Thursday, November 17, 2022

Daffodil Terrace 23

 #DT




23

ඩැෆඩිල් ටෙරස් මන්දිරයකි. එහි එහෙමෙහේ ඇවිදින්නේ නැතිව ඩැෆඩිල්ඩ්ස් කියා නම් කරන ලද කාමරයට බඩුමුට්ටුද සමගම මා ගාල් කරන්නට මලියෝනාට වඩා උවමනාව තිබුණේ ඒඩ්න්ටය. කාමරයේ අස්පස් කරන්නටය කියා විශේෂ අවුලක් නොවු අතර මම මගේ සීමිත බඩු බාහිරාදිය අල්මාරියට කන්නාඩි මේසයට ආදි වශයෙන් නියාමාකාර තැන් වලට තැන්පත් කළ යුතු ආකාරය ගැන මම සිතුවෙමි.

නිශ්ශබ්ද නිද්‍රාවේ

හේමන්ත හැන්දෑවේ

නුඹ කොහොම මෙහෙම

හොර හොරෙන් ආවාද ආදරයේ ..

මග බලා ඉදින්න තරම්

ඉවසන්න දන්නැති හිතක මගේ

අනුරාව සමගින් ආදරේ ..

තවරා

නුඹ කොහොම ඇවිද ආවදෝ

පවසන්න ආදරියේ..

සාද සෘතු එළඹෙයි. තවමත් උදානොවු මොකක්ද මන්දා වසන්තයක දලු කොල පොරවා ගත් අනුරුවබක් මට පෙනෙන ඉමකින් මතුවෙයි. ඒ චාරුදරගේ ආදරයෙන් පොහොණි වන මගේ හදෙහි මතක පසය. සතුටු පැළ දලුලන්නට ඒ මතක පසෙහි සාරවත් බව හොඳටෝම ප්‍රමාණවත්ය. ඉතින්, මම චාරුගේත් මගේත් ආදර මතකවල කුඩා කුඩා පැළ පොඩිති ඒ පසෙහි යට කරමි. ඒවා විසල් ගස් වී වැඩෙනු ඇත. මට මගේ හිත රූස්ස ගස් වලින් සුසැදි ස්වභාවික වැසි වනාන්තරයක් කරන්නට ඒවා දිනෙක පදනම් වෙනු ඇත.

"කොහෙද ඉන්නෙ?"

මම හිමකරගෙන් විමසමි. ඒඩ්න් අතට දුරකතනය මාරුවිය.

"මොකද වැඩ ඉවරද?"

"හ්ම්ම්"

"රූෆ් ටොප් එකට එන්න.."

රූෆ් ටොප් එකට යන පාර අසාගන්න මලියෝනා සිටින තැනට යද්දී මගදි නුර් හමුවිය. මා ඇයට සිනාවක් පෑවද ඕ නොවේ මාව ගණනකට වත් නොගත්තාය. මගේ ගෙලෙහි ඇති චාරුදර පැළැන්දු මාලය දෙස බැලුවාය.

" ඔයා හැම වෙලාවෙම සුදානම් සරිරෙන් ඉන්න කෙනෙක් වගෙ"

"ඒ කියන්නේ ?"

"ඔය මාලේ…"

මම නුර්ට යාන්තම් සිනහා වෙමි. ඕ ඇගේ අනුරාගී පාට ඇස් මවෙත යොමු කරගෙන සිටින්නේ විශ්මීය තර්ජනාත්මක බැල්මකිනි.

"ඒක දාගෙන ඉන්නෙක හොඳයි.."

"ඇයි නුර්.."

"ඔයාව යටත් කරගෙන පාලනය කරන්න කාටවත් බැරිවෙයි."

ඇය එසේ කියා සුසුමක් හෙළුවාය. මම මලියෝනා හමුව ඇය කී මං සලකුණු දිගේ රූෆ් ටොප් එක වෙත ගියෙමි. ඇත්තෙන්ම ඩැෆඩිල් ටෙරස් සීතලය. ඒ අවට රාත්‍රී පරිසරයත් දේවදාර උයනෙහි පරිසරයත් ලොකු වෙනසක් නැතත් මිහිදුම අතින් සීතල අතින් තරමකට වෙනස්ය.

