#DT
29
මම චාරුදර දෙස බලා සිටියෙමි. ඔහු තවම හැසිරෙන්නේ ජීවිතය ගැන දිග පළලක් ඇතිව නොවේ. ඔය වාගේ පිරිමින් එක්ක ළමයින් හදාගෙන දුක් විඳින ගෑණුන් දැක ඇති මට මේ ඊට කාලය නොවෙන බව මගේ මොළය විසින් කල් ඇතිවම තේරුම් කරදී තිබේ. ප්‍රේමණිය මොහොතක් ප්‍රවේශම් කරගැනුම උදෙසා ඒ මොහොතට අනුකුලව “ඔයාගේ බබෙකුට ආසයි කියා ගැහැනු නුවණ පාවිච්චි කළද ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්නට ඉස්සර සියක් වතාවක් හිනාකාරයෛ් කෙල්ලකි මා.
දිගු සති අන්තයේ අවසානයේ කොලඹ ගිහින් එනවා වෙග් අගවා යළි ඩැෆඩිල් ටෙරස් වෙත ආවද නාන කාමරයේ පැය ගණනාවක් නාන තුරුතු තෘණ යාය වල මඩ වලවල් කැළැෙව් ගහෙන් කොළෙන් නැගෙන ස්වභාාවිික කැළැ ගඳ සිරුරෙන් යවා ගැනිම දුශ්කරය.
ආනික්‍යාට ා ආරාධනා කළේ සියල්ලෙන් පසු කාමරයේ සුවද තෙලක්ද දැල්වෙන්නට හරිමිනි.
ඇගෙන් අසා ගන්නට බොහොා් දේ තිබිණි. ඔක්කෝටමත් වඩා අපේ පඅජාවට සම්බන්ධ විය යුතු මන්ත්‍ර පරම්පරාව පිලිබඳ එදා මට හරි අවබෝධයක් නොතිබිණි. අඇය මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සුදානමින් සිටියාය
" ඒ පරම්පරාවට ඉතිරි වෙලා ඉන්නෙ කීප දෙනායි. මං හිතන්නේ ඔයා ගෙ අම්මා ඒ පරම්පරාවෙ කෙනෙක් වෙන්නෝන.."
හැමදේම කරන්නට පුලුවන. ඒත් අපේ අම්මා ! අම්මා ට මේ තරම් බලවත් මන්ත්‍රයක් ජප කරන්නට තරම් ශක්තියක් ඇතැයි මම කොහොමත් නොාසිතමි. භාගී වගේ තරුණ ජවසම්පන්න නිරන්තරයෙන් මන්ත්‍ර පුහුණු වෙන එකෙකුද නහයෙන් කටින් ලේ පෙරාගෙන හිිටිහැටියේ වැටෙන බව
චාරුදර මට කියා තියේ.
ඒත් ඒ පරම්පරාවේම කෙනෙකු විසින් මේ මන්ත්‍ර ජප කළ යුතුයැයි මේ මන්ත්‍ර සාපයට එකතු කළ සංචාරක යක්දෙස්සා තීරණය කර තිබේ. හැමදේම සිදුවෙන්නේ පහසුවෙන් නිමා වෙන්නට නොවේ..
"හැමදේම ලේසියෙන් සිද්ද වෙනවා නම් ඒක සාපයක් වෙන් නෑ"
"ඔයා නම් ඇත්තටම දේවදාර උයනෙ කුමරිය වෙන්නම ගැළපෙන කෙනා" ආනික්‍යා ලීවාය. මට සතුටු සිනාවක් නැගෙයි.
"ඔයාගෙ ශක්තිය කැපවීම ගැන ඇත්තටම මං පුදුම වෙනවා. ඒත් මට තාම හිතාගන්න බැරි ඔයා මං වෙනුවෙන් අතඅරින්න සුදානම් වෙන දේ ගැන.."
මම සුසුමක් අත්හරිමි.
"සමහර වෙලාවට අපට ජීවිතේදි අපි වැඩියෙන් ම ආදරේ කරන අයව අත්අරින්න සිද්ධ වෙනවා.. එහෙම අතාරින්න වෙන්නෙ අපේ සතුටක් වෙනුවෙන් නොවෙන්න පුලුවන්. එයාගෙම හොදට වෙන්න පුලුවන්.. දවසක කවුද දන්නෙ.. හැමදේම වෙනස් වෙලා සාගර හිදිලා.. ගොඩබිම් දියෙන් පිරිලා.. කාන්තාර වල හිම වැටෙන්න අරන් ගිනිකදු දිය උල්පත් වෙලා අහසෙ මල් පිපෙන්න අරන් පොළනේ වැහි වහින්න ගනීද කියලා.. එහෙම වෙලා හරි අපිට පුලුවන් වුනොත් එකිනෙකා පේන මානෙ සතුට තියං ජීවත් වෙන්න මැරෙන කම්"
"ඒත් එහෙම මිරැකල්ස් සිද්ද වෙනවද?"
