වට ඔය තියෙන ප්‍රශ්න එක්ක
‘ප්‍රශ්න ? ඒවා එහෙමම තියන්නකො.. වෙන්න ඕන විදිය විතරක් මට කියන්නකො.. ප්ලෑනර් කෙනෙක්ව මං කතා කරල දෙන්නද..ආයෙ මොකුත් වැඩක් නෑ කරන්න .. මුලින් ම project එකේ පිලිවෙලයි බජට් එකයිි කතා කරගන්න. මං දෙන්න තියෙන හොදම ඩිස්කවුන්ට් එක දාලම දෙන්නෙ. වෙන්න තියෙන හොඳම විදිය කතා කරගන්න
ගැටලු නිරාකරණය ට හොඳම විදි සොයා දෙනවා නම් ඒ කම්මැලියන්ය. මගේ කම්මැලිකම එවෙලේ හොඳම පිළිතුරු සොයා ගත්තේය. අචලත් ශෙයිලාත් මාත් වරින් වර හමුවෙමින් මගුල් ගෙදර ගැන කතා කලෙමු. චානක්‍ය සොයදෙුන් සැලසුම් සමාගම සමග අන්තර්ජාලය ඔස්සේ ද දුරකතනය ඔස්සේද කතා කලෙමු.
එක්තරා සවස් වරුවක මම දුරකතනය අමතකම වී නගරාසන්නයේ ඇති උයනක වාඩිවී අවට බලමින් කල්පනාකාරීව සිටියෙමි. ඒ මොහොතේද මගේ හෘදයේ එක්තරා කොටසක එරන්ද බොහෝ සුරැකිව සිටිය බැවින් හිත ඇතුල උණුසුම් ව තියේ. එලියේ සීතල නොදැනෙයි. මා ඉදගෙන සිටි ආසනයේ අනෙක් කෙළවරට කිසිවෙකු බර වෙනු දැනිණිද ඒ වෙනවිට මා සිටියේ දෑස පියාගෙන බැවින් මට එය වැදගත් වුයේම නැත. එහෙත් , ඒ කෙනා "හේ බිම්ස්" කීවිට මම ඒ හඬ ආයේඇසෙන්නේ කොහොමද කියා වික්ෂිප්ත වුයෙමි. හිස හරවන්නට චකිතයක් දැනුනද, මම තිගැස්මෙන් හැරී බැලුවෙමි.
හිස වසාගත් ලා නිල් පැහැ ටී ශර්ටයක් ඇද සිටියද ඒ අතරින් මට ඔහුගේ තද තැඹිලි තොල් තඹපාට රැවුල් ගස් හඳුනාගන්න අපහසු නොවීය. ඇත්තෙන්ම මං මේ මොහොතේ කළ යුතුව ඇත්තේ කුමක්ද? නයිල්ස්! ඔහුව දැක පුදුමයට පත් වීමද? නැත්නම් ඔහු මෙහෙම හමුවෙන බව මා කලින්ම දැන සිටියා වගේ හැසිරීමද? ඔය හැම මගුලක්ම පසෙක තියා මගේ උසස් පාසල් මිතුරාව තදින් වැලඳගෙන අප වෙන්වුදා සිට සිදුවු දේ කියා දමන්නද?
අවසානයේ නයිල්ස් මා වැලඳගත්තේය. මගහැරීම කොතරම් වේදනාකාරිද සහ නැවත හමුවීම් කොයිතරම් ප්‍රමෝදමත් ද සිහිගන්වන හමුවීමකි ඒ. කමුබන් රෙස්ටොරන්ට් එකට යන්නට නයිල්ස්ට ආරාධනා කළේ මාය.
‘ඔයාට තවම බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්තෙ ඇයි?
අප ඇවිද යන අතරතුර ඔහු මගෙන් විමසුවේය. අප අපගේ පෞද්ගලික ජීවිත වල ද්වාර එතෙක් එකිනෙකාට නැවත විවෘත නොකර කතා කරමින් සිටියෙමු.මම මොහොතකට නැවතුණෙමි. නයිල්ස් කලබල වූවේය.
‘සොරි බිම්මා. ඒත් හැමදේම වෙලා අවුරුදු තුනක් වෙන්න එනවා.
‘මං දන්නවා නයිල්.. ඒක නෙමෙයි කෛාහොමද ඔයාගෙ බබා
නයිල්ස් සිනාසුණේය.මේ වන විට ඔහු සිටියේ හිස්වැස්ම පහත දමාගෙනය. දිග දුඹුරු හිසකේ කොට වෙන්නට කපා කන දෙපසින් සුදු වෙන්නම කෙටි කර තරුණ සහ හරිම වැදගත් මහත්මයෙකුගෙ පෙනුමකට හැරී ගෙනය. මා සමග ඉන්නා කාලයේ සිටි හරි සැහැල්ලු විලාසිතාවලට කැමති තරුණ නයිල්ස් ගෙන් ඔහු ඉදිරි පියවර තියා තිබේ.
‘කොහොමද බබා
මා ආයේ ඇසුවේ කමුබන් රෙස්ටොරන්ට් එකට හැරෙන ඉදිරි දොර අසලදීය. නයිල් මුලින් ම රෙස්ටොරන්ට් එක දෙස හොදින් බැලුවේය. දෑත පා ඇස් නළවා ඉරියව් පා මා හරිම හපනියක් වගේ සිනාසුණේය. ඔය මගේ මිතුරා මිස මගේ පෙම්වතාව සිටි නයිල්ස් නොවේය.
‘බබා හින්දා තමයි ජීවත් වෙන්නේ
‘ඔයා හොද මනුස්සයෙක් නයිල්. ඔයාට ඩිසර්ව් ජීවිතය තමයි ලැබුණෙ
නයිල්ස් සිනාසුණේය.අචල නයිල්ස් දැක පැමිණ ඔහුව පිළිගත්තේය. ශෙයිලාද ඔහුට එක්විණි. නයිල්ස් අප වෙත ආවේ බොහෝ කලෙකිනි. අප සිව් දෙනා කමින් බොමින් කතා කරමින් බොහෝ වෙලා ගත කළෙමු. ඒ අතර නයිල්ස් ඔහුගේ පුතුගේ පින්තුර කිහිපයක්ද අපට පෙන්වුවේය. ඒ පින්තුරය සමග මගේ කුසැතුලේ සිහින් සිගිති පාද සැලෙන හැගීමක් මට ඇතිවී මා හිරි වැටී යනුද දැනිණි.
ඉන් පසු මා සමග මගේ නවාතැන තෙක් නයිල්ස් ඇවිද ආවේය. මේ දවස් වල හිම පතනයක් නැත. එබැවින මිනිසුන් රාත්‍රි සංචාර වල යෙදෙති.
‘ඇත්තටම මං බයෙන් හිටියෙ බිම්මා මගේ හිත හුගාක්ම හෙළවෙන්න පටන් ගත්තාම.. සාරා හරිම ලද බොලඳයි හුරතල්.එයා මට හුගාක් ළං වෙමින් හිටියෙ. ඒ වෙද්දි සාරා නෝරායි දෙන්නම එකම තැන නතර වෙලා හිටියෙ. සමහර රෑ වල අපි තුන් දෙනා කෑම කාලා එහෙම මේ වගේ එයාලාව ඇරලවන්න ඇවිදිනවා. ඒ වෙද්දී ඒ දෙන්නම මට ආදරේ කලාද මන්දා.
නයිල් සිනාසෙමින් කිව්වේය.
‘නමුත් නෝරා ඒ වෙනකොට මුහුකුරා ගිහින්. සාරා මට නිතරම කිව්වා.. බිම්මා ලංකාවෙ කාට හරි ආදරෙන් ඉන්නවා කියලා. මට ඒක විශ්වාස කරන්න හේතු තිබුණෙත් නෑ. අනිත් එක සාරා එහෙම කියලා මාව ඔයාගෙන් බිදලා දාන්න හදනෙක මට සම්පුර්ණයෙන් වදයක් වෙලා තිබුණෙ.
‘නෝරා මං හිතන්නේ ඒකෙන් සෑහෙන්න ප්‍රයෝජන ගත්තා. එයා මට ළං වුනා. ඒ දෙන්නා එකම අම්ම තාත්තගෙ දරුවො. ඒත්, එයාලා වෙනස්.සමහර විට ඒජ් ෆැක්ටර් එක වෙන්න ඇති.නැත්නම් ඉතින් වෙන මොකක් හරි වෙන්න ඇති.. කොහොම වුනත් ඔයා හොදටම දන්නවා මං කොහොම මනුස්සයෙක් ද කියලා. එයාට පුලුවන් වුනා ජීවිතේ හිර කරපු තැන් ටික කඩල බිදල දාලා මං ගාවට එන්න.
මම නයිල් දෙස බලා හිඳිමි.
‘මටත් එහෙම වුණා . ලංකාවෙදි
‘ඇත්තටම ද බිම්මා?
‘ඔව්. මං ඇත්තටම ආවෙ ඔයාට ඒ ගැන කියන්න.. ඒ. එද්දි ඔයාටත් මටසිද්ද වුණදේම සිද්ද වෙලා. මං ඒකමයි ඔයාට කතා කරන්න උත්සාහ කළේ. මං දන්නවා ඔයා මට වැරැද්දක් කළා කියලා මුළු ජීවිතේම පසුතැවෙනවා කියලා.. නයිල්. මං ඒ නිසා ඔයාට කතා කරන්න හැදුවෙ
‘ඒ වෙලාවෙ මට ඒකට හයියක් නැහැ බිම්ස්. මං නිකම් හෝන්දු මාන්දු වෙලා. බය වෙල. එහෙන් ඔයා. මෙහෙන් හිතුවෙවත් නැති විදියට නෝරා ප්‍රෙග්නන්ට් වුනා. මං ඔය කම්පියුටර් එක්ක හැප්පුනාට ප්‍රශ්න එක්ක හැප්පිලා තිබුණෙ නැහැ බිම්මා.
‘මං දන්නවා නයිල්..
‘ඔයාගෙ කෙනා එයාට මොකක්ද වුණෙ.. ඔයා මෙහෙ සින්ගල් ඉන්නවා කියල මං දන්නවා
‘එයාට වෙච්ච දේ මංවත් දන්නෙ නෑ…
මම සුසුමක් ඉහිරමි. ඇත්තටම දිගුම දිගු කතාව මම නොකියා සිටිමි. නයිල්ස් නිදහස් වුණාවේය. ඔහු මෙතෙක් උහුලන්නට ඇති පව් කන්ද සමාකර ගත්තාවේ. ඒ වගේ ආදරණීය පිරිමියෙකු ගැන ලෝබකම් කිරීම ගැන ඇත්තටම මට නෝරා කෙරෙහි අමනාපයක් ද නැත. උවමනා ඔහු හොදින් සතුටින් විසීමය.
