තාත්තාගේ මරණයෙන් පසු අප පිලිබඳ මාතෘකාව ක්‍රමයෙන් සමාජයට අමතකව ගිය අතර ඉදහිටක හෝඉතිරිවි තිබු දේපල වෙන්දේසි කරන වෙලද දැන්වීමක් හේතුවෙන් මිස අපගේ දුරකතන කාර්ය බහුල නොවීය.
අම්මාද මාද අලුතින් පැමිණි සාමාන්‍ය පවුලක් ලෙස කැළණි ගගට ආසන්න පර්චස් කිහිපයක කුඩා ගෙදර ජීවත් වෙද්දි අප අසවලාගේ අසවල්ලු ය අවට නිවැසියන් හෝ දැන ගැනිමෙන් වලක්වා ලූයෙමු.
ඊළග බෝම්බය පිපිරුණේ ඔන්න ඔය අතරවාරයේය. පෙරකී විභාග ප්‍රතිඵල කාරණාව හේතුවෙන් මා රැකියාවෙන් ඉවත් කිරිමේ අවදානමකට වැටි තිබිණි. එහි නරකම තත්වය එය නොවේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන්නට සූදානම් වීමය.
රන්දික සිටියේ තැතිගත් ස්වභාවයකිනි. වෙන්වෙන්නට තියා එවැන්නක් හිතාගැනිමටවත් නොහැකි ආකාරයක ප්‍රේමයක් මා ගැන ඇතැයි කි මේ රෝමාන්තික මිනිසා දැඩි පීඩනයකින් පසු විය.
"ඔයාගෙයි මගෙයි චැට් අනම්මනම් හොයාගෙන එයාලා මාව හොයාගනිද දන්නෙ නෑ. " මෙන්න මේ වගේ අංගවිකල වාක්‍යයක් ප්‍රකාශ කිරීම ගැන මා උන්නේ රන්දික ගැන කේන්තියෙනි.
" අනේ මොන ලබ්බක්ද තිනු.. ඌ ඔච්චර බයයි නං මොකටද ඕකට හා කියල ඕක කරල දුන්නෙ. ඌ බය වෙන්නෙ විභාග දෙපාර්තමේන්තුවෙන් රිසලස් ශීට් වෙනස් කරවල දුන්න වගෙනෙ.. ඔය වගෙ පිරිමි නම් පොල් පිත්තකින් හරි කපා ගන්න බැරිද.."
උත්‍රා අක්කා අප මේ ප්‍රශ්නය විසඳා ගන්න උත්සාහ කරද්දී රන්දිකගේ නහයෙන්ලඇඩීම වටහා ගත්තේ එලෙසිනි.
" මේ ප්‍රශ්න ටිකක් එහාමෙහා වෙනකම් අපි පොඩ්ඩක් දෙපැත්තට වෙලා ඉමුද.. මං කියන්නේ ආදරේ අඩුවෙන එකක් ගැන නෙමෙයි. ඒත් අමාරුවෙන් ගොඩ නගා ගත්ත ජීවිතනෙ නේද අපටත් තියෙන්නෙ… මේ ප්‍රශ්නෙ ඔයාට ඔෆිස් එක ඇතුළෙන් විසද ගන්න පුලුවන් කම තියෙනවනෙ.."
විශ්වාස කරනවා නම් කරන්න. රන්දික අවසානයේ එසේ කීවේය. රන්දික ගේ අම්මා සහ අක්කා ඔහුට එහෙම කරන්නැයි බල කරන්නට ඇතැයි රන්දික ගැන තවදුරටත් සිතමින් සිටි මගේ පෙම් සිත මට කීවේය.