මා එතැනට යන විටත් වොඩිකා බෝතලයක් සමග සමාගමයක් ආරම්භ කරගෙන සිටි මිතුරන් දෙදෙනා මා වෙනුවෙන් ආරාධනා සිනා පෑහ. ගැහැනු ළමයෙකු වුවත් බීමත් පිරිමින් සමග හැසිරීම පිලිබඳ මට තිබුණේ එක්තරා විදියක සමාජ හැසිරීම් උපාධියකි. කලින් වතාවේදි රාත්‍රී සමාජ ශාලාවේදි ඇතිවු සිදුවීම මිස ඊට පෙර එවැන්නකට මා මුහුණ දී තිබුණේද නැත.

මජ වෙනුවෙන් වීදුරුවකට වොඩ්කා වත්කර එය මේසය දිගේ තල්ලු කළේ හිමකරය. මම වඩාත් කාරුණික වී එය ප්‍රතික්ෂේප කළේ නන්නාදුනන කාමරයක ගෙවන්නට ඉතිරි දිගු රාත්‍රිය පිලිබඳ අවිනිශ්චිත භාවයෙනි. ඩැෆඩිල් ටෙරස් ඒඩ්න් පීටර්ස් ගේ මුතුන් මිත්තන්ට අයිති එකක් බව සැබවි. එහෙත්, එක් කෝනරයක තිබු පොත් රාක්ක ප්‍රමාණය සහ එහි තියා තිබු පොත්පත් අමුතුය. ඉන් බොහොමයක් බැලු බැල්මට ඔරිජිනල් ඒවාම බවත් පෙනිණි. ඒවායින් සමහරක කවර හදුනා ගත නොහැකි තත්වයට පත්වි තිබුණු බව ඇත්තකි. එහෙත්, ඒවායේ බැලුබැල්මට අමුත්තකි. මා මෙවැනි අලුත් තැන්වලට හුරු වෙන්නට යම් කාලයක් ගත කරන කෙනෙකි. එබැවින් මම ඒ රාත්‍රි ය හොද සිහියෙන් ගත කරන්නට සිතා සිටියෙමි.

හිමකර ඩැෆඩිල් ටෙරස් වෙතින් නික්මුණේ බංගලා කන්ද නගින්නට ත් බැරි තරමට බීමත්වය. ඔහු අපට ඔහුගේ පෙම්වතිිය ගැන මුල්වරට බොහෝ දේ කීවේය. එහෙම කියනා ගමන් හැඩුවේය. සිනාත් සුණේය. ඔහු කියනා දේ වලින් තේරුණේ ඇය ඔහුට හුගාක් ආදරේ බව දැනෙනා බවය. ඒත් නැගි එන තරුවක් විදියට මේ වෙලාවේ ඔහුට රසිකාවියක් සමග ප්‍රේම සම්බන්ධතාව ක් පටන් ගන්නට විදියක් ඇත්තේම නැත. අනවශ්‍ය විදියේ ගැබ් ගැනිමක් ඇයට සිදුවුනොත් කරකියා ගන්නට දෙයක් නොමැති බව ඔහුට වැටහුණේ හැමදේම සිදුවු පසුවලු..

"උඹ බයවෙන්න එපා. එහෙම දෙයක් නෑ. ටෙන්ශන් එකට ඩිලේ වෙලා ඇත්තෙ!"

"උඹට එහෙමද හිතෙන්නෙ?"

හිමකර බංගලා කන්දට ඇරලවිමේ වගකිම ඒඩ්න් භාරගත් අතර ඕනැනම් හිමකර ඇරලවන්නට එන්නැයි ඒඩ්න් මටද ආරාධනා කළේය. කතාවකට පටලවා ගන්නට හොදටම උවමනාවු නිසා මම ඒඩ්න් ගේ වම්පසින් ඉදිරිපිට අසුනේ හිද ගතිමි.

"හිමා, උඹට හොදටම ශුවර්ද තනියම යන්න පුලුවන් කියලා.. "

" ඔව් ඔව් ..අවුලක් නෑ.. මං යන්නම්" හිමකර බංගලා කන්ද නගින්න පටන් ගත්තේය. ඔහු සංචාරක බංගලාවේ විදුලි බල්බ කීපයක් දල්වා ඔහු උඩට නැගං බව අැගවු පසුආපසු හැරුණෙමු.

" තීනු කැමැත්තෙන්මද ඇත්තටම ආවෙ අපේදිහා?"

