#DT
27
චාරුදර සුසුමක් හෙළුවේය. ඔහු මදෙස බැලුවේ හිස ඇළ කරගෙනය.
“ඔයා ව දේවදාර උයනට ගේන එකම මිශන් එකක් තීනු..”
“ඒ කියන්නෙ?”
“ඔයා නොදන්නවා වුනාට ඔයාට ත්‍රෙට් එකක් තියෙනවා මේ ලෝකෙ. ඒකෙන් අපට ඔයාව පරෙස්සම් කරගන්න එක මාර ලොකු අවුලක් වුනා. පස්සෙ අපේ අය තීරණය කළා ඔයාව මෙහෙට ගෙන්න ගන්නෝන කියලා”
මම මොහොතක් කල්පනා කළෙමි. ඇත්තෙන්ම එය කල්පනා කරන්නට නොවේ. මා ඒ මොහොතේ ගිලී සිටි තුශ්නිම්භුතත්වයෙන් ගොඩඑන්නට කළ දෙයකි.
“පොඩ්ඩක් ඉන්න”
චාරුදර ඇත්තටම නැවතුණේය. මගේ නලල මත අත්ල තියා උනන දහදිය පිස දැමුවේය. මා සිටින්නේ විශ්මයෙනි.
“දැන් ඔයා අහන්න ලෑස්තිද?”
“මට තේරෙන්නෙ නෑ.. ඔයා කියන්නෙ මගේ මුලු ජීවිතේම කාගෙ හරි ශෙඩුල් එකකට වෙච්ච දෙයක්ද චාරු?”
එතකොට, මං නම් මගේ ජීවිතේ මට ඕනම විදියට වින්දා ය කියා ගන්නා කිරිල්ලියක් බඳු තිනෙත්මා ගේ ජීවිතය ඇත්තටම ගෙවී ඇත්තේ කාගේ හෝ සැලසුමකටද?
“හැම දේම නෙමෙයි.. සමහර දේවල්”
“මට මේ කතාව මුල ඉඳලම කියන්න චාරු.”
“අපි හවසට විල ගාවට ගිහින් කතා කරමුද”
“බෑ.. හවස් වෙනකම් මට ඉවසගන්න බෑ.. මට මං ගැන දැනගන්න ඕනෙ”
“හ්ම්... කරන්න දෙයක් නෑ... කිව්වොත් කිව්වමනෙ ඉතින්”
අපි කාර්යාලයේ විවේක කාමරයට ගියෙමි. චාරුදර විදුලි කේතලය ඔන් කර මා ළගින් හිඳගත්තේය.
“ දේවදාර උයනට කුමාරිකාව ගේනවා කියනෙක ප්ලැන් එකක්. ඒ ප්ලැන් එකට දේවදාර උයනෙ මිනිස්සු විතරක් නෙමෙයි සම්බන්ධ. මොකද හැමෝම දැනගෙන හිටියා ඔයා වගේ තමන්ගේ බලය දන්නෙ අදුනන්නෙ නැති කෙල්ලෙක් කොයි වෙලාවක හරි ඕන අනතුරකට මුහුණ දෙන්න ඉඩක් තියෙනවා කියනෙක. ඔයාගෙ තාත්තා ඔයගෙ බර්ත් මාර්ක් එක මකල එයාට පුලුවන් තරම් කාලයක් ඔයාව හංගගෙන හිටියා. සටන් ක්‍රම උගන්නලා ඔයාව ඕන ෆයිට් එකකට ලෑස්ති කෙරෙව්වා. හැබැයි ඔයාගෙ තාත්තාට ඇටැක් එකක් වෙන්නෙ කවුරුවත් හිතපු නැති වෙලාවක. අනිත් එක ඒක අපි කාගෙවත් අවධානයට ලක් වෙච්ච නැති කාරණාවක්.
