#DT
21
ඒත් උත්‍රා අක්කා සිටින්‍නේ මේ කිසිවක් තේරුම් ගතහැකි මට්ටමක නොවේ. මම බංගලා කන්දේ උඩට වී ඔහේ කල්පනා කරමි. මේ මගේ ජීවිතයේ වෙන්නේ මොනවාද? මා වෙයාවුල්ෆ් ලා වැම්පයරයන් සහ යක්දෙස්සන් සම්බන්ධ කතා ඕනැතරම් කියවා ඇත. කියවා නැත. ඒවායින් ගොඩනැගුනු චිත්‍රපට සහ ටෙලිකතා නරඹා ඇත. ඒ වෙලාවට ඒවායේ ඇති අද්භුත රසය අත්වින්දාට මේ වගේ දේවල් වේවියි සිතුවේ කවුද?
කොහොම වුනත් දැන් මගේ ජීවිතය වෙනස් වෙමින් යන්නේ සිහිනයක් වාගේය. අම්මාට කතා කරන්නට උවමනාය. අම්මා තාත්තා ගැන දැන සිටියේ මොනවාදැයි දැන ගන්නට උවමනාය. ඒත් මං හිතන විදියට අම්මා මේ ගැන තේරුම් නොගත්තෝත් තාත්තා වෘක මිනිසෙකු බව අම්මා නොදැන හිටියා නම් මොනවා වෙන්නට පුලුවන්ද? මේ සියල්ලට පිළිතුරු තියෙන්නේ මා දැන සිටින වෘක මිනිසා ලග පමණකි.
චාරුදර එදා වැඩට ආවේ නැත. විකාරයකි. මේ කොල්ලාට මැදියම් රාත්‍රින් වල රස්තියාදු ගහන්නට වෙලාව ඕනැතරම් තියේ. මා දකින්නට තියෙන්නේ වැඩට ආවොත් විතරක් නේද? ඒකත් නෑවිදින් ඔහු මේ මග අරින්නේ ඇයි?
“භාගී.. මට උදව්වක් කරන්න”
“මොකක්ද අක්කෙ”
“හවසට මාව චාරුදරගෙ ගෙදරට ගිහින් ඇරලවන්න”
“හරි අක්කෙ”
භාග්‍ය මදෙස නොබලාම කීවේ කිසිවක් ෆොටෝ කොපි කරනා අතරේය. දේවදාර උයනේ රාත්‍රින් ගෙවෙන්නේ වෙනමම විදියකටය.මෙහි මනුස්ස වාසීන් සිය විනෝදය සපයා ගන්නට ගම්මානයෙන් පිටතට යති. එසේ නොවේ නම් මේ රාත්‍රීන්හි සිදුවනදේහි මහිමය ඔවුන්ට දරාගන්නට හැකි නොවේ.
සවස භාග්‍ය මා ගාවට ආවේ ඔහුගේ මේසය අසල ඇති ලොකර් වල යතුරුද නිසි තැන්වලින් තැබීමෙන් අනතුරුවය..
“කොහෙද යන්නෙ”
හිමකර මතුවිය. අයියාය.මිතුරාය.රැකවලාය. මං ගැන නොදනියි. කුඩා කුඹිත්තියකැයි සිතයි. ඔහුගේ දැනුමට අනුව නම් සීනි වතුරක වුවත තීනු ගසාගෙන යා හැකිය. එහෙම වුනොත් උත්තර බදින්නට වෙන්නේ ඔහුටය
“චාරුව ටිකක් බලල එන්නං. පව්නෙ”
“හ්ම්”
“කා එක්ක ද එන්නෙ?”