"ඔයා හිතුවද ආනික්‍යා ඔයාට ආයෙමත් ඒඩ්න් ගෙ වෙන්න අවස්ථාව ක් ලැබේවි කියලා. ඔයා හිතුවද අවුරුදු සිය ගාණකින් ඔයාගෙන් පස්සෙ දේවදාර උයනෙ කුමරිය වෙන්න ඉපදුණු කෙනා ඔයාව ආයෙ ඔයාගෙ සරීරෙට ඇතුල් කරන්න මේ තරම් කැප කිරීමක් කරන්න ලැස්ති වෙයි. කියලා.. අවුරුදු සිය ගාණක් කියන්නේ ලේසි පාසු කාලයක්ද? ඒත් ඔයා අවුරුදු සිය ගාණක්ම ජීවත් වුණෙ ඒඩ්න් වෙනුවෙන් .. ඒඩ්න් ගැනම හිතේ තියාං.. අන්න ඒ සිතුවිල්ල තමයි මාව මේ දේවදාර උයනට ඇරන් ආවෙ. මං මෙහෙට එන්නම ඇත්තෙ ඔය දෙන්නව ආාය එකතු කරන්නමයි"
ආනික්‍යා ඇයට දුක බව කීවාය. මා ගැන චාරුදර ගැන.. අපේ ආදරය ගැන. ඇයට දුක බැව් කීවාය. මම මගේත් චාරුදරගේත් ප්‍රේම කතාවේ අවසානයක් ගැන නොහිතා ආදරයෙන් මුසපත්ව සිටින්නට හිත හදා ගත්තෙමි.
මුලින්ම චාරුදර වෙත රෝස සඳ මැණික ලබා දෙන්න ත්‍යාග කැමති වුවේය. ත්‍යාග මා පිලිබඳ එවන් විශ්වාසයන් තැබීමම අපට සැහැල්ලුවකි. ඊළග කාරණාව වුයේ අපේ අම්මා සම්බන්ධ මන්ත්‍ර පරම්පරාවේ විස්තර සොයා ගැනීමය. දේවදාර උයනෙහි මුල් පුරුක් තුලින් විහිදුන අතු පරම්පරා ලංකාව වටේට විහිදී තිබු බැව් පෙනිගියේ එහිදීය. අම්මා පමණක් ඉතිරි වී ඇති බව පෙන්වන පරම්පරා ගසක පින්තුරයක් ඔසවා ගෙන කෙනෙකු දේවදාර උයනට හිටිහැටියේ ගොඩ වැදුණේය. අපේ අම්මාව කඩුවෙල සිට දේවදාර උයනට ගෙන්වා ගැනිමට මට බොරුවට අසනීප වෙන්නත් සිදු විය. ඩැෆඩිල් ටෙරස්හි ඩැෆඩිල්ස් කාමරය තුල මා ගෙවන සැප සහිත ජීවිතය දැක ඇය සතුටු සිනහවක් පෑවාය.
අම්මා සමග මන්ත්‍ර ජප කිරීම පිලිබඳ මාතෘකාව අරඹන්නටම සෑහෙන අසීරුලතත්වයක් ඇතිවී තිබිණි. මම මුලින්ම තාත්තා ගැන කතා කරන්නට හිත හදාගෙන සිටියෙමි. එදා රාත්‍රියේ අම්මා සමග ඇඳෙහි දිගාවී සිටියදී මම ඒ මාතෘකාවට ආවෙමි.
"මම මෙහෙ ආවමයි දැනගත්තෙ ඇත්තටම මං කවුද කියනෙක..අම්මට කවදාවත් හිතුණෙ නැත්ද තාත්තා වුල්ෆ් කෙනෙක් කියලා"
මුලින් අම්මා වහා මදෙසට හැරුණාය. මම ඇගේ චලනයන් ගෙන් එය තේරුම් ගත්තෙමි.
"තීනු, ඔයා මට කියන්නේ .. ඔයා එක සැරයක් හරි… ඒක කළා ද? දෙයියනේ කවුද ඔයාට ඒක කරන්න කියලා දුන්නෙ.. ඔයා ට කවුරු හරි බල කලාද ඒක කරන්න කියලා."