"ඔයාලා දෙතුන් දෙනා විතරක් අර ලොකු ගෙදරට වෙලා මොනව කරන්නද? "

" මං මේ කොළඹ ගිහින් ආවෙත් ඩැෆඩිල් ටෙරස් එක රෙස්ටොරරන්ට් ටයිප් එකට මොඩිෆයි කරල ටුවරිස්ට් ලට මේක දෙන්න ඉන්වෙස්ට කෙනෙක් හොයන්න"

“ ඔයා හිතනවද ඒක හොඳ අදහසක් කියලා මේක ටුවරිස්ට් රෙස්ටොරන්ට් එකක් කරනෙක?”

“ඔව්.. මොකද්ද ඒකෙ ගැටලුව?”

“අනේ මන්දා ඕනවට වැඩියෙන් මිනිස්සු එන්න යන්න පටන් ගත්තාම මේක විනාස වෙලා යාවිද මන්ද”

“අපි අලුත් විදියට හිතන්නෝන තීනු.. “

“ඔයාට සල්ලි ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතෙන්නෙ නෑ ඒඩ්න්”

“සල්ලි ගැනම හිතලා කියන කතාවක් නෙමෙයි මේක. අවුරුදු සීයක් විතර ගියාමත් ඩැෆඩිල් ටෙරස් එක මෙහෙම තියෙනවට මං කැමති නෑ.. “

“අවුරුදු සීයක් යනකම් අපි ‍ජීවත් වෙන්නෙ නෑනෙ.. “

මා කියද්දී ඒඩ්න් හැරී මදෙස බැලුවේය. එය ඇමුතු බැල්මකි. එහි වුයේ වැඩිහිටියෙක් නොතේරෙන බබෙකු දෙස බලනාකාරයේ බැල්මක්ද? නැත්නම් අනේ උඹ දන්න ලබ්බක් තියෙනවාද කියා සරදමට බලන බැල්මකද?

පළවෙනි කාණ්ඩ‍යේ එකක් බලන්නට ඉඩ ඇතත් දෙවැන්නක් බලන්නට ඒඩ්න් පෙළඹෙන එකක් නැත.

මොහොතකින් දුරකතනය නාදවෙන්නට පටන් ගත්තේ කු‍ට්ටන් ගේ නොම්මරයෙනි.

“අනේ නෝනා.. ඉන්න තැනකින් ඉක්මණට එන්න.. ‍හිමකර මහත්තයා පිස්සෙක් වගේ හැසිරෙනවා. බැරිම තැන දොර වැහැවුවා මමයි චන්දයි කාමරේට දාලා. ඒත් තව ටිකකින් දොර කඩාගෙන හරි එලියට එයි වගේ.

මට පේන්නේ යක්දෙස්සෙක්ගෙ බලපෑමට අහුවෙලා වගේ.. “

අවසාන වාක්‍යය කු‍ට්ටන් කීවේ සෙමිනි. ඒඩ්න් මදෙස බැලුවේය.

“මොකද්ද ප්‍රශ්නෙ”

“ආපහු යං..හිමා පිස්සු නටනවලු”

“ඇයි”

“කියන්න නම් තේරෙන්නැ ඇයි කියලා”

“යමු”

ඒඩ්න් වාහනය ඒ තත්පරයෙන් හරවා ගත්තේය. අපි වේගයෙන් වේගයෙන් බංගලා කන්ද නැග්ගෙමු. හිතේ වේගයට මහන්සියක් නොදැනිණි. හිමකර ‍ගේ කාමරය දෙසින් නැගුනේ කෑගැසිමකි. විලාපයකි. වරෙක හැඩිමකි. වරෙක දෙවනත් කිරිමකි.

“තීනු .. ආවා නේද”

නිශ්ශබ්දතාවයක කෙළවරින් හිමකර ඇසුවේය. ඒඩ්න් දෙතොල මත ඇගිල්ල තියා තදකර ශබ්ද නොනැගන්නයි කීවේය. මම දොර දෙසට යන්නට තිබු පය ආපස්ස‍ට ගත්තෙමි.

“ට්‍රැවල කෙනෙක් ඇටැක් කරලා වගේ..” ඒඩ්න් තමන්ටම කොදුරා ගත්තේය. ක්ශනයෙන් මදෙසට හැරුණේය.

“ මට හිතෙන්නෙ ඔයා මෙතන ඉන්නෙක සෙකියුර්ඩ් නැහැ කියලා”

මම ස්ථිර බැල්මකින් ඒඩ්න් දෙස බැලුවෙමි.