ටික කාලයකට දෙපැත්තකට වී හිදීම කොහොම වෙතත් අපි එකිනෙකාගෙන් ඈත් වුයෙමු. මේ කාලය සාදියා මගෙන් පළිගැනිමක් බලාපොරොත්තු වු කාලයක් වෙතැයි මට නොසිතිනි. එහෙත් මිනිස්සු ගේ මොළ පළිගැනිම් වැනිලකාරණා වලදි වැඩ කරන්නේ අප හිතනා ආකාර වලින් නොවේ.
සාදියාගේ තුරුම්පුව බවට පත්වුයේ රන්දිකය. රන්දික මා නැතුව ගෙවන්නට ඇත්තේ කාන්සිමය කාලයකැයි මට නොසිතුන නමුත් සාදියා ඔහුට ළං වුයේ ඒ කාලයේය.
" ඔයා නොදන්නවාට රන්දි, ඔය තීනු මුලින්ම යාළුවුණේ කා එක්කද දන්නවාද. ඒ දවස්වල කොලේජ් එකට ඇවිත් හිටියා වොලන්ටියර් සෙට් එකක් .. ඒකෙ හිටියා යුකේ වලින් ආව තෝමස් කියලා කොල්ලෙක් .. අපි ඌට කීවේ ටොම් කියලා. ටොම් යුනිවසිටි එකට යන්න ඉන්න බව දැන දැනම මේකි යාළු වුනානෙ ඌ එක්ක.. "
දැන් සාදියා මෙහෙම කතාවක් රන්දිකට කියන්නට ඇති යැයි ටක්කෙටම කියන්නේ කොහොමදැයි ඔබට ගැටලුවක් මතු වෙනු ඇත. මේ පුංචි යක්ශණිය මා සම්බන්ධයෙන් රන්දික හා කතා කරන හැම දුරකතන සංවාදයක්ම රෙකෝඩ් කරගෙන සිටියාය.
රන්දික අප අතර වු බොහෝ රහස් තවදුරටත් සගවා ගැනිමට උත්සාහ කරද්දි සාදියා ඇගේ අනුරාගි කටහඩින් තව තව ඔහුව අප අතර වු සමිප සිදුවිම් විස්තර කරනා තත්වයටම පත් කරන ආකාරය මම ඒ රෙකෝඩින් වලට කන්දෙමින් අපහසුවෙන් අසා සිටියෙමි.
මේ වට්සැප් රෙකෝඩින් කට්ස් වෛරල් වු වේගය කොතෙක්දැයි හිතාගන්නට බැරිව ගිය අතර, ඒවායේ කතාවෙන නම් අයිති අසවලාට නැත්නම් අසවලාටය කියමින් අප තුන්හිතකින්වත් නොහිතු කෙල්ලන්ගේ කොල්ලන්ගේ මුහුණුද තැනින් තැන ශෙයා වෙන්නට පටන් ගත්තේය.
"ලයිව් ඇවිත් ඇත්ත කියලා අර වේ…ගෙ රෙදි ගලවහං " යෙහෙලියන් කීවෝය.මම මුලුගැන්වී නොසිටියෙමි. ගැන්නෙන්නට මුල්ලක් සොයා ගැනිම කොහොමටත් අසීරු විය.
" මටත් ඕනෙ තීනු වගෙ කෙල්ලෙක්"
"අම්මෝ තීනු ඔයා"
" තීනු වගෙ කෙල්ලෙක් නං හා අම්මෙ"
මේ වගේ පෝස්ට් නුත් ශෙයා වෙන්නට පටන් ගත්තාම නම් සමාජ මාධ්‍ය සියල්ලෙන් ඉවත්වී මුලු ගැන්වී ඉන්නට තිනෙත්මාට සිදුවිය. රන්දිකත් ඔහුගේ පෙම්වතිය සමග සිදුවු ඉතා රහසිගත ගණුදෙනු පවා සාදියා සමග වට්සැප් කෝල් එකක බෙදාහදාගැනීම ගැන මට පුදුම සිතී තිබිණි. මා දැනසිටි රන්දික නිශ්ශබ්ද මිනිහෙකි. එහෙත් සාදියා විසින් බිදෙන් බිද නිරුවත් කරගෙන තිබු රන්දිකගේ ආත්මය වනාහි සියළු ආශාවන්ගෙන් ජුගුප්සාජනක ලෙස කළඹවන ලද සහ විකෘති කරන ලද අන්ත අසරණ පාරේ වැටි සිටින බලු පැටවෙකුටත් වඩා අවසග එකකි.