‘එයාට ආයෙ කතා කරන්න බිම්ස්.. ඔයා දන්නවා ආදරේ කියන්නේ අහසකට මුහුදකට වෙන් කරන්න බෑ කියලා අපි දෙන්නම විශ්වාස කරපු කාලයක් තිබුණා කියලා..
නයිල්ස් නික්ම ගියේ එසේ කියාය. ඒ හමුවීම ඇත්තටම මගේ ජීවිතය කොතෙක් සැහැල්ලු කළාදැයි වචයෙන් කිව නොහැකිය. මගේ සිරුර හැඩයකට පවත්වා ගන්නට උවමනාවට වඩා කුඩා ඇග හැඩ කරන ශේපර් ඇදුමක් හැද අසීරුවෙන් අවුරුදු දෙකක් තුනක් ජීවත් වී ඒ ඇදුම ගලවා දැමීමෙන් පසු සිරවී තිබු සිරුරේ මහත තැන් යලි නෙරා ඒමත් ඉන් ඇතිවන පුදුමාකාර සැහැල්ලුවත් ආනන්දනීය බව මම දැනගතිමි. ඒ සැහැල්ලු වී ඉදිරියට නෙරා ආවේ ගතේ විකෘති තැන් නොවේ. සිතේ විකෘති තැන්ය. එක අතකට ඒවා විකෘතිද නොවේ. වැඩියෙන් ආදරය කර ආදරය තැන්පත් වු තැන්ය.
අපේ සම්පුර්ණ අවධානය යොමුව තිබුණේ කාර්යාලීය වැඩසටහනකටය. ඒ කාලයේ දී අචලට හදිසියේ ලංකාවට යන්නට උවමනා වී තිබිණි. මේ දෙදෙනාගේ මංගලෝත්සවයට තව සැලකිය යුතු කාලයක් තිබුණත් අචලට පවුලේ කරථව්ය මග හැරීමටම නොහැකිය.
‘ඔයාත් යංකො බිම්ස්
අචල කීවේ ශෙයිලා දෙස බලා ගෙනමය. ශෙයිලා ඒ ඉල්ලීම තහවුරු කළාය. ඇත්තෙන්ම මා සිටියේ මේ උත්සවය වෙනුවෙන් හෝ ලංකාවට නොයමියි සිතාගෙනය. ඒ තරමට මගෙ සිතුවිලි හිරිවැටී අවසන්ය.
නයිල්ස් කොනිත්තා ගියේ එහෙම සිතුවිල්ලකි.
‘එයාට කතා කරන්න බිම්ස්
ඒ වචන මට ආයෙ ආයේද ඇසෙයි. මා නිවාඩු ගැන කතා කරන විට පෝල් හේඩ්න් මදෙස සතුටු සිනාවකින් බැලුවේය.
‘එක දිගට මාස ගාණක් වැඩ කරලා ඔන්න ඔයා වැකේශන් යනවා …
‘ලංකාවට පෝල් මම යන්නෙ.. මේ කාලෙ එහෙ වැකේශන් එකක් ගත කරන්න යන එකත් ඇත්තටම අමාරුයි.
‘ඒත් තමන්ගේ මව්රටනෙ බිම්ම්ම්මා. ලෝකෙ අපි කොහේ කොහොම ජීවත් වුනත් අපි කෙනෙක් ඇහුවාම අපි අපේ මව්රටේ නම කියනවා. ඒක අභිමානයෙන් කිව්වත් අවමානයෙන් කිව්වත් අපට මව්රට අතැරලා කිසිම අනන්‍යතාවක් නැතුව ජීවත් වෙන්න බෑ.අපි හැමෝටම මව් රටක් තියනවා. අපේ මුතුන් මිත්තෝ ඒ රටේ පස් වලට පොහොර වෙලා තියෙනවා. අපි සියවස් ගණනක ඉතිහාස උඩින් අද තියෙන රට තෙක් ඇවිත් තියෙනවා. ඉතින් ඔයා දිග කාලෙකට පස්සේ අනුන්ගෙ රටක විනෝද වෙන්න යනවාට වඩා තමන්ගේ මව්රට බලලා එන එක හොදයි
ඔන්න ඔය සියල්ලේ එකතුවෙන් මම ලංකාවට පැමිණීමට තීරණය කළෙමි. දිලිසෙන හිසින් යුතු වීමත් ශීත රටක දිගු කාලයක් විසීම හේතු කොටගෙන බටහිර වැසියෙකුටම අනුවර්තනය වී ඇති අචල දැක ඉංග්‍රීසියෙන් අමතන ලාංකික ආගමන විගමණ නිලධාරියාට සිංහලෙන් කිසිවක් කියමින් ,
‘මේ හු.. තො බලපංකො, මෙහෙ ඇවිල්ල ත් කඩ්ඩෙන් ටෝක් කරනවායි මිමිණුවේය.
‘බිම්මා, ඔයා අද කොහෙද ඉන්නෙ? අලුත බදින්නට ඉන්නා මනමාලයාට මගෙන් ඔය ප්රශ්නය අසන්නට කටුනායක ගුවන් යානා තොටුපලෙහි ආගමන පර්යන්තයට ම එන්නට සිදුවීම ගැන මට දුකක් නැත.
‘මං ඔන්ලයින් බුකින් එකක් දාගත්ත.. දවස් දෙකක් නිදහසේ ඉදල තමයි මං ආයෙ වැඩක් කරන්නෙ.. මට මඩකලපු ගිහිල්ල එන්න උවමනාවක් තියෙනව.. කල්ලඩි පාළම ලග සින්දු කියපු මාලුවෙක් දෙකෙක් ඉන්නවා ද බලන්න ..
‘මං තාම අපි මහියංගනෙ ඉද්දි එරන්ද සැදී රන් අබරණින්… කියපු වීඩියො එක බලනව. මට හිතාගන්න බෑ බිම්ස්… ඔය දෙන්නට මොකද වුණෙ කියලා..ඌ ඔයාට මුලින් ලව් කරන්න නැතුව ඇති.හැබැයි. පස්සේ නං ඌට ඔයාව වැදුණ වැදිල්ලක්..ඌ ඔයාගෙන් ඌව ගලවගත්තෙ කොහොමද මන්ද..
‘මේ පාර යන්න කලින් හම්බෙල කතා කරල යන්නෝන
‘හ්ම්ම් .. ඔයා කැමති ද එරන්ද ට අවස්ථාව ක් දෙන්න
මම විස්හයානුකූලව බැලුවෙමි. එරන්ද ට අවස්ථාව ක් දෙන්නට නොවේ.අවස්ථාව මගහැර යන්නට ගියේ එරන්ද ය.
‘එරන්ද හිතුවෙ නැහැ ඔයා කවදාවත් ඌ වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ උකසට තියාවියි කියලා..
‘ඔයා කියන්නේ එයාලට චානක්‍ය හදපු ගේ ගැනද
‘හ්ම්ම් … ඒක ඌට මාර අවුලක් වුණා..
‘මට ඒ ගේ මොකටද? මං මුල ඉදන් ම චානක්‍ය එක්ක කතාකරගෙන හිටියෙ අපි මෙි කසාදෙ හිරවෙන්නෙ අවුරුදු දෙකටයි කියලා. හිතාගන්න බැරි විදියට චානක්‍යගෙ රහසිගත ජීවිතය එලිවුනා
අචල කතා කරගත් කුලී රිය පැමිණියේය. අපි අපේ ගමන් මලු පුරවාගෙන ඊට නැගුනෙමු. රියැදුරු වාහනය ගුවන් තොටුපොළෙන් බැහැරට ධාවනය කරමින් සිටියේය.
‘අපි මොනාහරි කාලත් යමු නේද බිම්ස්..කොහෙද අයියෙ මේ ඒරියා එකේ හොදට කන්න පුලුවන් තැනක් තියෙන්නෙ..
අචල ඇසුවේ රියදුරු ගෙනි.
‘එයාපෝට් අරයිවල් හයර් ගන්න අපේ කට්ටියව නං මං එක්ක යන්නෙ කමු බන් එකට..
ඔහු කී සැණින් අචල හැරී මදෙස බලා නළල රැළි කළේය.
‘යංකො එහෙට එහෙනං.
රියදුරු කමුබන් රෙස්ටොරන්ට් එක ගැන අපුරු වර්ණනාවක්ද කරමින් සිටියේය. මම ඔහේ මඟ දෙපස විදුලි එලි දෙසද තැනක දෙතැනක නැවතී ඇතැයි සිතෙන ගොඩනැගෙමින් පැවති ගොඩනැගිලි දෙසද බලා උනිමි. රියදුරු නම් දිගින් දිගටම රටේ තත්වය අචලට පැහැදිලි කරමින් රට මේ තත්වයට ඇද දැමු සියළු නායකයන්ට දොස් පවරමින් සිටි අතර, රටේ මිනිසුන් මහමග බැස කරන ලද උද්ඝෝෂණ වලටද එකසේම දොස් පැවරුවේය. එවැනි අවස්ථාව ක ඔහු කියනාකාරයට රට ගොඩනගන්නට භාර දිය යුත්තේ කාටදැයිි පැහැදිලි ව අදහසක් පැන නොනැගුන අතර දෙවෙනි පෙළ නායකයෙකුලට ගොඩ නැගෙන්නට ඉඩක් හදා නොදුන් දෙමාපිය වටිනාකම් ලබා ගත් නායකයින් කෙරෙහි ඇතිවු කල කිරිමද වැඩි විය.
මා මින්පෙර අවස්ථාවේ කමුබන් කටුනායක , දකිද්දී එය පැවතියේ පැරණි ගෙයක් ලෙසමිස රෙස්ටොරන්ට් එකක් ලෙස දියුණුවී නොවේ. වාහනය එහි රිය අංගනයේ නතර කළද මට ඉන් බසිිනවාදැයි නැද්දැයි චකිතයක් ඇතිවිය. එරන්ද එහි ඇත්ද? මා කීප දිනක් අමතද්දී ඔහු එහි නොසිටියේය.
‘ඔයා කිව්වද අපි අද එනව කියල
නෑ .. කොහොමත් දැන් රෑ දෙකයිනෙ. මේ ශිෆ්ට් එකට ඌ නෑ..
මම රියෙන් බැස්සෙමි.මේ කමුබන්හි කෑම වේලක් නිසා මා ආ දුර ක මතකය පියවරක් පියවරක් ගානේ සිහිවිණි. ඇත්තටම රෙස්ටොරන්ට් එක පැරණි නිවසෙහි පෙනුමම උපයෝගී කරගෙන වඩාත් ආකර්ෂණීය ලෙස ගොඩ නගා තිබිණි.
‘මේක එරන්ද තනියමම කරගත්තෙ ..මට හිතෙනවා අපේ අනික් රෙස්ටොරන්ට් දෙකටම වඩා මේක කොලිටියටම ආවයි කියලා.