“චාරු හොදින් හිටියොත් එයා එක්ක නැත්නම් එතන තව අය ඉන්නවනෙ”
“තව අය හිටියට කමක් නෑ. චාරු ට ඔයාව එක්ක එන්න බැරිනම් ඔයා මට කෝල් එකක් දෙන්න”
මට හිමකර බදාගෙන ආදරය ප්‍රකාශ කරන්නට උවමනාමය. හිමකර මා කිසිවෙකුගෙන් ඈත් කරන්නට හෝ මාව කිසිවෙකු විසින් අයිති කරගන්නවාට අකමැති ජාතියේ පිරිමි මිතුරෙකු නොවේ.
“ඒඩ්න් ආපහු එන්නෙත් ඊළග සතියෙ”
ඔහු කියා ගත්තේ තමන්ටමය. හිමකර පාලුවෙනි. මොනවා වුනත් ඔහුට ඒඩ්න් තරම් ප්‍රිය සමාගමයක් නැත. මොන දේටත් ඒඩ්නුත් ඇත්තටම සොයා එන්නේ හිමකරවය.
“ඒඩ්න් ආපහු ආවාම මං ඔයාව යවනව ඩැෆඩිල් ටෙරස් එකට.. මොනව වුනත් ඔයා එහෙ ආරක්ෂිතයි”
මම සුසුමක් හෙළුවෙමි. දේවදාර උයනේ කුමාරිකාව විදියට කිරුළු පළඳින්න නියමිත මට ඩැෆඩිල් ටෙරස්හි අලුතින් ආරක්ෂිත ජීවිතයක් ඇත්දැයි මම නොදනිමි. භාග්‍ය මගේ මුහුණ බලා සිටියේ යනවාද නැද්ද මොකද කරන්නේ වගේ හැගිමක් මුහුණේ තියා ගෙනය. භාග්‍ය කොහොමටත් වැඩි කතාබහක් නැති කොල්ලෙක් බව මා කොහොමටත් කියා ඇත. මගේ විශ්වාසයේ හැටියට නම් භාග්‍ය මනුස්ස ජීවියෙකි.
“අක්කෙ.. මට මෙතනින් එහාට ඔයාව එක්ක යන්න විදියක් නෑ”
භාග්‍ය කීවේ මදෙසත් ඈත පෙනෙන චාරුලාගේ ගමෙහි ඇති විල්තලාව දෙසත් බලමිනි.
“ඇයි ඒ?”
“ම්ම්ම්.. හේතුවක් නිසා.. මට එහෙට එන්න විදියක් නෑ..”
“ඇයි මොකද කොල්ලො ඔයා ඒ ඇතුලෙ කා එක්ක හරි වලියක් දාගෙනද ඉන්නෙ?”
“එහෙම දෙයක් නෑ අක්කෙ. “
භාග්‍ය කීවේ සිනා නොවෙමිනි. මට ඔන්න දැන් නම් අමුතු කුහුලක් දැනෙයි.
“අක්කා දන්නවනෙ මෙහෙ ටිකක් අමුතුයි කියලා නේද? චාරු කාගෙ කවුද අක්කා කාගෙ කවුද වගේ දේවල් මං හිතන්නෙ ඔයා දැනටමත් දන්නවා ඇති කියලා”
මම වඩාත් විමසිල්ලෙන් භාග්‍ය දෙස බැලුවෙමි.
“ අක්කට චාරුට ටිකක් වෙනස් ජීන්ස් තියනවා වගේ තමයි.. මට තියෙන්නෙත් ටිකක් වෙනස් ජීන්ස්.. චාරුලා මේ ගමට අපට ඇතුල් වෙන්න බැරිවෙන්න එක එක සිමා දාලා තියෙන නිසා මට ඇතුලට එන්න බෑ.. මං ඒ හින්ද මෙහෙම ඉන්නං..”
