#DT
32
කැපිටල් ෆයිනැන්ස් හි ප්‍රධාන කාර්යාලය සතු වෙනත් ශාඛාවල වාර්ෂික විගණන කටයුතු පටන් ගත්තේ මේ අතරතුරය. මට ඉතිරිවී තිබු දෙදින පුරා මා අනුයුක්තව සිටියේ කලුතර ප්‍රදේශයේ කැපිටල් ෆයිනැන්ස් ශාඛාවක විගණන කටයුතු සම්බන්ධ කණ්ඩායමටය. අපට වෙනම නවාතැන් පහසුකම් සලසා තිබුණත් මම කලුතර මුහුදු වෙරළාසන්න හෝටලයක සුවපහසු කාමරයක් වෙන් කරගත්තෙමි. මින් පෙර මා සතුව භාවිතාවට තිබු සියලුම ණයපත් ඒ වනවිට අක්‍රියව තිබි අතර කැපිටල් ෆයිනැන්ස් සේවකයන් සදහා භාවිතාවට ලබා දෙන විශේෂිත ණයපතක් පමණකි මා සතුව තිබුණේ.
"තීනු මොනව හරි උදව්වක් ඕන වුනොත් කියන්න" ඒඩ්න් කිව්වේ සතියකටත් පෙරය. මම හිස සලා හායි කීවෙමි. විගණනයට කලුතරට කැදවා තිබුණේ මා පමණකි. කොහොමටත් පෙරකී ඖෂධීය පුජා යාගය වෙනුවෙන් මා නැවත දේවදාර උයනට පැමිණීමට නියමිත ව තිබුණේ දින තුනකිනි.
"චාරු.."
මම සවස කිසිවක් ලිපිගොනු වල අමුණමින් සිටින ඔහු වෙත ගියෙමි. කාර්යාලයේ ඒ වන විට සියල්ලෝම වැඩ අහවර කර ගොසිනි. ඔහු ඇහිබැමි ඔසවා මදෙස බැලුවේය. මට ඔහු හිතනා දේ ඇත්තටම නොවැටහෙයි.
" වීක් එන්ඩ් එකේ ඔඩිට් එක දාලා.. "
" දන්නවා මං. ඔයා යනවනෙ.."
"ඒ කියන්නේ ඔයා දන්නවද මං කලුතර යනවා කියලා.."
වාඩිවි සිටි පුටුව පසෙකට කර නැගිට්ට මේ දගකාර පිරිමි ළමයා මේසය මතහිඳගත්තේය. ඒක ආදරණීය ආරාධනාවකි. ස්වභාවයෙන්ම ළගට ඇදී යන්නට හිතෙන විදියේ එකකි. ශක්තිමත් උර බාහුවකට නළල ඔබා ගන්නට හිතෙන හැගීමකි දැනීමකි.
"යංද මාත් එක්ක.."
"මං. ? මං ගිහින් කොහොමද?"
"ඇයි මොනාද ඔය හැටි දාලා යන්න බැරි වැඩ තියෙන්නෙ මෙහෙ?"
"එහෙම නෙමෙයි.. ඔයා ඉන්නෙ ඔෆිස් එකේ කෘ එකක් එක්කනෙ.."
"ඉතින්.."
"ඔයාට අවුලක් වෙයි.."
"මෙච්චර කාලයක් කැළේ කොලේ මාව බදාාගන ඉද්දි මට අවුලක් වෙයි කියලා හිතුණෙ නැත්ද?"
චාරු මගේ නිකට අල්ලා ගත්තේය. ඇගිලි තුඩින් පොඩි කළේය.
"කාටවත් නොකිය අපි යං.. ඔයා ආසයිනෙ මුහුදට.. මං මුහුද අයිනෙ තැනක් බුක් කරගත්තා අපට නවතින්න.."
ආදරේ කියන්නේ ඉවසන්න පුලුවන් හැගීමක් නොවේ. එදා හවස් වෙනතෙක්ම කාර්යාලය වසා නොදමා වැඩකරන්නට භාග්‍යත් හිමකරත් තීරණය කරගෙන සිටි අතර පැවැත්වීමට නියමිත විගණනය වෙනුවෙන් වෙනත් ශාඛාවක කණ්ඩායම ක් අප ශාඛාව වෙත පැමිණීමට නියමිතවත් තිබිණි.