‘හ්ම්ම්ම්.. එයාට හරි ක්‍රියේටිව් අදහස් තියෙනව.
කමුබන්රෙස්ටොරන්ට් එක පිහිටි ගොඩනැගිල්ල අනික් පසින් කුඩා බිමක මිදුලේ පුංචි රවුම් මේසත් කුඩා පුටුත් තියා තියෙනු මා දුටුවේ අහම්බෙනි. එය කුඩා කැෆේ එකක පෙනුම ගත් අතර එහි අහසෙහි සිහින් වැල් වලින් විදුලි බුබුලු දල්වා තිබෙනු පෙනුණි. එය හාත්පස කළුවර මොහොතකට අසිරිමත් තාරකා වැල් ඇටවීමක් ලෙස පෙනිණි. එය කමුබන් පැවති ඉඩමෙන් වෙන් කර තිබු බවක් නොපෙනුණත් වෙනම ඒකකයක් විය යු බව අනුමාන කළෙමි.
‘මං අර පැත්තට ගිහින් එන්නද? මා ඇසුවේ ඇත්තටම එහි වු ලස්සන කුඩා කදුකර රාජාලි කුඩුවක් මෙන් මා ඩැහැගෙන තිබු හින්දාය.මට එය බලන්නම උවමනා විය.
‘හරි ඔයාට කන්න දෙයක්.. මං එතනට එවන්නංකො….
පොළවෙහි හැඩතල වලට මැවු ලොකු තණකොළ වර්ගයකි. මනාව නඩත්තු කරන බැවින් සමානව වැවී ඇත. කුඩා කොන්ක්‍රීට් බැමි යොදා සකස් කරනලද පටු පාර කලුගගල් ඇතිරු බිමෙහි මේස පුටු තියා ඇති ඉසව්ව තෙක් මට මං පෙත පෙන්වීය.
එහි කෙළවර කුඩා "කඩයකි" එහිවුයෙ එහෙම පෙනුමකි. විදුලි එළි දල්වා නොතිබුණේ එ් වනවිට දිවයිනෙ විදුලි බිල් වල තිබෙන අධික ගාස්තු සංශෝධන නිසාම විය යුතුයැයි අනුමාන කළෙමි.අර බුබුලු වැල්. පවා එල්ඊඩි වර්ගයේම ඒවා මිස ඊට වඩා වැඩි ගණනක් විදුලි බුබුලු නොවීය. මම ආසාවටම වසා තිබු කඩ ස්වරුපයේ මේ අමුත්තට ළං වුයෙමි.
එය පැරණි විදේශීය ආකෘතියකි. එහි තිබුණේ ලී වලින් කළ හැඩතලය. කෝපි වල පින්තුර වාගේම වේලන ලද මල් වලින් කරන ලද එක් එක් නිර්මාණත් එල්ලා තිබුණේ බොහිමියානු හැඩයකටය. බැලු බැල්මට ලස්සනය. දොර අසල උඩින් ලොකු පැතලි ලී කැබැල්ලක නම ලියා තියේ. නම! ඔව්! ඒ පුංචි කෝපි හලට නමක් ද තිබිණි.
මගේ දෙපා වල රිද්මය වෙනස් විය. පැන දුවන්නද නවතින්නද සල්සා
නටන්නද? ඒවා විමසුවේ මගෙනි. හිත මගේ ගෙළ අල්ලා ගත්තේය. ඒ මට තීරණ ගන්නට බැරි වෙන්නටය. එක්කෝ එ මාව අල්ලා ගත්තෙ මගෙ චිත්ත සන්තානයේ සිටි මා විසින්මය. කෙසේ වුවද මම එතැන එහෙමම ඒ දොර පාමුළ පඩියේම බිමින් හිඳ ගතිමි. ආයේ හිසට ඉහලින් ඇති කෝපි හලේ නම බැළුවෙමි.
චිමිනි කෝපි!
දෙයියනේ බිම්මා! මේ මොකක්ද මේ වෙන්නෙ? ඔයාට මේක විශ්වාස කරන්න පුළුවන්ද? මෙතන කමුබන් රෙස්ටොරන්ට් එකක්, චිමිනි කෝපි එකක්.. ඒ වගේම පුංචි ජාන් කෙනෙකුත් ඉන්නවා ..
යටිහිත මා ඇමතුවේය. මා නිශ්ශබ්ද තැන උල් නියපොාතු වලින් මාව සීරුවේය. මගේ පපුවේ තැන් තැන් ඒ පහුරු ගෑම් වලින් තුවාල වීය. මගේ ඇස් වලින් කඳුලු ආවේ නැත්තේ ඇයි. මම තිගැස්මෙන් වේදනාවෙන් ඒ වගේම යටිහිතේ යම් සතුටකින් පෙළෙමින් සිටියෙමි.
සිගිති ජාන් ගේ ආගමනයෙන් පසු අචල, මිහිර සහ එරන්ද යන තුන්දෙනාගෙන් කෙනෙකු අනිවාර්යයෙන් ජාන්යයි සිතා හිටි මට මිහිරට සම්පුර්ණයෙන් ජාන් ය යන නාමපදය දී නික්මී යන්නට සිදුවිය. එය සැහැල්ලුවකි. ඒත් දැන් එය යළිත් වෙනස් වී තිබේ.
චිමිනි කෝපි! මේ පුංචි කෝපිහල ලෙහෙසි පහසු එකක් නොවේ.එහි පිටත පෙනුමත් එහි අන්තර්ගතයටත් ඉතිහාසය ක් තිබේ. අන්න ඒ ඉතිහාසය මා රිදවයි. මා හඬන්නට පොළඹවයි. ආයේ ආයේ මා කුතුහලයෙන් මෙන්ම විස්මයෙන් පුරවයි. පුරවා උතුරා දමයි.
දවසක, සවසක.. පාසල් පරිගණක විද්‍යාගාරයේ කෙළවරක කෙට්ටු අත් පා සහ ඝන හිසකේ සහිත කොළුවෙක් තිරයක් අසල අකුරු අමුණමින් සිටින්නට ඇත. යොවුන් හැගීම් අත හැරුණේ නැති විසිගණන්වල මුල්ම හරියේ කෙල්ලකද සිය කාර්යාලයේ කොරිඩෝවේ තියා ඇති පුටුවක වාඩිවී අනෙක් අය සමග සල්ලාපයක යෙදී හිටියදී ඇගේ පැරණි තාලේ ජංගම දුරකතනයට වරින් වර පණිවුඩ පිපෙන්නට පටන් ගන්නට ඇත.
‘ඔයා එදා කිව්වනෙ මං … මොනවද ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ කියලා හිතන්න කියලා
‘ඔව්..
‘හිතුවා මං..
‘ඇත්තටම ද
‘දවසක, මං දානවා ලෝකෙම මිනිස්සු කතාවෙන විදියෙ රෙස්ටොරන්ට් එකක්.. ඒකෙ ඕනම කෙනෙක්ට කන්න පුලුවන් කෑම දානවා. පිරිසුදුවට පිලිවෙලකට කෑම දෙනවා.. කවද හරි ඒක ලංකාවෙන් එලියටත් යනව.. හදට ට්‍රිප්ස් යන්න පුලුවන් කාලයක් එයිලුනෙ. මං හදෙත් දානවා එකක්
‘ඒයි.. අම්මෝ.. ජාන්..
ඔක්කෝම ඔයා නිසයි.. ඔයා ඇත්තටම දිව්‍ය ලෝකෙ ඉදල ආව කෙල්ල කියලා කොල්ලො කියනෙක හරි..
‘ඇයි ඔයා කවදාවත් මගෙන් අහන්නෙ නැත්තෙ මං ආස මොනවටද කියලා
‘මං හිතුවෙ ඔයා ආස ඔෆිස් එකක වැඩ කරන්න කියලා
‘නෑ ජාන්… මං ආස කොෆි ශොප් එකක් කරන්න.. "චිමිනි කෝපි" කියලා.. පුංචි කොෆි ශොප් එකක්.. ඒකෙ බිත්ති වල පැරණි පාට ඉතුරු කරල තැනින් තැන වේලිච්ච මල් කොළ බොහිමියන් විදියට අලවලා.. ලී පතුරක නම ගහලා.. කැළෑවක් මැද තියෙන පුංචි ගෙයක් නගරෙට ගෙනැත් තියලා මිදුලෙ කෝපි මේස තියලා.. ආදරේ පතුරන්න කියල මේසවල ලස්සන ට ලියන්න.. සතියකට දවසක් ආදරේ කරන කපල් වලට ලස්සන ලව් සෝන්ග්ස් තියෙන මියුසිකල් ඊවිනින්ස් ඇරේන්ජ් කරන්න.. බදින්න ප්‍රපෝස් කරන අයට චුටි ලස්සන ඉවෙන්ට්ස් කරන්න එතන ඇරේන්ජ්. කරල දෙන්න..
‘ආව්ස්… අම්මෝ මං හිතින් එතනට ගියා වගේ.. ඇත්තටම අපි ඒක කරමුද.. අපි කමුබන් රෙස්ටොරන්ට් එකක් එහා පැත්තෙන්.. චිමිනි කෝපි එකක් දාමු…
එහෙම එහෙම කතා කර ටික වේලාවකින් පාසල් අවසාන වන සීනුව නාදවෙන්නට පටන් ගනී . පරිගණක විද්‍යාගාර බාර ගුරුවරයා පැමිණෙයි. කෙට්ටු කොලුවා විද්‍යාගාරයෙන් නික්මිණි. කෙල්ලද ඇගේ කාර්යාල මේසය ලග ලිපිගොනුවක් පෙරළා ගන්නවා පෙනිණි.
මතක තිරය වැසී යා යුතුය. දැන්, කතාව වෙනස් අතකට පෙරළි ඇත. බිම්මා වික්ෂිප්ත ව ඒ කෝපිහල ළගම බිම වාඩිවී දෙදණේ දෙවැලමිට හොවා දෝතින් මුහුණ වසා මේ කල්පනා කරන්නේ මේ අගක් නැති කතාන්දරය කුමක්ද කියා මිස.. ඊට එහා දෙයක් නම් නොවේය.
පා හඩක් ඇසිණි. කලුගල් අල්ලා ඇති පොළව මත පිණි තෙත ඉහී ඇත. මම ඇගිලි අතරින් බලමි. කලු පටි සෙරෙප්පු යුවලක් පැළදි රෝස දෙපතුලක් ඇදී එයි. මගෙ දෙතොල වෙව්ලන බව දනිමි. දෝතින්ම මුහුණ වසා ඉන්නවා හැරෙනන්නට වෙනත් විකල්පයක් ඉතින් තියෙනවාද? මේ එන්නේ එරන්දමය. අවුරුදු දෙකකටත් පසු අප අතර කිසිම සන්නිවේදනය ක් නැතිවී ගොස් මේ ආවෙ ඔහුය.