තවත් යමක් මා පුදුම කරන්නට බලා සිටිනා බව පැහැදිලිය. චාරුත් භාග්‍යත් දෙදෙනාම කාර්යාලයේදි කිසිම අවුලක් නැතිව හැසිරෙන හැටිද මම දනිමි. එහෙත් භාග්‍ය ගමට එනවාට සීමා දමා ඇති බව ඔහුම කියයි
එහෙම කියද්දී තවත් ඔහු වෙනුවෙන් බලා සිටින අම්බානක් මෝඩ එළදෙන වෙන්නට වෘකයෙක් වෙන්නට ඉන්නා කෙල්ලකට කොහොමත් නොහැකිය. අනේ මන්දා.. දැන් තීනු හිතන්නට පටන් ගෙන සිටින්නේ වෙනස් විදියකටය. ඒ වෙනස් විදිය මටම අමුතුවට දැනෙයි.
මම ආපසු නොහැරීම විල්තලාව අයිනෙන් චාරුලාගේ ගම්මානය දෙසට ඇවිද යමි. විල්තලාව දිලිසෙයි. ඒ සැන්දැව පාට කළ පසු අහස පින්සල විලෙහි ඔබා සෝදා යන්නට ගිය බැවිනි. විල අයිනේ චාරුගේ මිතුරන් කීප දෙනෙකි. මා දැකි එකෙක් මදෙස බලා සිනා වීය. පසෙකට වී නිකම් බිමෙහි වැතිරි සිටි චාරු මා දැක නැගිට ආවේ පෙර පුරුදු ආදරණිය මදහස නගා ගෙන නොවේ. මට ඒ සිනහව දකින්නට උවමනා බව මා දැන් මේ කොල්ලාට කියන්නේ කොහොමද?
“මොකෝ මේ වෙලාවෙ..? කිව්වෙවත් නැතුව?”
“කිය කිය එන්නෙ කොහොමද?”
“අනික ඕගොල්ලො කියන විදියට මේක මගෙ තැන නම් මං මොකටද කිය කිය එන්නෙ”
“හරි ඒත් ඔයාට කියලා තියෙනව නේද මම තනියම මෙහෙ ගමන් යන්න එන්න එපා කියලා. ඔයාව හොයා ගෙන සංචාරක යක්දෙස්සො පිස්සු බල්ලො වගේ කැරකෙනව”
“මං භාගි එක්ක ආවෙ”
“භාගී ආවද? කෝ ඌ?” චාරුදර කලබල විණි. ගෙළ ඔසවා මා පසුපසින් කිසිවෙකු සිටිදැයි බලද්දී මට සිනානැගෙයි.
“මං සාක්කුවෙ දාගත්‍තා.. “
“ඕකට සාක්කුවකට වුනත් බහින එක වැඩක් නෙවි හරිද. ඇත්තට කෝ දැන් මිනිහ”
“එයාට එතනින් එහාට එන්න බෑය කියලා නැවතුනා”
චාරුදර ඔළුව අල්ලා ගත්තේ ඊලගට මා ඒ ප්‍රශ්නය ඔහුගෙන් අහන්නට නියමිත හින්දාය..
“ඇත්තට භාග්‍ය කවුද”
චාරුත් මාත් වාඩිවි සිටියේ විල්තලාව අයිනේය. ත්‍යාග ආ වෙලාවේ මාව ඔහු හා දමා පැනගිය වෘක පැටවා වුනත් තාමත් චාරුදරට සමාන සිතුවිල්ලකින් මගේ හිත අතපත ගාන්නට සමත්වු කිසිවෙක් නැත. ආදරය කියන්නේ එහෙම පෙනුමට බලයට කෑදරව ඇතිවෙන විදියේ එකක් නොවේ. එබැවින් කිසිවිටෙකත් වැඩියෙන් ලස්සන චාරුද නැත්නම් ත්‍යාගද මා මගෙන් වත් නොඅහන විදියේ ප්‍රශ්නයකි.
“ භාග්‍ය කියන්නෙත් සාමාන්‍ය නොවෙන මනුස්සයෙක්.. ඌට පුලුවන් ඇගිලි අස්සෙන් සමනල්ලු මවන්න”
“මැජික් කාරයෙක්..”