ඇය කතාකළේ කම්පාවෙනි. මගෙන් මුලු ජීවිත කාලයටම සගවාගන්න සිතා හිටි රහසක් එළිවීමේ වේදනාව අම්මාගේ වචන වලට එකතුවී තිබිණි.
"සමහර වෙලාවට අපි පිළිගන්න කොච්චර අකමැති වුනත් අපේ පැවැත්ම වෙනුවෙන් අපට ජීවත් වෙන්න සිද්ද වෙනවා.. අම්මෙ.. මං තීරණය කළා මගේ නේචර් එක පිළිගන්න.ඒකත් එක්ක ජීවත් වෙන්න. මං ඒක පිළිගත්තට පස්සෙ දැන් මට අර පොඩි කාලෙ ඉදල දැනිච්ච හැම වෙලාවෙම දැනෙන කේන්තිය තරහ ඉවසන්න බැරි ගතිය ඒ කිසිම දෙයක් දැනෙන්නෙ නෑ..මට දැන් නිදහසක් දැනෙනව"
"ඒත්.. තාත්තත් මට නැති වුණා. දැන් මට ඔයා ගැන ත් බයයි"
"අපට මෙහේ ජීවිතය ක් තියෙනවා අම්මා. මමයි මේ දේවදාර උයනෙ මිනිස්සුන්ට අයිති බලාපොරොත්තුව. ඒ මිනිස්සුන්ගෙ ප්‍රාර්ථනාව.."
"ඔයාලාගෙ පස්සෙන් ඕනතරම් එදිරිවාදියො එනවා.. මං බය ඒ ගැනයි පුතේ"
"අම්මා බය වෙන්න එපා.. අපට ආයෙ බයගුල්ලො වගෙ ජීවත් වෙන්න ඕන නෑ අම්මා.. අපිට පුලුවන් මෙහෙ සතුටින් ජීවත් වෙන්න.."
අම්මා කිසිවක් නොකීවාය. ඇගේ කුසෙහි වැඩි උත්පත්තිය ලද මුත් මා තවදුරටත් ඒ කුඩා මනුස්ස දැරිය නොවේය කියා අම්මාට දැනුණාද කියා මට දැන් සිතෙයි.
"අම්මා කවදා හරි මන්ත්‍ර ජප කරලා තියෙද?" එවර නම් අම්මා තවදුරටත් ඉවසා සිටිමට සුදානම් නොවු වග මට වැටහිණි. නැත ඇය ඇත්තෙන්ම මේ අහන දේවල් දරා ඉන්නට සුදානම් නැත. මට දැන් අම්මාගේ ඊලග පියවර අවිනිශ්චිත ව දැනෙයි.
"ඔයා මොකක්ද දරුවො දැන් මගෙන් බලාපොරොත්තු වෙන්නෙ"
"කෙනෙකුට ආයෙ ජීවිතය ක් දෙන්න.. කෙනෙක්ගෙ නැතිවෙච්ච ආදරයක් ආයෙ ලබල දෙන්න.. "
අපි ඇඳෙන් නැගිට සඳලු තලයට ගියෙමු. මම අම්මාට ආනික්‍යා ගැන කීවෙමි. ඇගේ ජර්නලයද පෙන්වුවෙමි. එහි කිසිවක් ලියා නැති නමුත් ආනික්‍යා අප සමග කතා කරන්නේ මේ පොත තුළින් බව කීවෙමි. අම්මා විශ්මිතව අසා උන්නාය. මේ සියල්ල ඉවෙන් වාගේ දැනගත් ආනික්‍යා සදලු තලය පැත්තේ හරිහැටි වසා නොදැමු කවුලුවකින් පුරුදු ලෙස මල් වැලක්වී කාමරයට ආවාය. සාමාන්‍ය මනුශ්‍යයෙකු වන මගේ අම්මා මේ අමුතු සහගත දේ ඉවසා සිටියද ඒ ඉවසා හිදිම ගැන මට බියක්ද දැනිණි. කෙසේ වුවද, පුදුමයකට වගේ අම්මා සමග කතා කරන්නට ආනික්‍යා ඉදිරිපත් වුවාය. ඇය ඇගේ ජර්නලයේ පිටු අතර අම්මා සමග හුවමාරු කරගත් තොරතුරු මා ජීවිතයේ කිසිදා අසා නැති සියවස් ගණන් පැරණි තොරතුරුය.
අම්මාගේ පරම්පරාවෙන් ලෝකයට එක්වන්නේ නිවුන්නන් පමණක් බව ආනික්‍යා කියද්දී අම්මා ඒ බැව් පිළිගත්තාය.
"කෝ ඔයාගේ නිවුන්නා?"
මම ඇගෙන් ඇසුවෙමි.