" පේනවනෙ තීනු.. අපි දකින අපි අතපතගාන පිරිමි ආත්ම වල තියෙන නේචර් එක.. "
" එතකොට අපට වැරදෙන තැන කොතනද? අක්කෙ ඒ? අපි මේ පිරිමි තෝරගන්න තැනදි අපට ඇත්තටම වරදින තැන මොකක්ද?"
" මොනතරම් හයිය ආත්ම ශක්තියක් තියෙන ගෑණියෙක් වුනත් මෙලෙක් වෙන එක තැනකදි ගෑනු වැටෙනව..ඒ මෙලෙක් වෙන තැන ඒ ගෑණිට හිතට හරියටම හරියව ආදරයක් දෙන පිරිමියෙක් හම්බ වෙනේක"
උත්‍රා අක්කා එසේ කීවේ
"හැබැයි තමුසෙ අර වගෙ ගොබ්බ ගොං නාම්බෙකුට ආදරේ කලේ කොහොමද කියා තමන්ට කිසිසේත් නොතේරෙන බවද කියමිනි. මට සිදුවුයේ ගහෙන් වැටීම ගහ යට සිටි ගොනාත් ඇනීම පමණක් නොවේ. මා වැටී සිටි තැනට ගහ කඩාගෙන වැටීමත් ගොනා වැටිි සිටි මාත් ගහත් දෙකම පාගාගෙන දිවීමකුත්ය.
රන්දික ඉන්පසුව වරක් නැත්නම් දෙවරක් මා හමුවන්න හිතාගෙන කොල්ලුපිටියේ කාර්යාලයේ මිදුලටවී සිටියේය. කිසිම හිරිකිතයක් හෝ විලිලැජ්ජාවක් නැතිව ඔහු සහ මා අතර වු සිියළු රෝමාන්තික ආලවට්ටම්ද ඊටද වඩා නිර්දය සේ අප අතර සංවෘත ඉසව්වකදී සිදුවිය හැකි ශාරිරික ගණුදෙනුද සාදියාගේ දුරකතන සංවාද වලදි නිර්ලජ්ජිතව එලියට ඇද දැමු මගේ හිටපු පෙම්වතා, නොදැක්කාසේ මගහැර ඒම අදටද මා හිතන විදියට මගේ ජයග්‍රහණය කි. නැත්නම් මට හිති තිබුණේ ඒකාව ගාලුපාරට සමාන්තරව දිවෙන කෝච්චි පාරකට ඇද දමා කෝච්චිය ඔහු මතින් ඇදි යද්දී සතුටක් විදිමටය.
කෙසේ වෙතත් මම මෛත්‍රී සිතුවිලි දරා සිටියෙමි. එයින් මටද යහපතක් විණි. මා මෙතෙක් ඒ කම්පනිය වෙනුවෙන් කළ කි දැ සලකා බලා මා රැකියාවෙන් ඉවත් නොකිරිමට මෙන්ම ආයතනය වෙත ඉදිරිපත් කළාවු කූට ලේඛන නොතකා සිටිමට ද ඒ වෙනුවෙන් දඩුවමක් වශයෙන් මගේ තනතුර අඩු මට්ටමක තහවුරු කර මෙවන් දුර ශාඛාවකට මාරු කිරිමටද අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර තිබිණි.