ඔහු මා ළගින් දණ නැමුවේය. දැන් අපේ ඇස් එකම රේඛාවකය. මා තවම ගුවන් යානා වේ දී දමාගත් ජැකට්ටුව උඩින් දමාගත් ගමන්ය.. එරන්ද ගේ හුස්ම හඬ මට ඇසෙයි. පපුව ඇතුලෙන් මගේ හදවත නිල්පාට එලියක් විහිදුවමින් ළය පළා එලියට පනින්නට සැරසෙයි. මට උවමනා එරන්දට ඒ නම කියා කතා කරන්නටය. මගේ ඇස් කදුලු වලින් පෙගෙයි. ඔහු ඔහුගේ ඇගිලි වලින් මගේ අත් අල්ලා ගත්තේය. අප ට කතා කරන්න කවදාවත් වචන උවමනාවක් තිබු බවක් මට මතක නැත. හැමවිටම අපේ අවයවත් ඉරියව්ත් එකිනෙකාට තෝරාගත හැකි භාශා වලින් කතා කරගත් අයුරු සිහිවෙයි.
"පණ" ඔහු එහෙම කීවේය. මට පැහැදිලි ව ඇසුණේය. බිම්මා, මේක තමයි වෙලාව! හිත එහෙම තදින් කීවේය. මම මිමිණුවෙමි. විය යුතු දේ ඒ වෙලාවට සිදුවිය යුතුය.
"ජාන්….."
එය කොයිතරම් නම් සාහසික ආමන්ත්‍රණය ක් වීද කියනවානම් මට සමීප වෙමින් සිටි එරන්ද අඩි ගණනක් ආපස්සට විසි වූවා කියා මට දැනිණි. මගේ හදවත ආයෙ ලබ්ඩබ් හඩට අරියාදු කරගෙන දඩ දිඩිකා දඩ දිඩිකා හඩට පරිවර්තනය වී තියේ. මම ආයෙමත් මගේ දෙදනේ නලලම හොවා ගනිමි.
"බිම්මා… ඔයා ඒ මොකද එහෙම කිව්වෙ… ?"
දෙතොල දත් අතරෙහි හැපෙයි. ජාන් කියන්නේ එහෙනම් එරන්ද නොවිය යුතුය. එරන්දන හිතන්නේ මා පුංචි ජාන් ගැන මොනවා හරි කියන්නට යනවා කියා විය යුතුය. මං දැන් ඒ කටහඩින්ම එය අහන්නට සුදානම් වෙන්න ඕනැද?
‘බිම්මා, ඔයා ඒ නම මට කිව්වෙ ඇයි… අඩන්නෙපා .. අහන්නකෝ..
ඔහු මා ගාවින් බිමින් හිදගත්තේය. මගේ උරවටා අත දමා මා වැළඳගත්තේය.
‘හරි හරි… රිලැක්ස් වෙන්නකෝ පැටියා.. මං ඉන්නවනෙ දැන්..
එරන්ද එහෙම කතා කරද්දී මට වැඩියෙන් ඉකිබිදෙයි. මේ හැමදේම මට දරාගන්න හැකි සීමාව ඉක්මවා යමින් තියේ. ඔහු මගේ ඉකිබිදුම අඩුවෙනතෙක් බලා උන්නේය. මෘදුව මගේ නෙත් පියන් තෙත මාත්තු කළේය. අඩ අන්දකාරයේද මට ඒ දිලිසෙන කොපුල් පෙනෙයි. පැය ගණනකට පෙර ලේ වලට මුහු වෙන්න ඇතැයි හිතෙන ඇල්කොහොල් සැර ද දැනෙයි. මට දැන් ඇත්තටම මේවායින් දෙකෙන් එකක් විසද ගන්නට උවමනාය. තවදුරටත් නං මේ බර එකම එක අඩියක් ඉදිරියට තියාගනු නොහැකිය.
‘ඔයා කොහොමද මේ නම හොරකම් කළෙ ? චිමිනි කෝපි කියන්නේ වෙන කෙනෙක් ගෙ කොෆී ශොප් එකක්…
මම ඉකියක්ද ඇතුළත්ව වඩාත් පැහැදිලි ව කියා ගත්තෙමි. එරන්ද මදෙස නොබලා මොහොතක් සිටියේය. උරෙන් අත ලිහුවේය. නැගිට්ටේය. පියවරක් පෙරට තියා, චිමිනි කෝපි දෙස බලා උන්නේය. මම දොරට හිස හේත්තු කරගෙන නෙත් පියා ගනිමි. දැන් දැන් සියල්ලේම දරුණුතම අවධි එක වර මහිස මත පාත් වෙනු ඇත. දීර්ඝම කාලයක් තිස්සේ මෙවැනි මතකයක් හිතේ තියාගෙන හිඳින්නේ කොහොමද කියා ඔහු මගෙන් අසනු ඇත. අප අතර සිදුවු සියළුම දේ දැනගනු රිසි බව කියනු ඇත.
ඔහු ආයේ එක දණිහක් බිම තබා මවෙත නැමුණේය. ඊළඟ ප්රශ්නය කවර ආකාරයේ වුවත් මං ඊට සූදානම් විය යුතුය.
‘මං ඔයාට කොහොමද කතා කරන්නෝන…
‘බිම්මා කියලද ?
‘නැත්නම් ????
මම එකවරම නෙත් හැරියෙමි. නැත්නම් , ඊලගට ඔහු කියන්නේ මොකක්ද ?
‘නැත්නම් මොකක්ද ?
‘ඔයා දන්නවනෙ.
‘මොකක්ද ?
‘’මේ කොෆි ශොප් එකේ නම ඇත්තටම කාගෙද කියලා..
‘ඉතින්?
‘මිණි!
ඒ නම මේ ලෝකයේම දැන හිටියා නම් ඒ ජාන් පමණක්මය. මම දෙඅත දිගුකළෙමි. එරන්ද! කිසිවක් කතා කරගන්නට බැරි ගොලු දරුවෙකුසේ එරන්ද මා වැලඳ ගත්තේය. කදුලු රූරා ගියේය.
‘මට තේරෙන්නෙ නෑ මේ සිද්ද වෙන්නෙ මොකක්ද කියලා…
ඇත්තටම අප දෙදෙනා එකම ඉරියව්වකට වත් වෙනස් නොවී එකිනෙකා බදාගෙන ගුලිගැසී අඩ අඩා කොයිතරම් වෙලාවක් ඉන්නට ඇත්ද? ගැස්සී ඒ බන්ධනයෙන් මිදුණේ අචල ගේ හඩටය. මේ දෙදෙනා අඳුරේ පින්නේ මෙහෙම තෙතබරිත වෙවී මොන මගුලක් කරනවාද වගේ අදහසකි ඔහුට තිබුණේ… එරන්ද මගේ අතින් අල්ලාගෙන නැගිට්ටේය. හොඳටම හැඬු ලකුණු ඒ ඇස්වලය. සිනාසෙන්නට හැකි සලකුණු දෙකොපුලේය.
‘මං කාටද මැනික මේක කියන්නේ මේ සතුට!
‘ඒත්.. මට එක ප්රශ්නය ක් තියෙනවා…
‘ඒ පාර මොකක්ද .. අර බුරු ඇමති ගැන නම් අනේ ප්ලීස් කෙල්ලෙ උගෙ නමවත් මට අහන්නෝන නෑ..
‘මිහිරලගෙ පුතාට ඇයි ජාන් කියන්නෙ..
‘මමනෙ එහෙම කියන්නේ …
මුලු දවසේම හෘදයාබාධ සදනා පුවත් ය. මම හුස්මක් අත් හළෙමි. කමුබන් එක පුරාම කන්න බොන්න දේවල් තිබුණාට මට උවමනා වුයේම කෝපි බොන්නටමය.
‘චිමිනි කෝපි එකේ කොෆි තියෙන නිසා මෙහෙ කොෆී නෑ.
‘ඒක අසාධාරණයක් .මේකෙ කෙනෙකුට කොෆී ඕන වුනොත්.
‘එහා පැත්තෙන් අරන් එනවනෙ අනේ..
‘දැන් එහෙ වහලානෙ.
‘ඉතින් ඇරලා හදලා දෙන්නං
‘එපා..
‘ඇයි ..
‘ඕන නෑ..හෙට බොන්නං
‘අචලය කිව්වෙ ඔයා බොල්ගොඩ හොටෙල් එකක් බුක් කරගෙන ඉන්නෙ කියලා..
‘හ්ම්ම්ම්ම්
‘ඉතින් එහෙ ඉදල ආයෙ කටුනායක එන්නද යන්නෙ
‘ඇත්තටම ඔයාට කිසිම හැගීමක් දැනීමක් නැද්ද..
මා අසද්දී ඔහු සිනාසුණේය. එහි පුංචි සමච්චලයකුත් නොතිබුණාමත් නොවේ.
‘මගෙන් අයින් වෙලා අවුරුදු දෙකයි. ඔයාට කිසිම දෙයක් මතකත් නැතිවෙලා..
‘නෑ.. මට හොදටම මතක නිසාමයි ඇහුවෙ
‘ම්ම්ම්ම්ම්
‘ඔයා වගෙ මනුස්සයෙක් ට එහෙම මාව දුර හොටෙල් එකක නවත්තල තියන්න පුලුවන් ද
‘ඉන්න කැමති නං ඉඩ තියෙනවා
‘හරි නං කැමති වුනත නැතත් ඉඩ තියෙනවා කියල නෙමෙයිද කියන්නෝන
‘ඔයාගෙ තැන මෙතන! මේ පපුව.. මේ කොෆි ශොප් එක .. මේ කොල්ලා …
අචල දෙස මා පුදුමයෙන් බලා සිටියේ ඊලගට ඔහු කළ දේ දෙසය. වාහනයේ තිබු මගේ ගමන් මලු දෙකම අත් දෙකකින් ඔසවා ගෙන ඔහු රෙස්ටොරන්ට් එක දෙසට ඇවිද එයි එරන්ද සිනාසෙමින් වාගේම ලියන්නටත් බැරි නොසරුප් වචනයක් කියමින් ඔහු දෙසට ඇවිද ගියේත් එක් ගමන් මල්ලක් අතට ගත්තේ.ය.
‘උඹල දෙන්නගෙ කතාව මොකකින් මොකක් හරි හෙට බම්බවල සෙට් වෙලා කතා කරමු.. මං ගෙදර යන්නෝන.අම්මි බලාගෙන ඉන්නවා. අනික හෙට මං ජාන්ව ගේනව .. බිම්ම එනකොට පොඩි එක්කෙනාට මොනා හරි ගිෆ්ට් එකක් අරන් වරෙන්..
එරන්ද අචලට සමු දුන්නේය.
‘යං..