“මං දන්නවා මෙතන වෙන්නෙ මොකක්ද කියලා අපි පුලුවන් කෙනෙකුට කියලා මේ ට්‍රැවලර්ව හිමාගෙ ඇගෙන් අයින් කරන්න ඕනෙ.”

“ට්‍රැවලර් කෙනෙක් ඇගට ආවාම ඒ ට්‍රැවලර් තමන්ගෙ ඇග අයිිතිකරගන්නවට අපි ෆයිට් කරනවා. මේ හිමා ඉන්නෙ ඒ ස්ටේජ් එකේ. මේ වෙලාවෙ ට්‍රැවලර් එයා එක්ක නෙගෝශියේට් කරනවා. එයාගෙ මයින්ඩ් එකත් එක්ක. බැරි වෙලාවත් ට්‍රැවලර් ව ඇගෙන් පන්න ගන්න හිමා ට පුලුවන් වුනොත් ට්‍රැවලර් මෙතන ඉන්න කෙනෙක්ගෙ ඇගකට රිංග ගන්න පුලුවන්. එහෙම රිංගුවොත් මෙතන ලේසිම කෙනා ඔයා කියලයි මට හිතෙන්නෙ. චාරුදරට කෝල් කරලා ගෙන්නගන්න. එයාට කියන්න ඔයාව මෙතනින් අයින් කරගන්න කියලා”

“එහෙම බැරිවුනොත් මොකද වෙන්නෙ”

“හිමා ඒකට ඉඩ දෙන එකක් නෑ. . ටක් ගාලා මං කිව්ව විදියට කරන්න”

මගේ ඇගිලි වෙව්ලද්දි මම චාරුදරගේ අංකයට කතා කළෙමි. ඔහු සිටියේ නිශ්ශබ්ද තැනකය. මා කරන්නේ හැමවිටම ඔහුගේ නිස්සද්ද ජීවිතය අවුල් කිරිමය.

“ චාරු.. අනේ.. “ මෙහෙම පටන් ගෙන සිදුවුන දේ කියනවිටත් චාරුදර මගක් පැමිණෙමින් සිටියේය.

“මේ වගේ වෙලාවල මට හිමාව මෙතන දාලා යන්න හිතෙන්නෙ නෑ..”

“ඔයා මං කිව්ව විදියට කරන්නකෝ. මං මේ ටික බලා ගන්නම්”

ඔහු ඒ වෙනවිට සිටියේද කාටදෝ කතා කරමිනි.

“චාරු ආවාම ඔයා එයා එක්ක පුලුවන් තරම් ඈතකට යන්න හරිද?”

ඒඩ්න් කීවේ මට බංගලා කන්දේ පියගැටපෙළ බසින්න‍ට බලකරමිනි. මා පියගැටපෙළ දිගේ පහළට දුවගෙන දුවගෙන යද්දී චාරුදර පැමිණ බයිසිකලය නතර කළේය. අඩියට දෙකට එහි නැග්ගාම ඔහු හැකි තරම් වේගයකින් මාව කොහේ කොහේදෝ පාරවල් මැදින් දුර ගෙන ගියේය.

“ චාරු, පව් අනේ හිමා. තීනු ආවා නේද කියලාත් ඇහැව්වා..”

මා කීවේ බයිසිකලයේ වේගය අඩුකරගෙන මා කී දෙයක් අහනා මට්ටමකට චාරුදර වේගය අඩු කළ පසුවය. ඔහු බයිසිකලය පසෙක නවත්වා මටත් බහින්නැයි ඇගවුවේය. අප ඒ වන විටත් සිටියේ ජනාධික පෙදෙසක නොවේ. කුඩා ගම්මානයකය.

“ හිමා අයියට නෙමෙයි ත්‍රෙට් එක තියෙන්නෙ.. ඔයාට. ඌ හොයන්නෙ ඔයාව.. “

“ඇයි කෙළින්ම මට ඇටැක් කරන්නෙ නැත්තෙ”

“ඔයාගෙ මාලෙ නිසා. අනිත්තෙක ඔයා ගෙ විච් ජීන්ස් මික්ස් වෙලා තියෙන නිසා ඔයාගෙ වටේට ඔයාව ලොකේට් කරන්න බැරි විදියෙ.. සිකියුරිටි එකක් ඔටෝ හැදිලා තියෙනවා. ඔයා සාමාන්‍යයෙන් කවර්ඩ් කෙනෙක්. හැබැයි ඔයා එක්ක ඉන්න අනික් කෙනෙක්ව ලොකේට් කරගන්න ට්‍රැවලර්ස් ලට පුලුවන්”