"එයා ඉන්නෙ අපට කිට්ටු වෙන්න පුලුවන් තරමෙ කෙනෙකු සමග නොවෙන බව අම්මා කීවේ අකමැත්තෙනි. එවිට මට අම්මාගෙන් අහන්නට තවත් දෙයක් තිබිණි. "මටත් නිවුන්නෙක් ඉන්නවාද? "
"නෑ නෑ.. වෘක ළමයින් ඉපදෙන්නෙ තනිවම.." එහෙම ලීවේ ආනික්‍යාය. එහෙත් අම්මාගේ නිවුන්නා ගැන ඇය කීවේම නැත. ඕ කිවු විදියට ඒ නිවුන්නා දැන් සිටින්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ළගා වෙන්නට බැරි ඈතකය.
"එක්කෝ ඔයාගේ නිවුන්නා නැත්නම් ඔයා තමයි මාව ආයෙ මගේ ඇගට ඇතුල් කරන්න මන්ත්‍ර කියන්න ඕනෙ"
ආනික්‍යා කීවිට මුලින්ම අම්මා වික්ෂිප්ත වී සිටියාය. දෙවනුව මන්ත්‍ර පොත් පත් කකොහිදැයි ඇසුවාය. ආනික්‍යාගෙන් ඉල්ලාගත් විස්තර සමගින් මා සමග ඩැෆඩිල් ටෙරස්හි පුස්තකාලයේ පොක් දෙකක් හොයා ගත්තාය. ඒ පොත් ලොකු පැරණි තාලයේ ඒවාය. අම්මා ඒවායින් සිය කුඩා අත්පොතට මන්ත්‍ර පිටපත් කරගත්කේ කිසිම දිනක මා දැක නොමැති ජවාධික ආකාරයකිනි. ඕ සැබෑ මන්ත්‍රකාරියකසේ දිස්විණි. එය හරියටම මොකක් දෝ දේකින් වැලකී තිබුණු ඇගේ හැබෑ ශක්තිය ඉස්මතු වීමකි. මිනිස්සුන්ට තමන් කැමති දේ කරන්නට සාමාන්‍ය සමාජය ඉඩ නොදෙයි.එහෙිදි අපි ඒ සමාජය කැමති වෙනාාකරයේ ක්‍රියාවන්හි යෙදෙන්නට සුදානමින් සිටිමු.
එහෙත්, එයින් පිටත අපට අප වෙන්නට ඉඩ ලැබෙන පළමු අවස්ථාවේ ම අපට ගිලිහුණු මෙතෙක් නැතිවී තිබුණු ජීවිතය යළි ලැබෙන්නට පටන් ගනී. අපේ අම්මාද එහෙමමය. අම්මා ඩැෆඩිල්ස් කාමරයට වී දින දෙකක් මුලුමනින්ම සිය මන්ත්‍ර ජප කිරිමේ ශක්තිය උරගා බැලුවාය. ඒඩ්න් වරින් වර මා පහත මාළයට කැඳවා අම්මා මේ කරන්නට යන දෙයින් ඇයට හානියක් වෙන්නේ නැහැ නේදැයි සහතික වෙන්නට හැකිදැයි ඇසුවේය. ඩැෆඩිල්ස් ටෙරස් වෙත නෑවිත් එය පෙනෙන මානයට පැමිණෙන මගේ ආදරණීය මැණික් කැටය, සිය මෝටර් සයිකලයේ මා හිඳුවාගෙන ඈත තෘණ යායක් වෙත මා ගෙන ගියේය.
" අම්මා මේ කරන්න යනදේ ගැන ඔයාට විශ්වාසයි නේද?"
"හ්ම්"
මා සිටියේ ගෙවුණු දින දෙකේ සිදුවෙන අමුතු අද්භුත සිද්ධි ගැන කම්පනයෙනි. අම්මා ගේ මන්ත්‍ර ජප කිරිමේ හැකියාව පමණක් නොවේ අම්මාගේ නිවුන්නා ගැනද මට ඇත්තේ පටලැවිල්ලකි.
"ඇයි මේ අනවශ්‍ය දේවල් හිතන්නෙ" ඇස් වසාගෙන මගේ කම්මුලක සිය මුහුණ තවරන චාරු, මටද ඒ මොහොත සුවසේ විඳින්නට බල කරයි. ඇස් වසාගත් පසු මට දැනෙන්නේ ඔහු හුස්ම ගන්නා ස්වරය පමණකි. එය මගේ කොපුල් මත හැපෙයි.
"මං බයයි.." ඔහු සෙමෙන් මුමුණයි.
"ඇයි?"