“දේවදාර උයනෙ ඉන්ද්‍රජාලික පරම්පරාවලින් දැනට ඉතිරි වෙලා ඉන්න එකම කුලය භාග්‍යගෙ”
මට මේවා විශ්වාද කරන්නට ගොස් ඇතිවෙන සංකුලතා ආදියෙන් මිදෙන්නට අවශ්‍ය තරම් කාලයක් නොලැබේත.. මගේ කරුමයටදෝ මන්දා ජීවිතය ඇත්තෙන්ම ගෙවෙන්නේ වෙනස් ආකාරයකිනි.
“ මේවා අහලම විශ්වාස කරලම මගේ ඔලුව තෝන්තු වෙලා යනවා අප්පා. ඇත්තට ම මට හිතාගන්න බෑ ඇයි මං මෙහෙම විකාර ලෝකෙකට එක පාරම ආවෙ කියලා.. මං අවුරුදු විසි තුනක් විතර සාමාන්‍ය කෙල්ලෙක් විදියට ජීවත් වුනානෙ චාරු"
"මං කියන්නේ නෑ ..ඔයාට බලෙන් මේ ලෝකෙට ඇඩප්ට් වෙන්න කියල තීනු.. ඔයා දැන් මෙහෙ ගැන ගොඩක් දේවල් දැනගෙනයි ඉන්නෙ.. ඔයා ඩැෆඩිල් ටෙරස් ගිහාම තවත් දේවල් දැනගනීවි…ඒත් මං කියන්නේ ඔයාට පුලුවන් ඇත්තටම ඔයා කැමති තීරණයක් ගන්න.. "
"කැමති තීරණයක් කියලා ඔයා අදහස් කරන්නෙ මොකක්ද?"
" ඔයාට ආපහු කොළඹ යන්න පුලුවන් .."
"ගිහින් ඔයාගෙ සාමාන්‍ය ජීවිතේ ගෙවන්න පුලුවන් .. "
"ඔයාත් යංද මා එක්ක.."
" කොහෙද?"
"කොළඹ.."
"ගිහින්?"
"ජොබ් එකක් කරන් පාඩුවෙ ඉම්මු.."
"බෑ තීනු.. "
මම ඒ ප්‍රතික්ෂේපයට මුහුණ දුන්නේ අසීරුවෙනි. චාරුදර මාසමග ජීවත් වීම ප්‍රතික්ෂේප කරන්නෙ ඇයි?
"ඔයා මට අකමැතිද? ඒකද හේතුව?"
චාරු හිස දෙපස සෙළෙව්වේය.
"අපි හිතං හිටියට අපේ ජීවිත වල හැමදේම අපට ඕන හැටියට කරගන්න පුලුවන් කියලා.. ඒක එහෙම වෙනව අඩුයි. සමහරවිට ඔයා වගෙ මනස මහ හුගක් ශක්තිමත් ගෑනු ළමයෙකුට ඒක එහෙම වෙන්න පුලුවන් ඇති.. ඒ වුනාට තීනු මං එහෙම නෑ.. මං මේ දේවදාර උයනෙ අනාගත හිමිකාරයෙක්ට ඔටුන්න පරෙස්සම් කරල දෙන එකෙක් විතරයි..මං වෘකයෙක් වුනාට පස්සෙ.. මං මගේ ඇල්ෆා ගාව කික් කික් ගගා වල්ගෙ කකුල් අස්සෙ ගහං ඇවිදින බලු පැටියෙක් ගානයි. අපි අපේ පැක් එකම එහෙමයි.අපි අපේ ඇල්ෆාට යටත්.."
"ඉතින්.."
"ඉතින්, මට ආයෙ හැරෙන්න බෑ..මට ඔයා එක්ක මෙහෙන් එලියට ගිහින් මගේ ජීවිතේ නිදහසේ ගෙවන්න බෑ.. මගෙ කණ අස්සෙ පැක් එකේ උන් විලාප දිදී කෑගහද්දි මං කොයි ලෝකෙ හිටියත් මේ දේවදාර උයනට දුවගෙන එයි.."