අම්මාට නම් උවමනා වූයේම මා රැකියාවෙන් ඉවත් කර ගැනීමටය. වෙනත් මොකක්ම හෝ රැකියාවක් කරන්නට බැරිනම් අහල පහල ළමයින්ට ඉංග්‍රීසි ටිකක් කියා දී කියක් හරි හොයාගන්නා ලෙසද ඕ වරෙක කීවාය. මා ගෙවු දිවිපෙවෙත හා සසදා බලද්දී එහෙම කීයක් හරි වැනි අවිනිශ්චිත මුදල් ප්‍රමාණයකින් ප්‍රමාණාත්මකව තෘප්තිමත් විය හැකි මට්ටම ක මා සිටියාද යන්න මටද අවිශ්වාසය .
ඉතින් මම කෙටි කාලයකට ප්‍රේමයෙන් විනිර්මුක්ත වූයෙමි. මගේ හදවත කොහොමටත් කාලයකට එහෙම දලු දමන හැගීම් වලින් වියුක්තව ශීත කාලයක් ගත කරන්නේය. එය එයටම ඕනැ ආකාරයට ඒ සෘතුව තෝරාගනිද්දී මම නිශ්ශබ්ද වුයෙමි.
ඒ හඩ සංද්වනිය කලබල නොකර මේ මුහුදු මට්ටමෙන් ඉහළ වෙනම ලෝකයක් වන් ඉසව්වට ආවෙමි. අම්මා හැර වෙනත් බැඳීමක් කොළඹ ඉතිරි කර නොඒම ගැන මා සතුටිනි.
" ඔයා වීක් එන්ඩ් එකට එන්නෙ නැද්ද?"
"නෑ අම්මි.. තේරුමක් නෑනෙ දවස් එකාමාරකට එන එක..එන ගමනයි යන ගමනයි අතරෙ ගෙදර ඉන්න හම්බෙන්නෙ පැය ගාණක් විතරයිනෙ"
" හ්ම්.. මං හිතුව ඔයා එයි කියල.."
" මං උත්‍රා අක්කට කියන්නම් ඇවිත් ඉන්න කියලා … අමිමි එක්ක"
" නෑ නෑ.. එහෙම තනියක් මට නෑ"
අම්මා කීවේ දොම්නස සගවා ගනිමිනි. .මට අම්මා ගැන දුක හිතෙයි. එහෙත් මේ සියල්ල අවසානයේ වඩා යහපත් හෙට දවසක් එනු ඇතැයි බලාපොරොත්තු තියේ.
"ටික කාලෙකින් මං කොළඹට එනවනෙ අම්මි.. එතකම් ටිකක් දරාගෙන ඉමු.."
සති අන්තයක් මේ පාලු මන්දාරම් සහිත නගරයෙහි ගත කිරීම කොයිතරම් අසීරු වායහැකිදැයි දන්නේ අගනුවර කලබල රාත්‍රි සමාජශාලා ජීවිතය ට ඇලී සිට ඉන් නික්මීත් වෙන වෙන හැපනින් ජීවිතය ක් ගෙවන්නට යොමුව සිටි ගැහැනු ළමයෙකු පමණකි.
හිමකර සිකුරාදා සවස කොළඹ යන්නට සූදානම් ව සිටියේය. ඒඩ්න් පීටර්ස් ඔහුගේ රළු රථය ගෙනැවිත් කාර්යාල මිදුලෙහි නතර කළ පසු හිමකර මේස තුනක් එහාපැත්තේ සිට කෑගැසුවේය.