"මං ඔයා නැතුව ජීවත් වෙන විදියක් දන්නෙ නෑ.."
"මං කවදාවත් ඔයාට නැති වෙන්නෙ නෑ චාරු"
"ඔයාට තියෙන ආදරයයි පැක් එකට බැඳුනු බැම්මයි නිසා මං ඉන්නෙ අතරමං වෙලා වස්තුව.. මං දන්නෙ නෑ.. මං කාටද ඇත්තටම වැඩ කරන්න ඕන කියලා.. ඔයා මගෙ ආදරේ විතරක් නෙමෙයි. දවසක ඔයා මගෙ රැජිණ.. "
"ඉතින් රැජිණකට ආදරේ කරන්න බැරිද ඔයාට. රැජිණක් වුණාම මට මොනවද නැති වෙන්නෙ?"
"ඔයා කවුද මං කවුද.. "
මම ඒ මුහුණ මගේ අත් කෙින්ම අල්ලා ඒ දෑසට එබෙමි. මිනිස්සුන්ගේ ඇස් යනු ඔවුන්ගේ ආත්ම වල දොරගුලු විවර කරන මුරපද වෙති. මම ඒ ඇස් දිගට ඇවිදිමි.
"ඔයා මගෙ ආදරේ.. චාරු.. මේ ලෝකෙ කිසිම පිරිමියෙක්ට සම්පුර්ණයෙන් ම දිනාගන්න බැරි වෙච්ච මගේ හදවතේ හැම අස්සක් මුල්ලක්ම ඕපන් කරගත්තෙ ඔයා.. ඔයාට නොපෙනෙන නොකියන ඔයා නොදකින එක චුටි තැනක් වත් මං ඇතුළෙ නෑ.. ඔයාලා මට එක එක නම් දෙනවා.මං රැජිණක්ය කියනවා. අනික් අතට මං ප්‍රාර්ථනා වක් කියනවා. මට ඔය ටයිටල්ස් එකක්වත් ඕන නෑ චාරු.. මං ආසයි මේ ඔයායි මායි ගෙවන ජීවිතේට. අපට බැරිද ඔයාලගෙ ගෙදරට වෙලා ජීවත් වෙන්න.. "
චාරු මා වැලඳ ගත්තේය.
"මට ඕනෙත් එහෙම ජීවිතය ක් තමයි.. ඒත් .. එහෙම ජීවිතය ක් ලැබෙන්න ගොඩක් කාලයක් ගතවෙයි..අපි බලං ඉමු. එකඅතකට අපි දැන්ම දුක් වෙන්නෙ මොකටද. අපි දෙන්නා ටික කාාලකට හරි ඈත් වුනොත් ඒත් අපි ආයෙ කවදහරි එකතු වෙයි.. "
"චාරු.. මං කවදාවත් ජීවිතේ පොරොන්දු දීලා නැති කෙල්ලෙක්. මං පොරොන්දු වලට කැමති නෑ.. මං ඔයා ගැන ඔයාගෙ ආදරේ ගැන හිතන්නේ ඒක නිකම්ම නිකම් ආකර්ෂණයක් කියලා නෙමෙයි. ඒක තීරණයක් …පැටියො . අපි තීරණ ගන්නෙ හිතලා.. තීනුයි චාරුයි කියන්නේ සොබාදහමෙ තීරණයක්.. ඒ කිසිම තැනක තීනුගෙ නම එක්ක ත්‍යාගගෙ නම බැඳිලා නෑ.."
"ඒක පොරොන්දුවක්ද එතකොට?"
"ඒකට පොරොන්දුවක් කියන්න ඔයාත් කැමතිද?"
"අපි කවදාවත් වෙන්වෙන්නෙ නෑ.. අපි දෙන්නා අපි දෙන්නගෙ. "
චාරුදරගේ මුහුණ කුඩා දරුවෙකුගේ මෙන් පිරිසිදු සිනහවකින් දිලිසෙන්න පටන් ගත්තේය. මගේ ආදරණීය ආදරය. .. මට මේ රාජධානි කුමකටද? ඔයා ඉන්නා තැනක සැනසිලිදායක හුස්මක් හොඳටෝම ඇතිය. ඒත් ඔබ මෙන්ම ඔබේ ජනපදයද සතුටින් වාගේම සැනසිල්ලෙන් තියන්නට මට සිදුවෙයි.
මම හැන්ද්ැ ඉරේ රැස් වලින් නැහැවෙන ඒ මුහුණ ආයේ සිපගනිමි.
"මේ තරම් ආදරෙයිද?"
"ඒ තරම් ආදරෙයි"

No comments:
Post a Comment