අපි හැම වෙලාවකම හිතුවෙ යක් දෙස්සො ගැනයි වැම්පයර්ස් ලා ගැනයි. නපුරු මන්තර දන්න මන්තර කාරයො ගැනයි.. ඒත් ලෝකෙ වෙනස් වෙලා. අපි හිතන්නැති පැත්තකින් තමයි අනිත් දෙවල් සිද්ධ වෙන්නෙ”
චාරුදර නැගිට ගොස් උණුවතුර අපේ මග් දෙකට සමානව දමනු මම බලා සිටියෙමි. තේ පැකට් දෙකකුත් සීනි බෝතලයත් හැන්දත් රැගෙන යළි මේසය මතින් තැබුවේය.
“ තාත්තට ඇටැක් කළෙ කවුද”
“ මට ඒක හරියටම දැන්ම කියන්න අමාරුයි”
“ඔයාට දැන් කියන්න පුලුවන් මොනවද එතකොට”
“ඔයාත් ඉතින් පොඩ්ඩ බැරි වුනාම කටු අත්ත වගේ එල්ලෙනව”
“හරි හරි එල්ලෙන් නෑ කියන්නකො”
චාරු මදෙස බැලුවේ ආදරය උතුරන බැල්මකි. අපි දෙන්නා හිටියේ කාර්යාල පරිශ්‍රයේ විවේක කාමරෙයේ නොවේ නම් බදා වැළඳ මොහොතක් ඉන්නට හිතෙන විදියේ එකකි.
“ දැන් ඉතින් ඕම බලං ඉන්න නෙමෙයි කියන්නකො මොකද මාව මෙහෙට ගේන්න කියලා කළේ”
“පෙත්සම් ගැහුවා”
“කවුද”
“කළේ හරියටම මෙයා කියලා නම් දන්නෙ නෑ. හැබැයි ඔයාගෙඕලෙවල් රිසල්ට් ශීට් එක බොරු කියලා පෙත්සම් ගැහුවෙ අපේම අය. “
“ඈ”
“ඕ.. ඊට පස්සෙ ඔයාගෙ කැපිටල් ෆයිනැන්ස් එකේ මැනේජ්මන්ට් ඩිසිශන් ගන්න කෙනෙක් අපේ අයගෙ පගාවට ප්‍රපෝස් කළා ඔයාව මෙහෙට පනිශ්මන්ට් ට්‍රාන්ස එකක් දෙන්නොන කියලා”
“ඉතින්? ඔය ප්ලැන් එකේ කොතන හරි වැරදෙයි කියලා හිතුනෙ නැද්ද”
“ ඕන තරම් තැන් තිබුණා වැරදෙන්න.. “
“ඒවා එතකොට”
“ඒවා බැලන්ස් කළෙ ඔයාගෙ ළගම යාළුවෙක්. එයාත් අන්තිමේ අපටම වැඩ කළා””
“කවුද ...”
“උත්‍රා අක්කා”
දෙවියනේ! මා වටා එළා තිබුණ දැල මට තේරුම් ගන්නට බැරි විදියේ එකකි. එහෙම බැලුවාම මට රන්දික සව්මිය හේවාමාන්න නම් වු මගේ ඒ දවස් වල පෙම්වතාවි සිටි මනුස්ස ප්‍රාණියා ගැනද දැනෙන්නේ වෙනස් හැඟීමකි. රන්දික වුනත් මේ සැලසුමේ කොටසක්වි සිටින්නට ඇත්ද?
“මායි භාගීයි කැපිටල් එකේ වැඩට ආවෙ ඔයාගෙ ට්‍රාන්ස්ෆ එක ගැන ඩිස්කශන්ස් යන කාලෙ. අරු උගේ මන්ත්‍ර ලැබ් එකට වෙලා අලුත් අලුත් මන්ත්‍ර ප්‍රැක්ටිස් කරන් හිටිය එකා. මං ඔය කැළේ කොළේ ඇවිදල ආතල් එකේ හිටිය එකා.. අපි දෙන්න මේ ටයි දාන් ඔෆිස් වල වැඩ කරන්න ජීවිතේට හිතාගෙන හිටිය එවුන් නෙමෙයි”
මම දෙඇස නළල තෙක්ක ඔසවා යළි සුසුමක් අත්‍හළෙමි.