“එතකොට ඩැෆඩිල් ටෙරස් එකට ඇයි කාගෙන්වත් ඇටැක් කරන්න බැරි”

“ඩැෆඩිල් ටෙරස් එක හදාගෙන තියෙන්නෙම කාටවත් ඒකට ඇටැක් කරන්න බැරි වෙන්න.. ඒක ඒ කාලෙ හදාගත්තු එකක්.. ඒ කාලෙ හිටිය සුපිරිම විචස් ලා ස්පෙල්ස් එහෙම දාලා ඒක හොදටම ආරක්ෂා කරලා තියෙනවා.”

“ඒඩ්න් ලා එහෙම හැමෝගෙන්ම උදව් ගන්න පුලුවන් විදියෙ මිනිස්සුන්ද”

“මිනිස්සු? හ්ම්.. ඔව්.. ඒත් එහෙ මනුස්සකමක් නම් තියෙන්නෙ මලියෝනට විතරයි”

“ එහෙම කියන්නෙපා ... ඒඩ්න් තමයි මට කිව්වෙ ඔයාව පුලුවන් තරම් දුරකට අරන් යන්න කියලා”

“ඔව්.. ට්‍රැවලස් ලට ඔයාව දැනෙන්නෙ නෑ. මාත් එක්ක ඉද්දි. මාව විතරයි ලොකේ‍ට් වෙන්නෙ”

“මේවා හතර බිරි කතා..”

“ඒක නෙමෙයි ඊලග එක තමයි හොදටම නරක”

“ඒ පාර මොකක්ද”

“ඔයාව මට වෙන කෙනෙක් ගාව පරෙස්සමට තියලා යන්න වෙනව”

“ඒ කවුද”

“භාග්‍යයි අනිත් තිස්අට දෙනයි”

“අනේ.. චාරු ඒක නම් කරන්න එපා.. “

“ඒ ගොල්ලො ඔයාව බලාගනිවි. අනිත් එක කීයටවත් ඒ පැත්ත පළාතට ට්‍රැවලර්ස් ලා එන්නෙ නෑ. එකක් උන් බයයි. අනික ඒ පැත්තෙ කිසිම කෙනෙක‍් නැ උන්ට ගැළපෙන‍ බොඩීස් තියෙන”

භාග්‍ය හැමවිටම මට දැනෙන්නේ වගකීමක් ලෙසිනි. ඊට හේතුවත් පැහැදිලි කරන්නට නොහැකිය. එහෙත් එය සහමුලින්ම පටලැවිල්ලකි. මොනවා වුනත් ඔවුන් තව මාස එකහාමාරකට කිට්ටු කාලයකට සම්පුර්ණයෙන්ම වෘකයින් පමණකි.

“මට ඔයාව ආයෙ යවන්නද කියන්නෙ?”

“ඇයි බැරිද ඉතින් මාව යවන්න”

“හිතෙන්නෙ නෑ”

“ඒ ඉම්ප්‍රින්ටඩ් නිසා”

“ඉම්ප්‍රින්ට් එක නැති වෙන්නෙ කොහොමද”

“ඒ්ක කවදාවත් නැති වෙන්නෙ නෑ”

“කවද හරි නැතිවෙනව නම් නැති වෙන්නෙ කොහොමද”

“මැරෙන්නෝන. නැත්නම් ඉතින් මතකය ඉරේස් වෙලා යන්නෝන”

“ඒ කියන්නෙ අපි කවදාවත් ඉම්ප්‍රින්ට් එකෙන් ගැළවෙන්නෙ නෑ නේද”

“නෑ.. බය වෙන්නෙපා. ටිකක් ඉවසල ඉන්න. අර ඔයා කියන ගමන යන්න මං එනවද නැද්ද කියල මං ඇත්තටම හිත හිත ඉන්නවා”

ටික වෙලාවකින් අතරින් පතර වන වදුලු වලින් කොල අතු පෑගෙන සහ පොඩි වෙන ශබ්ද ඇසෙන්නට පටන් ගත් අතර ශුද්ධ වු අර්ධ සුර්යවාංශික කුමාරවරු තිස්නම දෙනා සිය වෘක වේශයෙන් අප ඉදිරියේ පෙනි සිටිමින් සිටියහ. භාග්‍ය සිය වෘක අඩි තියමින් දඅප ළගට ඇවිත් සිටගත් අතර දණිහ බිම එබු චාරු ඔහුගේ ඇස් වලට සිය ඇස් ඉලක්ක කරමින් සිටියේ සිය සන්නිවේදන කටයුතු සදහා විය යුතුය. මා ඒ මොහෙ‍ාතේ සිතුවේත් චාරු එදා වගේ වෘක වේශයට වෙනස් වුව හොත් මොනවා කරන්නදැයි කියාය.