‘කොහෙද
‘ඇයි .. ඔයාට මතක නැද්ද .. මේ ගෙදර තවම ඒ විදියමයි.අපි මොඩිෆයි කලෙ ටිකයි. අර ඉස්සර තිබුණු ‘රූම්ස් ඒවා වෙනස් කරලා නෑ.
‘
ඒ ඉස්සර තිබුණු කාමර තිබුණාට වඩා පහසුකම් සහිත ආකාරයට සකස් කර තිබු අතර ඒවායේ ලී ගෘහභාණ්ඩ වෙනස් කර තිබිණි. ලා කොළ පැහැති ජනේල තිරත් ලා කොළ පැහැති ඇඳ රෙදිත් දැමු කාමරයකට එරන්ද මා කැටුව ගියේය. මට මා ඇවිදින්නේ පොළවේ නෙමෙයි වගේ හැගීමක් ඒ වන විට දැනෙමින් තිබුණු බව කිව යුතුය. අප හමුවෙන්නේ දෙවසරකින් නිසා නොවේ. මං බලාපොරොත්තු වූ විශ්මයටද වඩා කෝටි ගුණයකින් වැඩි දෙයක් මෙවෙලේ සිදුවෙමින් පැවති නිසාවෙන්මය.
ජාන් ගේ පණිවුඩ සිය දහස් ගණනක් මගේ ඔලුව ඇතුලට බාගත වෙමින් පැවතියද, මට තවදුරටත් මේ මා අසල ජනේල තිර සකසන්නේ ඇඳ රෙදි වල නැවුම් ඉරි මග හරින්නේ ඔහු කියා විශ්වාස කර ගැනීමට නොහැකි විය.
‘මට …
‘ම ටත් තාම හිතාගන්න බෑ…
ඔහු එහෙම කීවේ මගේ වාක්‍යය සම්පුර්ණ කරන්නට ඉඩ නොදීය.
‘වොශ් එකක් දාං එන්නකො.
නාන කාමරයේදීත්, ඒ කාලයේ අප අතර වු සංවාද වල ස්වභාවය කෙමෙන් වෙනස් වූ හැටි මට සිහියට නැගෙයි.
"ඔයා මගෙ වර්ජිනිටි එක නැති කළා මිණි" ඔහොම කියා එක පාරටම චැට් එකෙන් අන්තරස්දාන වු යොවුන් පිරිමි ළමයෙකුය මේ සිටින්නේ කියා විශ්වාස කරන්නට පුලුවන් ද?
එරන්ද මා නැවත කාමරයට යන විට සිගරැට්ටුවක් උරමින් සිටි අතර මා දුටුවේ දුමක් පමණකි. මා දැක ඔහු කොරිඩෝව දිගේ කාමරය දෙසට ආවේය. කොරිඩෝවේ එක් පැත්තක් ග්‍රිල් වලින් වැසී තිබේ.
‘දුම වෙනස්
‘මං ස්මෝක් කරන එක නැවැත්තුවා .. ඒක ෆේක් ස්මෝක් එකක්.
‘ඇත්තටම ද නැවැත්තුවෙ
‘බොරු කියන්නේ ඇයි..
‘ඒ වුනාට බොනවනෙ.
‘ඒකත් නවත්තන්නං
‘ඇත්තටම ද
‘ඔව් .. අපි දෙන්න ඉදහිටල බොමු
ඔහු මගේ ඉණෙන් අල්ලා ගත්තේය. කොරිඩෝවේ බිත්තියකට අපේ බර දරන්නට සිදුවිය.
‘ලංකාවෙ මිනිස්සුන්ගෙන් වැඩි හරියකට ජීවිතේම ඇරියස් නෙ. දැන් නං උන් හැමෝගෙම ඒවා එකතු කලාටත් වැඩිය මට කවර් කරන්න තියෙන ඒවා වැඩියි.
‘මොනාද ඒ
‘පොඩි කොල්ලෙක්ව මීට් වෙන්නං මීට් වෙන්නං කිය කිය රවුමෙ යවලා.. උගෙ ඉගෙනීමත් කඩා කප්පල් කරල දාලා ඌට හීන විතරක් ඉතුරු කරල එක පාර අතුරුදන් වෙච්ච කෙල්ලෙක්ව අවුරුදු ගනනාවකට පස්සේ හම්බ වුනාම.. මොනවද කරන්නෝන කියලා කියල දෙනවද
‘එච්චර බරපතල විදියට කියන්න එපා .. රිදෙනවා
‘හීන වල හිටියෙ..
‘රූපයක් දැකල නෑ.. කටහඩක් අහල නෑ.. ඒ වුනාට එහෙම ආදරයක්!
‘
‘මට මේක කියන්නකො .. ඔයා බිම්මා එක්ක ජීවත් වෙන කාලෙදිත් ඔයාට මිණි ව මතක් වුනාද කියලා..
එරන්ද හුස්මක් හෙළුවේය.
‘ඒක අනිත් පැත්තට ඇහුවොතින්, ඔයා එරන්ද එක්ක ජීවත් වෙද්දී ඔයාට ජාන් මතක් වුණේම නැත්ද
කියලා.
මම ඔහු දෙස බලා සිටියෙමි.
‘දිග කතාවක් ඒක…
\’ඒක කියන්න තරම් වෙලාවක් මට නැහැ ඔයාට දෙන්න.
අවුරුදු දෙකක් නොවේ තුනකට ම කිට්ටු කාලයක් නොඇළවුණු දෙතොල් පෙති අරුණොද පින්නට ඇළවෙන මල් පෙති වාගේ එකිනෙක මත ඇළවිණි. ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී අප සන්තාන අවකාශයෙහි ගමන් කරන්නට යෙදෙන විරාමය එළඹිණි. එය විශ්මකර්ම මොහොතකි. සහරා කාන්තාරවල තණ උලා කන එළදෙනුන්ද, නවසීලන්තයේ තණබිම් වල ඇවිදිමින් හිදිනා ඔටුවන්ද, හිම පිරුණු පාරවල් උස් ගොඩනැගිලි ඇති අරාබි රටවල් සහ පතොක් උදද්යාන වලින් පිරීගිය උතුරු දේශාංක සහිත රටවල්ද අපට හමුවිය.
සීත සුළං කෝඩ හිරිකඩ සමග කොරිඩෝවට පතිත වන්නට පටන් ගත්තේය. වැහි හඩට කොහොමත් අපේ හිත් වෙනස් වෙයි.කාන්සිය පතිත වෙයි. ඇහිදාර කොපුල් වල දැවටෙයි. කන්පෙති පවා ප්‍රමෝදමත් වෙයි. උමතු දෑතක් ,දෙපයක් මා සහමුලින්ම හිර කරගෙන අවසන්ය.
කොරිඩෝවේ කෙළවරක තිබි අමුත්තන්ගේ සෝපාවක් දෙහදක ගින්දරක් ඇවිලෙන්නට ඉඩදී බලා සිටි හැටි පුදුමය. නොනිවි ඇවිලෙන නොඇවිලි නිවෙන නිවිනිවි ඇවිලෙන ඇවිලි ඇවිලි නිවෙන විටෙක දාහය ගලායන විටෙක ප්‍රේමය ගලායන සියල්ල අවසානයේ එකිනෙකා තුල කැලතෙන කැලති කැලති ඉහිරෙන ආස්වාදයක සලකුණු පමණක් ඉතිරි විය.
වැස්ස නතර විණි. සුලඟ සිය අත් හකුළා ගත්තේය. බිරියෝසා ගස් කිසිවක් නොදන්නා සේ නිශ්ශබ්ද ව බිම බලාගත්විට, බාබයිගා තමන් පියාසර කළ කොස්ස පසෙක තියා මල් පැළ වලට වතුර දමනා කුඩා කෙල්ලගෙ හිස පිරිමැද ගෙතුලට පිවිසියාය. සියල්ල අවසානයේ ආදරය පමණක් ඉතිරි වන බැවින් සුරංගනා කතාවලද වෙනස් කම් සිදුවී තියේ
එරන්ද මා මෙන්ම නින්දකය. ඇහැ ඇරෙන එක් ඇසකින් බලා ආයේද නිදන කුසීත, කම්මැලි අප එකිනෙකාගෙන් වෙන්ව සිටියේද නැත. වෙන් වෙන හැම මොහොතකට ම නිදන ඉරියව්ව වෙනස් වී ආයේ එක්වුවා පමණකි.
හෙමිට නැගිටලා එන්න. මං කොෆි ශොප් එකට යන්නං
කවුරුදෝ එහෙම කියනවා හීනයකින් වගේ ඇහුණත් මං ඇත්තටම නැගිටින විට හොඳටම පමාවී තිබිණි. කන්නාඩියට එබී කෙනෙකුට පහසුවෙන් මුහුණ දෙන්න පුලුවන් තරමට සාමාන්‍යකරණයට ලක්වු පසු බිම්මා , කමුබන් රෙස්ටොරන්ට් එකේ පසුපස දොරකින් එළිමහනට බසිමින් සිටියාය.
කෝපිහල මා දකින්නට බලා සිටියාක් මෙන් දැනිණි. මගේ ඇස් එක්ක ඔට්ටු වෙන කිරණධාරා අතරින් මට මගේ තරුණකල දුටු සිහිනය ප්රාදුර්භූත වෙමින් පැවතිණි. මගේ චිමිනි කෝපි… එරන්ද මේ කෝපිහල ඇරඹුවේ බිම්මා සිහිපත් කරලාද මිණි සිහිපත් කරලාද මට කවදාවත් අහන්නට නොහිතේවාය මම සිතමි. මේ තරම් වෙහෙසක් එවැනි පටු ප්රශ්නය කට ලඝු කර රිදවන්නට. නොහිතෙයි.
ඇත්තටම එය සිහිනයක් වාගේ සුන්දරව තිබේ. පෙරදා වැසි වැටුණ හින්දා තෙත් වී ඇති මේස පිසදාමින් එරන්ද තැනින් තැනට යයි. කලු ගල් ඇල්ලු පොලවේ මඩ රැදුණු තැන් ලොකු දිය පහරකින් සෝදා දමයි. උස් අහසින් අව්ව ගලා එමින් ඒ පොළව මත දිය දහර වියළා දමයි.
කෝපි වල මිළ ගණන් හුණු කැබැල්ලකින් කැඩී ගිය ගල් ලෑල්ලක ලියන කොල්ලෙකි. මා දෙස බලා සිනහ වෙයි. කවුන්ටරයේ ප්‍රියමනාප කෙල්ලකි. ඕ තරමකට රවුම් හැඩැතිය. එරන්දට රවන්නට හිතෙනා පෙනුමකි. රවුම් හැඩතල ඇති කෙල්ලන්ට කැමති හින්දා මේ කෙල්ල වැඩට ගන්නට ඇත්ද? ගැහැනු හිත් කවර තලයකදීද වෙනස් නොවෙයි.