"ඔයා ඇල්ෆා කියන්නේ ත්‍යාගට?"
චාරුදර හිස සෙලෙව්වේය.
"අර්ධ සුර්ය වංශ ලේ ධාතු දෙකක් මුහුවෙලා හැදිච්ච අති පවිත්‍ර කුමාරයා.."
"ඌ හරි හොඳ එකෙක් තීනු.. ඔයා සාමාන්‍ය ලෝකෙ දකින පිරිමි වගේ නෙමෙයි.. ඇත්තටම වචනයෙ පරිසමාප්තියෙන්ම කියලා කියන්නේ අන්න ඒකෙන්ම හොද මිනිහෙක්.."
"ඉතින්.."
"ඒ වගෙ මිනිහෙක් එක්ක ජීවත් වෙන එක ලේසි නැද්ද?"
මම චාරුදරගෙ මුහුණ දෝතටම ගනිමි. මට ඒ ඇස් දෙකේ මාව දකින්නමය උවමනා.
"මා එක්ක මෙහෙන් යං .. අපි ඔයාගෙ ජීන්ස් ඉනැක්ටිව් කරගමු.. ම්ම්ම්.. එහෙම කරන්න මොකක් හරි විදියක් ඇති.. නැත්නම් අපේ අම්ම බලයි එක පාර සාලෙ මැද්දට වහුපැටියෙක් විතර බලු දණ්ඩෙක් කඩාපාත් වෙන්නෙ කොහොමද කියල.."
චාරුදර දුකින් සිනාසුණේය.
"චාරු.. ඔයා නිකමට හිතන්නකො. මං මාර සැහැල්ලුවෙන් හිටියා . අපට සල්ලි ප්‍රශ්න තමයි.අම්මයි මමයි කොහොමහරි පිරිමහන් හිටිය. ඒත්, මේක මේ .. වෙනස් දෙයක්නෙ. මං දකින දේවල් බලන්න. වෙයාවුල්ෆ් ලා ට්‍රැවලර්ස් ලා මැජිශන්ස් ලා මොනවද කියන්න මට කරන්න කියන්නෙ.. මං මොනවද හෙට දවසෙ කරන්නෝන.. එක පාරටම කැළෙන් එළියට එන මිනිහෙක් මට කියනව ඔයා මාව කසාද බදින්නෝන කියලා. චාරු මට ඒ හැමදේටම වඩා ඔයාව දැනිල ඉන්නෙ"
"මං දන්නවා .. ඔයා හිතන්නේ කෙනෙක් ඇවිත් ඔයාට කියද්දි ඔයා වෘකයෙක් වෙලා මගෙ සාපෙ නැති කරන්න කියලා. ඔයාට හිතෙනව ඇති අපි ඔක්කෝම ට සාමුහික මානසික රෝගය ක් හැදිල ඇති කියල"
චාරු සිනහ වුවේය.
" ඒක ලේසි නෑ කෙල්ල.. ඒක ලේසි නෑ.. ඒ වේදනාව.. ඒක මුලින්ම දැනෙද්දි .. ඒක මහා විලාපයක් .. ඒ වගේමයි ලේ පිපාසෙ.. මේ කිසිම දෙයක් ලේසි නෑ තීනු. එක අතකට මාත් කැමති ඔයා මේ ඔක්කෝගෙන්ම ඈත් වෙල ආයෙ කොළඹ යනවා නම්.."
"මට තනියෙන් යන්නෝන නෑ. ඔයාත් යං මා එක්ක"
"අම්ම බලයි ජොබ් එකකට ගියපු කෙල්ල අලි කොල්ලෙකුත් උස්සන් එනකොට .."
"අම්මට මං කියනව මේ මගෙ ආදරේ කියලා.."