" කෙල්ල.. ගෙදර යනව නං අපි එක්ක යන්න පුලුවන් .. "
මේඅ ායතනයේ වෙන කිසිම ගැහැනු ළමයෙකු නැත. එබැවින් කෙල්ල කීවත් අක්කා කීවත් නංගි කිවත් ඒ මටය. ඒඩ්න් ත් හිමකර කෙල්ල කී ස්වරයට මදහසක් ඇතිව මදෙස බැලුවේය. මෙතනම පිරිමි, අවුරුදු විස්සක සිට තිස්පහක් විතර වෙන වයස් කාන්ඩයක නොයෙක මොඩලයන්ගෙන් යුක්ත පිරිමි දහයකි.. මේ එක්කෙනෙක් ගේ වත් නැති ආකර්ෂණීය සිනාවක් .. ගමනක් බිමනක් .. මේ ඒඩ්න්ගෙන් විද්‍යමාන වෙන්නේ කොහොමද ?
කොළඹ යනවායි කියද්දී ප්‍රධාන කාර්යාලයට යවන්න උවමනා ම ලිපිගොනු කීපයක් සකස් කරන්නට පමාවිණි. ඒඩ්න් හේමන්ත සමග කතා කරමින් සිටියදී මම මිදුලට බැස්සෙමි. මෙබිමෙහි මල්ම පිපේ. වැඩිමණක් ඇත්තේ වනමල්ය. ඒවා මත සරන්නෙ සමනලුන්ය. නේක පැහැ ඇති කුඩා කෘමි සතුන් ය.
ඒඩ්න් ගේ වාහනය මගැර මම පාරට බැස්සෙමි.. මේ තාර පාරෙහි වාහන එනවා අඩුය. මෙවැනි කුඩා බිම් මිනිස්සුන්ගේ ඇස් වලින් සැගවී තියෙන එකමය හොද කියා මට එවෙලේද සිතිණි. සාමාන්‍යයෙන් ගමක් ගැන ටෙලිනාට්‍යයක ශුටින් ලොකේශන් වල පවා විනෝද ගමන් සංවිධාන කරගන්නා ඇතැම් අර්ධ නාගරිකයන් "ජීවිතය විදිනවාය කියා ගන්නා අලුත් රැල්ලක් නිර්මාණය කරගෙන ඇති බැවින් මේ බිම් මෙහෙම නොඉදුල්ව පිහිටිමම යහපතකි. මෙබිමට මේ මිනිස්සුන්ට නොවේ. සොබාදහමටය. ගහකොළටය.
වම්කණ ආශ්‍රිතව යමක් සෙලවෙනු පෙනුනේ නැත.දැනුණි. ක්ශනිකව හැරී බලන මට පෙනුණේ ඒඩ්න්ය. යටිහිත ගැස්සිණි. ඒඩ්න් සාමාන්‍යයෙන් අඩි පහයි දහයක් විතර උස ඇතියි හැගුනේ එවෙලේය. මම මදහසක් .. ඇත්තටම කෙටිම සිනහවක් නගා ගත්තෙමි.
" තිනෙත්මා… අර .. එදා රෑ ඉන්සිඩන්ට් එක.."
මම හිස සැලුවෙමි. ඒඩ්න් මගේ ඇස් දෙස බැලුවේය. එය සාමාන්‍යයෙන් පිරිමි ළමයෙක් ගැහැනු ළමයෙක් දෙස බලනාකාරයේ එකක් නොවේ. මට දැනුණේ ඔහු මා ඇතුළත ඇවිදින්නට යතුරක් මගේ ඇස් මත්තේ සෙවීමක්ය. එසේ යතුරක් නොසෙව්වද, ඒ මා ඇතුළත යමක් සෙවීමකි. මා ගවේශණය කිරීමකි.
" ඔයා එදා ඇත්තටම දැක්කෙ මොකෙක්ද?"
මට එවෙලේ මගේ ඇස් ඒඩ්න් ගෙ ඇස් වලින් ගළවා ගන්නම නොහැකි වුයේ. එය ඇළවීමකි. කිසිම කිසි හේතුවක් නැති වශී වීමකි.