“මේ ඔක්කෝම ඔයාලා කරන්නෙ ඔයාලගෙ පැක් එක වෙනුවෙන්.. එහෙමනේ..”
“හ්ම්... එක දෙයක් ඇරෙන්න”
“ මං හිතන දේද ඒ”
“හ්ම්... මට බැරිවුනා හිත හදාගෙන ඔයාව වෙන කෙනෙක්ට අයිති වෙනකම් බලන් ඉන්න”
මට කවදාවත් චාරුදර ඇරෙන්න වෙන පිරිමියෙකුට ආයේ ආදරේ හිතේවිද මම නොදනිමි. මිනිස්සු පහසුවෙන් තමන්ගේ ඇත්තම ඇත්ත ආදරය ගැන වද නොවෙන ජාතියකි. ඔවුන් ආදරයට වඩා ජීවිතය තෝරාගනිති. ආදරය කියන්නේ ජීවිතයේ එක කොටසක් පමණකැයි අපි භෞතිකව සිතන්නෙමු. එහෙම හිතනා විට ජීවිතය කියන්නේ මොන තරම් විසාල වපසරියක පැතිරුණු දෙයක් දැයි හිතෙන්නට පටන් ගනී. මිනිහෙකුට ජීවත් වෙන්නට තියෙන මුලික අවශ්‍යතා ගොන්නේ කොතැනකවත් ආදරය කරුණාව විශ්වාසය වැනි මානුශික හැගීම් නැත.
"දැන් අපි මොකද කරන්නෙ චාරු?" මම දෙඅතින් තේ කෝප්පය අල්ලාගෙන ඇසුවෙමි. චාරුදර ලෝකයේ මනුස්සයෙක්ට බලන්න පුලුවන් වේදනාත්මක ම බැල්ම මවෙත පෑවේය.
"මායි ඔයයි ආදරේ වුණු එකෙන් අපි දෙන්නම මෙච්චර කාලයක් ලින්ක් වෙලා තිබුණු අරමුණු චේන් එක ඩැමේජ් වුණා. ඒත්, මෙතනදි මට මොනාද කරන්න ඕන කියලවත් හිතාගන්න බෑ..මට ඔයාව නැති කරගන්න බෑ"
"අපි ත්‍යාග එක්ක රෝස සඳ මැණික ගැන නෙගෝශියේට් කරමු…"
"හ්ම්… ඊලගපෝය වෙනකම් බලං ඉන්න පුලුවන් ද අපට .. "
"බෑ.. අපි ආනික්‍යාව නිදහස් කරගන්නෝන..මං වුල්ෆ් ෆෝම් එකට කන්වර්ට් වුනාම මට පුලුවන් නේද එයා එක්ක කතා කරන්න.."
චාරුදර හිසසෙලෙව්වේය.
"මුලින්ම ඒක වෙද්දි හරි අමාරුයි.. "
"ඒත් ඒක මගෙ උත්පත්තියෙ කොටසක්"
"වේදනාව දරාගන්න පුලුවන් ඖෂධ නම් අපේ අයගෙ රහස් බෙහෙත් වට්ටෝරු වල තියනව.ඒත් ඔයාට ඒ තරම්වත් වේදනාවක් විදින්න දෙන්න බෑ..අපි භාගීට කියලා මොකක් හරි ඒ බෙහෙතකට කරගමු.. "
"මං ගෑනු ළමයෙක්..ගෑනු ළමයින්ට දරාගන්න පුලුවන් සීමාව වැඩියි. මං මේක විදගන්න පුලුවන් විදියෙ මානසික ශක්තිය ක් එක්කමයි ලොකු වෙන්නෙ.."
"කවදද ඔයා ඕක කරන්න හිතන් ඉන්නෙ"
"ආනික්‍යා එක්ක කතා කරල කියන්නං"
ආනික්‍යා, නම් මල් ගවසන්නී අපේ ආරාධනාවක් එනතුරු බලා ඉඳින්නියකි. අවුරුදු ගණනාවක් ම කා සමගවත් දොඩමලු නොවු නොමළ ආත්මයක් මෙහෙම කතා කරන්නට කොයිතරම් කැමති ඇත්දැයි මම තව තවත් සිතමි.