සංචාරක යක්දෙස්සාගේ ආක්‍රමණයෙන් පසුව හිමකර හිටියේම ලෙඩ පාටිනි. සිගරට් බීමත් මත්පැන් බීමත් එහෙම පිටිම්ම අත් හැරියේය. සැහැල්ලු කෙලිලොල් ගතියද අඩුවී තිබිණි.දුක හිතුණේම එනිසාය. ඔහු නොදන්නවාට ඔහුට සිදුවු දේ එක් පසෙක මාද ඉන්නා නිසාය. එහෙත් ඒවා කියා සමාව භජනය කර නිවැරදි කර අාපස්සට හැරවිය හැකි දේ නොවේය.
කළුවර නොමැකුණ , සුරියකාන්ත පිපෙන්නට ඉස්සර ඩැෆඩිල් ටෙරස් ලගින් මා සිය මෝටර් සයිකලයට නංවා ගත් චාරුදර සතුටින් සිටියේය.
"පෙට්‍රල් ෆුල් ටෑන්ක් දාලා තියෙන්නෙ.. අපට පුලුවන් ආයෙ දුර…ම දුර ශෙඩ් එකක් හම්බෙනකම් නවත්තන් නැතුවම යන්න.."
"එච්චර දුර මේකෙ වාඩිවෙලා යන්නෙ කොහොමද? පස්ස රිදෙන්න ගනී.."
"හරි ඉතින් පොඩි පොඩිබ්‍රේක් අරන් යං.."
යන්නට තියෙන දුර වැඩිය. චාරුදර මුහුදට ආසා කළේය. ඔහු මුහුදු වෙරළ වල දවස් ගෙවා තිබුණේම නැත.
"අපේ ජීවිත ගෙවුණේම අපේ වගකීම් ඉශ්ට කරන්න.. විඳිනවා කියලා දේකට ඉතින් පැක් එකත් එක්ක බොන එකයි මොකක් හරි පිස්සුවක් කෙලින එකයි තමයි. අපි ඉතින් ගම්වල කොල්ලොනෙ.. මට ඇත්තටම ඔය ලොකු හොටෙල්ස් අනම් මනම් වල ජීවිතේ පුරුදුත් නෑ. මං දන්නවා හොදට අන්දලා පැත්තකින් තිබ්බාම මාත් ලස්සන කොල්ලෙක් කියලා..ඒඇරෙන්න මගෙන් කියලා විශේෂ වැඩක් නෑ"
වෙරළ තෙක් යායුතු ගමන දිගුය.දුශ්කරය. මට චාරුදරව අපහසුතාවයකට පත් කරන්නට උවමනා වූයේම නැත. අප නගරයේ පිහිනුම් තටාක වල පිහිනන්න ඉගෙන ගනිද්දී ඔවුන්ට අඩි දහයක විස්සක දුරින් පිහිටි ස්වභාවික ජල තටාක වල අයිතිය තිබුණි. අප දහස් ගණන් පැකේජ වලට වියදම් කර ත්‍රාසජනක අත්දැකිම් ලබා ගන්නට ගත කළ කාල වල ඔවුන් ඇත්තටම ත්‍රාසජනක අත්දැකීම් වල ස්පර්ශ ලබා සිටියහ. ඉතින් , ඔය කියන උසස් සාමාජයිය හැසිරිම ගැන ඇති අවතක්සේරුව යකාට ගියාවේය. අවදානම දැකදැකත් මැරෙන්න වුණත් සුදානමින් ආදරේ කරනා පිරිමියෙක් කියන්නේ කවදාවත් අවතක්සේරුවට ලක් කළ හැකි වස්තුවක් නම් නොවේ.