එවැන්නක් කිරිමට කිසිසේත් අවශ්‍ය  නොවු අතර එතැන මා තියා චාරුදර ගියේ මගේ හිස්මුදුන මත අත පමණක් තියා සියදහසක් හැගිම් ඇස් වලින් මා මත්තේ තියාය. අර්ධ සුර්ය වාංශික කුමාරයා ඉදිරියේ ඔහුට උරුම ගැහැනු ළමයා ගේ නළල වත් සිප ගන්නේ නැතැයි ඔහු ගිවිසා ගන්නට ඇතැයි සිතමි.

වෘකයින් තිස්නම දෙනා මා වටා කවයක් සාදාගත් අතර මට හැකිතාක් පහසුවෙන් හිඳින්නට ඉඩදී ඇස්පවා මගෙන් වසන් කරගත්තෝය. මම සඳ යටින් ඔහේ වැතිරී සිටිමි. භාග්‍ය මේ කොයි මොහොතොක හෝ මේ වෘක ඇඳුම ගළවා ගෙන සාමාන්‍ය මනුශ්‍ය වේශයෙන් මා ඉදිරියේ පෙනී සිටියැයි මම බලාපොරොත්තු වෙමි. කැළැවේ මේ පෙදෙසට කිසිම සම්ප්‍රේශණාගාරයකින් සංඳා නොලැබෙයි. ඉතින් යළි චාරුදර එනතෙක් මම ඔහේ බලා සිටිමි. සඳ ඒකාකාරි ත්වරණයකින් අහසේ අනික් පසට ඇවිද ගියේය. කොහේ හෝ තැනකින් දිවා ‍ව්වේකයට මුහුදේ ගිලෙන්නට ඇත.  රන් පැහැති කැප් තොප්පියක් පළන්දාගත් හිරු ගස් වැල් අතරින් එබි එබි බලන්නට පටන් ගත් පසු චාරුදර ආවේ රතු වුණු ඇස් වගේම වෙහෙසී තැම්බී ගිය මුහුණක්ද සහිතවය.

“ යාන්තම් ඇති..තීනු”

චාරුදර මා අසලින්ම වෘක කවය ඇතුළෙන් හිඳ ගත්තේය.

“මාර ගේමක් දීලා හිමාව නිදහස් කරගත්තා”

“දැන් කොහොමද එයාට?”

“දැන් හොඳයි”

“ඔයා ගොඩක් මහන්සි වුනාද”

“හ්ම්”

“ඇයි”

“භාගි තනියම හෙවි ස්පෙල්ස් චාන්ට් කරන්න හයිය මදි.. ඌ එක්ක පවර් එක ශෙයා කරල අපි හිමකරගෙ ඔලුව ඇතුලට ගිහින් අරුව පන්නල දැම්ම”

කොහොම හරි හිමකර සුවෙන් නම් එපමණකි. මම දිගු හුස්මකින් කුස පුරවා ගත්තෙමි. එය දේවදාර උයනෙහි දිගුම දිගු රැයකි. චාරුදරත් මාත් වෘක කවයෙන් පිටතට පැමිණ බයික් එකේ නැගී යළි ඩැෆඩිල් ටෙරස් වෙත ආවෙමු.

“මං මෙතනින් එහාට එන්නෙ නැ ඔයා යන්න”

“ඇයි”

“බෑ”

“යං අනේ මලියෝනා ඔයාට ආදරේනෙ”

“ඒ වුනාට බෑ.”

ඉතින් චාරුදර ආවේම නැත. ඒකා කොහොමටත් සිය ආඩම්බරකම පහළට දමන්නේත් නැත. ආවේත් නැත. මම ඩැෆඩිල් ටෙරස්හි පළමු ආරුක්කුව පසුකරද්දීම නුර් මුහුණ පුම්බා ගෙන මදෙස බලා උන්නාය. මම ඇයව ගණනකට නොගතිමි. ගණන් ගන්නට තරම් හේතුවක් ඇත්තමයි මට නුර්ගෙන් පෙනෙන්නේ නැත.

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...