‘ඔන්ලයින් ඕඩර්ස් දෙකක් ආවා..
කියා ඔන්ලයින් ඕඩරයේ අංකත් විස්තරත් කෝපි සහ රස කැවිලි සකසන්නාට දී ඇය මවෙත ආදරණීය සිනහවක් පෑවාය.
‘මැම්.. ඉතින් කොහොමද? මොනවද බොන්නෙ සර් නම් කියන්නේ මැඩම් කිරි කෝපි වලට කැමති කියලා…
මම සිනාසෙමි. එරන්ද මා කෝපිහලට ආ බව දුටුවේ එවිටය. ඔහු ඉණෙහි ගසාගෙන සිටි කුඩා රෙදි කැබැල්ලකින් දෙඅත පිස දමමින් මවෙත ආවේය. පාට කිහිපයකින් ඩයි කරන ලද තැනින් තැන කැපුම් ඉරි සහිත ටී ශර්ටයත් ගෙලෙහි තැනින් තැන දාඩිය ගලා එන තැනුත් හැරෙන්නට අන්කිසිම කිසිවකට මගෙ ඇස් හසුනොවන දර්ශන තලයක් එක වර පෙනෙන්නට පටන් ගත්තේය.
"මොකද මේ කරන්නෙ.. "
"ළංවෙනවා මම"
"මෙහෙම ?"
"මෙහෙම නැතුව කොහොමද ලං වෙන්නෙ?"
"පුලුවන්නෙ.."
"කොහොමද"
"අකුරු වලින්"
"ඒ මගුල් දැන් හරියන් නෑ. "
"මොනාද දැන් හරියන්නෙ එතකොට"
අතින් අල්ලාගෙන ඇදගෙන ආයෙමත් පුරුදු නැතටම ගොස් අත අත් හැරීමය. ලිහෙන අත්බැදුම්ය. වෙනස් වන ඉරියව්ය. අපමණ ස්නේහයෙන් ගිලිහෙන කදුලුය.
අමතකවම ගියාාස් පහුගිය කාලවල අතහැරුණු මං පෙත් වල නිදහසේ සැරිසරන දෙතොල් අතැගිලිය. සුසුම්ය. ජේබිල් එකක හයියෙන් වාදනය වෙන භාශි දෙවාංග ගේ කටහඩය. ඇහෙන්නේ ඉන් නික්මෙන්නේ හිත බැඳි ස්නේහවන්ති නුඹ පමණකි. වාරණයට ලක් වෙන අපේ සුසුම්ය.එක එක ස්වර වලට වෙනස් වෙන කටහඩෙහි සියුම් තැන්ය.. මනුස්සයෙක් ගේ හැම ස්නායුවක්ම ප්‍රීතියෙන් සහ ඉහිල්වීමෙන් ප්‍රමෝදමත් වෙමින් සිටින මොහොතක් සංකෝචනය වෙන විකෝචනය වෙන මස්පිඩු වල නහර වල ඇටකටු වල සියළුම සංචලන මට හමුවිය. එරන්දම මුළුමනින්ම , දෙතොලින් ඇරඹි උගුරෙහිද තැවරෙමින් මුව තුලින් ඇතුලුව කුසෙහි පිරී ගිය විට ඇහෙමින් තිබුණේ සිදගනාවේ නුඹමයි සසරෙම පැතුවේ… යනුවෙන් ගයනා මිහිරාන්.. ගේ හැගීම්බර හඩය.
‘මට ආසයි
‘මොකටද ආස
‘පුතෙක් හදන්න..
ඔහු කිසිවක් නොකීවේය.
‘කොළඹ යමු...
සාමාන්‍යයෙන් වාහනයෙන් යද්දී නිදනවා අඩු වුණත් එරන්ද ලග දී දැනෙන නිවීමෙන්ම
කටුනායක සිට බම්බලපිටිය ට යනතෙක්ම මා සිටියේ නින්දේය. වරින් වර එරන්ද මගේ අතින් අල්ලනවා අත් හරිනවාද මට දැනිණි.
‘ඔයාගෙ ජීවිතේ වටිනම කාලයක් ආත්ම ගෞරවය කැපකිරීම් හැමදේම ඔයාට ඒ මිනිහ වෙනුවෙන් පාවිච්චි කරන්න සිද්ධ වුනා. ඒ ගෙදර එහෙම්මම තියෙනවා. මේන්ටේනස් කරන මිනිස්සු ඇරෙන්න අදටවත් මං ඒ ගෙදරට පයක් තියලා නෑ. මට එහෙ යන්න පුලුවන් කමක් තිබුුනෙ නෑ
මම සුසුමක් හෙළුවෙමි.
‘ඇයි ඔයා මගෙන් අයින් වුණෙ?
‘මට මං එක්ක තිබුණුු කලකිරිමට. ඔයා මං වෙනුවෙන් කරපු කැපකිරීම් වලට අනික් අතට මට දෙන්න දෙයක් නැති වුණාම මට මං ගැන දැනුාන මහ කාලකණ්නි හැගීමක් බිම්මා. හැමදාම ඔයාටම බරක් වෙලා. හැමදේම ඔයාගෙන්ම කරගෙන ඉන්න බෑ කියල හිතුනා. මං ඔයාට ආදරේ කරල ඔයාගෙ උදව් වලින් මං හැදිලා මොකටද කියල් හිතුණා. සමහර වෙලාවට තමන් පට්ට ෆේල් කියලා දැනෙන තැන්වල අපි ඩ්ප්‍රෙස් වෙනවා. අනිත් එක මං ඇත්තටම හිතුවෙ අරූ ඔයාට මාර ආදරෙයි කියලා බිම්ම. මං හිතුවෙම නෑ දෙයියන්පල්ල මං හිතුවෙම නෑ ඌ ගේ සීන් එකක හිටියා කියලා.
‘ඔයා තනියෙන් හැමදේම තීරණය කලා. මං පව් කියලා හිතුණෙ නැද්ද.
‘පව්! පව් නෙමෙයි පුච්චගෙන හිටියෙ මං මාව.. මං නේද මේ අහිංසක කෙල්ලව මෙිකට තල්ලු කළෙ
කියලා..
‘මං චානක්‍ය එක්ක එකට පෙනිල හිටියට මං එයාව බදින්න හිතන් හිටියෙ නෑ.. අපි කතා කරගෙන හිටියෙ ඉලෙක්ශන් ලං වෙද්දි මං ආයෙ යන්න. ඒත් එක දේකින් මං හොදටම හර්ට් වුණා.
‘මොකක්ද ?
‘සසදි ආයෙම ඇවිත්ඉද්දි ඔයාගෙයි එයාගෙයි පින්තුර ස්ටෝරිස් දාන්න ගත්තම
එරන්ද සිනාසුණේය.
‘මේ ලෝකෙ මොන ගෑණි මගෙ කරේ නැගල හිටියත් අවුලක නෑ හැබැයි සසදි මොකක් හරි කලොත් නං ඔයා පිස්සු වැටෙනව නේද
\’හ්ම්ම්ම්ම්
‘මට හිතාගන්න බෑ.. ඒක. තරහකුත් නෑ මට එයා ගැන.ඒත් එයාගෙයි ඔයාගෙයි කම්බිනේශන් එක ඒක දැක්කම මට ඉවසන්න බෑ. මාත් ගෑනියෙක් එරන්ද.
‘දන්නවා , මැණික..
අප බම්බලපිටිය කමුබන් රෙස්ටොරන්ට් එකට යන විටත් එහි මිහිරත් අචලත් සිටි අතර, එහෙමෙහෙ දුවනා පුංචි ජාන් පැටික්කා ගේ පසුපසින් දිවීමෙන් වෙහෙසට පත් සුදුනංගී පුටුවකට වැටී සිටියාය. ජාන් ඒ වෙද්දී සිය තාත්තාගේ දඩු අඩු අත්වල ග්‍රහණයේ අකමැත්තෙන් වුවද සිරවී සිිටියේය.
‘ආ ඔන්න දැන් .. හරි …
ජාන් එරන්දව දුටු ගමන් අත් පා ගසමින් ඔහු අතට එන්නට ඕනැ බව කියා දගලන්නට පටන් ගත් අතර එරන්ද වහා අත් සෝදා ඔහුව සිය දෝතට ගත්තේය. මම පුදුමයෙන් ඔහු සිගිත්තන් හා හැසිරෙන ආදරණීය ආකාරය බලා සිටියෙමි.
‘එයා එරන්දයියට හරි ආදරෙයි..
සුදු නංගී මා වැලදගත්තාය. ඕ කෙට්ටුවී තවත් ලස්සනට සිටියාය.
‘මේ ළමයගෙ පස්සෙන්ම දුවලා අක්කා. නැත්නම් මං වෙනදටත් වැඩිය හොදට කනවා..
‘අපොයි ඔව්.. ලමයට හදන කෑම පවා එයාම කනව බිම්මා
එය සතුටු සම්මේලනයකි. මගේ ජීවිතයේ මා අත්විදි උණුසුම්ම මිතුරු සමාගමයය .
‘දැන් උඹල දෙන්න මේ කතාවෙ අග මුල අපට කියන්නෙම නැද්ද?
අචල මත්පැන් බොතලයක් මේසය මත තියමින් ඇසුවේය. පොඩිත්තා නින්දේය. මහිිරගේ අතේය.
‘කොල්ලව කාමරෙන් තියමුකො..
‘ළමය එක අතක හිටියට අනික් අතින් වීදුරුව අල්ලන්න මට පුළුවන්. වයිෆ් බොනවනෙ මටක් එක්ක..
‘ඕ.. ඒකයි ජාන් හොදටම නිදා ගන්නෙ.. ඌට කිරි කියල පොවන්නෙම ඇල්කොහොල්නෙ
‘ඇත්තද නංගි
‘අනේ පිස්සු අක්කා.. මං බොන්නෙ නෑ දැන්
අපේ කතාව ! ඒක කවදා කොතැනකදී පටන් ගත්තාද ? එරන්ද මදෙස බලා සිනහ වුවේය. මගේ අතින්ද අල්ලා ගත්තේය. සුදුනංගී කමුබන් එකේ සුවිශේෂ දෙලුම් බීම වීදුරුවක් තොල ගාමින් කජු ඇටයක් සපමින් අප දෙස බලා සිටියාය.