චාරු මගේ ගෙළවටා අතයවා මා ඔහුගේ ඇළපතට ළං කරගත්තේය. එය මිහිරි සහනදායි හැගීම් සමුදායකි. අපි විල් තෙරෙහි සුදු වැලි ඉවුරෙහි හිදගෙන සිටියෙමු. ජීවිත කාලයේම මෙහෙම චාරු ළග ඉන්නට තියේනම් කියා මට සිතෙයි. හද පුරා නැගෙන බොහොමයක් ගිනිදැල් නිවී යන නිල්දියවරක් ලෙස මට චාරුදර දැනෙන්නේ කවදාවත් නොදැනුණ තරම් ආදරයකුත් හදවතේ උපදවමිනි.
" ඔයා දන්නවද? අපි, වුල්ව්ස් ලට තියනව අපේම දෙයක්.. ඒ විදියට තමයි වෘකයෙක් තමන්ගේ ජීවිතේටම ඉන්න පාට්නව තෝරගන්නෙ.. ඒක ඉබේම වෙන දෙයක්.. ඒක සිද්ධ වෙන්න අනික් කෙනා වුල්ෆ් කෙනෙක් වෙන්න ඕනමයි කියලා නියමයක් තියෙනවද නැද්ද මං දන් නෑ..ඒ කෙනා හම්බ වෙන පළවෙනිම වතාවෙ කෙනෙක් අනිකට එහෙම කාවැදෙනවයි කියලයි කියන්නෙ. හැබැයි මට දැනෙනව මං දැනුයි ඔයා වෙනුවෙන් මගේ මුලු හිතම ඕපන් කරන්නෙ කියලා .. මේ මොහොතෙ අපි මෙහෙම ඉද්දි මං ඔයාට imprint වෙනව."
මම ඇස් වසා ගනිමි. චාරුදර ගේ දිගටි දොඩමලු ඇස් මගේ ඇස් රේඛාවට වැටෙනු මට දැනෙයි. එකිනෙකා තුල එකිනෙකාගේ ආත්මයන් කාවැදීම සිහි ඇතිව අත්විඳිමි. එය රාත්‍රි සමාජශාලාවක හුදකලා අඳුරු මුල්ලක නාදුනන පිරිමියෙකු ගේ නිකොටින් මුසු දෙතොලක් සිපගන්නවා තරම් තිත්ත එකක් නොවේ. පාන්දර දෙකට තුනට හොඳම මිතුරෙකුගේ ගෙදරක වහලයක් මත වාඩිවී බියර් බෝතල් හිස් කරමින් කංසා කුරු ඉරීමක් තරම් සැහැල්ලු ද නොවේ.
"අම්ම මේ ළගදිත් කිව්වා තාත්තා අම්මට කොයිතරම් හිරිහැර කළත් අම්මට කවදාවත් තාත්තාගෙන් මිදෙන්න හිත හදාගන්න බැරිවුනා කියලා..ඒ ඒ දෙන්නට දෙන්නා imprint වෙච්ච නිසා වෙන්න ඇති.."
"එහෙම imprint වෙච්ච දෙන්නෙක්ට කොච්චර කාලයක් හරි එක එක්කෙනා වෙනුවෙන් බලං ඉන්න පුලුවන් "
චාරුදර කීවේ විල්දියෙහි පාවෙමින් තිබු කුඩා ඔරු කඳ දෙස බලා ගෙනය. සඳ එදා පෑයු සඳමය.
"විලේ මැද්දට යංද"
චාරු ඇසුවේ මා සඳ එළියේ නැහැවෙන ඔරුකඳ දෙස ආසාවෙන් බැලු හින්දා විය යුතුය. එවැන්නකට බැහැයි නොකියනා තවම හුරතල් ළදැඩියක මා තුළ සිටියි. ඇය සදඑලියේ නැහැවෙන විල් තිරයක ඔරු බඳක වාඩිවී පාවෙවි ඉන්නට කැමැත්තෙනි.
.jpg)
No comments:
Post a Comment