මග දෙපස ඇති කුඩා තේ කඩ වල , විතරක්ම නොවේ. කේඑෆ්සී එකක, මැක්ඩොනල්ඩ්ස් එකකද බිරියානි කඩයකද නවත්වා කන්නට බොන්නට උවමනාවක් වැඩියෙන් ම තිබුණේ මටමය. කුට්ටන් ගේ ත් අපේ අම්මාගේ වගේම ඩැෆඩිල් ටෙරස් හි කෑමබීමත් එකම විදියේ ගුණවත් බව වැඩි පාරම්පරික කෑම වට්ටෝරුය.
"මොනා වුනත් මං මේ ෆාස්ට් ෆුඩ් නම් කන්න කැමතිද කොහෙදෝ.."
මුලින් මුලින් රසකාරක දැමු පිටි වල පොගවා බදින ලද පැරණි කුකුලු මස් කියා ක්ශනික කෑම බීම ප්‍රතික්ෂේප කරමින් සිටි මේ පිරිමි ළමයා "ඔයා තමයි මාව මේවට පුරුදු කරන්නේ කියමින් ආයෙ ආයෙත් එක එක ඒවා ඇණවුම් කළේය.
අප කළුතරට යද්දී හොදටම සවස් වී තිබු අතර තරු තුනේ හෝටලයෙහි වෙන් කර තිබු කාමරය දැක චාරුදරගේ මුහුණ සැනසිලිදායක සිනහවකින් පිරිණි. මට මගේ ඇතුළු හදට ඔහු ගැන දැනුණ හැගීම කුමක්ද කියා ඇත්තෙන්ම මට තවම පැහැදිලි නැත. ඒක තණ්හාවකි. වෙන කාටවත් පරිත්‍යාග කිරීමක් හෝ එහෙම හිතේ කිසිම තැනකින් හිතන්නට බැරි කමකි.
"බීච් යංද?"
සැහැල්ලු ඇදුමකට මාරු වු ගමන් චාරුදර එහෙම ඇහුවේය. වෙනදාට අප තනිවු වෙලාවල හුවමාරු කරගන්නට කොයිතරම් උණුසුම් හැගීම් තිබුණත් බාහිර ලෝකායන් වෙන්වී මෙහෙම තනිවු වෙලාවේත් ඔහුට තිබුණේ මුහුදුු වෙරළට යාමේ උවමනාවකි.
ඔහු මුහුදට කොපමණ කැමතිද කියා මා බලා හිටියේ ඈත සිටය. අනිවාර්යයෙන් ම ඔහුට මේ මොහොතේ දැනෙන හැගීම මට උපකල්පනය කරගත හැකිය. මේ කරදරකාර ඇදුම් ඔක්කෝම ගලවා දමා මනසින් පමණක් මිනිස් කම තියාගෙන සත්ව සිරුර ඇතුලාන්තයට වෙස් මාරු කරගන්නට මටද සිතෙයි.
"හෙට මං බ්‍රාන්ච් එකට ගිහින් වැඩ ටික කරල එනකම් ඔයාට සී බාත් එකක් ගත්තැකි.. දවසෙම මාලුවෙක් වගේ මුහුදට වෙලා ඉන්න."
"කලු වෙයිනෙ.. මුදු අව්වට.."
"ඉතින්.."
"බෑ.. ඔයාගෙ වෙඩින් එකනෙ..මං ලස්සනට ඉන්නෙපැයි.."
මට ඔහුගේ මුහුණ හරිහැටිම නොපෙනෙයි. බලන්නටද නොසිතෙයි. වේදනාව විතරක් පපුව ඇතුල හුරයි.
" ඇත්තටම ඔයාට මොනවද හිතෙන්නෙ?"
" මොකක් ගැනද?"
" කොහොමද ඔයා ඔහොම සැහැල්ලුවෙන් ඉන්නෙ?"
" වෙන මොනව කරන්නද?"
" ඒ කියන්නේ ?"
" ඒක වෙන්නම ඕනෙ දෙයක්නෙ.. "
" මං ඖෂධීය පුජාව සමත් වෙන්නම ඕනෙ.."
" ඔයාට ඒක විශ්වාස ද?"
" මොකක්ද ?"