‘ඒ කාලෙ ඉතින්.. අපි කම්පියුට ලැබ් එකෙන් චැට්රුම් යනකාලෙ.. ඔය චැට් රුම් වල දැන් ඔන්ලයින් ඉන්නවා වගෙම තමා නොවිච්ච දෙයක් නෑ. හිටිය ගමන් තමයි මට මෙයාව නෝටිස් වුනෙ. ඒ කාලෙ එක බුවෙක් හිටිය ඕකෙ රන් සමනළය කියලා. ඌ වෙනම ප්‍රෝ ෆයිල් එකක හිටියෙ. පැරනොයිඩ් කියන්නේ මගෙ යාලුවෙක්. අපි යාලුවෙක් වුනෙත් ඕක නිසාම තමයි. ඌ ඒ දවස් වල ඕඩියො ඉංජිනියරින් පිස්සුවක හිටියෙ. පැරනොයිඩ් තමයි මට කිව්වෙ අලුත් කෙල්ලෙක් ඉන්නවා මිණි කියල. රන් සමනලය ට්‍රයි කියල.
ඒ දවස් වල රන් සමනලය කෙල්ලො එක්ක අම්බානට කේස්. ඌටම හරියන බඩ්ඩකුත් හිටිය ක්වීන් එයිට්එයිට්එයිට්…
‘ක්වීන් ට්රිපලෙයිට්’ මම ඔහුව නිවැරදි කළෙමි.
‘මෙයා එනව . ඇවිත් පොඩ්ඩක් වටයක් කැරකෙනව ආයෙ යනව. මං ඉතින් හෙමිට කතා කරල බැලුවා. කොමන් චැට් එකේ රිප්ලයි නැහැ. පස්සේ ප්‍රයිවට් චැට් කලත් සද්ද නෑ. පස්සේ දවස් ගනනාවකින් රිප්ලයි කලා. ඊට පස්සේ ලව් කආ අපි..
මා බයෙන් හිටියෙ අප අතර හුවමාරු වු හැමදේම ඒ විදියටම මේ අවංක මනුස්සයා මෙතන කියා දමාවි කියාය. හොඳ වෙලාවට එහෙම නැත එතැන් සිට කතාව අප වෙන් වෙනතුරුම පැවකි අයුරු එරන්ද කියාගෙන ගියේ මාවද පුදුමයට පත් කරවමිනි.
‘එකපාරටම ඒ කොල්ලට පිස්සු හදවල ඔයා කොහෙද යන්න ගියෙ බිම්ම
අචල මවෙත හැරුණේය. එතැනින් පසු කතාව එරන්ද වත් ඇත්තෙන්ම දැන සිටියේ නැත.
‘මං ඒ ඔෆිස් එකේ ට්‍රේනි කෙනෙක් හැටියටනෙ හිටියෙ. මං ලංකාවෙ කැම්පස් එකකට සිලෙක්ට් වුනෙ නැති නිසා ගෙදරින් මාව බැචලර් ඩිග්රි එකකට ඇප්ලයි කරවලා තිබ්බෙ. හිටිය ගමන්ම ඒකට යන්න ආවා. ඉතින් මට යන්න වුණා. සිම් එක ඔෆිස් එකට දුන්නා. එහෙදි වැඩ වැඩි වුණා. පිස්සුවෙන් වගේ කැම්පස් එකෙ වැඩ. අනික් ට පාට් ටයිම් කරගෙන සල්ලි හෙයොගන්න වුණා. පාට් ටයිම් කරනවා කියන්නේ ඉතින් ක්ලීනින් අනම් මනම් නේ.. පිස්සු වගෙ ඒ කාලෙ..
මට හිතාගන්නවත් බැරි වුණා. ලංකාවට එන්න හැදුවා.ඇඩුවා. ජාන්ව අමතක වුණාම නෙමෙයි. ඒත් මට මගේම උදව් ඕනවෙලා තිබුණා. පස්සේ ඉතින් කාලයක් එක්ක දේවල් වෙනස් වුණා. ‘
‘එතෝට ඔයා කොහොමද බිම්මා අපිවම හොයා ගත්තෙ..
ඒ ඇසුවේ මිහිරය. පිළිතුර සංවිධානය කරද්දී,
‘කමුබන් කියන නමෙන්….කියා කීවේ එරන්දය. අචලත් මිහිරත් මමත් ඔහු දෙස පුදුමයෙන් මෙන් බැලුවෙමු.
‘රෙස්ටොරන්ට් එකක් කරන්න ඕනෙ කියලා මං ඒ දවස් වල මෙයාට කිව්ව. කමුබන් කියල නමක් දානව කියලා ඒ වෙලාවෙ කටට ආවටයි කිව්වෙ. පස්සේ මෙයා කිව්වා මෙයා දානව කියලා කොෆි ශොප් එකක්…
‘චිම්නි කෝපී…. සුදු නංගී සිනාවී කීවාය.
‘ඇත්තටම ඇත්ත ඒකද අක්කි , කියා ඇසුවාය. මම හිස වැනුවෙමි.
මං ලංකාවට ඇවිත් නර්මදා හම්බෙන්න ගියාම නර්මදා අපට ලන්ච් ඕඩ කරල දුන්නා. ඒ ලන්ච් එක ගෙනාපු බෑග් එකේ කමුබන් ලෝගෝ එක තිබුණා. ඒකෙන් තමයි මට ජාන් හොයා ගන්න අයිඩියා එක ආවෙ. ඇත්තටම ඕන වුණෙ එක සැරයක් හරි දැකල කතා කරන්න විතරයි. පස්සේ දැනගත්තා ඕනර්ස් ලා තුන්දෙනෙක් කියලා. කවුද හරිම කෙනා කියලා හිතුව හිතුව ඒත් තෝරගන්න බැරිවුණා. නම දැම්මෙ කවුද කියලා ඔයාලා කිවුවෙත් නෑ.
‘හපොයි ඒවා දේවරහස් වගෙ රකිනව අක්කි මෙයාලා
‘හොදට තියෙයි ගෑනුන්ට ඕව කිව්වෙවාත් නේබං
‘ඒත් ඒ ගමනෙදි අපි දෙන්නා හම්බුනා.. ජාන් කියලා කෙනෙක් හිටියත් නැතත් එරන්ද හම්බෙන සතුට මට තිබුණ.හැබැයි, පස්සේ මං ලොකු වැරදි වැටහීමකට ආවා. මේ පොඩි ජාන් නිසා. .
‘ඔයා හිතුව නේ මිහිරයි ඔයාට චැට් කලෙ කියලා
මම හිස වැනුවෙමි. මිහිර ඇස් ලොකු කර සිනාසුණේය.
‘ඒ නිසා තමයි මං හැමදේම අතැරල යන්නම ගියෙ..
‘හ්ම්ම්ම්ම්ම්…
ඉනික්බිති සරදම් සමච්චල් ආදරය පිරි කතා වට කිහිපයක් එහා මෙහා විණි. තමන්ගේ ගෙදර ඇඳ මතකයට නැගීදෝ ජාන් සිය අවසාන නිවේදනයද අම්මාටසහ තාත්තාට ඉදිරිපත් කළේ නොනවත්වා හැඩීමෙනි.
ඔවුන් නික්ම ගිය පසු එරන්ද මා අසලට ආවේය.
‘
‘බොන්නෙ නෑ කියල පැයද දෙකද මංද ගෙවුණෙ
‘පෙවෙනවනෙ ..
‘පෙවෙනවාද ?
‘ඔයා දන්නවද ..
මොකක්ද
‘හෙණටම අවංක කොල්ලෙක්ගෙ උනත් අවංක කම නැතිවෙන්න පුලුවන් තැනක් තමයි බොන්නෙ නං නෑ බබා කියන තැන..
‘
ප්‍රීතිමත් සහ විස්මයජනක ගෙවී ගිය දෙසතියකි. එරන්ද ගේ අම්මා සහ තාත්තා කොයිතරම් නිදහස් සිතිවිලි වල වෙසෙන මිනිසුන්දැයි මට හදුනා ගන්නට හැකිවිය. ඔවුන් අඩුම තරමෙ ඇමති වරයා සහ මා අතර සිදුවුයේ කුමක්දැයි විමසුවේ නැත.
‘අම්මලාට පුදුම හිතුණා. ඔයා මාව බලන්න ආයෙ ආවා කීවාම.
‘ඇයි
‘සාමාන්‍යයෙන් ගෑනු ළමයි එහෙම නෑනෙ
‘ඒ කිව්වෙ..
‘සල්ලි , එක්ක පහසුවෙන් ජීවත් වෙන්න පුලුවන් තැන් ලේසියෙන් අත් අරින්නෙ නෑනෙ
‘හැබැයි මං හිතන්නේ ඒ අත් ඇරීමම තමයි කවද හරි ගෑනු ළමේක්ව තමන් ගැන ආඩම්බර කමකිනුයි සතුටකිනුයි තියන්නෙත්
‘ඔයා හිතන විදිය අමුතුයිනෙ … ඒකයි
‘මං හිතන විදිය වැරදිද
‘හරි වැරැද්දක් කියන්න බෑ හුගක් වෙලාවට ඉතින් වෙනස්. හැබැයි මං කැමතියි..
‘කොච්චර දේවල් දිහා අමුතුවට බැළුවත් මට මාත් හරිම ආත්මාර්ථකාමී සම්ප්‍රදායිකයි කියලා හිතන තැන් තියෙනවා
‘මං ඒක දන්නවා
‘මොකක්ද
‘කොච්චර කොහොම හිතුවත් මං ගැන හිතද්දී ඔයා මාරම සෙල්ෆිශ් කියලා
‘එහෙම ත් නෑ. මං එහෙ ඉද්දි හිතාාගන හිටිය ඔයා කා එක්ක හරි සතුටින් හිටියාවෙ කියලා..
බොහෝ කම්කටොලුද වේදනාත්මක අවසානයන් මෙන්ම මගහැරීම්ද මගහැරයාම්ද පැවති පෙම්කතාවක අවසානයේ අපි එකිනෙකාට මුහුණලා බලා සිටියෙමු. තැනින් තැනින් සිදුරු කරනා ලද විදුලි පහන අතරින් ආලෝක කැටිති වී අපේ මුහුණු වලට වැටෙමින් තිබිණි.
‘අචලගෙ වෙඩින් එකට මං තව මාස දෙකකින් ආයෙ එන්නෝනනෙ. මේ ගමන ගිහින් ඒ නිවාඩුවෙ එන්නං
කමක් නෑ..
‘අපි ඒ ආවම අලුත් ගෙදර පදිංචි වෙමු..
‘හ්ම්ම්ම්ම්
‘ඔයායි මායි මැරි කළාම ඔයාට මා එක්ක එහෙ එන්න පුලුවන් . එහෙ ඉන්න කැමති නැත්නම් මෙහෙ
ඉන්නත් පුලුවන්
‘මං එහෙට කැමති නං නෑ. ඒත් බැන්දට පස්සේ නං තැන් දෙකක ඉන්න බෑ බිම්මා..
‘ඇයී ඒ.. ආදරේ කරද්දී.. පුලුවන් වෙන්නයි බැන්දට පස්සේ බැරි වෙන්නෙයි..
‘ඇයි ඔයාට ඕන දේ දෙන්නෙ කොහොමද
‘මොකක්ද මට ඕන දේ කියන්නෙ
‘ඇයි මගෙ පුතා..