" වුල්ෆ් … කෙනෙක්"
මා කියුවා පුුදුමය. මා එය කාටවත් නොකී රහසකි කෙටියෙන්ම මං වත් පිළිනොගත් ඒත් මා තුළ තිබු සත්‍යයටම බර සැකයකි. මට පුදුමම මා එය ඒඩ්න්ට කීමය. ඒඩ්න්ට එය කියන්නට මට සිතීමය.
ඒඩ්න් සිනාසුණේය. මේ මිනිසාට මේ තරම් ලස්සන ට සිනාසෙන්නට අයිතියක් නැත.එහෙම කර මලක් වැනි මගේ හිත වියවුල් කරදමන්නට නම් ඉඩ දෙන්නටම නොහැකිය.
" දන්නවද මං කොච්චර කාලයක් මෙහෙ ජීවත් වෙනවද කියල"
එය වයසට වැඩි වැඩිහිටි ගතියක් මවා ගෙන කී දෙයකි. මම ඉන්තේරුවෙන් දනිමි. පිරිමි එහෙම කරනවිට එහි වියපත් බවට වැඩියෙන් ලා මනමාල පැහැයක් තැවරෙයි. උන් හිතන්නේ එහෙම වෙනවිට කෙල්ලන් ස්වභාවයෙන් සොයන රැකවරණය පිලිබඳ හැගීමක් අපට ඇති වෙන බවය.
උත්පත්තියෙන් අයියලාගේ ප්‍රේම ආකෘතියට බැදෙන ගැහැනුද ෂුගර් ඩැඩිලා ගේ ආකෘතියට බැදෙන ගැහැනු හැඩද අතරේ සමවයස් පෙම්වතුන් මෙන්ම වයසින් අඩු පෙම්වතුන්ට ආවේණික ගතිසොබා වලින් බැදෙන ගැහැනු හිත් ඇතැයි පිරිමි තේරුම් ගන්නේ අඩුවෙනි.
" විිසි අටක්.." මම නොසෙල්වී කීවෙමි. තමන්ගේ අයිඩෙන්ටි කොපියක් සහිත ලිපිගොනුවක් කාර්යාලිය වශයෙන් පවත්වා ගන්නා මා වගේ ගවේශණශීලිලකෙල්ලකගෙන් වයස අනුමාන කරන්නැයි කියා ඒඩ්න් කළේ අනුවණකමකි.
" ඕ.. විසි අටක්.. ඔය විසි අටෙන් අවුරුදු දාසයකට වඩා .. රයිට්.. අවුරුදු දාසයකට වඩා මං මේ කැළේ කොළේ මල් ගහක් ගහක්ලගානෙ දැනගෙන ජීවත් වෙලාලතියනව.. හැබැයි…"
ඔහු හැබැයි කියා දැනෙන හුස්මක් ඉහලට ගත්තේය..
" මේ කැළේ එහෙම සත්තු නෑ.. අනිත් එක ලංොවෙ සත්තු ගැන සංඛ්‍යා දත්ත අරන් බලන්න .. යාල කැළේ විල්පත්තු කැළේ වගෙ කොටිය වලහ හිටියට.. වෙන වෙන පොඩි ලදු කැලැ වල උන් නෑ.. අර හිමා කියන්න වගෙ එදා අනිවාර්යයෙන් ඇවිත් තියෙන්නෙ බල්ලෙක්.. ඔයා එක එක ඉංග්‍රීසි ෆික්ශන්ස් එහෙම ගොඩක් බලල ඇති නේද?"
ඉංග්‍රීසි ටෙලි කතා සීරිස් පිටින් නරඹා මොළය විකෘති කරගත් නූතන ගැහැනු ළමයෙකු හැටියට මාව නම් කර පසෙකින් තියන්නට ඒඩ්න් ගත් පියවර ගැන මගේ අසතුටක් නැත. මට බලපෑමක් නොවෙන තාක් මා අනුන්ගේ පදනම් තුල මගේ තර්ක ගොඩනගන්නෙක් නොවෙමි.

No comments:
Post a Comment