" ඒ මොහොතට පේනකාරිට ඔයාගෙ හිත ඇතුළෙන් මාව පේන එකක් නෑ කියල…"
"පෙනුනොත්?"
" කුමාරයාට ඇරෙන්න වෙන කෙනෙක්ට ඔයාව කසාද බදින්න බෑ තීනු"
" බැරි වෙලාහරි එහෙම වුනොත්.."
" ඒකට මේ අපේ පරම්පරාව අනිවාර්යයෙන් එගේන්ස්ට් මොනවම හරි කරනව."
" අපි බලාගෙන ඉම්මුකො. "
" ඔයා ත්‍යාගව ටිකක් හරි තේරුම් ගන්න උත්සාහ කරන්නෝන.."
"අපි මේ දවස් දෙකේ එයාව තහනම් වචනයක් විදියට සලකමුද? "
චාරුදර සිනාසුණේය. ඒක හරි ආදරවන්ත සිනාවකි. අපි මුහුදු වෙරළේ කෙළවරක බිමින් ඉඳෙවිශ්වීය කම්පන ධාරාවන්ට අප ඇතුළට කිදා බසිනා ලෙස ඇරයුම් කළෙමු.
මගේ හදවත කියන්නේ ම කොහේ හෝ තැනකදී අප සදාකාලයටම එක් වෙන බවය. ඒත් ඒ කවදද කොහෙදීද ඒ සදාතනික හමුවීමට පෙර අපට කොතෙක් දේවලට මුහුණ දීමට සිදුවේද මා දන්නේ නැත.
ලවණ මුසුවු සුළං වැදී ලුණු රසව තෙත්වුණු දෙතොල් සහ ඇලෙන සුළු අත් පා ඇතිව අප නැවත නවාතැන් ගෙන සිටි කුටියට යද්දීත් චාරුදර සිටියේ ඔහුට නුහුරු කරදිය පරිසරය ගැන සතුටිනි.
කාර්යාලීය දුරකතන ඇමතුමකුත් අමතා මා කාමරයට ගියේ චාරුදර එහි ගොස් බොහෝ වෙලාවකට පසුවයි. සුවඳ දියරයක දල්වන ලද ඉටිපන්දම් වගේම මල් පෙති විසිරෙන බාත්ටබ් එකකුත් අනුරාගී පෙම්වතෙකුත් ජීවිතය දෙන තිලිණයකැයි සිතන්නට මා පෙළඹවිණි.
"ඔයා මාව එක්ක ආවෙ හනිමුන් එකකටද නැත්නම් ඇනුවල් ඔඩිට් එකකටද කියලා මට හිතාගන්න බැරි වෙලා ඉන්නෙ"
"එහෙම ඔයා කන්ෆියුස් වෙච්ච එකට මං නං කැමති චාරු.."
"ජීවිතේ කියන්නේ ගමනක් නිසා.. ඒ ගමනෙ එක එක මොහොතක අපට තේරුම් ගන්න බැරි විදියෙ තත්ව ඇති වෙන නිසා .. මං ආස ඒ මොහොතෙ විතරක් ජීවත් වෙන්න.. "
"මට ත් ආසයි එහෙම කරන්න.."
"අපි අපි කවුද කියනෙක අමතක කරල මේ දවස් දෙකේ පොඩි එවුන් දෙන්නෙක් වගේ ජීවත් වෙමු.. ආස ආස දේවල් බුෆේ එකෙන් ඇති වෙනකම් කමු.. හැම වෙලාවෙම බීච් එකට යමු.. බදාගෙන කතා කර කර ඉමු.."
ජීවිතය ඇතුළේ අහුනොවුණු තැන් නම් කොච්චර ක්ද? අපට ගවේෂණය කරන්නට බොහෝ අත්දැකීම් ඇති බව වැටහිණි. රාත්‍රියේ කාමරයට ආසන්න එළිමහනක තමන්ව පුලුස්සාගත් දේශිය දුම්වැටියක් අප දෙදෙනාටම වෙන වෙනම රහස් පවසමින් සිටි බව කියන්නට හිතේ.