ඉතින් දුරෙන් ඉන්නේ කොහොමද .. ආයේ ආයේත් ඒ රෝස ඇගිලිත් රෝස පතුලුත් බටිති දෙතොල් සහ ලස්සන ඇස් තියෙනා චුටි පුතෙක් ගැන හීන අහුරක් ඉහෙන කොට..
‘කොහොමද ඔයා හරියටම කියන්නේ අපට පුතෙක්ම හම්බෙයි කියලා
‘එහෙම තමයි වෙන්නෙ..
‘ජාන්ව දැක්කම තමයි මං බබෙක්ට ඇත්තටම ආස වුණෙ .. ඒත් මං බදිනව කියලා ලොකු කල්පනාවක හිටියෙ නෑ. සසදි එක්ක එහෙම එකක් ප්ලෑන් කරන්න බය හිතුණා. ඔයා ආවා. ගියා. ආයෙ ආවා. ගියා. මට හිතුණා මේ මගුල හරියන්නෙ නෑ. ආදරේ කරන් නෑ.. කසාද ඕනෙත් නෑ කියලා.එහෙම නැත්නම් මං ජාන් කියන නම තියාගෙන ඉන්නවා අපේ පුතාට දාන්න..
ආදරෙන්ම ගෙවුණු දෙසතියකට පසු නැවත මම අචලද සමග ස්වීඩන් ආවෙමි. අචල මුුළු නිවාඩුවේම කළේ එක් එක් ලියකියවිලි සකස් කරගැනීමට රජයේ ආයතනවල රස්තියාදු වීමය. තාක්ශනික පද්ධති ගොඩනැගීමේඋපන් හපන් දක්ෂයෙකු වෙන ඔහු ලග මේ වැඩකටයුතු පහසුවෙන් කරවා ගැනීම ගැන උපක්‍රම අපමණක් තිබිණි.
‘මේ තරම් ලේසි ක්‍රම මේවට තියෙද්දී බිම්මා, මුන් එකවැඩේට අපිව මෙච්චර රස්තියාදු කරවනවා. මං අහන්නෙ ඇයි බිම්මා බැරි ග්‍රාමසේවා සහතිකෙ එවෙලෙ සිස්ටම් එකට ඇඩ් කරල අපෘ කරල දිසාපති කාර්යාලෙන් ඒකටම ඊ අපෘවල් එකක් ගහන්න.මනුස්සයෙක් ඔච්චර රස්තියාදු වෙන්න ඕනෙද?
ලංකාවෙ තාක්ශනය දියුණු නගරවල විතරයිනෙ. පහුගිය කාල වල ඔන්ලයින් ලෙක්චර්ස් වලට ළමයි කොච්චර කටු කෑවද ඈත ගම්වල..
‘ඔව් ඉතින් යටිතල පහසුකම් හරියට වැඩිදියුණු නොවීහරියට සිස්ටමයිස්ඩ් කරන්න බෑ කිසිම දෙයක්..
‘අපි නෙක්ස්ට් ලෙවල් යන්නෝන කිව්වට ලංකාව දැන් යන්නෙ ලෙවල් තුනක විතර වේගෙන් ආපස්සට .
‘
‘ලංකාව හරියන එකක් නැද්ද..
‘හරියට රටට ආදරේ කරන නායකයෙක් ආවාම..හරි මනුස්සයෙක් ව තෝරගන්න විශ්වාස කරන්න තරම් රටේ මිනිස්සු බුද්ධිමත් වුණාම .. අලුත් සිතුවිලි තියෙන පොසිටිව් පිරිසක් ඉන්න කාලෙක ලංකාව ගැන බලාපොරොත්තු තියන්න පුලුවන් වෙයි.. එහෙම නැතුව ඉතින් හැමදාම තමන්ගේ අම්ම අප්පය කියල ජරාජීර්ණ වෙච්ච දේශපාලන සංස්කෘතියක් කරපින්නගත්ත ජරාවාස වෙච්ච දේශපාලන ආකෘති එක්ක නං නැගිටින්න හදන්නෙ කොච්චර නැගිට්ටත් ඔතනම තමා..
අප කොතරම් කතා කළත් ඉතිරිය ඔපමණය. එවර ලංකාවෙන් ආවේ බලාපොරොත්තු බිඳගත් හිස් හිසක් සහ හිස් ප්‍රාර්ථනා පැසක් දෝතේ දරාගත් බිම්මෙක් නොවේ. ඇත්තටම ඇය හැමවිටම සිනාසෙමින් සිටියාය. විටෙක දුරකතනයේ විඩියෝ සංවාදයකය. විටෙක නගරයේ මල් පිපී ඇති ලස්සන උයනකය. විටෙක කාර්යාලයේ හමුවිම් කාමරයකය.
සාමාන්‍යයෙන් වෙනස් නොවී පැවතුණ ශාරිරික ක්‍රියාවලින් වල කාලයක් තිස්සේ කුඩා කුඩා වෙනස් කම් ඇතිවුණත් ඒවා නොයෙක් හේතුන් මත මට හුරුපුරුදු ඒවා බවට පත්වි තිබිණි. මම ඒවා වැඩිහිටි වීම නම් ලේබලය යටතට පහසුවෙන් බැහැර කළෙමි.
ඩිවයින් එලිගන්ස් එකේ අක්කා , අචලලාගේ මංගල දිනයට අදින්නේ මොනවාද කියා අසා තිබුණාය. එ වන විට අප ඒ වෙනුවෙන් ලංකාවට යා යුතු දවස ළංවී ත් තිබිණි. අපට උත්සවය ගැන ඇත්තටම නොදැනුණේ සැලසුම් සමාගම හැමදේම කිසිම අඩුපාඩුවකින් තොරවඉටු කරමින් සිටි හින්දාය. අනික් ට එරන්දත් මිහිරත් අචලගේ පැත්තෙන් වෙන්න ඕනෑ දේවල් අකුරටම ඉටු කරමින් සිටියහ.
දෙන්නාගේ දෙවෙනි දවසට අදින්නට තීරණය කළ ඇගට හිර ඇඳුමට මිමි යවන්නට උවමනා නිසා ශෙයිලා ටේප් පටියක්ද අතැතිව මා වටා කැරකෙමින් උන්නාය. ඕ දෙවරක් මගේ ඉණත් උකුළත් මැන්නාය.
‘බිම්මා, ඔයාට හොඳටම විශ්වාස ද හැමදේම හොඳින් කියල
ශෙයිලා ඇසුවාය. මම පුදුමයෙන් ඇය දෙස බැලුවෙමි.
‘මම අහන්නෙ ඒක ගැන
ටිකක් අසාමාන්‍ය ගතියක් තියෙනව.ඒත් කාලයක ඉදල එහෙම වෙනස් කම් වෙනව
‘නැහැ බිම්මා.. මේ පාර ඒක වෙන විදියක් වගෙයි…
මම මොහොතකට ගොලුව සිටියෙමි. ඇත්තටම ඒක එහෙම නම්….ටික වෙලාවකට අතුරුදන් වු ශෙයිලා යලිදු ආවේ මිට මෙලෙව් කුඩා යමක් අතෙහි තියාගෙනය. අනික් අතෙහි කුඩා වීදුරු බදුනකි.
‘දැන්ම මං මේක කරන්න ඕනෙද
අනිවාර්යයෙන් ම. මේ දැන්.
විශ්වාසය පිලිබඳ හැගීමක් නැතිව මම නාන කාමරයට ගියෙමි. මුලින් ම මම පිලිතුරක් එනතෙක් අහක බලාගෙන සිටියෙමි. ඇස් තද කර වසාගෙන සිටියෙමි. බැරි ම තැන ශෙයිලා දොරට තට්ටු කලාය. ඕ නාන කාමරයට ඇතුළු වන තෙක්ම පමණක් නොවේ ඇය එය පරීක්ෂා කරන තෙක්මත් මා සිටියේ එදෙස. නොබලාය.
‘බිම්මා…
‘එයා ඔයා ගෙ ඇග ඇතුළේ..
ශෙයිලාගේ ප්‍රීතිමත් කටහඬ ඇගේ උණුසුම් වැළඳ ගැන්ම මට දැනෙයි..මම දෝතින් මගේ කුස පිරිමැද බලන්නෙමි. කුඩා ටෙස්ට් තීරු පටියෙහි ඉරි දෙකකින්එයා ඇත්තටම මං ඇතුලේ බව තහවුරු වීඇත.
‘
‘ඉන්න අපි එරාව සප්‍රයිස් කරමු..
ඇය පින්තූර කිහිපයක් ගත්තාය.මම එරන්ද ට වට්සැප් එකෙහි හායි කීවෙමි. ඔහු චිමිනි කෝපිහි පින්තූරයක් එව්වේය.
‘ගම්පහ යන්න වෙයිි
‘ඔයා ආවාම යමු
‘එහෙම බැහැ ..
‘ඇයි ඒ
‘අපි එක්ක කෙනෙක් එනවා.. එයාව ටිකක් පහසුවට තියන්න ඕනෙ
‘කවුද එන්නෙ බිම්මා..
ශෙයිලාත් සිටියේ මා සමගම දුරකතනයට එබී ගෙනය. ඕ වහා ඇගේ දුරකතනයේ තිබි විනාඩි කිහිපයකට පෙර ගත් පින්තූර මගේ දුරකතනයට හුවමාරු කළාය. මම ඉන් එකක් යැවීමි. මොහොතක් ගත විය. නිල් ඉරි සහිතව පින්තුරය බැලුබව සනාථ විය. පිළිතුර ක් ප්‍රමාදය.
‘ඔයාගෙද ?
මම නිහඩව හිදිමි. දුරකතනය සියුම් හඩකින් ඇහැරෙයි. කිලෝ මීටර් දහස් ගණනක දුර සිට එරන්ද ඇමතුමකින් මා සොයා එමින් සිටියි. තිගැස්සී ඉන්නා මා නොවේ. වීඩියෝ ඇමතුම ක්‍රියාත්මක කළේ ශෙයිලාය.චිමිනි කෝපි පසුබිමේ සිට මා ආදරේම සිනහව මුහුණේ දවටා ගෙන එරන්ද බලා සිටියි. මම දිගු සුසුමක් හෙළමි. ඇත්තෙන්ම උවමනා එකිනෙකා වැලඳ ගන්නටය. අඩන්නටය. මං තුළ හුස්ම හොයනා සිහින් යමක් හිදින බව ඔහු ට කියා ගන්නට මට වෙන වචන නැත. ටික වෙලාවකින් ඒ දිිලිසෙන ඇසක කදුලක් පිසලමින් ඔහු වචන කිහිපයක් මිමිණුවේය.
"ඔයාට එයාව දැනෙන්න පටන් අරංද බිම්මා? "

No comments:
Post a Comment