ඇය, සමග මම මගේ අනාගත තීරණ ගැන කතා කළෙමි. ඇයව යළිත් ජීවමාන කිරිම උදෙසා මගේ සැලසුමද කීවෙමි. ඇය රෝස සඳ මැණික වෙනුවෙන් මා කරන්නට යන කැපකිරීම දැක පුදුමයට පත් වූවාය.
"ඔයා කොහොමද චාරුදර නැතුව ඉන්නෙ..?"
"මගේ ඉරණම තියෙන්නෙ මගෙ මිනිස්සු වෙනුවෙන් .. මාව මෙහෙට ගෙන්න ගන්න කොච්චර ප්ලැන් එකක් තිබිලා තියනවද.. මං ඔයාට ආයෙ ජීවිතේ දෙන්නෝන. .ත්‍යාගවයි අනික් තිස් අටදෙනාවයි සාපෙන් ගලවන්නොන.. "
"ඒ වෙනුවෙන් එයාව නැති කරන් සතුටින් ඉන්න පුලුවන් ද ඔයාට.."
"මං ත්‍යාගව කසාද බදින්නෙ නැතුව වෙන කිසිම ක්‍රමයක් නැත්ද එයාලව ඔය සාපයෙන් ගලවන්න"
"නෑ… ඔය දෙන්නගෙ එකතු වීම කියන්නේ චන්ද්‍ර සුර්‍ය වංශ දෙකේම එකතුව. ඒකෙන් විතරයි ඔය තිස් නම දෙනාගෙ සාපයනැති වෙන්නෙ"
ආනික්‍යාගේ තීරරණය වුයේ පළමු පුරසඳට පෙර මා පළමු රුපාවතරණය සිදු කරගත යුතු බවය. හිමකර සංචාරක යක්දෙස්සාගේ ආගමනයෙන් පසු කාර්යාලය ට ආවේ පෙර පරිදි කෙලිලොල්ව නොවේ. ඔහු සිටියේ මාරුවක් ලබාගෙන කොළඹ යාමේ උවමනාවකිනි. මා හිතනා විදියට ඔහුගේ මවුපියන්ව නොමග යවමින් හොදහැටි සල්ලි ගරාගන්නා මෑනියෝ කෙනෙකුට ඔවුන් හසුව සිටින බව දැකිය හැකිවිය.
පෝය දවසට කලින් දවසේ මම අම්මා සමග දීර්්ඝව කතා කළෙමි. තවදුරටත් අම්මාට සැගවිය යුතු නැතැයි සිතුණද අම්මා දේවදාර උයනෙහි සැගවුණු රහස් දැන්ම දැනගත යුතු නැතැයි එකහෙළා කීවේ චාරුදරය. එබැවින් අම්මා සමග රටේ සිදුවෙන දෑ , පිලිබඳ කතා කරමින් අම්මාගේ දේශපාලන සාක්ෂරතාව පිලිබඳ විස්මයටද පත්වෙමින් ඩැෆඩිල් ටෙරස්හි සදලුතලයකට වී මම කල්පනා කළෙමි. භාග්‍ය හෙට රැයෙහි මා වෙනුවෙන් ඔහු තනිව අත්හදා බැලු මන්ත්‍රයක් ජපකරන්නට සූදානම්ය. වෘකයෙකු බවට පත්වීමේ වේදනාව අවම කිරීම වෙනුවෙන් චාරුදරගේ අම්මා අද රාත්‍රිය ගෙවෙන තෙක්ම ඔසු හැළියක් හින්දන්නට නියමිත ය. මගේ හැසිරීම කොයි අතකට පෙරළේදැයි අනුමාන කළ නොහැකි බැවින් තරුණ ශක්තිවත් වෘක ධේනුවක් ආම්බාම් කරන්නට හැකි යකඩ දම්වැල් පොදියක් ඔසවාගෙන ගෙනැවිත් හැලුවේ චාරුදරය. මලියෝනාට මා කොලඹ යනවග කීවේ බොරුවටය. පෝයදා රාත්‍රිය ගෙවෙන්න නියමිත දේවදාර උයනේ බිම් ගේකය.