" ඔයාගෙ වෙඩින් එකෙන් පස්සෙ මට පාලු දැනෙයිද තීනු?"
තවත් සිගරැට්ටුවක් සියදිවි නසා ගනිමින් සිටියේය. මම එහි අවසානය පහසු කළෙමි. ඒ ගෙළ මුලින් අල්ලා අලු බඳුනේ එබීමෙනි.
"අපට තව එක රැයක් තියෙනවා.. මොකටද මේ උවමනා නැති දේවල් කල්පනා කරන්නෙ"
දවල් වෙනතුරු නිදාගන්නට කැමති මාව ඇහැරවා කාර්යාලය ට යවන්නට චාරඅදර නොගත් වෙහෙසක් නැත.
"රස්සාව යකාට ගියාවෙ අනේ.. මං රැජිණක් වෙන්නනෙ ඉන්නෙ.. චාරු මට තව විනාඩි දහයක් නිදා ගන්න දෙන්නකො.."
"හෙට උදේට .. චෙකවුට් ටයිම් එක වෙනකම් නිදාගන්නකො.. ඒත් මං මොකුත් කියන් නැ.. ඒත් අද බෑ… ඔයා එනකම් අර මිනිස්සු බලං ඉන්නවාලු බෝඩ් ඔෆ් සර්විස් එක පටන් ගන්න.."
චාරු මාව ඇඳෙන් බිමට ඇද්දේය. අපි දෙදෙනාම ආවේණික පාරම්පරික සටන් කලාවක එක වගේම පුහුණු දක්ෂයන් වීම අප හඳුනා ගත්තේ එදා විය යුතුය. චාරු මගේ අත්පහර වැලකු අතර එකිනෙකා ට නොපැරදි අප බොහෝ වෙලාවක් සටන් කළෙමු.
"තාත්තා ඔයාව හැමදේටම ලෑස්ති කරලයි තියෙන්නෙ" හති වැටී බුමුතුරුණක් අයිනේ බිම වාඩිවි හිදින කුඩා වෘක පැටවුන් දෙදෙනෙකු මෙන් අපි එකිනෙකාට රවා ගොරවා ගනිමින් සිටියෙමු.
"කෝ.. ලෑස්ති වෙන්න.. මං ඔයාගෙ ඇදුම අයන් කරල ගෙනැත් තිබ්බ..අලු ට්රවුස එකයි වයිට් බ්ලවුස් එකයි ..හොදයිනෙ"
මා අඳින පලඳින අයුරුත් බලා හිඳ ඇහැ ආසන්නයේ වැඩියෙන් ගැල්වුණු ඇස් අවට ආලේපනය කරන පාට කුඩු වම් මැදගිලි තුඩින් පිස දැමු කෙනාට ලිප්ස්ටික් තෙතමාත්තු කරන්නට නම් ටිශු කඩදාසි උවමනා වුයේ නැත. ඇත්තටම කලුතර බෝධියට ආසන්න ඉසව්වක පිහිටා ඇති කැපිටල් ෆයිනැන්ස් ශාඛාවේ අදාල භාණ්ඩ සමීක්ෂණය සිදු කරද්දී නම් මට වරින් වර චාරුදර තනිව හෝටලයේ දමා ඒම ගැන ආගන්තුක භීතිකාවක්ද දැනිණි. එනිසාම බොරු හිසේ ඇම්මක් පෙන්වා වේලාසනින් කාර්යාල පරිශ්‍රයෙන් පැන ඒමටද හැකිවිය.
"තාම හැදිල නැ නේද තිනෙත්ම? රැ තිස්සෙ බීල ජොයින්ට් එහෙම ගහල උදේට ආතබුත වෙලා වගෙ ඔෆිස් එන පුරද්ද එහෙමමයි.." ටීම් ලීඩර් වරයා කීවෙිය. මම යටැසින් බැලීම්. ඇගිලි වල නියපොතු එලිවට පන්නා ගන්නා තරමට ආ කේන්තිය මා යටපත් කරගත්තේ අසීරුවෙනි. මේ වගේ වෙලාවල් වල ඉවසන්නට චාරු ඇතුලු රංචුව පුදුමාකාර ශික්ෂනයක් ලබා ගෙන සිටියා මට මතක් වෙයි.
චාරු
ඔහු එහෙම කී බව අසා සිනහ වීය. අපි පිහිනුම් ඇඳුම් ඇඳ ගෙන තටාකයට බැස එහි බොහෝ වෙලාවක් ගත කළෙමු. චාරු අඩක් දියේ බැස හිදින අපුරුම ඡායාරුප ගොන්නක්ද මගේ ජංගම ද්රකතනයේ සටහන් විණි. ඔහු මාව ඔහුගේ පප්වට ම ලං කරගෙන සෙල්ෆි කීයක්ද මන්දා ගත්තේය.
"බලනවකො මේ ටිකේ ලස්සන"
"ලස්සනද?"
"නැත්නම්.. හිමකරට දෙන්න හිතෙනවා එයාලගෙ මොඩ්ලින් මැගසින් එකට දාන්න"
"අනේ මේ පිස්සු නැතිව ඉන්න තීනු.."
"ඔයා ඔහොම අදිනව කවදාවත් දැකල නෑනෙ මං"
"ඉතින් අපි දෙන්න මීට කලින ස්විමින් ඇවිල්ල නෑනෙ.."
"වාව් කියලා හිතෙනවා"
"මිට වඩා නරක විදියට මාව දැකල නෑ වගෙනෙ"
"එහෙම නෙමෙයි.. මෙහෙම දකින කොට දෙන්න බෑ කියලා හිතෙනව අරූට"
ත්‍යාග ගැන චාරුදරගේ හිතේ ද්වේෂයක් ඇතිවීම හොඳ නැත. එය අප කාටත් අනතුරකි. ඕනැම වෙලාවක වෘකයෙකු බවට පත්විය හැකි මේ වගේ කොල්ලෙක් ට හදිසි ආවේග පාලනය කරගැනීමේ හැකියාව මොන මට්ටමක තියේදැයි නොදනිමි. මට වුනත් එ වෙලාවට හැගෙන දැනෙන හැගීම් මෘග ගණයට දැමිය හැකිය.
බොහෝ වෙලාවක් පිහිනුම් තටාකයේ ගෙවු පසු ඉහළ මහලක වන සමාජ ශාලාවට යමුදැයි මා චාරුගෙන් ඇසුවේ ඒ කලබල සංගීතවල සංඛ්‍යාත අපි වගේ විශේෂ කන් ඇත්තන්ට දැනෙන විදිය ගැන එ තරම් නම් අවබෝධයක් ඇතිව නොවේ.
නිවෙන දැල්වෙන ලයිට් එලි සංකීර්ණ සංගීත රටා අස්සෙන් අපි ඇවිද යමින් සිටියෙමු. සාමාන්‍යයෙන් මේ වගේ තැන් වලට අදින තාලේ ඇදුම් මට ඕනැතරම් තියේ. ටිකක් හෝ සංවර ඇදුමක් සොයාගන්නට ඇදුම් අල්මාරිය පෙරළන්නට සිද්වුයේ මේ මා නයිට් ක්ලබ් යනවාට වඩා. මා චාරුදරව එහි එක්ක යනවාය කියන හැගීමයි.
බාර් එක ලගගදී
"මට වැඩිය බොන්න දෙන්නට එපායි" මම විහිලුවට වාගේ ඔහුට කීවෙමි. එහෙත් වරින් වර හිස්වුණු වීදුරු ගණන වැඩිය. අපි අපේ පාඩුවේ පසෙකටවී සංගීත රිද්මයට නැලවෙමින් දගලමින් සිටියෙමු.
"තැන්ක් යු.. තීනු"
චාරුදර මගේ ඉනෙන් අල්ලා ගෙන මා සමග ඩාන්ස් කරමින් සිටිනතරේ කීවේය.
"මොකටද"
"මේ වෙනස් දේවල් ජීවිතේට දෙනවට"
"ඒක ඔයාගෙ අයිතියක්.. හැමදේම විදලා සතුටින් ඉන්නෙක"
No comments:
Post a Comment