බිම්ගේ තද ශක්තිමත් ගල් බිත්තිය වටේ යකඩ කොකුය. එහි සියවස් ගණනක යකඩ දම්වැල් යෙදු ලකුණු තියේ. චාරුදර මගේ ඉණෙන් අල්ලා ගත්තේය. ගල් බිම්ගේ බිත්තියකට හේත්තු කරගෙන මා තදින් සිප ගත්තේය.
"ටිකක් හරි … ඔය වේදනාව ගන්න පුලුවන් නං මං ගන්නවා.මගෙ පණ.. මට ලෝබයි.. මං අර දොරෙන් එහා පැත්තට වෙලා ඔයා ගෙ කටහඩ වෙනස් වෙනකම්ම අහන් ඉන්නවා .. "
වෘක වේශයට පත්වීමට මා සුදානම් කරවන ඖෂධ මාත්‍රාව මා බොනයුරු බලා සිටි චාරුදර බිම්ගෙයින් එලියට යන්නට පෙර යළිත් මගේ මුහුණ අතගා කොපුල් සිප ගත්තේය. ගල් බිම්ගේ බිත්තියේ යකඩ කොක්කක දැවටු යකඩ දම්වැලකින් මම මගේ ඉණ බැඳී ඇති අයුරු දකිමි.
එලාම් ඔර්ලෝසුව වැදෙන්නට නියමිත විනාඩි දහයකට පසුවය.. භාගීගේ මායාකුඩු ඉසින ලද දියරය ක් අත ලගය. එලාම් එක වැදුනාම එය පානය කරන්නට උපදෙස් ලැබී තියේ. එලාම් එක වදින්න ඔන්න මෙන්න තියා මගේ නළල දහඩියෙන් පෙගෙන්නට පටන් ගත්තේය. ඉණ දෙපස රිදෙන්නත් ඇගිලි තුඩු පුපුරනවා වගේ දැනෙන්නත් පටන් ගෙන තිබේ. මම එලාම් එකේ පළමු නාදය ඇසෙද්දීම මායාකුඩු දියරය එක උගුරට ගිල දැමුවෙමි.
ඉතින් මා මගේ වෘක ආත්මයට පිවිසෙමින් පවතියි. බලා ඉද්දිම දහඩිය දමයි.හැම ඇටකටුවක්ම රිදෙයි.බිදෙයි.. නියපොතු වෙනස් වෙයි. සිනිදු අත් පා වල රෝම වැවෙයි. මුලින් දෙපයින් සිටියාට දැන් මා සමබර නැත. ඉණෙන් නැමෙන්නට සිදුවෙයි. දෑත බිමින් තියා සිරුර සමතුලිත කරගන්නට සිදුවෙයි. මා අවට ලෝකය කුඩා වෙයි.පෙනෙන පරාසය පටු වෙයි. නහයේ සංවේදිතාවය වෙනස් වෙයි. කන් වල ඇසීම වෙනස් වෙයි. කෝටුවක සෙලවීමකුත් ඇසෙන්නට පටන් ගනී.
මට බිම්ගෙයින් පිටත සමාන හුස්ම ගැන්මක් ඇසෙයි.. මම කොදුරන්නට පටන් ගනිමි. මගේ හඩ ගෙරවිමක් බවට පරිවර්තනය වී තියෙයි.මටම ඇසෙයි. අඩිහඩකි. පා හතරක හඩකි. බිම්ගේ දොරටුවෙන් සමාන පිරිමි සතෙකු ඇවිද එයි. අප එක උසය. සමය. චාරුදර.. ඔහු නළලට නළල තියා මා සන්සුන් කරයි. මට පිපාසය. බඩගිනිය. සන්සිදුවනා ප්‍රේමයක් ගෙන ආ වෘක පැටියෙකු මා ළගය.

No comments:
Post a Comment